(අළු පාට හැන්දෑව 31.)
ඒ වෙද්දි රකුස ඔන්ලයින් ආවෙ නැහැ කලින් වගේ..මිස් කෝල්ස්..එස්.එම්.එස් නතර වෙලා...ඉඳ හිට ඇවිත් ගොඩාක් වැඩ තියන බව කියල මාව මග ඇරිය..
මල්ලි මැරිල 12 වෙනි අවුරුද්දක් පිරෙන එක නිමිත්තෙන් මහා පිංකම් මාලාවක් සූදානම් කරනව කිව්ව...වෙන්නප්පුවෙ ලමා නිවාසෙකට දානයක් සමග සියලුම ලමයින්ට අවශ්‍ය පොත් පත් ප්‍රධානය කිරීම..මල්ලී වෙනුවෙන් පල්ලියේ පූජාව..හවස මිනී පිට්ටනියේ තවත් මොකක්ද...ඒ දවස් වල මට කෙටි පනිවිඩ තියල තිබුන ගූග්ල් චැට් එකේ...''මම පොත් ලැයිස්තුව හැදුව..අද ඒවා ගේන්න යනව..අද දානෙට දේවල් ගේන්න යනව..පල්ලියේ වැඩ වලට යනව..'' ඔය වගේ...එදා ඒ පල්ලියෙ පූජාව තියල මිනීපිට්ටනියට යනව කිව්ව වෙලාවෙ මම එයාට කෝල් එකක් ගත්ත...ඒ වෙලාවෙ රකුස උන්නෙ මිනීපිට්ටනියෙ නෙවේ ගේ ඇතුලෙ...මම දැනගත්ත ඒකත් විශාල බොරුවක් බව..ඒත් මැරුන කිව්ව මල්ලි? ඒකත් බොරුවක්ද??
''...ඔයා මට කිව්වෙ මේ වෙලාවෙ මිනිපිට්ටනියෙ කියල නේද...?
''...ඔව්.ඔව්..මේ ඒකෙ ඉඳල තමා ආවෙ...''
ඊට පස්සෙ දවස් 10 ක් විතර මෙයා අතුරුදහන් වෙලා උන්න...මම උන්නෙ පුදුමාකාර කලකිරීමකින් වගේම මේ මිනිහා ගැන මහා අප්පිරියාවකින්..හිතේ තිබුනෙ දුකක් නෙවේ කේන්තියක්..මට මා ගැනම දරාගන්න බැරි තරම් කේන්තියක්........
දවස් 10 කට පස්සෙ රකුස එකපාරම ඔන්න මතු උනා ඔන්ලයින්.....
''...මට හොඳටම අසනීප උනා..හොඳටම අමාරු උනා..මට තාම උන...නිකමට හොයල බැලුවෙ නැහැ මම ඉන්නවද මැරුනද කියල...'' ඒ ආවෙ මා එක්ක රන්ඩුවට...
''...ඔයා ඉතින් අවුරුද්දෙ 365 දවසෙම ඉන්නෙ අසනීපෙන්නෙ..ඕක මට අමුත්තක් වත් හොයා බලන්න තරම් විශේෂ සිදුවීමක් වත් නෙවේනෙ...'' මාත් එහෙම කිව්වෙ මගෙ අප්‍රසාදය පෙන්වන්න.....
මෙයාට ඒ දවස් වල ලොකු උවමනාවක් තිබුනා නිතර මා එක්ක පැටලෙන්න..රන්ඩුකරන්න..මාව අවුස්සල කේන්ති කරල පහත් විනෝදයක් ලබා ගන්න...ඒ එක්කම මාව එයාගෙන් ඈතට එලවලා දාන්න..ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම එයා කලා..මහා අසික්කිත විදියට හැසුරුනා...ජීවිතකාලෙම ඉස්කෝලෙකට ගිය නැති මන්ධබුද්ධික පොඩි කොලුගැටයෙක් වගේ නිතරම හැසුරුනේ....
''...ඔයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔය විදියට හැසිරෙන්න? ඔයා මොකක්ද ලබන කැත සතුට අනික් අයව කුපිත කරල? ඔයා ගාව තියෙන්නෙ ප්රකෝපකාරී අදහස් ක්‍රියා..මට නම් ලැජ්ජයි ඔයා ගැන...''
එයා පිළිතුරු දුන්නෙ මෙහෙම......
''...ඒ ඉස්සරයි මම රන්ඩු කරල ආපහු ඇවිත් මම ම යාලු උනේ, දැන් ඉතින් මම ආයෙමත් එහෙම කරන්නෙ නැහැ...''
ඒ පෙබරවාරි,මාර්තු මාස දෙකම ගෙවුනෙ ඉතාම අප්‍රසන්න සිදුවීම් එක්ක....ඒ වෙද්දි මට හොඳටම තේරිලා තිබුනෙ රකුසට ඕනෙ කරන්නෙ මොකක්ද කියල..එයාට ඕන උනේ මටම එපා වෙලා මම එයාගෙන් ඈත් වෙන එක..මට එයාව එපාවෙන්න කරන්න පුලුවන් හැම දෙයක්ම එයා කලා..වෙලාවකට මට හිතුනෙ මනුස්සයෙකුට වඩා ඒ මිනිහා ගාව තිබුනෙ තිරිසන් ආත්මයක් කියල.....
කාලයක් පුරා ලස්සනට ප්ලෑන් කරල මාව රවට්ටල මගෙ සල්ලි හොරකම් කරන් රකුස බයයි මගෙන් ඈත්වෙලා හැංගිලා ඉන්න....
මෙයාට තිබ්බ ලොකුම ප්රශ්නය හිසරදය තමා මේ තරම් කැත විදියට මට රිද්දවද්දිත් ඇයි මම තාමත් ඉන්නෙ කියන එක......
රකුසගෙ මේ අසික්කිත ක්‍රියා රටාව මම ඒ දවස්වල මගෙ වැඩිහිටි යාලුවන්ට කිව්වාම එයාලටත් පුදුම විදියට කේන්ති ගියා......
''...නංගි..ඕකව බ්ලොක් කරලා දාන්න..මේව ඇහිලා අපිටත් දැන් පිස්සු වගේ..ඔයා කෝමද ඔය මන්දබුද්ධිකයා ගෙ ඔය දේවල් ඉවසගෙන ඉන්නෙ? ඔයා කෝමද ඕව විඳවන්නෙ? ඔයාට පිස්සු හැදේවි..ඕකව අදම බ්ලොක් කරන්න..එලවලාම දාන්න...''
එයාල කිව්වෙ එහෙම..ඇත්තටම කල යුතුව තිබුනෙ එහෙම..ඒත් රකුසට අවශ්‍ය දේ දීලා..එයාට දිනුම දීල එහෙම ලේසියෙන් නිකම්ම අයින් වෙන්නෙ නැහැ කියන හැඟීම මගෙ යටි හිතේ ස්ථීරවම තිබුනා........
මේ මාස 2 ඇතුලත වෙච්ච සියල්ලම ලියන්න බැහැ මට..මොකද ඒවා ඉතාම අප්‍රියජනකයි.....
වෙලාවකට මා එක්ක රන්ඩුවෙලා යන රකුස ඊට පහුවෙනිදට මුකුත්ම නොවුනා වගේ ඇවිදින් බොහෝම ආදරෙන් මට මෙහෙම කියනවා.....
''...මට කාත් කවුරුත් නැහැ...ඔයාට වගේ නෙවේ මට...මම කාලකන්නියෙක් මේ ලෝකෙ...ඔයාට හැමෝම ඉන්නව..හොඳ අනාගතයක් තියනවා..මා ගැන හිතන්නෙ නැතුව ඔයා යන්න...ඔයාගෙ අනාගතේ හදා ගන්න..මම ගැන බලං ඉන්න එපා...''
ඒ වගේම රකුස මට කීප වතාවක් හොඳින්ම කිව්ව ෆේස්බුක් එකේ අපේ රිලේෂන් ශිප් එක අහක් කරල දාන්න කියලත්...ඒත් රකුස කියන කිසි දෙයක් කලේ නැහැ මම.....
මම මේ ලියන දේවල් බලන ඔයාල හැමෝම උගත් බුද්ධිමත් අය්යල අක්කල මල්ලිලා.....මම ඔයාලට වචනෙන් වචනෙ ලියල විස්තර කරල දෙන්න ඕනෙ නැහැ මම ඒ කාලෙ ඒ වගේ සිදුවීම් තුල මොන වගේ මානසික තත්වයකද ජීවත් උනේ කියල....මට ඒව ගැන ලියන්න හිත එකඟ කර ගන්නම බැහැ මේ වෙලාවෙ..ඇයිද මම දන්නෙ නැහැ.....මට ඒවා මතක් වෙද්දි එකපාරම හිතෙන්නෙ එකම දෙයයි...මේ ලැප් එක මහා හයියෙන් මෙතනම බිම පොලොවෙ ගහල දාල මේ කතාවත් එක්කම ඉවරයක් කරල දාන්න..!!! ඒ ඇයිද කියලත් මම දන්නෙ නැහැ..............
රකුසා දවසින් දවසම මාව රිද්දන්න ගත්තා නොනවත්වාම....මාත් හැමතැනම පේන්න උන්නා..ෆේස්බුක් එකේ..ගූග්ල් චැට් එකේ..ගූග්ල්බුස් එකේ..මාත් යාලුවො එක්ක හිනාවෙලා විහිලු කර කර උන්නා......රකුසට මේක දරාගන්න බැරි දෙයක් උනා....රකුස ඔය අතර උන්නෙ හැංඟිලා...සමහර යාලුවො මගෙන් ඇහුවා කෝ රකුස මොකෝ පේන්න නැත්තෙ කියලත්....
දවසක් පුරුදු පරිදි රකුස මා එක්ක එල්ලෙන්න ආපු වෙලාවක මම ඇහුවා....
''...ලැජ්ජ නැතුව බොරු කියල මාව රවට්ටල මගෙන් ඕන කරන දේවල් අරන් දැන්ද මාව එපා උනේ? ඇයි එතකොට ඉස්සර මගෙ පස්සෙන් අඬ අඬ ආවෙ?...''
එදා ඒකට රකුස උත්තර දුන්නෙ මෙන්න මෙහෙම.......
''...මම?....මම ඔයාව රැවැට්ටුව??...මම මොනාද ඔයාගෙන් ගත්තෙ ඔයාව රවට්ටල?? ඔයා මොනාද මට දීල තියෙන්නෙ??..ඔයාගෙ මොනාද මා ගාව තියෙන්නෙ?? කියන්න බලන්න??...''
ඒ වෙලාවෙ මගෙ හිතට දැනුන දේ මේකෙ ලියන්න බැහැ මට .....
ඒත් මූ වගේ අවජාතක තිරිසනෙක් එක්ක මොනම හේතුවකටවත් තවත් කතා කරල පලක් නැති බව එදා මම තීරනය කලා...........!!!!.