My Blog List
Saturday, 23 June 2012
එදා...අද සහ හෙට......
මම පුංචිකාලෙ අපි ජීවත් උන අපේ ලංකාවෙ ගේ තිබුනෙ ටිකක් ලොකු වත්තක් මැද්දෙ..අපේ ගේ අවුරුදු 100 කට වඩා පරන ගෙයක්..මගෙ පුංචි කාලෙත්,අපේ මහ ගෙදර ජීවිතෙත් ඒ වට පිටාවත් මතක් වෙද්දි මේ දැනුත් ඇස්වලට කඳුලක් එනවා..
ජීවිතේ හැම දෙයක්ම ලබාගෙන දුකක් අහලකවත් නැතුව කිරිල්ලියෙක් වගේම ගොඩාක් සතුටින් ඉන්න මම..ඒ අතීත කාලෙට නම් හරිම ලෝභයි..ඒ කාලෙ මතක් කරල මම දුක් වෙනව කාටත් හොරා...
අපේ ගේ වටෙත්.වත්තත් කැලෑවක් වගේ ගස්කොලන් වලින් පිරිල තිබුන..ඒවා ඉබේට වැවුන කැලෑ ගස් නම් නෙවේ..අපේ සීයල ආත්තල එයාල ගැන විතරක් නෙවේ එයාලගෙ දරුමුණුබුරු අපි ගැනත් හිතල..''අපිට බැරි උනත් අපේ දරුවො හරි මේවල ඵලදාව ගනීවි'' කියන අදහසින්, දෑතෙ මහන්සියෙන් වවපු ගොඩාක් ප්‍රයෝජනවත් ගස් වර්ග ඒවා...
අපේ ගේ වටේ ඒ ගස් කැලෑව තිබුනෙ මෙන්න මෙහෙම..
ගෙට ඉස්සරහින් අතු විහිදුන විශාල අඹ ගස් ඒවා රට අඹ..කර්තකොලොම්බ..පොල් අඹ.......ඒ ගස් යට ලොකු ගෙඩි හැදෙන පේර ගස්...ගෙට වම් පැත්තෙන් තිබුන ජම්බෝල ගස් දෙකක් පාට දෙකකින් ගෙඩි හැදෙන..ඒ එක්කම ජම නාරං..හීන් නාරං..සිදරන් ගස් 3 ක් තිබ්බ..ගේ ඉස්සරහ දකුනු පැත්තට වෙන්න ලොකු මිදි වැලක් යැව්ව මැස්සක් තිබුන ඒක යට හරිම හෙවනයි සිසිලයි..මම ඉස්සර ඉස්කෝලෙ වැඩ කරන්නෙ මිදිවැල යට ඉඳන්..හැබැයි ඒකෙ ගෙඩි නම් පැණිරස නැහැ...ඒ පැත්තෙම ගෙට ටිකක් දුරින් තිබුන ලොකු ලොවි ගහක්..ලාවුලු ගහක්..වම් පැත්තෙ පිලිකන්නෙ තිබුන උගුරැස්ස,නමිනං,කාඹරන්ග,ඇඹරැල්ල..ඊට ටිකක් දුරින් තිබුන ලොකු දිවුල් ගස් දෙකක්,ලෙලි ඇරපු පොල්ගෙඩි තරම් ලොකු ගෙඩි හැදෙන බෙලි ගස් දෙකක්..වෙරලු ගහක්....
ගේ පිටුපස්සෙ ඉඳල පහල වෙල ගාවට යන කම්ම තැනින් තැන තේක්ක ගස් වවල තිබුන..කෙහෙල් කොටුවක් තිබුන..ඉබේ හැදුන පැපොල් ගස් වල ගෙඩි කෑවෙ අපි නෙවේ කාක්කො ලේන්නු කුරුල්ලො...සුදු පාට ලොකු ගෙඩි හැදුන පිනිජම්බු ගහකුත් ඒ කිට්ටුවම කොහිල වලවල් දෙකකුත් තිබුන..
සීයගෙ ලොකු බුලත් පාත්තිය ඇතුලට ආත්තම්මට අම්මට මට (ගැහැනු ලමයින්ට.) එන්න තහනම් කරල තිබුනෙ..ගැහැනු ලමයි කොන්ඩෙට පොල්තෙල් ගානවලු ඒ තෙල් බුලත් කොල වල වැදෙන්න හොඳ නැතිලු..!!
ඒ බුලත් පාත්තිය ඇතුලෙ අපූරුවට වවල තිබුන මිරිස් කොච්චි වම්බටු බන්ඩක්ක...දඹල වැල්.....
වෙල අයිනෙ තිබුන ලොකු කුඹුක් ගහක්..නවසි පොල් ගහකුත් හැමදාම අඩුවෙන්නෙ නැතුව ගෙඩි පිරුනු තැඹිලි ගසුත්...වෙල අයිනෙ පොල්ගස් වටේ හරිම සාරෙට ගොටුකොල වැවිල තිබුන...වෙලේ නියරවල් වල මෑකරල් පාත්ති කරවිල පාත්ති දාල තිබ්බ..බන්ඩක්ක හිටවල තිබුන..ඒ නියර වලම මුකුනුවැන්න,ගිරා පලා හැදිල තිබුන හැටි දකිනකොට ආශාවෙ බැහැ..හරිම දුකයි දැන් මතක් වෙද්දි...
වහිනකොට වත්ත හේදිල යාවි කියල හරහට දිග කානු (අගල්) කපල තිබුන..ඒවල කොහුබත් දාල කිරිඅල හිටවල තිබුන..කිරි අල ගස් දෙකක් ගැලෙව්වාම පොඩි බකට් එකකින් පුරවල අල...
වෙල පැත්තෙ වත්තෙ කොනක තිබුන කොස්ගස් ගොඩාක්..අපෝ මම නම් ඒ පැත්ත පලාතෙ කවදාවත් යන්නෙ නැහැ..වැල වරක ඉදිල ගස්යට වැටිල ගමේම ඉන්න
බල්ලොයි,කබරයොයි,ලේන්නුයි,කාක්කොයි,මැස්සොයි,කෝඳුරුවොයි,පනුවොයි ඒ පැත්තෙ පදිංචි වෙලා උන්න......
ගේ පිටිපස්සෙ තිබුන කෝපි ගස්වල රතුම රතු පාට ගෙඩි කඩන්න මම ඉස්සර හරිම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ..ඒක හරිම ආශ හිතෙන වැඩක්..!
මම හරිම ආඩම්බරයෙන් කියනව අපේ ගෙදර කවදාවත් ශීතකරනයක් තිබුනෙ නැහැ..!!
කූල් වතුර ලිඳේ තිබුන..අලුත්ම එලවලු පලතුරු වත්තෙ හැදුන..උවමනා වෙලාවට අලුත් මාලු මස් බිත්තර මාකට් එකෙන් ගෙනාව..(ඇයි අපේ අර කුකුල් ගෲප් එකෙන් බිත්තරත් ලැබුනනෙ.)
ඉතින් මට තව කියන්න අමතක උනා ඔය දෙල් කජු මුරුංග අල බතල වගේ දේවලුත් අපේ වත්තෙම තිබුනා..........ඒ එදා..
ඉතින්...අද...සෙනසුරාද උදේ පාන්දර අම්මගෙ සුපුරුදු සින්දුව....
''...ෂොඩූ..නැගිටින්නකො අනේ දැන් වෙලාව කීයද දන්නවද? ඔයා එනවද මා එක්ක සුපර් යන්න? නැත්නම් මම ගිහින් එනකම් ප්‍රිජ් එක අස්කරල ක්ලීන් කරල තියනවද?...''
හැම සෙනසුරාදාවකම උදේට මම අහන්න අප්‍රියම රාජකාරිය..!! හ්ම්ම්ම්ම්ම්ම්...........ඉතින් අපි සුපර්මාකට් ගිහින් වතුර ටික පවා සල්ලි වලට අරන් ඇවිත් ප්‍රිජ් එක පුරව ගෙන සතියක් කනවා...පොහොර දාල..රසායනික ද්‍රව්‍ය ඉහල..එක එක කෘතිම තුරුම්පු ගහල ලස්සනට දිලිසෙන්න හදල තියන එලවලු පලතුරු ගෙඩි දිහා බලාගෙන මම ඉතින් පිලිකුල් භාවනාව කරනව..!!
අපේ මේ ගෙට ඉස්සරහින් ඝෝශාකාර මහ පාර...ගේ දෙපැත්තෙන්ම අහස උසට බිල්ඩින් ඒවා දිහා බැලුවාම මට ඔලුව කැක්කුම හැදෙනව....ගේ පිටුපස්සෙන් ගඟ...(මගේ එකම සැණසීම.)දැන් සමර් කාලෙ පටන් අරන් එලිය දිහා බලන්න බැහැ..එලියට බහින්න බැහැ පිච්චෙන තරම් අව් රශ්නෙ...ඇඳුමක් ඇඳන් ඉන්න බැහැ දාඩියෙන් නෑවෙනවා..තව මාස තුනකින් හතරකින් මුලු ලෝකෙම මලගෙයක් වගේ බලන බලන අත සුදුම සුදු පාට වෙනවා..හිම වැටිල..හිම කඳු හැදිල..ගස්කොලන් ඔක්කොම වේලිලා ඉපල් වෙලා කෝටු විතරයි එතකොට..බලන බලන අත සුදුපාට හිම විතරයි..මේ පහල තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ දර්ශනයක් බලන්න මේක දිහා.......
දැන් ඔන්න කට්ටිය කියාවි..''හානේ මරුනෙ..ලස්සනයි..ඔයා හරීම ලකී..අපිට නෑනෙ ඔහොම වාසනාවක්..හිම ගොඩේ බදාගෙන පෙරලෙන්න හිතෙනව..'' කියල...ඔව්..ඔව් මාත් එක කාලයක් එහෙම හිතුව අර ගමේ කොලපාට ගස් යට සීතල හෙවනෙ ඉඳන් අලුත්ම ගහෙන් කඩාපු එලවලු පලතුරු කකා ලිඳෙන් කූල් වතුර බි බී ගමේ සුවඳ විඳ විඳ ඉන්නකොට..අඹ ගස් පේර ගස් උඩට වෙලා ඉඳගෙන මාත් එහෙම තමා හීන මැව්වෙ...ඉවසිල්ලක් නැතුව උන්නෙ හිම ගොඩවල් වල පෙරලෙන්න..! හිම සෙල්ලම් කරන්න..!
ඒත් ඒ ආශාව එක සතියයි..ගේ ඇතුලෙ අපාය වගේ ගිනිගොඩවල් ගහගෙන..කිලෝ 10 ක විතර බරට ඇඳුම් ඇඳන් ගෝනි බිල්ලො වගේ ඔලුවෙ ඉඳන් වහගෙන..අත්වලට කකුල් වලට මේස් දාගෙන..අලි බූට්ස් සපත්තු දාගෙන..මහා දුකක් විඳිනකොට....ශීතලට තොල් පැලිල ඇඟිලි තුඩු පැලිල ලේ ඇවිත් වේදනා දෙනකොට...හිමේ ලිස්සල වැටිල අත් ඇඟිලි වැලමිටි කඩා ගත්තාම මම කෑගහ ගහ ඇඬුවෙ වැඩිපුරම හිතේ වේදනාවට.. ගමේ ගෙදරදි ජංගි කොටයක් ඇඳන් පෙර ගහේ අත්තකට වෙලා ඉඳගෙන ලේන්නුත් එක්ක පේර ගෙඩියක් අඹ ගෙඩියක් ක කා සැනසිල්ලෙ උන්න හැටි මතක් වෙලා...
ඉතින්....කෙසේ හෝ අවුරුදු 10 ක්ම වෙව්ලන ශීතලේ පාන්දර 4 ට නැගිටල පාඩම් කරල..ඉස්කෝලෙ පැය ගානට වඩා පන්ති වල පැය ගනන් ගෙවල මහා දුකක් විඳල මම අම්මලගෙ බලාපොරොත්තුව ඉටු කලාට...මම මගේ හිතේ හැමදාම හංගගෙන උන්න ලොකූ බලාපොරොත්තුවක්..මගෙම කියන ලස්සන හීනයක්..!! ඒ හීනය තමා කවදා හරි මගෙ රටට,මගෙ ගමට පියාඹල ගිහින් නිසංසල සීතල පැත්තක..කොලම කොල පාට ගස් ගොඩාක් තියන වත්තක මගේම කියන පුංචි කූඩුවක් හදා ගන්න..!!
මෙන්න මේ වගේ...!!!! :D:D:D:D
හිතට දැනෙන, කියන්න ඕනෙ කියල හිතෙන හැම දෙයක්ම හරියටම ඒ විදියට අකුරු කරන්න තරම් මම දක්ෂ නැහැ...ඒත් මම හිතනව මම මේ කිව්ව දේ ඔයාලට තේරුනා කියල...
ඒ අතරම මේ වගේ දෙයක් කියන්න හිතුනා....සල්ලි නැති මිනිස්සු හිතනව සල්ලි තියන මිනිස්සු වාසනාවන්තයි එයාල තමා සතුටින් ඉන්නෙ කියල..ඒක හරි වැරදි..ජීවත් වෙන්න සල්ලි ඕනෙ තමා..ඒත් කෙනෙකුගෙ සතුට තියෙන්නෙ සල්ලි මතම නෙවේ......
අනිත් කාරනාව ඉල්ලීමක්..! ඔයාලත් ගෙදර වත්තෙ පලතුරු ගහක් දෙකක් හිටවන්න..පුලුවන්නම් ගොඩාක්..සමහරු කියනව මම අහල තියනව ''..අනේ අපි ඔය ගස් ලොකු වෙලා ගෙඩි කනකොට බැරියැ..අපි මැරුන තැන් වල ගසුත් පැලවෙලා තියේවි එතකොට..'' කියල..ඒ කතාව හරිම ආත්මාර්තකාමියි නේද?අපේ සීයල අර තරම් දේවල් වවලා තිබුනෙ එයාලට ම නෙවේ අපිට..එයාලගෙ දරු මුණුබුරන්ට...අඹ පැලයක්..පේර පැලයක්..රඹුටන් පැලයක් ලොකු වෙලා ගෙඩි හැදෙන්න යන්නෙ අවුරුදු 4 ක් විතරයි..ඒක මහා කාලයක් නෙවේ... !!
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපේ කොලපාට රටේ ජීවත් වෙන ඔයාල ගොඩාක් වාසනාවන්තයි..!!
Subscribe to:
Post Comments (Atom)
පිටරට ජිවත් වෙන අපේ ඇත්ත කතාව.ඔයා හරියටම හරි.උදාහරනෙකට වෙන රටක පළතුරු ගෙඩියකයි ලංකාවෙ එකකයි රස අරගෙන බලන්න.(ඒක ඉතින් කාලම බලන්න ඔනේ ).ලංකාවෙ අය 100% ම වාසනාවන්තයි.හැබැයි එයාලට ඒක තේරෙනෙන නෑ.එහෙම තේරෙනව නම් මේ ලෝකෙ දියුණුවෙච්චම රට ලංකාව.
ReplyDeleteඅප්‍රිකාවේ අඹ ලංකාවේ අඹ වගේම රසයි.. ඒත් ලංකාවේ සුවඳ නැහැ.
Deleteපලතුරු ගෙඩියක් නෙවේ..බලන්න ලෝකෙ හැම රටකම තියන අර්තාපල් ගෙඩියක් අරන් ලංකාවෙ එකකුත් එක්ක සංසන්දනය කරල....ලංකාවෙ අල උයනකොට සුවඳ...(මේක දන්නව පිටරට වල ඉන්න අය.)
Deleteලෝකෙන් උතුම් රට ලංකාවයි කියල සිංදුවකට විතරක් නෙවේ ඇත්තටම කියන්න පුලුවන්...ඒත් කවුද කියන්නෙ..? අපි විතරයි...ඈත දුර ඉඳන් අපේ රට දිහා බලන් ඉන්න අපි විතරයි.......
අසරණයා@....මමත් කාල තියනව අප්‍රිකාවෙන් ගෙනාපු අඹ..ඒ තරම් ලොකු අඹයක් මම ලංකාවෙ වත් දැකල නැහැ...අර ලංකාවෙ ලොකු ගිරා අඹයකට වඩා ලොකුයි..ඇත්ත රසම රසයි..ඒත් අඹ සුවඳ එන්නෙ නැහැ...
Deleteඇයි අප්පච්චියේ දිවියිලෝකයක් වගේ තැනක් අත ඇරලා දැම්මේ
ReplyDeleteඅද මම ඒක
නෑ මම!
Deleteමම නෙවේ අනේ පිටරට ට ගියෙ අපේ අම්මයි තාත්තයි.....
Deleteඔයා එක නෙවේ දෙක..!! :)
කස්ස@...ඔයාට තෑග්ගක් වශයෙන් නයිමිරිස් කරල් දෙකක් එවන්නම්....:D
Deleteඅනේ කිරිල්ලියේ මම හිත හිත හිටියදේ ඔයා ලියලා තියෙනවා. මගේ ගම නුවර. වෙනසකට තියන්නේ අපේ වත්තේ තිබුනා කෝපිගස් කොකෝ ගස්. කවදද ලංකාවට යන්නේ කියලා හිත හිත ඉන්නේ.ලමය් වැඩට ගියාම හරි කම්මැලියි. පාලු යන්න මම මහනවා ගොතනවා.
ReplyDeleteඅපෙත් කෝපි ගස් ගොඩාක් තිබ්බ ආන්ටි...බලන්න ඉතින් අමෙරිකාවෙ ඉන්න ඔයත් හිතන්නෙ අපේ රටට ගිහින් ජීවත් වෙන්න..ඇයිද මන්ද සමහරු කැමති නැත්තෙ..එක අතකට එයාල වැරදිත් නැහැ......
Deleteලංකාවේ ඉන්නකම් හිතෙන්නේ පිටරට සැපයි කියලා. හුල්ලනවා රට යන්න. ගිය එවුන් ලංකාව හොඳයි කියනවා. එන්න හදනවා. ඒ වෙනස තියෙන්නේ ගොඩක් වෙලාවට ජීවන තත්වය, ආර්ථිකය වගේ සාධක උඩ.
Deleteඔයා හිතන විදියට පිටරට ඉන්න අය ලංකාවට ඇවිත් ජීවත් වෙන්න හිතන්නෙ..එයාල ගාව ඇතිවෙන්න සල්ලි තියන නිසාද?
Deleteඑහෙමය කියලා එක සාධකයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ඔය.
Deleteජුලියේ, මටනං දැං මෙහෙ ඉන්නට බැරියෝ
ReplyDeleteජුලියේ, යුරෝපෙ මට දැං ඇතියෝ
හයියෝ.....මටත් ඇතියෝ......බේරගනියෝ.....!! :D:D:D
Deleteහොදයි එහෙනම් අපට කියන්න.... මේ ලස්සන කොළපාට රට අතහැරලා ගියේ ඇයි කියලා...?
ReplyDeleteආයෙ එන්නෙත් නැහැල්ලුනෙ....
කොලපාට රට අත ඇරල ඇවිත් තියෙන්නෙ අපේ අම්මයි තාත්තයි...පස්සෙ අයියලාට පිටරටක උගන්වන්න ඕනෙ කියල එයාලවත් අරන් ආවා..ඊට පස්සෙ මාව අරන් ආවා..මාත් පැනල ආවෙ පිටරට නිසා..පුංචි කාලෙ අශාවල් නිසා...පස්සෙ හරිම අවාසනාවන්ත විදියට අපේ තාත්ත නැති උනා හරිම තරුණ කාලෙ..අම්මට ලංකාව එපා උනා..අයියලා දෙන්න මෙහෙ බටහිර විදියටම හැඩ ගැසිල දැන් ඒ විදියටම පුරුදු වෙලා ජීවත් වෙනවා....
Deleteදුප්පත් කිරිල්ලි අතරමං උනා...!!!!
මගෙත් ලොකූ ආසාවක් තියනවා ලොකු වත්තක ලස්සන පොඩි ගෙයක් හදන්න....
ReplyDeleteඅක්කගෙ හීනේ ඉටු වේවා!!!!
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඔයාගෙත් ඒ හීනය ඉටුවේවා...ඒ ගේ නම් අන්තඃපුරයක් නොවේවා..!! :D:D:D
Delete"වෙල පැත්තෙ වත්තෙ කොනක තිබුන කොස්ගස් ගොඩාක්..අපෝ මම නම් ඒ පැත්ත පලාතෙ කවදාවත් යන්නෙ නැහැ..වැල වරක ඉදිල ගස්යට වැටිල ගමේම ඉන්න
ReplyDeleteබල්ලොයි,කබරයොයි,ලේන්නුයි,කාක්කොයි,මැස්සොයි,කෝඳුරුවොයි,පනුවොයි ඒ පැත්තෙ පදිංචි වෙලා උන්න......"
මැවිලා පෙනුනා... ඔහොමම තමා අපේත් වත්තේ එක පැත්තක් ඉස්සර...
හැමදාම කියෙව්වට සද්ද නැතිව හිටියට අදනං මුකුත් නොලියා ඉන්න බැරි උනා...ඒ තරමට ගෙදර හිටිය කාලෙට හිත දිවුවා... හිටුකෝ මං බත් ගොඩක් කාලා ලොකු වෙලා ඔහොම ඉඩමක් වගා කරගන්න...
අහ්.හා.. මෙන්න මෙයා..!! මම දන්නව ඔයා හොරෙන්ම ඇවිත් යන බව...
Deleteඑහෙනම් ඔයාලගෙ ගෙදරත් අනිවාර්යයෙන් තියෙන්න ඇති ''වැළි කොස් ඇට මුල්ලක්''..ඔව් අපේ ගෙදරත් තිබුනා..පොඩිහාමි නැන්ද තමා ඒවා කලේ...වැළිකොස් ඇට තම්බල පොල් එක්ක මාර රසයි නේද මාරයියේ??? අහ් ඇයි ඒකට හදන කොච්චි සම්බෝලෙ..?
අනේ ඔයා ගොඩාක් බත් කන්න එපා..මහත් උනාම ඔය තියන ''සෙක්සි ඇඟ'' කැත වෙනවනේ...!! :D:D:D:D:D
මේ වගේ පරිසරයට බද්ධ වෙලා ජීවත් වෙන්න ලැබීම කොච්චර භාග්‍යයක්ද ? පැල වවන එක ගැන නම් ලංකාවේ හැමෝටම වගේ තියෙන්නේ සුභවාදී ආකල්ප කියලයි මම හිතන්නේ. අපේ පැරැන්නෝ නම් කියන්නේ මේවගේ පලදාව අපේ දරු මුණුපුරොන්ට කියලයි. හරිම සුන්දර පළාතක් කිරිල්ලී.. මෙහෙට ගොඩ උනේ ගොඩ කාලෙකින්. සේරම හෙමින් හෙමින් කියෙව්වා.
ReplyDeleteගොඩාක් කාලෙකට පස්සෙ තමා ඔයාව දැක්කෙ...හ්ම්..අපේ ගම් පැත්ත හරිම නිසන්සලයි...ඉර අව්වෙන් කවදාවත් හිරිහැරයක් උනේ නැහැ....ඔන්න එහෙනම් ඔයත් හෙටම..නෑ..මේ සතියෙම වත්තෙ පැල දෙකක් හිටවන්න හොඳේ..? :D:D
Deleteෂා.. ෂොඩුලගෙ ලoකාවේ ගෙදර නම් හරිම අපූරුයි. මාත් ආසයි ඒ වගේ නිස්කලoක පැත්තකට වෙලා සරළව ඉන්න. ඒත් ඉතින් මේ රේස් එකට ඉබේටම වැටිලා ඒකට රැකියාව,වගකීම්.. මෙකී නොකී දේවල් ගොඩාක් එකතුවෙලා.ඉතින් අකැමැත්තෙන් වුනත් මේ ජීවිතයට හුරු වෙන්න වෙලා.. ඒකයි යථාර්ථය.
ReplyDeleteඔව්..මම දන්නවා...විශේෂයෙන් ලංකාව වගේ රටක රැකියාවක් කරද්දි ජීවිතේ කෝමද කියල...මොන අතින් වත් සැනසීමක් නැතිවෙනව.....:(
Delete//ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපේ කොලපාට රටේ ජීවත් වෙන ඔයාල ගොඩාක් වාසනාවන්තයි..!!//
ReplyDeleteඑහෙමහිතන්නෙ ලංකාවෙන්පිටඉන්න අයනේද ගොඩක්වෙලාවට
ඔව්..ඇත්ත.....දෙයක් නැති උනාම..නැති කර ගත්තාම තමා ඒකෙ අගේ දැනෙන්නෙ....
Deleteකිරිල්ලියේ .. මේ පොස්ට් එකට හුගක් හිත ගියා..
ReplyDeleteඔයා ලියල තියෙන හැමදේම ඔයතරම් විශාලෙට නැතත් මටත් තිබ්බ.. දිවුල් ඇරෙන්න අනිත් හැම පලතුරක්ම අපේ වත්තෙත් තිබ්බා.. පල්ලහා වෙල. පිටිපස්සෙන් රබර් වතු යායක්.. කවදාවත් ෆෑන් එකක් දාන්න ඕන උනේ නෑ
කොච්චර පෑව්වත් හිදෙන්නෙ නැති වතුර බොන ලිඳ, නිල්කැටේට වතුර උතුරල යන ගල්පොත්තේ නානලිඳ මේ හැමදෙයක්ම මැවිල පෙනුනා ඔයාගෙ පොස්ට් එකත් එක්ක
ඒ දවස්වල හිතුනේ මොන ගොබ්බ ජීවිතයක්ද මේ.. අපි ලෝකෙ දකින්න ඕනේ කියල
ඒත් රටින් පිටවෙලා පැය 24ක් යද්දි මටත් කෑ ගහල ඇඩන හිතුනා.. මගේ ගම රට මතක් වෙලා..
හ්ම්ම්ම්ම්..අපෙත් අර මම කිව්ව කුඹුක් ගහ යට ලිඳක් තිබුන..ඒත් ඒකෙන් අපි නෑවෙ නැහැ..නිකම් වල් බිහිවෙලා තිබ්බෙ..
Deleteපිට රටක අපිට මොන තරම් සල්ලි ලැබුනත්..මොන තරම් පහසු කම් ලැබුනත් ඒවා අපේ දේවල් නෙවේ..අනුන්ගෙන් ලැබෙන දේවල්..අනුන්ගෙ දේවල්..කියන හැඟීම මට නම් දැනෙනව තදින්ම..අපි ඉන්නෙ අනුන්ගෙ රටක..අනුන්ගෙ ගමක..අනුන්ගෙ ගෙදරක...අනුන්ගෙ....අනුන්ගෙ...අනුන්ගෙ............
වින්චැට් කිරිල්ලි, කවදාත් තමන්ට නැතිදේට ආසා කරන එක මනුෂ්‍ය ස්වභාවය. තහනම් ගෙඩියලුනෙ වඩා රස.
ReplyDeletehenryblogwalker the Dude
නැහැ..එහෙම ම නෙවේ...එදා තිබුන දේත්,දැන් තියන දේත් වෙනස....එදා තිබුන දේවලට තිබුන කැමැත්තයි දැන් තියන දේවලට තියන කැමැත්තෙයි වෙනස....බටහිරට ආව කියල මට තාමත් මෙහෙ විදියට වෙනස් වෙන්න වත් වෙනස් විදියට හිතන්න වත් අමාරුයි...මම හිතින් තාමත් ඉන්නෙ අපේ ගමේ මහ ගෙදර....:)
Deleteමේක කියවද්දී මම කටාර් වල හිටපු දවස් ටික මතක්වුනා. මුල්ම ටිකේ සුන්දර අත්දැකීමක් වුනු ඒ රට පස්සේ එපා වෙද්දී මතක්වෙන්නේ ගෙදර. අදටත් මගේ ගෙදර වටේම ගස් ගේ ඉස්සරහ කොට කර්තකොලොම්බන් අඹ ගහක්. වත්තේ ඕනේ පදම් ගස්. කලින් නම් පේර ගස් පහ හයක් තිබ්බට දැන් ඒ ගාන 2 වෙන්න බැහැල. කොහොම වුනත් අපුරුයි. මම ආසත් ගහ කොළ පිරිච්ච ලංකාව වගේ රටක නිදහසේ ඉන්න. ඒ වුනත් ගෙදර ඉන්න තියන බලාපොරොත්තුව නම් කවදා ඉටුවෙයිද මන්දා..
ReplyDeleteඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා..!! වහාම පනිවිඩයක් දෙන්න ගෙදරට තව පේර ගස් ටිකක් හිටවන්න කියල..අර ගස් දෙකත් ඉවර උනාම මොකෝ කරන්නෙ? :D:D:D
Deleteමම දැන් ලංකාවේ. ගස් හිටවන්න මම කොහොමත් මනාපයි. දැන් ඒ තැන වෙනුවට රඹුටන් ගස් දෙකකුයි ජෑම් පේර ගස් දෙකකුයි හැදුවා. :-)
Deleteමොනාද ඒ 'ජෑම් පේර' කියන්නෙ? අර ඇතුල මදේ රතු පාට ඒවද? මම අහල නෑ ජෑම් පේර ගැන..දැන් තියනව 'කිලෝ පේර' කියල ජාතියක්..එක ගෙඩියක් කිලෝ එකක් තරම් ලොකුයි..හැබැයි පරිස්සමෙන් ගන්න ඕනෙ..මාර ලස්සනට තියන ගෙඩිය ඇතුලෙ සූ සූ ගාල පනුවො...අර කැලේ හැදෙන්නෙ 'සීනි පේර' අන්න ඒවට තමා මම ගොඩාක් ආශ..නුවර එලියෙ තියන රතු පාට ඇඹුල් පෙරත් මරු..හග්ගල මල් වත්ත ගාව තියනව ඒව ලුනුයි,මිරිස් කුඩුයි දාල.....
Deleteඇඹුල් පේර වලටම වෙන්න ඇති අපි ජෑම් පේර කියනවා ඇත්තේ.
Deleteලෑන්ඩ් සේල්ස් කාරයෙක් බැඳගත්තනම් වැඩේ හරි :D හොයන්නද මං කාව හරි? :P
ReplyDeleteහොයාපිය මට ලෑන් සේල් කාරියක්,,,, මටත් වත්තක් ගෙයක් නෑ බොල
Deleteඔහොම රට ගිය පොරක්ගෙන් මමත් ඇහුව "මචෝ, උබලට නම් දැන් පට්ටයි නේද,,, හිමේ පෙරලි පෙරලි ඉඩතෑකිනේ" කියල. මෙන්න මූ හිමේ අම්ම මතක් කරල බනිනව. උදේ නැගිටල ගේ ඉස්සරහ හිම අයින් කරන්න ඕනිලු. නැත්නම් දඩලු..
DeleteSabith@....මෙන්න මෙයා දැන් කපුකම් කරන වැඩෙත් පටන් අරන්..!! හොඳයි හොඳයි හොඳ අමතර ආදායමක්..!! :D:D
Deleteඒ උනාට මට ලෑන්ඩ් සෙල්ස් කාරයො එපා..එයාල ගන්නව විකුනනවා...:D:D:D
දූපත් වැසියා@....ඔව් අනේ අපිත් බැල්කොනි වලට හැමදාම ලුනු කැට කිලෝ ගානක් හලනවා...ගේ වටේටත් එහෙමයි..නැත් නම් විනාශයි ඔක්කොම වැහෙනව හිමෙන්..! ඔයාගෙ යාලුවා හරි..මෙහෙ කොල්ලො මාර දුක් විඳිනව හිම නිසා...:(
Deleteසෑහෙන අර්ථවත් ලිපියක් ,හුගක් දෙනෙක් හිතන්නේ නැති පැත්තක් තමා මේක ...
ReplyDeleteපිටරටවල් හොඳයි සල්ලි හම්බ කරන්න..ඒත් ජීවත් වෙන්න මානසික සුවයක් තියෙන්න ඕනෙ....එහෙම නේද?
Deleteකඳුළුත් ආව අක්කියෝ අපේ කලින් ගෙදර මතක්වෙලා....
ReplyDeleteමටත් එහෙමයි නංගි ඒ කාලෙ මතක් වෙද්දි ගොඩාක් දුක හිතෙනව....:(
Deleteකිරිල්ලියේ ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියලා පතනවා. අපේ ගෙදරත් ඔයා කිව්වා වගේම පලතුරු ජාති එහෙමනම් තියනවා.
ReplyDeleteමම ආශයි පලතුරු ගස් තියන ගෙවල් වලට..අර ක්‍රෝටන් වතු වවාගෙන ඉන්න ගෙවල් මට පේන්න බැහැ...ස්තූතියි ඔයාට..!!
Deleteහප්පේ අක්කලයි ඉස්සර ගෙදර වත්ත මාරයි නේ, හුගක් ආස හිතුනා
ReplyDeleteමටත් කාලෙකට කලින් හිතුනා මෙහෙටත් හිම වැටුනානම් කොච්චර හොඳද කියල :ඩ් :ඩ්
අපේ වත්තෙ වට පිටාව ගැන තව ගොඩාක් දේවල් ලියන්න පුලුවන් මල්ලි..අර අපේ වෙලේ තිබුන පන් වලවල් දෙකක් එකක් ගල්ලැහැ..අනික තුන්හිරිය...ඒවල වතුරෙ මානෙල් මල් පිපිල තිබුනා හැමදාම...අපි පන්සල් යන්නෙ ඒ මල් කඩාගෙන...මතක් වෙද්දි දුකයි..:(
Deleteහෙ..හේ...දවසක් දෙකක් විතරක් හිම වැටිල නතර වෙනව නම් හොඳයි..මාස ගානක් එක දිගට නැතුව..එතකොටයි එපා වෙන්නෙ..ඔය පින්තූරෙ තියනව වගේ බුල්ඩෝසර් දාල තමා පාර ඉඩ ගන්නෙ අපිට යන්න...:(
ඔයා අර ගස් ටික කිව්වාම මම් ඒවා වත්තේ තියෙන හැටි හිතෙන් මවා ගත්තා. ඉදිලා වැටෙන පලතුරු ටික. ලේන්නු, ගිරව් සද්දේ එහෙම හිතෙන් මවා ගත්තා.
ReplyDeleteඇයි අර මිදි වැල ලඟට වෙලා පාඩම් කරන දූ පොඩ්ඩ !! එන්න එයාවත් හිතෙන් ඇඳ ගත්තා.
අද කතාවට මම් ගොඩක්ම ආසයි. ඒ ඔයා ලස්සන චිත්‍රයක් අපේ හිත් වල ඇඳපු නිසා !
අපිට හිම දකින්න නැති එක අරුමයක් උනාට හිමේ නටන්න අපිත් ආසයි. !
හෙ..හේ. තව ලස්සන මතකයන් තියනව ලියන්නම්කො පස්සෙ..මම නම් හිම වලට ආශම නැහැ..:(
Deleteලියන්ඩ ලියන්ඩ !!!
Deleteකියවන්ඩ අපි ඉන්නවා නෙහ්....
මාතර ගියාම ඉස්සර ඇතිවෙන්න කනවා උගුරැස්ස , ටවුමට ආවම ඒවට කියන්නේ කටු ලොවි කියලා....
ReplyDeleteඔව් අයියෙ..උගුරැස්ස..කටුකුරුඳු..කටු ලොවි..ඔය ඔක්කොම එකයි..ඒත් ඕවලින් එක වර්ගයක් ගෙඩි තද රතුයි, ටිකක් අනිත් ඒවට වඩා ලොකුයි...:)
Deleteඑරමිණියා, කරඹ, මා දං,පලු, වීර, ගැන කතා කරන්න කවුරුත් නැනෙ. මොකද මම වන්නියෙ හැදුන එකෙක්. අපි කාල තියෙන්නෙ ඒව. නෙලුම් බට්ටොත් කාල තියනවා.
Deleteමාත් ඔය කැලෑ පලතුරු ඔක්කෝම කාල තියනවා...වීර ගෙඩි වලින් හදපු පැණි තාත්ත ගෙනත් තියනවා...නෙලුම් බට්ටොත් කාල තියනවා ආනමඩුවෙ වැව් වල...තව වැව් වල තියනව අමුතු ගෙඩි ජාතියක් නම මතක නැහැ...අර වේවැල් ගෙඩි? ඒවත් මරු නේද?
Deleteඅපිත් ටවුන් එකේ මිනිස්සු නෙවේ....හෙන පිටිසර ගමක......
ලස්සනට ලියල තියනවා. ලියල තියෙන්නෙත් ඇත්ත, අවංකවම හිතට දැනිච්ච දේ කියලත් මට හිතෙනවා. අනිත් අය කියල තියන දේත් ඇත්ත.දැං අහන්න එපා, මං දේසපාලු උතුමෙක්ද ඒ පැත්තන් හරි, මේ පැත්තහ් හරි කිව්වෙ කියලා. ඇත්ත කතාව. ඕනම දේක පැති තුනක් තියනවා එයාගෙ පැත්ත, මෙයාගෙ පැත්ත සහ ඇත්ත.
ReplyDeleteතමන්ට නැතිදේට හීල්ලීම මනුස්ස ස්වභාවය. මං ඒක කරලත් තියනවා, තවමත් කරනවා :)
මම මගේ අත්දැකීමෙන්ම කියඤ්ඤා. රිදී හැන්දක් කටේ ඔබං ඉපදුනේ නැති අපි වගේ බලු නකුටෙකුට අන්නාඳුන රටක තනියම ජීවිතේ පටං ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. අපේ අධ්‍යපන සුදුසුකං සත පහකට ගනන් නොගන්න රටක, අතට අහුවෙන රස්සාවක් කරන කොට, දුකසේ ඉගෙන ගන්න කොට , තනි ඇහැට ඇඬෙනවා.
තමන්ට දැනට තියනදේ වල අගේ තේරෙන්න, තවදුරටත් ඒවා තමන්ට නැති වුනාමයි :)
ඔහෙම ඉන්න කොට කොරේ පිට මරේ වෙච්චි ජීවිතේ අඳුරුම කාළ පරිච්චේදයක, ඔය කියන ඉංදියන් සාගරේ තව්තිසාව මතක් වෙච්චි දඩෝරියෙකුත්, මෙව්වා ඔක්කොම එපා කියලා එහාට මංගැච්චුවයි කියමුකො. මුලින් නං හොඳා, රජ සැලකිලි, ගිහින් මාස දෙක ඉන්න කොට තමා රඟේ තේරෙන්නෙ. ඕං එතකොට මතක් වෙනවා මෙහේ අගේ. එහේ සුපිරි පංතියේ ගණයට වැටෙන- මෙහේ හුදී ජනයාගේ කෑම බීම, සැපපහසු ගමණාගමන පහසුකං, මිලදී ගැනීමේ බලය, කොටින්ම මදුරුවො කණ ලඟ සිංදු කියන කොට, කණ පැලෙන්න දාඩිය දාන කොට හිතෙනවා, අනේ අර හිම වැටෙන කාලෙට කොච්චර හොඳට පොරෝගෙන වලහා වගේ බුදිය ගත්තද කියලා. කොහොන් කැපුවත් රාත්තලයි, නෝනෙ, ඒ නිසා ඔය කියන මුතු ඇටේ සුන්දරත්වය ඈතින් ඉඳං හරි, සංචාරකයෙක් විදිහට හරි රසවිඳින එක තමා හොඳ.
2009 අවුරුද්ද වෙන තුරු අපි හැම අවුරුද්දකම ලංකාවට ගියා මාසයක් ඉඳල එන්න....ඔයා ඔය කියන විදියෙ අත් දැකීම් වලට මාත් මූන දුන්න..මදුරුවො..මැස්සො..අපිරිසිදු දේවල්..රස්නෙ..ඒත් අපේ ගෙදර ඔය ප්‍රශ්න තිබුනෙ නැහැ..අනික සුඛෝපභෝගී කෑම කන්න මට ආශාවක් නැහැ..මම පොඩිකාලෙ ඉඳන්ම ආශයි ගමේ එලවලු.කොල මැල්ලුම් එක්ක බත් කන්න...මට හැම් බේකන්..චීස්..චිකන්..බීෆ් නැතුව මැරෙන කම් ජීවත් වෙන්න පුලුවන්...මෙහෙ ගමන් යන්නෙ සුඛෝපබෝගී වාහන වල උනාට ගමේ ගෙදර ගිහින් අඩුගානකට පුංචි කාර් එකක් අරන් ඒකෙ ගමන් බිමන් යන්න පුලුවන්..(මමCTBබස් වල ප්‍රයිවට් බස් වල යන්න කැමති නැහැ.)ආආආ...දැන් ඔයා අහන්න ඉඩ තියනව කාර් එකට තෙල් එන්නෙ ටැප් වලින්ද කියල...නැහැ..මට රැකියාවක් කරන්න ඕනෙ නැහැ ලංකාවෙ..මම කරන්න කැමතිත් නැහැ..ලංකාවෙ ඉන්න හොඳටම ඉගෙන ගත්ත ලොකු නෝනා කෙනෙකුගෙ මාසෙ පඩිය කීයක් විතර වෙන්න පුලුවන්ද??..මට ශුවර් ඒ ගානට වඩා වැඩි මාසික ආදායමක් මට ලබා ගන්න පුලුවන් කියල..එහෙම තත්වයක් උඩ මිසක් නැතුව මම කවදාවත් ලංකාවෙ ජීවත් වෙන්න සිහින මවන්නෙ නැහැ........
Deleteකෝම උනත් ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට ටොමී..:)
ඔන්න පුංචි නෝනා ඔයා ඔයාගෙම ප්‍රශ්නෙට උත්තර දීලා තියනවා. ලංකාවේ මිනිස්සු පිටරටවල් දිහා බලාන කියන(බොහෝ දෙනා) මේ ටික "මේක ඇතුලේ ගෙම්බා වගේ ඉන්නවට වඩා හොඳ නැද්ද රටකට පනින එක?" කියන්නෙත් ඒ බොහෝ දෙනාගේ සිහිනය වෙන
Deleteපරිපාලන/ආර්ථික/සාමාජයීය(අධ්‍යාපනය ඇතුළු.) කාරණා ලංකාවේදී සපුරාගන්න බැරි වෙන හින්දා.
මම අත්දකින /අත්දැකපු එක දෙයක් තියනවා. ඒ ලංකාව කියන්නේ සල්ලි තියනවා නම් ඉන්න සුදුසුම තැන බවයි. ඒත් එහෙම නැති මිනිස්සු?
ඒ මිනිස්සුන්ට ලෝකෙන් උතුම් රට ලංකාව වුනාට වැඩක් නෑ. වියදම් ටික පිරිමහගන ඉතුරුවක් දකින්න බැරිනම් ආදායමින් දෙයක් කර කියාගන්න බැරි නම්, පෘතග්ජනයෝ විදියට ආශාවන් පස්සේ දුවන මිනිස්සු ඊ ලඟට කරන්නේ කොහොම හරි ඒ දේවල් සන්තර්පණය කරන්න පෙළඹෙන එක. අන්න එතනින් මිනිස්සු රට යනවා. ලංකාව කොච්චර ලස්සන වුනත්, සුන්දර වුනත්. ඒ හින්දා තමයි අපි ගොඩ දෙනෙක් රට යන්නේ (මමත් ඇතුළුව)වෙන මොනවා කිව්වත් අභ්‍යන්තරය ඒක තමයි.
මගේ ප්‍රාර්ථනාව..සල්ලි හොයා ගන්න විතරක් රටවලට යන අයට එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන් ආපහු අපේ රටටම ගිහින් සතුටින් ඉන්න ලැබේවා කියල...:)
Delete//ලංකාවෙ ඉන්න හොඳටම ඉගෙන ගත්ත ලොකු නෝනා කෙනෙකුගෙ මාසෙ පඩිය කීයක් විතර වෙන්න පුලුවන්ද??//
Deletehttp://www.ambaresearch.com/
මේවගේ තැං වල රුපියල් මිලියනයක් වගේ ගානක් මාසිකව ගෙවනවා.සැබෑ දක්ෂ ගැහැනුන් හා මිනිසුන් මේවායේ තනතුරු දරනවා.
ඔයාගෙ බ්ලොගය කියවීමෙන් මට හිතෙන්නේ අඩු වයසින් එලියට ගිය අඩු වයසින් PhD ඉවරකරන්නට ලැබුන ගැහැනු ළමයෙක් කියලායි. ලංකාවෙ ඉගෙනගත්තු සිංහල වලට A සාමාර්තයක් ගත්ත මගෙ දුවට වඩා හොඳට ඔයා ලියනවා. ලංකාවෙ 5 වසරටවත් යන්නට ඇති ඔයා.
ඔයා ඔය කියන සීතලට නම් මමත් ආසා නැහැ. මම සීතල කාලෙට උනුවතුර බෝතලයක් ඇඳේ තියාන තමා නිදාගන්නෙ.
මේ ටොමියා නොයන අස්ක් මුල්ලක් නැහැ නොවැ ! කොතෙන්ට ගියත් බුරනව.
Deleteමේ ටොමියා නොයන අස්ක් මුල්ලක් නැහැ නොවැ ! කොතෙන්ට ගියත් බුරනව.
Deleteඊ මේල් කවිකාරි@... ගොඩාක් ස්තූතියි අක්කේ...ඒත් අනේ මම යුනිවර්සිටි ගිහිල්ල නම් නැහැ..මට තියෙන්නෙ හයිස්කූල් ඩිග්රි එකක් විතරයි..ලීඩ්ස් යුනි එකට යන්න අම්මල ඔක්කොම සූදානම් කලාට පස්සෙ මට හිතුන ජොබ් එකක් කරල සල්ලි හොයන්න...අනිත් කාරනේ ඔයා හරියටම හරි..මම ලන්කාවෙ ඉස්කෝලෙ ගියෙ 4 වසර පාස් වෙනකම් විතරයි....සිංහල නම් ඉගෙන ගත්තෙ අම්මගෙනුයි ආත්තම්මගෙනුයි...මේ බ්ලොග් ලෝකෙට මාව එක්ක ගත්තෙ යාලුවෙක්,, සිංහල පුරුදු වෙන්න කියලනෙ..අහ් හා..මම දැන් හොඳ හොඳ සිංහල දන්නවා...හික්ස්...:D:D:D:D
Deleteඇනෝ අංකල්@..ඇනෝ අංකල්ව කිරිල්ලි ආදරෙන් පිලිගත්ත ඔන්න...ඔව් අප්පා මේ ටොමියට නම් කටකලියාවක් දාන්න ඕනෙ...:D:D
Deleteබොහොම ස්තුතියි දාපු මල් මාලෙට. මම ටොමියට ආදරෙයි. ටොමිය හරි නිහතමානියි.
Deleteමාත් ටොමීට ආදරෙයි මහා ගොඩාක්...අනේ මගෙ ටොමියා..කූ.කූ.කූ.කූ...!!(මේ වෙලාවෙ උල් පිහිය අතේ නෑ.බය වෙන්න එපා හොඳේ.) :D:D:D:D
Deleteහුටා , මේං අපේ ජොනිවෝකර් සෑරුත් ඒකම නෙව කියල තියෙන්නෙ. නිකංයෑ dogs of feather 'buh' together කියන්නෙ? නැහ්ද සෑර් :)
ReplyDeleteඔය 'buh together'කරන්නෙ හඳ පායන කාලෙටලු නේද? :D
Deleteටොමියාගෙ කමෙන්ට් වලට මම කවදත් ආසයි. මේ කමෙන්ට් එකට කටේ ඔබන්න ඕනෙ මස් කට්ටක්!. කතාව ඇත්ත dogs of a "feather" buh buh together! :D
Deleteටොමියා බ්ලොග් එකක් ලියන්නෙ නැත්ද?
henryblogwalker the Dude
Dude@.... ටොමියා මස්කටු කන්නෙ නැතිලු....හොඳම හරියෙන් කටු නැති මස්ලු කන්නෙ.....'ටොමිය' කිව්වට කියන්න බැහැ මෙයා වලහෙක්ද දන්නෙත් නැහැ....:D:D:D:D.
Deleteඔය ඉඳලා හිටල, අවාරෙට කජු වැටෙන්නැහෙ එකක් දෙකක් ලියනව නං තමා :) ඒකත් ලියන්නෙ, අර වලව්වෙ බකුසු තඩියට පිං සෙන්ඩු වෙලා උන්දැගෙ සාවියෙ තමා
Deleteඔයා එතකොට ලියන්නෙ දඩෝරියො ගැනද..සිරිබිරිස්ල ගැනද නැත් නම් නයගරා ඇල්ල ගැනද?...:P:P:P...
Deleteඅතීතේ මතක් වෙද්දී නම් දුකයි තමා සහෝ.ඔයාගේ අනාගත සිහිනය සැබෑ වේවා කියලා මම පතනවා.සමහර වචන හරි පරිස්සමින් පාවිච්චි කරන්න මොකද ඔයා ගෑනු කෙනෙක් නිසා.හැමෝම සහෝදර කමෙන්ම කොමන්ට් කරන එකක් නැහැ :)
ReplyDeleteහෆොයි මම වැරදි වචන එහෙම පාවිච්චි කරල තියනවද?? මම තාම ගෑනු ලමයෙක්..ඒත් ගෑනුකමට හරි නැති මොන වචනද මේකෙ තියෙන්නෙ කියල පෙන්නල දුන්න නම් තමා වඩා හොඳ මල්ලී........
Deleteඅනේ ඇත්තමයි කිරිල්ලියේ...මම ත් ආදරේ ලංකාවට..මම නම් ලංකාව හොයන් ගියා..මේ පැත්ත පලාතේ එන්නේ හිතුනාම ..මම ආස නැ ඔය වදකබාර හිමට...මට එපාම එපා උනා..
ReplyDeleteමාත් කවද හරි කූඩුවක් හදන්නෙ ලංකාවෙ....ආයෙ මේ පැත්තෙ පස් පාගන්නෙ නැහැ......මොන කරුමයක්ද මේ හිම..?
Deleteශා... ඔයාගෙ ගෙදර පින්තූරෙ දැක්කාමයි, ඒ විස්තරේ කියෙව්වාමයි මටත් අඅස හිතුනා... එහෙම ලස්සන පරිසරයක තියෙන ගෙයක් අතෑරලා දාලා ගිහින් වෙන රටක ජීවත් වෙන එකනම් මහ අපරාදයක් තමයි..
ReplyDeleteඇත්ත, අපිට ඔහෙ රටවල්වල තත්වය විදින්න ලැබිලා නැති නිසා, බලන්න එන්න, ඒ අත්දැකීම් විදගනන් අඅසයි.. ඒත් ඔයලා ඔය රටේ ඔය දේවල් එක්ක ගැටෙන නිසා වෙනස හොදට දැනෙනවා ඇති...
ම්ම්.. මම ලංකාවට ආදරෙයි..මේ පරිසරයට. ඒත් වෙන රටවල් වලත් ඇවිදින්න, ලස්සන බලන්න ආසයි..:D
ඒත් ජීවත් ව්එන්න නම් ලංකාව තරම් හොද රටක් නැතුව ඇති..
අනේ ඕක අපේ ගේ නෙවේ හිතූ.....අපේ ගේ ගොඩාක් පරන තාලෙ එකක්..ගස් වලින් වට වෙලා නිසා ගෙයි උඩ සොල්දරය විතරයි පාරට පේන්නෙ..
Deleteමෙහෙ ඉන්න අය ලංකාවට ආශයි..ඔහෙ ඉන්න අය පිටරටට ආශයි...අනේ මන්ද ....
කිරිල්ලි කියන ඔය අත්දැකිම මමත් ඔය විදියටම විදිනවා. ඒත් මම හිතන්නේ මේ හැමදේම තියෙන්නේ අපේ හිතේ. අපි දැනට අපිට තියෙන දේට වඩා ලග නැති දේ සුන්දරත්වයක් ලස්සනක් දකිනවා. මමත් හැම වසන්ත නිවාඩුවකදීම අපේ රටට පියාඹන්නේ දිව්‍ය ලෝකේ යන සංතෝශයෙන්. ඒත් දෙමව්පියෝ නෑයෝ හැරුනාම ඒ සතුට ටික දවසකින් නැති වෙනවා. එතකොට් හිතෙනවා හිටපු තැන මීට හොදයි නේද කියලත්. කොහොම උනත් ඉන්න තැනක සතුටෙන් කිසිම දේකට අන්වශ්ය විදියට බැදීමක් ඇති කර නොගෙන ඉන්න පුලුවන් නම් අපි දිනුම් කියලයි මට හිතෙන්නේ..
ReplyDeleteඅනේ මට නම් බැහැ අනේ..රශ්නෙට ඔලුව කැක්කුමයි..බඩේ කැක්කුමයි..ශීතලට තව තව වයිවාරන ලෙඩයි...මල් පිපෙනකොට ඇලර්ජිකුයි..මේ මොන කරුමයක්ද?මට මෙහෙන් ඕනෙ සල්ලි විතරයි..මම යුනි එකට යන්නෙ නැතුව ජොබ් එකක් කරන්න පටන් ගත්තෙ ඉක්මනින් සල්ලි හොයන් මෙහෙන් පැනල දුවන්න ඕනෙ නිසා....හැකි ඉක්මනින් මම දුවනවා....:D
Deleteමම දිග කමෙන්ට් එකක් ලිව්වා. අයියෝ ඒක පබ්ලිශ් වෙලා නෑ. දුකේ බෑ. අයෙ පස්සේ ඒක දාන්නම්...
ReplyDeleteඔය තියෙන්නෙ උඩ ඔයාගෙ කොමෙන්ට් එක නෙවේද?..:D
Deleteජීවිතේ හැටි ඔහොමයි. අපිට ඕනි හැමදේම එක තැනකිං හොයා ගන්න බෑ...
ReplyDeleteඔව් ඒක ඇත්ත...ඒත් හැම දේම නැති උනත් අවශ්‍යම දේවල් වත් එක තැනක තියනවා නම් නේද?....
Deleteඅපෙත් ගේ මේ වගේ පරිසරයක තියෙන්නේ.. අපේ ගෙදරත් ආච්චිලා වවපු පලතුරු ගස් තමා තවම තියෙන්නේ. අපේ ගෙදරත් 1936 හදපු ගෙයක් ලු. ගෙදර ඉන්නකං හිතන් හිටියේ ගෙදරින් පිට යන්න ඕනේ කියල. දැන් හිතෙනවා ගෙදරට වෙලා හිටියනම් කොච්චර හොඳදැයි කියලා.
ReplyDeleteඅනේ මන්ද අයියෙ...මට නම් දැන් මෙහෙ ඇතිම වෙලා..කවදාද ගෙදර යන්නෙ කියල හිතන්නෙ...මේක කිව්වාම අම්ම අහන්නෙ..''ඇයි මේ ඉන්නෙ ගෙදර නෙවේද?'' කියල....මට හිතෙන්නෙ නියම ගෙදර කියන්නෙ අපේ රටේ,අපේ ගමේ,අපේ වත්තෙ,අපි හැදුන වැඩුන ගෙදරටයි කියල.....
Deleteලංකාව ගැන කිරිල්ලි කියපු දේම ගොඩාක් දැනෙනවා.. ඒ මේ ජීවිතේ විදවන නිසා.. :)
ReplyDeleteමටත් හිතෙන්නෙ එහෙමයි දිනේශ්...
DeleteMamath inne pita ratak,,, oya kiyan atheethaya matath thibuna,,, anunge kumburakata panal amuwen kan elawalu palathuru wala rasa, suwanda kiyala Nima karanna ba,,, . Lamainta kiwwama,, eyala kiyanawa man gewu jeevithey lassanai kiyala,,,. Eth eyalata eka karanna barilu,,.
ReplyDeleteMatath lankawata gihin e sathuta vindinna hithena tharam kochcharada?.
Oya hondata liyala thiyenawa,,, adai me paththata awae,,,
කුමාරි අක්කව ආදරෙන් පිළිගන්නව අලු පාට හැන්දෑවට...
Deleteමගේ අයියල දෙන්නත් කැමති නැහැ ලංකාවෙ ගිහින් ඉන්න..සමහර විට ඒ මේ රටවල තියන අසීමිත නිදහසත්..ස්වාධීනත්වයත් නිසා වෙන්න ඇති..
සමහරු සල්ලි වියදම් කරල ජීවිතේ විඳගන්නව...ඒත් සල්ලි තිබුනත් සමහරු ජීවිතය සතුටින් ගෙවන්න බලපොරොත්තු වෙන්නෙ වෙන වෙන විදි වලට.....:)
Eka aththa nangi,,, eyala me jeevithey ta purudu wela,,, massek ge athulata awama uwa maranakam me dennata ninda yanne na,,,
DeleteSalli nathuwa monath karanna ba,,, e unata jeevithey awanka sathuta salli walin ganna ba,,, saruwa piththala loke ganna puluwan salli walata,,, eka me ratawal wala inna ayata therenne na,,
Mawa piligaththa ta sathutui, thanks,,,
Hamadama ennam,,,
හික්ස්..ඔය මැස්සන්ගෙ ප්‍රශ්නෙ නම් මටත් තියනවා..පෙරේදත් මම ලංකාවෙ අයිය කෙනෙකුට කෝල් කරපු වෙලේ ඇහුවා ''මේ ඔයාලගෙ ගෙදර තාම මැස්සොද?'' කියල...එයා මගෙන් ඇහුවෙ..''ඈ බං උඹට මේ ලෝකෙ තියන එකම ප්‍රශ්නෙ ඕකද?'' කියල......:D:D
Deleteමගේ රකුසු කතාවත් හෙමින් කියවන්න......
"The grass is always greener on the other side of the fence." කියන කතාව මතක් උනා කිරිල්ලිගේ කතාව කියෙව්වාම. ඒ වගේම ලස්සන අතීතයක සිතුවම් මැවුනා හිතේ.
ReplyDeleteඅපි කවුරුත් හැම තිස්සෙම අගය කරන්නේ අපි ලඟ නැති දේවලුයි. ඒවා අපිට ලැබෙද්දි අපි ආයමත් නැති දෙයක් ගැන දුක්වෙනවා. මට නම් හිතෙන්නේ එහෙමයි. ඉස්සර කාලේ මිනිස්සු කැලෑ එලි කරලා, ලොකු බිල්ඩින් හදලා, පාරවල්, ගෙවල් හදලා රටවල් දියුණු කලා. මිනිස්සු ඉස්සරහට ගියා. දැන් ආපහු අර කපපු ගස්කොලන් ගැන වැලපෙනවා. ආපහු ඒවා රකින්ට කියලා කෑගහනවා. සල්ලි ගොඩාක් වියදම් කරලා කැලෑ ප්‍රදේශවල නිවාඩු ගත කරන්ට යනවා.
//තව මාස තුනකින් හතරකින් මුලු ලෝකෙම මලගෙයක් වගේ බලන බලන අත සුදුම සුදු පාට වෙනවා..//
හපොයි මෙහෙමත් කතා කියනවද? හැමදාම එකවගේ නැතුව සෘතු වෙනස්කම් තියන එක කොච්චර දෙයක්ද? ජීවිතේ වගේම සොබා දහමත් වෙනස් වෙනවා. හැමදාම රස්නේ ඉන්නවට වඩා එය කොච්චර සුන්දරද කියලා ඔය පරිසරය දාලා ගිය දවසක තේරේවි.
මොනවා කීවත්, පොඩ්ඩිගේ සිහිනයත් කවදාකම හරි ලංකාවේ ගම්මානයක ගත කරන්ටම තමයි.:)
පොඩ්ඩි..ඔයා කියන ඒවා හරි..ටොමී කියන ඒවත් හරි..DUDEකියන එකත් ඇත්ත...ඒත් කොහෙන් කොහොම කැරකිලා ආවත් මම ආපහු එන්නෙ හිටපු තැනටමයි...'' මම ආශ මගේ කූඩුව කොලපාට ගස් ගොඩක් තියන කැලෑවක හදා ගන්න..ලංකාවෙ කැලෑවක''
Deleteඉක්මනට ඇවිත් ඔයාගේ කැලේ වෙන්කරගන්න. මොකද කැලෑ පාළුවෝ හිටු කියලා වැඩ මෙහෙ.
Deleteඅපේ වතුවලට පැන්නොත් අඬු කඩනවා..!! :D:D:D
Deleteඔය තේරෙන්නෙ පොඩ්ඩිට ටික ටික. හැබැයි කතාවෙ ඇත්තක් නැත්මෙත් නැහැ. තියන ඒවට වඩා නැති ඒව තමයි වැඩියෙන් කොලපාට. අපේ හාමිනෙත් ඕක කියනවා. ඒ කාලෙ හොරෙන් කරපු ඒච විතර දැන් රහ නෑ කියල.
Deleteහෑඈ?? :D:D:D
Deleteකාලෙකින් මේ පැත්තෙ ආවෙ. අද මාර පෝස්ට් එකක් දාලා තියෙන්නෙ! හිතේ අමාරුවටම ලියවුනු එකක් වෙන්න ඕනෙ. ඔයා කිව්වත් වගේ යමක් නැති වෙන්නම ඕනැ අගේ තේරෙන්න. ආයේ හිත හිතා ඉන්න දෙයක් නෑ ඔන්න ඔහොම්මම ඉගිලිලා ඇවිත් මේ කොහෙන් හරි කූඩු වෙන්න. දැන් ඉතිං පොඩි එකෙක්යැ!
ReplyDeleteඒක නෙවෙයි මොකක්ද අර ෂොඩූ කියන එකේ තේරුම? පූස් පැටියෙකුට වගේ දාන්න කියාපු නම් පොඩ්ඩ නේද! :D
ඔව්..ඔව්..තව ටිකක් අත් තටු දෙක ශක්තිමත් කරන් මම ඉගිල්ලිලා එනව ලංකාවට...
Deleteහික්ස්..ෂොඩූ කියන්නෙ අර කලින් 'බේබි සිටින්' පෝස්ට් එකේ එමිලි කෙල්ල මට දාපු නම...අනේ බලන්නකො මට පූස් පැටියෙක් හදන්නවත් දෙන්නෙ නැහැනෙ අපේ අම්ම...:(:(
//ශීතලට තොල් පැලිල ඇඟිලි තුඩු පැලිල ලේ ඇවිත් වේදනා දෙනකොට..//
ReplyDeleteමෙහෙමත් වෙනවද අප්පා මම මාර ආසාවෙන් හිටියේ කවද හරි හිම ලංකාවට වැටෙනකන්.ඒ නැත්තං හිම වැටෙන රටකට හරි ඇවිත් හිම ගුලියක් හදලා ඒකට පැණි වගේ දෙයක් දාලා කටේ ඔබාගන්න හයියෝ ආසාව කුඩු වුනා.....
කිරිල්ලිත් කුමාරිහාමි කෙනෙක් වගේනේ.... හ්ම් හ්ම් ඇයි ඈ කුමාරිහාමිලා සේරම රට ඉන්නේ????
ඔයා හිතන්නෙ ගැමී මේක නිකම් මේ ''බන්ඩාරවෙල තියන සැප සීතල'' කියලද? මේකට මම කියන්නෙ පූරුවෙ කරුමෙ කියල.......ඉතින් ඔය ගෙදර ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකට අතදාල සූරල අරන් බෝලයක් හදල පැණි ටිකකුත් එක්ක දා ගන්නකො කටේ..!!
Deleteඅහ්..හොඳ ප්‍රශ්නයක්..!! මම හිතන්නෙ ''ලෝකල් නිළමෙලා ගෙන්'' බේරිලා ඉන්න වෙන්න ඇති......:P:P:P
ඔයාගෙ මහගෙදරට එන්න මටත් ආස හිතුණා කිරිල්ලී... ඇත්ත තමයි අපේ රටේ අගේ තේරෙන්නෙ පිටරටකට ගිහින් ටික කාලයක් ඉද්දි... අපි ඉපදිලා තියෙන්නෙ කොයි තරම් ලස්සන වාසනාවන්ත රටකද?
ReplyDeleteඒත් මේ නිමක් නැති සංවර්ධන හීන නිසා අපේ රටත් වැඩි දවසක් නොගිහින් කොන්ක්රී්ට් වනාන්තරයක් වේවි වගේ....
ඔයා හරිම ලස්සනට ලියල තියෙනවා..... මුල ඉඳන් අගට හිත බැඳගෙන අපේ රටේ අගේ හිතේ කොටන්න තරම් ලිපිය ශක්තිමත්....
ආයෙමත් හිත අතීතයට ගියා...ඉස්සර අපේ ඉස්කෝලෙ යාලුවො අපේ ගෙදර එනව පලතුරු කන්න..අපේ වත්තෙ තිබුන කිසිම දෙයක් සල්ලිවලට කාටවත් දුන්නෙ නැහැ..අහල පහල කිට්ටුව ගෙවල් නොතිබුනාට..ගමේ හැමෝටම අපි හැම දෙයක්ම දුන්න...ඉතිරිව කුරුල්ලො..ලේන්නු..වවුල්ලු කෑවා......
Deleteලොකේ ලස්සනම සැපවත්ම ආරක්ෂාකාරි නිදහස්ම රට ශ්‍රී ලංකාව...කවදාහරි කිරිල්ලිගේ හිනේ හැබැ වෙවී...
ReplyDeleteඔව් ඇත්ත..හැබැයි මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෙ..ඔයාට ස්තූතියි..ඔව් මම මගෙ හීනෙ ඉක්මනින් හැබෑකර ගන්නව.....:)
Deleteලංකාවෙ පරිසරය සහ පිටරට පරිසරය වෙනස දැනෙනව ඇති කිරිල්ලිට හොදටම
ReplyDeleteඅපි පොඩි කාලෙ හිටපු පරිසරය සහ දැන් වටා පිටාව බලද්දිත් හිතා ගන්න බැරි වෙනසක් කිරිල්ලියේ..
ජය !
ඔව්..අවුරුදු 12 ක් උනා දැන්...මට බැහැ බටහිර ජාතිකයෙක් වෙන්න...මම ඉස්කෝලෙදිත් හරියට කොන් වෙලා උන්න ලමයෙක්...(ඒක ගැන නම් මම දැන් මාර විදියට සතුටු වෙනව..ඒ නිසා තමා මම හොඳටම ලකුනු අරන් විභාග පාස් උනේ.)
Deleteස්තූතියි සෑම්...!
දැන් අපේ රටටවල් වලත් පරිසරය වෙනස් වෙනවා හරි වේගෙන්...
ReplyDeleteමම තාම ඉන්නෙ ඔයා ලිව්ව විදිහේ සුන්දර පරිසරයක....
ඒත් සල්ලි නැතුව ලංකාවේ ජීවිතය වුනත් නීරසයි...
ඒ නිසා කල්පනාවෙන් තීරණ ගන්න.....
ඔව් මට තේරෙනව...ලංකාවෙ හැමදෙයක්ම තිබුනට සල්ලි නැහැ මිනිස්සුන්ට..ඒකනෙ සල්ලි වෙනුවෙන් මිනිස්සු ඕනම දෙයක් කරන්න පෙළඹෙන්නෙ....:(
Deleteලක්ෂන විස්තරයක්... මෙහෙම මතකයක් ඇත්තටම මට නෑ... ගස් වර්ග වගේම තිබ්බ තැන් පවා මතක... ලස්සන පරිසරයක්, ලස්සන ළමා කාලයක් මගෙ හිතේ මැවුනා...
ReplyDeleteඅපේ ලංකාවෙ ගේ ඉඩම මට කවදාවත් හිතින් මැකෙන්නෙ නැති ලස්සනම චිත්‍රයක්...තව මතක තියන දේවල් ගොඩාක් තියනව පෝස්ට් එක දිග වැඩිවෙයි නිසා කෙටියෙන් ලිව්වෙ......:)
Deleteමගේ ලංකා හීනේ නම් සැබෑ වෙන්න ලඟයි. ඔයාගේ පෝස්ට් එක මම save කරගත්තේ ඒකෙ කියලා තියන ගස් ජාති වලින් අපේ වත්තේ නැති ඒවා ටික බලලා හිටවගන්න.
ReplyDeleteඔයාගේ හීනෙත් ඉක්මනින්ම සැබෑ වේවා කියල පතනවා.
හහ් ..හා....තව ගස් ජාති ගොඩාක් තිබ්බ මම ලිව්වෙ නැහැ දිග වැඩිවෙන නිසා....අලිගැට පේරයි..රඹුටනුයි අමතක කරන්න එපා...:) thanks..!!
Deleteමීට කලින් හොරාට හොරාට මo කිරිල්ලිගෙ කිචි බිචිය අහල තියෙනව. ගොඩක් වෙලාවට මට හිතුන දෙයක් තමයි මෙයානම් පිට රටක හිටියට තවම ලoකාවෙ පයගහල ඉන්න කෙනෙක් වගේනෙ කියල. වෙන රටකට ගිහින් සති 2ක් ඉඳල මෙහෙට ඇවිත් සිoහලත් මතක නැතුව වගේකතා කරන අයට මෙන්න හොඳ ආදර්ශයක්.
ReplyDeleteඅනික ගොඩක් අය ඔය දේවල් හoගල බොරු ආටෝපයක් පෙන්නනවනෙ. අවන්කව ඒ දේවල් වල අපි නොදකින පැත්ත කියන අය ගොඩක් සුලභ නෑ.
මොනව උනත් කිරිල්ලිගෙ කැමැත්ත ඒ අකාරයෙන්ම ඉටුවේව කියල ප්‍රාර්තනා කරනව.
අපටත් දවසක හඳ පායනවා..අහහ්..අහහ්... එදාට අපි..(ඉතුරු ටික මතක නෑ බොලේ.)
Deleteසඳ...ඔයාට ගොඩාක් ස්තූතියි මගේ කුරුලු කැලෑවට ලස්සනට පායල එලිය දුන්නට...!!
ඔයා කිව්ව කතාව හරි..මතක් වෙද්දිත් හිනා යනව ඊයෙ පෙරේද රට ඇවිත් මාසෙන් දෙකෙන් වෙනස් වෙලා පිස්සු කෙලින සමහර අපේ මිනිස්සු දැක්කම...ඒවා ගැන නම් මට ලියන්න පුලුවන් පෝස්ට් ගනනාවක්...හික්ස්..මොකටද ඉතින් ලේ පුච්ච ගන්නෙ නේද? :):)
ඒක ඇත්ත. අඩුම තරමෙ තමන්ගෙ මුල මතක නැති අය හින්ද මොකටද අහක ඉන්න ඔයා ලේ රත් කරගන්නෙ.
Deleteඒ උනාට සාමාන්‍යයෙන් මම කැමතියි වෙන රටවල ඉන්න අයගේ සමහර අත්දැකීම් කියවන්න. වල්පල්නම් නෙවෙයි. දෙයක් ගන්න පුලුවන් දේවල්. හරියට මේ පොස්ට් එක වගේ. මම රටින් පිටට එක අඩියක්වත් තියල නැතින් නිසා ඒවගෙනුත් ජීවිතේට එකතුකරගන්න දේවල් තියනව. එහෙම ඒව තියේනම් තව ලියන්න හොඳේ
හොඳයි සඳ....ඉදිරි කාලෙදි මම එහෙම ඒවා ලියන්නම්..තෑන්ක්ස්..!
Deleteඋපන්තේකට මේ රටෙන් අඩියක් එලියට තියල නැති මටත් දැනෙනව මේ ඔයා ලියල තියන දේ ඇත්ත කියල. ගෙදර හිටිය කාලෙ ඉවර වෙලා කැම්පස් ගියාම මට දැනුන දේ එක්ක සසඳලා මම මේ කියන්නෙ. ඔයාට ඒ හැඟීම ඊටත් වඩා දැනෙනව ඇති. නියමයි ෂොඩූ.
ReplyDeleteමිනිස්සු ජීවිතේ විඳ ගන්න විදිය එක් එක්කෙනාට වෙනස්...මම ආශ නැහැ පිට රටට..පස්සෙ පස්සෙ මෙහෙට පුරුදු උනාම මගෙ හිත වෙනස් වේවි කියල හිතුනට..එන්න එන්නම මගෙ හිත තවත් මෙහෙ ඉන්න බැහැ කියලමයි කියන්නෙ.....
Deletelankaawa tharam ithata hariyana thanak thawath kohewath naha kelle. aththama thamai
ReplyDeleteඔව් වර්ණා...කෝම උනත් මේවා අනුන්ගෙ දේවල් නෙ කියල හිතෙනවා....
Deleteසරල ජීවිතෙන් සංකීර්ණ ජීවිතෙකට ආපුවාම මේ වගේ දැනෙන එක අරුමයක් නෙමේ
ReplyDeleteමම කියල තියන දේ බුද්ධිමත්ව තේරුම් ගන්න පුලුවන් අය ඉන්න එක ගැන සතුටුයි හසිත.....
Deleteමගේ ලොකෙන් පාර කිව්වේ මේ පැත්තට එන්න.අද තමයි පලවෙනියටම මේ පැත්තට අවේ එකටම කියවන්න ලැබුනේ හිතට වදින කතාවක්..දිගටම ලියන්න මගේ සුභ පැතුම්.....
ReplyDeleteමුලින්ම රංග අයියට ස්තූති වෙන්න ඕනෙ මගෙ බ්ලොග් එකට ප්‍රචාරයක් දුන්නට...ස්තූතියි මහේෂ් ඔයාවත් සාදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට..!!
Deleteමේ..ඒක නෙවේ..ඔයාට කෝමද පේන්නෙ මේක නයෙක් වගේද? මොකද මෙහෙ නයි නැති නිසා මට ඒ ගැන තේරුමක් නැහැ....
නයා කියන්නෙ සාපේක්ෂව හිතෙන දෙයක් වෙන්ට ඕනැ.
Deleteනයි? නයි කයිද රෝස් පාං කිව්වලු. ලංකාව සරුප විමානෙ, නයි, පොළොංගු, පිඹුරො -පුම්බ ගන්න කස්ටිය, මාපිල්ලු විතරක් නෙමෙයි, නයි නටවන අහිකුංටිකයොත් ඉන්නවා. මං ආයෙත් කියනවා" Grass is always green on the other side". එත් එන්නම ඕනෙ නං රිටන් ටිකට් එකක් අරගෙනම එන්න :))
Deleteටොමී....මේ ලඟකදි පෝන් එකෙන් ලංකාවෙ කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට මම කිව්ව අපි දවල්ට මැක්ඩොනල්ඩ් ගියා කියල හොඳේ? එයා එකපාරම ඇහුවා ''අම්මට සිරි උඹල ට ඉතින් මොකෝ මැක්ඩොනල්ඩ් යන්න බැරි'' කියල ඔන්න ඔහොම මහා ලොකුවට ඒක හිතට අරන්....මට ඒකට හරිම පුදුම හිතුනා...ඊට පස්සෙ මම එයාට පැහැදිලි කලා අපේ මෙහෙ පාරෙ මිනිස්සුන්ට අතපාන හිඟන මනුස්සයෙක් උනත් කවුරු හරි අතට යූරෝ එකක් ශත 50 ක් දුන්නාම බනිස් ගෙඩියක් අරන් කන්න මැක්ඩොනල්ඩ් එකට තමා යන්නෙ කියල...මෙහෙ ලාබම කෑම වේලක් තියෙන්නෙ ඒකෙ තමා කියල....ඉතින් බලන්න අපෙයි මෙහෙ ඉන්න හිඟන්නන්ගෙයි මහා ලොකු වෙනසක් තියනවද??
Delete(ඒ උනාට අර මනුස්සය ඒක කීදෙනෙකුට කිව්වද දන්නෙ නැහැ මම ''නයෙක් ඇරියා'' කියල...අනේ සංසාරේ...!!)
අනේ මන්ද ටොමී ඇයි මේ තරම් දරුණු සත්තු සරපයො ඔය රටේ..?? :(:(:(:(
ඔන්න මාත් ආව මොකාද මේ නයා බලන්න . නැති දේවල් වලට තමයි අපි වැඩිය කැමති . අනික අපි හිත විදිහත් වෙනස් වෙනවා කාලෙන් කාලෙට අවශ්‍යතා අනුව. උදාහරනෙකට මම . අපි ආවේ අවුරුදු දෙකකට . ජිවිතේ සැපයි . ඒත් මටත් මේ සිතල පේන්න බැහැ . කැමැත්ත ආපසු යන්න . ඒ වුනත් යන්න බැරිකොට මෙහෙ හොඳ දේවල් ගැන හිතල හිත හදා ගන්නවා . ළමා කාලයේ මිහිරි මතක නම් හරිම ලස්සනයි .
ReplyDeleteමම මෙහෙ දැන් අවුරුදු 12 ක් බින්දි...ඒත් 2009 වෙනකම් හැම අවුරුද්දකම ලංකාවට ගියා ආවා...
Deleteමාත් ඔයා වගේ හිතන්නෙ..ලංකාවට යන්න හිතෙන හැම වෙලාවකම හිත හදා ගන්නව මෙහෙ තියන හොඳ දේවල් ගැන හිතල..මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙ විවෘත කතාබහ අදහස්..ඇත්ත කෙලින් කතා කිරීම..ඉරිසියා කුහක කම් නොකිරීම..සමහර පිරිමි ගාව ගෑනු ගති නොතිබීම වගේ මම ගොඩාක් ගරු කරන කැමති දේවල් ගැන හිතල සතුටු වෙනව...
හ්ම්ම්..ලමා කාලය හරීම සුන්දරයි ලමාකාලය මතක් වෙලා තමා මේ පෝස්ට් එක ලිව්වෙත්, ස්තූතියි ඔයාට කිරිල්ලිව බලන්න ආවට හොඳේ?:):)
මොකෝ අපි ඔටුවොද? කෝ අපේ කමෙන්ට්ස් ?
ReplyDeleteඔටුවො නේන්නම්....ඔන්න අදයි මට වෙලාවක් හමු උනේ....දැන් මම ''ප්‍රවීන බ්ලොග් කාරියක්'' තේරුනාද? පරිස්සමින් කතා කලොත් හොඳයි...:P
Deleteබල්ලෝ බුරති...කොල්ලෝ හඬති...කෙල්ලෝ රවති...වවුලෝ වැනෙති...
ReplyDeleteඒත් කඳු නම් නොසෙලවෙති!
කිරිල්ලිට ජය!
ඔය බල්ලන්ගෙ බිරුම් කොල්ලන්ගෙ රැවුම් මට පේන්නෙ නැහැ..මට ඇහෙන්නෙ නැහැ..!!
Deleteමම ඉන්නෙ විශාල උස ගහක් උඩ මුදුනෙම අත්තක....!!
ගහ යට ඉඳන් උඩ බලාගෙන කියවන අයගෙ කටවල් වලට ''චොක්'' ගාල මොනා හරි වැටුනොත් ඔන්න මට කක්ක කිරිල්ලී කියන්න එපා..!!! :D:D
හෙහ් හෙහ් හේ........කඳු නොසෙල්වෙති..!!
ඔයාටත් ජයෙන් ජය පතනවා..........! :):)
අපි ඉතිං ආසාවන් තුරන් කොරපු උන් නෙවීනේ.. ඉතිං කෝකත් නැති දේට, නොදැක්ක දේට ආසයි.. ඒත් ඊට වඩා තමන්ට තියෙන දේ ගැන හිතන්නේ නැති එකයි දුක..
ReplyDeleteරටවල් ගැන සන්සන්දනය කොරන්න නං මං දන්නේ නෑ.. ඒත් මං දැකින/දැක්ක දේ අනුව මට මේ රටේ තියෙන දේවල් වැඩිත් එක්ක..
අපි මෙහෙ කොහොම හිටියත් මේවා අනුන්ගෙ දේවල්..මගේ කියන හැඟීම එන්නෙ අපේ රටේදි විතරයි...ඔව් ඔයා හරි ඉහටත් උඩින් දේවල් අපේ රටේ තියනවා සල්ලි හැරෙන්න....ඒත් මම නම් විශ්වාස කරන්නෙ නැහැ ජීවත් වෙන්න ඕන කරන එකම දේ සල්ලි විතරමයි කියල..
Deleteඒකනෙ අපිත් මේ බැලුවා කිරිල්ලි සයිලන්ට් වෙලා මොකද කියලා. ලඟක ඉදලා අපේ අඩවි පැත්තෙ පියඹන්නේ නැති වුනාම හිතුවා නයි කතා හින්දා සයිබරේ කූඩු අතහැරලා යන්ටම ගියාදෝ කියලත්. ආයිමත් දකින්නට ලැබීම බොහෝම සතුටට කරුණක්.. එහෙනම් කන්ද මුදුනේ අත්තක වහලා නොසැලී ඉන්ඩ හොදේ... ඊලඟ පෝස්ට් එකකුත් අද හෙටම හැන්දෑවෙ වැටෙයි කියලා හිතනවා...
ReplyDeleteඅනේ දොස්තර මහත්තයෝ මගෙ මොලේට ලුනුවතුර ගිහින් ඒක කචල් වෙලා තියෙන්නෙ මේ දවස් වල....''කූඩු අතහැරල යන්න''??? ඒ මොකටද අප්පච්චියේ...??? අහ්....දොස්තර මහත්තය මේ වැයික්කියට අලුත ආපු නිසා ඕවා නොදන්නව ඇති මයෙ හිතේ..
Deleteමහත්තයට කියන්න මහත්තයෝ..අවුරුද්දකට විතර සැරයක් මේකෙ තියනවනෙ සයිබර සැණකෙළියක්..!! ඉතින් ඔය සැනකෙලිය පවත්වන්නෙ කාව හරි බ්ලොග් එකක් ලියන ගැහැනු පරාණයක් බිල්ලට ගන්නයි...(මම ගැහැනු පරානයක් නොවේනෙ මහත්තයෝ මම ඇවිල්ල සතෙක්, පක්ෂියෙක්.) මට ඕකට සහභාගි වෙන්න බැරි උනා..මොකද මම කලින් මගෙ යාලුවන්ට කිව්ව විදියට 30 වෙනිද ඉඳන් දවස් 15 ක සමර් නිවාඩුව ලැබිලා ඈත බැද්දෙ ගම්මැද්දකට ගියානෙ...පෝස්ට් එකක් ඉක්මනින් දාන්නම්...පෙරේද හවස ආපු වෙලේ ඉඳන් තාම හරි හමන් විවේකයක් ලැබුනෙ නැහැ නොවැ....එහෙනම් දොස්තර මහත්තයෝ මම ගොහින් එඤ්ඤං.....
වින් අක්කේ කෝ අනේ ඔයා?
ReplyDeleteඅපි එක්ක තරාහ වෙලාද?
හුඟ දවසකින් දැක්කේ නැහැ...
තරහ වෙලා නෙවේ මල්ලි මම දුර ගමනක් ගිහින් ආවෙ වැඩ ගොඩයි ගෙදර...මහන්සියි...ඉක්මනින් එනම්කෝ......
ReplyDeleteලස්සන ලිපිය කිරිල්ලියේ...
ReplyDeleteකාලයක් එක්ස්පැට්ටෙක් වෙලා හිටපු හැටි මතක් උනා මේක කියෙව්වම..සීත කාලෙට මුලින් ආස උනත්, අන්තිමට හිටපු ශීත කාලෙ නම්, හිමේ පෙරලෙන්න නෙවෙයි, ඩිප්රෙෂන් එකට බෙහෙත් ගන්නයි වෙන්නෙ තව ටිකෙන්..:( ගෙදර ආවෙ හොද වෙලාවට...දැන් මම කවදාටත් වැඩිය සතුටින්...:)
ඔයාටත් ඉක්මනට (නිවාඩුවකට හරී) ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..!
ස්තූතියි උමා..අම්මෝ ඔයා නම් බේරිලා.....මාත් ඉක්මනින් ලංකාවට එන්න ප්ලෑන් කරනවා..අම්මල අයියල නම් මෙහෙන් එන්නෙ නෑලු........
Deleteඅදයි ආවේ මේ පැත්තට.. තාම කිරිල්ලිගේ කතන්දර කියවන ගමන්...
ReplyDeleteගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට...එහෙනම් කියවන් එන්නකෝ හෙමිහිට.....:):)
Delete