My Blog List

Sunday 10 June 2012

බේබි සිටින්....!!

එදා අපේ ගෙවල් කිට්ටුව ලස්සන උද්‍යානයක තිබුන පොඩි ලමයින්ගෙ උත්සවයක්..මේකෙ පොඩි සල්පිල් වල රෙදි බෝනික්කො..ලී බෝනික්කො..අර අම්බලංගොඩ රූකඩ වගේ, ඔක්කොම මපට් පප්ට්ස්ලා විකුනන්න තිබුනා..ඒවා අළෙවි කලේ ඒ ලැබෙන මුදල් අප්‍රිකාවෙ අසරන ලමයින්ට අධාර පිනිස යවන්නයි......
මේ පොඩි සල්පිල් භාරව උන්නෙ කඩියො වගේ එහාට මෙහාට දුවන නෝනල දෙන්නෙක්..එක්කෙනෙක් සිවිල් ලෝයර් කෙනෙක් නම මෝනා..අනිත් කඩියා අපේ අම්ම....
අම්මලාගෙ ආයතනයේ වැඩ කරන පවුල් වල පුංචි පැටවුනුත්..තව යාලු හිතවත් පවුල් වලත්,අවට ගමේ පුංචි පැටවුනුත් මහා ගොඩාක් පාක් එකේ පිරිල උන්න..පාට පාට මල් වගේ ලස්සන සමනල්ලු වගේ...
සල්පිළක් ඇතුලෙ ඉඳල ඉඳල කම්මැළි හිතුනාම මාත්  එලියට ඇවිත් පොඩ්ඩක් ඔහේ ඇවිදගෙන ගියා මාලුවොයි ඉබ්බොයි ඉන්න ලොකු වතුර පොකුන පැත්තට..පුංචි ලමයින්ගෙ සැන්දෑවක් නිසා චාම් රෝස පාට සිනිදු ගවුමක් ඇඳල, රෝස පාට සපත්තු දෙකක් දාල, කොන්ඩෙ දෙකට බෙදල කරල් දෙකක් ගොතල රෝසපාට රිබන් වලින් ගැට ගහන් මම එදා උන්නෙ.....
මාලු පොකුණට කිට්ටු වෙද්දිම ඈත ඉඳන් දුවන් ආපු පැටව් ටිකක් මාව වට කර ගත්තා..කටියම කිචි බිචි ගානව..හිනා වෙනවා එකිනෙකාගෙ මූණු බල බල..ඇහ් මේ මොකෝ මේ..??
රන්වන් පාටින් කඩා හැලෙන පොකුටු කොන්ඩෙකුත් තද කොල පාට ලස්සන ඇස්දෙකකුත් තිබුන හරිම හුරතල් මූණක් මගෙ ලඟට ආව...
''..හායි මිස්.. ඔයා රෙඩ් ඉන්ඩියන් නේද..?''
''..ම්ම්ම්..මම..ආහ් ඔව්නෙ.. කෝමද ඔයාල දන්නෙ..?''
''..අපි දන්නව..ඔය විදියට කොන්ඩෙ හදන්නෙ රෙඩ් ඉන්ඩියන්ස්ල..ඉතින් කෝ ඔයාගෙ කුරුලු පිහාටු..?''
''..ම්ම්ම්ම් අද මම කොන්ඩෙට කුරුලු පිහාටු ගැහුවෙ නැහැ ඒවා ගෙදර තියල ආවනෙ..''
''..එතකොට එදා?..එදත් ඔයා කුරුලු පිහාටු ගහල උන්නෙ නැහැනෙ..?''
''..එදා? ඒ කවදද?? ඔයා මාව කලින් දන්නවද..?''
ඔන්න දැන් නම් මාව මේ කෙල්ල කරකවල අත ඇරිය වගේ..මම පුදුම වෙලා එයා දිහා බලන් උන්නෙ..හපෝ එහෙමත් කටක්..! එහෙමත් පන්ඩිත කමක්..!!!
''..ඔව්. ඔයා ඔයාගෙ මමී එක්ක උන්න සුපර්මාකට් එකේ..මම මගෙ මමී එක්ක උන්නා..ඔයාල උඩට ගියා..''
''..හ්ම්ම්ම්ම්..කවුද ඔයාගෙ මමී? කෝ එයා දැන්..?''
පොඩ්ඩි අත දික් කරපු පැත්ත බැලුවාම මම පුදුම උනා..මෙයා මේ මෝනගෙ දුව එමිලි..!! අහල තිබුනට මෙයාව මම දැක්කෙ එදාමයි..මෝනට බබාල 4 දෙනෙක් හම්බ වෙන්න ඉද්දි නැතිවෙලා..එමිලි තමා 5 වෙනි බබා..එමිලිගෙ තාත්තත් ලෝයර් කෙනෙක්..එයා මෝනට වඩා ගොඩාක් වැඩිමල්..හරියට තාත්තයි දුවයි වගේ..එමිලිගෙ සීය වගේ......
ඔන්න ඉතින් එදා අපි දෙන්න ගොඩාක්ම යාලු උනා..මගෙ ජීවිතේටම හැබැහින් දැක්ක ලස්සනම හුරතල් කෙලි පැටික්කි තමා එමිලි..වයස අවු:5.මූණ රෝසම රෝස පාටයි..කැරලි කැරලි රන්වන් පාට කොන්ඩෙ කඩා දාගෙන කොල පාට ටීක් බෝල දෙකකක් වගේ ඇස්දෙක නටව නටව  හුරතල් පන්ඩිත කතා කියද්දි දකින ඕනෙම කෙනෙක්ට ආදරේ හිතෙනව එයාට......
දවසක් අම්මල ගමනක් ගියා එදා මෝනා එමිලිව අපේ ගෙදර තියල ගියා මා එක්ක...මෙයා දඟ කරන ලමයෙක් නෙවේ හරි තැන්පත් ඒත් පොත් වලට පෙරේතයි..පින්තූර පොතක් බල බල උන්න ගමන් හැරුන හදිසියෙන් වගේ මගෙ පැත්තට..
''..හේයි ෂොඩූ..අපි කාටුන් බලමු යන්න පොප්කෝන් හදන් එන්න..''
''..මොකක්? ෂොඩූ??''
''..ඔව්.ඔයා ෂොඩූ.. ඒ ඔයාගෙ නම..''
''..එමිලී ඔයා මගෙ නම දන්නව..වෙන නම් හදන්න එපා මට..''
''..නෑ ඒක තමා ඔයාගෙ නම..මගෙ මමී මට කතා කරන්නෙ එමිලි..ඔයාගෙ මමී ඔයාට කතා කරන්නෙ ෂොඩූ..ඒක තමා ඔයාගෙ නම..''
හ්ම්ම්ම්..ඕන මගුලක්..අද විතරනෙ...මම පොප්කෝන් හදන් ආව ඔන්න දැන් අපි කාටූන් බලනවා...මෙයා ආයෙමත් ඇස් යටින් බැලුව මා දිහා...
''..ෂොඩූ..''
''..ඇයී..''
''..බෝයි කෙනෙක් ඉන්නවද..?''
''..එක්කෙනෙක් නෙවේ ඔය දෙන්නෙක් ඉන්නෙ..එකෙක් නිදි අනික ෆුට්බෝල් වලට ගිහින්..'' අනේ මම හිතුවෙ මෙයා මේ කියවන්නෙ අයියල දෙන්න ගැන කියල....
''..එයාල නෙවේ ෂොඩූ..එයාල බ්‍රදර්ස්ලනෙ..මම කිව්වෙ ඔයාගෙ බෝයි..ඔයාගෙ..''
කොලපාට ටීක් බෝල දෙක කරකවල මේකි අහපු දේට ආයෙත් මාව කැරකිලා ගියා...
''..මෙන්න වැඩක්..ඊඊහ්..ඔයා කෝමද ඕව දන්නෙ? කවුද කියල දුන්නෙ?..''
''..කවුරුත් කිව්වෙ නැහැ මට නම් ඉන්නව බෝයි කෙනෙක් ඉස්කෝලෙ..''
''..ඈහ්හ්...මේ එමිලි බොරු කතා කියන්න හොඳ නැහැ පොඩි ලමයි තේරුනාද? ඔයා තාම පොඩි ලමයෙක්..!''
''..ඉතින් එයත් මං වගේ තමා..එයා මගේ බෝයි..ජින්පෙඩ්‍රෝ..''
''..මොකක්? ජින්?..''
''..ජින්..ජින්..නෙවේ ෂොඩූ ජින්පෙඩ්‍රෝ..''
(හෆ්ෆා...මේ කෙල්ල මා එක්ක කිව්ව ඔක්කොම දේවල් ලියන්නෙ නැහැ මම..ඔයාල හිතාවි මම බොරු ලියනව කියල..ඒ තරම් පුදුමයි මෙයා..)
කෝම හරි එදා අම්මල ආපහු ගෙදර එද්දි මම උන්නෙ කොන්ඩෙ දෙකට බෙදල ගොතල ඒවට බෝල එල්ලලා..නලල වටේට රෙදි පටියක් බැඳල..ඒකෙ කන ගාවින් ලංකාවෙන් මම ගෙනාපු ගිනි කුකුල් පිහාටු ගහල..කම්මුල් රතු කරල, ඇස් නිල් කරල, කට දම් පාට කරල..ගෙදර තිබ්බ ඔක්කොම මාල ඇට මාල පබලු කොන්ත දම්වැල් බෙල්ලට දාල..
අම්ම මාව දැක්ක ගමන් හා..ෆෝ මගෙ බුදු අම්මේ කියල බඩ අල්ලන් ඉඳ ගත්ත......


ඒ එදානෙ....ඊට පස්සෙ දවසක හවස මෝනා ආයෙමත් බැගෑපත් උනා එයාලට වෙඩින් පාටි එකකට යන්න වෙලා..එමිලිව එක්ක යන්න බැහැලු එමිලිට සනීප මදිලු..ඉතින් මට පොඩ්ඩක් එයා එක්ක එහෙ ඇවිත් ඉන්නලු කියල..එමිලි ගෙදර ඉන්න කැමති උනේ මම එනව නම් විතරලු..හ්ම්ම්ම්..ඉතින් බැහැ කියන්නත් බැරි කමට අම්ම මාව එහෙට ගිහින් දැම්ම....
මෙයාලගෙ ගේත් තට්ටු දෙකක්..යට තිබුනෙ ගරාජ් එක..උඩ ගෙදරට යන්න පිටින් පඩි පෙලක් තිබුන..බැල්කොනි කීපයක් තිබුනා ගොඩාක් මල් වවල..එක බැල්කොනියක් තිබ්බ ගේ පිටුපස්සට පාලුවගේ පැත්තකට වෙන්න..ඒ පාලු පැත්තෙ ගෙයින් මීටර් 20ක් විතර දුරින් වත්තෙ කූඩුවක උන්න තඩි ෆිට්බුල් බල්ලෙක්ව හිර කරල..ඒ දඩෝරිය පාරට පැනල මිනිහෙකුට මරණීය තුවාල කරල නිසා එයාට උසාවියෙ නඩුවක් ලු..
ඉතින් රෑ 7 ට විතර ටිකක් අඳුර වැටිල..මෙයාල යන්න පිටත් උනා..මෝන ලස්සන නිල් ගවුමක් ඇඳල එයාගෙ හබී වයසක පොර උනාට ජැන්ඩියට ඇඳල..අලුත්ම කලු කලිසම කලු කෝට් එක දිලිසෙන නිල් ටයිපටිය දිලිසෙන කලු ලෙදර් සපත්තු දෙක..ෂාආහ්!! නිකම් 25 ක කොල්ලෙක් වගේ...ඉතින් ඔන්න දෙන්න පිටත් උනා මට හොඳටම ඇහුන කාර් එක යනව...ඉතින් මට ආශ හිතුන අර දඩෝරියව බලන්න..කවදාවත් දැකල තිබ්බෙත් නැහැනෙ උසාවියෙ නඩුවක් තියන බල්ලෙක්ව..මූට තියෙන්නෙ නිකම් පාතාල මූණක්ද..මරු සිරා මූණක්ද කියල බලා ගන්න කම් මට ඉවසිල්ලක් තිබුනෙ නැහැ..ඉතින් ඔන්න මම එමිලි වත් ඇදන් ගියා අර පාලු පැත්තෙ බැල්කොනියට දඩෝරිය ඉන්නෙ ඒ පැත්තෙනෙ.. අපි බලද්දි ඒක කෑම කනව..හම්මෝ උගෙ සයිස් එක..!!!!!!
ඒ බැල්කොනි එකේ තිබුන ගේ හෝදපු(මොප් කරපු.) වතුර බකට් එකක්..ඈඈය්යා..කලුම කලුපාට ජරා වතුර..අප්පිරියාවෙ බැහැ...
''..එමිලි.මේ මොනාද මේ වතුර කලු පාටට..? ඇයි මේක මෙතන..?''
''..පපී කුස්සියෙ කෝපි හැලුවා..මාත් වමනෙ කලා..''
''..ඊඊයා..ඉතින් මේක මෙතන..?''
''..මමීට අමතක වෙලා..දැන් ඔයා ඕක විසිකරන්න..''
''..මම?..ඊක්.. හරි කොහාටද විසිකරන්නෙ..?''
''..හලන්න ෂොඩූ..හලන්න පහලට වීසිකරන්න..''
මම අර කුනු ජරා වතුර බකට් එක ගත්ත ගමන් හැලුව බැල්කොනියෙන් පහලට...එතකොටම මර හඬක් ආව පහලින්..!!! දඩෝරියාත් මර ලතෝනි දීල බුරන්න ගත්ත..!!!
හෆ්ෆා..මෙන්න හඬ..


$%$òò@@FFFF@66
&&%%&UUU&%%%$$$$)))((///ççç@@@@
@@&&CCCCC&%%%@@//
$$$£££@@//??^^!!"FF@@@°((//&&%%%
...,,.-..--.-òò-,ò-,,llò---à


දැන් හඬ එන්නෙ පඩි පෙල පැත්තෙන්...!
''..ෂොඩූ..ඒ මගෙ පපී..!!''
''..නෑ නෑ..එයාල ගියා..''


අපි දෙන්න දිව්ව පඩිපෙල පැත්තට...මෙන්න මේ මොකාද..නාකි පෙරකදෝරුව අර කලු කෝපි වමනෙ කුනු වතුර බකට් එක ඔලුවෙ ඉඳන් නාගෙන පෙරාගෙන රීරි යකා..මහ සෝනා වගේ පඩිපෙල දිගේ උඩට එනව..!!! අර ලස්සන කලු කිට් එක විනාශයි..!!!
අපි දෙන්න පුලුවන් තරම් යයියෙන් කෑගැහුව..!!!
ෂටාආප්..!! තොපි දෙන්නම පලයව් කාමරේට..!!
පෙරකදෝරුව අඩි හප්පල මාරයා වගේ බෙරිහන් දුන්නාම අපි දෙන්න දිව්ව කාමරේට ගිහින් දොර වහ ගත්ත..එමිලි වෙව්ලනව..මම ඊට හපන්..!!
අම්මට කෝල් කලා එයා කතා නැහැ..බාත් රූම් එකේ ශුවර් එකකටම..පැය භාගෙකට විතර පස්සෙ විස්තරේ කිව්වාම අම්ම ඇවිත් ඒ ගේ වහල අපි දෙන්නව ගෙදර එක්ක ගියා....


එදා ඒ දෙන්නගෙ කාර් එක පිටත් වෙනව ඇහුනට ගිහින් තියෙන්නෙ මෝනා විතරයි..මෝනා යාලුවෙක් එක්ක එන්න ගිහින් එන තුරු හබී දඩෝරියට කන්න දෙන්න නතර වෙලා.. අපි දෙන්න බැල්කොනි එකේ ඉන්නව එයාට ඇහිලත් නැහැ.. මිනිහ මිදුලෙ අනිත් පැත්තෙ ඉඳල එතෙන්ට ඒ ආව විතරමලු....


මට නම් දුක හිතුනෙ අර ලස්සන කලු කිට් එක ගැන...!!

110 comments:

  1. එමිලි හරි ෂෝක් ඇති නේද??
    පව් අප්පා අන්කල් අය්යා :(
    :ඩ්

    ReplyDelete
    Replies
    1. එමිලිද? හෆ්ෆා...එයාගෙ අම්මත් හෙන බයෙන් ඉන්නෙ ඒ ලමය ගැන....:D

      Delete
  2. අනේ අම්මේ...කිරිල්ලිත් කරන එව්වා..හෙහේ..මදැයි කැ ගහලා ඔහොම හිටියා.. :)

    අර කෙල්ල නම් පැහිච්ච් ආච්චියෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්..මම මොනා කරන්නද අනේ..හලන්න කිව්ව හැලුව..!

      Delete
  3. Replies
    1. ඔහොම මරු වැඩද මම කරල තියෙන්නෙ..හහ්..!! :D:D

      Delete
  4. පව් අප්පා අර අලුත්ම අලුත් කලු කිට් එක. දුකේ බෑ.

    කිරිල්ලිත් බැලුවාම ඒ කාලෙත් මේ කාලේ වගේමයි. වැඩි වෙනසක් නෑ. හී හී....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ..ලංකාවෙ ගියාම නෑයොත් කිව්ව..ඒ කාලෙ වගේමලු මම වෙනස් වෙන්නෙ නෑහැලු..හැබෑටම බොලේ මගෙ මොලේ වැඩෙන්නෙ නැත්ද මන්ද....
      හික්ස්..කලු කිට් එක පව්ව්ව්ව්ව්....ඇයි දිලිසෙන නිල් සිල්ක් ටයි එක පව්ව්ව්ව්..!!:D:D:D:D

      Delete
  5. දැන් කාලෙ පොඩි උන් මාර විදියට පැහිල. ඒ ගොල්ලො එක්ක කතාකලාම අපි නිකන් සවුත්තු වෙනව.

    ReplyDelete
  6. අම්මපා...ඔය පොඩි කෙල්ල හින්දා ඔයා කොයිවෙලේ හරි ලොකු අමාරුවක වැටෙනව...පරිස්සමෙන්...

    ReplyDelete
    Replies
    1. ඒකි දැන් ලොකුයි...මෙහෙ ගේන්නෙ නැහැ...:D:D

      Delete
  7. හිකිස්....

    ReplyDelete
  8. දඟකාර එමිලිත් එක්ක ඔයාත් එකතුවෙලා මදැ කරපු වින්නැහිය..එවිටත් මෙයාට දුක අර කලු කිට් එක ගැනලු මාරා එක්කෙනෙක් නෙ ඔයා..:D :D
    අර මොකො අර මෙන්න හඬ කියලා $%$òò@@FFFF@66
    &&%%&ඌඌඌ&%%%$$$$)))((///ශ්ශ්ශ්@@@@
    @@&&CCCCC&%%%@@//
    $$$£££@@//??^^!!"FF@@@°((//&&%%%
    ...,,.-..--.-òò-,ò-,,ල්ල්ò---à....ඔය විදියට කියල තියන්නෙ...පොඩ්ඩක් කැගහලම පෙන්නන්න තිබ්බා නෙ..:P ඉතාමත්ම හාස්‍යජනකයි කිරිල්ලියෙ...:) enjoyed it much!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට....අම්මේ පෙරකදෝරුව භාශා කීපයකින් විළාප දුන්නා.....හික්ස්ස්ස්....

      Delete
  9. බේබි සිටින් කියලා කියන්න බෑ වගේ.ඔයා බබෙක් වගේ ඒ බබාට වඩා.:D
    සෑහෙන්න මෝරලා....

    ReplyDelete
    Replies
    1. හික්ස්..බේබි සිටින් කරන්න යන්න ඕනෙ බබාල ඉන්න අය..අපි වගේ අය ගියාම බේබිලා අපිව සිටින් කරනවා....:D:D:D:D.

      Delete
  10. ඒට නම් හිනාවෙලා හක්ක පනින කතාවක්! :D :D මට මැවිලා පෙනුනා!!

    ඇයි වින්චැට් කිරිල්ලි මේකට අලුපාට හැන්දෑව කියන්නෙ? ඒක තවත් කතාවක්ද?


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෆොයි..එමිලි කියන කතා ලිව්වොත් ඔයාලට නින්දෙනුත් හිනා යාවි...:D:D

      මේක අළුපාට හැන්දෑව කියල පටන් ගත්තෙ අර රකුසු කතාව නිසා....:)

      Delete
  11. එමිලි දගමල්ලක් වෙන්න ඇති නේද?

    ඔය බකට් කිරිල්ලනම් බන්දුලා ටෙනී ලා කීප වතාවක්ම කරලා තියෙනවා රිදී තිරයෙ අපිව හිනස්සවන්න. කැම්පස් වලත් කෙරෙනවා,කුණු ප්‍රෙෂාලා නිකන් ප්‍රෙෂාලා බවට පත් කරන්න....

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මම නම් හිතා මතා කරපු දෙයක් නෙවේ එමිලි කිව්ව නිසා කලා..අනික එක විසිකරන්න මටත් උවමනාව තිබුනා...:D

      Delete
  12. අර පෙරකදෝරු උන්නැහේ නගාට නඩු දැම්මෙ නැද්ද..

    එමලිනම් සෝයි පාටයි ෂෝඩු..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ උසාවි නොගිහින් බේරුනේ පූරුවෙ පිනකට...!
      එමිලි බබෙක් නෙවේ ආච්චි කෙනෙක්..! .D.D.D

      Delete
  13. අද ඉඳලා කිරිල්ලිගේ නම වෙනස් වූ වගයි ...

    අද සිට කිරිල්ලිගේ අළුත් නම....ෂොඩූ...!

    කලින් දවසක් පොඩ්ඩි බේබි සිටින් කලාලු .. මේන්න දැන් කිරිල්ලිත් බේබි සිටින්ලු... පොඩි එවුන්ට දෙයියන්ගෙම පිහිටයි... මට මැවිල පෙනුනා අර බාල්දිය හලාගත් එක්කෙනා ගේ ඇතුලට එන හැටි...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගෙ බේබි සිටින් දැකල තමා මේක මතක් උනේ ලියන්න....
      බාල්දිය නාපු එක්කෙනා ආව හැටි මතක් වෙද්දි මට වමනෙ යන්න එනවා..ඕක්ක්ක්...!!
      හා.හා.හා...නම් හදන්න ඔට්ටු නැහැ...!! (අහ්..මට අරිසෙන් අහුබුදු තුමාගෙන් ලස්සන නමක් ලැබිල තියෙනව.) :):)

      Delete
    2. ඇත්ත්ට කියමුකෝ බලන්න ඒක මොකක්ද කියලා... හැක් හැක්...

      Delete
    3. ලෙඩක් දුකක් හැදුන වෙලාවක බේත් ටිකක් ගන්න ආවාම කියන්නම්කෝ......:D:D

      Delete
  14. හපුයි ඩෙයියනේ.......:O

    ReplyDelete
  15. කලහොද පස්සෙන් එනවා කියන්නේ ඕකට තමා ...

    සමහර පොඩි උන්නම් යක්ෂ පැටවූ වගේ ...

    ReplyDelete
    Replies
    1. මෙයා නම් ෂෝයි කෙල්ලෙක්..!! පොඩ්ඩක් වත් නපුරු නැහැ..දඟ නැහැ...!!

      Delete
  16. නියමයි. විස්තරේ දැක්කම මැවිල පෙනුන.

    ReplyDelete
  17. එමිලි කියන්නේ හරි හුරතල් දරුවෙක් වගේ නේද ෂොඩූ ???
    කිරිල්ලිත් බබාලා තුන් දෙනෙක් විතර හැදුවම එයාලත් එක්ක ඔහොම හුරතල් වෙවී ඉන්ඩ පුලුවන්. නේද කිරිල්ලි ???

    ReplyDelete
    Replies
    1. මේ..මධුරංග අයියෙ..! මේ මහ දවල් භයවෙන කතා කියන්න එපා ප්ලීස්..!!

      Delete
    2. හික්ස් :)
      බය.....වෙලා !!!

      Delete
    3. ගණන් ගන්න එපා. මට පෙන්නේ මධුරංග මලයා මේ දවස් ටිකේ ඔහොම සීනෙක පැටලිලා වගේ... :D

      Delete
    4. හිකි..හිකි...මාත් හිතුවා..මාත් හිතුව....සෙතක්ම වේවා අහිංසකයට..!!

      Delete
  18. //චාම් රෝස පාට සිනිදු ගවුමක් ඇඳල, රෝස පාට සපත්තු දෙකක් දාල, කොන්ඩෙ දෙකට බෙදල කරල් දෙකක් ගොතල රෝසපාට රිබන් වලින් ගැට ගහන් මම එදා උන්නෙ.....//

    මේං බොලේ අලි සෙල්ලං....

    පොඩි කෙල්ලො නම් පැහිච්චි ආච්චි ටෝක්ස් තමා දෙන්නේ... පිටරටවල කෙල්ලෝ ගැන නම් කතා කරලා වැඩක් නැතිවෙයිද මන්දා මම දැක්කා බුකියේ ෂෙයාර් වෙච්චි පින්තූරයක්... අම්මට අවුරුදු 15ක් තාත්තට අවුරුදු 13 මේ දෙන්නගේ සුසංයෝගයෙන් බබෙකුත් ලැබිලා... ඕං ඒ රටවල පොඩි එව්වන්ගේ වැඩ ලංකාවේ පොඩි එව්වෝ බෝනික්කෝ නැලෙව්වට උං ඇත්තම එවුන්ව නලෝනවා...

    අහ්ම් අහ්ම් රෙඩ් ඉන්ඩියන් කිරිල්ලි කොහෝම ඉන්න ඇත්ද පිහාටු ගහගෙන හෑ... පිහාටු???

    අන්තිම අර වතුර බාල්දිය හැලුවට පස්සේ දඩෝරියා පඩිපෙල දිගේ එයි කියලා හිතුවේ දෙන්නව හප කරන්න පට්ට සීන් එක පව් අප්පා අහිංසකයා මෙයා පෙරලුවොත් බාල්දියක්මයි... එලට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලමයින්ගෙ උත්සවයක් නිසා ගැමී එහෙම ගියෙ..මාත් ඉතින් එතකොට පොඩි ලමයෙක් තමා..
      අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම කෙල්ලො 3 දෙනෙක් උන්න බබාල හම්බ උන...
      මම මෙහෙ ආව අලුත මට වයස 10 දි,අපේ පන්තියෙ පොඩි කෙල්ලො එයාලගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක රෑට ෆිල්ම්ස් වලට යන්නෙ..ඇවිත් කියනව වෙච්ච දේවල්..
      අපේ අම්ම තාත්ත එක්ක මෙහෙ ඇවිත් මේ 30 වෙනි අවුරුද්ද..එයාල ලංකාවෙත් මෙහෙත් වරින් වර උන්න...ඒත් අපිව හදල තියෙන්නෙ ලංකාවෙ විදියට...
      මම කවදාවත් මෙහෙ යාලුවො ලඟින් ඇසුරු කලේ නැහැ...ලංකාවෙ සංස්කෘතිය,සදාචාරය,ඔය කියන දේවල් 100% හරි කියනවා වත් 100% පිළිගන්නවා කියන එකවත් නෙවේ මම කියන්නෙ...
      මෙහෙ ශිෂ්ඨාචාරය වැලඳ ගන්න එක නම් මට මේ ආත්මෙදි කරන්න බැහැ...!!
      හොඳ දේවල් ගොඩාක් වගේම නරකම දේවලුත් ගොඩයි..අපි හොඳ දේවල් විතරක් තෝර ගත්තාම හරි නේද??

      පිහාටු කියන්නෙ මල්ලි අර රතු ඉන්දියන් කට්ටිය නලල් පටියක් බැඳල කන ලඟින් කුරුල්ලන්ගෙ පිහාටු කීපයක් ගහනවනෙ..එයාල කොන්ඩෙත් ගොතනවනෙ..මේ ලමය හිතන්නෙ මම රතු ඉන්ඩියන් කියල..:D:D

      Delete
    2. //ලංකාවෙ සංස්කෘතිය,සදාචාරය,ඔය කියන දේවල් 100% හරි කියනවා වත් 100% පිළිගන්නවා කියන එකවත් නෙවේ මම කියන්නෙ...//

      මම මාර කැමතියි මේ ටිකට....

      //අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම කෙල්ලො 3 දෙනෙක් උන්න බබාල හම්බ උන...
      මම මෙහෙ ආව අලුත මට වයස 10 දි,අපේ පන්තියෙ පොඩි කෙල්ලො එයාලගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක රෑට ෆිල්ම්ස් වලට යන්නෙ..ඇවිත් කියනව වෙච්ච දේවල්..//

      මල මගුලයි.... හම්මෝ.

      Delete
    3. භය උනාද මල්ලි???
      මේ මිනිස්සුන්ගෙ සංස්කෘතිය තමා කාල, බීල, ඇඳල, ඇවිදල,ආදරේ කරල,(තවත් මොනාද කරල.) ජීවිතේ සතුටින් ගතකරන එක...ජීවිතේ කොයි මොහොතෙ නැතිවේවිද දන්නෙ නැහැලු..ඉතින් එයාල ජීවිතේ විඳ ගන්නෙ එහෙමයි....
      පොඩි උන්ව සතුටින් තියන්න ඕනෙලු..එයාල සතුටු වෙන ඕනෙම දෙයකට දෙමව්පියො ඉඩ දෙනවා....
      අනේ මන්ද මල්ලි..එක අතකට ඒක හරි වගෙත් හිතෙනව...මනුස්ස ජීවිතයක් ලබන්න ආත්ම ගානක් පිං කරන්න ඕනෙ කියන එක හරි නම්,,,ඒ ආත්ම ගානක් පින් කරල අමාරුවෙන් ලබා ගත්ත මනුස්ස ජීවිතේ ඇයි අපි සදාකාලයටම විඳ වන්නෙ...???? මේකයි මට තියන ප්‍රශ්නෙ...!! :(:(

      Delete
    4. බය??? මම බය අඳුරන්නෙවත් නෑ හරිය.. අපි හොඳ ලැජ්ජ බයට හැදිච්චි ලමයි....

      ජීවිතේ විඳින එක විඳවන එක තීරණය වෙන්නේ තමන් ලද දෙයින් කොච්චර සතුටු වෙනවද කියන එක මත මිසක් අරයට අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා හිතන එකෙන්වත් ඒ දේවල් ලබාගන්න මහන්සි වෙන එකේවත් ලැබුනට පස්සේ සතුටු වෙන එකේවත් නෙමෙයි මට හිතෙන විදියට....

      පින් පව් කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන මම නම් ඉතින් එලොවටයි මෙලොවටයි දෙයක් කරගන්න හිතනවා ලද දෙයින් සතුටු වෙනවා...

      මේ ආත්මෙ ජොලි කරලා ඊළඟ ආත්මෙ කෙලෝගන්නවද නැත්තම් මේ ආත්මේ පින් කරලා තවත් මනුස්ස ආත්ම ගානක් කෙලවර නිවන පතනවද??

      Delete
    5. එලොව මෙලොව ගැන හිතල පින් කරන්න ගිහින් මම නම් මෙලොවෙදිම කෙලව ගත්ත මලයෝ...පරිස්සමින්...!!

      Delete
    6. අය්යෝ ෂෝඩු ඔය රටේ බිත්තර දාන්නවත් එපා.. තත්වේ ඔච්චාර දරුනුනම්

      Delete
    7. පිස්සුද අනේ...මගෙ කූඩුව හදන්නෙ ශ්‍රිලංකාවෙ....බිත්තර,පැටව් ඔක්කොම එහෙ තමා....D

      Delete
  19. අනේ එමිලි නම් හරි ශෝයි බබෙක්.. :))

    ReplyDelete
    Replies
    1. ඔව්..එයා ෂෝයි..වදදෙන්නෙ නැහැ..දඟලන්නෙ නැහැ..හරිම පිරිසිදුයි පුංචි කොල කෑල්ලක් වත් බිම දාන්නෙ නැහැ..හැබැයි හෙන පන්ඩිත ආච්චි..!! හෙන මණමාලී..!!:D:D:D

      Delete
  20. :D හූ ඈ මදැයි වෙච්චි දේ

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා..උනායින් උනේ නැහැ එහෙම දෙයක්...පෙරකදෝරුවො දකිද්දි මාව වෙව්ලනව දැනුත්..!:D:D

      Delete
  21. පොඩි කාලෙ ඔහොමනම් ලොකු වුනාම කොහොම තියෙයිද :D

    ReplyDelete
    Replies
    1. හික්ස්..දැන් ලොකුයි එයා..මෙහෙ ගේන්න වෙලාවක් නැහැ..අපි වැඩනෙ...:)

      Delete
  22. ආ ෂෝඩූ................ :-)))
    අර සද්දෙ නං මරු..
    @@$&^#^@$!#&$#!#@
    ඔයාටත් මරු වැඩ නේ අක්කෝ වෙන්නෙ?

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා රජා මල්ලි..මටමයි වෙන්නෙ..!!:D:D:D

      Delete
  23. හපො‍යි... පොඩ්ඩිට මොන ප්‍රශ්නද? මෙවුවා නෙ නියම පරිප්පු. මේ ඒක නෙමේ අර රතු ඉන්දියානුවෙක් වගේ ඇඳලා ගනිපු ෆොටෝ එකක් දාන්නකො බලන්න.

    ReplyDelete
    Replies
    1. එදා විතරමයි අනේ ඒ කෙල්ල මාව එහෙම ඇන්දුවනෙ...අම්මගෙ පෝන් එකේ පොටෝ එකක් තිබ්බ දැන් නම් නැතුවත් ඇති...
      අනික ඕවා බලල ඔයා නින්දෙන් දොඩවන්න ගත්තාම..????

      Delete
  24. ආ..ෂෝඩු!!! ;)

    හික්ස්ස්.. මාරයි නේ ඒ චුට්ටන් කෙල්ල?? :O දැන් ඇත්තටම එයාට බෝයි කෙනෙක් ඉන්නවාලුද??

    හි හි.. මරු දෙන්නා සෙට් ව්එලා කරලා තියෙන වැඩේ!!

    ReplyDelete
    Replies
    1. කෙල්ලට කොල්ලෙක් උන්න නෙන්නම්..'ජින්පෙඩ්‍රෝ' ව මම දැක්ක දවසක්..අපි පාක් එකට ගියා..මෝනත් එමිලි එක්ක ඇවිත් තිබුන..එදා කොල්ලත් එයාගෙ අම්ම තාත්ත එක්ක ආව..දෙන්න අතින් අල්ලගෙන විකාරයක් කලා..ආපහු යන්න හදනකොට කොල්ල එමිලිගෙ අතින් අල්ලගෙන යන්න දුන්නෙම නැහැ..දෙන්නම අඬනවා..කොල්ලට එමිලිව ගෙදර එක්ක යන්න ඕනෙලු..පස්සෙ මොනා උනද මන්ද අපි ආවා..:D:D

      Delete
  25. දෙන්නටම බේබි සිටින් කරන්න තව කෙනෙක් දැම්ම නම් හරි :)

    ReplyDelete
  26. මේ දවස් වල මේ ගෑල්ලමයි හැමෝම බේබි සිටින්.. මොකො මන්දා??

    ReplyDelete
    Replies
    1. ඒවත් කරල පුරුදු වෙන්න එපායැ මෙයා...(ඔය කොරල තියෙන්නෙ..):D:D

      Delete
    2. ආ.. දිනේෂ් අයියාත් පොඩ්ඩක් පුරුදු වෙන්න දැන්.. ඔයාටත් තව අවුරුදු 3ක් යන්නෙ නෑනෙ දැන්..;)

      Delete
    3. ඒ මොකෝ දිනේශ් ට සිකුර ලබලද? හුටා...!!

      Delete
  27. ඉතින් ඉතින් ෂොඩූ............{ මම මේ කල්පනා කළේ මොකද්ද මේ ෂොඩූ කියලා.. (සුදූ ද?)}

    මොනව වුණත් ෂෝක් පොඩි කෙල්ල නම්. ඒ වුණාට ෂොඩූ මට නම් පේන්නෙ ඔයා එම්ලි ව බලාගෙන නෙමේ, එම්ලියි ඔයාව බලාගෙන තියෙන්නෙ. නැත්නම් ඔයා මොකද එයා කියන ඒවා කරන්න ගියෙ?

    // ''..මමීට අමතක වෙලා..දැන් ඔයා ඕක විසිකරන්න..''
    ''..මම?..ඊක්.. හරි කොහාටද විසිකරන්නෙ..?''
    ''..හලන්න ෂොඩූ..හලන්න පහලට වීසිකරන්න..''//

    ReplyDelete
    Replies
    1. පොඩි උන් කියන දේවල් කරාම බේබි සිටින් කරන්න ලේසියි අනේ....නැත් නම් උන් ඉතින් අපි කියන ඒවා කරනවයැ..?
      මට ගෙදරට කියන්නෙ සුදු..ඒකට තමා ඔය මගෙ නම ෂොඩූ කියන්නෙ..:)

      Delete
  28. බේබි sitting පව්ය.
    බේබි sleeping හොදය.

    ReplyDelete
  29. හෆ්ෆටසිලි මේ කවුද දන්නෑ පොඩිඑකාගේ බොයි ෆ්‍රෙන්ඩ්.....

    ReplyDelete
    Replies
    1. බෝයි ෆ්‍රෙන්ඩ්..''ජින්පෙඩ්‍රෝ''..කොල්ල මිටියි කෙල්ලට වඩා...මම දැක්ක එක දවසක්..:D

      Delete
  30. ෂුවර් එකටම අළුත් වචන ගොඩාරියක් ඉගෙන ගන්න ඇති...

    ReplyDelete
    Replies
    1. නැතුව..නැතුව..ගෙදර ආපු ගමන් ඩික්ෂනරීස් ටික අතට ගත්තෙ....:D:D

      Delete
  31. දැං මෙතන මට පේන විදිහට ෂෝඩුයි බබා වෙලා තියෙන්නේ නේ??? හිකිස්!

    ReplyDelete
  32. නියමායි.. කමෝන්.. ෂෝඩු කියන නම නැගලා යන පාටයි...!! බ්ලොග් එකේ නමත් වෙනස් කරන්න ෂෝඩුගේ හැන්දෑව කියලා... හෑ

    ReplyDelete
    Replies
    1. හෝව්..හෝව් බස් එක.. ඒක 'ෂෝඩු' නෙවේ 'ෂොඩූ'...(සුදූ)

      හරි.හරී..ඔයාල නම් දාන්නකෝ..ඒවා පලවෙන්නෙ ඉතින් මගෙ අතින්නේ..හී..හී..

      Delete
    2. හික්ස්ස්... මෙයා හිතුව මදි අපි ලව්වා "සුදූ" කියල කියවගන්න..අපි නම් කියන්නෙ ෂෝඩු කියලම තමා.. ඒක නෙවි ඔයා ඔයතරම් සුදුද හැබෑටම.??? මට නම් හිතෙන්නෙ අර පොඩි එකාගෙ පෙනීමෙ මොකක් හරිඅ අවුලක්ය කියලා

      Delete
    3. හීහ්හ්හ්..!! දොස්තර මහත්තුරුත් ඊරිසියා කාරයොලු....!!

      Delete
  33. අර බල්ලා බුරපු විදිය තේරුනේ නෑ.. මොකක්ද ඒ භාෂාව.

    උණු වතුර එකක් නැතුව කුණු වතුර එකක් දාපු ඒක හොන්දටි නැත්නම් ඔයාටත් නඩුවක් වැටෙනවා මිනි මැරීමට තැත් කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. බල්ලයි කොල්ලයි දෙන්නම එකට බුරන්න ගත්තෙ අනේ...
      ඒ බල්ලට මරන දඬුවම ලැබිල උන්නෙ උසාවියෙන්..ඇපීල් එකකට උන්නෙ..ඌ කූඩුව කඩාගෙන ආව නම් මාවත් මරාගෙන මැරෙන්නෙ...හෆ්ෆා...

      Delete
  34. අම්මෝ මාර අත්දැකීමක්නෙ??....මට මැවිලා පේනවා පෙරකදෝරුවා බනින හැටි....
    පව්... ඔයා ගියේ එයාලට උදව් කරන්නනේ....

    ReplyDelete
    Replies
    1. ඔව්..අනේ ඉතින් මම මොනා කරන්නද..ඒත් මම කලේ උදව්වක්නෙ කුනු වතුර එකක් වීසි කරල දීල...:D

      Delete
  35. දැන් හැදෙන පොඩි උන් ගැන අහන්න දෙයක් නෑ.ඒ අතින් ලංකාවෙ සදාචාරෙ තාම ටිකක් විතර හොඳයි.දැන් ඔය ලෝයර් කෙනෙකුට වමනෙ බකට් එකකින් ගහපු එකම කෙන ඔයා වෙන්න ඕන.ඇති ඔයින් ගියා නඩුවක් ෆයිල් වෙන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඒක කලේ මගෙ උවමනාවට නෙවේ..එයාගෙම දුව කිව්ව නිසා..මම කලේ උදව්වක්..මම අහිංසකයි..!!! :(:(

      Delete
  36. කිරිල්ලිත් මාර වැඩනේ කරන්නේ:.
    අපරාදේ කලු කිට් එක... :D

    ReplyDelete
    Replies
    1. ඔව්.අනේ අපරාදෙ දුකේ බැහැ...:D:D

      Delete
  37. අම්මේ.. කමෙන්ට් ටිකත් කියවන ත්‍රීවීල් එකකම පල්ලම් බැස්සේ.. ඔය කෙල්ලගේ බෝයිෆ්‍රෙන්ඩ් කතාව නම් අනේ මන්දා.. අපේ මාමගේ ළමයි දෙන්නම අද වෙනකම්ම හැදුනේ කැනඩාවේ.. උන්ටත් ඔහොමයි. විපරීත කාලේ කජ්ජෙන පුහුලන්.. උන් කියන එව්වා ඇහුවාම අපිට හිතෙන්නේ අපි පොඩි උන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව්...මෙහෙ ඉන්නෙ අමුතුම ලමයි..කෙල්ලගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කතාවෙ හොඳ හරිය මම පෝස්ට් එකේ ලිව්වෙ නැහැ මට ලැජ්ජයි..(උන් දෙන්න කිස් කරන විදියත් මට කරලම පෙන්නුව.) :(:(

      Delete
    2. හෑ කරලා පෙන්නුවා??? O_o ඒකිව වෙලාවට කිස් විතරයි කරලා තියෙන්නේ, නැත්තම් කිරිල්ලි නරක් වෙනවා..... මේ පෝස්ට් එක කියවපු වෙලේ ඉඳන් මට කලන්තේ කලන්තේ වගේ ඔය රට මොකක්ද අ්ෑ

      Delete
    3. ඔයාට විතරක් නෙවේ මටත් කලන්තෙ වගේ හැදුන කෙල්ල කිව්ව ඒවට...ඊට පස්සෙ තමා මට තේරුනේ එයාගෙ අම්ම ඒ ලමය ගැන ''අධික බියකින්'' ජීවත් වෙන්නෙ මොකෝ කියල........
      රටේ විශේෂයක් නෙවේ මල්ලි..මෙහෙ බටහිර හැම රටකම ඔහොම තමා...මම දන්න දේවල්,අහපු දැකපු දේවල් පෝස්ට් වල ලියන්න බැහැ.....

      Delete
  38. හපුච්චියේ......ඔයාටත් වෙන වැඩ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.හ්ම්ම්..අත්දැකීම්..අත්දැකීම්...:D:D

      Delete
  39. හි හි බේබි සිටිං වලිනුත් ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා නේද නගා?

    ReplyDelete
  40. හප්පේ... මාර සීන් ඒකනේ වෙලා තියෙන්නේ...පව් අර මනුස්සයාගේ ඇදුම

    ReplyDelete
    Replies
    1. මටත් දුක ඒකමයි අනේ...එයා ටක් බක් ගාල නාගෙන වෙන එකකට මාරු වෙලා ගියා...:D:D

      Delete
    2. අමතක උනානෙ....ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට..ඔයාට බ්ලොග් එකක් තියනවද??

      Delete
  41. හිහිහී.. හෆොයි කිරිල්ලිටත් වෙන වැඩ.. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්...මම ඉතින් උපකාර කරන්න ගිහින් ඔය වගේ වලවල් වලමයි වැටෙන්නෙ මෙයා..:D:D

      Delete
  42. මම හිතුවා ගුටි කන්න ඇති කියලා..ඔයිං ගියා මදෑ.. මීට පස්සේ බාල්දි පෙරලද්දී වටපිටාව ගැනත් හොඳට බලනවා හොඳා!!

    ReplyDelete
    Replies
    1. හික්ස්..බාල්දි පෙරලනකොට කවුද අනේ වට පිට බලන්නෙ??

      Delete
  43. දැං පොඩි උන් එක්ක කථාවට යන්න බෑ අප්පා..තොප්පි වෙලෙන්දගේ කථාව කියලා දෙන්න ගිහිල්ලා මේ පාර මම නෝන්ඩි උනා....

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා...! කොහෙද අප්පේ ගිහින් උන්නෙ මේ තරම් කල්..??
      ඉතින් හිතල බලන්නකො මෙහෙ ඉන්න පොඩි උන් කෝමද කියල..!

      Delete
    2. හි හී නිවාඩුවට ගෙදර ගියා අප්පා...මාසයක් හිටියා...දැං ආපු දවසේ ඉඳලා වැඩ..ඒකයි එන්න බැරිඋනේ...ඉතිං කොහොමද ජීවිතේ...

      Delete
    3. අහ්.! හොඳයි හොඳයි....ජීවිතේ නම් එපා වෙලා වගේ තියෙන්නෙ මේ රස්නෙට....:(

      Delete
  44. මාර සීන් එක... නාකි පෙරකදෝරැවා මම උනා නම් ඉතිං පොළොවෙ පස් කන්න තමා වෙන්නෙ... පවු නේද එයා ?

    ReplyDelete
    Replies
    1. ඈහ්..මම මේ කොමෙන්ට් එකට ඊයෙ පිලිතුරු දුන්නනෙ...ඒකට මොකෝ උනේ..?

      Delete
  45. එමිලි කියන නම තියෙන ළමයෙක් ඉන්න පොතක් මම බැලුවා.
    මට මතක හැටියට ඒ කතාවේ ඉන්න පොඩි එකත් ඔයාගේ එමිලි වගේම හොඳ දඟ මල්ලක්.

    ඔයාගේ ඇත්ත නමට වැඩිය ෂොඩු කියන නම හොඳයි කියල පොඩි එකාට හිතෙන්න ඇති. එකනේ එමිලි ඔයාට අළුත් නමක් දැම්මේ... හික්ස්

    ReplyDelete
    Replies
    1. මෙහෙ ලමයි ඉපදුනාම දාන්නෙ එයාලගෙ සීයලාගෙ නැත් නම් ආත්තම්මලාගෙ නම්..එමිලිගෙ අම්මගෙ අම්ම මොඩෙල් කෙනෙක් එයාගෙ නම තමා එමිලි....
      හික්ස්...මගෙ නම කෙල්ලට කියා ගන්න අමාරුයි..ඉතින් මට ගෙදරට කතා කරන නම එයාට ඇහුන විදියට තමා ඒ කිව්වෙ...:D:D

      Delete