මේක ගූග්ල් දෙවියන්ගෙන් ඉල්ල ගත්ත පොටෝ එකක්.
ටික දවසකට පස්සෙ ඔන්න කිරිල්ලි ආවා...පහු ගිය දවස් වල මට පොඩි දෝෂයක් තිබුනනෙ..අහ් හා..ඔය අහන්න හදන්නෙ 'කලු කුමාර දෝෂෙද' කියල නේද? කලු කුමාරය කොහෙද අනේ මා දිහාවට කිට්ටු කරන්නෙ මේ තරම් පැණි කුරුල්ලො ගොඩක් වට කරන් ඉන්නකොට??.හහ් පිස්සු හැදෙයි..!!
මේකනෙ උනේ..අප්‍රියෙල් මැයි මාස වෙද්දි මෙහෙ ගස් වල දලු දාල කොල ඇවිත් මල් පිපෙන්න ගන්නව..මේ කාලෙට මෙහෙ ගොඩාක් අය අසාත්මික තාවයකින් පීඩා විඳිනව..මාත් ඒ එක්කෙනෙක්..උදේ පාන්දර නැගිටිනකොට උගුර කසනව,ඇස් කසනව,නොනවත්වා කිවිසුම් යන්න පටන් ගන්නවා..ඉතින් මූණ ලේ පාට කරන් හොටු සූර සූර තමා ජීවිතේ..මේක මොන තරම් වදයක්ද කියල දන්න අය දන්නව....
මේකට බෙහෙත් දෙන්න කලින් ඩොක්ටර්ස්ලා තදින් අවවාද කරනව වාහනයක් පදවගෙන යන්න එපා..බයික් එකක් වත් පදින්න එපා බෙත් ගත්තට පස්සෙ කියල..ඇයි දන්නවද? මේ බෙහෙත් බිව්ව ගමන් නිදි මත එනවා..සමහරුන්ට නින්ද යනවා...ඉතින් මම මේව ගන්නෙ රෑට කෑම කාල..බෙහෙත් බිව්වට පස්සෙ නම් ඔලුව කෙලින් තියන් ඉන්නව බොරු...නිදිමත...නිදිමත.. ඔලුව පැත්තට කඩන් වැටෙනව...ඇයි උදේට??..හෆ්ෆා කෝපි බාල්දියක් බිව්වත් ඒ නිදිමත එහෙමමයි..!!
ඔෆිස් එකට ගිහින් වැඩ කරනවට වඩා කරන්නෙ නිදි කිරන එක...බෙහෙත් නොබිව්වොත් පාන්දරින් පටන් අරන් මුලු දවසෙම කිවිසුම් ඇර ඇර හොටු සූර සූර ඉන්න වෙන්නෙ...එහෙමත් කලා මම ටික දවසක් නිදා වැටෙන්න බැරි කමටම..කෝම හරි ගිය සතියෙ අග වෙද්දි මගෙ මේ දෝෂය සුව උනත්, අතපසු උන වැඩ වලට කොටුවෙලා උන්න නිසයි මොකුත් ලියාගන්න බැරි උනේ..ඒත් මේ අසනීප නිදිමත මැද්දෙන් මම ඔයාලගෙ බ්ලොග්ස් වලට එන්න අමතක කලේ නැහැ ඔන්න...!! රැට නිදිමතේ ඔලුව කඩා වැටි වැටි අලුත් පෝස්ට් කියවල කොමෙන්ට්ස් කරල ඇති...(ඒවල ලිව්ව දේවල් දන්නෙ දෙයියො තමා.)
ඉතින් අද මම කියන්න යන්නෙ පුංචි ලස්සන අමුතු දෙයක් ගැන..මීට අවුරුදු 2 කට කලින් මට කොහෙත්ම සිංහල ලියාගන්න බැරි කාලෙ මේක ලියන්න කියල කෙනෙකුට කිව්වට එයා උදව් කලේ නැහැ...හොඳයි මේකයි කතාව...........
මීට අවුරුදු කිහිපයකට කලින් NASA විද්‍යාඥ්ඥයො පිරිසක් එකතුවෙලා පරීක්ෂන කිහිපයක් සිදු කලා,අලුත්ම විදිහෙ අභ්‍යාවකාශ යානයක් නිපදවන හැටි පිළිබඳව....
ඔවුන්ට ඕනෙ උනේ, අභ්යාවකාශගාමීන්ට දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාවකාශයේ රැඳිල ඉන්න පුලුවන් විදියට මේ යානය නිපදවන්නයි.
ඒ වගේම ඔවුන් උත්සාහ කලේ මේ යානයේ අභ්‍යන්තර පරිසරය යානය විසින්ම පවත්වාගෙන යන ආකාරයට මෙය නිපදවන්න.ආහාර නිපදවා ගන්න..යානය තුල යන්නන්ට ඔක්සිජන් නිපදවා ගන්න සහ වාතය මෙන්ම ජලයත් නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍ය උනා.......
ඔවුන්ගේ ඒ පරීක්ෂන වල ප්‍රථිපලයක් විදියට, සංවෘත වීදුරු බඳුනක් තුල ස්වයංක්‍රීයව පාලනය වන ලෝකයක් නිර්මාණය කරන්නෙ කෝමද කියල ඔවුන් ගවේෂනය කලා....ඒකට හේතුව තමා මේ පුංචි සියුම් ලෝකෙ ගොඩාක් ලස්සන වීම,ස්වභාධර්මය තුල තියන සමබරතාවය ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න උදව්වීම.....
NASA ආයතනය තාක්ෂනය බෙදා හැරිය ඉවතට...එම නිසා මේ පුංචි ලෝකෙ හදන්න පුලුවන් වේවි ඒ වගේම විශාල මිලකට අළෙවි කරන්න පුලුවන් වේවි කියල ඔවුන් විශ්වාස කලා...ඉතින් ඊට පස්සෙ තමා ECOSPHERE කියන නමින් මේ පුංචිලෝකෙ බිහි උනේ.......
ජලය,වාතය,පුංචි අඟුටුමිට්ටො වගේ ඉස්සො(කූනිස්සො.)වගේම ඇල්ගි සහ බැක්ටීරියා විශේෂ වලින් ECOSPHERE සමන්විත වෙලා තියනව...පුංචි අතු,ගල්පර්වත වලිනුත් මෙය සමන්විතයි..ඒ නිසාම පුංචි කූනිස්සන්ට හැංගෙන්න තැන් වගේම,මේකෙ බැක්ටීරියා වලට තදින් වෙලිල ඉන්න මතුපිටකුත් තියනවා..ඒ වගේම මේ පුංචි ලෝකෙ විනිවිද පෙනෙන එකක් විය යුතුයි..එවිට ආලෝකය හොඳ ශක්ති ප්‍රභවයක් විය හැකියි මුලු පද්ධතියටම.......
ඉතින් NASA විද්‍යාඥ්ඥයො මේ පුංචි ලෝක විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරල ඉහල මිල ගනන් වලට අළෙවි කලා....
බලන්න මේ පින්තූරයෙ තියෙන්නෙත් එයාල ඒ නිර්මාණය කරපු ECOSPHERE එකක්....
ජලය,වාතය,පුංචි අඟුටුමිට්ටො වගේ ඉස්සො(කූනිස්සො.)වගේම ඇල්ගි සහ බැක්ටීරියා විශේෂ වලින් ECOSPHERE සමන්විත වෙලා තියනව...පුංචි අතු,ගල්පර්වත වලිනුත් මෙය සමන්විතයි..ඒ නිසාම පුංචි කූනිස්සන්ට හැංගෙන්න තැන් වගේම,මේකෙ බැක්ටීරියා වලට තදින් වෙලිල ඉන්න මතුපිටකුත් තියනවා..ඒ වගේම මේ පුංචි ලෝකෙ විනිවිද පෙනෙන එකක් විය යුතුයි..එවිට ආලෝකය හොඳ ශක්ති ප්‍රභවයක් විය හැකියි මුලු පද්ධතියටම.......
ඉතින් NASA විද්‍යාඥ්ඥයො මේ පුංචි ලෝක විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරල ඉහල මිල ගනන් වලට අළෙවි කලා....
බලන්න මේ පින්තූරයෙ තියෙන්නෙත් එයාල ඒ නිර්මාණය කරපු ECOSPHERE එකක්....
මේක මගෙ..මගේ පුංචි ලෝකෙ..මීට අවුරුදු 6 කට කලින් මගේ ජීවිතයට ගොඩාක් වැදගත් විශේෂ පුද්ගලයෙක් මට මේක තෑගි කලා.. මගෙ පුංචි දරු පැටව් 6 දෙනා(කූනිස්සො.) මේක ඇතුලෙ ජීවත් වෙන්නෙ....එයාලට අවශ්‍ය කෑම,හිරු එළිය,වාතය ඔක්කෝම මේක ඇතුලෙම නිශ්පාදනය වෙනවා...බලන්න මෙන්න මේ විදියට..........

* හිරු එළිය හෝ කෘතිම එලිය ඇල්ගි වැඩීමට සලස්වනව....
* ඇල්ගි ඔක්සිජන් නිපදවනව+ආහාර වෙනව පුංචි කූනිස්සන්ට....
* කූනිස්සො ඔක්සිජන් ආශ්වාස කරනව ඇල්ගි ආහාරයට ගන්නව....
* කූනිස්සන්ගෙන් අපද්‍රව්‍ය සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනව....
* බැක්ටීරියා මෙම අපද්‍රව්‍ය මත ක්‍රියා කරල ඇල්ගි වලට ආහාර වෙනව....
* ඇල්ගි කාබන්ඩයොක්සයිඩ් සහ සියුම් එලිය ලබාගෙන වැඩෙනව..ඒවා කූනිස්සන්ගෙ ආහාර බවට පත් වෙනවා....
චක්‍රයක් විදියට මේ ක්‍රියාවලිය සිදුවෙන අතර කූනිස්සො වසර කීපයක් මේ විදියට ජීවත් වෙනව....
මේ විදියට මේ පුංචි ලෝකය තුලත් හැම දෙයක්ම මෙහෙම එකමුතුව සිදු වෙනව අපි මේ ජීවත් වන ලෝකය තුල වගේම....
මේකෙ තියන ඔය tested by nasa කියන පොඩි බට්න් එකට ඇඟිල්ල තියල හෙමින් එහාට මෙහාට අරන් ගියාම ඕකෙ ඇතුල් පැත්තෙ වීදුරුවෙ බැඳිල තියන ඇල්ගි අහක් වෙලා වීදුරු බෝලෙ ලස්සනට පිරිසිදු වෙනව..ඒ අහකට යන ඇල්ගි මගේ දරු පැටව් ටික දුවගෙන ඇවිත් කාගෙන කාගෙන යනව....
ඉතින්...ඔයාල මොනාද හිතන්නෙ මගේ පුංචි ලෝකෙ ගැන??
විශේෂ ස්තූතිය: දයාබර හිතුවක්කාර කෙල්ලට..!! මේක ලියාගන්න ගිහින් සිංහල වචන හොයා ගන්න බැරුව ලෝක අමාරුවක වැටිල උන්න මාව ගොඩ ගත්තෙ එයා..
ඔයාට ගොඩාරියක් ස්තූතියි හිතූ..!!
මේ වගේ බෝල දැකල තිබ්බත් ඒ බෝල වල මේ විදියේ සජීවී ජීවින් හිටියේ නෑ. ඇත්තටම අලුත් දෙයක් කිරිල්ලි. ස්තුතියි.
ReplyDeleteඔව් මේක අලුත් නිර්මාණයක්..ලස්සන නිර්මාණයක්..කූනියො දිහා බලන් ඉන්න එක හරිම විනෝදයි..එයාල වෙලාවකට ඔය ගහට නැගල ඉන්නවා..මට හිනාත් යනවා..!! :D:D
Deleteඔයාගේ ඒ ලෝකේ හරිම ලස්සනයි. අපිටත් ඔය වගේ කරදරයක් නැතිව පුංචි ලෝකෙක ජීවත් වෙන්ට තිබුනානම් හොඳයි. ඒත් අපේ ලෝකේ එහෙම නෑනේ.
ReplyDeleteඔය කියන ලෙඩේ මටත් තියනවා. hay fever නේද?
ඒක තමා ටික දවසක් කිරිල්ලි දැක්කේ නැත්තේ.
අලුත් කතාවට ස්තූතියි කිරිල්ලියේ. ඔයාටත්, ඒ තෑග්ග දූනු විශේෂ පුද්ගලයටත්, හිතුවක්කාර කෙල්ලටත්, හැමෝටම.:D
හප්පා ඔයාටත් මේ ලෙඩේ තියනවද මම බේත් ජාති 3 කට මාරු උනා..අන්තිම එක හොඳටම හොඳයි...
Deleteඅහ්.අපිටත් මේ වගේ පුංචි ලස්සන ලෝකෙක ඉන්න තියනවා නම් හොඳයි කියල මටත් හිතුන වෙලාවල් අනන්තයි ඒත් ප්‍රශ්නෙ මේකනෙ පොඩ්ඩි..අපි ඕක ඇතුලෙ කරන කියන ඔක්කොම අනිත් අය එලියෙ ඉඳන් බලන් ඉන්නවනෙ..කෝමද හිතේ සැණසීමෙන් හනිමූන් එක වත් යන්නෙ?? :D:D:D:D
ඔයාටත් ගොඩාක් ස්තූතියි....!!
මේ දෙන්නට හනිමුන්ම තමා හීනෙන් පේන්නෙත් ළඟදිම එහෙනම් කේක් කෑලි දෙකක් කන්ට බැරියැ දෙන්නගෙන්ම...
Deleteකේක් කන්න ආශ නම් හදල දෙන්නම් ගමකට....ඒත් අපි ඔය මෝඩ වැඩ නම් ඔයා හිතන තරම් ඉක්මනින් කරන්නෙ නැහැ මල්ලී......!!
Deleteඔය විදියට හනිමුන් යන්න පුළුවන්ලු කණ්ඩලම හොටෙල් එකේ.... හලේ මන්දා කස්ටිය කියනවා එක පැත්තක තනිකර වීදුරු කියලා ඇත්තද මන්දා.මොකෙක් හරි හෙලිකොප්පරේකින් ආවොත් තමයි කෙලිය...
Deleteබඳින එක මෝඩ වැඩක්දෝ???
අක්කා වෙඩිං කේක් හදන්න දන්නවදෝ???
මගෙ වෙඩිමට කේක් සප්ලයි කරන්න පුළුවන්දෝ???
1....ආදරේ කරන කෙනාව අයිති කර ගන්න ඕනෙ කියන බොලඳ අදහසින්, ඉක්මනින්, අඩු වයසින්, ජීවිතේ ගැන අද්දැකීම් නැතුව ''බඳින'' ඒක ලොකුම මෝඩ කමක්...!!
Delete2....ඔව්.වෙඩින්ග් කේක් විතරක් නෙවේ මම තව ගොඩාක් කේක් ජාති හදන්න දන්නව...මට හොඳට උයන්න පුලුවන්......ලංකාවෙ කෑම බීම විතරක් නෙවේ..මගෙ විනෝදාංශයක් රට රට වල කෑම බීම හදන එක......!!
3....ලංකාවෙ උන්නොත් ඒ කාලෙට හදල දෙන්නම් මගෙන් තෑග්ගක් විදියට ඔයාගෙ වෙඩින්ග් එකට.....!!!
නියමයි ඔයා ලියල තියෙන්නේ මේකාලේ කතාබහට ලක්වෙන මාතෘ කාවක අතුරු කතාවක්...අග්නිදිග ආසියාතික රටවල බොහො රාජ්‍ය සහ රාජ්‍ය නොවත ආයතන ලොකය රැක ගැනිම පිලිඹඳ වැඩසටහන් වලට බොහො සෙයින් අවධානය යොමු කරල තියෙනව..උදාහරණ විදිහට ගොලීය උනුසුම හරිතාගාර ආචරනය ...අම්ල වැසි වගේ දෙවල් ගැන..ඉතින් දැන් ඒ ගොල්ලො ග්‍රීන් සිට් හදන වැඩපිලිවෙලකට අතගහලා ඉන්නේ කොහොමද කාබන් ෆෘට් ප්‍රින්ට් එක අවම කරල වැඩකරන්නේ කියන එක ගැන සක්‍යතා වක යෙදෙමින්.
ReplyDeleteනමුත් එකක් කියන්න ඔන ආසියාතික රටවලට ගොලීය දුෂණයට මුහුන දෙන්න ඔනකරන ආයුධ ඇතිවෙන්න තියෙනව..නමුත් බටහිර රටවලට ඒම සම්පත අඩුයි...ඇමරිකාව වගේ රටවල් වක්‍රාකාරව ආසියාතික දියුනුවන රටවල් වලට බලපැම් කරනව ගොලිය දුෂණය අවම කරන්න කියල...නමුත් උන් ඇතිවෙනකම් පරිසර හානි සිදුකරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න උත්සහකරනව ඔන්න වැඩේ
අපො කතාකොලා වැඩීවගේ
නෑ නෑ වැඩි නැහැ හරිම වැදගත් දේවල් ටිකක් දැනගත්තා..ස්තූතියි..:)
Deleteෂා මරුනේ. ලංකාවට එන්නෙ කවද්ද දන්නෑ නේ?
ReplyDeleteමේක අලුතින් ආපු දෙයක් නෙවේ අනේ පරන කතාවක්..ලංකාවට එන්නෙ නැහැ....:(
Deleteඇයි අපිට එහෙම කරන්නේ? ලංකාවට අකැපද ඇමරිකන් නිසා?
Deleteහිකිස්..
මරු ගැජට් එක.. මාත් ආසයි ඔය වගේ ඇක්ස්පෙරිමන්ට් වලට..
ජය !
හී..හී.. මේක ප්‍රවාහනය සම්බන්ධ කාලයේ ලිමිට් එකක් තියනවා මට හරියටම මතක නැහැ....මම හිතන්නෙ නැහැ ලංකාවෙ මේවා අළෙවි කරන්න පුලුවන් කියල...(මිළ අධිකයි.)ඒත් ජපානයේ මේක තිබුනා කියල කෙනෙක් කිව්වා.....:)
Deleteමාළු ටැංකියක් වගේනෙ! කව්ද හැබෑටම ඕක තෑගි දුන්නෙ. අනාගතේදි මිනිස්සුන්ටත් ඔහොම එකක් එකක් හදාගෙන ඒකට වෙලා තමා ඉන්න වෙන්නෙ.
ReplyDeleteඑතකොට පහු ගිය සතියෙ වින්චැට් හොටු කෙල්ලෙක් වෙලා ඉඳල නේද :)
හ්ම්ම්..තෑග්ග නම් විශේෂ කෙනෙක් ගෙන්..සතියක් නෙවේ අප්පා මාසයක් විතර හොටු පෙරුවා..චික්..:D:D
Deleteමීට කලින් අහලා නැති දෙයක් ,එතකොට ඇතුලේ ඉන්න ජීවීන්ගේ වැඩිවීමක් වෙන්නේ නැද්ද ? එහෙම උනොත් උන්ට ඉන්න ඉඩ මදි වෙනවනේ?
ReplyDeleteතවත් ප්‍රශ්න ගොඩායි ඒත් අහන් නැතුව ඉන්න ඒක හොදයි කියලා හිතෙනවා...
මටත් මේ ගැන ප්‍රශ්න ගොඩාක් තියනව තාමත් උත්තර හොයා ගන්න බැරි..මෙයාල බෝවෙන්නෙ නැහැ රොබින්..මම හිතන්නෙ ඔක්කොම ගැහැනු සත්තු නැතිනම් පිරිමි....:)
Deleteෂා...මේක හරිම ලස්සනයිනෙ.මටත් එකක් ගෙන්න ගන්න බැරිද?ඔහොම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ.කොච්චර සරල සිස්ටම් එකක්ද නේද? ඔය සත්තු මැරෙන්නෙ උපරිම ආයුෂ ගෙවලද?
ReplyDeleteමේවා අළෙවි කලේ රටවල් කීපයක විතරයි අක්කේ..ඒත් මීට අවුරුදු කීපයකට කලින්..දැනට නම් ආරංචියක් නැහැ..ඒත් ලංකාවට ගේන්න බැහැ..සීමිත කාලයක් තියනවා මේවා ප්‍රවාහනය කිරීම ගැන...
Deleteමම හිතන විදියට මේ අයට වැඩි ආයුශ තියනව..මා ගාවම දැනට අවුරුදු 6ක් නෙ..කූනිස්සොන්ට එච්චර කාලයක් සමාන්‍ය විදියට ජීවත් වෙන්න බැහැ නේද??
කාගෙන්වත් කරදරයක් නැතුව එහෙම ලෝකෙක ජීවත් වෙන්න තිබුනනම්.....
ReplyDeleteදැන් ඔය ඔයාගෙ ළමයින්ට ළමයි නැද්ද?
හොඳට මතක තියා ගන්න..මේ ලෝකෙ ඉන්නෙ කොල්ලො විතරයි..
Deleteආආ සමහර විට කෙල්ලො විතරයි..
ලමයි හම්බවේවිද ඉතින්?? :D:D:D:D
නාස එකන් මොනව උනත් කරල තියෙන්න අසාධාරණ වැඩක්.ගෑනු පරාණයක්වත් නැති වීදුරු බෝලෙක තව කොල්ලො තුන්දෙනෙක් එක්ක හිරවෙලා ඉන්නව කියන එක කූනිස්සෙකුට උනත් දරාගන්න බැරි වැඩක්.හැබැයි එක ගෑනු කූනිස්සියෙක් හිටියනම් ඔය කූනිස්සො හතර දෙනාම ඉවරයි....එක අතකට එහෙම නැති එකත් හොඳයි.
Deleteඔයා ඉතින් ඕක ගැන හිත හිත.. හිත නරක් කරගන්න ඕනයැ....ඔය අමෙරිකානුවො කරොත් කරන්නෙ ඔය වගේ අසමජ්ජාති අලුගුත්තේරු වැඩක් නොවැ..:D:D
Deleteඔතන 6 ක් ඉන්නෙ කෙල්ලොද කොල්ලොද දන්නෙ නැහැ..කෝම උනත් කට්ටිය ජොලියෙ ඉන්නව...:P
මට හිතන්නේ ඔතන ඇත්තේ කොල්ලොම තමා මොකද මම එහෙම කියන්නේ හේතු ඇතුව. එකක් කිසිම අතුරු අන්තරාවක් නැතුව යස අගේට ඉන්නේ කොල්ලෝ නිසා ගැණුම හිටියනම් මේ වෙද්දී ඒක ඇතුලේ මහා යුද්ධයක් අනිත් ඒක කට්ටිය ජොලියේ ඉන්නව කියන්නේ අනිවාර්යෙන්ම කොල්ලෝ කෙල්ලෝ කවදාවත් ඔහොම ජොලියේ ඉඳීවිද?
Deleteහා බොරුද?
කූනිස්සා අංක 1: ඒ බං, අරයා කියන්නෙ , අපි ජොලියෙ ඉන්නවා කියලා
Deleteකූනිස්සා අංක 2: කව්ද, අර හූර, හූර ඉන්න පක්සියාද?
කූනිස්සා අංක 1: වෙන කව්ද? මට නං මේ ඇල්ගී ඩයට් එක එපාවෙලයි තියෙන්නෙ, ආසාවකට හැලපයක්, ලැවරිය එකක් කන්න තියනවාද?
කූනිස්සා අංක 3: කෑ නොගහ ඔන්න ඕක කාපං බං. උඹල කියන්නෙ, අපි ගිය ආත්මෙ කවුරු වෙලා ඉන්න ඇත්ද, මෙහෙම තැනක උපදින්න?
කූනිස්සා අංක 1: වෙන කව්ද ඉතිං, නාසා එකේ හිටිය විද්‍යාඥ්ඥයො සැට් එකක් තමා.
හික්..ඔය කියල තියෙන්නේ...මමත් හිතන්නේ කොල්ලොම සෙට් එකක් තමා.මුන් ඇල්ගී වලින් හොඳ ඩ්රික් එකක් එහෙම පෙරාගෙන අනුමත වෙලා කිරිල්ලිගෙ කෝලං බල බල ඉන්නව ඇති.
Deleteඅසරණයා.....
Deleteහරි ඔයා හරි කතාව ඇත්ත.....ඒ උනාට කවුද දන්නෙ මෙයාල මේ ජොලියෙ ඉන්න සමණල්ලුද කියල..???????..
හූ හූ හූ හූඌඌඌ........:D:D:D:D.
ටොමියා..
Deleteහැලප..ලැවරිය..? ඇයි ගෙඹි කකුල්? ගොලුබෙලි සුප්?
ටොමී..මගෙ බ්ලොග් එකේ පලමු වතාවට කොමෙන්ට් කරන්න එන ඕනෙම කෙනෙක්ට සුප් කෝප්පයක් තෑගි ලැබෙනව...මගෙ අතින්ම හදන ලපටි ගොලුබෙලි සුප්..! මෙන්න ඔයාට..! රසාආයීයී නෙහ්?? :D:D:D:D
කස්ස...
Deleteමගෙ කෝලං මුන්ට පේන්නෙ නැහැ...මෙයාල ඉන්නෙ සාලෙ..මගෙ කාමරේට ගන්නෙ නැහැ මට මුන්ව විශ්වාස නැහැ....!
එහෙනම් සුවර් මුන් කොලු කූනිස්සො
Delete@ටොමියා : ++++ සිරා කතාව..
Deleteමම නම් කියන්නෙ කූනිස්සා ටිකට වහාම තම ප්‍රජනක අයිතීන් වෙනුවෙන් අඛන්ඩ උද්ඝෝශනයට යන්න කියල. කොහොමද හෙට වෙනකොට කූනිස්සො සැට් එක ඇල්ගී වලින් හදපු බෝඩ් ටිකක් අල්ලන් ඉන්න පටන් ගත්තොත්
"අපට කූනිස්සියො දියව් දියව් කියල"
(මට නම් හොදටම ශුවර් ඉන්නෙ කූනිස්සො කියල. වැරදිලා වත් කෙල්ලො සෙට් එකක් හිටියනම් මෙලහට කෙහෙවලු පටලගෙන)
යා..යා...සහතික ඇත්ත...කොල්ලො උද්ගෝෂනය කරනවා...කෙල්ලො කෙහෙ වලු පටලව ගන්නව.....:D:D:D
Deleteතොටියෝ.. උන් ටික නොකිව්වට ස්ට්‍රයික් වෙන්න ඇති. කිරිල්ලිම කිව්වේ උන් සමහර වෙලාවට ගහේ ඉන්නවා කියලා.. කවුද දන්නේ පිකට් එකක්වත්ද කියල.. "අම්මප අද බහින්නේ නෑ ගහෙන්" කියලද දන්නේ නෑ නේ නැග්ගේ?
Deleteඇත්ත නේන්නම්. කාලෙකට පස්සේ නොවැ දැක්කේ. ඉතින් කොහොමෙයි. ජය..!
ReplyDeleteආ.. ඕනම දේ මම කියලා නෑනේ.ලිපියට ස්තූතියි. මම ඒ වගේ දෙයක් දැක්කේ අද වගේ. ස්තුතියි හොදේ.
ඔයාටත් ස්තූතියි ආවට..මේක මම දැන් කිව්වට හැබැයි පරන කතාවක්..!! :)
Deleteමරු අෆ්ෆා.... මම අදමයි ඇහුවේ.. මෙහෙම ලෝකයක් ගැන... ආසයි ටික දවසක් ඔය වගේ පරිසර පද්දතියක හුදකලා වෙන්න
ReplyDeleteටික දවසකට මේක ඇතුලට ගිහින් එන්න බැහැ..ගියොත් ආයුශ ඉවර වෙනකම්ම ඉන්න වේවි...කැමතිද?? :D:D:D
Deletewow, Amazing. (i've lost my sinhala typing tool)
ReplyDeletethanks samadhi..yes it is a wonderful gift..!:D
Deleteමම නං හිතුවෙම කළු... මෙයාට වැඩේ දීලා කියලා.
ReplyDeleteඇයි අප්පා මාර මඩ ගැහිල්ලක්නේ ගැහුවෙ ඌට :-)
නියම පෝස්ටුව අක්කෝ... මෙහෙම සීන් එකක් දැනගෙන හිටියේ නෑනේ.
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හී.හී.හී කළු කොහෙද අනේ මෙහෙ එන්නෙ..ඔබ තුමාටත් සම්පත් වැඩිවේවා..!!
Deleteහෑ මං හිතුවේ මාළු ටැංකියක් ගැන කියන්න යනවා කියලා බැලින්නම් බොලේ කූනිසි ටැංකියක්නේ.... අර බට්න් එක කාන්දම්ද?? ඕකට මාළු දාන්න බැයිද?? වතුර අහක්කරන්න බැරිද?? ඕක සෑහෙන්න ගනන්ද?? බිම වැටුනොත් කැඩෙයිද(නාසා එකෙන් හදපු නිසා කැඩෙන්නැතිවෙයිද??)
ReplyDeleteඔයාවත් මේක ඇතුලට දාන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්නේ දැන්
හයියෝ ගැමීස්ස්ස්ස්ස්.....මේක මාලු ටැංකියක් නෙවේ බොලේ....මේක අපි ජීවත් වෙනව වගේ ලෝකයක්...මෙයාලව එලියට ගත්තොත් මැරේවි..ගන්නත් බැහැ කාටවත්..බට්න් එක කාන්දමකුත් තමා..මේක ගොඩාක් ඝන වීදුරුවකින් හදල තියෙන්නෙ ලෙසියෙන් කැඩෙන්නෙ නැහැ..ඒත් තාම බිම පොලවෙ ගහල බලල නැහැ මම..
Deleteමාව මේක අස්සට දාන්න..? හැහ්..!! මම ඉස්ගෙඩියෙක් කියලද හිතන් ඉන්නෙ..??
නැචුව නැචුව
Deleteඒකනම් ඇත්තටම පුංච් ලෝකයක් තමයි.
ReplyDeleteමේකෙ ඉන්න කූනිලා අලුත් පරම්පරාවන් බිහිකරනවද...?
හ්ම්ම්ම්ම්..ඒක තමා ප්‍රශ්නෙ..මේ අවුරුදු 6 ටම තාම අපි මෙයාලගෙ පැටව් නම් දැක්කෙ නැහැ..මම හිතන්නෙ මෙයාල ඔක්කොම කෙල්ලො..නැත්නම් කොල්ලො වෙන්න ඕනෙ..හරි අසාධාරනයි නෙහ්??? :D:D:D
Deleteනියමය් නේ වින්චැට් අක්කේ මටත් හෙන ආස හිතුනා මේකට
ReplyDelete///මේකෙ තියන ඔය tested by nasa කියන පොඩි බට්න් එකට ඇඟිල්ල තියල හෙමින් එහාට මෙහාට අරන් ගියාම ඕකෙ ඇතුල් පැත්තෙ වීදුරුවෙ බැඳිල තියන ඇල්ගි අහක් වෙලා වීදුරු බෝලෙ ලස්සනට පිරිසිදු වෙනව//
මට ඒක එච්චර තේරුනේ නෑ නේ :/
ඕ.කේ.මෙහෙම හිතන්නකො...අර මාලු ටැංකි වල ඇතුලෙ වීදුරුවෙ බැඳෙන කුනු කන්න(සුද්ද කරන්න.)මාලුවෙක් දාල තියෙන්නෙ? අන්න ඒ වගේ ඔය බට්න් එකට ඇතුල් පැත්තෙන් මොකක්ද සියුම් තව බට්න් එකක් තියනවා.එලියෙ තියන ඔය බට්න් එක ඇතුලෙ එකත් එක්ක කාන්දමක් විදියට ඇලිල තියෙන්නෙ..ඉතින් අපි එලියෙ බට්න් එක එහාට මෙහාට කරද්දි ඇතුලෙ එකෙන් ටැංකිය පිරිසිදු වෙනවා...ටැංකියෙ ඇතුල් පැත්තෙ වීදුරු බිත්ති වල ඇල්ගි බැඳෙනවා..ඒවා ක්ලීන් කරන්න ඕනෙ..නැත් නම් පුංචිලෝකෙ දිලිසෙන්නෙ නැහැ.....තේරුනාද දැන්..????? :D:D
Deleteඅහ්හා දැන් නේ තේරුනේ :ඩ
Deleteනිකන් වය්පර් එකක් වගේ නේද..
හරි ඒ වගේ එකකුත් තමා..:D
Deleteඅලුත් විස්තරයක් කලින් දැනගෙන හිටියේ නැහැ මෙහෙම දෙයක් ගැන . දැන් හුටු එන්නේ නැතෙයි.
ReplyDeleteනෑ නෑ දැන් මට සනීපයි.....මේක අලුත් දෙයක් කියල මම හිතුවෙ නැහැ..මට නම් පරණ කතාවක්..:)
Deleteඇත්තමයි අක්කියෝ....පලවෙනිවතාවට මෙහෙම දෙයක් දැක්කෙ....ආස හිටෙනව හලේ....^_^
ReplyDeleteහ්ම්ම්ම්..ලස්සනයි නෙහ්? ඒ උනාට මම මුලින් මේකට කැමති උනේ නැහැ..මම ගෙදර ගෝරි දැම්ම මේක බිඳල ඇතුලෙ ඉන්න සත්තු නිදහස් කරන්න ඕනෙ කියල....:D
Deleteපිස්සු හැදෙයි!!! දෙයියනේ.. මම ඕක සිංහලට කිව්වට මට හිතාගන්න බැරිව උන්නෙ ඔයා මේ මොකක් ගැනද කියන්න හදන්නෙ කියලා... හිතාගන්න බැරිවයි උන්නෙ... ඔයා මාව පුදුම කලා මේ පෝස්ට් එකෙන්...
ReplyDeleteඇත්තටම ඒක මාරයි!! මම මේ පෝස්ට් එකෙනුයි ඔහොම දෙයක් ගැන දැනගත්තෙ... හික්ස්ස්... මට හිනා අර කූනිස්සොයි, අඟුටුමිට්ටොයි මම පටලගත්ත එකට..:D
මේකෙ අඟ්ටුමිට්ටො හිටියානම් කොහොමද?? හිකි හිකි!!!
මරු කිරිල්ලියෙ.. මේක නියමයි!!! මට මොකට ස්තූති ද අනේ.. යාළුවන්ට උදව්වක් කරාම :)
ඉතින් බලන්න..මට ඒක ඔයාට කියා ගන්නවත් තේරෙන්නෙ නැතුව කෝමද ඒක මම අනිත් අයට පැහැදිලි කරල ලියන්නෙ..?? කෝම හරි කමක් නෑ මේ පෝස්ට් එකෙන් බාගයක්ම අයිති ඔයාට...ඔයා නොහිටින්න මම ඊයෙ රෑ භාෂා අච්චාරුවක් දාගෙන ඒක කාගෙන මැරෙනවා....හික්ස්..තෑන්ක්ස් ආයෙමත්..!!
Deleteහික්ස්..මේකෙ අඟුටුමිට්ටො හිටිය නම් මම උන්ව තුරුල් කරන් නිදා ගන්නෙත්......:D:D:D:D
අපෝ මං ආසම නැති වැඩක් තමා මේ කාලෙට මෙහේ එලියට යන්න ..ගියොත් ඉතින් ඉන්න වෙන්නේ මුලු දවසම හචින් ඇර ඇර..එක මහා වධයක්.. ඕක ගොඩක් දරුණුවට එන්නේ අපේ තාත්තාට..මෙහේ නම් බෙහෙත් නෙමේ ඉන්ජෙක්ශන් එකක් දෙන්නේ..එ හන්දා මම නම් මැරුණත් යන් නැ ඔක ගහගහන්න..ඊට වඩා මට හචින් හොදයි.. :)
ReplyDeleteහරිම ශෝක්..මේක අර මාලු ටැංකි වගේ ..හර්ද රෝගින්ට එහෙම හොද ඇති නේද.
ඔව්.ඔව් මෙහෙත් තියනව ඒ ඉන්ජෙක්ෂන් එක..මාත් මළත් නොයමි ඒක නම් ගහ ගන්න...මම ගත්ත මුලින් 'රිඇක්ටිව්' ඒකට පස්සෙ හරි ගියෙ නැහැ..ඊට පස්සෙ ගත්ත 'සිර්ටෙක්ස්' මිලි ග්‍රෑම් 10 ක් එක පෙත්තක. මට ඒක ගොඩක් වැඩී..නින්ද යනවා එක තැන හිටගෙන..අන්තිමට ඩොක්ටර්ටත් හිනා, පස්සෙ දුන්න 'අයෙරුස්' ඒක නම් මිලිග්‍රෑම් 5 ක් වෙන්න ගන්න පුලුවන්..යාන්තම් ඒක අල්ලල ගියා..ඒත් පුලුවන් තරම් විඳෙව්වා..:(:(
Deleteඅහ්..ඔව් මාත් හිතනව මේක හෘද රෝගීන්ට මාලු ටැංකි වගේ හොඳ දෙයක් වේවි කියල.. මේක ලඟට වෙලා බලාගෙන ඉන්නකොට හරි අමුත්තක් දැනෙනවා....:)
විස්තරේ නියමයි.. මාත් ගොඩක් තැන් වල මේවා දැකලා තියෙනවා.. ඒත් ගොඩක් වෙලාවට පැළ වර්ග විතරයි..
ReplyDeleteපැළවර්ග තියන ඒවා මාත් දැකල තියනව..ඒත් ඒව ECOSPHERES නෙවේ දිනේශ්..ස්තූතියි.
Deleteඅම්මෝ ඔයාටත් ඇලජික් එක තියෙනවද.? මෙහේ ගස් වලින් එන පුළුන් නිසා නේද.. එපා වෙනවා ඒක හැදුනම නේද..
ReplyDeleteඔයාගේ අළුත් සොයාගැනීම නියමයි... කිරිල්ලි කෝ කියලා මාත් මේ ටිකේම බැලුවා..
මට තියෙන්නෙ සුවඳ නිසා ඇලර්ජික්..(මල් වලට.)..මාත් ඉතින් මලෙන් තමා ඉන්නෙ මේ කාලෙට..මොන කරදරයක් ද අප්පා...
Deleteඔයාවත් ගොඩ කාලයක් දැක්කෙ නැහැ...
මාත් පළවෙනි වතාවට මේ වගේ දෙයක් දැක්කේ ඒක නම් විශිෂ්ටයි,ගෑනු ළමයි පස්සේ පැණි කුරුල්ලෝ ඉන්න එක නම් අහන්නත් දෙයක්ද? :)
ReplyDeleteආහ් අර මොකක්ද ආත්තම්මා කෙනෙක් කිව්වා කියලා කොමන්ට් එකක් දැම්මේ ඔය අසනීපෙ විකාරෙන්ද? කලින් කියන්න එපැයි අසනීපයි කියලා කව්ද ඉතින් ඕවා දන්නේ හිතේ තියන් හිටියම?
ආත්තම්ම කිව්ව දෙයක්ද ඔයාට කියල තියෙන්නෙ..හීඊහ්හ්හ්හ් මලා ජෝන්..!!
Deleteමට පරණ කතාවක් මතක් උනා!
ReplyDeleteපරීක්ෂණයක් කරාලු!
විද්‍යාගාරයක් තුල මුල් කාලීන පාථිවියේ වායුගෝලිය තත්ව අැති කරාලු! එය සමන්විත උනේ H20, CO2 NH3 වගේ වායු වලින්! O2 තිබ්බෙ නෑ
ඔය හදපු පද්ධතිය හරහ විද්‍යුත් ධාරාවක් යැව්වලු
පස්සෙ චෙක් කරද්දි මේ පද්දතිය තුල ජීවීන්ගේ හමුවන සරළ අණු තිබුනලු
for eg Amino අම්ල වගේ දේවල්!
හෆ්ෆා අලියත් නිකම් නෙවේ දන්න දේවල්...:)
Deleteවටිනා කියන විස්තරයක්. මට මේක කියවද්දි මතක් උනේ ආතර් සී ක්ලාක් මහත්තයගෙ "Rendezvous With Rama" පොත.
ReplyDeleteමම නම් බලල නැහැ ඔය පොත..ස්තූතියි ඔයාට..:)
Deletekirilli mama nikan karakola atheriya wage. mehe gedara fish tank eketh oya kiyapu widihe kaandam keli dekak tiyenawa etulenui eliyenui. cleen karanna pahasui. mata aasai mekata mama inne usa wala. tikak hoyala balanna one megena.
ReplyDeleteමම දන්නව ඔයා එන්නෙ U.S.A වලින් කියල....ඔව් ආන්ටි මේක ඔයාට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්..හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ දැන් අවුරුදු කීපයක් පහුවෙලා නිසා තාමත් මේවා තියනවද දන්නෙ නැහැ..හොයල බලන්න..මාත් ආශයි ඔයාට එකක් හමුවෙනවා නම්....:)
Deleteමිට කලින්අහල තිබුනෙත් නෑ දැක්කෙත් නෑ මේ වගේ system එකක්.මරු නේ.බැරි වෙයිද දන් නෑ.ඕක තව ටිකක් ලොකු කරල මාලුන්ව එහෙමත් දාන්න හදා ගන්න.ඕකට දල තියන සත්තු එලියට ගන්න බැරිද???.සාමාන්‍ය පරිසරයට එයාල හුරු නැද්ද??? මේක කියෙව්වට පස්සෙ මටත් ප්‍රශ්න ගොඩයි අප්ප.
ReplyDeleteඔය වගේ එකක් ගෙන්න ගන්න තිබුනානම් මරු.නියම පොස්ටුව....මේවගේ දෙයක් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි !!! ජය වේවා!!!
මේක හදල තියෙන්නෙNASAඑකෙන් නිසා මට ඒ ගැන ලොකු විස්තරයක් කියන්න බැහැ damith...ඒත් මෙයාලව එලියට ගත්තොත් මැරෙනවා...මේක වෙනම ලෝකයක්..
Deleteඅළුත් දෙයක්.. අහල තිබුනා මේ වගේ දේවල් ගැන.. ඒත් දැක්කේ අදයි.. මේකය කූනිස්සෝ විතරමද යොදාගෙන තියෙන්නේ??
ReplyDeleteගොඩාක් දෙනෙක්ගෙ ප්‍රශ්ණයක් වෙච්චි දේ මටත් තියෙනවා.. මේක ECOSPHERE නම් මේක තුල ජීවීන්ගේ මරණය, වර්ගයා බෝකිරීම වගේ දේවලුත් තියෙන්න ඕනි නේද? ඒ ගැනත් පොඩි විස්තරයක් කරා නං වටිනවා..
අපූරුයි!
ඔව්..ecosphere කියල නම් කලාට මේක එයාල කරපු පරීක්ෂනයක ප්‍රථිපලයක් පමණයි..මම ඒ ගැන වැඩි දෙයක් කියන්න දන්නෙ නැහැ..මේකෙ ඇතුලෙ නම් බෝවීමක් වෙන්නෙ නැහැ..මෙයාල තාම එක්කෙනෙක් වත් මැරුනෙත් නැහැ...
Deleteමම මේ කල්පනා කලේ ලොකු Globe එකක් හොයාගන්න පුළුවන්නම් ටිකක් මහන්සි වුනොත් අපටත් මේවගේ එකක් ගෙදරදි වුනත් හදාගන්න බැරිකමක් නෑ කියලයි.
ReplyDeleteඔයාට තියන්නෙ Allergic Rhinitis වෙන්න ඕන.. ඒකට දැන් non-sedating drugs ඇවිල්ල තියනවනෙ. පොඩ්ඩක් ඔයාගෙ වෛද්‍යවරයගෙන් අහල බලන්න.
ඔව්..මෙහෙ තියනව මේකට වර්ග ගොඩාක්..ඒත් එක එක්කෙනාගෙ ලේ පරීක්ෂාවකින් පස්සෙ තමා සුදුසු එක නියම කරන්නෙ ඩොක්ටර්ස්ල...
Deleteහ්ම්ම්...මාත් හිතුව ඔයා කියන දේ ගැන.. ලොකු ඝණකම් වීදුරු බෝලයක් සොයාගෙන..ට්‍රයි කරල බලන්නකො...! :)
ඒක නම් හරිම අපූරු පුංචි ලෝකයක්...
ReplyDeleteහ්ම්ම් ඔව් ඒක අපූරු නිමැයුමක්...ඔයාගෙ බ්ලොග් එකට මම දැම්ම කොමෙන්ට් එකක් ඒක පල වෙන්නෙ නැහැ පොඩ්ඩක් බලන්නකො.....
Deleteබෑලුවා නංගී..ඒක හරී......ස්තූතියි ගොඩාක් ඔයාට....
Deleteඅදමයි මෙහෙම දෙයක් ගැන ඇහැව්වේ..හුගක් ආසාවෙන් බැලුවා කිරිල්ලි..ලස්සන ලෝකයක්..ශෝක් ඔයාගේ දරු පැටව් ටිකත්....
ReplyDeleteහ්ම්ම්..තෑන්ක්ස් ඔයාට...දරු පැටව් ටිකට හරියට කන්න ඕනෙ ඒත් ලොකු වෙන්නෙ නම් නැහැ.... :D:D
Deleteඔයාගේ පුංචි ලෝකය හරිම සුන්දරයි..... ඒ ලෝකයේ අපට ඉඩක් නැද්ද. හික්ස් :)
ReplyDeleteඒක නෙමේ ඔය ලෙඩේ පීනසේ නේ ? ඒකට ඔය රටවල් වල බේත් නිට්ටාවට හොද වෙන්ඩ. මටත් ඔය ලෙඩේම තියෙනෝ....
අනේ මන්ද මේකට කියන්නෙ පීනසේ කියලද? හැබැයි මෙහෙ අයට මේක හැදෙන්නෙ මල් පිපෙන කාලෙට විතරයි..මාසෙකින් ඉවරයි...
Deleteඔයත් ආශද මේ ලෝකෙ ඇතුලට වෙලා ඉන්න? කූනියොත් එක්ක?? හික්ස්..
හරිම ශෝක් අදයි දැනගත්තේ මේක ගැන :)
ReplyDeleteහෙ..හේ..තෑන්ක්ස්...!
Deleteවාව් ..මාර ගති..ඉත්තුති කිරිල්ලියේ...හලේ ඇති යන්තම් කිරිල්ලියෙක් හම්බවුනා...ඉතින් කෝමද?දවල්ට කාලද?අම්ම තාත්ත සනීපෙන්ද? (බර කතාවකට මුල පුරමින්) හෑ...?
ReplyDeleteහෑඈඈහ්හ්හ්..!! වයස කීයද? ජොබ් එක මොකක්ද? පඩිය කොච්චරක් හම්බ වෙනවද?පවුලෙ තව කුරුල්ලො කිරිල්ලියො ඉන්නවද?.......මේ.මේ...ඔයා බැඳලද????
Delete@වින් C,
ReplyDeleteඔයාගෙ පැටවු ටික නම් සෝයි...
නැපි මාරුකරන්න නෑ.... කිරි පොවන්න නෑ...
එතකොට තාත්තා "නාසා" ද?
ඔව්..ඔව්..ආයෙ නම් දරුවො එපා..හස්බන්ඩ්ස්ලත් එපා..මේ ඇති..!
Deleteස්තූතියි මගෙ දරුවො බලන්න ආවට..එයාල කන්නෙ ඇල්ගි..අනිත් දවසෙ එද්දි මට මොනා හරි අරන් එන්න හොඳේ..? :D
Tharu@... //මේක කීවෙ මටද ? නැත්නම් වෙන උඩ කමෙන්ට් කරපු කෙනෙක්ටද?//
Deleteමෙහෙම අහල එව්ව ඔයාගෙ කමෙන්ට් එක පලකරල පිලිතුරු දුන්නට පස්සෙ ඒක අතුරුදහන් උනා...අනේ සොරි හොඳේ?
ඔව්..ඔව්..ඔයාට තමා කිව්වෙ..ඇයි මොනා හරි අරන් එන්න කිව්වාම බය උනාද??:D:D
හරිම ෂෝක්.......... මටත් එකක් ඕනා. මේ ගැන සේරම විස්තර කියවලා තමයි මේ කමෙන්ට් කරන්නෙ.
ReplyDeleteඒ වගේම අදයි මේ පැත්තෙ ආවෙ. හිතට දැනුන බ්ලොග් එකක්.
ස්තූතියි ඔයාට..ආයෙත් එන්න අළුපාට හැන්දෑවට..:)
Deleteinteresting... ඒ උනත් කවුරු හරි කූඩු කරලා ටැංකි කරලා හදන එක පව් නේද? මිනිස්සුන්ටත් පුදුම දේවල් හිතෙන්නේ.
ReplyDeleteඔව්..මාත් කැමති නැහැ සත්තුන්ව කූඩු කරල තියන්න..
Delete