වින්චැට් කිරිල්ලි නමින් මගේ ප්‍රොෆයිල් පින්තූරය දමාගෙන ඒ හා සමානවම ප්‍රොෆයිල් එකකින් පැමින අසංවර කුනුහරුප කොමෙන්ට්ස් දමමින් එක්තරා අසනීපයක් සුව කර ගැනීමට තැත් කරන පුද්ගලයා ගැන අවධානයෙන් සිටින ලෙස ඔබ සැමට මෙයින් දන්වා සිටිමි..!
මෙම පුද්ගලයා මෙම වංචාකාරී ප්‍රොෆයිලය හදාගෙන ඇත්තේ මගේ නම කැත කර මට මඩ ගසා මාව බ්ලොග් අවකාශයේ අපකීර්තියට පත්කිරීම සඳහායි...
2012 මැයි මාසයේ අරඹා ඇති මෙම ප්‍රොෆයිල් එක භාවිතා කොට මොහු කොපමන වතාවක් මගේ නම විකුනා තිබේදැයි නොදනිමි..අද දින ''සෑම්'' ගේ බ්ලොගයේ අලුත් පොස්ට් එකේ මොහු මගේ නමින් කොමෙන්ටුවක් දමා තිබී මට හමු විය.මොහුගේ ප්‍රොෆයිලය මගේ බ්ලොගය සමග 'රීඩිරෙක්ට්' කොට ඇත....
මෙම පුද්ගලයා මෙම වංචාකාරී ප්‍රොෆයිලය හදාගෙන ඇත්තේ මගේ නම කැත කර මට මඩ ගසා මාව බ්ලොග් අවකාශයේ අපකීර්තියට පත්කිරීම සඳහායි...
2012 මැයි මාසයේ අරඹා ඇති මෙම ප්‍රොෆයිල් එක භාවිතා කොට මොහු කොපමන වතාවක් මගේ නම විකුනා තිබේදැයි නොදනිමි..අද දින ''සෑම්'' ගේ බ්ලොගයේ අලුත් පොස්ට් එකේ මොහු මගේ නමින් කොමෙන්ටුවක් දමා තිබී මට හමු විය.මොහුගේ ප්‍රොෆයිලය මගේ බ්ලොගය සමග 'රීඩිරෙක්ට්' කොට ඇත....
මේ වගේ උන්ට නම් බෙහෙත් දෙන්න ඕන අතින් පයින් තමා ....
ReplyDeleteඅමුතුවෙන් දෙන්න දෙයක් නෑ අයියෙ ඔන්න සමහරු අත පය කඩාගෙන හොස්පිටල් වලත් ඉඳල.....මම ඒ ගැන සතුටු වෙනව නෙවේ..මම හොඳ බෞද්ධයෙක්.''දිට්ඨ ධම්ම වේදනීය කර්මය'' අපි පසුපස එනවා....
Deleteහිතා ගන්න පුළුවන්...
ReplyDeleteනමින් කියන්නත් පුළුවන්..
මම හිතන්නෙ ඔයත් දන්නව,අනේ මෙහෙමත් හරක්...
හ්ම්.හ්ම්.හොඳ ඉඟියක් ලැබුන ඒ කෙනා ගැන බලමු අපි.....
Deleteඅසහනය !
ReplyDeleteඅපි බ්ලොග් ලෝකෙට අද ඊයෙ ආපු බට්ටො නේ.. අපිට ඕව තේරෙන්නේ නැහැ. අනික කමෙන්ට් කරන්න තේරෙන්නෙ නැහැ. බ්ලොග් ලෝකෙ විනාස කරනවා. ලියන ඒවායේ කියවන්න දෙයක් නැහැ..
Deleteමට මතක එච්චරයි.. තව තිබ්බා..
ඇයි මිනිස්සු මෙච්චර කුහක.. අලුත් බ්ලොග් ලියන්නෝ බිහි වෙනවටද? නැතිනම් එයාලට බැරි හින්දද?
මටත් විහිළු සහිත ඉංග්‍රීසි පොතක් තිබ්බ නම් දිනපතා ට්‍රාන්ස්ලේට් කරකර දානවා පෝස්ට්..
පොතේ කතා ටික ඉවර උනාම මොකෝ කරන්නෙ? 'පොර' ටෝක් එකක් දෙනවා..නැත් නම් කාට හරි මඩ තල්ලියකින් දීල අදිනව..එහෙමද සෑම්????..:D:D:D:D
Delete++++++++++++ දෙන්නටම
Deleteමිනිස්සු මේ තරම් කුහක? ගතින් මහ එකෙක් උනත් හිතින් පොඩි එවුන් හින්දා..
Deleteපොඩි එකාගේ ලෝකේ නීති දන්නවද?
සරලයි. හැමදේම එයාගේ. අනිත් අයට පුළුවන් සෙල්ලම් කරන්න විතරයි. ඒත් එයාට ඕනේ විදියට අනිත් අය සෙල්ලම් කලේ නැත්නං පොඩි එකාට කේන්ති යනවා.
බට්ටො නෙවේ සැමෝ අලුත් උන් කබ්බො...හික්... මේ අසහන කාරයාට සහනයම ලැබේවා...!
DeletePramudi,, හරි ඔන්න අපි දෙන්න සමසේ බෙදාගත්ත..D
Deleteක්සැන්ඩර් | Xander...ඒකනෙ..පොඩි උන්ට තරහ ගියාම අයියෝ කියල වැඩක් නෑ...;D
Deleteමගේ හිත;.."බට්ටො" කෙල්ලො වෙන්න ඇති.."කබ්බො" තමා ඔයාල..:D
DeleteXander - //අනිත් අයට පුළුවන් සෙල්ලම් කරන්න විතරයි. ඒත් එයාට ඕනේ විදියට අනිත් අය සෙල්ලම් කලේ නැත්නං පොඩි එකාට කේන්ති යනවා.//
Deleteසිරා වදනක්..
@ප්‍රමූ - ස්තුති !
@මගේ හිත - ආ ඔව් අපි කබ්බෝ !
@වින්චැට්- බට්ටෝ කට වහන්..
හෆ්ෆා... මේ බ්ලොග් ලෝකෙත් මහ පුදුම තැනක් වෙලානෙ...
ReplyDeleteමම ඔයාට කිව්ව දේවල් දැන් හොඳට පැහැදිළියි නේද බබෝ..? මම කවදාවත් බොරු කියන්නෙ නැහැ..ඒ වගේම කියන්න තියන දේ කෙලින්ම කියනව...:)
DeleteOya monawath nemei kirilliye, ape sinhalayage thiyena kuhakakama. Kenek dinuwea kenekuta issarahata yanna, udawu karana kamathi na. Pagannamai balanne. Nathnam kelleknam nigraha karanna.
ReplyDeleteDan balana giyama mey blog loke harima puduma thanak............
මම පොඩි කාලෙ ඇහුව ලංකාවෙ උන ඇත්ත කතාවක්..ගමක ලස්සන දුප්පත් කෙල්ලෙකුට ගුරුපත්වීමක් ලැබිලා ඒකට ඉරිසියාවට ඒ ලමය ඉස්කෝලෙ ඇරිල එද්දි කැලේට උස්සන් ගිහින් බෙල්ල කපල මරල....ඒ වගේ කතා තව කොච්චර තියනවද අපේ රටේ...එහෙව් රටේ මිනිස්සු ගැන මොනා කතා කරන්නද කුමාරි අක්කා.....
Deleteඅක්ක දන්නවද මට දැන් ටික ටික ලංකාව එපා වේගන එනවා..අපේ අම්මල අයියල කියන දේවල් ඇත්ත නේන්නම් කියල හිතෙනව....
Lankawa nemei nangi, lankawe jeewath wena minissu. E minissuma wena rataka ta giyath karanne oya dema thamai. Man mehema kiyanne godak athdakeem ekka. Hoyannema meya kawuda, wayasa keeyada, karana job eka mokakda, apita wada honda
Deleteloku geyakda thiyenne,,,,, onna oya wage dewal.
Poddi mey gana article ekak dala thibuna eyage blog eke.
Owa gana kiyanna giyoth pitu ganan katha karanna liyanna puluwan. Oyage name eka katha karanna uthsaha karana mey "Awajathakayawa" kohoma hari hoya ganna...
එයාව හොයාගන්නව ඉක්මනින්....අක්ක කියන එක 100% ක් ඇත්ත..මම රටවල් කීපයක ඉන්න ලංකාවෙ අයව ඇසුරු කරල තියනව.ඔයා හරියටම හරි.එයාල එහෙම තමා.කියන්න කණගාටුයි..කියන්න දිව නැවෙන්නෙ නැහැ..ඒත් ඇත්ත ලංකාවෙ මිනිස්සු නරකෙනුත් හොඳම එක..!!
Deleteඅපි මුලදි ගොඩාක් උදව් උපකාර කලා මෙහෙ සමහර අයට...දැන් නම් පාඩම් ඉගෙන ගෙන තියෙන්නෙ....
එහෙම කරන්නත් පුලුවන්ද . බ්ලොගර්ස්ලා එකම නම දෙන්නේ නැහැ නේද . අනේ මන්දා හරිම ලෝකයක්
ReplyDeleteබොරු බ්ලොග් එකක් හදල ඒකට මගෙ බ්ලොග් එකේ ලින්ක් එක දීල...හොඳට බලන්න ඕක හදල තියෙන්නෙ 2012 මැයි මාසෙ...අනික හොඳට බලන්න ඕකෙ 'සැන්දෑව' කියල ලියල තියන හැටි..මගෙ එකේ 'A' අකුරු දෙකක් තියනව..ඕකෙ තියෙන්නෙ එක 'A' අකුරයි.....
Delete(දැන් ඔය පුද්ගලයා මේක දැකල ඒක නැවත හදාවි අකුරු 2 ම දාල ..හික්ස්..!)
බෑ. ඒක කරන්න බෑ. ඒ හින්දා තමයි එහෙම ඒක අකුරක් අඩුවෙන් හදලා තියෙන්නේ. පුළුවන් නම් ඔච්චර හරියක් කරලා ඕක නොකර ඉඳීවිද? වැඩක් නැති එවුන්ට වැඩක් තියෙන්නත් එපාය?
Deleteඑයාට එහෙම කරන්න බැහැ... ඔයාගෙ බ්ලොග් එක වැටෙන්නෙ ඔයාගෙ ප්‍රොෆයිල් එකේ විතරයි... ඔයාගෙ පාස්ව‍්රඩ් එක වෙනස් කරන්න... මොකද ඌ හැක් කරන්න ට්‍රයි කරාවි...
Deleteක්සැන්ඩර් | Xander:..ස්තූතියි ඔයාට..
DeleteSkyman125:.මම කොපි අරන් තියන් ඉන්නෙ..එහෙමත් කරල පුලුවන්නම් අසහනය නිවා ගත්තදෙන් කාටත් යහපතක්..හොඳටම මද කිපිල ඉන්නව ඇත්තෙ..පව්.!
Deleteහත්තිලව්වයි...මමත් සෑම් අයියගේ බ්ලොගෙන් දැක්ක ඕක...කොන්ද පණ නැති කම එළිපිට ප්‍රදර්ශණය ඕක...
ReplyDeleteහික්ස්..කාටද ඉතින් කියන්නෙ...:D:D
Deleteමේ අසහන කාරය ඔයාගේ ප්‍රති රුපයට හානි වෙන විදියට තැන කීපයකම දාල තියනවා කොමෙන්ට් පුළුවන් නම් ඒ තැන වලට ගිහින් ඒගැන මොනවා හරි කරන්න.
ReplyDeleteමම දැක්කෙ නැහැ ඒ තැන්..කරුණාකරල මාව දැනුවත් කරන්න...
Deleteස්තූතියි මම දැක්කා ඒවත්..මද කිපිල තියන තරම පේනවද?
Deleteපිස්සු යක්කු !!!
ReplyDeleteහිඟන්නො..!:D:D
Deleteඔයා සතුටු වෙන්න ඕන කිරිල්ලී... බලන්නකෝ ඔයාට තියන ජනප්‍රියතාවය. දැන් බලන්න ඔය මූණූ පොතේ වුනත් එකම නමින් ෆේක් ප්‍රොෆයිල් ගොඩාක් හැදෙන්නේ ලොකු ජනප්‍රිය චරිත වලට තමා. ඉතින් ඒ අනුව ඔයත් Blog Star කෙනෙක් වීගෙන එනවද මන්දා..
ReplyDeleteඔව් ඔව්..හුරේ....මාත් දැන් පොරක් ලු.....ඒ උනාට අයියෙ මේ බ්ලොග් ලෝකෙ පොරක් වෙලා මොකක් කරන්නද? මොනාද ලැබෙන්නෙ?
Deleteහිට්ස් ඇන්ඩ් කොමෙන්ට්ස්? හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.............
තොටියො දාපන් 5ක්, ඕක ගැන සතුටු වෙන්න , හිතාගන්න පුලුවන්නෙ ඔයාගෙ ජනප්‍රියතාවය.
Deleteමම නම් මාර ආසයි මේ බ්ලොගේ "තරූ" පිරෙනවට එක තරුවක් මක්ක කරන්නද?
Tharu:. අනේ තරු අයියෙ..මම හැබෑ ජීවිතයේ තරුවක්..! බ්ලොග් තරුවක් වෙන්න නම් කිසිම ආශාවක් නෑ..
Deletehaffoi
ReplyDeleteමොකෝ අවතාරයක් දැක්කද? :D:D
Deleteසෑම් ගෙ පෝස්ට් එකට කමෙන්ට් කරන්න කලින් තිබුන කමෙන්ට්ස් කියවද්දි මමත් දැක්ක මේක. මම කල්පනා කළා මොකද මේ කිරිල්ලිට වෙලා තියෙන්න කියලා. පුදුම අසහනකාරයො තමයි ඉන්නෙ. ඔයා ප්‍රොෆයිල් පික් එක වෙනස් කරන්න කිරිල්ලි. ඒ එක්කම තව කරන්න පුළුවන් දේවල් කරන්න. මට වැඩියෙ තේරෙන්නෙ නෑ මේ වගේ දේවල්. දන්න කෙනෙක් කියන්නකො
ReplyDeleteපව් අනේ අසහනය නැති කර ගත්තාවදෙන්.මට පිං.
Deleteකෙනා ගැන හෝඩුවාවක් ලැබිල තියෙන්නෙ..ඔහොම යමුකෝ....
තෑන්ක්ස් සිඳු..!
කාලෙකට කලින් තිබුණු රැල්ල ආයි මතුවෙලා වගේ...
ReplyDeleteඒ රැල්ල කැමති නෑ වෙන රැලි එනවට..
Deleteඅපි කබ්බෝනේ. උන් එතකොට මෝඩ යක්කු :පි
Deleteවර්ණා:..හා.හා ඔන්න යක්කු.!
Deleteහත් ඉළව්වයි. ඒත් සහෝදරී මට එක දෙයක් අපහැදිලියි. මේ දෙකේම බ්ලොග් ලින්ක් එකක්නෙ. ඒකත් ඒ මනුස්සයම හදාගෙනද ? මේ ලෝකෙ ඉන්නෙ මාරම මාර මිනිස්සුනේ
ReplyDeleteඔව්..මගෙ බ්ලොග් එකට රීඩිරෙක්ට් කරල..එයාට අමුනා ගන්න තැනක් නැතුව ඇති ඒකයි.....
Deletepissu harak...
ReplyDeleteමේ දවස් වල ලංකාවෙ හරක්ට මදකිපිල ලු..
Deleteදැන් යන ගේම අමුතුම ගේමක්. කලින් මඩ පොස්ට් දැම්මා දැන් හදන්නේ ඔයාගේ නම කතා කරන්න. ටික කාලෙකින් සනීප වෙයි. මොකද මේ දේවල් හැම දාම කරන්න බැහැ..
ReplyDeleteඔය හැම සෙල්ලමක්ම කරල බලපුදෙන්..ඊට පස්සෙ බලා ගනීවි මම කවුද කියල..!
Deleteඑහෙමත් කේස් එකක්ද? දැනුවත් කල එක හොදයි කිරිල්ලී.. අවදානෙන් ඉන්න..
ReplyDeleteඔව්..ඔව්..අසහනය පිටකිරීමක්..!!
Delete*
ReplyDeleteමට තරු එපා..මොනා හරි කියන්න..!!
Deleteදෙකේ ගොඩක් වෙනස්කම් තියෙනවා. කිරිල්ලි අනෙක් ඒවා දැක්කද දන්නේ නෑ.
ReplyDeleteමේ දෙක වෙනස්.
profile/06353562107046628987
profile/09997397699083978319
මේකත් වෙනස්.
Profile views – 2917
Profile views – 120
මේකත් වෙනස්.
Blogs I follow
ඉතින් දැන් මේකට මොනවද ඔයා කරන්ට හිතන් ඉන්නේ.
බ්ලොග් ලෝකෙට මොකද මේ වෙන්ට යන්නේ? :(
ස්තූතියි පොඩ්ඩි...ඔව් මේක පල කලාට පස්සෙ ආයෙමත් හොඳට ගිහින් බැලුවාම ඕවත් දැක්කා.......
Deleteප්‍රධානම වෙනස එන්නේ කමෙන්ට් කරද්දි වචන භාවිතා කරන ආකාරයෙන්. ටික කලක් යනවිට එලිවේවී.
Deleteසිංහල බ්ලොග් අවකාශය යනු තවදුරටත් සුන්දර තැනක් නෙවෙයි. ඒ නිසා මීට වඩා පහත් වැඩත් මෙහි සිදුවේවි. ඈත්වෙලාම ඉන්න ඇතිනම් හොඳයි කියා මම නම් හිතන්නේ මේ දේවල් වලින්.
ප්‍රියන්ත අයියෙ,මම මේ අගෝස්තු වල ඉඳන් ආපහු හවසට ක්ලාස් යන්න හිතා උන්නෙ මේ බ්ලොග් කෙරුවාව නතර කරල..ඒත් දැන් නම් කීයටවත් යන්නෙ නැහැ..කියාවි මාවත් එලෙව්ව කියල..අකුලගෙන ගියා කියල.....
Deleteඅනේ මන්ද අප්ප යාළු..පරිස්සමෙන් ඉන්න..කෙල්ලෙක් උනාම මඩගහන එක සමාජයේ හැටි.. :/
ReplyDeleteකෙල්ලෙක් කියලා විශේෂයෙන් සමාජයේ මඩ ගහනවද?
Delete@ Xander= පිරිමි ළමයෙක්ට සාපේක්ෂව සහෝ ! ඇත්තටම ඒකයි ඇත්ත කතාව.ඔය මල විකාර සයිට්ස් අරන් බලන්න..කෙල්ලොන්ටද,කොල්ලොන්ටද බලපෑම් වැඩි??
Deleteහිරු..කවුරු උනත් ටිකක් කැපිල පේනව නම්,සමාජයේ කැපිල පේන්න ආශ ඒත් නොහැකි උදවියට ඒක දරා ගන්න බැහැ..
Deleteමම කාලෙකින් පස්සේ මේ පැත්තට ආවෙ. ආපු ගමන් අහන්න ලැබුන ආරන්චිය.... කිරිල්ලිට නම් සැනසීමක් ලැබෙන්නෙම නැති පාටයි....
ReplyDeleteමම ජීවිතේ සැණසීම සතුට උපරිමයෙන්ම ලබන කෙනෙක්..දුකක් කියල දෙයක් අහලකවත් නෑ..මේ බ්ලොග් අවකාශෙ මට කිසිම දෙයක් නෑ.මම මේවා දිහා බලන් හිනා වෙනවා..එච්චරයි..
Deleteසෑමාගේ පෝස්ටුවේ ඇති කොමෙන්ටුව මමද දැකීමි. ඒ කොමෙන්ටුවට Reply කරන්නත් හදලා මම නිකං හිටියෙ... නොදැම්ම එක හොදයි වගේ... කිරිල්ලි වෙනසකට එක්ක රෑපය මාරැ කරන්න... එතකොට අදුනගන්න ලේසියි... අසහන කාරයො කොහෙද නැත්තෙ...සැලෙන්න එපා... ජය!
ReplyDeleteමෙහෙම වැඩක් කරපු එකාට මාරු කරන රුපයම ඌටත් දාගන්න බැරිද බං..
Deleteසිරාගේ කාමරේ:.ඔන්න මාරු කලා..මම හිතන්නෙ කලින් මගෙ ප්‍රොෆයිල් එකට කොටල පින්තූරෙ හොරකම් කරන් තියෙන්නෙ.
Deleteචමී4යූ~chami4u:..අසහනය නිවෙනව නම් ඕකත් හොරකම් කරන් දාගත්ත දෙන්..කාටද පින්? මට.!
Deleteබ්ලොගර් එකේ මෙහෙම පහසුකමක් තියෙනව. පොඩ්ඩක් හොයල බලන්න.
ReplyDeleteReport Impersonation on Blogger
http://support.google.com/blogger/bin/request.py?&contact_type=impersonation
හොඳයි මම බලන්නම්..ස්තූතියි.!
Deleteමෙවා නම් හරි කුජීත වැඩ ඈ...
ReplyDeleteකොටියම කාපිය ඔකව....
කුරුල්ලෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති හැටි අම්මපා....
උපතින් එන ජාන ගති වෙනස් කරන්න බැහැ කාටවත්..එහෙමත් නැත් නම් හරි ජාතකයක් නැති කම..
Deleteපොඩි ආතල් එකක් ගත්තට මොකෝ අනේ...
ReplyDeleteඔයා බයවෙලා වගේනේ...
අනේ ඔහේ වගේ මෝඩ යක්කුආතල් ගන්නවා ඇති ඒ වගේ වැඩ වලින් නේද'
Deleteවර්ණෝ....... තරහ ගන්න එපා !! අනිත් අයව තරහ අවුස්සලා සතුටු වෙන එකත් එක්තරා විදියක මානසික තත්වයක්
Deleteයකඩෝ බිඟු අයියාස්ව දකින්න තියෙන අමාරුවක්...
Deleteබිඟූ:.අයියෙ මම කාටවත් බය නැහැ මේකෙ..ඒත් මගෙ නමින් ගිහින් වනචර කම් අවජාතක කම් කරද්දි මට ලැජ්ජයිනෙ..ඒත් දැන්නම් කවුරුත් දන්න නිසා මට ලැජ්ජ නැහැ....
Deleteවර්ණා:...ඔච්චර තරහ ගන්න එපා...:D
Deleteසිඳු:..මට නම් තරහ යන්නෙ නැහැ සිඳු..මේ ඉන්නෙ මූද අයිනෙ හෙන කූල් ප්ලේස් එකක..රෑට කෑව බඩ පැලෙන්න සීෆුඩ්, සැළඩ්..යම් යම් යම්.....අම්මට මහන්සියට හොඳටම නින්ද ගිහින්..සැරෙන් සැරේ අවධි වෙලා අහනව "මොනාද ෂොඩූ ඔය පට පට ගාල කොටන්නෙ?" කියල..මට මැරෙන්න හිනා...!
Deleteමාරයාගේ හෝරාව:..මාරයියේ...මම හිතන්නෙ බිඟු අයිය මේ පැත්තට ආවෙ මගෙ වැරැද්දෙන්..:D
Delete@ කිරිල්ලී: සීෆුඩ්, සැළඩ් එක්ක අයිස්ක්‍රීම් එහෙම කෑවෙ නැද්ද මෙදා පොටේ? ඔයාගෙ ප්‍රියතම කෑමක්නෙ :P
Deleteඅම්ම බලන්න ඇති කවුද මේ මහරෑ පට පට ගාල පිටි කොටන්නේ කියලා
ඊඊයා...මතක් කරන්න එපා අයිස්ක්‍රීම්.! මම ආසම සී සැළඩ් එක තමා ඔක්ටපස් සැළඩ්..ම්ම්ම්ම් නියමයි..!
Deleteමේ පැත්තෙ තියන අයිස්ක්‍රීම් ශොප් එකක් බලන්න ඕනෙද? මගෙ එෆ් බී එකේ ඇති..නැත්නම් ඉන්න පොටෝ එකක් අරන් එවන්නම්.:)
අපොයි දෙයියනේ මං දැන්නෙ දැක්කෙ සීන් එක...
ReplyDeleteමගෙ නමින් මම දාන විදියට කොමෙන්ට්ස් දාල මෙහෙම ලෙඩෙක් ගැන මේ ඇහුවාමයි අක්කෙ...
Deleteහනේ මන්දා,ජරා යක්කු..:/
ReplyDeleteඅපිට ඒ ප්‍රොෆයිල් එක රිපෝර්ට් කරන්න බැරිද?
මොනවා හරි උදව්වක් එහෙම ඕනි වුනොත් අපිට කියන්න කිරිල්ලි අක්කේ.මේ වගේ මිනිස්සුන්ට මොනව කරන්නද කියල මට නම් තේරෙන්නේ නෑ අයියෝ..
ගොඩාක් ස්තූතියි නන්ගි..අපි කතා කරමුකො...
Deleteතූ නොදකිං මෙහෙව් එවුං...
ReplyDeleteහෙට අනිද්දම විඳවන්න ගත්තාම මාව මතක් වේවි ඌට..!
Deleteමගෙ එකටත් ඇවිල්ලා.......... මම ඒත් බැලුවා භාෂාව මොකද වෙනස් කියලා :0
ReplyDeleteමුන් නං චාටර් අෆ්ෆා...
තුහ් නෙදකින්!!!
දුටු තැන ඩිලීට් කරපං... ඒක තමයි හොඳම දේ....
Deleteඌට තියෙන්නෙ මම ගැන උත්සන්න වෙලා තියන අමාරුවක්...!
Deleteබලමු අක්කේ.. එව්වා කොහෙද අපිත් එක්ක.. දෙමු ගේමක් ඇඹරිලා යන්න!!!
ReplyDeleteතෑන්ක්ස් මල්ලී..මම දන්නව ඔයාල මා එක්ක ඉන්නව කියල..අපි බලමුකො තව ඉදිරියට නේද?
Deleteරී ඩිරෙක්ට් කරලා නෑ. කොපියක් නේද කරලා තියෙන්නේ? මමත් සැමගේ බ්ලොගේ බලල එනගමන් මේ. වල්බුරු නිදහස කියන්නේ ඔන්න ඕකට තමයි. බ්ලොගර් රිපෝට් කරන්න ඔයාගේ විස්තර එක්ක. මට පෙන්නන බැරි දෙයක් තමයි ඔයවගේ රිලා වැඩ. පොඩි කාලේ ළමයි වැටෙන්න හොඳ නෑ කියලා අම්ම කිව්වේ ඇයි කියලා තේරෙන්නේ දැන්. ඒත් මේකා නම් පොලේ ගහලද කොහෙද!!!
ReplyDeleteමම හිතන්නෙ අයියෙ ඔය පුද්ගලයා ඉපදුන වෙලාවෙ බිමට වැටිලා ඔලුව පහලටනෙ කෙලින්ම වැදෙන්නෙ....
Deleteනොසැලෙන්න. අනුන්ගෙ කන්නාඩියෙන් බලල එපා උනාම නතරවේවි ඒත් නොසැලුන අපි ඉඳීවි. අපිට එපාවෙලා නැවත්තුවොත් ඒ අය දිනුම්. එහෙම හුඟක් අයට උනානේ.
ReplyDeleteමාව වට්ටන්න පුලුවන් එකම පුද්ගලය මගෙ මැරුන තාත්ත විතරයි..මොකද එයා මැරෙන්න කලින් මට ලෝකයක්ම හදල දුන්න..මම ඒ ලෝකෙ රැජින..බ්ලොග් ලෝකෙ තියෙන්නෙ මගෙ ලෝකෙට ගොඩාක් ඈතින්........ස්තූතියි අයියෙ..
Deleteලංකාවට දොස් කියන්න එපා කිරිල්ලියේ... ඒක හරියට හදපු වඩපු අම්මට දොස් කියනව වගේ වැඩක්.. අපේ රටේ මිනිස්සුන්ගේ අඩුපාඩු ගොඩක් තියෙනවා.. මමත් කලකිරෙන වෙලාවල් තියෙනවා.. ඒත් අපේ රටේ යහපත් අයත් ඒ වගේම ඉන්නවනේ...
ReplyDeleteඔයා ලංකාවට ආදරය කළ කෙනෙක්නේ.. ඒ ආදරය වෙනස් කර ගන්න එපා... නරක මිනිස්සු කොතැනත් ඉන්නවා... ඒත් බොරුව හැමදාම පවතින්නේ නැහැ... අනික බ්ලොග් ලෝකෙ ගොඩක් අය ඔයා කවුද කියල දන්නවා... කමෙන්ට්ස් බැලුවම ඒක පැහැදිලියිනේ.... ඒත් වැරදි කරන අයට දඬුවමක් දෙන්න විදියක් ඇත්තෙම නැද්ද?
මම මගෙ රටට ගොඩාක් ආදරෙයි ඒකෙ කවදාවත් වෙනසක් නැහැ..මගේ එකම පැතුම ජීවිතේ මොන තරම් සැප සම්පත් වින්ඳත්,කවදා හරි මගෙ පොලොවෙ මිහිදන් වෙන්න....ඒත් අපේ රටේ ගොඩාක් මිනිස්සු හරිම හරිම ඉරිසියාකාරයි..කුහකයි..දුශ්ඨයි..ම්ලේච්ජ්යි..පේනව නේද කවදාවත් වචනයක් කතා කරල නැති,පොටෝ එකකින් වත් මූණ දැකල නැති අය අනිත් අයට කරන දේවල්??
Deleteමේවා කරන්නෙ අපේ රටේ මිනිස්සු විතරමයි...ලැජ්ජයි කියන්නත්..මේ රටවල අය අපිට ගොඩාක් සලකනව...රෙස්පෙක්ට් කරනව..
මානසික ලෙඩෙක්ගෙ සිඟිති ආතල් එකක්....
ReplyDeleteකොහොම උනත් අසබ්‍ය කමෙන්ට් ආවොත් අනිවා මම මගේ බ්ලොග් එකේදි ඩිලීට් කරනවා.. ඔයා අනිථ් අයටත් කියන්න
එසේ මෙසේ ලෙඩක් නෙවේ ඒක නම්, අනේ ඔය අම්ම අප්ප නැති එකා කවුද දන්නෙ නැහැ කීයක් හරි දෙන්න ...
Deleteමේක URL Redirect එකක් නෙවෙයි. එහෙනම් එතනත් මේ කන්ටෙන්ට්ස් ම තියෙන්න ඕනේ නේ. ඒත් එහෙම නෑ. මේක වෙනම URL එකක්.
ReplyDeletehttp://alupatasandaawa.blogspot.com - මේ ඔරිජිනල් එක.
http://alupatasandawa.blogspot.com - මේ ෆේක් එක. එක අකුරක් සැන්දෑව කියන තැන අඩුයි. ටෙම්ප්ලේට් එකයි පොස්ට් එකකුයි කොපි කරලා.
අර මී ජයා කළා වගේ ජාවාස්ක්‍රිප්ට් රීඩිරෙක්ට් එකක් තියෙන්නේ...
Deleteමේක කව්රුහරි වැඩ දන්න එකෙක්ගේ වැඩක්. ඉවෙන් මෙන් දැනෙනවා ඒ කවුද කියලා
Deleteඔව් ඔව් .. රාමා කිව්වාම තමයි මමත් බැලුවේ. කෝඩින් එක වැඩ දාලා ලියල තියන විදියටනම් වැඩකරුවෙක් වෙන්න ඕනේ.
Deleteඑලිපිට වැඩ දාන්න බැරි හිඟන්නො ඉතින් බ්ලොග් අවකාසෙ නැතුව කොහේ වැඩ පෙන්වන්නද?අනේ මට නම් පව් කියලමයි හිතෙන්නෙ..අපි යන පාරක වත් යන්න පින් කරල නැති මර හිඟන්නො.....
Deleteඅනෝ අපොයි... මාර සත්තු නේ..බය වෙන්න එපා යාළු.. හැමදේම හරියයි..
ReplyDeleteමම භය නෑ දැන් හැමෝම දන්නවනෙ අසහනකාරයො ගැන නේද?
Deleteඔයා ගනන් ගන්න එපා මේ"උගේ ලෝකයේ" නේ.
ReplyDeleteහ්ම්.හ්ම්.පව්.
Deleteඉටු කොට කල යුතු යුතුකම්
ReplyDelete…ලැබුනත් ලොකෙන් ගැරහුම්
…ඉවසන්නට පුළුවන් නම්
…නුඹයි මගේ පුතා උතුම්
…
…--ටිබෙට් ජාතික එස් මහින්ද හිමි--
…
…ප.ලි. ඔය පොරක් යයි හිතා ගෙන ඉන්න පුද්ගලයෙකුගෙ මම අන්තිමට දාපු කොමෙන්ට් එක පබ්ලිෂ් කරලත් නෑ.... මහ ලොකු පොර ටෝක් දුන්නට යථාර්තයට මුහුණ් දෙන්න තම් කොන්ද් පණක් නෑ....
මම හිතන්නේ මම දාපු කමෙන්ට් එකත් පල නොකරපු "පොර" ගැන තමයි මේ කියන්නේ කියලා
Deleteඔය පොරවල් පහුගිය දවස් වල එයාලගෙ වටේ ඉන්න එයාල බීපු වීදුරු ලෙවකන සපත්තු ලෙව කන කට්ටියට කියල දාගත්ත ඇනෝකොමෙන්ට්ස් විතරක් බ්ලොග් වල තියාගෙන අනිත් අය උන්ගෙ රෙදි ගලවපු කොම්මෙන්ට්ස් ඔක්කොම මකල දැම්මා...
Deleteකැත මිනිස්සු
ReplyDeleteදෙමව්පියො නැහැ...
Deleteමේ වගේ වෑඩ කරන අයට දඩුවන් ලෑබෙනව දෙවියන්ගෙන් . වැඩි ආයුශ නෑ මේවට .
ReplyDeleteඔව් ඔව් සත්තයි..මේ ලඟකදි එක්කෙනෙකුට වැදිල තිබුන හොස්පිටල් යන්න..ආරන්චි නැද්ද?
Deleteරීඩිරෙක්ට් කරලා තමා තියෙන්නේ. මෙහෙම කෝඩ් එකක් තියෙනවා.
ReplyDeletefunction loadPage()
{
window.location = "http://alupatasandaawa.blogspot.com/";
}
ඔය කලින් කමෙන්ට් වලින් කතාවෙලා තියෙනවා වගේම බ්ලොග් කරන්න ඇවිත් ඉන්නෙත් අපේම එවුන්නේ. එක එක ජාතියේ අසහන කාරයෝ ඉන්නවා ඉතින්...
රිපෝට් කරන්න. ඔය උඩ කෝඩ් එකෙන් ඒක බ්ලොගර්ලට ඔප්පු කරන්න පුළුවන් වෙයි නේද?
කොහොම හරි මේ පැත්තේ මම මේ අද පලවෙනි වතාවට එවුනෙත් මේ ජරමරේ හින්දම තමයි. :)
ඒ යකා
ආහ්... ජාවා නැති මගෙ පෝන් කට්ටෙන් ලේසියෙන්ම ගියා ඒකට... ගිහින් කොමෙන්ටුවකුත් දාලම ආවා... ඌට දැන ගන්න... ඌ මහ ලොකු වැඩර් නොවන බව...
Deleteතෑන්ක්ස් රාමා :-)
This comment has been removed by the author.
Deleteරාමා:..අපි යම් දෙයක් කරමින් ඉන්නව අයියෙ.....ගොඩාක් ස්තූතියි.
DeleteSkyman125:..මටත් බලන්න දෙන්නකො ඒක...ඔයා ඉතින් අහසෙ ඉන්න කෙනා නිසා ඕන තැනක යන්න පුලුවන්...
Deleteජාවාස්ක්‍රිප්ට් ඩිස්ඒබල් (Javascript disable) කරන්න. ලේසියෙන්ම යන්න පුළුවන්.
Deleteo.k.thanks.!
Deleteපිස්සෙක්, හිඟන්නෙක් සහ මෝඩයෙක්!
ReplyDeleteමෙයා ගැහැනු සතෙක් වෙන්නත් ඉඩ තිබේ..!
Deleteමම දන්නේ දන්නේ සීන් එක. සෑම් ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිටටද තිබුනේ? ඉන්න බලාගෙන එන්නම්
ReplyDeleteසෑම්ගෙ විතරක් නෙවේ වර්ණා..තව බ්ලොග්ස් කීපයකම අපිට අහු උනා මම විදියට කොමෙන්ට්ස් කරල...
Deleteගණන් ගන්න එපා කිරිල්ලී. එක එකාට තියෙන ආතල් වැඩි වෙන්නේ අපි ඒවා ගණන් ගත්තාම.
ReplyDeleteපිස්සුද අනේ මට මගෙ ජීවිතේ ගොඩාක් වැදගත් වැඩ තියනව හිතන්න...මේක මගෙ නමින් කුනුහරුප කියන සීන් එකක් නිසා අනෙක් අයව දැනුවත් කලා පමනයි.අනික මේ විදියට ඔයාල කාගෙත් නම් වලින් පෙනී සිටින්න මේ හිඟන්නන්ට පුලුවන්....
Deleteෂික්..හරි අපරාදයක්නේ.. කව්ද මේ වගේ කැත වැඩ කරන්නේ..
ReplyDeleteමිනිස්සු මේ තරම්ම පහත් විදියට හැසිරෙන එක ගැනනම් කනගාටුයි..
පහත් විදියට හැසිරෙන්නෙ,පහත් තැන්වල ඉපදිලා ඉහල යන්න බැරි උන අය..
Deleteකුජීතයි. ටික දවසක් ආතල්එක ගනී.
ReplyDeleteපව්..කිසිම ආතල් එකක් ජීවිතේට නැති අය....
Deleteතවත් එක් අනුන්ගේ ලිපි උස්සන හොරෙකු පිළිබද කරණු ලැබූ අනාවරනයකුයි මේ.. >> http://www.trickslanka.com/announcements/upul_dimantha/
ReplyDeleteඔහොම අය ගැන අනුකම්පා කරමු...
Deleteහ්ම්ම්ම්...ඔව් ඉතින් ඔහොම ආතල් ගන්න මානසික ලෙඩ්ඩුත් ඉන්නවා තමයි...
ReplyDeleteබ්ලොග් අවකාසෙත් නැත් නම් ඔය මිනිස්සුන්ට යන එන මන් නැහැ.....
Deleteඅර උඩින් තොටිය අයියා කියල තිබ්බ වගේ කිරිල්ලිගෙ සාර්ථකත්වයට සාක්ෂි තමයි ඔය. ඕවට සැලෙන්න එපා. අනුකම්පා කරන්න ඔය වගේ අයට. හරිහමන් පෝස්ට් එකක් දමා ගන්න බැරි අය තමයි ඔය සමයන් නටන්නෙ.
ReplyDeleteමානසික ප්‍රොබ්ලම් එකක් තියනව හොඳ කරගන්න සල්ලි නැහැ කියල කෙලින් කියනව නම් මම ඕනෙම උදව්වක් කරනව අනේ...
Deleteසැහ් අපිට හදන්නෑනේ මේ වගේ පොපයිල්..
ReplyDeleteකිරිල්ලි අක්කා හෙන ජනප්‍රියයිනෙ බලං ගියාම..
අනේ ඔව් මල්ලි..මම හෙන ජනප්‍රියයි..ඔය කෙහෙල් කැන විකුනන්නෙම නැද්ද?
Deleteමඩක් ගහන්න ඕන නම් හරි බනින්න ඕන නම් කෙලින්ම කියන එක වෙනම දෙයක් ඒත් මේ වගේ පහත් දෙයක් මම නම් අනුමත කරන්නේ නැහැ.සමහරු හිතන්නේ නැහැ තමන්ගේ අම්මත් කාන්තාවක් කියලා.
ReplyDeleteපුන්චිකාලෙ අම්ම දාල ගිහින්....දැන් පිස්සු පෙති ගන්න සල්ලි දෙන්න කෙනෙක් නැහැ.....යකෝ ඉතින් අපි මොනා කරන්නද?
Deleteහප්පටසිරි මම මේ බැලුවා එකපාරටම වින්චැට් වල් උනේ කොහොමද කියලා.......
ReplyDeleteමා එක්ක කාටද වල් වෙන්න හිතිල බැරි වෙලා..පව්ව්ව්ව්ව්...
Deleteඅපොයි... දැන් දැන් කියවන්න ලැබෙන්නෙ එතරම් හොඳ ආරංචි නෙමෙයි. බ්ලොග් කියන එකේ තේරුමවත් නොදන්නා හැඩයි. කමක් නෑ නංගී සැලෙන්න එපා. මං හිතන්නේ වෙන කෙනෙක්ගේ ලිවීම නවත්තන්න සිත් රිදීම් ඇති කරන එක පවක් !
ReplyDeleteමම සැලෙන්නෙ නැහැ,මගෙ හිත රිදිලත් නැහැ,පොඩ්ඩක් බය හිතුනා මගෙ අවට ඉන්න අය මා ගැන වරදවා වටහාගෙන ඇත්දෝ කියල...දැන් මම දන්නවා මගේ යාලුවො වෙනදා වගේම බුද්ධිමත්ව මේ දිහා බැලුව කියල..දැන් මම භයත් නැහැ...කිසිම කෙනෙක්ට මාව නතර කරන්නත් බැහැ.!ස්තූතියි අයියෙ.
Deleteමාර සත්තුනේ ඉන්නේ....චිහ් විතරක්...
ReplyDeleteකාටවත් රිදවලා ලබන සතුට මොකටද අප්පා...
පව් පල දෙනකොට තේරෙයි....
මේකට කියන්නෙ පැහැදිලිම ඉරිසියාව කුහක කම...පව් පල දෙනවා සත්තයි.සත්තයි.සත්තයි.!!
Deleteමම බ්ලොග් එක පටන් අරගෙන මාසයක්වත් නැති වුනාට ඇනෝ කෙනෙක් ඇවිත් "සෙල්ලං" කරන්න පටන් අරන්......
ReplyDeleteඔහේ සෙල්ලං කරපුදෙන්, හතියයි කිතියයි දෙකම එයාටනෙ.... ;)
එහෙනම් සුමිත්ට සතුටු වෙන්ඩ පුළුවන්.. ආඩම්බර වෙන්ඩ පුලුවන්.. ඇනෝලා පහර දෙන්නෙ ජනප්‍රිය හෝ ජනප්‍රිය වෙයි හෝ තමන්ව අබිබවා යයි හෝ කියලා හිතෙන ඒවට..
Deleteඔව් අයියෙ..ඔයාගෙ බ්ලොග් එක පලමු පෝස්ට් එකෙන්ම ජනප්‍රිය උනා...
Deleteවෙන කිසිම ලෝකයක් නැති..බ්ලොග් ලෝකය තමන්ගෙ එකම ලෝකය ජීවිතය කරන් ඉන්න අය කැමති නැහැ ඒ ලෝකෙ වෙන අය කැපිල පේනවට..ජනප්‍රිය වෙනවට...ඉතින් එයාලට කරන්න පුලුවන් එකම දේ තමා (එයාල හිතන විදියට.)හැන්ගිලා ඉඳන් අර මිනිස්සුන්ව රිද්දන්න හදන එක...
උන්ට තේරෙන්නෙ නැහැ අපි 'යකඩ මිනිස්සු' කියල.!!!
අඩේ සෝක්නේ නගේ..දැන් එකට දෙකක්ම ඔයාට බ්ලොග් තියේනේ.. ඒකත් ලොකු දෙයක්නේ...:D
ReplyDeleteනැතුව නැතුව අයියේ...නිකම්ම හම්බ වෙන දේවල් බලන්නකො මගෙ වාසනාව..(ඔයා කෝමත් දන්නවනෙ මම මොන තරම් වාසනාවන්තද කියල.)
Deleteමල කෙලියයි ජුලි හැත්තෑවයි!
ReplyDeleteඅසූවයි..!!
Deleteතනිකරම බලු වැඩක්... සැලෙන්න එපා අක්කේ.
ReplyDelete"එකෙක් නගින කොට ඉහළට
ඇහේ කටු ඇනෙයි අනිකාට
අදියි බිමට හෙළයි පහලට ඕයි..."
මේ ගීතය අසා ඇතැයි සිතමි.අහලා නැත්තම් අහන්නකෝ
ඔව් හලෝ..ඕක කරන්නෙ අපේ උන් විතරමයි..ලෝකෙ රටවල් ගානක මනුස්සයො ආස්‍රය කරල තියනව මම...ඒත් කියන්න ලැජ්ජයි.අපේ ජාතියෙ උන්ට විතරයි ඔය කුහක කැක්කුම තියෙන්නෙ......
Deleteමේක හොඳ ප්‍රවණතාවයක් නෙමේ.. මේ විස බීජය පැතිරුනොත්.. ඉස්සරහට අපිට හැම කමෙන්ට් එකක් ගානෙම ප්‍රොෆයිල් චෙක් කරන්ඩ වෙනවා හරි එකාව අදුන ගන්ඩ. හැමෝගෙම ප්‍රොෆයිල් නම්බර් මතක තියාගන ඉන්ඩත් වෙයි...නැද්ද විකල්පයක් මේක පිටු දකින්ඩ? ලත් තැනම ලොප් කරන්ඩ.. ගූගල් දෙවියන්ට වාර්තා කරන්ඩ බැරි වෙයිද ? උන් හිනාවෙයි... ලංකාවෙන් තමා ඉස්සෙල්ලම මෙහෙම පැමිණිල්ලක් ආවෙ කියලා..
ReplyDeleteඅසහන කාරයො ඉන්න තාක්කාල් මේ ලෝකෙ සුන්දර තැනක් වෙන්නෑ...
මේක තවත් අය දැන් ඉතින් කරාවි...
Delete'' අනේ මට මෙහෙම දෙයක් කලා අපේ රටේ කෙනෙක් '' කියල පිටරටක ඉඳන් පැමිනිලි කරන්න මට මගෙ හිතයි කොන්දයි දෙකම ඉඩ දෙන්නෙ නැහැ..හිතනකොටත් ජාතිය ගැන ලැජ්ජාවක් දැනෙනවා..!!!!!
කාලෙකින් ආවෙ කිරිල්ලි...හරි හරි වැඩ වෙලානෙ මේ අවකාශේ.......ඔයා නම් ඔය කිසි දේකින් සැලෙන්නෙ නෑ කියල තේරෙනවා..නයෙක් ගිහින් කියල දාලා තිබුනට බැලුවේ... නයි විමානයක ඉන්න නයි රජෙක් නේද ඒක දාලා තිබ්බේ.. ජය !!!!! මම මුතු පබළු
ReplyDeleteනයි රජාට ලියන්න බෑනෙ..ඉතින් මාතෘකා නැති උනාම වෙන අයට ගහනව..
Deleteඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා කිව්වේ නිකං නෙවෙයිනේ අක්කී හැබැයි ඕක දිගටම තියන එකක් නෑ.තිබුනත් අපි ගණන් ගන්නේ නෑ. දැනුවත් කරපු එක හොඳයි
ReplyDeleteජය!!!!!
දැන් අසහනකාරය හෝ කාරිය ඒ බ්ලොග් එක වහගෙන...ඊගාව තුරුම්පුව මොකක්ද දන්නෙ නැහැ..මම රෙඩි මල්ලී..ඊගාවට බලාපොරොත්තු වන්න අලුත්ම විකට නාටකය...!!!
Deleteෂික්. මාත් ඒ කමෙන්ට් එකට රිප්ලයි එකක් දුන්නනෙ. ඒකට මම නැවතත් කණගාටුව ප්‍රකාශ කරනවා, කිරිල්ලි. කොටින්ම ඔහොම කරන්න පුලුවන් කියලා මමදැනගෙන හිටියෙත් නෑ. මොකද අපි ප්‍රොෆයිල් එකක් හදනකොට එනවා නේද මෙසේජ් එකක් This Username/ID is taken හරි Not available හරි කියලා?
ReplyDeleteහරි අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා. අලුත් ප්‍රොෆයිල් පිචර් එක තාම මට හුරු නෑ.
දැන් මම මේ ඉන්නෙ හරි බ්ලොග් එකේ නේද? :D
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ගනන් ගන්න එපා මටත් ඒක මුලින් අඳුන ගන්න බැරි උන එක ඔයාල කෝම දැන ගන්නද? ඔව් ඔයා ඉන්නෙ හරි තැන..ඒ තැනැත්ත ඒ බොරු බ්ලොග් එක වහල..වෙනම අලුත් සෙල්ලමක් පටන් ගන්න ලෑස්ති වෙනව ඇති...මම පොටෝ එක මාරු කලා..මගෙ ෆ්‍රොෆයිල් එක දැන් ඔයාලට බලන්න බැහැ.....ස්තූතියි මාව දිරිමත් කලාට.
Deleteමම ඇත්තම කියන්නද....
ReplyDeleteමට බ්ලොග් එපා වුනා ඔයාට කළ කීදේවල් වලින්....
ඇයි දන්නවද...
ඒකට ඇවිල්ලා කමෙන්ට් දාලා අනිත් පැත්තට වල කපනවා.....වලළන්න වගේ..
මට ඔය තිරිසන් ගති එපා වෙනවා...
බ්ලොග් ලෝකේ මහ නපුරු තැනක් වෙලා....
මම ඊට පස්සෙම සතුටින් ලිව්වෙ නෑ නංගී...
මට තේරෙනව ඔයාගෙ කලකිරීම කොච්චරද කියල..දුකයි ඒ ගැන..ඒත් බලන්න මේ මම ඉන්නෙ උන්නටත් වඩා හොඳින්..සතුටු නැද්ද ඔයාට..?
Deleteමේ බ්ලොග් ලෝකෙට කවුරුවත් අයිතිකාරයො නැහැ..එයාට අයිති තරම්ම මටත් අයිතියි..මට අයිති තරම ම ඔයාටත් අයිතියි..දුක් වෙන්න එපා.සැලෙන්න එපා.ආයෙමත් ලියන්න.මේ ලෝකෙට මනුස්ස ලෝකෙ කියන්නෙ ඒක තමා..එහෙම මනුස්සයො නැති උනා නම් එහෙනම් මේක දිව්යලෝකෙ වෙනවනෙ..
ඔය වගේ ලෙඩ්ඩුන්ට අත කට පිරෙන්න බෙහෙත් දෙන්න ඕනෙ.....
ReplyDeleteබලන්නකො ශාප පලදෙනකොට...පහුගිය කාලෙ අපේ එක ජනප්‍රිය බ්ලොග් කාරියක්ව එලවල දැම්ම.එයාට බ්ලොග් එක වහන තැනටම කටයුතු කලේ ඔය පෙන්න ඉන්න මඩ කාරයොන්ට මුවා වෙලා රහස් කුමන්ත්‍රන ඔක්කොම මෙහෙයවන එක්තරා පුද්ගලයෙක්..එයාගෙ පුද්ගලික කේන්තිය පිරිමහ ගන්න අනෙක් අය යොදවල මඩ ගහල ඒ කෙල්ලව එලෙව්වා..මට ෂුවර්100%ම මේ පුද්ගලයා මගෙ පස්සෙනුත් එලවනව කියල..මොකද එයා මා එක්ක නෙට් එකේ හුරතල් වෙන්න ඇවිත් මගෙන් බැනුම් අහගත්තා....!!!!!!
Deleteචිට් චැට් ගැණු ළමයෝ, අහල තියනවද කතාවක් ? බයිබලයෙ තියෙන්නේ.
ReplyDeleteදෙවියන් වහන්සේ විසින් පරීක්ෂා කරනු ලැබේ " කියල ? අම්මල කියල දිල නැද්ද ?
අපි බෞද්ධ උනාට මම වයස අවුරුදු10ඉඳන්ම ඉගෙන ගත්ත කතෝලික ආගම..ඔව් මම අහල තියනව..මම දෙවියන්ට බයයි වගේම ගොඩාක් ගරු කරනව..ඒ වගේම මම ඉල්ලන හැම දෙයක්ම මට දෙවියන්ගෙන් ලැබෙනව..
Deleteඑපාර එහෙමත් එකක්ද කිරිල්ලියේ....
ReplyDeleteදෙවියනේ මෙන්න මෙයා..! කොහෙද උන්නෙ මෙච්චර කල් අනේ? මම ඔයාව නිතරම මතක් කරනව..ඔව් ඔව් හරි හරි දේවල් වෙනව මේ පැත්තෙ..ඔය ලොකු මිනිස්සුයි කියල තමුන්ම කියා ගන්න අයගෙ සැබෑ චරිත..මානසික තත්ව..කාටත් පෙන්වනව එයාලම මහන්සි වෙලා..හැමෝටම හෙන ෆන්...!!
Deleteහප්පේ ඔයාටත් වෙන දේවල්.. මොනවා උනත් දෙපාරක් හිතලා වැඩ කරන්න..
ReplyDeleteමාර සෙල්ලං නෙ බැලුවම..
ඒකනෙ සමාදි බලන්නකො හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙලු..හික්ස්.
Deleteමොලේ ලෙඩ තියෙන මිනිස්සු කොතනත් ඉන්නවා...පිස්සො කියලා මරන්ඩයැ....
ReplyDeleteඉරිසියාවයි කුහකකමයි එක්ක තමුන්ට නැති දේවල් අනුන්ට තියනව දකිද්දි ඇතිවෙන වයිරය.......ඒක මොලේ පිලිකාවටත් වඩා දරුණු ලෙඩක්..!!
Delete