My Blog List
Monday, 30 July 2012
සිගරට් එකක් බොමුද..?
අලුත් පෝස්ට් එකක් ලියන්න කිහිප වතාවක්ම උත්සහ කලත් මොකක් හරි බාධාවක් වෙනවා..මේ ජූලි අගෝස්තු මාස දෙකේ කිසිම වැඩක් පිළිවෙලකට සංසුන් හිතකින් කර ගන්න බැහැ කවදත්..එකක් ගින්දර වගේ රස්නෙ,අනික සමර් නිවාඩු ගන්න නිසා වෙනදට වඩා දෙගුනයක් වැඩ කරන්න වෙනවා..කරුවල (කලුවරද මන්ද.)එන්නෙ රෑ 10 පහුවෙලා..ඉතින් වැඩ ඇරිල ඇවිත් අපි එලියෙ ඇවිදින්න යනව..බොහෝ දුරට රෑට කන්නෙත් එලියෙන්..ඉතින් ගෙදර ආවාම පුදුම මහන්සියක්..ලියන්න දෙයක් ඔලුවට එන්නෙම නැහැ..ආවත් වචන මතක නැහැ ගලප ගන්න...ඉතින් මට තව දවස් 15 ක් හෙට අනිද්දට නිවාඩු ලැබෙනවනෙ එතකොට දිග පෝස්ට් එකක් ලියන්නම්..එතකම් බලන්න මේ අමුතු සිගරට්ස් මොනාද කියල...........
මම අවසන් වතාවට ලංකාවට ආවෙ 2008 අවුරුද්දෙ නත්තල් කාලෙ..එදා මෙදා තුර ලංකාවෙ සාප්පු වල තියන අලුත් අලුත් බඩු,අලුත් නිෂ්පාදන ගැන මම දන්නෙ නැහැ ඔන්න..ඒ නිසා මේ දේවල් ඔයාලට අමුතු දේවල් වෙන්න බැහැ සමහර විට..ලංකාවෙ වෙළඳ පොලෙත් මේවා ඇති මම හිතන්නෙ..අපි බලමු.
මට සිංහල බර වචන ලියන්න බැහැ. ඒ නිසා මට පුලුවන් විදියට මේ කතා කරන භාශාවෙන් පැහැදිලි කරන්නෙ, සොරි හොඳේ..
මේවා දැනට නිෂ්පාදනය කරල තියන අලුත්ම සිගරට්ස්.!!
මේවා ඉලෙක්ට්‍රොනික්ස්..!!
දුම්පානය කරන එහෙමත් නැත්නම් දුමට ඇබ්බැහි උන අයියල,අක්කල,මල්ලිලා, කාට කාටත් ඒ වගේම වැඩිහිටි අයටත් වෙන් වෙන් වශයෙන් මේව නිපදවල තියනව..ලාවට දුම් බොන අයටත්..ඉතා තදින්ම ඇබ්බැහි උන අයටත් ඔබින විදියට,ගෑනු පිරිමි අයට සුදුසු විදියට,ඕනම පාටකින් ඕනම මෝස්තරයකින් මේවා මිල දී ගන්න පුලුවන්..
ඒ වගේම මේවා සිගරට්ස් විතරක්ම නෙවේ සුරුට්ටුත් තියනවා මෙන්න මේ වගේ...
මේ සිගරට්ස් වල විශේෂත්වය තමා, මේවා ''ශරීරයට අහිතකර නොමැති වීම''.
අපි දන්න දකින සාමාන්‍ය සිගරට් එකකින් ලැබෙන දුම්බීමේ තෘප්තිය බිඳක්වත් වෙනස් නොවී එලෙසින්ම මේවයින් ලැබෙන අතර,ශරීරයට කිසිම අයුරක අහිතරකර තත්වයක් අනතුරක් වෙන්නෙ නැති බවට නිශ්පාදකයො සහතික වෙනව..
ඔය පින්තූර වල පේන විදියට මේවා නොයෙක් පාට වලින් වෙනස් මෝස්තර වලින් නිපදවල තියනවා.හරිම ලස්සන හිත් ඇදගන්න ඇසුරුම් වල එන්නෙ එක ඇසුරුමක සිගරට්ස් දෙකක් බැගින්..මේ සිගරට්ස් එකක් මාස 6 ක් නොකඩවා පාවිච්චි කරන්න පුලුවන්.මේවා ඇතුලෙ තියන පුංචි ෆිල්ටර් එකකට විශේෂ දියරයක් පුරවන්න ඕනෙ පාවිච්චියට කලින්..ඒ දියරයත් පුංචි ලස්සන කුප්පි වල එනව අපූරු ඇසුරුමක.....
මේවල මුල් නිෂ්පාදකයො තමා චීනය...ඉතින් එයාල අපේ අසල්වැසියො නිසා මේවා අපේ රටේ නැති වෙන්න බැහැ කියලයි මට නම් හිතෙන්නෙ..දුම් පානයෙන් කාව හරි මුදව ගන්න එක ලොකු පිනක්..!!
දුම් පානයට ඇබ්බැහි උන ඔයාල ආදරේ කරන කාටම හරි,අයියලාට අක්කලාට තාත්තලාට නැත්නම් පෙම්වතාට එයාලගෙ ජීවිතේ විශේෂ අවස්තාවකදි තෑග්ගක් වශයෙන් පිරිනමන්න මේක හරිම ෂෝක් බඩුවක් නේද??? :) :) :)
Subscribe to:
Post Comments (Atom)
කාට හරි තෑගි දෙන්ට නම් හොඳයි තමා. කල්පනා කලේ බොන අය නෑනේ. අප්පච්චි බොන්නේ නෑ. දන්න නෑයොත් බොන්නේ නෑ. කොල්ලාගෙන්වත් අහලා බලන්ට ඕනි. හී හී...
ReplyDeleteකොල්ලගෙන් කිව්වෙ....
Deleteකොල්ලගෙන් කිව්වෙ........
Deleteඅන්න අන්න.. අර බිළාලයා මොකෙන්ද එලියට පනින්න වගේ හදන්නේ :P
DeletePodi Kumarihami@..හෙ.හේ...කොල්ල කියන්නෙ අර..අර..කුමාරයටනෙ.අහල බලන්නකො එහෙනම්.:):)
DeleteSkyman125@..කොල්ල කිව්වෙ කොල්ලට...මෙන්න මෙයා..:D
Deleteතොටියා@..මල්ලෙන් මෙයා මල්ලෙන්....:D:D
Deleteකට්ටිය කලබල වෙලානේ. මම කොල්ලා කීවේ අර බැල්කනියේ ඉඳන් මේ පැත්ත බලාගෙන ඉන්න අල්ලපු ගෙදර කොල්ලාට.:D:D:D
Deleteඒක මිසක්..ඒක මිසක්..මම ඒත් හිතුව ගෙම්බන්ට කොල්ලො කියන්නෙ නෑනෙ..:D:D:D
DeletePoddita onemana nam mata dusimak vihara evanata. DD
DeleteMmmm,,,,, maath dakala thiyenawa...
ReplyDeleteMan 1st da manda,,,,,,,
හෙ..හේ ඔයා 2..මම නම් මේ දැක්කමයි අනේ...:)
DeleteBalanna Kirillie Poddi mata issara awith ne?
Deleteමේ ලෝකෙන් පලමුවෙනියට නින්දෙන් අවදි වෙන්නෙ පොඩ්ඩි.....:D:D:D
Deleteඅපිනම් ඉතින් "දුමින්ද" ලා නෙවෙයි හින්දා මේකෙන් ඒ හැටි වැඩක් වෙන්නෙ නෑ.
ReplyDeleteමාස 6ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් කියන්නෙ සීනියර් දුමින්දලාට තමන්ගෙ බජට් එක බැලන්ස් කරගන්න සෑහෙන හයියක්....(සාමාන්‍යයෙන් සීනියර් දුමින්ද කෙනෙක් දවසට "සියේට්" 10ක් වත් පත්තු කරනවා, දැන් මිල ගණන් අනුව වියදම රු.200 ට වැඩියි,තනි මිනිහෙකුට තුන්වේල යාන්තම් හරි කාලා ජීවත්වෙන්න ප්‍රමාණවත් මුදලක්....)
ඔව්..ඒ උනාට මෙහෙ මේක ගොඩාක් ගනන් අයියේ..මිල ගනන් එක්ක පොටෝ දැම්මෙ නැහැ මම කට්ටිය බය වේවි කියල..චීනයෙන් ගෙන්වන ඒවා ලංකාවෙන් ගන්න පුලුවන් වේවි අඩුවට මම හිතනව...
Deleteතවත් සිගරට් බීමක් නෙව...
ReplyDeleteඊටත් වඩා හොද නැද්ද සිගරට් බොන එකේ ආදිනව කියලා එයාව දැනුවත් කරලා සදහටම ඒකෙන් මුදවා ගන්න එක !!
මොනා උනත් නියම නිශ්පාදනයක් !!!!
කියන දේ හා හොඳමයි කියල අහන අය ඉන්නව නම් හොඳයි ඉතින්....:D
Deleteකලින් අහල තිබ්බට මෙච්චර විස්තර දැනන් හිටියෙ නැහැනෙ. වැඩේ නම් හොඳයි. පොඩි අඩුපාඩු ටිකකුත් හිතුනා හැබැයි.
ReplyDeleteElectronic විදිහට හරි දුම්බොනවා දැක්කහම පොඩි වුන් නොමඟ යන එක.
අනෙක ඕක කැඩුනොත් එහෙම පුරුදු විදිහට හැබෑ සිගරට් එකටම පුරුදු වීම.
එහෙම පොඩි අඩුපාඩු තිබ්බත් තමන්ගෙ හිතවතෙක් දුම්පානයෙන් අයාලේ මරණයට ලංවීම වලක්වා ගන්න නම් හොඳ ක්‍රමයක්!
ඔව් ඔයා කිව්ව කාරනා ඇත්ත..මේක දැක්කාම පොඩි උන්ට උනත් හිතෙනව තමා අත් හදා බලන්න..(මටත් හිතුන.):D:D
Deleteමේවා ලංකාවෙත් තියෙනවා කිරිල්ලි රැ 3000 - 2500 මිළ පරාසයේ තියෙන්නෙ... නිෂ්පාදකයා කෙසේ කිව්වත් මේ E සිගරට් එකෙන් ශරීරයට හානියක් වෙනවද නැද්ද පිළිබදව
ReplyDeleteනිෂ්චිතවම තවම කියන්න බෑලු...
http://en.wikipedia.org/wiki/Electronic_cigarette
ඔය ලින්කුවෙන් වැඩි විස්තර බලන්න...
මට නම් මේවා ගැන කිසිම දැනීමක් නැහැ.ලස්සනට දැක්ක නිසා ටිකක් විපරම් කරල බැලුවාම ඕක තමා හොයා ගත්තෙ.හැබැයි මේවට පාවිච්චි කරන්නෙ ''වෙජිටබල් ග්ලිසරීන්'' ලු...මේවල මෙහෙ ගාන නම් ඔයිට වඩා ගොඩාක් වැඩී..
Deleteහ්ම්. මම දැක්ක පත්තරේ. හැබැයි මිල ටිකක් වැඩිද කොහෙද! ඒ වගේම සිගරට් තරම් නැතත් ඊට වඩා අඩු හානිදායක බවකුත් මේවයේ තියනව.
ReplyDeleteඅනේ ඔව්ව ගන්නවට වැඩිය හොඳයි සුපුරුදු විදියට විසිතුනක් දීල අරගෙන, ඇදල විසිකරනඑක! :)
මාත් හිතනව අඩු හානිදායක බවක් තියනව වගේ..මේක ඉතින් ලේසියි,පහසුයි.
Deleteහෆ්ෆා මමනම් මේ දැක්කමයි .. නියම භාණ්ඩේ
ReplyDeleteමාත් දැක්ක ගමන් ආශ හිතුනා.ඒ උනාට මම දුම් බොන්නෙ නැහැනෙ...:D
Deleteමම හොයා හොයා හිටියෙම මේ වගේ එකක් තමයි...කීයක් විතර වේවිද දන්නේ නෑ ..හ්ම්ම්ම්
ReplyDelete23 * 10 * 30 = 6900
මේක 10000 ගත්තත් ලාබයි වගේ
හෑ..? ඔයා ඕක ඉක්මනින් අඩුකර ගන්නවා නම් තමා හොඳ.මේක 10000 කට ගන්න බැහැ.දුකකි..තිතකි....:D
Deleteඅලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී නොවැ :D
ReplyDeleteඒකනෙ.ඒකනෙ...:D:D
Deleteඅහිතකර නෑ කිව්වේ???මොනාද මේකේ තියෙන රසායන ද්‍රව්‍යය?????කොහොමද මේක වැඩ කරන්නේ????නාඩියාට ප්‍රශ්න ගොඩයි!!!!!
ReplyDeleteඅහිතකර නැහැ කියන්නෙ ඒ ඒ නිෂ්පාදකයො මම නෙවේ හොඳේ? මේක වැඩ කරන්නෙ නම් මෙහෙමයි,,අපි දැන් පෑනකට තීන්ත පුරවන්නෙ අන්න ඒ වගේ මේක ඇතුලෙ තියන චුට්ටි ෆිල්ටර් එකකට දියරයක් පුරවන්න ඕනෙ..ඒ දියරය වෙනම ගන්න තියනව පුංචි කුප්පි වල..ඒ දියර එක එක විදියට හදල තියනව..වෙජිටබල් ග්ලිසරීන්,අඩු හානිදායක නිකොටින්, වගේ දියර...
Deleteඅනේ මටත් මෙයින් දුසිමක් ගන්න ඕනේ.....
ReplyDeleteහික්ස්..ඔය පැත්තෙන් හොයල බලන්න...:)
Deleteශික් අපරාදෙ.... මම සිගරට් බොන්නෙ නැත්තෙ...
ReplyDeleteඑහෙනම් ඔයා හොඳ ලමයෙක්, ඕව දිහා බලල නරක් වෙන්න එපා..:D
Delete'මේ සිගරට්ස් වල විශේෂත්වය තමා, මේවා ''ශරීරයට අහිතකර නොමැති වීම''.
ReplyDeleteඅපි දන්න දකින සාමාන්‍ය සිගරට් එකකින් ලැබෙන දුම්බීමේ තෘප්තිය බිඳක්වත් වෙනස් නොවී එලෙසින්ම මේවයින් ලැබෙන අතර,ශරීරයට කිසිම අයුරක අහිතරකර තත්වයක් අනතුරක් වෙන්නෙ නැති බවට නිශ්පාදකයො සහතික වෙනව..'
එහෙනම් මේක මේවට පුරුදු උන අයට යහපතක්ම වේවි හ්ම්ම් හ්ම්ම් ..
ස්තූතියි යාළු අපිට කිව්වට මේ ගැන හ්ම්ම් :)
මේ ශොප් එකේ අයිතිකරු මේවයින් වැඩිම ගනන් එකක් අතේ තියන් කෝච්චියක් වගේ දුම් ද දා ඉන්නෙ.මට ඒක දැක්කාම හිතුනෙ ලඟදිම මේ කඩේ නම් වහන්න වෙනව කියල..හික්ස්.
Deleteහය්යෝ මම ආවේ මෙයත් එකා සැට් වෙලා සිගරට් එකක් ගහන්න.... සික් මේ සිගරට් ප්‍රමෝෂන් එකක්නේ
ReplyDeleteමෙහෙනම් මෙව්ව තියනවා... :D :D
සිගරට් ප්‍රමෝෂන් එකක් නෙවේ.සිගරට් බොන අයට පිලියමක්.මම බොන්නෙ නැහැ..හී.හී..
Deleteඅරක්කු පොඩ්ඩක් බිව්වට සිගරැට් නම් මමත් අනුමත කොරන්නෑ...හික්ස්
ReplyDeleteඅරක්කු පොඩ්ඩක් බිව්වට සිගරැට් නම් මමත් අනුමත කොරන්නෑ...හික්ස්
ReplyDeleteඑතකොට ඔයාට අරක්කු අනුමත කලේ කවුද? :P
Deleteවෙලාවට මට නම් එහෙම දෙන්න අය නෑ.ඕකෙ ෆිල්ටරින් සිස්ටම් එක හොදද? ඒක නිසාද ඕකෙ අවුලක් නැත්තෙ.
ReplyDeleteෆිල්ටර් එකට වඩා ආරක්ශිතයි අර ඒකට පුරවන දියර..මටත් ඉතින් දෙන්න කෙනෙක් නෑ අක්කෙ.හී..හී..
Deleteසිගරට් වලට ඇබ්බැහි වෙච්ච අයට තව විකල්පයක් :)
ReplyDeletehttp://www.nicotinell.dk/index.shtml
මේක නම් තාම ලංකාවේ නැතිව ඇති .. ( danish වලින් තියෙන්නේ )
එක එක විකල්ප තියනව මේ රටවල..ඒත් වඩා හොඳ බොන කෙනා තමන් ගැන හිතල තනියම නවත්වල දානව නම් තමා නේද?
Deleteඅනිවාර්යෙන් ... මේ ලිපියේ කතාවුනේ සිගරට් බොන එක හොඳද නරක කියන එක නෙමෙයි හින්ද මේ ලින්ක් එක දැම්මේ...කාවවත් ඒ සඳහා පොලබවන්න නෙමෙයි :) සිගරට් කියන්නේ මම බොන දෙයක් වත් බීපු දෙයක් වත් බීල බලන්න ඕනේ කියල හිතන් ඉන්න දෙයක් වත් නෙමෙයි. :D
Deleteහරි හරි ලමයා..අපි ඔයා ගැන වැරැද්දක් හිතුවෙ නැහැ...:D:D
Deleteමට එකක් එවන්න.. මාස 6කට පස්සේ තව එකක් ඕඩර් කරන්නම්..
ReplyDelete:ඩී
එකක් ඇත්ද? ඉතින් අවුරුදු තුන හතරකටම එකපාර ගන්නකො..:D:D
Deleteතාක්ෂණේ නම් හොඳයි හැබැයි ඉතින් ඕවා ලංකාවේ කීයට විකුණයිද දන්නෑ....
ReplyDeleteලංකාවෙ නිෂ්පාදනය කලොත් අඩුවට දේවි..නැත්නම් චීනෙන් ගෙන්වන්න ඕනෙ.
Deleteඅහ්හ්.. අන්න නියම තෑග්ගක් තමා.. :D
ReplyDeleteසිගරට් බොන එක හොද වැඩක් නෙවෙයි.. ඒවා නවත්වන්න විකල්ප එන එක හොදයි!!
නැතුව නැතුව...!! :D:D:D
Deleteගංජා ගහන අයට මේක හරියන්නෙ නැද්ද ?හරියනවනම් මට එකක් එවන්න අපේ නංගි කෙනෙක් ඉන්නවා ගංජා ගහන, එයාගේ වෙඩින් අනුවසරියට දෙන්න.දෙකක්ම එවන්නකො මස්සිනාටත් එක්කම
ReplyDeleteනොවරදවාම එවනවා..මස්සිනා කැමති වේවිද දන්නෙ නැහැ මේවට..:D:D:D
Deleteමාත් දැක්කා.. ලස්සන වගේම නේ කිරිල්ලි ගානත්.. අපරාදේ බීලා ඉවර කරන්නේ කියලා හිතෙනවා..
ReplyDeleteහෙ..හේ ගානත් මරු තමා..
Deleteඅහ් අමතක උනානේ.. ඕක ඉලෙක්ට්‍රොනික් උනාට තව ශරීරෙට අහිතකර මොනා මන්දා තීන කතාවක් කියලා අපේ ෆාමසියේ විකුණන්න තිබ්බ ඒවා ඔක්කොම අයින් කලා...
ReplyDeleteමම හිතන්නෙ දිනේශ් මේ එක ඊට වඩා ටිකක් වෙනස් වගේ..මොකද මේ ශොප් එක සම්පූර්ණයෙන්ම මේවා සම්බන්ධව පමණයි..(අනේ මන්ද මාත් ඉතින් එයාල කිව්ව්ව දේ තමා දන්නෙ.)
Deleteමම දුම් නොබොමි... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මාත් එසේමයි රජතුමනි..බීල බලමුද නිකමට වගේ එකක්?? :D:D
Deleteමේක දැක්ක ගමන් මතක් වුණේ the tourist ෆිල්ම් එක.
ReplyDeleteදුම් පානය නවත්තන්නම බැරි නම් හොඳ විකල්පයක්. ඒත් nicotine patches ඊට වඩා හොඳයි , මොකද මේකෙන් දුම් වැටියක් පානය කිරීම නිරූපණය වෙනවා. ඒක හොඳ දෙයක් නෙමේ.( nicotine patches වලදි වෙන්නෙ ඒක ශරීරයෙ කොහෙ හරි අලවාගත්තාම නිශ්චිත නිකොටින් ප්‍රමාණයක් දේහයට නිකුත් කරනවා, ඒ නිසා දුම් පානයට ඇබ්බැහි වුණ කෙනෙක් නැවත දුම් වැටියක් හොයන්න යන්නෙ නෑ)
මේකෙ අඩංගු වෙන්නෙත් නිකොටින්. ඒ කියන්නෙ ඇබ්බැහි වීම තවත් වැඩි කරනවා එකෙන්. මේක හැමදාම ගන්න පුළුවන්නම් හොඳයි. ඒත් නැති දාට ආයෙමත් සාමාන්‍ය දුම් වැටියකට යන්න වෙනවා අනිවාර්යෙන්, මෝද ඇබ්බැහි වීම උපරිමයි මේක නිසා. නමුත් ඇත්ත සිගරට් වලින් පිළිකා ඇති කරන්න හේතු කාඅරක වෙන තාර සංයෝග මෙහි නැති වීම හොඳයි, පිළිකා අවධානම අඩුයි.
කිරිල්ලිගෙ ලිපිය විවේචනය කළා නෙමේ, ලිපිය හොඳයි, අපිට වුණත් හිතලා බලන්න පුළුවන් මේක හොඳද නැද්ද කියලා. මම විවේචනය කලේ නිශ්පාදනය.
//කිරිල්ලිගෙ ලිපිය විවේචනය කළා නෙමේ, ලිපිය හොඳයි, අපිට වුණත් හිතලා බලන්න පුළුවන් මේක හොඳද නැද්ද කියලා. මම විවේචනය කලේ නිශ්පාදනය.//
Deleteමම දන්නව සිඳු..ඒත් විවේචන,වැරදි අඩුපාඩු උනත් ආදරෙන් බාරගන්නව මම..
මට මේවා ගැන කිසිම වැටහීමක් නැහැ..ඔයාගෙනුත් ගොඩාක් දේවල් දැන ගත්ත..
ඊට නරකද තමන්ම ඒ නරක පුරුද්ද නවත්තගන්න උත්සාහ කරන එක.. ඊට අවශ්‍ය උපදේශන සේවා වුනත් දැන් තියනවනේ..
ReplyDeleteමිනිස්සු ලඟ තියන නරක ගති පුරුදු එහෙම ලේසියෙන් එයාලටම නතර කර ගන්න පුලුවන්නම්.......මේක මනුස්ස ලෝකෙ නෙවේ දිව්‍යලෝකෙ වෙනවනෙ......:D:D:D
Deleteසිගරට් බොන එක නවත්තන්න ඕනෙමදේ "WILL POWER" එකයි. ඕක ලේසි වැඩක් නොවන බව මමත් පිළිගන්නවා. නමුත් මම නම් අන්තිමේදි ඉලෙක්ට්‍රොනික් සිගරට්, නිකොටීන් ප්ලාස්ටර්, මෝහනය කිරිලි, ඇක්යුපන්ක්චර් මොකුත් නැතුව ජයගත්තා .
ReplyDeleteබැරිම නම් මේකත් වරදක් නෑ. ඕකෙ අතුරු ආබාධ දැනගන්නෙ පස්සෙ නොවැ.
henryblogwalker the Dude
හිත ඇත්නම් ඇයි බැරි..හොඳ ආත්ම ශක්තියක් ඇති කෙනෙකුට ඒක මහ ලොකු වැඩක් නෙවේ කියල මාත් විශ්වාස කරනව...
Deleteමම දාපු කමෙන්ට් එක ආගිය අතක් නැතුව ගිය නිසාත් your comment will be visible after approval / awaiting moderation කතන්දරයක් ආවේ නැති නිසාත් ආයෙ දානවා.
ReplyDeleteසිගරට් බොන එක නවත්තන්න ඕනෙමදේ "WILL POWER" එකයි. ඕක ලේසි වැඩක් නොවන බව මමත් පිළිගන්නවා. නමුත් මම නම් අන්තිමේදි ඉලෙක්ට්‍රොනික් සිගරට්, නිකොටීන් ප්ලාස්ටර්, මෝහනය කිරිලි, ඇක්යුපන්ක්චර් මොකුත් නැතුව ජයගත්තා.
බැරිම නම් මේකත් වරදක් නෑ. ඕකෙ අතුරු ආබාධ දැනගන්නෙ පස්සෙ නොවැ.
henryblogwalker the Dude
හික්ස්..බය වෙන්න එපා.වෙලාවකට මේකට දෙන කොමෙන්ට්ස් 'නයා' ගිලිනවා.ඒ උනාට ඒවා මට ලැබෙනව පස්සෙ..
Deleteමමනම් ජීවිතේට මේ වගේ තෑගී දෙන්නේ නෑ කාටවත්.
ReplyDeleteඅනික මට සිගරට් බොන උන්දලාව පෙන්නන්න බෑ..
ඒ වුනාට ලස්සන සිගරට් ටික :))
මටත් දෙන්න කෙනෙක් නැහැ..මාත් සිගරට්ස් බොන අයට කැමති නැහැ.(කැමති නෑ කිව්වෙ එයාල සිගරට්ස් බොන නිසා..හිකිස්.)
Deleteඅනේ මන්දා...
ReplyDeleteදුම් නොබොන්නන්ගේ සංගමය
හොඳ ලමයෙක්.!
Delete1970 දශකයේ අග භාගයේදී පටන්ගත් මගේ දුම්පානය මම එක වරම සම්පූර්ණයෙන් නැවැත්තුවා 1994 දී. ඒ කාලයේ මම දවසකට සිගරට් 42 ක් බිව්වා. (42 වැනි සිගරට්ටුව අතේ දල්වෙමින් තිබියදී නින්ද යාම නිසා ගිනි ගන්නේ නැතුව බේරුන අවස්ථා තියනවා) දැන් සිගරට් එකක් රු 20 ට වැඩියි. දැන් දවසකට 42 ක් බිව්වොත්?
ReplyDeleteමමනම් හිතන්නේ මේ භාණ්ඩය මහින් සිගරට් බීම නවත්තපු අයට යම් වක්‍ර පෙළඹීමක් ඇති කරයි කියලා නැවත දුම් පානය අරඹන්න. මොකද එහෙම කෙනෙක් අත්හදා බලන්න මිතුරෙකුගේන්වත් එකක් ඉල්ලගත්තොත් යම් පෙළඹීමක් ඇතිවෙයි කියලයි මටනම් හිතෙන්නේ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් විචාරක මහත්මයා.ඔයා හිතන විදියටම මාත් හිතනවා.කොටින්ම කියනවා නම්,මටත් හිතෙනව මේකෙන් එකක් අරන් ට්‍රයි කරල බලන්න..දුම් බොන්න ඕනෙ නිසා නෙවේ කුතුහලය නිසා.මම ජීවිතකාලෙම එකම දවසයි සිගරට් එකක් බොන්න ට්‍රයි කලේ,එදා තාත්තගෙන් හොඳටම ගුටි කෑවා..එදා තමා මගෙ දුම්බීමේ ප්‍රථම සහ අවසාන දවස..:)
Deleteමට නම් ඕකෙන් වැඩක්ම නැත.. ඕකෙන් දුම්පානයෙන් වෙන රෝගාබාධ වැළකෙනවනම් හොඳයි. මට මේකෙ පේන ලොකුම මෙහෙය අක්‍රීය දුම්පානය නතර වීමයි.. "තලනම් තෙලට වේලේ මී බෙටි කුමට වේලෙ කිය කිය අනුන් නිසා බලෙන් සිගරට් බොන අසරණයන්ට මේ වගේ දේකින් ලැබෙන සෙත අපමණයි..
ReplyDeleteකිරිල්ලි කොහෙද ඉන්නෙ ? ඔච්චර රස්නයක් එන්න... අපි නම් මේ දවස්වල සෙල්සියස් අංශක 50 හේ ආතල් එකත් විඳිනවා..
ඕනෙම දේක හොඳයි නරකයි දෙකම තියනවා..ඔයා හරි..මමත් හිතනවා මේක ප්‍රයෝජනවත් දෙයක් වේවි කියල.
Deleteඅහ්..අපි ඉන්නෙ අවුරුද්දෙ වැඩි කාලයක් හිමෙන් වැහිල තියන රටක..ඒ නිසා මේ ජුලි අගෝස්තු මාස දෙකේ දැනෙන රස්නෙ ඉවස ගන්න අමාරුයි..මට නම් ඇස්දෙක ඇර ගන්නත් බැහැ..දින ගැන ගැන ඉන්නෙ ඉක්මනින් අගෝස්තු ඉවර වෙන්න කියල...:(
මමත් ඒ ක්ලබ් එකේම නේ. 50 - 54 අතරේ.. :)
Deleteඅය්යෝ මම අහලා තියනවා ඔය රටවල් වල සමර් එක ගැන.. විස්සවත් පනින්නෑලු.... ඒකත් අමාරුද ? සමහර විටා හීතලේ ඉඳලා ඉඳලා රස්නෙ ඔරොත්තු දෙන්නැතුවම ඇති නේද.. ?
Deleteඔව් ඒත් මේ මාස දෙකේ රස්නෙ වැඩී..මට නම් උහුල ගන්න බෑ..හෙට අපි යනව දුරකට..මෙහෙ ඉන්න බෑ.......:(:(
Deleteමම ඉතින් ඕවාට නැහැ නේ ඉතින් වැඩක වෙන එකක් නැහැ. තෑගී දෙන්න ගියොත් මට තව රස්සා 10 ක් විතර කරන්න වෙයි මොකද එච්චරට කට්ටිය ඉන්නවා... ඒත් වයසට ගියාම බොන්න සුරුට්ටුවක් අරන්තියාගන්න ඕනේ.
ReplyDeleteඅන්න හරි..වයසට යන දිනේ ටිකක් කලින් කියල එවන්නකො මම සුරුට්ටුවක් තෑගි එවන්නම්...:D:D:D
Deleteඔයා බොන්නෙත් ඕවාද? :)
ReplyDeleteපිස්සුද මෙයා.? එකම දවසක් තාත්තගෙ සිගරට් එකක් හොරකම් කරන් බොන්න හදද්දි අහු උනා..එදා ගුටි කෑව හොඳටම..ඊට පස්සෙ කවදාවත් ට්‍රයි කලේ නැහැ..දැන් කාගෙන්වත් තහනමක් නැහැ..මම දැන් ලොකු ලමයෙක්.ඒත් මම කැමති නැහැ..
Deleteරස්නේ? කීයද? 50c - 51c? මෙහෙ 54 ටත් ගියා. :)
ReplyDeleteලංකාවේදී එක සිගරට් එකක් නොබොන මට මෙහෙදී දවසට එකක් දෙකක් සිගරට් පෙවෙනවා. තනියම ඉන්න ඒකෙ දුකයි පීඩනෙයි පිටකරන්න ඉතින් ඕක විතරයි එකම දේ. මොකෝ බොන්න යෑ. බිව්වොත් හිරේ. අනික මේ දවස් වල දවල්ට ප්‍රසිද්ධියේ සිගරට් බොන්න බෑ. මේ ලඟදි එහෙම සිගරට් එකක් දවල් කඩේක ඉස්සරහ බීපු ඉන්දියන් කාරයෙක් පොලිසි ගෙනියන්නත් කඩේ සීල් කරන්නත් හේතුවක් වුණා.
සිගරට් බිව්වට දුකයි පීඩනෙයි පිට වෙන්නෑනෙ බන්.. ඕවා ජනප්‍රිය මිත්‍යා මත.. අල්ලලා දාපන්.. නිකන් ජීවිතේ විනාශ කර ගන්නැතුව..
Deleteඔහෙ බොන්ඩ තහනම්ද. ? මෙහෙනම් මේකාලෙත් දවල්ටත් බාර් ඇරලා කියලා තතු දත්තෝ පවසනවා..
අනේ මාත් නම් කියන්නෙ සිගරට් අරක්කු බීල දුකයි පීඩනෙයි නැති කර ගන්න බැහැ..එවෙලෙට තාවකාලික සුවයක් දැනෙනව ඇති..ඒත් වෙන හානිය..?
Deleteක්සැන්ඩර් | Xander@..ඇත්තටම ඔහෙ බිව්වොත් හිරේ දානවද? අම්මෝ ඒකටත් එක්ක මෙහෙ..පාරවල් වල,බස් වල,කෝච්චි වල යන්නෙත් බෝතල් කටේ තියාගෙන..පාක් වල හවසට හැමදාම බෝතල් පාටි...:(
Deleteඅෆ්ෆා මම ඕවා බොන්නෙ නෑනේ...ඔය ඇගට හොද එකක්වත් ගෙනත් දෙන්නකෝ...
ReplyDeleteඇඟට හොඳ එකක් නේද? ම්ම්ම්ම්ම්ම්....මෙට්ටයක්..?? :D:D
Deleteපොඩ්ඩි, දවල් කොමෙන්ට් එකක් දැම්ම. නයා ගිලල වගේ.
ReplyDeleteමට කියන්ට ඕනැ උනේ, තෑගි දෙන්ට කවුරුත්ම නැතිනම්, මට දුසිම් 10 ක් විතර එවන්න කියල. DDD
ඔය තියෙන්නෙ කොමෙන්ට් එක..ඉස්සරවෙලාම නයා ගිලිනව පස්සෙ මට දෙනව...:D
Deleteමට හොදා වගේ මෙව්වා ගත්ත නං
ReplyDeleteඉතින් ගන්නකෝ ඔහෙ තියනවලු....
Deleteකිව්වත් වගේ ඒකත් අපූරුයි තමා... මටනං සිගරට් අරහං නිසා ඕන වෙන එකක් නෑ... ඒත් ඇබ්බැහි වුණ අයට හොදයි... අපූරු ලිපිය...
ReplyDelete