![]() |
YEAH HA...!!!!! |
මුලින්ම මේ රතු රෝස මල් පොකුර මගේ ආදර දයාබර මිතුරු මිතුරියන් පිරිසට......!!
හේතුකාරනා දෙකක් මත.....එකක් කිසිම සද්දයක් තොරතුරක් නැතුව කිරිල්ලි හැංඟිලා උන්නට සමාවෙන්න කියන්නයි..අනික කිරිල්ලි නැති අතරෙ බ්ලොග් එකට කොමෙන්ට්ස් 64 ක් එවලා..මූණුපොතෙන්,මේල් වලින් පණිවිඩ මහා ගොඩාක් එවල..කිරිල්ලිට ඔයාල පෙන්වපු ඔයාලගෙ ආදරෙයි ලෙන්ගතු කමටයි කිරිල්ලි හදවතින්ම ස්තූතියි කියන්නයි....!!
අවංකවම මහා ගොඩාක් ස්තූතියි..! ඔයාල වගේ බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටිකක් ඇසුරු කරන්න ලැබීම මගේ තවත් වාසනාවක්..!!
ඉතින් මම ඔයාලගෙන් කීප දෙනෙකුට කිව්වනෙ මට 30 වෙනිද ඉඳල දවස් 15ක් නිවාඩු කියල..කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැහැ නිවාඩුවට මොකෝ කරන්නෙ කියල..මොකද මට විතරනෙ නිවාඩු අම්ම වැඩ...එදා 1 දින මම අලුත් පෝස්ට් එකක් ලියන්න හැදුව විතරයි අම්ම කිව්ව යමු අයියලව බලල එන්න කියල..එතකොටයි මට මතක් උනේ ලොකු අයියගෙ උපන් දිනේ පහුවදා බව..(අයියල දෙන්න ඉන්නෙ වෙන රටක..මමත් කලින් උන්නෙ එයාල එක්ක එහෙ, මගෙ පලමු ජොබ් එකට
ගිහින්.)ඔන්න 1 දින රෑ අපි පිටත් උනා..පහුවදා ආපසු එන්න හිතන් ගිය ගමනක් නිසා මගෙ ලැපීව අරන් ගියෙ නැහැ..
ඉතින් පසුවදා හරිම අනපේක්ෂිත දෙයක් සිදු උනා මම හීනෙකින්වත් නොසිතපු...ලොකු අයියගෙ උපන් දිනේට කාගෙදෝ ගෙදරක සාදයක් සූදානම් කරල තිබුනා..අපිට එහෙ යන්න සිදු උනා..ටිකක් දුර නගරයකට..එයාල සිංහල පවුලක්,අම්ම තාත්ත,උස හැන්ඩි කොල්ලෙක්.:D:D..ලස්සන හීනි උස කෙල්ලෙක් අපිව මහ ඉහලින් පිළිගත්ත කියමුකො..!.ඊට පස්සෙ ලොකු අයිය අර හීනි කෙල්ලව අපිට හදුන්වල දුන්න 'එයාගෙ ආදරණීය අනාගත බිරිඳ' කියල..කෙළියයි මහ රජ..!! කිව්වලු......මතකද මගෙ ''පොහොරියි මමයි''?? ආන්න ඒකෙ පොහොරිවයි පැටව් ටිකයි දැක්ක වෙලේ වගේ මගෙ කට ඇරුනා..ඇස්දෙක ලොකු උනා....!! අවුරුදු ගානක ඉඳන් මගෙ හිතේ තිබ්බ හීනයක් සැබෑ උනා වගේ සතුටක් දැනුන මට..අනේ මටත් දැන් මගේම කියන්න අක්කියෙක් ඉන්නව..ලස්සන අක්කියෙක්..මම හිතේ මවාගෙන උන්න වගේම කෙනෙක් එයා..
කවදා හරි ලොකු අයිය මේ රටකම ඉන්න කැරපොතු සුද්දියෙක්ව බැඳගනීවිදෝ කියල මගෙ හිතේ තිබ්බ 'නයිට් මෙයර්' එක දැන් ඉවරයි..! අපි දෙන්න හරිම ඉක්මනින් යාලුවො උනා..හරියට ආත්ම ගානක ඉඳන් එකට ආපු සහෝදරියො වගේ..එයා කටකාරයි,දඟකාරයි,විහිලුයි..අම්ම නම් අපි දෙන්න දිහා බලල හිනා උනේ ''අපූරු දෙන්න එකතු උනේ'' කියල...
පහුවදා අම්ම ආපසු එන්න ආවත් එයාල මට එන්න දුන්නෙ නැහැ..''ඔයා කොහෙ යන්නද? අපි දන්නව ඔයාට සති දෙකක් නිවාඩු කියල මෙන්න මෙහෙ ඉන්න අපි එක්ක''හ්ම්ම්ම්.ඔන්න ඉතින් මාව නවත්ව ගත්ත...ඉතින් ඒ දවස් 10 එකම විනෝද සාගරයක් උනා කිව්වොත් තමා හරි...
අපි ඈත ගම්වලට ගියා එලවලු පලතුරු කඩන්න..ඒ පැත්තෙ ගොඩාක් තිබ්බෙ ඇප්රිකට් වතු..කිවි වතු..මිදි වතු..මිදි වැල් වල ඇරෙන්න අනිත් ගස්වල ගෙඩි පිරීල ඉදිලා ගස්යට ගොඩවල් වැටිල..මට පුදුමයි ඒ මිනිස්සු ඒවට ලෝභ නැත්තෙ ඇයිද කියල..අක්ක කිව්වෙ ඒ මිනිස්සුන්ට ඒවා විකුනන්න බැරිලු..හැමෝටම තියන නිසා..ඒ ගම්වල මිනිස්සු ගෙදරම චීස් හදනවා..එක ගෙදරක එළදෙන්නු 6ක් උන්න..ඒ හය දෙනාගෙන්ම කිරි ගන්නව..එයාල ඒවලින් චීස් හදනව..මට එකපාරම හිතට ආවෙ ඇයි අපේ ලංකාවෙ අයට එහෙම කරන්න බැරි කියල..අපේ රටේ චීස් කියන්නෙ පිටරටින් ගෙන්වන මිල අධික කෑමක්නෙ..ඒත් ටිකක් මහන්සි උනොත් අපිටත් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්...(හප්පොච්චියේ කතාව පීලි පැන්න..නයෙක් යයිද මන්ද මෙතනින්.)
ඉතින්....ඒ දවස් කීපයෙම හවස් කාලෙ අපි ගත කලේ මුහුදු වෙරළෙ..අයියලත් වැඩ ඇරිල ඇවිත් අපිට එකතු උනා..මම කවදාවත් මුහුදෙ නාල තිබුනෙ නැහැ..විශ්වාස කරන්න අමාරුයි නේද?ඔව්.ඒත් ඇත්ත..ලංකාවෙදි රැල්ල පාගල තිබුන විතරයි..මෙහෙ ඇවිත් අවුරුදු 12 ක් දැන්..මුහුද අයිනට ගියාට මම කවදාවත් නාන්නෙ නැහැ..පිහිනුම් තටාක වලට බහින්නෙත් නැහැ..හේතු ගොඩක් තියනව..මම ම හදා ගත්ත හේතු...ඒත් මේ පාර නම් ඒ ප්‍රතිපත්ති බිඳ වැටුන..අක්කි මාව ඇදගෙන ගිහින් මූදෙ ගිල්ලුව..අනිත් එක තමා කවදාවත් අයිස්ක්‍රීම් කන්නෙ නැති මාව අල්ලගෙන බලෙන් අයිස්ක්‍රීම් කැව්ව..(මේවා අපේ අයියලගෙ කුමන්ත්‍රණ වල ප්‍රතිඵල.)..
ඉතින් අපි රෑ වෙරළෙ ගිනිගොඩවල් පත්තු කරන් සින්දු කිව්ව..බාබකිව් දැම්ම..කෑව බිව්වා..නැටුවා..කෑගැහුවා...
අක්කි මාව එක්ක ගියා ඉස්සර කාලෙ පරන රජමාළිගාවක් බලන්න..
තව ඒ පැත්තෙම තිබ්බ විශේෂ පොලක් බලන්න..ඒකෙ තිබ්බෙ ඔක්කොම අත්වලින් හදපු ඇඳ රෙදි,කොට්ට උර,මේස රෙදි,අත් පිස්න,දොර ජනෙල්,රෙදි වගේ දේවල්..ආ ලස්සන රෙදි බෝනික්කො....
තවත් අපූරු දෙයක් උනා..මම කවදාවත් සිංහල ටෙලි ඩ්‍රාම බලන්නෙ නැහැනෙ..අක්කිගෙ කීමට එකක් බැලුව ''මලී'' ඇත්තටම ඒක ලස්සනයි..ඒ 'මුදුනාගල' ගමට 'වෙදහාමිනේ' ගෙ චරිතයට මම ගොඩාක් ආශයි..'දුලීකා මාරපන' විශිෂ්ඨ ගනයේ නිලියක් මට හිතෙන්නෙ..
ඉතින් ඔන්න ඔහොමලු උනා කියන්නෙ ගිය බදාද හවස මම ගෙදර ආව..ඒ ආවාමයි දැක්කෙ බ්ලොග් අවකාශෙත් එක්තරා සැණකෙලියක් තිබිල බව..ඒක නම් මට පෙනුනෙ මෙන්න මෙහෙම.............
..ක්ලැප්..ක්ලැප්..ක්ලැප්..ක්ලැප්..!!
අවසාන වශයෙන් මගෙ යාලුවන්ට පොඩිකාරනා ටිකක් කියන්න ඕනෙ කියල හිතුනා...
*..මමජීමේල්..ගූග්ල්බුස්..ගූග්ල්ප්ලස්..ගූග්ල්ටෝක්..ස්කයිප්..ෆේස්බුක්...ඔය එකී මෙකී හැම අස්සක් මුල්ලක් ගානෙම උන්නෙත් ඉන්නෙත් මගෙ නියම නමින්,සම්පූර්න නමින් විතරක් නෙවේ වාසගමත් එක්කම..මට හැංගිලා ඉන්න කිසිම හේතුවක් නෑ..ඒත් මේ බ්ලොග් එකේ කිරිල්ලියක් උනේ,මම ලිව්ව රකුසු කතාව මගේ නෑයින් දකිනවට මම අකමැති නිසා පමනයි...මගේ පවුලෙ අයත් රකුසගෙ පවුලෙ අයත් මේ සිද්දි දන්නව උනාට මම කැමති නැහැ මගෙ නෑයො මේවා දැනගන්න වට..එපමනයි...
*..මම වින්චැට් කිරිල්ලි කියන්න තියන දේ කෙලින් කියනව..කාගෙවත් බ්ලොග්ස් වල ඇනෝ කොමෙන්ට්ස් දාන්නෙ නැහැ..''අමා'' කියල මට ප්‍රොෆයිල් එකක් ඇත්තෙත් නැහැ..මම දන්න තරමින් ''අමාල'' 3 දෙනෙක් බ්ලොග්ස් වල කොමෙන්ට්ස් කරනව..මම මේ බ්ලොග් අවකාශෙ කාටවත් මඩ ගහල ගල් ගහල විනෝද වෙන කෙනෙක් නෙවේ..එහෙම කරලත් නැහැ..කරන්නෙත් නැහැ..අනික ඔය ලක්ශ 2ක් මාසෙ පඩිය ගන්නව කිව්ව මහත්තුරුන්ව අල්ලගන්න උගුල් අටවල ඒ උගුල්වලම පැටලිලා නලල දක්ව ගිලෙන්න මඩ කාපු කෙනෙකුත් නෙවේ...
*..මම ලිව්වෙ 'දුක්බර ආදර කතාවක්' නෙවේ..(මොකද මට ඒ ගැන කිසිම දුකක් නැහැ.)මම ලිව්වෙ,ආදරෙයි කියල මාව රවට්ටපු වංචාකාරයෙක් ගැන පමනයි.ඔහුගෙ පොටෝ පල කලේ තවත් අයව රැවටීමෙන් වලක්වන්නයි,මගේ යාලුවන්ගේ ඉල්ලීමටයි.ඔහුගෙන් පලිගැනීමෙ අවශ්‍යථාවයක් ඇත්නම් ඒකට මේ වගේ බ්ලොග් එකක් ලිය ලිය කාලය කා දමන්න මට උවමනා නැහැ..'රකුසු කතාව' ලිවීමේදි ඊට අදාල සිදුවීම්.කතාබහ.දෙබස්, ඇත්ත ඇති හැටියෙන් ලිව්ව මිසක්..ඒ අතර නයි පොළොඟු ගැරඬි උන්නද කියන්න මම දන්නෙ නැහැ..මොකද උන් මෙහෙ නැති නිසා මට උන් ගැන වැටහීමක් නැහැ....
*..මම ආදරෙන් ඉල්ලා සිටිනව මගෙ පෝස්ට් වල තියන වැරදි අඩුපාඩු ගැන එවෙලෙම මට කියන්න...ඒ වගේම ඔයාලගෙ බ්ලොග්ස් වල මම නයි පොළොඟු දැම්මොත් ඒ ඒ බ්ලොග්ස් වල ඇඩ්මින්ල ඒක මට කියන්න..
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි දවසට එක වේලක් කාල මුලු දවස පුරාම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු..අපිට අපේ ජීවිත වල බොහොම වැදගත් පුද්ගලික කාරනා කටයුතු ඉදිරි සැලසුම් තියනව හිතන්න කියන්න කරන්න...අනුන්ගෙ දේවල් හොයන්න බලන්න..ඇඟිලි ගහන්න..ඊරිසියා කරන්න කුහක කම් කරන්න..මඩ ගහල අපහාස කරල තුට්ටු දෙකෙ විනෝදයක් ලබන්න ඔය වගේ පහත් නූගත් මිනිස්සු කරන වැඩ මම,අපි කරන්නෙ නැහැ...අපිට ඒවා පුරුදු නැහැ...
ආයෙමත් ඔයාලගෙන් සමාව ඉල්ලනව ඔයාල එව්ව ඔක්කොම කොමෙන්ට්ස් පල කරන්න නොහැකිවීම ගැන..ඒත් මම හිතනව මේ දිග පෝස්ට් එකෙන් මම ඔයාලට පිලිතුරු දීල ඇති කියල..මේකෙ වැරදි අඩුපාඩු ගොඩාක් ඇති. ගමන් මහන්සියත් දේශගුනය වෙනස් වීමත් නිසා මම ඉන්නෙ තරමක් අසනීපෙන්..එහෙනම් නැවතත් අමුතු කතාවක් අරන් ඉක්මනින් එන්නම්... ස්තූතියි...!!!
ඔයාගෙ දිරියට ගරු කරනවා කිරිල්ලී, ආස හිතුනා මේ ලිපිය කියවද්දී
ReplyDeleteඅලුත් කෙනෙක් නේද ඔයා? කිරිල්ලි ආදරෙන් පිලිගන්නව ඔයාව...ස්තූතියි ගොඩාක්..
Deleteආපහු ආව එක ගැන ගොඩක් සන්තෝෂයි කිරිල්ලියේ. ගොඩක් දේවල් හිතට ආවත්, එකක්වත් කියන්නේ නෑ. පරන විදියට ලියන්ට.
ReplyDeleteඑක එක පුද්ගලයා, එකම දෙයක දිහා බලන්නේ වෙනස් අයුරින්. ඒ හන්දා වෙනස් අත්දැකීම්වලට අපිට මුහුන දෙන්ට වෙනවා. ඒවා අපේ ජීවිතයට ලැබෙන පාඩම් කියලා හිතාගෙන ඉස්සරහට යන එකයි ඇත්තේ.
ඔයාට සුබ ගමන්.:)
හදිසියෙ යන්න උන ගමනක්, නොහිතපු විදියට එන්න බැරි උන එකත් හැරෙන්න මට වෙන මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ.ආආ..ඇයි නැත්තෙ ආපසු ආවට පස්සෙ ලොකුම ප්රශ්නය උනේ මගෙ අතක මදුරුවො දෙන්නෙක් කාල පොඩි රතු බිබිලි දෙකක් තියනවා..හික්ස්..මිනිස්සු මොනා ගැන මොනා හිතුවත් මොනා කිව්වත් අපිට මොකෝ එයාලගෙ හැබෑ චරිතය තමා ඒ ලෝකෙට පෙන්වන්නෙ.
Deleteඔයාගෙන් ලද දිරිය අප්‍රමාණයි..ඔයාගෙන් උගත් පාඩම් නිමක් නැහැ...ස්තූතියි පොඩ්ඩි..ඔයාටත් ජයම පතනවා..!!
++++++ and Congrats !!!!!!
ReplyDeleteහෙ.හේ........තෑන්ක්ස් අක්කී.
Deleteඔයාගෙ යාලුවො ගොන්නට මම අයිති නැති උනත් පහුගිය මාස කීපය තුල මම ඔයාගෙ පොස්ට් ආසාවෙන් කියෙව්වා. එව්ව කියවන්නෙ මේක නයෙක්ද පොලඟෙක්ද නැත්නම් කිරිල්ලියක්ද කියල බලන් වපර අහෙන් නොවෙයි. ඒ වගෙම පුද්ගල වන්දනාවෙ යන්න මට බ්ලොග් එකකුත් නෑ. ඒ නිසා ඔයා ලියන දෙවල් රසවත් නම් මේ ස්කයි පුලු පුලුවන් විදිහට කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා...
ReplyDeleteඇයි නැත්තෙ ඔයත් මගෙ යාලුවො ගොන්නට වැටෙනවා...මගෙ යාලුවො කිව්වෙ මගෙ බ්ලොග් එක කියවන හැමෝටම...මගෙ ගුනදොස්,අඩුපාඩු කියල දෙන හැමෝටම...ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නම තියෙන්නෙම ඕනෙ නැහැ යාලුවෙක් වෙන්න...
Deleteඔයාවත් ආදරෙන් පිලිගන්නව කිරිල්ලී...ස්තූතියි..!!
හහ් හහ් හහ් කොහෙන්ද අර පිංතූරෙ හොයාගත්තෙ! පහුගිය ටිකේ බ්ලොග් නොබැලූ එකමයි හොඳ.
ReplyDeleteහික්ස්.මොන පින්තූරෙද? චූටි බබාලගෙ එකද? පව් නේ චූටි බබාල?
Delete''අනුන්ගෙ දේවල් හොයන්න බලන්න..ඇඟිලි ගහන්න..ඊරිසියා කරන්න කුහක කම් කරන්න..මඩ ගහල අපහාස කරල තුට්ටු දෙකෙ විනෝදයක් ලබන්න ඔය වගේ පහත් නූගත් මිනිස්සු කරන වැඩ මම,අපි කරන්නෙ නැහැ...අපිට ඒවා පුරුදු නැහැ...''
ReplyDeleteඅගනා ලියවිල්ල සහෝ !!!
ස්තූතියි ඔයාට..ඇත්තමයි අපිට ඒවා පුරුදු නැහැ.
Deleteකොහොමද නංගා.... කාලෙකින් මමත් බැලුව මොකෝ පේන්න නැත්තෙ කියලා.... නෑනන්ඩි හිතට අල්ලලා එහෙනම් නේද !
ReplyDeleteකිරිල්ලි පොඩි උනාට හොද ආත්ම ශක්තියක් තියෙනවා කියලා හිතුනා මේ ලිපිය බැලුවම, වෙල් ඩන් නංගා .....
තෑන්ක්ස්,, කවුද කියන්නෙ මම පොඩියි කියල? ඇඟට 20 ඔලුවට 40 (මව් තුමිය කියන්නෙ එහෙම.)හික්ස්.
Deleteමේච්චර ලස්සන ගමනක් ගියාම ලස්සන ෆොටෝ ගන්නේ නැතිද?
ReplyDeleteඅපිටත් බලන්න ඔය ආගිය තැන්වල පින්තූර ටිකකුත් දැම්මානම් නරකද?
බ්ලොග් අවකාශෙද? අයියෝ ඕක මොකක්ද ලංකාවට සුනාමි ආවේ. ඒත් ලංකාව තාමත් තියනවානේ....:DDD
අහ් හා කාලෙකට පස්සෙ ප්‍රියන්ත අයියට මාව මතක් වෙලා..අනේ මම පහුවදා ආපහු එන්න බලාගෙන අයියලගෙ ගෙදරනෙ ගියෙ අයියෙ..මගෙ 'මෙවලම් මල්ල' අරන් ගියෙ නැහැ.අර ගොඩාක් ඇවිද්දෙ ඉතින් අලුත අඳුන ගත්ත අය එක්කනෙ,එයාලට ඒවා සාමාන්‍ය දේවල් ගානක් වත් නැහැ.මාත් ඉතින් සද්ද නොකර උන්නා...
Deleteබ්ලොග් අවකාශෙ ඉතින් ඔහොම තොවිලයක් කරනවනෙ කාලෙකට කෙල්ලන්ව එලවන්න..මම කෙල්ලෙක් නෙවේ පක්ශියෙක් නිසා ඒවා මට අදාල නැහැ..හික්ස්. ස්තූතියි ඔයාට..
බ්ලොගිය අයිති ඔයාට නම් ඔයාට කැමති දෙයක් ලියන්න කාගෙන්වත් අහන්න ඕනෙ නෑනෙ... අපි කවුරැත් නිදහස් මිනිස්සු... මගේ අදහස ඒකයි...
ReplyDeleteඔව් ඔයා හරි..අපේ බ්ලොග්ස් වල අපි ඕන දෙයක් ලියනවා.අපි අදහස් වලින් පිරුනු හිත් ඇති මිනිස්සු..අදහස් හිඟ මිනිස්සුන්ට තියන ප්‍රශ්න අපිට නැහැ...
Deleteලියන්න කිව්ව චාරිකා සටහන් ටික ලියලා ඉවරයි... කියවලා බලන්න
Deleteහරි..මම බලන්නම්.නිවාඩුවෙන් පස්සෙ වැඩ පටන් අරන් මේ දවස් වල..තෑන්ක්ස්.
Deleteඔක්කොම හොඳයි , එක පාරටම අතුරුදහන් වෙන එක තමය් අවුල, දාපු කමෙන්ට් එකක් වත් පළ නොවුනම එක එක ඒවා හිතෙනවා.
ReplyDelete1) මට පහුගිය ටිකෙ වැදුන මඩ නිසා , මගේ කමෙන්ට් දැම්මොත් අවුලක් වෙය් කියල බයට දැම්මෙ නැද්ද?
2)ඒ කමෙන්ට් දාන්න තරම් වැදගත් කමක් තිබුනෙම නැද්ද?
3)මගේ ගැන කවුරු හරි මොනවා හරි කියලා ඔරොප්පු වෙලා දැම්මෙ නැද්ද?
ඉතින් අවසාන තුරුම්පුව, එක්කෙනෙක්ගෙන් ඔයාගෙ ඊමේල් එක ඉල්ලුව (ඒක එයා ලඟ තිබුනා ) එයා ගාව නැහැකීවා. ඔයා එයාට තමයි මුලින්ම පණිවිඩෙ දුන්නා කීවෙ.
....හෙහ් හෙහ් හෙහ්..
අර කථාව ගැන කියවනවනම් මට න0ගිලා , අක්කලා විතරක් නෙමේ දුවලා දෙන්නෙකුත් ඉන්නවා, අද ඔයාට වුන දේ හෙට ඒ ගොල්ලො කාට හරි වෙන්නත් පුලුවන්.ඒ නිසා ඒ පුද්ගලයාගෙ පින්තූරය දාපු එකේ කිසිම වැරැද්දක් මම දකින්නෙ නැහැ.
ප.ලි. අර ෆේස් බුක් ඉන්නවා කීව නම මොකක්ද දන්නෙ නැහැ නේද? හෙහ් හෙහ් හෙහ් කැමතිනම් ඊයකින් එවන්නකො බලන්න.
තරු අයියෙ,ඔයාගෙ කොමෙන්ට්ස් ඇත්තටම මට වැදගත් ගොඩක්.
Deleteඔයා කියන කාරනා 3 ම වැරදී..මම කොමෙන්ට්ස් ගොඩාක් ඩිලීට් කලා.ඔයාගෙ ඒවත් එතන තියෙන්න ඇති.ඒවා ඩිලිට් කලේ වැදගත් නැති නිසා නෙවේ(මට නම් ඒව මිල කරන්න බැරි තරම් වටිනව.)
ඔයා ගැන කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කියල නැහැ.එහෙම එක එක තෝල්කයො පෙරකදෝරුවො වටේ තියන් ජීවත් වෙන කෙනෙක් නෙවේ මම.
ඔයාට මඩ ගැහුව විදියක් මම දැක්කෙ නැහැ.මම දැක්කෙ ඔයා ඇනෝලව කුලප්පු කරල තියනව විතරයි.මාත් ඒකෙන් හෙන ජොලියක් වින්ද..තෑන්ක්ස්.!
ඔව්.එයා ගාව මගෙ මේල් එක නැහැ.ඒක ඇත්ත.මට ඔයාගෙ මේල් එක දෙන්න ඊයක් එවන්න.මම කලිනුත් කීපදවසක් හෙව්ව..ඕ.කේ එහෙනම් හරිනෙ..!!:D
මම මේ බැලුවේ කෝ කියලා හුඟ දවසකින් දැක්කෙත් නැති හින්දා.
ReplyDeleteසමර් නිවාඩු ලමයා..මම මේ රටේ උන්නෙ නැහැ..
Deleteමේ පෝස්ට් එකේ වැදගතම තැනකට ඇවිත් "නයෙක්" ගැන කියලා මගහැරලා ගියාට මගේ විරෝධය....!!!
ReplyDeleteඔය චීස් හදන හැටි කොහොමහරි හොයාගෙන විස්තරාත්මකව පෝස්ටුවකින් පැහැදිළි කරන්න, ඒ වගේම වයින් හදන හැටිත්;
ඒවා තමා ඔයා වගේ අයට අපේ රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවාවන්.
නිකන් කතාවලට වඩා "ඥානකතා" රසවත්...... :D
ලියාගෙන ලියාගෙන යද්දි නයා මතක් වෙලා දිව්වෙ...ඔව් හොඳ අයිඩියා එකක් අයියෙ.ඉදිරියෙදි ලියන්නම්..ඥාන කතා හදන හැටිත් ලියන්න ද? හික්ස්..!
Deleteහොද නිවාඩුවක් අරන් වගේ... :)))
ReplyDeleteහ්ම්..හ්ම්ම්..තව එකක් තියනව ලබන මාසෙ.:)
Deleteඔක්කොමත් හරි අන්තිමට තරු දාලා ලියලා තියෙන ඉලව්ව නිසා කතාවේ තිබුනේ ලස්සන නැතිවෙලා... අපරාදේ...
ReplyDeleteලස්සන සැමදේ මොහොතට සුවදේ එහි කෙලවර දුක දේ..ඒ.ඒ.ඒ.ඒ.ඒ.ඒ.ඒ.ඒ.........................
Deleteනියම කතාව! :)
Deleteඒක ලස්සන සිංදුවක් නේ.? :)
Deleteඅපේ අම්මත් බයෙන් ඉන්නේ මං බංගලියෙක්ව දා ගනී කියල :D මේ////අර අක්කට නංගිලා නැතෙයි?
ReplyDeleteබංගලියො ලස්සනද?
Deleteලෝකෙ ලස්සනම උන් ඉන්නව කියන්නේ කාශ්මීර් පැත්තෙනෙ!ඊට පස්සෙ වෙනිසියුලාව පැත්තේ ඉන්නවලු! බංගලියොත් ටොප් 5 එකේ ඉන්නවයි කියලා කියන්නේ! කෙල්ලෝ නම් හැබෑවට ලස්සනයි! හැබැයි මං නම් ඇහැක් ඇරලා බලන්නේ නෑ! :D සියරට දේ සිරි සැප දේ කිව්වලු :D
Deleteඅම්ම ඉතින් පුතාව හොඳට අඳුනනවනෙ..
Deleteඒ අක්කට නංගිල නෑ අනේ ඉන්නෙ මල්ලියෙක්..මම ටිකක් බොර ඇහැ දාල බැලුව ම්ම්හු...එක ඇහැකින් බැලුව..ඇස්දෙක පොඩි කරල බැලුව..ම්හු.ම්හු මට එයා හරි යන්නෙ නෑ අනේ..කිසිම රොමැන්ටික් ගතියක් නෑ උගෙ.....!!
/* නැවතත් අමුතු කතාවක් අරන් ඉක්මනින් එන්නම්. */
ReplyDeleteඅන්න හොඳ අදහසක්!
ඔයත් ආශද අමුතු කතා වලට? :D
Deleteඅපි නම් ඔය නයි පොලොන්ගු ගැන එච්චර හොයන්නේ නෑ. ලියන කෙනාට නිදහස තියෙනවා එයාගෙ බ්ලොග් එකේ ඕන දෙයක් ලියන්ඩ.
ReplyDeleteපහුගිය ටිකේ නිවාඩුවක හිටපු හන්දා වෙන්ටෑ පේන්න හිටිය නැත්තේ.
ඔව් අයියෙ නිවාඩුවක්.ගමනක් ගියා.අපේ බ්ලොග් වල අපි නිදහසේ ලියද්දි ලියන්න දේවල් නැති අය කරදර වෙන එකනෙ ප්‍රශ්නෙ අයියෙ........
Deleteකිරිල්ලි ආපහු ආපු එක හොඳයි
ReplyDeleteසෑහෙන දේවල් ගොඩක් පෝස්ට් එකෙන් දාලා නෙහ්
හ්ම්ම්.හ්ම්ම්..ආපහු එන්න තමා ලමයා ගියෙ මම..හදාගත්ත පැල දාල කොහේ යන්නද මම...:D
Deleteහරි ලස්සන නැට්ටුවො 3 දෙනා...
ReplyDeleteහ්ම්ම්ම්ම්..ඔතන නැට්ටුවො 4 ක්..හික්ස්.
Deleteකිරිල්ලි,ඔයා හරි වාසනාවන්තයි ඒ වගේ අක්කා කෙනෙක් ලැබීම ගැන. මමත් කාලයක් ඒ වගේ හීන මැවුවා.
ReplyDeleteඅසනීප තත්වය ඉක්මනින් හොඳ වෙයි. ඒ නිසා ඉක්මනින් ආපහු එන්න.
මේකෙ අන්තිම ටික කියෙවුවම මට හිතුනෙ "ඒක" දැකලා මම සැලුන තරම් වත් ඔයා සැලිලා නෑ කියලා. අන්න එහෙම තමයි ඉන්න ඕනා. මොකද ගෑණු ළමෙක් විදියට මට දැනුනා ඔයාට රකුසා ගැන දැනුන විදිය.
ඔයා ලියන විදිය වෙනස් කරන්නවත් මොකුත් අවශ්‍ය නෑ, ඒ ඔයාගෙ අනන්‍යතාවය.
මට දැන් හොඳයි සිඳු..අද වැඩට ගියා.තෑන්ක්ස්..!
Deleteඅහ්..සැලෙන්න මම? මම 2009 ඉඳන් මේ බ්ලොග් අස්සෙ ඉන්නෙ,මීට කලින් උන දේවල් දැක්කා..(මඩ සෙල්ලම්.)
කෙසේ වෙතත් මාව සසල කරන්න වට්ටන්න එලවන්න කවුරු හරි හිතනවා නම් ඒක එයාලගෙ හැබෑනොවන හීනයක්මයි.!
ඔව්.මම ලියන විදිය වෙනස් කරනවා කියන්නෙ මම ඔයාලට බොරු කියනවා කියන එකයි.ඒක කරන්න මට බැහැ.මේ තමා මම.මම මෙහෙමයි..!!
කිරිල්ලි ගොඩක් කාලෙකින් නේන්නම් දැක්කෙ!
ReplyDeleteමාත් ඔයාගෙ යාලුවො ගොඩේ ඉන්නවද දන්නෑ නේද :)
ගිමන් නිවන්නා වෙන්න කලින් ~HealeR~ විදිහට ඔයා ලියන ඒව බලන්න ආව ගියා (මතකද මංදා).
ඇත්තම කියන්වා නම් මාව බ්ලොග් කියවන්න ඇබ්බැහි කෙරෙව්වෙ ඔයාගෙ රකුස් කතාව තමා. කැම්පස් එකේ අවසන් විභාගෙ කට උඩ තියා ගෙනත් ඇවිත් ඒක කියෙව්වා (බය වෙන්න එපා විභාගෙ පාස් හොඳේ :D ).
කවුරු මොනවා කිව්වත් ඔයාගෙ රකුස් කතාව ස්යිබර් ලෝකෙ පරිහරණය කරන හැමෝටම ලොකු පාඩමක්. ඔයා ලියපු දේවල් ගොඩාක් වටිනවා.
ගොඩක් කාලෙකින් ලැබුන නිවාඩුව අතරේ මාත් පොඩියට බ්ලොග් එකක් ලියන්න කියලා ගත්තා. ඉතින් පුලුවන් වෙලාවක ඇවිත් ලිපියක් දෙකක් කියවල පොඩි උපදේශයක් එහෙම දීල යන්න.
එහෙනම් ජය වේවා!
මොකෝ නැත්තෙ? මට ඔයාව හොඳට මතකයි විභාගෙට පාඩම් කරන අතරෙ මගෙ බ්ලොග් එකට එබුන ලමයා..! විභාගෙ පාස්නෙ.එච්චරයි..මගෙන් සුභ පැතුම් මෙන්න..!!!
Deleteමම එන්නම් ඔයාගෙ බ්ලොග් එක බලන්න නොවරදවාම හොඳේ..?
රාජ් අයියා කිවිව කතාවනමි සමිපුර්ණ ඇත්ත, අනුන්ගේ කතා, දොස් නිදොස් වලට උත්තර බැදලා කිසිම විදිහකින් ඒ අයගේ මතය අපිට අවශ්‍ය කරන තැනට ගේන්න පුළුවන් කියන එක නමි විහිළුවක් විතරයි. මොකද කියනවානමි, ඒ පුද්ගලයා තව කවිරුත් කොයි විදිහට කිවිවත් තමන්ගේ හිතට එයාට අවශ්‍ය කරන කරුණු කාරණා ටික පැලපදියමි කරන් ඉවරයි.
ReplyDeleteකිරිල්ලී, ඔය හැමදේම අමතක කරලා ඉදිරිය ගැන විතරක් හිතන්න. මොකද අතීතයෙන් අපේ ජිවිත වලට පාඩමි මිසක් ආපහු ඒවා නිවරදි කරන්න අපට ඉඩක් නොලැබෙන නිසා. අයියටයි, එයාගේ අනාගත බිරිදටයි සුභ පතනවා. ඒ වගේම ඔයාටත්, මෙි බිලොග් ලියන කියවන හැමෝටමත් සුභ පතනවා....!!!
ගොඩක් ස්තූතියි නඳුන්..අපිට අනෙක් මිනිස්සුන්ව නිවැරදි කරන්න ඕනෙ නැහැ..අපි නිවැරදි උනාම ඇති...මට අතීතය ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ නඳුන් මම ලස්සන අනාගතයක් ගැන හිත හිත ඉන්නවා..!
Deleteබ්ලොග් කියන එක ජිවිතේ කරගන්නැතුව ජිවිතේ ලද අද්දැකුම් වලින් බ්ලොග් රසගන්වනව නම් බ්ලොග් මිතුරන්ගේ සයිබර් අවකාශය මීට වඩා සොඳුරු තැනක් වෙවී
ReplyDeleteඑක එක්කෙනාගෙ රස විඳීමේ විදි වෙනස්නෙ..සමහරු කුනුහරුප රස විඳිනවා..සමහරු ඕපදූප පතුරල රස විඳිනව..සමහරු අනෙක් අයට රිද්දල රස විඳින්න හදනව..මේ ඔක්කෝටම වඩා භයානකම දේ තමා අදහස් හිඟ මිනිස්සු බ්ලොග් ලියන්න ගත්තාම....ඉතින් කෝමද බ්ලොග් අවකාශය ලස්සන තැනක් වෙන්නෙ..? මම නම් මුලින්ම මේකට ආවෙ සිංහල ඉගෙන ගන්න..සිංහල කෙල්ලො කොල්ලො හමු වෙන්න..වෙන මට ඕන කරන දෙයක් නැහැ..දැනට උනත් හිතුනොත් මම හෙට උනත් බ්ලොග් එක වහනවා...මේක මට මගෙ ජීවිතේවත්,ජීවිතෙන් භාගයක්වත්,,චූටි කෑල්ලක් වත් නෙවේ...!
Deleteඅනුන්ගේ කතා වලට උත්තර දෙනවානම් අපි බ්ලොග් ලිවිල්ල නවත්තලා දැන් බොහෝම කල්.. මටත් ඔබටත් බ්ලොග් ලියන හැමෝටමත් විටින් විට මේවාට උත්තර දෙන්න වෙනවා... සුභ ගමන්...
ReplyDeleteමගෙ යාලුවන්ට පොඩි කාරනා කීපයක් පැහැදිලි කලා හැරෙන්න මම නම් මගෙ බ්ලොග් එකේ ලියන දේවල් ගැන කාටවත් උත්තර දෙන්නෙ නැහැ..උත්තර ඉල්ලන්න කාටවත් අයිතියකුත් නැහැ..මේ මම. වින්චැට් කිරිල්ලී..මේ මගෙ විදිය..මම ඉන්න තැන..මම ලියන්නෙ මගේ තැනේ ඉඳන්.මම කන්නෙ මට පුරුදු මට තියන දේවල්..මම අඳින්නෙ මට තියන විදියට..මම ජීවත් වෙන්නෙ මට පුරුදු විදියට,මාව පුරුදු කරල තියන විදියට,
Deleteලංකාවෙ ඉන්න සමහර මිනිස්සුන්ට දුක හිතේවි,වේදනාවක් වේවි කියල හිතල මට වෙනස් පුද්ගලයෙක් විදියට එයාලට ගැලපෙන විදියට ලියන්න කතා කරන්න බැහැ..එහෙම බොරුවක් කරන්න මට පුරුදුත් නැහැ.!! මම දන්නෙත් නැහැ..!!
ඒක නෙවේ අභීත අයිය මොකෝ මේ පැත්තෙ ආවෙ? නෑ මම මේ ඇහුවෙ මේ බ්ලොග් එක පටන් අරන් දැනට මාස 9 ක් උනා..ඔයා කවදාවත් මගෙ බ්ලොග් එකට ඇවිත් නෑ..මේ අවස්තාවෙ විතරක් එන්න මොකක් හරි විශේෂ හේතුවක් එහෙම තියනවද?
කෝම උනත් කමක් නෑ බොහෝම ස්තූතියි සුභ පැතුමට..!
කිරිල්ලි +++++++
Deleteවෙලාවට වෙන එකෙක් කිව්වේ කිරිල්ලි ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා.. පහුගිය මස 9ටම මම මෙහෙම බ්ලොග් එකක් ගැන දැනන් හිටියේ නෑ.. රංගයාගේ පෝස්ට් එකෙන් පස්සේ තමයි ඉස්සෙල්ලාම ගොඩ වුනේ.... ඊට පස්සේ මගේ බ්ලොග් රෝලට දා ගත්තා.. ඒකේ අප්ඩේට් වුන නිසා ඇවිත් බැලුවා.... එන්න එපාද නංගී.... වදයක් නම් කියන්න... නෑවිත් ඉන්නම්..... :)
Deleteවර්ණාට ඉතින් මේවටනම් කට කණේ.. අනේ යකෝ.... :D
වෙලාවට වෙන එකෙක් කිව්වේ කිරිල්ලි ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා.. පහුගිය මස 9ටම මම මෙහෙම බ්ලොග් එකක් ගැන දැනන් හිටියේ නෑ.. රංගයාගේ පෝස්ට් එකෙන් පස්සේ තමයි ඉස්සෙල්ලාම ගොඩ වුනේ.... ඊට පස්සේ මගේ බ්ලොග් රෝලට දා ගත්තා.. ඒකේ අප්ඩේට් වුන නිසා ඇවිත් බැලුවා.... එන්න එපාද නංගී.... වදයක් නම් කියන්න... නෑවිත් ඉන්නම්..... :)
Deleteවර්ණාට ඉතින් මේවටනම් කට කණේ.. අනේ යකෝ....
මාස 9 ක් මගෙ බ්ලොග් එක ගැන ඔයා දන්නෙ නැහැ කියන කතාව නම් මම කොහෙත්ම පිලිගන්නෙ නැහැ අයියෙ....ඔයා මගෙ බ්ලොග් එක ගැන හොඳින්ම දැනන් සිටි බවට ඔප්පුකරන්න පුලුවන් ශාක්ෂි මා ගාව තියනවා..(දැන් කියන්න එපා ඒවා ඉදිරිපත් කරන්න කියල..මොකද මේ කතාව මීට වඩා දුරට අරන් යන්න මගෙ අදහසක් නැහැ.)
Deleteමගේ බ්ලොග් එකට එන්න එපා කියල මම කාටවත් කියන්නෙ නැහැ..බොහොම ස්තූතියි ආවට...
අපොයි මොන වදයක්ද ඔන්න ඔහෙ ඇවිත් තියන දෙයක් බලා හදාගෙන යන්න..හැබැයි ඉතින් මේකෙ ඉන්න නයි පොළොංගු අස්සෙ දාගෙන පස්සෙ කෑවෝ..කෑවෝ කියනව හෙම නෙවේ ඔන්න...!!
ජය වේවා. ඕනෑම දෙකදී අපි ඉන්නවා. බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන්නේ නැහැනේ කිරිල්ලි. ඔයා දිනුම්
ReplyDeleteගොඩාක් ස්තූතියි වර්ණා...වපුරපු අය නෙලාගත්තනෙ ඇති වෙන්න..නේද?:D:D
Deleteඅනිවා මචන්. මටත් දැන් නෙලන්නේ ඇටි හැලෙන්න :පි
Deleteහ්ම්ම්.හ්ම්ම්..මම දැක්කා..අනේ චූටි කට..!!
Deleteමේ ඉන්නෙ කැලෙකින් ඇවිල්ලා...දිගටම ලියමු ආයිත්...
ReplyDeleteඔව් ඔව් ලියනවා....
Deleteමම නයි නටවන නලාවක් අරන් ආවේ. හදිස්සියෙවත් නයෙක් හිටියොත් කියල.
ReplyDeleteමිනිසුන්ගේ හීන මාන අපිට නවත්වන්න බැහැ. හදිස්සියෙවත් එ කෙනෙකුට මොලේ පෑදිලා නැවත්තුවොත් මිසක් .එ නිසා අපේ වැඩ අපේ පාඩුවේ කරගෙන යන්න තමා තියෙන්නේ.
ජයෙන් ජය.
කොහෙන්ද ඔය නලාව? අර කටු ගෙයින් ඉස්සුව නේද? :D:D
Deleteඅන්තිම ටික නොදා එක පේලියකින් කිව්වා නම් හොඳයි,. මොකද ඔයා එක්ක රැඳිලා ඉන්නේ ඔයාගේ ලියවිලි කියවන අය. අපි කියවන දේ කියවන්නේ අපේ කැමැත්තෙන්, ඒක නවත්තන්න හෝ කරවන්න බෑ. බ්ලොග් ලෝකේ විවිධාකාර විෂමාකාර තැනක්. හරියට පිටකොටුව වගේ. ඔක්කොම ජාතියේ උන් මෙතන ඉන්නවා. ලියන දේ ලියන්න. හිත හිතා ඉන්න එපා.
ReplyDeleteරකුසාගේ කතාව ගැන, රකුසාගේ පොටෝ එක ගැන. මටත් නංගියෙක් ඉන්නවා. ඒකි ඔය වගේ දිය රකුසෙක් අරගෙන ගියොත් ඉතිං.. පොටෝ ගන්න වෙන්නේ උගේ මිනිය තමා.. ඒ නිසා මම ඔයාගේ පැත්තේ එතැනදී. ඒ දෙයින් කොල්ල පදිරි ඕනේ, එහෙම වෙන්න ඕනේ නෑ කියලා ඌ වගේ උන් තමා එහෙම හිතන්නේ. මොකද උන්ගේත් පෙර වැරදි ඇති. ඒවා දැම්මොත් දැන්??
ජය!!!
පොටෝ දැමීම ගැන රකුසට වත් නැති කලබලයක් දුකක්නෙ මේ පිට අයට තියෙන්නෙ..අනේ ඉතින් මහා විචාරක නලුවොත් ඉන්න එපායැ..පිටකොටුවට වඩා දැන් දැන් මේක වනාතමුල්ලේ සිරියක් ගන්නව වගේ මට නම් පේන්නෙ අයියෙ...
Deleteකාලෝ අයන්තේ.......
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්.....
Deleteආඅ.... ඇවිල්ලා!!! ඇවිල්ලා!!! ඇවිල්ලා!!! :D
ReplyDeleteමට ඊර්සියායි හෆ්ෆා... මෙයා හැමතැනම වතුවල ඇවිදලා පළතුරු කාලා, වෙරළේ ඇවිදලා.. අලුත් නෑනා පොඩ්ඩ එක්ක රවුම් ගහලා මාර ජොලියක් අරගෙන.. ශෝයිම ශෝයි!!! :D :D එකසීරුවට වැඩම කරලා ඔහොම නිවාඩුවක් හම්බුනාම ඇවිදින්න යන එක නියමයි!!!
අන්තිමට කියලා තියෙන කාරණා ගැන නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, ඔයාගෙ බ්ලොග් එකේ ඔයා ලියන්නෙ ඔයාට ඕනෙ දේ.. ඒකෙන් කාටවත් හානියක් නෑ මටනම් පේන හැටියට..ඉතින් මට නම් ඔයාගෙ ලිවිල්ල ගැන එහෙම ප්‍රශ්නයක් නෑ.. අනික ඉතින් ඔය බ්ලොග් කියවන්න, බ්ලොග් වලට යද්දි, මම නම් කැමතිනම් කියවනවා.. අදහසක් දානවා. නැත්තම් නිකන් ඉන්නවා...අකමැති නම් නොකියවා ඉන්නවා.. :D
නයෙක් දැක්කත් පොළඟක් දැක්කත් ඉතින් මටනම් ගානක් නෑ.. උන් ඉන්නෙ මගේ බ්ලොග් එකේ නෙවෙයිනෙ... ;) මට උන්ගෙන් හානියක් නෑනෙ.. ;)අනික හෆ්ෆ නයි පොළොගුනුත් ඉන්නෙපැයි... :D හි හි!!!
දිගටම ලියන්න කිරිල්ලී!!! මම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක් මේක...:)
ජය වේවා!!
ආවා..ආවා..ආවා..නෝනාමාත්තියා..අත බලනවා සාස්තරේ කීනවා!මූණ බලනවා පැටිකිරිය කීනවා!නයා නටෝනවා..නයා නටෝනවා..!! එන්න නෝනා ශත පනායි!මාත්තියා ලක්ශ දෙකේ විස්තරේ..ශත පනායි පත්තරේ..!!නයා නටෝනවා..නයා නටෝනවා..!!!!!
Deleteමෙයා හොඳ රවුමක් දාල ඇවිත් තියෙන්නෙ..
ReplyDeleteගොඩක් මිනිස්සු අනුන්ගෙ ඕප දූප හොයන්නෙ තමන්ගෙ වැරදි වහගන්න.මිනිස්සු විවිදාකාරයි,හොඳ අයගෙ ප්‍රශංසා වගේම උමත්තකයන්ගේ ගල් බොරලුත් ඉවසන්න පුරුදු වෙන්න වෙනව.පින්තූර ටිකන ම් පංකාදුයි..:P
තමුන් සුදනො වෙලා අනුන්ට ගහන්න එන අයගෙ පැටිකිරි ටික ඔය එලියට ඇවිත් තියෙන්නෙ අපූරුවට..හික්ස්...සමහර පව් එලොවෙදි පල දෙනවා..සමහර ඒවා මෙලොවෙදිම පල දෙනවා..මට කියපු ඒවා මගෙ ඇස්දෙක ඉදිරියෙම පල දීපු විදිය හරිම පුදුමයි....
Deleteලෝකය ගෝලාකාරයි - මිනිස්සු විවිදාකාරයි :)
ReplyDeleteසමහර මිනිස්සුත් ගෝලාකාරයි..!:D
Deleteආ ඔය ඇවිත් ඉන්නෙ ආපහු. අර පින්තූරෙ දැක්කම මම හිතුවෙ මධ්‍යධරනී මුහුද හරහා අප්‍රිකාවට ගියාද කියලා නිවාඩුවට! ඉතින් නිවාඩුව ගැන ඔච්චරද ලියන්නෙ?
ReplyDeletehenryblogwalker the Dude
නිවාඩුව ගැන හරිම කෙටියෙන් ලිව්වෙ අයියෙ..ඒකත් නයෙක් වේවි.අප්‍රිකාවට යන්න නම් ආශයි අම්ම බැහැ කියනවනෙ..
Deleteඑතකොට අමා ඔයා නෙවේ???
ReplyDeleteඒ කියන්නේ අහිංසා ඔයාද ?
:ඩී
මම අමා නෙවේ..මට ඊට වඩා දිග නමක් තියෙන්නෙ(ලස්සන එකක්.):D:D
Deleteමාත් කීප පාරක්ම ඇවිත් බලල ගියා. අලුත් පෝස්ට් නම් දැන්නේ නෑ. මම හිතුවා ඉතින් මෙයා නොකියාම කුමාරයෙක් වත් හොයාගෙන ගිහින්ද කියලා..
ReplyDeleteඅපිටත් රශ්නෙයි හලෝ... කෝ ඉතින් අපිට නෑනලා ඉන්නවයි යන්න. ඒ විතරක් නම් කමක් නෑ මේ වැඩ අරවා මේවා අස්සේ කෝ අපිට වෙලාවක්...
සමර් නිවාඩුව හම්බවෙයිනෙ අක්කෙ..යන්න රවුමක්.මටත් ආයෙ ලබන මාසෙ සති දෙකක් තියනවා..ඒකට නෑනා මාව හොයන් ඒවිද දන්නෙ නැහැ..
Deleteඅප්පේ...මම නම් යයි කුමාරයො පස්සෙන්...:P
ආයෙත් දකින්නට ලැබීම ගැන ගොඩාක් සතුටුයි කිරිල්ලී... බලනකොට මාර නිවාඩුවක්නේ ගෙවලා තියෙන්නේ.. ඔයාගෙ ලොකු අයියාට සහ අක්කාට සුභපැතුම්...!
ReplyDeleteකවදාවත් අයිස්ක්‍රීම් කන්නෙ නැති මූදෙ නාල නැති කිරිල්ලි--අයියෝ දෙයියනේ...! මොනවා අයිස්ක්‍රීම් කන්නේ නෑ කිව්වා?? හෆොයි...
හැබැයි අර අක්කි නම් මහා පුන්‍ය කර්මයක් කරගෙන තියෙන්නේ අයිස්ක්‍රීම් කැවීමෙන් හා මූදෙ නෑවීමෙන්
මම අයිස්ක්‍රීම්..චොක්ලට්ස්..රටකජු..කවදාවත් කන්නෙ නැහැ..කවදාවත් මූදෙවත් ස්වීමින්පූල් එකකවත් නාන්නෙ නැහැ..ඒවට හේතු තියනවා(රහසිගතයි.)
Deleteමම මූදට ආශ නැහැ..කවුරු කෝම කිව්වත් මූදෙ තියන දැඟලිල්ලටයි ගෝෂාවටයි මම කැමතිම නැහැ..හෙමින් ගලාගෙන යන ගඟකට වැවකට ආශයි.. පැනල නාන්නත්...
ඒ උනාට බොලේ අර එදා කාපු අයිස්ක්‍රීම් රසයි...ඒ උනාට මතක් වෙද්දි අප්ප්රියයි..
හෆ්ෆා චෝකෝ වලට කැමති නැහැ කියුවා. :පි අපි කැමති :ඩි
Deleteමගෙ ඔලුව කැක්කුම හැදෙනව බං පැණි රස කෑවාම...වමනෙ දාන්න ඕනෙ නම් ''රටකජු''...:D:D
DeleteI like the way you handled the situation. ඕනම දෙයක් කරද්දි මල් වගේම ගලුත් එල්ල වෙනවානේ. කොහොම නමුත් ඔයාගෙ බ්ලොග් එක ෆේමස් උනානෙ.. අළුත් අක්ක කෙනෙක් ලැබුනු එකට සුභ පතනව. ඔය බැඳීම සදහටම තියාගන්න එතකොටයි වටින්නෙ.
ReplyDeleteස්තූතියි ඔයාට..මම ඔය ලොකු මිනිස්සු කරන විහිලු දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නව..
Deleteමේ කිරිල්ලි පියාඹලා ඇවිත් ඉන්නේ..
ReplyDeleteඑහෙනම් දැන් නෑනා කෙනෙකුත් හම්බුනා.. ඒක නෙමෙයි ඔයාට මොකො වේලස්සනම නිවාඩු.. අපිට ලබන මාසෙනේ??
හ්ම්ම්..හ්ම්ම්..නෑනා නම් මටම මවපු කෙනෙක් වගේ..මට සති 2 ක් මේ මාසෙ..තව සති 2ක් ලබන මාසෙ...
DeleteMan oyawa hoyana hamadama awa. Eth oya na. Moko kenthi gihin? Ohoma thama athey angli 5a eka wage nane, opa dupa hoyana aya wadi. Issaranam gahanu,,,, eth Dan pirimi aya thamai hoyanne. Oyata liyanna thiyena de oya liyanna. Nai unata moko, rasa vindinna puluwan nam.
ReplyDeleteApith giya eka dawasa blueberry pick karnna. Harima vinodai.oyata Honda nana kenek labenna ne yanne .shoooii.
ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට කුමාරි...මාත් ආශම ගමනක් තමා පලතුරු කඩන්න යන එක..හැබැයි හොරෙන් වතු වලට පැනල කඩනකොට තමා මාර ගතියක් එන්නෙ..හික්ස්..
Deleteහ්ම්ම්..හ්ම්ම්..මොනා කරන්නද මෙයා..නයි පොළොංන්ගුත් ඉන්න එපායැ..:D:D
(මුලින්ම කියන්න ඕනේ මේකයි..... අඩු ගානේ ටොපි කොලයක්වත් අරගෙන වරෙංකෝ පාටියකට ගියාම... )
ReplyDeleteරෝස මලුත් අවුලක් නෑ මම දැකලා තියෙනවා මිනිස්සු රෝසමල් කනවා කියලා....
අන්තිම පොටෝව පට්ට ඈ....
ඔයා දාලා තියෙන අන්තිම කරුණු කාරනා ගැන හොයන්නවත් වද වෙන්නවත් ඕනේ නෑ අක්කේ.කොහොමත් මෙහෙම කතාවක් තියෙනවනේ....
"මා හරි උගතා...
මා හරි ජගතා...
සිතනා මිනිහා...
මෝඩයෙකි"
ඉතින් ඒක ඇත්ත කියලා කස්ටිය පෙන්න ගන්න අති උත්කර්ෂවත් අවස්ථාවක් තමා පහුගිය දවස්වල අපි දැක්කේ.... සන්තෝසයි නේද...
නැවත පැමිණිම ගැන සන්තෝසයි වලි කිරිල්ලිස්....
අපූරුවට වැදගත් විදියට ඉන්න පුලුවන් උගත් කියන මිනිස්සු ඇයි මේ විධියට හැසිරෙන්නෙ අප්පා..? ඈ ගැමී ලංකාවෙ අය ඔහොමද හැමෝම? ගොඩක් දෙනෙක් කියන්නෙ නම් එහෙමලු..අනේ මට නම් දැන් බයේ බැහැ ..ඒ කියන්නෙ මම ආපහු කවද හරි ලංකාවට ඇවිත් ජීවත් වෙන්න හිතා ඉන්න නිසා....
Deleteසිංන්දුව නම් මරු..ඕක වික්ටර් රත්නායකගෙද?
''කල දේ..පල දේ..එලෙසේ..''
මම ඒත් බැලුවා මෙයා කොහේ ගිහින්ද කියලා ?
ReplyDeleteකොහෙ යන්නද මෙයා..මේ ඉන්නෙ මම ...:D
Deleteකාලෙකින් ඇවිත් මොකෝ මේ නයෙක් අල්ලන්.. :D..
ReplyDeleteජිවිතේ කියන්නේ හරි පුදුම දෙයක් කිරිල්ලි.. අපිට ඒක කවදාවත් තේරුම්ගන්න බෑ.
හානේ ඔයා..! අනේ මම නයෙක් අල්ලගත්තෙ නෑ කුමාරිහාමි..මම හුරතලේට ඇති කරන නයාව මේ ලොකු අයියල අල්ලගෙන..ඉහි..ඉහි..!!
Deleteලස්සන නිවාඩු කාලයක් ගත කරලා වගේ!
ReplyDeleteඅලුත් නෑයෝ එකතු වීමට ඔන්න මගෙන් සුබ පැතුම්! :D
තැන්කූ..තැන්කූ..මම ගොඩාක් සතුටින් ඉන්නෙ ඒ ගැන.
Deleteමම දැන් සති කීපෙකට කලින් මේ බ්ලොග් එකේ ඔක්කොම කතා ටික කියෙව්වා.
ReplyDeleteඒත් කමෙන්ට් කලේ නම් නැද්ද කොහෙද.
අද හිතුන කමෙන්ට් එකක් දාලා යන්න.
රකුසාගේ කතාවේදී නම් අක්ක කරපු දේ හරි.ඒ වගේ දෙකට මූණ දුන්න කෙනෙක්නෙ එකේ දුක දන්නේ නේද?
අනිත් එක,පහුගිය ටිකේ වුන දේවල් හැම එකක්ම අලුත් අත්දැකීමක් කියලා හිතලා ඉස්සරහට යන්න.
ජයෙන් ජය අක්කට!
ස්තූතියි ඔයාට...ජීවිතේට අත්දැකීම් ඕනෙමයි..හොඳ නරක..කැත ලස්සන..එහෙම නේද?
Deleteඅනිවා..අපිට මොකෝ අපේ මොකෝ නේ?
Deleteඅහන දකින දේවල් වලින් හොඳ දෙයක් තියේනම් අරගෙන ඒ කණින් අහල මේ කණින් පිට කරන්නයි තියෙන්නේ.
එහෙම නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බෑ..:))
නගා..මම මුලින්ම මේ බ්ලොග් අවකාශෙට ඇතුල් උනේ 2009 වසරෙ..එදා ඉඳන් මේ දක්වා මේක ඇතුලෙ උන හැම දෙයක්ම දැක්කා..ඉතින් එදයි අදයි කියල වෙනසක් නෑ..බ්ලොග් එක මගෙ ජීවිතේ නෙවේ..මගෙ ජීවිතේ මීට වඩා බොහෝ දේවල් වලින් පිරිල..මම ගොඩාක් වැඩ කටයුතු වලට මැදි වෙලා ඉන්නෙ..මේකෙ ඉන්න මිනිස්සු කරන විකාර, භූත, කුහක ජෝක් වලට මගෙ ඔලුවෙ ඉඩක් නැහැ කවදාවත්.....:D
Deleteබ්ලොග් ගැන දැන ගත්ත මුල්ම කාලෙ හිස් අහස, සොදුරු හදවත එක්ක අළු පාට හැන්දෑව තමයි මම මුලින්ම බලන්න ගත්තෙ... අන්තර්ජාලය අතලොස්සක් යහපත් මිනිසුන්ගෙන් සහ වැඩි පිරිසක් අවස්ථාවාදීන් ගෙන් පිරිල...
ReplyDeleteබ්ලොග් ලොවත් ඒ වගේය... ඒ මගේ පරිස්සමට යා යුතුය යන්න පැහැදිලි වුණා.. ඔයාගෙ කතාව කියවල... ඔයාට ස්තූතියි ඒ අත්දැකීම බෙදා ගත්තට.. ඒක අපි හැමෝටම පාඩමක් ඇත්තටම....
ගොඩාක් ස්තූතියි තරු..ඔයාලගෙ වචන තමා මාව ඉදිරියට අරන් යන්නෙ..වැටෙන්නෙ නැතුව..සැළෙන්නෙ නැතුව.....
Deleteලස්සන පොටෝ ටික... මාත් ආවේ කාලෙකින්...
ReplyDeleteහප්පේ මෙයාව දැක්ක කල්...පොටෝ ටික ඒ තරම්ම ලස්සනද? හික්ස්ස්...
Deleteඔය නිවාඩුවට ලංකාවට පියාඹල එන්න හිතුනෙම නැද්ද අප්පා...?
ReplyDeleteහිතුනෙ නැත්තෙමත් නෑ..ඒත් මට තනියම එන්නෙ බෑනෙ..:(
Deleteලස්සන අතීතයක්.....
ReplyDeleteහෙල්ලෝ....කාලෙකට පස්සෙ මෙයා මෙන්න..! :)
Deleteසිරාවට..කොහෙද Shaggy ගිහිං හිටියෙ..හිරේ නෙමේනෙ....?
Deleteහෆොයි අපොයි ඔන්න ගැහැව්ව මඩක්..හික්ස්.!
Deleteආ...ආ...ආ... ඔය ඇවිත් ඉන්නෙ සවාරි ගහලා... මම ඒත් බැලුවා කිරිල්ලිව නයෙක් වත් කාලද කියලා.... "හමන සුලං මකුලු දැලෙන් නවත්තන්න බෑනෙ. දිගටම ලියන්න කිරිල්ලි.. ඔයාට ජය වේවා!!!!
ReplyDeleteඔයාට ගොඩාක් ස්තූතියි.! මම ලියනව ඔව් ඔව්..
Deleteපොඩි කාලේ ගත්ත පිංතූරයක් ද..කට්ටියම ලස්සනට නටනවා.....
ReplyDeleteදුප්පත් ලමයි ටිකක් අනේ මඩ නාගෙන සෙල්ලම් කරනවා...උන් ඉතින් වෙන මොනා කරන්නද?
Deleteසුභ ආරංචියකුත් එක්කම ඇවිත් තියෙන්නේ කිරීල්ලි.there's a famous saying " Isnt it strange that people who says lots of bad things about us only knows our name !"
ReplyDeleteහෙ.හේ..මම ඔය කතාව සිය දහස් වාරයක් කියල තියනව...අනේ ඇත්තට මම නම් හිතන්නෙ ඕක ලංකාවටම ගැලපෙන්න හදපු කියමනක්..ස්තූතියි ඔයාට.
DeleteThumbs Up For The Saying!
Delete:):):)
Deleteඒකෙන් මේකෙන් උනේ මමත් ඔයාගේ බ්ලොග් එක කියවන්න ගත්ත එක ... මටනම් නයි පොලොන්ගු හම්බුනේ නැහැනේ...:) දිගටම ලියන්න..
ReplyDeleteහෙ..හේ..කිරිල්ලි ආදරෙන් පිලිගන්නව ඔයාව..!
Deleteපතාක නයි,දාර පොළොංඟු..ඇනකොන්ඩො..බලන්න ඕනෙ නම් ඔය කියන අයගෙම බ්ලොග් වල ටිකක් අතීතෙ පෝස්ට් වල බලන්නකො..මෙහෙ නයි,පොළොංඟු නැති නිසා මගෙ බ්ලොග් එකේ උන් නැහැ..:D:D:D
කිරිල්ලිට මොකද උනේ කියලා මමත් බැලුවා. සතුටුයි ඔයා හොඳින්නෙ. බල්ලෙක් බිරැවට කඳු පාත්වෙන්නෙත්නෑ, බල්ලෙක් හපාකෑවට අපි බල්ලා හපාකන්න යන්නෙත්නෑ බල්ලට පොල්ලකින් ගහනවා මිසක්. ඔයා ලියන්න දිගටම
ReplyDeleteආන්ටි අහ් ඔයත් හිතුවෙ මම යන්නම ගිහින් කියලද? බල්ලන්ට කවුද අනේ බය.හික්ස්.
Deleteඔයා දන්නවද සමහරු ඉන්නවනෙ බටහිරට ගිහින් පදිංචි වෙලා ජීවත් වෙන්න හීන මවල ඒවා හැබෑ උනේ නැති අය...ඉතින් එයාලගෙ තරහ අසහනය පිටකර ගන්නෙ ඔන්න ඔය විදියට තමා..පව් ඉතින්.අපි මොනා කරන්නද.?
අදමයි අළුපාට හැන්දෑවේ මොනවා හරි කොටන්න කියල ආවේ......ලස්සන කතා පොඩ්ඩ ඈ..මමත් මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් ලොකු දවසක් නෑ..හැබැයි ඒ ටික දවසට වැහිලා තිබිච්ච ගොඩක් මුණු වල හැංගිලා තිබිච්ච ගති ගුණ ගොඩක් දැක්කා....අනිවා ආයේ එන්නම් ඈ....! :)
ReplyDeleteනාඩියාගේ නාඩි වැටෙන හැටි බලල යන්නත් වෙලාවක් තිබ්බොත් එන්නකෝ.....
මම බ්ලොග් එක ලියන්න ගත්තෙ නම් මාස 8 කට කලින්..ඒත් අවුරුදු 3 ක් තිස්සෙම මේකෙ ඉන්න අය කවුද කියල හොඳට තේරුම් අරන් ඉන්නෙ..පරිස්සමෙන් කල්පනාවෙන් හොඳ යාලුවො ඇසුරට ගන්න..ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට..මමත් එන්නම් ඒ පැත්තෙ...:)
Deleteඅහ්, අහම්බෙන් නමුත් හොඳ නිවාඩුවක් ගත කරලා ඇවිත්නෙ. අර චීස් කතාව ඇහුවම මතක් වුණේ, වරක් ලංකාවට ආව මගෙ රුසියානු මිතුරාත් මගෙන් ඇහුවා ඇයි අපි එළකිරිවලින් නිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ කියල. ඇත්ත, අපි දියර කිරි සහ මුදවපු කිරි හැර වෙන ආහාර වර්ග හදන්නෙ නැහැනෙ.
ReplyDeleteආදරෙන් පිලිගන්නව ඔයාව අළු පාට හැන්දෑවට අක්කේ.........
Deleteමාත් නිතරම හිතන දෙයක් තමා ඕක..හම්බන්තොට පැත්තෙ මීහරක් ඔක්කොම කොලඹට පටවනවලු මස් වලට...
අඹේවෙල ගිය වෙලාවෙ දැක්ක හරිම සුලු ප්‍රමාණයක් චීස් නිෂ්පාදනය......
අපිට පුලුවන්..ඒත් අපේ අයට වටින්නෙ අර ඔස්ට්‍රේලියාවෙනුයි නිව්සීලන්ඩ් වලිනුයි එන ඒවනෙ...අනේ මන්ද අක්කේ.:(:(
පළවෙනි වතාවට මේ පැත්තේ ආවේ. මම කැමතිම ආරක් ඔයාගේ කතා වල තියෙන්න. අද ඉදල වෙලාව තියන හැම තිස්සෙම මේ පැත්තේ එනවා.
ReplyDeleteආදරය ගැන ඔයාගේ කියවීම් වේදනාකාරීයි. හැබැයි අහඹුවක් නම් නෙමේ. මේ හැගීම 'වෙනත් වචන' වලින් විදලා තියනවා.
මේ පොස්ට් එක ගැන නම් කියන්න තියෙන්නේ අර ෆොටෝ එකේ පොඩි එවුන් ටික නම් නියමයි. තව ටිකක් මේරුවා නම් 'හඩු ගතිය' නැති විදිහට නටන්න තිබ්බා.
ආදරෙන් පිළිගන්නව කිරිල්ලි ඔයාව......
Deleteහික්ස්....කොච්චර මේරුවත් ඔය පොඩි උන්ගෙ හඩු ගතිය නම් අරින්න බෑ අනේ...:D:D
ඔන්න අද තමා බ්ලොග් එක සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරේ.සෑහෙන කාලයක ඉදලා කියවන්න හිතන් හිටියත් කියවන්න පුළුවන් උනේ ලගදී ඉදලා. මේ ලගදි බ්ලොග් අවකාශේ කතාබහකුත් ගියානේ බ්ලොග් එක ගැන..
ReplyDeleteඑළ! ලියලා තියෙන විදිය.. කවුරු මොනවා කිව්වත් ඒවා ගනන් නොගෙන නොසැලී ඉදිරියටම යන එක තමා හොදම වැඩේ. ජය වේවා!
ස්තූතියි ඉෂාන් අළු පාට හැන්දෑවට ආවට..කිරිල්ලි ඔයාවත් ආදරෙන් පිළිගන්නව හොඳේ?
Deleteබ්ලොග් අවකාශෙ තියන 'මඩ නැටුම්' වලට මට හිනා යනව එච්චරයි.ඒක එයාලගෙ විනෝදෙනෙ..ඇයි ඔයා දැක්කෙ නැද්ද ඊට පස්සෙ 'අඩවි රජා' මල්ලිව අල්ලගෙන තොවිලෙ දිගටම අරන් ගියා? හික්ස්.
දැක්කා දැක්කා.. තව අලුත් කතාත් එළියට ආවේ ඕවා අස්සෙන්.අලුතෙන් බ්ලොග් පවා හැදුනනේ ඒවාට උත්තර දෙන්නයි මඩ ගහන්නයි.. හික්ස් !
Deleteසිරිලංකාවේ අසිරිය තමා..හික්ස්..
DeleteMANJULA PATHIRANA: බොහොම ස්තූතියි ඔබගේ දැනුම් දීමට..මේකද අලුත්ම විහිලුව??..ෂහ් මාරයිනෙ..ඔයා කැමති උනත් නැති උනත් මම නම් මාර කැමතියි ඒකට..අපිට හිනා වෙන්න පුලුවන්...hiks :D:D:D:D(තරහ වෙන්න එපා කොමෙන්ට් එක පල කලේ නැතුවට..මගෙ බ්ලොග් එකේ අහක තියන කුනු ගෙනත් දා ගන්නෙ නැහැ මම කවදාවත් හොඳේ?)
ReplyDeletehodin inna inna awanka wenna wenna gal mul wadiyi..thamange dewal waha gannane ohoma karanawa kiyanne...suba gaman..
ReplyDeleteඅනේද කියන්නෙ....වයස අවුරුදු 9 ඉඳන් යුරෝපෙ ජීවත් වෙන මට ඔය ගොන් ජෝක් මෝඩ ආතල් වලින් ගහන්න බෑ...thanks..!
Deleteඔයාගේ ධෛර්යය මම අගය කරනවා නංගී......
ReplyDeleteසමහර මිනිසුන්ගේ හදවත් වල නයි පොළොන් විෂට වඩා අන්ත විෂ තියෙනවා....
ඒ විෂෙන් නැසෙන්නේ ඒ අයමයි....
හරිම පුදුමයි නේද?
ඔව් අක්කි...ඉරිසියාව කුහකකම හිතක ඉපදුනාම ඒවා නයි පොළොන් විෂ වෙලා ඒ තැනැත්තවම විනාශයට පත් කරනවා.....මට ලංකාවෙ මනුස්සයින්ව ඇසුරු කරන්න අවස්ථාව ලැබුනෙ මේ බ්ලොග් අවකාශයට පින්සිදු වෙන්න දැන් නම් දන්නව විෂකූරු නයි,පොළොන්ගු,ලේ මාපිල්ලු වගේම මිනිස්සුත් ලංකාවෙ ඉන්නව කියල....
Deleteවෙල්කම් බැක් ෂෝඩූ :)
ReplyDeleteඅහ් ඔයාගේ බ්ලොග් එකනේ ෂෝඩූ ...කැමති විදියකට ලියන්න අපි අනුන්ට බැනලා ,අපහාස කරලා නෙවෙයි නම් ලියන්නේ ,ලිව්වේ කුණු හරුප නෙවෙයි නම්,එච්චරයි . ජස්ට් ඉග්නෝර් අදර් තින්ග්ස් :)
මම කමෙන්ට් නම් දාන්නේ නෑ මේ බ්ලොග් එකේ එත් ඉඩ ලැබුනම කියවනවා .
ගොඩාක් ස්තූතියි ඔයාට..ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට..මේ දවස් වල ලියන්න පරක්කු උනේ,, සමර් කාලෙනෙ..කලුවර වෙන්නෙ රෑ 10 ට අපි ඉතින් ගොඩාක් වෙලා එලියෙ ඉන්නෙ..අනික මාසයක් නිවාඩු නිසා ගොඩාක් වැඩ..ඔයා හරි මම ඔය කුහක මිනිස්සු කියන ඒවා කවදාවත් ගනන් ගන්නෙ නැහැ...''අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ''...හෙ..හේ..!! :D:D
Delete