My Blog List

Monday 30 April 2012

චිම්පන්සි ආණ්ඩුව..!!



එක වතාවක් අපි ලංකාවට ගිය වෙලේ සත්තු වත්තට ගියා.. සත්තු බලන්නම නෙවේ නිකම් දවස ගත කරන්න හිතාගෙන..මම, අම්මා, අයියල,මාමලගෙ පුත්තු,තව යාලුවො....
සත්තු වත්තට ඇතුල් වෙලා ටිකකින් අපි නතර උනේ අර චිම්පන්සි ඉන්න තැන..ඔයාල දන්නවත් ඇති වාහන නතර කරන තැනට හරිම කිට්ටුවෙන් චිම්පන්සි ඉන්න තැන තියෙන්නෙ....මම සත්තුන්ට ගොඩාක් ආදරේනෙ,වඳුරන්ට,චිම්පන්සියොන්ට විශේෂයි..පොඩි කාලෙ තාත්ත වඳුරු පැටව් ඇති කලා ගෙදර කිහිප වතාවක් මම නිසා..
ඉතින්..ඔන්න අපි චිම්පන්සි ඉන්න තැනට කිට්ටු උනා..එයාල උන්නෙ පහලක අපි උඩ ඉඳන් බලන්න ඕනෙ...එතන උන්න චිම්පන්සි 4 දෙනෙක් (ජෝඩු 2 ක්.)
චිම්පන්සියගෙ ගෑනු සතාට මොකක් කියලද කියන්නෙ?..මම දන්නෙ නැහැ..ඒ නිසා අපි 'චිම්පි කෙල්ල' කියමුකො..අනික මෙයාල මැරි කරල නැහැනෙ ලිවින් ටුගෙදර් නෙ.....:):)
ඉතින් අපි අර තාප්පෙ ගාවට ගිහින් පහල බලද්දි මෙන්න මෙහෙම තමා මම දැක්කෙ....
එක ජෝඩුවක් ටිකක් උස් බිමක ලංවෙලා ඉඳගෙන උන්න..ඒකෙ චිම්පි කොල්ල කෙල්ලට හෙන සයිස් ලෙක්චර් එකක් දෙනව..හෆ්ෆා...!! චිම්පි කෙල්ල ලොකු වැරැද්දක් කලා වගේ ඔලුව පාත් කරන්, කර බාගෙන අහගෙන ඉන්නව..චිම්පි කොල්ල කෙල්ලගෙ උරපත් වලට අත තියාගෙන කියවනව..කම්මුල් වලට අත තියල කියනව..මූණට එබීගෙන කියනව..ඊට පස්සෙ තරහින් කෙල්ලව තල්ලු කරනව..ආයෙත් කෙල්ලව අත්දෙකෙන්ම අල්ලගෙන කියවනව..ඊට පස්සෙ තුරුල් කර ගන්නව..ආයෙමත් කෙල්ලව අත්දෙකෙන් අල්ලල හයියෙන් හොල්ලනව..හෆ්ෆා..එතන එකම ජංජාලයයි...!!!!


ඊගාවට එතනින් පහල උන්නෙ අනිත් කපල් එක..මේකෙ කොල්ල ටිකක් හැඩි දැඩි නපුරු පාටයි..මේ 4 දෙනාගෙන්ම ලොකුම පෙනුමක් තිබුනෙ මෙයාගෙ..මෙයාගෙ එක අතක තිබුනා වතුර ටිකකුත් එක්ක ලොකු ප්ලාස්ටික් බෝතලයක්..අනෙක් අතේ ඒ බෝතලේ මූඩිය..!  (එතන උන්න පිරිමි ලමයි කට්ටියක්..එයාල තමා මේ බෝතලේ චිම්පි කොල්ලට දීල තියෙන්නෙ.)
ඉතින්..චිම්පි කොල්ල වතුර බෝතලේ රස කර කර බොනව..අනේ එයාගෙ චිම්පි කෙල්ල පොඩි දරුවෙක් වගේ ලඟට වෙලා අත්දෙකම දික් කරන් එයාටත් බොන්න වතුර ඉල්ලනව..ඔන්න එකපාරම චිම්ප තල්ලු කරල දැම්ම කෙල්ලව පැත්තකට..!!
දැන් කෙල්ල ආයිමත් චිම්ප ලඟට ගිහින් වැඳ වැටෙනව වගේ..තොල්දෙක උල් කර කර..ඔලුව පැත්තකට හරවගෙන..මොන මොනවද මුමුන මුමුන වතුර ඉල්ලනව..!!
චිම්ප නෙවේ කෙල්ල දිහා හැරිල බලන්නෙ..එයා රස කර කර වතුර එක බොනව..!!
ඊට පස්සෙ චිම්පි කෙල්ල කට උල්කරන් මොනාද කියන ගමන් කොල්ලගෙ වතුර බෝතලේ තිබුන අතින් ඇල්ලුව..
''..පටාස්ස්ස්ස්ස්...''......අනේ කෙල්ලට වැදුන පාරක් වීසිවෙලා යන්න...!!
කෙල්ලටත් ලැජ්ජාවක් නැද්ද මන්ද චුට්ටක් බලන් ඉඳල ආයෙමත් ඔන්න චිම්පට ලං උනා...එතකොට චිම්ප ඔක්කොම වතුර බීල ඉවරයි..! අර අනික් අතේ තිබ්බ මූඩියෙන් ලස්සනට ආපහු වැහුව ඒ හිස් බෝතලේ, දුන්න ඒක චිම්පි කෙල්ලගෙ අතට.......ග් ර් ර් ර් ර් ර් ර්..!!
අනේ කෙල්ල ඒක දෙතුන් පාරක් හරව හරව බලල පැත්තකට විසි කලා...!


එදා ඔය වෙලාවෙ මගෙ අතේ තිබුන ලොකු කොකා කෝලා බෝතලයක්..ඒක මම ගෙදරදි ෆ්‍රීසර් එකේ මිදෙන ගානට කූල් කරල කුල් බෑග් එකක දාගෙන ගිහින් තිබ්බෙ..මම හෙමින් බෝතලේ අතට අරන් චිම්පි කෙල්ලට කතා කලා ෂ්.ෂ්.ෂ්...!! කෙල්ල දුවගෙන ආව මම උන්න තැනම පහලට..දැන් ඔන්න අත්දෙකම දික් කරන් කට උල්කරගෙන මොනාදෝ මුමුනනව.. හිඟන්නියෙක් වගේ කොකා කෝල බෝතලේ ඉල්ලනව...හරියට නිකම් දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනව වගේ........


අපේ අම්ම දැන් දන්නව මම මේක දාන බව පහලට..''..අනේ බුදු අම්මේ එපා..අනේ ඕක නම් දාන්න එපා..එපා එපා..ඔන්න සිකියුරිටි එකෙන් එනව දැන්..අපිව අල්ල ගනීවි...පොලිසි යන්න වෙනව අද නම්...පොඩි පුතේ..! උඩ බලාගෙන ඉන්නෙ උදුර ගන්නව ඔය බෝතලේ..!!..''


එයා කොහෙද මගෙන් දේවල් උදුර ගන්නෙ....මම තද කරල බෝතලේ තුරුල් කර ගත්ත..
ලොකු අයිය උන්නෙ ඊට ටිකක් ඈත එයාගෙ යාලුවොත් එක්ක..එයා එතන උන්න නම් කොකා කෝල බෝතලේ එයාගෙ අතට යන්නෙ මගෙ කනත් එක්කම.....


අම්ම හනිකට හනිකට ගියා ලොකු අයිය ඉන්න පැත්තට..පැමිනිල්ල දාන්නද නැත් නම් අයහපත් තත්වයෙන් මග අරින්නද දෙවියො දනී..!!

අම්ම ගියා දැක්ක විතරයි  කොලු නඩේ කෑගහන්න ගත්තා...
''...නංගී. දාන්න ඕක..''
''...නංගී අරූ ලඟට එන්න කලින් දෙන්න ඕක..''
''...මුඩිය එකපාරක් කරකවල බුරුල් කරල දෙන්න...''
''...පව් නංගී ඕක දෙන්න ..දෙන්න..''


මම චිම්පි කෙල්ල දිහා පහල බැලුවා..අනේ ඒ මූණෙ තිබුනෙ හරිම දුක්මුසු බැගෑපත් පෙනුමක්...හරියට නිකම්...''අනේ මට ඕක දෙන්න..මට ගොඩාක් වතුර තිබහයි..'' කියනව වගේ...
මම ආයෙමත් පොඩි අයිය දියා බලද්දි එයා හෙන සැර පාරක් දැම්ම.''...ඕක දානව නම් දානව.මෙතන ලත වෙවී ඉන්නෙ නැතුව..''


ඕ.කේ.....මම අත ඇරිය කොකා කෝල බෝතලේ පහලට...චිම්පි කෙල්ල ''දඩොග්'' ගාල අත් දෙකින්ම ඒක අල්ල ගත්තා...


ඊට පස්සෙ තමා හොඳම හරිය...!!!!!


රටක් රාජ්‍යයක් ලැබුන වගේ චිම්පි කෙල්ල තව පාරක් මා දිහා බලල බෝතලේ මූඩිය අරින්න කැරකුවා විතරයි..අඩියට දෙකට පැනගෙන ආව අර තඩි චිම්පා..!!


පැනපු ගමන් කෙල්ල අතේ තිබ්බ බෝතලේ උදුර ගත්ත..මූඩිය ගලවල චිම්පි කෙල්ලගෙ අතට දීල,බෝතලේ කටේ තියන් ගිඩි..ගිඩි..ගිඩි..ගාල බොන්න පටන් ගත්ත කොකා කෝල..!!


මම වටපිට බැලුවෙ කවුරු හරි උදව්වට වත් ඒවිද කියල...වටේ උන්න කොලු රැළ පටන් ගත්ත සංස්කෘතික කියන්න.....


''...අඩෝව්..%&&ස්ස්@@//(££!!??..@@££((=?(/&%%...''


''...පෙරේතයා..!! දීපන් ඕක ගෑනිට...%%=))(/$£..??''


හ්ම්ම්ම්ම්ම්ම්..මිනිත්තු 5 ක් යන්න නැතුව ඇති..තඩියා බෝතලේ බිංදුවටම හිස් කලා..ඊට පස්සෙ අහිංසක චිම්පි කෙල්ලගෙ අතේ තිබ්බ මූඩිය උදුරල වගේ අරන් ආයෙමත් තිබුන වගේම අපූරුවට වහල හිස් බෝතලේ කෙල්ලගෙ අතට දුන්න..!!!!


මෙතනින් එහාට මොනා ලියන්නද??????????

Wednesday 25 April 2012

මෙන්න මෙයා..!! බඹා කෙටූ එක්කෙනා..!!!

පවුලේ අය සමග උන්න පොටෝ එකකින් කපා ගත්ත එකක්..!
(අළු පාට හැන්දෑව..35.)
ඉතින් ඊට පස්සෙ.....එදාම හවස මට සිදු උනා රකුසගෙ ගෙදර අනිත් සහෝදරයින් එක්කත් කතා කරන්න ස්කයිප් මගින්....මහා කාලකන්නි හැඟීමකින් මගෙ හිත පිරිල තිබුනා...ඇත්ත වශයෙන්ම මේ දේවල් මම විහින් මගෙ ජීවිතයට එකතු කර ගත්ත අනවශ්‍ය මට නොගැළපෙන දේවල්...අප්‍රසන්න කාලකන්නි පුද්ගලයෙක්ව මගේ ජීවිතයට ගාව ගැනීමේ අනිටු පලවිපාක මම හිතින් විඳවමින් උන්න......මෙවැනි තත්වයකට හීනෙකින් වත් පත්විය යුතු කෙනෙක් නොවෙයි මම.............


මම යවපු ටී ශර්ට් එකක් ඇඳන් චේන් එකයි ලාවා හාර්ට් එකයි කුරුසෙයි එක්ක.....
මේ එයාගේ කාමරේ කිව්ව..එයාගෙ අල්මාරිය කිව්ව..පස්සෙ දැනගත්තෙ මේක එයාගෙ ගෙදර වත් නෙවේ..!


එදා රකුසව එතෙන්ට කැඳෙව්වාම ඔහුට උවමනා උනේ එතැනින් මග ඇරල පළා යන්නයි..''හරි එන්න අපි දෙන්න විතරක් මේගැන කතා කරමු'' කියල එතනින් පලා යන්න හැදුවත් අනෙක් අය ගෙන් ඊට ඉඩක් ලැබුනෙ නැහැ...එයාල කීවෙ අපි දෙන්නා සියලු දෙනා ඉදිරියෙ කතා කල යුතු බවයි...


ඊට පෙර රකුසා කියා තිබූ ලෙසින්ම එවෙලෙත් කියා සිටියේ ඔහු මා හදුනන්නේ නැති බවයි...(ඒත් මේ වන විට අපි හොඳින් දන්න හඳුනන බවටත්,අපි අතර සම්බන්ධයක් තිබෙන බවටත්,ඔප්පු කිරීමට ඇති තරම් ශාක්ෂි මම ඔහුගේ ගෙදරට යවා තිබුනා.)


තව දුරටත් රකුසා කියා සිටියේ, මා දින 2 ක් පමනක් ඔහු සමග චැට් කර තිබූ කෙල්ලක් බවයි..මා මේ කියන ලද සියලුම දේවල් අසත්‍ය කතා බවත්,මා කියන මේ සියලුම කතා ඔහුගේ බ්ලොග් එකේ ඔහු විසින්  ලියන ලද කතන්දර බවත්,මම ඔහුගේ 'පස්සෙන් එන' කෙනෙක් බවත් ඔහු කියා සිටියා....


එවෙලේ රකුසගෙ අක්ක ඇහුවා කෝමද අම්ම ගැන එහෙම කතාවක් බ්ලොග් එකක ලිව්වෙ කියල..ඔහුට ඒකට පිළිතුරක් හොයා ගන්න බැරි උනා.......


ඔහුගේම පවුලේ සාමාජිකයින්ට මැදිවෙලා කිව්ව එකකට එකක් වෙනස් විශාල බොරු තොගයත්, ඔහුගේම පරස් පර විරෝධී කතන්දරත් නිසා හරිම ලස්සනට ඔප්පු උනා ඔහු විශ්වාස කල නොහැකි තරම් පුදුමාකාර බොරු වංචා කාරයෙක් බව..!!!....මේ බව එතැන සිටි සියල්ලන්ම අවබෝධ කර ගත් බව මට විශ්වාසයි...!!!


මේ අවස්තාවේදී අපි අතර ඇති වූ බහින් බස් වීමේදී ඔහු විසින් ඉතා අසභ්‍ය බොරුවකිනුත් මට දමා ගැසුවා...බොරුකාරයෙක්,වංචාකාරයෙක් පමනකැයි මා මෙතෙක් සිතා සිටි මොහු 'වලත්තයෙකුත්' බව එදා මම තේරුම් ගත්තා.....


රකුස එවෙලෙ කිව්ව බොරු වලින් මාව හිනා ගන්වන්නට සමත් උනේ ඕනම වෙලාවක ඔහු වෙනුවෙන් පෙනී සිට කතා කිරීමට අනුත්තරා එන බව ඔහු පැවසීමයි..''ඕන නම් මම දැන් එයාව එක්ක එන්නම්'' කියා ඔහු පැවසුවාම මට හිනාව නවත්වා ගන්න බැරි උනා....!!!!  (මම මේ සම්බන්ධව වචන කීපයක් අහන්න බලාපොරොත්තු වෙනවා අනුත්තරා අක්කි ගෙන්.)


ඉතින්..මා නොහඳුනන බවත් මගෙන් මුදල් ගත්තේ නැති බවත් කලින් කීප වතාවක් කියා තිබුනත් එවෙලෙ නම් ඔහුට මා ඉදිරියෙ ඒක කියා ගන්න බැරි උනා...අයිය ඇහුවා..''හොඳයි සල්ලි ගත්තද නැද්ද?'' කියල..රකුස එවෙලෙ කිව්ව..''ඔව්.මම සල්ලි ගත්ත.'' කියල......
(ගත්තෙ නැහැ කියල කොපමන කිව්වත් වැඩක් වෙන්නෙ නැහැ බොරුව කලින්ම අහුවෙලා තිබුනෙ...මොකද ඒ ගෙදර අය දැකල තිබ්බ මම කිව්ව විදියටම කිව්ව ගානම රකුසගෙ බැංකු ගිනුමට ඇවිත් තිබුන බව.)


එවෙලෙ මම මෙයාගෙන් ඇහුව...''...ඔයා මා එක්ක දවස් 2 ක් චැට් කලා විතරයි එච්චරද?...''
''...ඔව්...''
''...මගේ එක පොටෝ එකක් විතරක් දැක්ක එච්චරයි?...''
''...ඔව්...''
''...එතකොට එච්චරයි ඔයා මාව දන්නෙත් නැහැ අඳුනන්නෙත් නැහැ?...''
''...ඔව්. එහෙම තමා  මම දන්නෙ නැහැ...''
''...එතකොට කෝමද දන්නෙ අඳුනන්නෙ නැති කෙනෙක් ගෙන් අච්චර සල්ලි ගොඩක් ගත්තෙ?...ආ? කෝමද..??  ඒකද ඔහෙගෙ ජොබ් එක?..''
පිළිතුරු ලැබුනේ නැත..!!!!!!!.


තමාගේම පවුලේ අයට මැදිවෙලා මේක කියන බොරු තවත් අහගෙන ඉන්න මට එතනින් එහාට අවශ්‍ය උනේ නැහැ..මම ඕෆ් උනා..!


එදිනට පසු මේ පුද්ගලයා මට නිතර කරදර කිරීමට පටන් ගත්ත ඔන්ලයින් එන ලෙසත්,කෙසේ හෝ ඔහු සමග කතා කරන ලෙසත් කියමින් ඉල්ලමින් බැගෑපත් වෙමින්.( මේ සියලුම ඊ මේල් මා ගාව සුරක්ශිතව තියනව.)


''...මෙයාව මම දන්නෙ නැහැ අඳුනන්නෙත් නැහැ කියමින් සහෝදරයින් ඉදිරියේ මාව බොරුකාරියෙක් කිරීමට තැත් කරපු මොහු,..''...මෙයා මගෙ පස්සෙන් එනවා...'' කියමින් මාව ලැජ්ජාවට පත් කිරීමට තැත් කරපු ඔහු....දැන් මා පසු පස වැඳ වැටෙමින් එන විලාශය මට මොහු ගැන හිතේ තිබ්බ පිළිකුල තවත් වැඩි කලා......!!


තමුන්ව මේ ලෝකෙට බිහිකල අම්ම මේ ලෝකෙ ඉන්න නරකම නපුරුම ගෑනියි කිව්ව...තමා තාත්තෙක් නැති අවජාතකයෙක් කිව්ව..යාලුවන්ගෙන් නෑයින්ගෙන් පවා 'කාලකන්නියා' කියමින් අපහාස විඳිනවයි කිව්ව..3 වතාවක් මැරෙන්නට ගොස් බේරුන ජීවිත කාලෙම හදවත් රෝගයකින් පීඩා විඳිනවයි කිව්ව...ඒ රෝගයෙන් කොයිම මොහොතක හෝ මිය යන්නට ඉන්නවයි කිව්ව...සතියට 3 පාරක් අසනීප වෙන..මාසෙට 2 පාරක් රෝහල් ගතවෙන...මේ සියල්ලම තියෙද්දිත් සහෝදරයා නිතරම නිවසින් පන්නා දමන්නට තැත් කරන....මේ වගේ ලෝකෙ කොහෙවත් නැති තරම් වාසනාවන්තම පුද්ගලයෙක්ගෙ පස්සෙන් තමා මම ගිහින් තියෙන්නෙ...!!
(..අනේ පව් දෙවියනේ මම..)
ලංකාවෙ වත්,මේ බටහිර යුරෝපාකරේවත්,මේ ලෝකෙ වටේවත් කොන්දක් තියන පිරිමියෙක් හොයා ගන්න බැරි වෙලා මට...!! කෙල්ලෙකුට..ගැහැනියකට ජීවිතේට ඕන කරන දේවල් වලින් මොනාද අඩු මට...මම දන්න තරමින් 'වයස'..!   මට දැනට අඩු වයස විතරයි..!!


ඉතින්...මෙන්න බලන්න යහලුවනේ..යෙහෙළියනේ....මැරීගෙන පනදීගෙන මම පස්සෙන් ගිහින් තියෙන්නෙ මෙන්න මෙයා පස්සෙන්..!! බලන්න ඔය වාසනාවන්ත මූණ පොඩිය....!!!!!


ඔයාලට මොනාද හිතෙන්නෙ..??


මගෙ අයියල දෙන්න කිව්ව කතා මේකෙ ලියන්න බැහැ..අනේ ඔයාලට දුක හිතේවි. :):)

Sunday 15 April 2012

ඉපදුනෙත් නැතුව මැරුන මල්ලී...!!



මේ මැරුන මල්ලිගෙ පොටෝ එක ලු...ඒත් මේ ඉන්නෙ රකුසමයි පොඩි කාලෙ...
(අළු පාට හැන්දෑව 34.)


එදා රකුසගෙ අයිය කතාව පටන් ගත්තෙ මගෙන් ප්‍රශ්න කරමින්......
''..නංගි,ඔයාද අපේ මල්ලිට අර ජා-ඇල ට පාර්සල් එවන්නෙ..?''
''..ඔව්.අයියෙ..''
''..ඔයාද මල්ලිට ලැප් එකක් ගන්න සල්ලි දුන්නෙ..?''
''..ඔව්.මම තමයි..''
''..එතකොට ඔයාද රස්සාවක් නැතුව ගෙදර ඉන්න එයාට නිතර සල්ලි එවන්නෙ..?''
''..නෑ..නෑ  මම නෙවෙයි..''
ඒ කියන්නෙ එහෙනම් මෙයාට සල්ලි එවන අයත් ඉන්නව මම නොදන්න..හ්ම්ම්ම්...ඒ වගේම මට කවම දාකවත් කියල තිබුනෙ නැහැ එයාගෙ පවුලේ තවත් අයිය කෙනෙක් අක්ක කෙනෙක් ඉන්න බවක්...මාව පුදුමෙනුත් පුදුම කලේ රකුසා රැකියාවක් නොකර ගෙයි කාමරේකට වෙලා දවස ගත කරන කෙනෙක් කිව්වාම......!!!
කියවල නැති නම්  බලන්න මෙයා එයාගෙ රැකියාව ගැන මට කිව්ව දේවල් ටිකක්....
මෙතනින් බලන්න. 1
මෙතනින් බලන්න.2

මනුස්සයෙක් කෝමද මේ තරම් බොරු කියන්නෙ? කාලය වෙලාව සෙට් කරගෙන ලස්සනට රඟ පාන්නෙ??
මේ අතරම වෙන්නප්පුවෙ ජෝශප්වාස් විදුහලේ රකුසගෙම යාලුවො කීපදෙනෙකුගෙන් ලැබුනෙ මාව තව තවත් මවිත කරවන තොරතුරු...!!
රකුස ඉගෙන ගන්න දක්ශයෙක්..පොඩි කාලෙ ඉඳන්ම රකුසගෙ අම්ම තාත්ත එයාට ගොඩාක් ආදරෙන් ඉතාම ඉහලින් සලකල තියනව..විදුහලේ සෑම කරුනකටම අම්ම තාත්ත දෙන්නම සහභාගි වෙලා තියනව.රකුසට වියදම් කරන්න ගෙදරින් ඇති තරම් මුදල් ලැබිල තියනව...ඒත් රකුසට මල්ලි කෙනෙක් නම් ඉඳල නැහැ..කවදාවත් රකුසගෙ ගෙදර මල්ලි කෙනෙකුගෙ ''අවමගුල් උත්සවයක් තිබිලත් නැහැ''....!!!
විශේෂයෙන්ම හිතන්න තිබ්බ වැදගත්ම කාරනාව තමා මේ කියන යාලුවො වත් දැනගෙන උන්නෙ නැහැ ඒ වෙද්දි රකුසට මොකද උනේ කියල..රකුස එකපාරම අතුරුදහන් වෙලා උන්න..සමහරු හිතුවෙ රකුස පිටරටකට ගිහින් කියල..සමහරු හිතා උන්නෙ පිට පලාතක රැකියාවක් කරන බව..ඒත් අල්ලපු ගම්වල උන්න ඒ කිසිම යාලුවෙක් දැනන් උන්නෙ නැහැ රකුස එයාගෙම ගේ ඇතුලෙ කාමරේක හැංඟිලා කරන මේ හැංඟිමුත්තම් සෙල්ලම ගැන..!!!!


ඉතින්..කලින් වතාවෙ අයිය එක්ක කතා කරද්දි මගෙ හිතේ එයා කිව්ව දේවල් ගැන ඒතරම් විශ්වාශයක් තිබ්බෙ නැහැ..ඒකට හේතු උනේ රකුස එයාගෙම අයිය ගැන මගෙ හිතේ මවල තිබ්බ නරක ප්‍රතිරූපය..!!
මේ නිසා රකුස මට කියල තිබුන එයාගෙ පවුලෙ තොරතුරු මම අයිය එක්ක කිව්වෙ වත් ඒවා ගැන එයාගෙන් කිසිම දෙයක් අහන්න වත් ගියෙ නැහැ....


ඒත් රකුසගෙ යාලුවන්ගෙන් දැනගත්ත තොරතුරු අනුව ඒ අයිය ගැන මගෙ හිතේ තිබ්බ සැකය දුරු උනා..ඒ නිසා මම ආයෙම වතාවක් එයාට කතා කලා..එදා මම කිව්ව,මම ඇහුව දේවල් ඒ අයිය නම් විශ්වාස කලේ නැහැ...
''...නංගි, ඔයා කියන ඔය පුද්ගලය අපේ මල්ලි වෙන්න බැහැ..ඔයාට වැරදීමක් වෙලා වගේ..කෝ මට දෙන්න බලන්න ඔයා කියන කෙනාගෙ පොටෝ එකක්...'' පස්සෙ එවෙලෙම මම රකුසගෙ පොටෝ එකක් එයාට පෙන්නුවට පස්සෙ තමා එයා පිළිගත්තෙ ඒ එයාගෙම මල්ලි කියල........
ඒත් ඊගාවට එයා කිව්ව දේවල් මට අදහා ගන්නම බැරි උනා..!!


එයා රකුසගෙන් මා ගැන ඇහුවාම රකුස කියල තිබුනෙ..''මම දවස් දෙකක් විතරක් ඉන්ටනට් එකෙන් චැට් කරපු කෙනෙක් විතරයි මාව දන්නෙත් නැහැ අඳුනන්නෙත් නැහැ..'' කියල,,මගෙන් සල්ලි ගත්තෙ නැතිලු ඒක මගෙ බොරුවක් ලු...!!
( ඒත් ඒ වෙනකොටත් අයිය දැකල තිබුන මම එයාට කිව්ව දින වලම කිව්ව මුදල රකුසගෙ බෑන්ක් එකවුන්ට් එකට ඇවිත් තිබුන බව.)
මාව දන්නෙ අඳුනන්නෙ නැහැයි කිවට පස්සෙ නම් මට සිදු උනා රකුස මට කිව්ව කරපු සියලුම දේවල් අයිය ඉදිරියේ වමාරන්න..!!


ඊට පස්සෙ මම රකුස ගැන දැනගත්ත ඇත්ත තොරතුරු මෙන්න..!!!.


අර මැරුනා කිව්ව මල්ලියෙක් කවදාවත් ඒ පවුලෙ නම් ඉපදිලා තිබුනෙ වත් නැහැ..!
මල්ලිගෙ මරනයෙන් පසු අවුරුදු 12 ක් පුරාම අර කලා කිව්ව දාන මාන පූජා..විශේෂයෙන් ඒ පෙබරවාරි මාසෙ අනාථ නිවාසෙකට කරපු පොත් ප්‍රධානය..පල්ලියෙ පූජා..මුල්ම පඩියෙන් මල්ලිගෙ සොහොනට කුරුස හදපුව..මේවා ඔක්කෝම බොරු පට්ට පල් බොරු...!!!


මෙතනින් බලන්න තවත් බොරු..!!



මල්ලි සෙල්ලම් කරද්දි වැටිල නහයෙන් ලේ ඇවිත් හොස්පිටල් එකේ සිහි නැතුව දින 3 ක් ඉඳල සිහි ආවාම පලුමුවෙන්ම ඇහුවෙ රකුසවලු..''කෝ මගෙ චූටි අයිය කිව්වලු..'' ඊට පස්සෙලු ආයෙමත් සිහි නැතිවෙලා ඉඳල මැරුනෙ..දෙන්න නිදා ගත්තෙ එකම ඇඳේලු තාම මල්ලි නිදා ගත්ත කොට්ටෙ ඇඳේ අනිත් පැත්තෙ තියනවලු..කාටවත් වෙනස් කරන්න දෙන්නෙ නැතුව...අනේ මට උන්නෙ එයා විතරයි..අද එයා උන්න නම් මට මෙහෙම වෙන්නෙ නැහැ..අද එහෙනම් ලොකු කොල්ලෙක්.කෙල්ලෙකුත් යාලු කරන්..අනේ මට මේ ලෝකෙ උන්න එකම හිතවතා මට නැති උනා කිය කිය රකුස අඬපු තරම් දන්නෙ මමයි අනුත්තරයි විතරයි..අනුත්තරාට යවල තිබ්බ මල්ලිගෙ පොටෝ එකක් ඒකෙ මල්ලිගෙ නම ''සජිත්''.මටත් ඒකම එවල තිබුන ''මගේ පන'' කියල ලියල...(ඔය උඩින් තියෙන්නෙ ඒ පොටෝ එක..!!) ඒත් දෙවියනේ මේ අපිට එවල තියෙන්නෙ රකුසගෙම පොඩි කාලෙ ගත්ත පොටෝ එකක්...!!!!


මට මැවි මැවි පෙනුන රකුස කිව්ව හැටි..''...මල්ලි මැරුනට පස්සෙ දුක දරා ගන්න බැරුව තාත්ති අයියවයි අම්මිවයි අරන් ඉන්දියාවට ගියා..මාව ලොකුඅම්ම ගාව දාල..මාස 3ක් ඉන්දියාවෙ උන්න අම්මි එක ටෙලිපෝන් කෝල් එකක් දීල මම ඉන්නවද මැරුනද කියල හොයල බැකුවෙ නැහැ..මාව අනාතයෙක් වගෙ අත ඇරල දැම්ම..මම තනි උනේ ඊට පස්සෙ මට කතා කරන්න බැරුව ගියා..ඊට පස්සෙ එයාල ලංකාවට ආවාම අම්මි කිව්ව තවත් ඒ ගෙදර ඉන්න බැහැ කියල පස්සෙ තමා අපි මේ අලුත් ගේ අරන් මේකට පදිංචියට ආවෙ..''...හප්පා...ෂාරුක් ඛාන්ට බැහැ ඒතරම් ලස්සනට අඬන්න..!!!!!!


එතකොට අර හදවත් සැත්කම් හදවතේ තිබ්බ භයානක ලෙඩේ...මැරෙන්න ගිහින් 3 පාරක්, හදවත ඔපරේශන් කරපු එක ..මේවා ඔක්කෝම අමූලික පට්ට පල් බොරු..!! මේ මිනිහට ඒ වගේ කිසිම අසනීපයක් තිබිලත් නැහැ දැනට ඇත්තෙත් නැහැ..!!!!


අර කොම්පැණි එකේ ඔක්කෝම වැඩ බලන්නෙ මෙයාලු..ලොකු ලොකු කතා..බෝඩ් මීටින්..ලක්ශ ගනන් සල්ලි..බිස්නස් ට්‍රිප්ස්..ඉන්දියා ගමන්..මේ ඔක්කෝම බොරු..!! මෙයා ඉන්දියාව තියා කොලඹට වත් හරියට ගිහින් තියන කෙනෙක් නෙවේලු..!!.කිසිම රස්සාවක් නැතුව අහිංසක තාත්තගෙ පැන්ශන් මුදලින් ගෙදරට වෙලා කකා බිබී නිදාගෙන ඉන්න මෙයාට මොන ලොකු ලොකු කොම්පැණිද??මොන පිටරට බිස්නස් ට්‍රිප්ස් ද??  මේවා ඔක්කෝම හෙන හත ගහන බොරු කෙල්ලො රවට්ට ගන්න කියපු...!!!!


මෙයා ඉතාම කම්මැළි රස්සාවක් කරන්න කැමති නැති පුද්ගලයෙක්..!!!


යාලුවො කිව්ව වගේම අයියත් කිව්වෙ රකුසව එයාලගෙ අම්ම තාත්ත හරිම ආදරෙන් කිසිම දුකක් නොදී පොඩිකාලෙ ඉඳන්ම හැදුවෙ කියල..එයාගෙම වචන වලින් කියනවා නම්...''අම්මල මලක් වගේ මල්ලිව හැදුවෙ පොඩි කාලෙ ඉඳන්ම..''


රකුස කිව්ව විදියට ඒ අයියයි රකුසයි අතර කිසිම ආරවුලක් කවදාවත් ඇතිවෙලා තිබ්බෙ නැහැ..අයිය රකුසට ගෙදරින් යන්න කියලත් නැහැ..!!


අර මට පොටෝ ගහල එව්ව ලස්සන ගේ රකුසගෙ නෙවේ..එයාගෙ කියල පෙන්නපු බයික් එක එයාගෙ නෙවේ..එයාගෙ කිව්ව ලැප්ටොප් එක එයාගෙ නෙවේ..එතකොට මේවා ඔක්කොම වික්ක කිව්වනෙ ඔෆිස් එකේ ණය බේරන්න....!!!


මේවා එකින් එක දැනගන්නකොට මගේ ඉවසීමේ සීමාව මටත් හොරා ගොඩාක් ඈතට ගිහින් රහසක් වශයෙන්ම තියන් ඉන්න හිතන් උන්න අර ''අවජාතක කතාව'' ඉබේම මගෙ කටින් එලියට පැන්නා..!!


''...එතකොට අයියෙ මෙයා මට කිව්ව ඔයාලගෙ අම්ම ඔයා පොඩි කාලෙ..............................................................................................................................ඒක ඇත්තක්ද???????...''


මගේ ඒ කතාව අහල ඒ අයිය පිස්සෙක් උනා...!!!!


උපදින්නටත් පෙර ඉඳන් දුක් විඳල තමුන්ව හදා වඩා ගත්ත අම්මෙක් ගැන ඒ වගේ හෙන 7 ක් එකපාර වදින බොරුවක් තමුන්ගෙම එක ලේ ඇතුව එක්කුසේ උපන් සහෝදරයගෙ කටින් කිව්ව කියන එක පුතෙකුට දරා ගන්න බැහැ...කවදාවත් බැහැ...ඒ වෙලාවෙ ඒ අයියගෙ කටින් පිට උන වචන මම මේකෙ ලියන්නෙ නැහැ.....ඒත් අන්තිමට එයා මෙහෙම කිව්ව....


''...අනේ මේක දැන ගත්තොත් මගෙ අහිංසක අම්මගෙ පපුව පැලිල මැරෙනවා...''.....!!!.

Saturday 7 April 2012

නිදහසේ නිවාඩුවක්...!!



(අළු පාට හැන්දෑව 33.)


''...අපේ අම්ම කෝමද ඔයාලගෙ අයව දන්නෙ?? මේක නම් හෙන කෙබරයක් ඔයාගෙ !!...''
මම කිව්වාම රකුසට හොඳටම තද උනා....මට බැනගෙන බැනගෙන ගියා...මට චෝදනා කලා..මට අපහාස කලා මමලු ඒක කෙරෙව්වෙ අපේ අම්මට කියල...ඇයි දෙවියනේ මම දන්නවද එයාගෙ ගමවත් අඩුම ගානෙ? දවසක් අය්යගෙ නම මොකක්ද කියල ඇහුවාමත් රකුස කිව්වෙ හෙන කෙබරයක්...!
''...හා හොඳයි දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? අම්ම මොනාද කියල තියෙන්නෙ අය්යට..?''
''...මම දන් නෑ..අය්ය මට කිව්ව '---' කියල ගර්ල් කෙනෙක්ගෙ අම්ම කතා කලා..මගෙන් ඇහුවා කවුද '---'කියන්නෙ කියල...''
''...ඉතින්..?''
''...ඉතින් මම කිව්ව මම එහෙම කෙනෙක්ව දන්නෙ නැහැ කියල...''
''...ආහ් ! එහෙමද? එතකොට එහෙනම් දැන් ඔයාට තියන ප්‍රශ්නෙ මොකක්ද..?''
''...ඔයාගෙ අම්මට කියන්න මා එක්ක කතා කරන්න කියල අපේ ගෙදර අය එක්ක කතා කරන්න එපා කියන්න...''
(ඒ කියන්නෙ මාව තැම්බුව වගේම මගේ අම්මවත් තම්බල බේරෙන්න හිතල වෙන්න ඇති..හික්ස්..!)
''...හරි කෝ මට දෙන්නකො ඔයාගෙ අයියගෙ පෝන් නම්බර් එක..මම අයිය එක්ක කතා කරන්නම්...''
''...නෑ නෑ ඒක දෙන්න බැහැ..ඔයා ඔයාගෙ අම්මට කියන්න කතා කරන්න එපා කියල..මට දැන් මේ ගෙදරින් යන්න වෙලා තියෙන්නෙ..මාව එලවනව යන්න කියල..ඔයා මට මේ දේ කලේ..මේකනෙ කරන්න ඕන වෙලා තිබ්බෙ නේද?...''


අම්ම මා එක්ක ඒ සම්බන්ධව එක වචනයක් කතා කලේ නැහැ..කතා කලා නම්,බැන්න නම් ,මට ගැහුව නම්,ඒක ඉවස ගන්න පුලුවන් මේ නිහඬ බවට වඩා..මට අම්මට මූණ දෙන්න බැරි බවක් දැනුනා..ලොකු වරදක් කරල අහුනාම ඇතිවන භය,ලැජ්ජාව වගේම අම්මලාව රැවටීම මට දරා ගන්න බැරි උනා....
ඒ වගේම ප්‍රශ්න දහසක් එක්ක කෝමද කල් ගෙවන්නෙ? අම්මල මේක දැනගත්තෙ කෝමද..කොයිතරම් දුරට මේවා ගැන දන්නවද..ඇයි මගෙන් අහන්නෙ නැතුව එහෙම කලේ?..


හදිසියෙම මට මතක් උනේ..මගෙ අල්මාරිය..!!!!


හරි ඒක තමා..අම්ම මගෙ රෙදි අල්මාරිය ඇරල ඔක්කෝම අවුස්සල තිබුනා..මගෙ අල්මාරියෙ තිබුන ලස්සන හිස් චොක්ලට්ස් පෙට්ටියක්..ඒකෙ මම අරන් තියල තිබ්බ මට වැදගත් කියල හිතින පොඩි පොඩි දේවල්..රකුසට යැව්ව හැම දේකම ගත්ත බිල්ස් රෙසිප්ට්ස් ඒ ගත්ත දේවල් වල එල්ලල තිබ්බ ලස්සන බැජ් වගේ දේවල් ඔක්කොම ඒකෙ තිබුන..ඒ බිල් වලට ගෙවල තිබුනෙ පොඩි පොඩි ගනනුත් නෙවේනෙ..ඒ එක්කම පාර්සල් තැපෑලට දාපු රෙජිස්ටර් බිල්ස්..ඒ එක්කම රකුසට අර මුදල් යැව්ව ට මට ලැබුන කුවිතාන්සියත් ඒකෙ තිබුන..තව මොනාද කතා...අම්ම ඒ ඔක්කොම අත් අඩංගුවට අරන් තිබුන...හැබැයි රකුසගෙ ලිපිනය තිබුනෙ නම් ජාඇල තැනක...
මම බලන් උන්න උන්න මේ ගැන මගෙන් අහන පාටක් නැහැ දිනෙන් දිනම මගෙ භයත් කුතුහලයත් වැඩි උනා..මෙයාල මට හොරෙන් මොකක්ද කරන්නෙ යන්නෙ කියල..අන්තිමේදි මම ම තීරනය කලා මේ ගැන අම්මගෙන් අහන්න....


මගේ දේවල් ඇවිස්සුවෙ ඇයි කියල බොරු තරහක් මවාගෙන මම අම්මගෙන් ඇහුව ඇයි මගෙ අල්මාරිය ඇවිස්සුවෙ කියල..ඔන්න එවෙලෙ තමා යුද්ධෙ පටන් ගත්තෙ...!!!


යුද්ධෙ එවෙලෙට අවසන් උනේ මම ගේ දෙවනත් වෙන්න කෑගහල ඇඬීමෙනුත් අම්මගේ තර්ජන ගර්ජන සමගම අය්යලා සමග මේ බව කතාකොට නීතිමය තීරනයක් ගන්නා බවත් අම්මා තරයේම පවසා සිටීමෙන් පසුවයි.....


ඒ අවස්තාවෙ අම්ම කිව්ව දෙයක් මට තදින්ම හිතට වැදුනා....''...අඩුම ගානෙ රස්සාවක් වත් නැති එකෙක්ලු...''
''...ඈහ් ! රස්සාවක්  නෑහ්?...'' මට ඒක විශ්වාස කරන්නම බැරි උනා..!!
''...ඔව් ඇයි ඉහල තැනක ලොක්කෙක් කියලද රවට්ට ගත්තෙ...?''
එතනින් එහාට ම්ම කතා කලේ නැහැ..මට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙත් නැහැ..ඉදිරි දින වල අයියල දෙන්න ගෙදර එන්නට නියමිතව තිබුන සමර් නිවාඩුව සඳහා..මට ඉතාම නොසන්සුන් කාලයක් උදාවෙමින් තිබුනා......


රකුස එකපාරම ඔන්ලයින් ඇවිත් හරිම සතුටින් කිව්ව ''...මට නෙට් හම්බ උනා ඔන්න අද ඉඳන් මට එන්න පුලුවන් වෙනදා වගේ...'' කියල.මෙච්චර කාලයක් හැංගිලා ඉඳන් මේ එක පාරම මතු උනේ වෙන මොනාටවත් නෙවේ ආයෙමත් බොරු මල්ලක් ඇදබාල මාව රවට්ටගෙන අපේ ගෙදරින් බේරෙන්නයි මේ හදන්නෙ කියල මට තේරුනා..


මම ඒ උගුලට නම් අහු උනේ නැහැ..!!!! 


අයියල ආවට පස්සෙ, ලොකු අයියගෙ ලොකු දොස් මුරයකට මුහුණ දෙන්න සිදු උනා මට...මම නොදන්න දේවල් එයාල දැනගෙන උන්න.  ''...ඔය මිනිහා තාම ඔයා එක්ක කතා කරනවද?...''  මම කිව්ව ''නැහැ'' කියල........
ඉතාම පෞද්ගලික හේතු කීපයක් මත..රකුසා සම්බන්ධව මගේ අම්මගේත් අයියලාගේත් කතා,අදහස්,තීරණ සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ බ්ලොග් එකේ කිසිවක් ලිවීමට නොහැකි වීම ගැන මගෙ කණගාටුව පළකරනව..තාමත් අවසන්වී නැති මේ දේවල් ගැන ඔයාලට නොවරදවාම ඉදිරි කාලයෙදි කියන්නම්.


ඉතින්...හැම අවුරුද්දක වගේම ගිය අවුරුද්දෙත් අපි 4 දෙනා සමර් නිවාඩුවට පිටත් උනා..හොර පූසියෙක් වගේ කුරුමාණම් අල්ල අල්ල උන්නත් අම්මගෙන් රකුසගෙ ගෙදර ටෙලිපෝන් අංකය හොරකම් කර ගන්න..ඒත් අම්මගෙ දින පොතට රිංගන එක කොහෙත්ම කර ගන්න බැරි උනා....


මේ නිවාඩුව ගත්ත කරන්න පිටත් වෙලා ගිහින් දින කීපයක් ඇතුලත එක දවසක් රකුසා මා එක්ක කතාවට ආවාම මම එවෙලෙ රකුසව මගෙ ලැප් එකේ එයා උන්න හැම තැනකින්ම බ්ලොක් කරල අහකට දැම්මා..ෆේස් බුක් එකේ තිබ්බ අපේ රිලේශන් ෂිප් එක පවා එවෙලෙ අහක් කරල දැම්ම..මගෙ පවුලෙ අයත් එක්ක සැණසීමෙන් ඒ නිවාඩුව ගත්ත කරන්න ඕන නිසා රකුසව ආයෙ නොපෙනෙන්නම මගෙ ලැප් එකෙන් මගෙ ජීවිතෙන් අහකට වීසි කලා......!!

සමර් නිවාඩුව නිම වෙලා අපි ආපසු ගෙදර ආව අයියල දෙන්න එයාලගෙ රැකියාවල් වලට පිටත් උනා..දවසක් අම්ම බාත් රූම් එකේ ඉන්න වෙලාවෙ මම හෙමින්ම අම්මගෙ ඩයරිය පිටු පෙරලන්න ගත්ත..අම්ම රකුසගෙ ගෙදරට කතා කලා කිව්ව දින වල ඩයරියෙ පිටු දෙකක් මැද තිබුන පොඩි කොල කෑල්ලක රකුසගෙම වාසගමත් එක්ක වෙන නමක් එක්ක දුරකතන අංකයක්..මම ඒක අතේ ලියාගෙන හෙමින් මාරු උනා.......


සැප්තෙම්බර් මාසෙ මට අලුත් රැකියාවක් ලැබුනා.. අම්ම වැඩ කරන ආයතනයේම වෙනත් අංශයක..කලින් රැකියාවට වඩා වැඩි වැටුපක් ලැබුනත් කලින් තිබ්බ ඒ නිදහස නම් අම්මගෙන් මට ලැබුනෙම නැහැ..


සති කීපයක් පුරාම අවස්ථාවක් හොය හොය උන්න මම දවසක් අර දුරකථන අංකයට ඇමතුමක් ගත්තෙ බියෙන් ගැහි ගැහි..ලංකාවෙන් පිළිතුරු දුන්නෙ රකුසගෙ අයිය..


මම අපේ ගෙදර අම්ම අයියලගෙ පෞද්ගලිකත්වය රකිනවා වගේම රකුසගෙ පවුලෙ අයගෙත් පෞද්ගලිකත්වය  හෙලිකරන්නවත් මගෙ මේ කතාවෙන් කිසිම අයුරකින් එයාලට අපහාසයක් අසාධාරනයක් වෙන විදියෙ දේවල් ලියන්නවත් මගෙ බ්ලොග් එක පාවිච්චි කරන්නෙ නැහැ...මේක මාත් රකුසත් අතර ප්‍රශ්නයක් විතරයි...!!


ඉතින්...ඒ අයියත් එක්ක කතා කල මුල් දවසෙම මාව තුශ්නිම්භූත උනා...මාව කරකවල කරකවල අත් ඇරිය වගේ උනා...මාව ජීවිතේ කවදාවත් නැති තරම් කම්පනයකට පත් උනා....!!!!


අනේ මම හරියට අසරණ උනා..!!!!

Sunday 1 April 2012

කෙහෙල් ගහට කොටපු දාට.......................!!



(අළු පාට හැන්දෑව.32)


ඒ 2011 මාර්තු මාසෙ......මම කලින් කිව්ව වගේ,ජනවාරි මාසෙ 28 දින මම රකුසගෙ මූණ දැක්ක අවසාන වතාව වගේම කටහඬ අහපු අවසාණ වතාව...ඊට පස්සෙ රකුස කලේ මම ඔන්ලයින් ඉන්නව දැක්කාම වරින් වර ඇවිත් ගූග්ල් චැට් එකෙන් මාව රන්ඩුවට පටලව ගන්න හදපු එක විතරමයි.........

මාර්තු මාසෙ අග වෙද්දි මගෙ පලමු රැකියාවෙ අවුරුද්දක කොන්ත්‍රාත් කාලය අවසන් වෙමින් තිබුනා..නැවත වසර 2 ක කොන්ත්‍රාත්තුවක් යටතේ රැකියාව කිරීමට අවස්තාව ලැබුනා..ඒත් අපේ ගෙදර හැමෝගෙම අදහස උනේ මම ටික කලකට රැකියාවෙන් ඉවත් වී අම්මා සමග ගෙදර පැමිණිය යුතු බව.........

අම්මගේ අදහස උනේ පිරිමි ලමයින්ට එයාලගෙ රැකියාවල වගකීම්..පුද්ගලික ජීවිතයේ නිදහස..විවේකය අවශ්‍ය බවත්..ඒ නිසා මගේ වගකීම සම්පූර්ණයෙන් අයියලාට බාරදිය නොහැකි බව....අයියල දෙන්නගෙ අදහස උනෙත් මා අම්මා සමග යා යුතු බව.........

''..ඔයාලට දැන් මාව කරදරයක් වෙලානෙ..ඒකනෙ මාව එපා උනේ?..'' මම කිව්වෙ ගොඩාක් දුකෙන්...
''..අපිට ඔයාව එපා වෙලා නෙවේ..ඔයා ඉන්න විදිය අපිට බලාගෙන ඉන්න බැහැ..ඔයා මුස්ලිම් කෙල්ලෙක් වගේ කාමරෙන් එලියට එන්නෙ නැහැ..හරියකට කෑම කන්නෙ නැහැ..හැමදාම ඔයා අසණීපෙන්..බලන්න ඔයාගෙ හැටි..ඇඟේ කටු ටික හැලෙන්නෙ නැතුව තියෙන්නෙත් යාන්තම් හම නිසා..යන්න ගෙදර ටික දවසකට..'' ලොකු අයිය කිව්වෙත් තරහින්....
''..එතකොට මගෙ රස්සාව..?''
''..ගෙදර ගිහින් ටික දවසක් රෙස්ට් එකේ ඉන්න අම්ම එක්ක..මම තව හොඳ ජොබ් එකක් සෙට් කරන්නම් ඊට පස්සෙ..රස්සා කරන්න කලින් මනුස්සයෙක් වගේ වෙලා ඉන්න..''.....
හ්ම්ම්ම්...ඊට පස්සෙ මම අම්ම එක්ක ගෙදර ආව...ගෙදර ජීවිතේ..අම්ම උදේ වැඩට යනවා මම දවල් වෙනකම් නිදා ගන්නව..කනව බොනව නිදාගන්නව ඔහේ දවස ගත වෙනවා...
මේ කතාව මුල ඉඳන් බලපු අය ට මතක ඇති මම කිව්ව මම රකුසා නිසා අනිත් අයගෙන් වෙන් වෙලා එයාලව මග ඇරලා මගෙ කාමරේටම වෙලා තනි වෙලා ඉන්න පුරුදු උන හැටි..රකුසයි ලැප් එකයි විතරක් ඒ දවස්
වල මගේ ජීවිතයම උන හැටි...
මම ආදරේ කරපු තරම්..ඒ වෙනුවෙන් කරපු කැපකිරීම්..නිදි මරාගෙන දුක් වින්ඳ තරම්..මගේ කාලෙ නාස්ති කරපු තරම්...ඒත් අන්තිමට මට සිදු උන දේ..මාව රවට්ටපු අසික්කිත විදිය..තනියම ගෙදරට වෙලා ඉන්නකොට මේ ඔක්කොම ආයෙමත් ආයෙමත් මට  කල්පනා වෙන්න ගත්ත..කාටවත් කියා ගන්න බැරුව..කියන්න කෙනෙක් නැතුව තනියම හිතේ දරාගෙන තද කරන් ලොකු මානසික පීඩනයකට පත් වෙලා උන්නෙ මම...අවුරුද්දක් පුරා සිද්ද උන හැම දෙයක්ම මගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත....
ඒ වගේම පහත්ම විදියෙ රැවටීමකට ලක්වීමෙන් ඇති උන ලැජ්ජාව..වේදනාව කේන්තිය මේ සියල්ලම මාව නොසන්සුන් පුද්ගලයෙක් බවට පත් කලා...මම ගොඩාක් නපුරු උනා...නිතරම අප්‍රසන්න හැඟීම් හිතේ පුරවගෙන ඉන්නකොට පුංචිම දේකටත් තරහ එනවා..වෙලාවකට කාමරේ දොර වහන් මම මහා හයියෙන් කෑගහල ඇඬුවා...අතට අහුවෙන දේවල් සී සීකඩ විසි කලා..අම්ම එක්ක කිසිම හේතුවක් නැතුව තරහ උනා.......................

2011 අප්‍රියෙල් මාසෙ....
අම්ම වැඩ කරන ආයතනයෙන් තවත් සංවිධාන කීපයක් සමග එකතුවෙලා කරන සමාජසේවා වැඩ සටහනක් සඳහා කිහිප දෙනෙකුට පිට රටකට යන්න සිදු උනා හැම වසරකම වගේ..මේ පාර අම්ම ඒ ගමනට එක් උන නිසා මාවත් එක්ක යන්න අවසර ලබාගෙන තිබුන..කතෝලික ආගමේ දේවගැති වරු සහ කන්‍යා සොයුරියන් කීප දෙනෙකුත් මේ ගමනට එක් උනා...
අප්‍රියෙල් මාසෙ 10 වෙනිදා මම ඒ ගමන පිටත් උනේ මගේ යාලුවන්ටවත් කිසිම කෙනෙකුට නොකියා..මගේ ලැප්ටොප් එක ගෙනියන්න අම්ම අවසර දුන්නෙ නැහැ..ඒ වගේම කිසිම කොම්පියුටර් එකකට අත් තැබීමට මට අවස්තාවක් ලැබුනෙ නැහැ..මම ඒ ගැන උනන්දු උනෙත් නැහැ.....මම උවමනාවෙන්ම කොම්පියුටර් මග ඇරල උන්න කිව්වොත් තමා වඩා හරි......
අපි ආපසු ගෙදර ආවෙ මැයි මාසෙ 9 වෙනිද...ඔන්ලයින් ආවාම දැක්කෙ මගෙ යාලුවො ගොඩාක් කලබල වෙලා තිබුනා මාව දකින්න නැතුව(මම කැමති අකමැති යාලුවො ඔක්කෝම වගේ.)මාව හොයල..මට පණිවිඩ පිට පණිවිඩ එවල..ඒ වගේම මට බැනලා.........

ඒත් රකුස ගෙන් නම් එකම එක වචනයක් වත් මට තිබුනෙ නැහැ...(අනේ වාසනාවන් ඒකි මැරෙන්න ඇති දැන් මට සැණසීමෙන් තව බිස්නස් එකක් පටන් ගත්තෑකි කියල හිතල සතුටින් ඉන්න ඇති.)
ඔන්න බලන්න යාලුවනේ මේකෙන්ම හිතා ගන්න පුලුවන් නේද මේ රකුස මොන වර්ගයේද කියල?
අපි නම් දවසක් හරි ඇසුරු කරපු,, යාලුවෙක් නෙවේ තරහ කාරයෙක් උනත් එක පාරම අතුරුදහන් උනාම නිකමට හොයල බලනව නේද??
මෙන්න මේ වගේ මිනිහෙකුට මම ආදරේ කලේ..පන දෙන්න ගියෙ..!!!!
මේ ලෝකෙ ඉන්න අන්තිම ජරාම මිනිහටයි මම ආදරේ කලේ,,මෙහෙම එකෙකුටනෙ මම රැවටුනේ කියල මට තවත් වරක් හිතුනා....!!!!

රකුස අතුරුදහන් වෙලා යන්නම ගිහින් තිබුන......විශේෂ දේකට තිබුනෙ රකුස ලියාගෙන ගිය ''ආදර කතාව'' බොරු බ්ලොග් එක 'ආරාධිතයින්ට පමනක්' බලන්නට හැකි වන විදියට වෙනස් කරල තිබුන..........
ඔය අතරෙම මම දැක්ක රකුසගෙ 'ට්වීටර් එකවුන්ට්' එක.. රකුස ප්‍රසිද්ධ 'වියෝ ගීත' වල පද පේලි ලියනවා දිගට හරහට ඒකෙ..ආදරෙන් පැරදුන නියම අවංක ප්‍රේමවන්තයෙක් වගේ...හිකිස්...!!


ඊට ටික දිනකට පසු මම ඔන්ලයින් ඉන්න වෙලාවක රකුසා ආව..මොකුත්ම නොදන්න නොවුන විදියට අහනව මගෙන් චැට් එකෙන්..
''..හායී..කෝමද? ඔයා ඉන්විසිබල්ද ඉන්නෙ?..''
මට එවෙලෙ ආපු කේන්තිය...''..ඉන්විසිබල් ඉන්න? ඇයි මම මොකාට බයේද ඉන්විසිබල් ඉන්නෙ?..හැංගිලා ඉන්න ඕන දේවල් මම කරල නැහැනෙ..''
''..මට නෙට් එන්න බැහැ..අපේ ගෙදර ඉන්ටර්නට් නැහැ..'' රකුස කිව්වා...
''..ආ හැබෑද..ඒකද අර ට්වීටර් එකේ ශෝක ගීත ගයන්නෙ?..''
''..ඒවා කලේ පෝන් එකෙන්..''..එහෙම කියල ආයෙමත් රකුස අතුරුදහන් උනා.........

ඊට ටික කාලෙකට පස්සෙ ඔන්න රකුස ආයෙමත් මතු උනා...එදා එයාගෙ ප්‍රශ්නෙ මෙහෙම..''..හායී..ඔයා කවියක්ද අර ලියල තියෙන්නෙ..?''
''..මොන කවියද කොහෙද?..'' මම ඇහුවා..
''..අර ගූග්ල් බුස් එකේ..ලස්සනයි ඒක..''
''..ඕ.කේ..තෑන්ක්ස්..''(මම බුස් එකේ ලියල තිබුනෙ කවියක් නෙවේ ප්‍රසිද්ධ ගායකයෙකුගෙ සින්දුවක් ඒක.) හිකිස්..!!!!

මාසයක් විතර පහු උනා......
දවසක් රකුස ඔන්ලයින් උන්න මම එනකම්...මාව දැක්ක විතරයි උමතුවෙන් වගේ බනින්න පටන් ගත්ත (චැට් එකෙන්.)
 

''..දැන් හරිද? සතුටුද? මට මේ දේ කරන්නම නේද හිටියෙ..ඉවසිල්ලක් නැතුව නේද උන්නෙ මට මේක කරන කම්?පෙරුම් පුරාගෙන නේද උන්නෙ ඕකට නේද?ඔහෙට සතුටුද දැන්?...''
මම හිතුවෙ රකුසට පිස්සුව තද වෙලා කියල.. මාත් ඔහේ බලාගෙන උන්න එයාගෙ චැට් පේලි දිහා මොනාවත් හිතා ගන්න බැරිව...
මට බැනගෙන ගියෙ අන්තිම කැත විදියට....
අගක් මුලක් නැති මේ කතාව අවසානෙදි මම ඇහුවා මොකක් ගැන්ද මේ කියන්නෙ..මොකක්ද ඔහෙට වෙලා තියෙන්නෙ කියල......

''...ඔයාලගෙ අම්ම අපේ ගෙදරට කතා කරල..අපේ අයිය එක්ක කතා කරලා..කෝමද ඒක කලේ..? කෝමද එයා මම ගැන දන්නෙ..?ඇයි මට එහෙම කලේ?..''

රකුස පිස්සුවෙන් වගේ කියවන්න ගත්තෙ...මට රකුසව විශ්වාස කරන්න බැරි උනා..අපේ අම්ම?? ..නෑ.. වෙන්න බැහැ..!!
කිසිම දෙයක් හිතා ගන්න බැරුව මාව ගල් උනා...මගෙ අත්දෙක පන නැතුව ගියා........!!