My Blog List

Wednesday 15 August 2012

ඉරට හඬන මිනිස්සු...!


ඔයාලට මතකනෙ මම කලින් මගෙ පෝස්ට් එකක දැම්ම අපේ ගේ අවට හිමෙන් වැහිල තියන පොටෝ එකක්? ඒ පොටෝ එක මේකෙ පලකරන්න බොහොම කලින් ඉඳන් මම මගෙ යාලුවන්ට කියල තිබුන, හිම නිසා මම විතරක් නෙවේ මෙහෙ අනිත් මිනිස්සු විඳින දුක් කරදර ගැන..ඒ ගැන වැඩි විස්තර මෙතන ආයෙමත් ලියන්න අවශ්‍ය නැහැ..මම ම ලිස්සල වැටිල අත් කකුල් කොන්ද කීපාරක් කඩාගත්තද කියල මම කියල ඇති..අන්න ඒ කරදර මතක් වෙලයි ඒ පොටෝ එක පල කලේ එතන මගෙ යාලුවන්ට බලන්න..හැබැයි ඉතින් ඕක දැකල සමහරු මට මඩ ගහල තිබුන..හහ්..හහ්..හා මට හෙන සතුටුයි ඒ ගැන.(ඇයි කියල අහන්න එපා ඒක ඕනෙ නැහැ.)අපි මාතෘකාවට අදාලව කතා කරමුකො..

ඉතින් ඒ පින්තූරෙ ඔයාල දැක්ක විදියට කිරිසුදු පාට හිම ලෝකෙකට වෙලා,ශීතලේ ගැහි ගැහි වලස්සු වගේ,ගෝනිබිල්ලො වගේ පොරව ගෙන,අවුරුද්දේ වැඩිම මාස ගානක් හිරු එලිය නොදැක ජීවත් වෙන මේ මිනිස්සු....ඒ කාලෙට යාන්තම හරි ඉර පොඩ්ඩක් දැකපු මොහොතකට..යාන්තම් අව් රැල්ලක් පොලවට වැටුන දවසට සතුටින් උඩ පනිනවා......
අනේ මාත් එහෙමයි...
උදේ පාන්දර ඉඳන් රෑ වෙන තුරු වට පිටාව හැමදාම අඳුරු පාටයි (අළු පාටයි.)ශීතලයි..වැස්සයි..සුළඟයි..එක දවසකට වතුර වහිනව..තවත් වෙලාවකට දවස් 2..3..4. සමහර විට ඊටත් වඩා එක දිගටම නොනවත්වාම හිම වහිනව...
ඔය අතර උදේ පාන්දර නැගිටල ජනෙල් අරිනකොට කලාතුරකින් දවසක ඉර පායල තියනව දැක්කොත් හැමෝම වගේ මාත් කෑගහනවා..." අම්මේ...ඉර පායල අම්මේ..අනේ බලන්නකෝ අද ඉර පායලා.."

මෙහෙ මිනිස්සු කවුරුත් ඉර අව්වට හරිම පෙරේතයි..හිරු එලිය නැතුව දුක් විඳිනවා...කොච්චර සල්ලි සැප සම්පත් ලස්සන ජීවිත තිබුනත් එයාලට හිරු එළිය මහා ගොඩාක් වටිනවා..." අද නම් හරීම ලස්සන දවසක්." කියල මේ මිනිස්සු කියන්නෙ ඉර පායපු දාට..ඒ විතරක් නෙවේ දුර ඈත ඉන්න නෑයින්ට යාලුවන්ටත් කතා කරල මෙයාල කියනව "අද අපිට ඉර පායල හරිම ලස්සන දවසක්." කියල.........

ඉතින් මේ ශීතලේ ගැහි ගැහි හිම වැහි අතර මාස 10 ක් එක දිගට අපි වැඩ කරන්න ඕනෙ..ඊට පස්සෙ ජූලි අගෝස්තු මාස දෙක තදින්ම ඉර අව්ව වැටෙන කාලෙ..කාටත් සමර් නිවාඩු ලැබෙනව..ඒ සුලු කාලෙ දවසක් වත් අපතේ නොයවා මෙයාල හිතේ හැටියට විනෝද වෙනවා ඉර අව්වෙ...

මම ගොඩාක් ලියන්නෙ නැහැ...මේ පහල තියන පින්තූර වලින් බලන්න ඊට වඩා කතාවක් තියේවි...
ගොඩාක් ලං කරල ගත්ත පින්තූර පල කරන්න බැරිවීම ගැන සමා වෙන්න ඕනෙ..

ජාති ආගම් කුලභේද නැති,උස් පහත් උගත් නූගත් කියල වෙනසක් නැති,දුප්පත් පෝසත් මිනිස්සු ඔක්කෝම එකට එකතු වෙලා..වලි නැහැ..මඩ නැහැ..!!  කවුරුත් එකා වගේ බලන්න මේ ඉරට හඬන මිනිස්සු..!!!!





101 comments:

  1. අපේ රට කොච්චර සෝක් ද කියලා තමා හිතුනෙ... සම හරක්ට අගය නැති උනාට...

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ රට හැම රටකටම වඩා ලස්සනයි ඒත් ඒකෙ අගය දන්නෙ නැහැ බොහෝ දෙනෙක්..

      Delete
  2. අපිට මේකේ අනිත් පැත්ත. අපි අව්ව වැඩි නිසා පලු යන්න බනිනවානේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අපේ රටේ වැඩිපුරම අව්වනෙ..කාලෙකට හිමත් තිබුන නම් එහෙම වෙන්නෙ නැහැ.

      Delete
  3. හපොයි මෙහෙ ඉර අව්වට කොච්චර නම් බණිනවද අම්මෝ රස්නෙයි, දාඩියයි කියල. බලනකොට ඉර එලියට සෑහෙන ඉල්ලුමක් තියෙනවනෙ. පිංතූර ටික මරු හොඳේ!

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ලැබෙනකොට ඕනම දෙයක් එපා වෙනව නේද..ස්තූතියි ඔයාට.

      Delete
  4. නිවාඩුව හොඳින් ගෙවන්න...
    අන්තිමටම ලියල තියන ටික ඉතාම වටිනව.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්..අපි 18 ආපහු යනවා.....

      Delete
  5. හ්ම්ම්ම්...එහෙම අඬන අයත් ඉන්නවානේ.. ඇත්තටම මේ ලෝකේ කිසිම දෙයක් බැලන්ස් නැනේ.. ඕව් ඉතින් අඩුම ගානේ ලෝකේ වත් බැලන්ස් නැනේ..ඒකත් එක පැත්තකට වැඩිපුර ඇල වෙලානේ..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇති නැති කිසිම කෙනෙක් ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නෙ නැහැ කවදාවත්.....

      Delete
  6. බොරු කියන්නෙ මොකටද, මම හරි ආසයි හිම ගොඩේ පෙරලෙන්න, දඟලන්න. ලංකාවට අයිස් වැස්සක් වැ‍ටුනා කියන එක මට සති ගානකට NEWS එකක්.

    අවුවට කැමතිම නෑ.SPF වැඩිම අගයක් තියෙන sun cream ගානවා. එලියට බහින්නෙ නෑ කුඩයක් නැතිව. කාර් එකේ යන්නෙ නෑ සන් ග්ලාස් නැතුව. බයික් එකේ යන්නෙ නෑ ජැකට් එකක් නැතුව. ඒත් බලන්න ඔයා....

    ලෝකෙ දෙපැත්තක ඉන්න අපි දෙවිදියක දේවල් වලට ආසා කරනවා. ඒත් ඒ තරම් දුරස් වුණත්, සමහර දේවල් වලින් අපි කොයි තරම් සමානද කියලත් හිතෙනවා.
    සමහර විට මේකටත් මඩක් වදීද දන්නෙත් නෑ. මඩ ගහන්න ගහන්න, ඒවාගෙන් ඔයා තවත් ලස්සන වෙන්න. :)
    (සමහර රටවල ලස්සන වෙන්න mud therapy කරනවලුනෙ)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ මෙන්න සිඳු නයි අරිනවෝ... :D:D:D

      Delete
    2. ඔන්න සිඳූ මාරයිය මුල්ම මඩ බෝලෙ ගහල...
      මඩ වදිනවට මම නම් මාර කැමතී...ඔයාල දන්නවද මොන තරම් වියදමක් ද කියල මඩ තෙරපි එකකට..? අම්මෝ........
      සිඳූ.....මම දැන් ඉස්සරටත් වඩා ලස්සනයි ප්‍රසිද්ධයි..:D:D

      Delete
    3. මාරයාගේ හෝරාව: මාරයියේ...කොහෙන්ද ඕවා පුරුදු උනේ...නයි නිසා වෙච්ච හදිය බලන්නකෝ..තාමත් බ්ලොග් අවකාශෙ පාටි ඉවරයක් නෑ..හිකිස්.

      Delete
    4. මඩ කියන්නෙත් නියමම සන් ස්ක්‍රීන් එකක් තමා. ඕක අමුතු දෙයක් නොවෙයි සමහර සත්තුත් ඌෂ්ණ කාලෙට මඩ නාන්නේ.. හැබැයි ඉතින් අපි ඉන්න පැත්තේ තියන අවුවට නම් මඩ වලක බැහැල හිටියත් මදියි..

      Delete
    5. හෆොයි.... මේ මම කිවුවෙ මම ගැනම නෙමේ. පොදුවෙ ලංකාවෙ මිනිස්සු ගැන.

      Delete
    6. තොටියා..මාත් එකපාරක් මඩ නෑවා සල්ලි දීලා..හැබැයි පුදුම වෙනසක් දැනෙනව ඇඟටයි හිතටයි..(තෙරපි එකක්.)

      Delete
  7. ඒකත් නරකම නෑ හැබැයි, අනේ අපිනම් කියන්නේ වහින්න වහින්න කියලා ඉර අව්ව වැඩි :/ රස්නෙයි වතුර නෑ,කරන්ට් කපනවා ලු :(((

    ReplyDelete
    Replies
    1. මාත් පතන්නම් එහෙනම්..වැහැපන් මල් වරුසා..!!!! :)

      Delete
  8. ලංකාව කියන්නේ හුගක් වාසනාවන්ත රටක් නෙව. අපිනම් ඉතින් කොයි වෙලෙත් ඉරට බනින එක තමා කොරන්නේ. මනුස්සයා කියන්නේ නැතිදේට අඩන තියෙනදෙට බනින ජාතියක් දරුවෝ.

    හිම වැටෙනවට කැමතිද කියලා ඇහැවුවොත් ලංකාවේ මිනිස්සුන්ගෙන් තුන්කාලක්වත් කැමති කියයි

    ReplyDelete
    Replies
    1. //හිම වැටෙනවට කැමතිද කියලා ඇහැවුවොත් ලංකාවේ මිනිස්සුන්ගෙන් තුන්කාලක්වත් කැමති කියයි//
      ඔව් අංකල් ඊට පස්සෙ කෑගන්න පටන් ගනීවි ඇයි දෙවියනේ මේ රටට ඉර පායන්නෙ නැද්ද කියල...:)

      Delete
  9. මාරයිනේ..ඔංචිල්ලාවත් හයි කරලා තියෙන්නේ මූදෙනේ.....

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව් හැම තැනම ලමයින්ට සෙල්ලම් කරන්න දේවල් තියනව.ඇයි ඔය බෝලත් ගහන්නෙ......

      Delete
  10. හොඳයි. අපිට නං ඉර එපාවෙලා තියෙන්නෙ රස්නෙ නිසා. පුළුවන් නං අරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. අනේ හිම කාලෙට මටත් හිතෙනව මේවා ලංකාවට පටවන්න තියනව නම් කියල.:):)

      Delete
  11. අපි නම් මෙහේ ඉර අව්වට පිච්චෙනවා.. තැම්බෙනවා... ඒත් මෙයාලා ඉර අව්ව එනකම් බලාගෙන ඉන්නවා.. බලන්න ඒකෙත් හැටි..
    පින්තූරු ටික දැක්ක්ම නම් පේන්නේ හරිම ලස්සන මුහුදු වෙරලක් ඔය පැත්තෙත් තියනවා වගේ කියලයි

    ReplyDelete
    Replies
    1. අපිට මූදුවෙරළක් තියා මූදක් වත් නෑ දොස්තර මහත්තයෝ..මේ අනුන්ගෙ එකක්..අපිත් ඔහෙ ආවා ටිකක් අව්වෙ ඉඳල යන්න......

      Delete
    2. ඔන්න මට මළ පනිනවා... කී සැරයක් කිව්වද මගේ නමේ මුලට/අගට ඔය මහප්‍රාණ කෑලි ඕන නෑ කියලා....

      Delete
    3. හරි..හරි සමාවෙන්න දොස්තර මහත්තයෝ.:D:D:D

      Delete
  12. නියම පින්තුර ටිකක් මමත් ආසයි නිල්ම නිල්පාට අහසත් එක්ක මුහුදු වෙරළේ ගතකරන්න

    ReplyDelete
    Replies
    1. මාත් ආශයි හැබැයි හෙවනෙ ඉඳන් බලාගෙන ඉන්න..ඔය අන්තිම පොටෝ එකේ තියන රෙස්ටුවරන්ට් එකේ ගහක් යට තමා මගෙ දවස ගෙවෙන්නෙ.....

      Delete
  13. කිරිල්ලියක ලෙස පියා සලා
    අත්තටු රිදුනා පමණයි
    දෑල විදාහල දෑත මගේ
    ඔබටත් ඇයටත් උරුමයි....

    හිරු සඳු එකවිට ඩෙපස නැඟේ
    කලුවර ඇයි විජිතයම මගේ....

    ReplyDelete
  14. ඔහෙ එවුන් ඉරට හඩනවා..
    මෙහෙ එවුන් කිරට හඩනවා..

    ධනවාදයේ / තුන්වන පන්තියේ වෙනස ඒකයි.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්.....තව මාසයයි අපි ශීතලේ.....

      Delete
  15. ඒ අතින් බලද්දී ලංකාවේ මිනිස්සු කොච්චර වාසනාවන්තද..? මොකද්ද ඔය රට..?
    ඒක තමා සුද්දෝ මේ බාගෙට ඇඳුම් ලිහාගෙන ලංකාවේ මේ වැල්ලේ ගිනි මද්දහනේ අව්ව තපින්නේ.. මට මෙහෙමත් හිතෙනවා ... සමහරක් විට උන්ට මේ ඉර එලිය තිබුන නම් මිට වඩා ප්‍රයෝජනයක් ගනීවි කියලා
    මාතෘකාව දැක්කම මතක් උනේ.. "අපිත් කිරට අඬනා දරුවන් අම්මේ" කවි පදේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තවශයෙන්ම ඉර තිබ්බ නම් මෙයාල ගොඩාක් ප්‍රයෝජනවත් වැඩ කරනවා.මෙහෙ මිනිස්සු කම්මැළි නැහැ....

      Delete
  16. ඉරට අඩන එක නවත්තයි එක දවසක් දාඩිය පෙරාගන ඉන්ඩ වුනා නම්.. මට හැමදාම හිතෙනවා අනේ අපේ රටවල් වලටත් හිම වැටුනනම් කොච්චර හොඳද කියලා..

    සීතල පොරොවගන හරි ඉවසන්ඩ පුලුවන්... රස්නෙ ඉවසන්නෙ කොහොමද.. මට නම් ඕන්නෑ...

    ඒ මදිවට පූරුවෙ කරපු පවකට කාන්තාරෙකට එන්ඩ වුනානෙ සල්ලි නිසා.. අයියෝ මේදවස්වල තියන සැප... කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. මාස 9 විතර දාඩිය දාන්නෙ නැතුව ඉන්න නිසා තමා මෙයාල මෙහෙම ඉන්නෙ..හමට ඉර අව්ව නැති උනාම අමුතු අමුතු ලෙඩ හැදෙනවා..ඔයා දැකල නැද්ද සුදු මිනිස්සුන්ගෙ ඇඟේ (හමේ)තියන දේවල්...මට නම් මහ අපුලයි දැක්කාම....ඔයාල ගැන නම් දුකයි..එක පාරක් අපි ඔය රටක බැස්ස ට්‍රාන්සිට් එකකට..ප්ලේන් එකෙන් එලියට එද්දිම මට කෑගැහුනා අනේ අම්මේ මට බෑ..කියල......:(

      Delete
  17. අපේ රටේ නම් ඔහොම නැහැනේ හැමදාම අව්ව වැස්ස සමසමව ගෙවෙනවා.

    ReplyDelete
    Replies
    1. අව්වෙන් වැස්සෙන් නියම ප්‍රයෝජන ගන්නෙ නැහැ අපෙ අය....

      Delete
  18. හෆ්ෆා අෆි ඉර එළිය රස්නෙයි කියලා කෑ ගහනකොට ඉරට අඬන මිනිස්සුත් ඉන්නවනේ o.O

    ReplyDelete
    Replies
    1. ඔව් චූටිපුතේ..හැමෝටම හැම දෙයක්ම ලැබෙන්නෙ නැහැ කවදාවත්..!

      Delete
  19. බලාගෙන ගියහම ලංකාව කියන්නේ මේ මිහිපිට සුරපුරයකට !
    මෙහේ ඉන්න එකාලා ලංකාව කාලා විනාස කරලා දම්මට මේක ස්බාවධර්මයාගෙන් දායාදයක් විදිහට ලැබිච්ච රටක් !!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ සහතික ඇත්ත...ඉස්සර ලංකාවට එද්දි තිබ්බ ලස්සන දැන් නැහැ...

      Delete
    2. ලංකාව උඩ ඉඳලා පේන්නේ කොළ ම කොළ පාටට. ඒත් අපේ එවුන්ට ඒ පාට අල්ලන්නේ නැද්ද මන්දා කාලා විනාස කරන්නේ.

      Delete
    3. අපි කොල පාට දකින්නෙ හරිම සුලු කාලෙකට ඊට පස්සෙ ඔක්කොම දර කෝටු ඉපල් වගේ...කොලපාටින් ගොඩාක් ගස් තියන වත්තක ඉන්න මම හීනයක් දකිනව.....

      Delete
  20. Replies
    1. හිම කාලෙට ඉර දැක්කාම දෙවියො දැක්ක වගේ...

      Delete
  21. ආ..... මේක වෙන්නැති අර දානවා කිව්වේ :-)

    එල ආහ්..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේකෙ දැම්මෙ නැහැ ඒවා..ඕනෙ නම් එවන්නම්....

      Delete
  22. අප්පේ ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද නේ ඈ! ඉර හැමදාම තියනවනේ එල කිරි වගේ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ගෙවල් වටේ ගස් හිටවන්න..එතකොට හෙවන ලැබෙනව..ඉරත් පායනව..ලස්සනයි සනීපයි..

      Delete
  23. ඩුබායි ඉන්න අපි නම් මේ දවස්වල ඉරට බනින මිනිසුන් . . ඇයි අප්පා පුදුම රස්නයක්නේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ රස්නෙ මම දන්නවා..මාව නම් මැරේවි.:(

      Delete
  24. කිරිල්ලිත් මේ දවස් වල කැමරාව අරන් එලියට බැහැලා වගේ.. මේ මාස දෙකේ වටිනකම් ඉතින් කියලා වැඩක් නෑ.. කිරිල්ලි සාමාන්‍ය වෙරළකට නේ ගියේ... ලං කරලා ගත්ත ඒවා මොකො මන්දා නොදැම්මේ... :)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය වෙරලක් කිව්වෙ... අසාමාන්‍ය එව්වා වල වෙනස මොකක්ද?

      Delete
    2. Dinesh..ඔව් සමාන්‍ය තමා..ඒ උනාට මාව බ්ලොග් පොලීසියෙන් උසාවි දාවිද දන්නෙ නෑනෙ..සදාචාරය නැතිභංග කලා..ශිෂ්ඨාචාරය ඇඹුල් තියල් කලා..කියල? :):)
      අනේ ඔව් දිනේශ් ඊට පස්සෙ ඉතින් අපි හරක් වගේ වැඩ කරන්න එපායැ අර හිමේ..ආආ ඔයාලට හිම ප්‍රශ්නයක් නැහැ නේද??

      Delete
    3. Skyman125...ඔව් ඔව් අසාමාන්‍ය වෙරළවලුත් තියනවා..ඒවා ඕනෙ නැහැ පොඩි උන්ට..!!

      Delete
    4. හනේ හනේ හොඳ පොඩි එකා...! ඒ කිව්වා වගේ අසාමාන්‍ය වෙරලක් ගැන ගෙඩිපිටින් පෝස්ට් එකකුත් ඔය පොඩි දරුවා ටික කාලෙකට කලින් දාල තිබුනා මතකයි. අර යුරෝ 200 නැතිව හැරිලා ආවය කිව්වේ... හික්ස්ස්

      Delete
    5. ඔව්..ඔව්.. මටත් හොඳට මතකයි ඒ පෝස්ට් එක..හී..හී.

      Delete
  25. ඉර එලිය උනත් ඕනේවට වඩා ලැබුනාම එපාවෙනවා. ඔය සමහරුන්ගේ කමෙන්ට්ස් බලන්ට. හොඳම දේ තමා සෘතු හතර තියන රටක ඉන්න එක. හැමදේම ටික, ටික ලැබෙනවා. ලැබෙනදේ අගය කරනවා. ඊලඟ සෘතුව එනකල් බලාපොරොත්තුවක් තියනවා.

    අපි අඬන්නේ අපි ලඟ නැති දේට විතරයි. සීතල මම ආසා දෙයක්. හිමවල වැටෙන්ට, සෙල්ලම් කරන්ට මම නම් ආසයි.:D

    ReplyDelete
    Replies
    1. සෘතු මාරුවෙන් මාරුවට එන එක හොඳයි තමා..ඒත් අපිට වැඩියෙන් තියෙන්නෙ ශීතලනෙ..බැල්කනි දොරවල් අරින්න බෑ හිම තට්ටු පිරෙනවා..මගෙ වැඩේ බාත් රූම් එකෙන් පැහෙන උනු වතුර අරන් වක්කරනව..අනේ ඒකෙත් හැටි..උනුවතුර ටික දාපු තැනින් පහලට බැහැල හිම තට්ටුව යටින් අපූරුවට යන්න යනව..හිම කන්ද එහෙමමයි.....:(

      Delete
  26. හිරු නැතී ලෝකයකින් වැඩක් නැත :) :)

    අපූරු පින්තූර ටික අක්කේ :)

    ReplyDelete
  27. ඔබ මගෙ අඩවියේ අවංක හිතින් පළකර තිබු කමෙන්ටුවට බොහොම ස්තුතියි.මම ඒ වෙලාවේ වෙන සිහියක හිටියේ,හරියට රිප්ලයි කරගන්න උනේ නැහැ..:)

    ReplyDelete
    Replies
    1. මම ආපහු යමක් බලාපොරොත්තු උනේ නැහැ ඒකට.....:):)

      Delete
  28. Replies
    1. ඔයාට නම් පුරුදු ඇති මේ පැත්ත නේ.?

      Delete
  29. තව ටිකක් ලං කරලා ගත්හ ෆොටෝස් ටිකක් තිබුනානම් තමයි වටිනාකම වැඩි ..:ඩි

    ReplyDelete
    Replies
    1. ඇත්තට..? ලන්කරල ගත්ත පොටෝ ටිකක් ඕනෙ නම් එවන්නම් ඔයාට...:D:D

      Delete
  30. මමත් හිම වලට ආසයි!! ඒත් ඉර පායනකම් බලන් ඉන්න වෙනවාට වඩා මෙහෙම හොදයි වගේ....

    ReplyDelete
    Replies
    1. හිම වහින්න අරන් මුල් දවස් වල හොඳයි..ඒත් දිගටම වැහැල වැහැල කඳු පිරුනාම මට නම් පිස්සු වගේ..

      Delete
  31. මෙහෙ තරං ආතල් එකක් කොහෙවත් නෑ...

    ReplyDelete
    Replies
    1. අපි කලින් වතාවෙ ලංකාවට ආපු වෙලේ අනුරාධපුරේ ගියා..එහෙ ටිකක් පිටිසර පැත්තෙ වැවක් ගාවට ගියා..ඒ ගමේ ගෙදරක තිබ්බ ගෙඩි උතුරන අඹ ගහක්..ඒ ගෙදර අය කිව්ව ගහම අරන් සල්ලි දෙන්න කියල.ලොකු ගානක් නෙවේ ඉතින් අපි ඔක්කොම කඩා ගත්තා..ඒ ගෙදර මස් වලට කුකුල්ලු ඇති කලා..අපි කුකුල්මසුත් ගත්තා..
      ඊට පස්සෙ වැව ගාවට ඇවිත් එතන කලුගල් ටිකක් හොයාගෙන ලිපක් හදල බත් ඉව්වා..නැන්ද කෙනෙක් අඹ ඉව්වා ඒක නම් දිව්‍යලෝක රසයි.ඉතින් මස් උයල බත් උයල තව මොනාද මොනාද හදල අපි වැවේ නාල කාල සින්දු කිය කිය උන්න මහ රෑ වෙනකම්.....
      මතක් වෙද්දි හරිම ආශ හිතෙනවා..එහෙම ස්වාභාවික සතුටක් විඳින්න මම හරි ආශයි..

      Delete
  32. ඒත් කවදා හරි දවසක මම එන්න කැමති රටක කිරිල්ලි ඔයා ඉන්නේ.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....මාත් ගොඩක් ආශාවෙන් ආවෙ..මොන කරුමයක්ද මන්ද මට ලංකාව ගැනමයි හිතෙන්නෙ....

      Delete
  33. මැදපෙරදිග ඉර රස්නේ.. යුරෝපේ සීතල.. අපි වැස්ස දකින්නේ ලංකාවට ගියාම. :)

    හැමදේම කුකුලගේ කරමලේ වගේ. නිතර දකිද්දී වටිනාකමක් නෑ. ඒත් නැති එකාට තමයි ඒ දේවල් වල අගය වැඩි.

    ReplyDelete
    Replies
    1. මම ආශයි වැස්සට මෙහාටත් වහිනව තමා. ඒත් විශ්වාස කරන්න.. අර ගොරව ගොරව ගස් අඹරව ගෙන මහා සද්දෙන් සුළඟත් එක්ක වහින වැස්ස දකින්න ලංකාවටම යන්න ඕනෙ....

      Delete
  34. කොච්චර බීච් එකේ සෙල්ලම් දැකලා තිබුනත් ඔන්චිලි පදිනවා දැක්කේ අද තමා ,ඇත්තටම ජීවිතයේ පරිපුර්ණ බව කියන්නේ හිස්බව කියලා මට හිතෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. පුංචි අයට විනෝද වෙන්නත් මහ ගොඩාක් දේවල් තියනව..ඔයිට පොඩ්ඩක් මෙහාට වෙන්න ලමයි වෙනුවෙන්ම මහා විශාල පලාතක් වෙන් කරල තියනව...

      Delete
  35. අර කුඩ පේලි ටික නම් මරු.... හොඳ හරිය වැහිලද මන්ද කුඩ වලින්....
    මමත් ඉර පායලා තියෙනකොට, උණුසුම් දේශගුණයට තමයි ආස සීතල කාලෙට වැඩියෙන්... මෙහේ ආව මුල කාලෙ (ඔයාල ඉන්න රටේ වගේ හිම නැතිව තිබිලත්)වින්ටර් එක කිට්ටු වෙනකොට මට නිකම් පිස්සු වගේ.... දැන් නම් එහෙමම නෑ...

    ReplyDelete
    Replies
    1. කිලෝ මීටර් 10 ක් දුරට ඔය පාට පාට කුඩ පේලි තියනව..එක එක ගෲප් එක එක හොටෙල් වලට අයිති...හෙ.හේ කුඩ යට මරු..!! :D:D

      Delete
  36. ඇත්තම කියනවනම් මාත් හිම වලට කැමතියි. ඒ ඒවා අපට නැති නිසා....

    අපේ රටේ මම ජීවත්වෙන්න වැඩියෙන්ම කැමති බලංගොඩ-බදුල්ල ප්‍රදේශවල එහේ සීතලත් උණුසුමත් දෙකම සම සමව තියෙනවා. අපි දැනට ජීවත්වෙන ප්‍රදේශයේ වැඩිපුරුම තියෙන්නෙ වැස්ස.... :(

    ReplyDelete
    Replies
    1. මාත් ආශයි බලංගොඩ පැත්තට..හපුතලේ පැත්තට..ඊටත් වඩා ආශයි හොර්ටන් තැන්න පැත්තට..අනාගතේ ලස්සන හීනයකුත් දකිනවා ඒ හා සම්බන්ධව..
      WISH ME LUCK !!

      Delete
  37. ඉර ඇතුවත් බෑ නැතුවත් බෑ :) :)
    අර සිංදුවකුත් තියෙන්නේ
    "රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
    පුන් සඳ පහනින් උණුහුම අයදිනවා.."
    කියලා..

    ReplyDelete
    Replies
    1. ඉරත් නැති හිමත් නැති ලෝකයක් ගැන මම හිතනව.....:D :D :D.

      Delete
  38. එකම දේ කෙනෙකුට වාසනාවත් තව කෙනෙකුට අවාසනාවත් අරගෙන එනවා... ඉර එළියත් එහෙමයි... ඉරේ සැර වැඩිවෙනකල් පිරිසක් බලන් ඉද්දි තව පිරිසක් ඉරේ සැර අඩු වෙනකල් බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මිනිස්සු නැති දෙවල් වලට හැම දාම අඬන්නෙ....තියන දේවල් වල අගයක් නෑ....

      Delete
    2. ලංකාවේ ඒ අතින් ප්‍රශ්ණ අඩුයි තමා.... ඒත් මිනිස්සු නම් කරන්නේ මොකක් හරි ප්‍රශ්ණයක් හොයාගෙන කාට හරි බැන බැන ඉන්න එක... ලංකාවේ අයට තියෙන දේවල් වල වටිනාකමක් නෑ....

      Delete
    3. කියන්න කනගාටුයි ලංකාවෙ මිනිස්සු තමුන්ගෙ එදිනෙදා ජීවිතයේ අවශ්‍යම වැඩ කටයුතු පාඩු කරගෙන හරි වෙලාව හොයා ගන්නව..අනුන්ගෙ දේවල් ගැන හොයන්න..අනුන්ගෙ වැරදි අඩුපාඩු හොයන්න..විවේචනය කරන්න..ගල් මුල් ගහන්න..එහෙම කරල ඒ මිනිස්සු පුදුමාකාර විනෝදයක් සතුටක් ලබන බව මම මුල් වරට මගෙම ඇස්දෙකෙන් බලා ගත්තෙ මේ බ්ලොග් අවකාශෙදි............

      Delete
    4. ඒක නම් ඇත්ත... ලස්සණ පින්තූර ටිකක්... ඔයාම ගත්ත ඒවද? හොඳ ඡායාරූපකරණ හැකියාවකුත් තියෙනවා වගේ...කෝණ බලලා ආලෝකය සමබර කරලා අරන් තියෙන්නේ...

      Delete
    5. හ්ම්ම්..හ්ම්ම්...මා ගාව තියෙන්නෙ පුංචි සෝනි කැමරාවක්..ඒකෙන් කරන වැඩ තමා ඕවා......:)

      Delete
    6. කැමරාව පුන්චි වුණාට ඔය තියෙන්නේ අපූරුවට...

      Delete
  39. මං හිතන්නේ සහරාව වගේ අවුවත් නැති. කිරිල්ලි ඉන්න රට නැතිනම් ඊටත් උඩින් තියන ශීතල රටවලට වඩා අතරමැදි දේශගුණයක් තියන අපේ රට වගේ රටක ඉන්න එක කොයි තරම් පහසුද. පුත්තලම හමබන්තොට පැත්තට ගියොත් රස්නේ, බණ්ඩාරවෙල නුවරවළිය පැත්තට ශිතල. නුවර පැත්තට අතරමැදි කොච්චර හොඳද නේද.
    ලස්සන පිංතූර ටිකක්. ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ සමහර මිනිසුන්ට තියන දේ වටින්නේ නැති කම නේද.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නෙ ප්‍රියන්ත අයියෙ එහෙමයි අපේ රටේ අපිට රස්නෙ ඕනෙ නම් ඕන වෙලාවක..සීතල ඕනෙනම් ඕනෙ වෙලාවක..ඒත් අපි අවුරුද්දෙ වැඩි කාලයක් සීතලේ ගැහෙනව..මාස 2ක් රස්නෙ ඉවසගන්න බැරි තරම්..ඉතින් මම නම් හිතන්නෙ අපි හරි පව් කාරයි....

      Delete
  40. හිම වැටෙනවානං ලංකාවට කොච්චර හොදද

    ReplyDelete
  41. අලුත් එකක් නැද්දෝ... මේක කල්පහුවෙලෝ....

    ReplyDelete
  42. වින්චැට්ටා ආගිය අතක් නැත...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝ මේ බ්ලොග් එකේ අයිතිකාරී ???

      Delete
  43. අම්මේ Done... ඔක්කොම කියෙව්වා,

    ReplyDelete