My Blog List
Saturday, 7 April 2012
නිදහසේ නිවාඩුවක්...!!
(අළු පාට හැන්දෑව 33.)
''...අපේ අම්ම කෝමද ඔයාලගෙ අයව දන්නෙ?? මේක නම් හෙන කෙබරයක් ඔයාගෙ !!...''
මම කිව්වාම රකුසට හොඳටම තද උනා....මට බැනගෙන බැනගෙන ගියා...මට චෝදනා කලා..මට අපහාස කලා මමලු ඒක කෙරෙව්වෙ අපේ අම්මට කියල...ඇයි දෙවියනේ මම දන්නවද එයාගෙ ගමවත් අඩුම ගානෙ? දවසක් අය්යගෙ නම මොකක්ද කියල ඇහුවාමත් රකුස කිව්වෙ හෙන කෙබරයක්...!
''...හා හොඳයි දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? අම්ම මොනාද කියල තියෙන්නෙ අය්යට..?''
''...මම දන් නෑ..අය්ය මට කිව්ව '---' කියල ගර්ල් කෙනෙක්ගෙ අම්ම කතා කලා..මගෙන් ඇහුවා කවුද '---'කියන්නෙ කියල...''
''...ඉතින්..?''
''...ඉතින් මම කිව්ව මම එහෙම කෙනෙක්ව දන්නෙ නැහැ කියල...''
''...ආහ් ! එහෙමද? එතකොට එහෙනම් දැන් ඔයාට තියන ප්‍රශ්නෙ මොකක්ද..?''
''...ඔයාගෙ අම්මට කියන්න මා එක්ක කතා කරන්න කියල අපේ ගෙදර අය එක්ක කතා කරන්න එපා කියන්න...''
(ඒ කියන්නෙ මාව තැම්බුව වගේම මගේ අම්මවත් තම්බල බේරෙන්න හිතල වෙන්න ඇති..හික්ස්..!)
''...හරි කෝ මට දෙන්නකො ඔයාගෙ අයියගෙ පෝන් නම්බර් එක..මම අයිය එක්ක කතා කරන්නම්...''
''...නෑ නෑ ඒක දෙන්න බැහැ..ඔයා ඔයාගෙ අම්මට කියන්න කතා කරන්න එපා කියල..මට දැන් මේ ගෙදරින් යන්න වෙලා තියෙන්නෙ..මාව එලවනව යන්න කියල..ඔයා මට මේ දේ කලේ..මේකනෙ කරන්න ඕන වෙලා තිබ්බෙ නේද?...''
අම්ම මා එක්ක ඒ සම්බන්ධව එක වචනයක් කතා කලේ නැහැ..කතා කලා නම්,බැන්න නම් ,මට ගැහුව නම්,ඒක ඉවස ගන්න පුලුවන් මේ නිහඬ බවට වඩා..මට අම්මට මූණ දෙන්න බැරි බවක් දැනුනා..ලොකු වරදක් කරල අහුනාම ඇතිවන භය,ලැජ්ජාව වගේම අම්මලාව රැවටීම මට දරා ගන්න බැරි උනා....
ඒ වගේම ප්‍රශ්න දහසක් එක්ක කෝමද කල් ගෙවන්නෙ? අම්මල මේක දැනගත්තෙ කෝමද..කොයිතරම් දුරට මේවා ගැන දන්නවද..ඇයි මගෙන් අහන්නෙ නැතුව එහෙම කලේ?..
හදිසියෙම මට මතක් උනේ..මගෙ අල්මාරිය..!!!!
හරි ඒක තමා..අම්ම මගෙ රෙදි අල්මාරිය ඇරල ඔක්කෝම අවුස්සල තිබුනා..මගෙ අල්මාරියෙ තිබුන ලස්සන හිස් චොක්ලට්ස් පෙට්ටියක්..ඒකෙ මම අරන් තියල තිබ්බ මට වැදගත් කියල හිතින පොඩි පොඩි දේවල්..රකුසට යැව්ව හැම දේකම ගත්ත බිල්ස් රෙසිප්ට්ස් ඒ ගත්ත දේවල් වල එල්ලල තිබ්බ ලස්සන බැජ් වගේ දේවල් ඔක්කොම ඒකෙ තිබුන..ඒ බිල් වලට ගෙවල තිබුනෙ පොඩි පොඩි ගනනුත් නෙවේනෙ..ඒ එක්කම පාර්සල් තැපෑලට දාපු රෙජිස්ටර් බිල්ස්..ඒ එක්කම රකුසට අර මුදල් යැව්ව ට මට ලැබුන කුවිතාන්සියත් ඒකෙ තිබුන..තව මොනාද කතා...අම්ම ඒ ඔක්කොම අත් අඩංගුවට අරන් තිබුන...හැබැයි රකුසගෙ ලිපිනය තිබුනෙ නම් ජාඇල තැනක...
මම බලන් උන්න උන්න මේ ගැන මගෙන් අහන පාටක් නැහැ දිනෙන් දිනම මගෙ භයත් කුතුහලයත් වැඩි උනා..මෙයාල මට හොරෙන් මොකක්ද කරන්නෙ යන්නෙ කියල..අන්තිමේදි මම ම තීරනය කලා මේ ගැන අම්මගෙන් අහන්න....
මගේ දේවල් ඇවිස්සුවෙ ඇයි කියල බොරු තරහක් මවාගෙන මම අම්මගෙන් ඇහුව ඇයි මගෙ අල්මාරිය ඇවිස්සුවෙ කියල..ඔන්න එවෙලෙ තමා යුද්ධෙ පටන් ගත්තෙ...!!!
යුද්ධෙ එවෙලෙට අවසන් උනේ මම ගේ දෙවනත් වෙන්න කෑගහල ඇඬීමෙනුත් අම්මගේ තර්ජන ගර්ජන සමගම අය්යලා සමග මේ බව කතාකොට නීතිමය තීරනයක් ගන්නා බවත් අම්මා තරයේම පවසා සිටීමෙන් පසුවයි.....
ඒ අවස්තාවෙ අම්ම කිව්ව දෙයක් මට තදින්ම හිතට වැදුනා....''...අඩුම ගානෙ රස්සාවක් වත් නැති එකෙක්ලු...''
''...ඈහ් ! රස්සාවක් නෑහ්?...'' මට ඒක විශ්වාස කරන්නම බැරි උනා..!!
''...ඔව් ඇයි ඉහල තැනක ලොක්කෙක් කියලද රවට්ට ගත්තෙ...?''
එතනින් එහාට ම්ම කතා කලේ නැහැ..මට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙත් නැහැ..ඉදිරි දින වල අයියල දෙන්න ගෙදර එන්නට නියමිතව තිබුන සමර් නිවාඩුව සඳහා..මට ඉතාම නොසන්සුන් කාලයක් උදාවෙමින් තිබුනා......
රකුස එකපාරම ඔන්ලයින් ඇවිත් හරිම සතුටින් කිව්ව ''...මට නෙට් හම්බ උනා ඔන්න අද ඉඳන් මට එන්න පුලුවන් වෙනදා වගේ...'' කියල.මෙච්චර කාලයක් හැංගිලා ඉඳන් මේ එක පාරම මතු උනේ වෙන මොනාටවත් නෙවේ ආයෙමත් බොරු මල්ලක් ඇදබාල මාව රවට්ටගෙන අපේ ගෙදරින් බේරෙන්නයි මේ හදන්නෙ කියල මට තේරුනා..
මම ඒ උගුලට නම් අහු උනේ නැහැ..!!!!
අයියල ආවට පස්සෙ, ලොකු අයියගෙ ලොකු දොස් මුරයකට මුහුණ දෙන්න සිදු උනා මට...මම නොදන්න දේවල් එයාල දැනගෙන උන්න. ''...ඔය මිනිහා තාම ඔයා එක්ක කතා කරනවද?...'' මම කිව්ව ''නැහැ'' කියල........
ඉතාම පෞද්ගලික හේතු කීපයක් මත..රකුසා සම්බන්ධව මගේ අම්මගේත් අයියලාගේත් කතා,අදහස්,තීරණ සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ බ්ලොග් එකේ කිසිවක් ලිවීමට නොහැකි වීම ගැන මගෙ කණගාටුව පළකරනව..තාමත් අවසන්වී නැති මේ දේවල් ගැන ඔයාලට නොවරදවාම ඉදිරි කාලයෙදි කියන්නම්.
ඉතින්...හැම අවුරුද්දක වගේම ගිය අවුරුද්දෙත් අපි 4 දෙනා සමර් නිවාඩුවට පිටත් උනා..හොර පූසියෙක් වගේ කුරුමාණම් අල්ල අල්ල උන්නත් අම්මගෙන් රකුසගෙ ගෙදර ටෙලිපෝන් අංකය හොරකම් කර ගන්න..ඒත් අම්මගෙ දින පොතට රිංගන එක කොහෙත්ම කර ගන්න බැරි උනා....
මේ නිවාඩුව ගත්ත කරන්න පිටත් වෙලා ගිහින් දින කීපයක් ඇතුලත එක දවසක් රකුසා මා එක්ක කතාවට ආවාම මම එවෙලෙ රකුසව මගෙ ලැප් එකේ එයා උන්න හැම තැනකින්ම බ්ලොක් කරල අහකට දැම්මා..ෆේස් බුක් එකේ තිබ්බ අපේ රිලේශන් ෂිප් එක පවා එවෙලෙ අහක් කරල දැම්ම..මගෙ පවුලෙ අයත් එක්ක සැණසීමෙන් ඒ නිවාඩුව ගත්ත කරන්න ඕන නිසා රකුසව ආයෙ නොපෙනෙන්නම මගෙ ලැප් එකෙන් මගෙ ජීවිතෙන් අහකට වීසි කලා......!!
සමර් නිවාඩුව නිම වෙලා අපි ආපසු ගෙදර ආව අයියල දෙන්න එයාලගෙ රැකියාවල් වලට පිටත් උනා..දවසක් අම්ම බාත් රූම් එකේ ඉන්න වෙලාවෙ මම හෙමින්ම අම්මගෙ ඩයරිය පිටු පෙරලන්න ගත්ත..අම්ම රකුසගෙ ගෙදරට කතා කලා කිව්ව දින වල ඩයරියෙ පිටු දෙකක් මැද තිබුන පොඩි කොල කෑල්ලක රකුසගෙම වාසගමත් එක්ක වෙන නමක් එක්ක දුරකතන අංකයක්..මම ඒක අතේ ලියාගෙන හෙමින් මාරු උනා.......
සැප්තෙම්බර් මාසෙ මට අලුත් රැකියාවක් ලැබුනා.. අම්ම වැඩ කරන ආයතනයේම වෙනත් අංශයක..කලින් රැකියාවට වඩා වැඩි වැටුපක් ලැබුනත් කලින් තිබ්බ ඒ නිදහස නම් අම්මගෙන් මට ලැබුනෙම නැහැ..
සති කීපයක් පුරාම අවස්ථාවක් හොය හොය උන්න මම දවසක් අර දුරකථන අංකයට ඇමතුමක් ගත්තෙ බියෙන් ගැහි ගැහි..ලංකාවෙන් පිළිතුරු දුන්නෙ රකුසගෙ අයිය..
මම අපේ ගෙදර අම්ම අයියලගෙ පෞද්ගලිකත්වය රකිනවා වගේම රකුසගෙ පවුලෙ අයගෙත් පෞද්ගලිකත්වය හෙලිකරන්නවත් මගෙ මේ කතාවෙන් කිසිම අයුරකින් එයාලට අපහාසයක් අසාධාරනයක් වෙන විදියෙ දේවල් ලියන්නවත් මගෙ බ්ලොග් එක පාවිච්චි කරන්නෙ නැහැ...මේක මාත් රකුසත් අතර ප්‍රශ්නයක් විතරයි...!!
ඉතින්...ඒ අයියත් එක්ක කතා කල මුල් දවසෙම මාව තුශ්නිම්භූත උනා...මාව කරකවල කරකවල අත් ඇරිය වගේ උනා...මාව ජීවිතේ කවදාවත් නැති තරම් කම්පනයකට පත් උනා....!!!!
අනේ මම හරියට අසරණ උනා..!!!!
Subscribe to:
Post Comments (Atom)
ඔයාගෙ අම්මා හරි බුද්ධිමත්.. එහෙම සෙවිල්ලෙන් ඉදලා මේවා හොයාගත්තු එකම හොදයි!!! ඒකෙන් මොකක්හරි හොදක් වෙනවානෙ.. නැත්තම් මේවා කොහෙන් කෙලවර වෙයිද ද්න්නෙ නෑනෙ..
ReplyDeleteරකුසාගෙ අයියා මොනාද කිව්වෙ? :O
ඔව් අපේ අම්ම කවදත් කිසි දේකට කලබල වෙන්නෙ නැහැ..අයියගෙන් දැනගත්ත දේවල් ඉක්මනින් කියන්නම්....:)
Deleteඒ මොකද?
ReplyDeleteඒ මොකද කියන්නෙ??
Deleteරාජ් හොරා කියවන්නෙ නැතිව කමෙන්ට් කොරලා.. :))
Delete//ඉතින්...ඒ අයියත් එක්ක කතා කල මුල් දවසෙම මාව තුශ්නිම්භූත උනා...මාව කරකවල කරකවල අත් ඇරිය වගේ උනා...මාව ජීවිතේ කවදාවත් නැති තරම් කම්පනයකට පත් උනා....!!!!
Deleteඅනේ මම හරියට අසරණ උනා..!!!!//
මේ මොකද වෙන්න යන්නෙ කියල බැලුවෙ.(එන්න එන්නම කුතුහලය වැඩිවෙනව)
හෙ..හේ...මට හිතුන ඔයාගෙ ප්‍රශ්නෙ අවසානෙට මම ලිව්ව දේ ගැන තමා කියල...සෑම්ගෙ විහිලු ගනන් ගන්න එපා..:)
Deleteමෙයා සෑමාගේ විහිළු ගැන දැනුවත් වගේ.. :)
Deleteමොනවා කරගන්නවද මන්දා......... මොනවා උනත් දැන් ඉතින් කෙල්ල බේරිලානේ නැති උන දේවල් ගැන කතා කරලා වැඩක් නැ ඉතින්...........
ReplyDeleteප.ලි : මේ දවස් වල බිසි ද?
කතා කරන්න තරම් දෙයක් නැති උනේ නැහැ අනේ....මම ඉතින් හැමදාම බිසිනෙ...:):)
Deleteඔයා රකුස්ගේ පෞද්ගලොක දේ නොකියන්න ගත්ත තීර්ණේ මම අනුමත කරන්නේ අර උඩින්ම තිබුන ඉදිරි "කටයුතු නිසා කියන්න බෑ" කියපු හේතුව නිසා.. නැත්නම් ඒ ගැන ලිවිම වැදගත් කියලයි මම හිතන්නේ..
ReplyDeleteනැහැ දිනේශ්...මම කිව්වෙ රකුසගෙ පෞද්ගලික දේවල් කියන්නෙ නැහැ කියල නෙවේ....රකුසගෙ පවුලෙ අනිත් අයගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනව කියල විතරයි...රකුස ගැන මම කියන්නම් ඔක්කොම ඉදිරියෙදි......
Deleteමෙයා මාර පුත්‍රයෙක් නෙ....
ReplyDeleteඔව්..මාරයෙක්...!!
Deleteඉදිරිය පැහැදිලි නැහැ.ඒත් රකුසා විඳවනවා දකින්න ඉක්මනින් පුළුවන් වෙයි ද?
ReplyDeleteරකුස දැනටමත් විඳවනවා...!
Deleteඅනේ මට රකුසා ගැන කරුණාබර හිතක් පහල උනා!! :)
ReplyDeleteඇයි අනේ ඔයා රකුසු රජෙක්ද?
Deleteඔය වෙලා තියෙන්නේ වැඩේ...
ReplyDeleteහ්ම්..හැංගි මුත්තන් කවදා හරි එලි වෙන්න ඕනනෙ......
Deleteඅවසාන හරිය වගේ නේද අක්කේ
ReplyDeleteඔව් මල්ලි තව පොඩ්ඩයි....
Deleteකිරිල්ලි රහස් පොලිසියේ කියලා හිතුනේ සැමා අයියගේ බ්ලොග් එකේ කතාවේ සුලමුල මුලින්ම හොයාගත්තු නිසා බැලින්නම් දැන් මුළු පවුලම රහස් පොලිසියෙනේ... අක්කේ ඔයා ස්කොට්ලන්ඩ්යාඩ් එකේද වැඩ කරන්නේ....
ReplyDeleteරකුසා කියන්නේ බැඳපු එකෙක් කියලවත් කිව්වද අක්කට??
ෂ්..! ෂ්..! කෑගහන්න එපා දැන් සෑම් වැලහින්නව එවනව ඔය පාර මේ පැත්තට..!!
Delete''අවජාතක කම'' (අළු පාට හැන්දෑව 30.) පෝස්ට් එක ආයෙමත් ගිහින් බලල එන්නකො..එතකොට ඔයාට යමක් තේරේවි..!
කියෙව්වෝ.... බයේ බෑ අප්පා
Deleteභය වෙන්න එපා මල්ලී..මේ අක්ක බොහෝම යුක්ති සහගතව හිතන කෙනෙක්...හී.හී..!
Deleteමේ වගේ වෙලාවට තමා පවුලේ අයගේ අගේ තේරෙන්නේ.
ReplyDeleteඔව්..මට ඕන කරන මේ ලෝකෙ හැම දෙයක්ම දුන්න මගේ පවුලෙ අයට ආයෙ කවදාවත් මම දුකක් දෙන්නෙ නැහැ.......
Deleteදකින්න බලාපොරොත්තු වෙච්ච විදිහේ අවසානයක් ලැබේවා කියල පතනවා...
ReplyDeleteඒ කියන්නේ ඒ වගේ අසමජ්ජාතියෙකුට දඬුවමක් ලැබෙන විදිහේ එකක්...
ඔයා කියපු විදිහට ඌ විඳවනවානම් ඒකත් මදෑ... :)))
මම එයාට දෙන්න තියන හොඳම දඬුවම දෙනවා ෂුවර් එකටම..............
Deleteඅදමයි මේ පැත්තෙ ආවෙ... කව්ද මේ රකුසා??? මට නම් අන්තෝ ජටා බහි ජටා වගේ... පේන විදියට ගලාගෙන ගියපු කතාවක අග හරිය වගේ...
ReplyDeleteකතාව මුල ඉඳන් හෙමින් කියවගෙන එන්නකො..එතකොට ඔයාට වැටහේවි.....:) ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට..!
Deleteතව ටික කාලයක් රකුසා එක්ක තිබිබ සමිබන්ධය ඉස්සරහට කරගෙන ගියා නමි ඔයාට ඊට වඩා කමිපනයක් දැනෙන්න තිබිබා. කොහොම උනත් ඔයාගේ අමිමා හොද බුද්ධිමත් තීරණයක් අරන් තිබිබ වගයි පේන්නේ. දැන්වත් මෙි වගේ යන එන ගමන් ජිවීතයට ගොඩ වෙන අය ගැන කල්පනාවෙන් ඉන්න...
ReplyDeleteහ්ම්ම්.ඔව්. ආත්ම ගානකට ඇතිවෙන පාඩමක් ඉගෙන ගත්තා.....
Deleteඅනෙ අම්මෝ....අම්ම ඔයාගැන හෙවිල්ලෙන් හිටපු එක හොඳට ගියා නේද අක්කියෝ.......
ReplyDeleteඔව්..මම උන්නෙ අම්ම ලඟ නෙවේ ඒකයි මේ තරම් දුරක් උනත් ගියෙ මේ කතාව......
Deleteහ්ම්ම් අදනම් කිරිල්ලි හිත පිරෙන්න ගොඩක් ලියල තියනවා.
ReplyDeleteඑතකොට දැන් රකුසට දඬුවම් ලැබිල ඉවරද?
හෙ.හේ ඔහොම ඉන්නකො පොඩ්ඩක් මම කියන්නම්....
Deleteඇයි රකුසගෙ වැරදිම ලියන්නේ.. ? පොරගේ හොදක් ඇත්තෙම නැද්ද ?
ReplyDeleteමේකට කිරිල්ලි උත්තර දෙන්න කළින් මම පොඩි උත්තරයක් දෙන්නම්...
Deleteමේක මේ මොරටුව දිහාවේ කැම්පස් එකක වෙච්ච ඇත්ත කතාවක්...
88, 89 භීෂණ සමයේ එස්ලෝන් බටය ඇතුලට කටු කම්බියක් දාල කොල්ලන්ට දීපු දඬුවම මතක තියෙනවද....
මතක නැත්නම් අඩු ගානේ අහලවත් ඇති නේද...
(අහලත් නැත්නම් මම පස්සේ කියන්නම්)
භීෂණ සමයේ කැම්පස් එකේ එක කොල්ලෙක් අනිත් උන්ට කිව්වලු "මොනවා උනත් ඒකෙත් චුටි හරි ආතල් එකක් ඇති නේද බං" කියලා...
උඹගේ කමෙන්ට් එක දැක්කම මට ඒ කතාව මතක් උනා...:)
ආතල් එකක් තිබුනත් රිදෙන රිදිල්ලට ආතල් එක මතක හිටින්නේ මොන යකාටද බං...
හක හක හක....ලොකු පුතාගෙ කමෙන්ට් එක දැකල මම හිනා කාල මැරුන..!!
Deleteඇත්තම කියනවා නම් සෑම් එයා අහිංසක,විනීත,ගුනගරුක,නීතිගරුක,වැදගත්,උගත් මම හිතාගෙන පතාගෙනම ආපු විදියෙ..මටම මවපු හොඳම කෙනා මේ ලෝකෙ උන්න...ඒකනෙ ඉතින් පන දීගෙන උන්නෙ..අම්මලටත් හොරෙන් මොන තරම් දේවල් කරාද මම...ඒකනෙ නියම ආතල් එක සෑම්..!!ආතල් එක කොච්චරද කියනවා නම්,මගෙ ආගමත් අත ඇරල බැරිම අවස්ථාවක් උනොත් මේ තරම් මම වෙනුවෙන් දුක් වින්ද දෙමාපියන්ටත් පිටු පාල ඒ ආතල් එක පස්සෙම යන්නත් මම හිතා උන්නනෙ.....හික්ස්..!!
ලොකු පුතාගෙ කතාව ඇත්ත..
Deleteඒත් කිරිල්ලියේ කතාව අතර පොඩිම හරි හොද ගුණයක් තියෙනව නම් දාන්න. එතකොට හිතෙනවා දෙන්නම ආදරේ කරල තියෙන බව මොහොතක් හරි. නැත්තං සමහර වෙලාවට මට හිතෙනවා මේක තරහට ලියන එකක් කියලා.
ජය !
ඔයා මුල ඉඳන්ම මේ කතාව බැලුව නම් මම කියල ඇති එයාගෙ හොඳ වැඩත් හැබැයි බොහෝම කලාතුරකින් එකක් තමා...මාත් මේ දැන් කල්පනා කලා නේන්නම් ඒ ගැන...මෙන්න තියනවා....
Delete1....මට, වස්තුවේ.පැටියො.මම ආදරෙයි ඔයාට..මට ඔයාව ඕනෙ කියල කිව්වා..
2....මම අසනීප උනාම දෙවියන්ට බාර උනා කිව්ව....
3....මට සිංහල ලියන්න කියල දීල බ්ලොග් එකක් ලියන හැටිත් කියල දුන්න...
4...මට ටොරන්ට්ස් වලින් ෆිල්ම්ස් බා ගන්න හැටිත් ඒවා ඩී වී ඩී වලට ගන්න හැටිත් කියල දුන්නා..(මේ විදියට කරල මම ඩීවීඩී වලට දාපු ෆිල්ම්ස් 50 ක් එයාට පෝස්ට් කරල යැව්වා.)
5....එයාගෙ දැනුම පෙන්වන්න මට බලෙන් දේවල් උගන්වන්න අවා....ඒ අතර දවසක් මැජික් එකක් පෙන්වන්න කියල මාව නොමග යවල මගෙ ලැප් එකට රිංගන්න හැදුව මම අනූ නවයෙන් බේරුනා..එහෙම රිංගුව නම් මට තව විශාල වින්නැහියක් වෙන්න තිබුනා.....
''දෙන්නම මොහොතකට වත් ආදරේ කලා කියල''???
සැම්..ඔයා විහිලුවක් නේද ඒ කිව්වෙ?? මේ කතාවෙ ''දෙන්නෙක් ආදරේ කලා'' කියල කොහෙවත් විහිලුවකටවත් ලියවිලා තියනවද??
හ්ම්ම්..මම මේක ලියන්නෙ ''තරහට'' නෙවේ ''තරහින්''..!!!
තරහින් විතරක් නෙවේ,දුකින්..වේදනාවෙන්..පිළිකුලින් ඒ වගේම මහා ලැජ්ජාවකින්...!!!!!
මම හිතපු විදිහ වැරදි වගේ කිරිල්ලියේ.. ඔයා අවංක ආදරයක් කරලා.. ඔයාව එයා රවටල වුනත්
Delete:(
වෙලාවට අම්මට ඒවා අහු උනේ. කතාවට සම්බන්ධ නැති අයගේ කතාබහ නොපැවසීම ඇත්තෙන්ම හොඳයි.
ReplyDeleteහැබැයි රකුසා ගැන දැනගත්ත ඇත්ත අපිත් එක්ක කියන්ට හොඳේ.:D
අනිවාර්යයෙන් රකුසගෙ සියලුම විස්තර කියනව මම ඔයාලට පොඩ්ඩි....
Deleteහප්පොච්චියේ!!!
ReplyDeleteරතු අකුරින් ලියල තියෙන දේ නම් බොහොම හොඳයි.. කොහොම හරි සහෝදරයොටිකයි, අම්මයි ප්‍රශ්ණෙ දිහා බලලා තියෙන්නේ නම් බොහොම පැහැදැලියි.. මේ වගේ වෙලාවකදී වරදින්න පුළුවන් ලොකු තැනක් තමයි ඔය.. ඒ අතින් නම් ඒක වාසනාවක්..
කොහොමින් කොහොම හරි මේ වගේ දේවල් ආයෙ ඒ පුද්ගලයො අතින් නොකෙරෙන්නට වැඩක් යෙදෙනවා නම් බොහොම හොදයි කියල මම නම් හිතන්නේ...
තෑන්ක්ස් ඔයාට....ඔව් ආයෙමත් මේ වගේ දෙයක් එයාට කරන්න බැරි වෙන්න අපි දෙයක් කරනවා..............
Deletegreat please come to our site
ReplyDeleteO.K THANKS.!
Deleteමට ඉවසිල්ල නැති වෙනවා දැන් කෙල්ලේ
ReplyDeleteඉක්මනින් කියන්නම්කො.....!
Deleteඅනේ ඔව් දැන්නම් ඉක්මනින් ඉතුරු ටික ඕනා...
ReplyDeleteලියන්නම් ඉක්මනින්ම...!
Deleteඅපි දැන් අනුගමනය කරන පෞද්ගලිකත්වය ආරක්ශාකරගැනීමයි, අම්මා කරපු අල්මාරිය අවුස්සලා පෞද්ගලික දේවල් අතඩංගුවට ගැනීමයි එකට යන්නෙ නෑ වගෙ පෙනුනට අම්ම කරපු දේත් වැරදි නෑ.
ReplyDeletehenryblogwalker the Dude
අපේ ගෙදර කවුරුවත්ම මගේ දේවල් අවුස්සන්නෙ නැහැ කවමදාකවත්..ඒකනෙ භය නැතුව ඒවා ඔක්කොම අල්මාරියෙ තියන් උන්නෙ..ඒත් මම ''අමුතු කෙනෙක්'' උනාම අම්මල හැම පැත්තෙන්ම හොයන්න ඇති...මාත් අම්ම කෙනෙක් නම් මගෙ දුව ගැන එහෙම හොයනව ඒ වගේ අවස්තාවකදි..මට නංගි කෙනෙක් උන්න නම් එයා ගැනත් ඒ විදියටම හොයල බලනවා......
DeleteHi Kirilli, after long time. havent had time to come and put a little comment even. these days bit away from the lap since spending more time with my new born kid. today read all the missing part , hmm how stupid man.
ReplyDeleteAnyway happy for you since you have intelligent mom as well as brothers. keep writing this, keen to know the end of "Rakusa"
tc
Samadhi
thanks samadhi..and Congratulations on the birth of your baby..i'm really happy for you.!!
Deleteමෙච්චර කල් ගොඩාක් ආවේගයෙන් ලියපු කිරිල්ලි එක පාර සන්සුන් වුනා වගේ දැනුනා..ඇත්තටම ඔයාලගෙ අම්මල බුද්ධිමත් විදියට මේ දිහා බලපු එක ඔයාගෙ හිතට ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති .. :)
ReplyDeleteමම මීට කලින් කවදාවත් මට වත් වෙන කෙනෙකුටවත් වැරැද්දක් කරල නැහැ..මගේ පවුලෙ අය ගොඩාක් සාධාරනව හිතන අය...තෑන්ක්ස්..:)
Deleteකිරිල්ලි හොදම හරියට ඇවිත් නැවැත්තුවනේ..කමක් නෑ..හිමීට කියන්නකෝ.
ReplyDeleteඔයා හරි එක්කෙන්ක්ගේ වැරදි වලට මුලු පවුලක් පලි නෑ නේ..සමහර අයට පුංචි පුංචි මානසික දුර්වලතා තියෙනවා කාටවත් නොතේරෙන එහෙම වුනාමයි මේ වගේ තේරුම් ගන්න බැරි හැසිරීම් පෙන්නන්නේ...රකුසාත් එහෙම කෙනෙක් කියලා අනුකම්පා කරමු.
හ්ම්ම්.හ්ම්ම් ඔයා හරි..ඒත් මානසික දුර්වලතා තියනව නම් ඒකට බේත් ගන්නෙ නැතුව..රටේ ඉන්න කෙල්ලො රවට්ට රවට්ට සල්ලි හම්බ කරන එකට මොකක්ද කරන්න ඕනෙ? අනුකම්පා කරන්න..?? නෑ..මම හිතන්නෙ නැහැ...!
Deleteකිරිල්ලි එක්ක ඒ කතාවට එකඟයි. මේ පිස්සෝ නෙවෙයි. කපටි නරි. අහිංසක කෙල්ලන්ගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්නේ මොකද? කෙල්ලෝ සෙල්ලම් බඩු ද?
Deleteමේ කරපු පව එයාට ගෙවන්න වෙනවා මයි...එයා මේ ජීවිත කාලෙම කගෙන්වත් ආදරයක් නොලැබ හූල්ල හූල්ල ඉඳල මැරෙනවා..!!
Deleteහොඳ අම්මේක් නිසා දූ සිගිත්ත බෙරිලා...ඔයින්ගියා මදැ අතක්පයක් නොකැඩි..හුඟකාලෙකින් ආවේ..සුබ අලුත් අවුරුද්දක්..
ReplyDeleteහෙ.හේ...හුඟ කාලෙකින් නේන්නම්...මොකෝ උනේ? හ්ම්ම්ම්...අවුරුද්දක් පුරා මගෙ තත්වය අම්මල තේරුම් ගත්ත එක මගේ පූරුවෙ වාසණාවක්..!
Deleteඔයාටත් පවුලේ සියලුදෙනාටත් සුභ අලුත් අවුරුද්දක්...!!
හප්පේ.... ඔය වෙලා තියෙන්නේ වැඩේ... අතටම අහු වෙලා.
ReplyDeleteහැමෝම කිව්වා වගේ ඔයාගේ අම්මා හරි බුද්ධිමත්. ඒ වගේමයි, පවුලේ තේරුම් ගැනීමේ ශක්තියත් අගය කරන්න ඕනේ.
ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්න. ඉවසීමේ ශක්තිය නැති වීගෙන එනවා වගේ............
ස්තූතියි ඔයාට...අපේ ගෙදර අපි 4 දෙනා හොඳම යාලුවො වගේ..මට ගොඩාක් කණගාටුයි මේක එයාලගෙන් රහසක් කරන් උන්නට..එහෙම කලේත් රකුසගෙ කීමට..ඉක්මනින් කියන්නම් ඉතුරු ටිකත්....
Deleteලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
ReplyDeleteඔයාටත් එසේම වේවා...!!
Deleteදැන් ඔය කියන විදියට රකුසාට අම්ම කතා කරාම හාට් අටැක් එකක් එන්න බය වෙන්න ඇති නේද? මුව ගෝල්ෆේස් එකට ගෙනත් හිටවල ගල් ලෝඩ් එකක් බාල යන යන එකාට ගල ගල ගහන්න කියන්න තියෙන්නේ. අනිත් මෙහෙම උන්වත් බයවෙලා යන්න.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා.
ඔව්..ඔයා හරියටම හරි..! මේ වගේ උන්ව ප්‍රසිද්ධියේ ගල් ගහල මරල දාන්න ඕනෙ...!!
Deleteකවුරු හරි දොස් කියාවිද දන්නෙ නැහැ ''දවසක් හරි ආදරේ කරපු කෙනෙකුට මෙහෙම කියන්න එපා'' කියල.....එහෙම කියන කෙනෙකුට මම කියන්නෙ මෙච්චරයි..මම දවසක් තියා එක පැයක් වත් ඒ මිනිහට ආදරේ කලේ නැහැ..මගේ ආදරේ හොරකම් කරන් තියන් උන්න මගෙ ඇස් බැඳලා.....
ඔයාටත් ලැබුවාවූ නව වසර සැපෙන් බර දුකෙන් තොර වාසනාවන්තම එකක් වේවා..!!
ඔව්. කාට හරි එහෙම කියන්නත් හිතෙන්න බැරි කමක් නෑ. ඒත් ඔයා ඔය හොර රකුසාට දක්වපු ආදරේට ඒකා ඔයාට එක පැයක් ආදරේ කරන්න නැතුව ඇති. ඒකා ආදරේ කරන්න ඇත්තේ ඔයා දුක් මහන්සියෙන් හොයන සල්ලි වලට. ඒවා උගේ කරගන්න ඌ ප්ලෑන් ගහන්න ඇත්තේ රෑ දවල්. ඉතින් එහෙම එකෙක්ට ඔහොම කරා කියල දොස් කියන්න පුලුවන්ද? ඇයි ඒ ආදරේ ද?
Deleteරකුසා මාර හොරෙක් නේ. ඉදලා ඉදලා ඔන්ලයින් ඇවිදින් බොරු මල්ලක් ඇදබානවා. ඔයාට ඒ බොරු අහලා එපා උනේ එහෙම නැද්ද නංගි ???
ReplyDeleteතව දෙයක් තමා කවුරුහරි හැමවෙලේම දුකම කියනකොට මට එපා වෙනවා !!!
එපා උනා කියන්නෙ අයියෙ මම උන්නෙ හරිම දුකෙන් තරහෙන් කර කියා ගන්න දෙයක් නැතුව....එයාගෙම දුක් අහලයි ඒවට ප්‍රතිකර්ම කරලයි මට එපා වෙලා උන්නෙ...
Delete