My Blog List
Friday, 11 May 2012
ඉහත ආත්මෙද..? හීනයක්ද..?
මම සිංහල බෞද්ධයෙක්...සත්කෝරලේ කටුගම්පල සිංහල බොදු ගොවි පවුලේ එකම දි..නෑ.නැත් නම් ඕනෙ නැහැ..(මගුල් දැන්වීමක් දාන්නයි ගියෙ ඒක පස්සෙ දාන්නම්.):):):P
වචනෙට විතරක් නෙවේ මම හදවතින්ම බෞද්ධයෙක්,මම මගේ ආගම විශ්වාස කරනව..බටහිර ජීවත් උනාට ඉගෙන ගත්තට යූරෝ හම්බ කලාට..මම මගෙ රටට ආගමට ආදරෙයි.......
ඒ වගේම පුනරුප්පත්තිය ගැන මම විශ්වාස කරනව..අපේ අය කියනව මම පොඩි කාලෙ ඉහත ආත්මෙක දේවල් කතා කලා කියල..ඇත්තටම මට නම් ඒ කිව්ව කියන දේවල් දැන් මතක නැහැ..ඒත්..මට හොඳට මතකයි අම්ම..ආත්තම්ම නැන්දල සමහර වෙලාවල් වලට ඒ කාලෙ මට සැර කරනව...''..මොනාද මේ කියවන්නෙ? කවුද ඕව කියල දුන්නෙ? නෑ..නෑ එහෙම දේවල් උනේ නැහැ..එහෙම වෙන්නෙ නැහැ..ඔයා බොරු නේද කියන්නෙ? බලාගෙනයි ආයෙ කිව්වොත් හෙම තේරුනාද? එහෙම කවුරුවත් උන්නෙ නැහැ..ඔයා හීනෙන් දැකල ඕව කියන්නෙ...'' ඔන්න ඔය විදියට මට මතකයි එයාල මට සැර වැර දානවා......
හ්ම්ම් කෝම හරි එයාලගෙ සැර පාරවල් විතරක් මතක හිටල අනිත් දේවල් මට අමතක උනා.
හැබැයි හදිස්සියෙවත් මතක් කරනවට අපේ අම්ම ගොඩාක් අකමැති සිදුවීම් දෙකක් විතරක් යාන්තම් මගෙ හිතේ කොනක තාමත් හැංගිලා තියනව.හැමදාම හිතේ තියන් ඉන්නව නෙවේ.. ඒත් කවුරු හරි ඉහත ආත්මෙ හෝ පුනරුප්පත්තිය වගේ මාතෘකා ගැන කතා කරනව ඇහුනොත් මට මේව ටක් ගාල මතකෙට එනව..ඇවිත් මගෙ ඔලුවට වද දෙනව..
ඊයෙ ''පොඩිකුමාරිහාමිගෙ එහා ලෝකය'' පෝස්ට් එක දැක්කට පස්සෙ මට ආයෙමත් මේ සිද්ධි 2 මතක උනා..
සමාවෙන්න..මම කියන්න දන්නෙ නැහැ මේවා ඉහත ආත්මෙක උනාද..ඊටත් එහා ආත්මෙක උනාද..එහෙම නැත් නම් කවදාවත් උනේ නැතිමද කියල..ඒත් මේ ආත්මෙදි නම් මේ දේවල් සිදු උනේ නැහැ..ඒ වගේම මේ සිදුවීම් මට හීනෙන් පෙනුන ඒවා වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ..
මම මේක ලියන්නෙ මේ ගැන ඔයාලගෙ අදහස් මොනාද කියල දැනගන්න වගේම මගේ මේ මතකයන් (මට පිස්සුද මන්ද.)අමතක කරන්න පිලිවන්ද බලන්නයි...
හොඳයි..මේක තමා පළමු සිද්දිය:
අපේ අම්මගෙ ලොකුම අක්ක එක කාලෙකදි ජීවත් උනා මීගමුව කොච්චිකඩේ කියන නගරෙ ප්‍රධාන පාරෙ අයිනෙම ගෙදරක..තාම ඒ ගේ එතන තියනව..ඒත් ලොකු අම්මල ඉන්නෙ පිටරටක..ඉතින් මම මේ කියන දවස වෙනතුරුම මම දැනගෙන උන්නෙත් නැහැ කවුරුවත්ම මට කිව්වෙත් නැහැ ඒක අපේ ලොකුඅම්මලගෙ ගෙයක් කියල...මට එතකොට අවුරුදු 5 ක් කියල අම්මල කියන්නෙ...ඒ දවස අද වගේ මට මතකයි...
මේ දවසෙ අපි පවුලෙ අය කොච්චිකඩේ පහුකරල මීගමු පැත්තට යමින් උන්නෙ..ඉතින් ඔන්න මේ මම කියන ගේ පහුවෙනකොටම මම ඒ පැත්තට අත දික් කරල අම්මට පෙන්නුව ''..මේක ලොකු අම්මලගෙ ගේ..'' කියල...
අම්ම ගැස්සිලා වගේ ඇස්දෙක ලොකු කරන් මගෙන් ඇහුව..''..ලොකු අම්මලගෙ ගේ?..ඔයා කෝමද දන්නෙ..?මේ පාරෙ අපි වෙනදත් ගියා අපි කවුරුවත් ඔයාට එහෙම කිව්වෙ නෑනෙ..කියන්න කියන්න කෝමද ඔයා දන්නෙ..?''
මට එවෙලෙ හිතුනෙ අම්ම බොරු කියනව කියල...මම අම්ම එක්ක ඒ ගෙදරට ගියා මට හොඳටම මතක තිබුනා....
''...ඇයි අපි ආවෙ අර චූටි බබාව බලන්න..?''
අම්ම මගෙ දිහාවෙ බලන් උන්නෙ හොල්මනක් දැක්ක වගේ ඒ මූණ නම් දැනුත් මැවිල පේනව මට....
''..මොන චුටි බබෙක්ද? කවුද ඔයාට කිව්වෙ එහෙ බබෙක් නැතිඋනා කියල?..''
ඒ වෙලාවෙ නම් මට කේන්ති ආව..අම්ම මොනාද මේ කියන්නෙ....''..ඇයි අම්ම බොරු කියන්නෙ? අම්මනෙ මාව එහෙ එක්ක ගියෙ..මම ඇඳන් ගියෙ සුදුපාට වගේ ගවුමක් රතු සපත්තු දෙකක් දාල අම්ම මගෙ අතින් අල්ලන්නෙ ගියෙ..අපි ගෙට ඇතුල්වෙද්දිම ලොකුඅම්ම හයියෙන් කෑගහල ඇඬුව..චූටි බබා සාලෙ මැද්දෙ පෙට්ටියක උන්නෙ ඇස්දෙක පියාගෙන..නිල් පාට ලස්සන ගවුමක් ඇඳල.නිල්පාටම සපත්තු දෙකක් දාල උන්නෙ..ඒ පෙට්ටිය වටේට මල් එල්ලල තිබුන..''
මම කියාගෙන යද්දි අම්ම මගෙ කට වැහුව අතින් ''..ඇති ඇති...හා එහෙම තමා..මේ ලමයට නම් අනේ මන්ද මොන......''
''..ඇයි අම්මට මතක නැද්ද ලොකුඅම්ම අඬනකොට මම ඇහුවෙ ඇයි එයා අඬන්නෙ කියල..අම්ම කිව්වෙ බබාට සනීප නැහැ එයා නිදි ඒකයි ලොකු අම්ම අඬන්නෙ කියල..ඇයි අම්ම කිව්වෙ..හා නැද්ද? අම්ම එහෙම කිව්වෙ නැද්ද?..''
එදායින් පස්සෙ ආයෙ මට ඒ ගැන කතා කරන්න අම්මවත් තාත්ත වත් ඉඩ දුන්නෙ නැහැ..අම්ම මට බැන්න මම බොරු කියනව කියල..ඒ ගැන මතක් කරන්නවත් එයාල ඉඩ දුන්නෙ නැහැ..ඒත් මට කවදාවත් ඒ සිද්දිය අමතක උනෙත් නැහැ.......
පස්සෙ කාලෙක මම ටිකක් ලොකුයි එතකොට අවුරුදු 7ක් විතර..ඔය සිද්ධිය මම ආයෙමත් මතක් කලාම අම්ම මාව ලඟට අරන් ගොඩාක් ආදරෙන් මෙන්න මෙහෙම කිව්වා..
''...පුතේ..මේක හොඳට අහගන්න හරි?..ඒ ගෙදර ලොකු අම්මල උන්නෙ මීට ගොඩාක් කාලෙකට කලින්..මටවත් ඔය ගැන මතක නෑ ඒ තරම්..ඒ කාලෙ මම ඉස්කෝලෙ යන ලමයෙක්..මට වයස අවුරුදු 16..ඔයා ඉපදිලා නැහැ..ඔයාගෙ අයියල ඉපදිලත් නැහැ..ඔයාගෙ තාත්තව මම දන්නෙවත් දැකලවත් නැහැ ඒ කාලෙ..ඉතින් ආයෙම ඔය කතාව මතක තියන් කියන්න එපා..ඕක ඇත්තක් නෙවේ..ඔයාට කවුරුහරි කියපු දෙයක් ඇහිල..නැත්නම් ඔයා හීනයක් දැකල තේරුනාද ඔයාට??..''
''..හරි එතකොට ඒ බබාට අන්දවල තිබ්බෙ නිල්ගවුමක් නෙවේද?නිල්සපත්තු දෙකක් නෙවේද?ලොකුඅම්ම කෑගහල ඇඬුවෙ නැද්ද?අම්ම කිව්වෙ නැද්ද ඒ බබාට සනීප නැහැ එයා නිදි කියල?..''
''..ඔව්.ඔව්..හරි..එහෙම තමා..ඒත් පුතේ ඔයා මා එක්ක එදා යන්නෙ කෝමද ඔයා එතකොට ඉපදිලත් නැහැනෙ..මම ගියෙ අපේ අම්මල එක්ක..''
''..එතකොට එහෙනම් කෝමද මම අර සුදු සුදු පාට ගවුමක් ඇඳල රතු සපත්තු දෙකක් දාල අම්මගෙ අතේ එල්ලිලා එහෙ ගියෙ??..''
''..ආයෙ පටන් ගත්ත ආයෙ පටන් ගත්ත...!! ඇති ඇති දැන් නවත්වන්න ඕක...''
ඉතින් එදා ඉඳන් තාමත් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හොයනව මම..තාමත් මේ දැනුත් මැවිල පේනව ඒ සිදුවීම..චූටිබබා ඇස්දෙක පියාගෙන පෙට්ටියක් ඇතුලෙ..ලොකු අම්මලගෙ ගෙදර සාලෙ මැද්දෙ..නිල්පාට ලස්සන ගවුමක් ඇඳල..නිල් සපත්තු දෙකක් දාල..පෙට්ටිය වටේට මල්..ලොකු අම්ම අඬනවා..මම අම්මගෙ දකුනු අතේ මගෙ අත් දෙකෙන්ම එල්ලිලා ඒ සාලෙට ඇතුල් උනේ..
ඒත් ඒ මම ඉපදෙන්නත් අවුරුදු 15 කට විතර කලින්ලු..
කෝමද එහෙම උනේ..?????
ප.ලි....ලියාගෙන ලියාගෙන ගිහින් මට මහන්සියි..අනිත් සිද්ධිය ඊගාව පෝස්ට් එකේ දාන්නම්..(ඒක නම් මම රකුසටත් කියල තියනව ඒ ඒ ස්ථානත් එක්කම.)
Subscribe to:
Post Comments (Atom)
හෑ................? සත්කෝරලේ කටුගම්පල???
ReplyDeleteඅපේ ගෙවල් හරියෙනෙ වින්චැට්ටෝ..
හරි... මෙයත් නැවත ඉපදිලා.... :-)
ඔව් රජෝ..ඒකනෙ මම එදා 'වාගෙටේ රාජධානිය' බලල කිව්වෙ...:)
Deleteමේ සංසාරෙ අපි මැරිල ඉපදුන තැන් කොච්චර ඇතිද?හැබැයි අපි මරුනම ලඟින් ඉන්න අය අතරම අපි ආපහු ඉපදෙනව කියල මම අහල තියනව..
ReplyDeleteදැන් ඔයා පොඩි ළමයෙක් නොවන නිසා අම්මගෙන් මේ විස්තරේ අහල බලන්න.....නැත්තම් මෝහනය වෙලා බලන්න..:P
අම්මෝ මෝහනය වෙන්න නම් මම භයයි..ඉතින් තව ඇහුවත් අම්ම කියන්නෙ ඔච්චරම තමා..ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ අම්ම තාත්තව මැරි කරන්නත් කලින් නම් මම කෝමද එයාගෙ අතේ එල්ලිලා ඒ අවමගුල් ගෙදර ගියෙ....?.මම මේ කියන දේ මටවත් තේරුම් ගන්න බැහැ අප්පා...
Deleteඔව් ඔය පුනරුප්පත්තිය ගැන නම් මමත් ගොඩාක් දේවල් කියවලා තියෙනවා.. ඒවා ඇත්ත.. ඔයාගෙ සිද්දියත් හරිම පුදුමයි.. මෝහනය වුනානම් දැනගන්න තිබ්බා විස්තර...ඊළඟ සිද්ධියත් බලමුකෝ.
ReplyDeleteමෝහනය වෙන්න නම් බැරියෝ......(ඔයා මාර කතාවක්නෙ කියන්නෙ මෝහනය උනාම මගෙ ඔක්කොම 'රහස්' එලි වෙනවනෙ..හෆ්ෆා...):D:D:D
Deleteඉතිං කලින් ආත්මෙ ඒවානෙ..:O ;)
Deleteඒක තමා කියන්නෙ...මේ ආත්මෙ මම මේ කූඩුවට වෙලා ඉන්න අහිංසක.:P කිරිල්ලියෙක් උනාට කවුද දන්නෙ ගිය ආත්මෙ උකුස්සෙක්ද..රාජාලියෙක්ද..කොට්ටෝරුවෙක්ද නැත්නම් කිකිලියෙක්ද කියල?? :D:D:D:D...
Deleteමලා......සුවර් එකටම ගිය ආත්මෙ තමයි......මේ මමත් ඔහොම කියල තියනවළු බලංගොඩ හිටිය තාත්ත කෙනෙක් ගැන..හැබැයි එතකොට මම බලංගොඩ පැත්ත පලාතක ගිහින් නෑලු..
ReplyDeleteමම කියන ඒ හැම දෙයක්ම ඇත්ත කියල අම්ම කියනවා...ඒත් මම අම්මගෙ අතේ එල්ලිලා ගිය එක නම් වෙන්න බෑ තමා එයා කියන විදියට..මම ඉපදෙන්නත් අවුරුදු 15 කට කලින් උන දෙයක් නම් මම මේ මොකක්ද කියන්නෙ..?:(:(
Deleteවින්චැට් කිරිල්ලි, déjà vu කියන වචනෙ අහලත් ඇතිනෙ. ඒකෙන් කියන්නෙ නම් දැන් සිතුවෙන යමක් කලිනුත් සිදු වුනු බවක් සිතට දැනීමයි. මටත් වරක් එක ගෙයක් ගාවා හිටගෙන ඉන්නකොට ඒ ගේ ඇතුලට ගිහින් තියෙන බවක් දැනුනා. ඒවෙලාවෙ නම් මම තරමක් මත් වෙලා හිටියෙ.
ReplyDeleteඒ කොහොම වුනත් ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න යන්න එපා. ඒක අමතක කරලා දාන්න.
අනික ඔයාගෙ ප්‍රොෆයිල් විස්තරේ දාලා තියෙන හැඳින්වීමට මගේ බලවත් විරෝධය. ඒකත් අමතක කලයුතු දෙයක්. පැලඳියයුතු දෙයක් නෙවෙයි.
henryblogwalker the Dude
ඔව් මම ඔයා කියන දේ අහල තියනව...මේක මට දැනුන දෙයක් නෙවේ..අම්ම කියනව ඇත්තටම ඒ මම කියන දේවල් ඔක්කොම හරි කියල..ඒත් මම ඉපදෙන්න අවුරුදු 15 කටත් වඩා ඉස්සර ලු...ඒත් මට හොඳට මතකයි තාම මම අම්ම එක්ක ගියා ඒ බබාගෙ මළගෙදරට...ගිය නිසානෙ මම මේ කියන්නෙ ඇහින් දැක්ක දේවල්...එතකොට ඒක උනේ කෝමද??මේකට පිළිතුරක් කවදාවත් මට ලැබෙන්නෙ නැහැ...
Deleteඔව්..ඔයා හරි මම ඒක අහක් කලා ඔන්න..ස්තූතියි...:):)
මම දාන්න කෙනෙක් ඉන්නවා ඒ බබා පොඩි කාලෙම බරුනේ ලොකු ලෙඩකින්.දැන් ඒ බබා ඒ ගෙදරම ඉපදිලා තියෙනවා ඒ දේ කියන්න පුළුවන් මොකද බහා තොරණ වයසේදී කතා කලේ අර ළමයා කලින් නැතිවෙන්න කලින් නිතරම කියන වචන. අමිල් ඛාන් කියල නිතරම කියන්නේ වයස 2 යි වගේ. මොකට අර ළමයා කැමති අමිල් ඛාන් ගේ ෆිල්ම් වලට. ඒ දේ වෙන්න පුළුවන් කියල හොඳටම ෂුවර්.
ReplyDeleteඑතකොට දැන් මේ මට වෙලා තියෙන්නෙ මොකක්ද කියන්නකො අෆ්ෆා..!:D:D
Deleteඅසරණය කියපු එක ඇත්ත. මම ඉපදුන දවස්වල කියල තියෙනවලු 'ආම්ස්ට්‍රෝන් ආම්ස්ට්‍රෝන්' කියල. එතකොට ගෙදර අය සාස්තරයක් අස්සවල. එතකොට කියල සෑමා ගිය ආත්මෙක් හදට ගිය කෙනා කියල..
Deleteඕ.කේ. මිස්ට සෑම් ආම්ස්ට්‍රොංන්ග්...මීට පස්සෙ නම් වැරදිලාවත් එහෙම කියන්න එපා...!!
Deleteහෆ්ෆා සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්නේ මේක.. හැබැයි වතාවක් මටත් එක සිද්දියක් වෙද්දි ඒක කලින් මම ඒ විදිහටම දැක්ක වගේ මතක් උනා.. මට දැන් මතක නෑනේ හරියටම ඒ මොකක්ද කියලා..
ReplyDeleteහික්ස්..ඕක නම් හොඳ වැඩක් නෙවේ හලේ......:D:D
Deleteමාර වැඩේනේ මේ මොකද වෙන්න යන්නේ.. අනේ කිරිල්ලියේ.. රකුසා හිටියේ නැද්ද ඒ කාලේ.. :D
ReplyDeleteපුනුරුත්පත්තිය බොරුවක් නම් නෙමෙයි කොහොමත්.. මමත් විශ්වාස කරනවා..
මාර වැඩේනේ මේ මොකද වෙන්න යන්නේ.. අනේ කිරිල්ලියේ.. රකුසා හිටියේ නැද්ද ඒ කාලේ.. :D
ReplyDeleteපුනුරුත්පත්තිය බොරුවක් නම් නෙමෙයි කොහොමත්.. මමත් විශ්වාස කරනවා..
හික්ස්...මම හිතනව රකුසත් ඒ පැත්තෙම ඉන්න ඇති කියල ඒ කාලෙ:(:(....කොහෙද මෙච්චර කල් ගිහින් උන්නෙ..?
Deleteමම නම් හිතන්නේ ඒ ඇත්තක් කියලා. හීනයක් විදියට උනත් ඔය වගේ දෙයක්, දකින්ට පුලුවන් ඇති. ඒත් ඔයාගේ විස්තරේ ඊට වඩා ගොඩක් වැඩීනේ.
ReplyDeleteඅලුතෙන් ෆොටෝ ගත්තද?:D:D:D
හ්ම්ම්ම්ම්...ඔව්.සිද්ධිය ඇත්තක්...ප්‍රශ්නෙ කියන්නෙ මම ඉපදෙන්න අවුරුදු 15 කටත් එහා උන දෙයක්...ඒත් මම එතන උන්න මට මතකයි..කවුරුවත් මාව විශ්වාස කරන්නෙ නැහැ..:(:(
Deleteඅලුත් පොටෝ එක ලස්සනයි නේද? බලන්න මම දැන් ලොකුයි...:D:D:D
බිබිලි නගින බෙලි කතු....ඩෙඩලන ඩගල සුලං කිව්වලු...
ReplyDeleteහලෙ අම්මියෝ..................
මොකක් කිව්වා...??????..:D:D:D
Deleteඔයා කරදර කරලා අම්මගෙන් අහගන්න තව විස්තර. ඔය වගේ කතා ගොඩක් අහල තියනවා. විද්‍යාවෙන් පැහදිලි කරන්න බැරි හුඟක් දේවල් තියනවා.
ReplyDeleteඅම්ම කියන්නෙ එකම දේ..ඒත් ගොඩාක් කාලෙකින් ඔය ගැන අපි කතා කලේ නැහැ..අම්ම හිතන්නෙ මට අමතක වෙලා කියල වෙන්න ඇති..
Deleteපුනරුප්පත්තිය ගැන අහලා තියනවා ඔයාගේ සිද්ධියත් හරිම පුදුමයි.කොහොම වුනත් සිද්ධියේ ඉතුරු ටිකත් දැන ගන්න නම් ආසයි.
ReplyDeleteඉතුරු ටික ඉක්මනින් කියන්නම්....ඒත් ඒක වෙන මතකයක්..
Deleteපුනරුත්පත්ති කතා අහලා තිබුණත්, මේක නම් ටිකක් අමුතුයි වගේ. මුකුත් හිතාගන්න බෑ නේ කිරිල්ලි.........
ReplyDelete~~~***දඟ මල්ල***~~~
හ්ම්ම්..මටත් හිතාගන්න බැහැ......
Deleteගෑල්ලමයින්ට වෙන ඒව අපි කෝම හිතා ගන්නටද ? එයාලට හිතා ගන්නවත් බැරුව..
Deleteඔව් ඔව් දන්නව..වෙන මොනා හරි දෙයක් ගැන කිව්ව නම් හෙම බලන්න තිබුන..!!
Deleteහෆොයි කිරිල්ලි. මෝහනය කරගන්නත් බැරිනම් ඔව්වා වැඩියේ නොහිතා ඉන්න එක ඇඟට ගුණයි. මොකද ඔයවගේ දේවල් නිතර මතක් කරන එක සමහර අයට හොඳ නැහැ.
ReplyDeleteමේක මගෙ හිතේ නිතර මතක් වෙවී තියන දෙයක් නෙවේ..මේක මතක් උනේ පොඩිකුමාරිහාමි ගෙ එහා ලෝකය දැක්කට පස්සෙ..:):)
Deleteඇත්තටම මේක කියෙව්වම මගේ හිතටත් ආවෙ "Déjà vu" කියන සoකල්පය.. ඔය ගැනම කියවෙන Déjà vu කියන චිත්‍රපටයත් මම බලල තියනව.
ReplyDeleteඒ මොන කතා කිව්වත් මමත් පිළිගන්නව පුනරුත්පත්තිය කියල දෙයක් තියනව කියල.. සමහරවිට ඔයා කිව්ව වගේ මේකෙ ඊට සම්බන්ධයක් තියෙන්න පුලුවන්. හැබැයි ඔයාගෙ සිද්ධියෙදි නම් ඒක සොයනවනම් සොයාගන්න ලේසියි මොකද ඒක ඔයාගේ පවුලෙම කෙනෙක් හා ඈදුනු නිසා.එදා මළ ගෙදර හිටපු අනික් නෑදෑයන්ට මතයක් ඇති ආපු අය අතර සුදු සුදු පාට ගවුමක් ඇඳල රතු සපත්තු දෙකක් දාල අම්මගෙ අතේ එල්ලිලා ආවෙ කවුද කියල..
හැබැයි මේ ගැන තව දුරටත් පස්සෙන් පන්නනවද නැද්ද කියල ඔයාට හොඳින්ම හිතල බලන්න වෙනව.. ඒ මොකද කිව්වොත් බැරිවෙලාවත් ඔයාගෙ පෙර භවයේ කව්ද කියල හොයා ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක ඇරඹුමක් වෙන්නත් පුළුවන් නිසා..
අම්මගෙන් විතරද ඇහුවෙ ඔයා.. ලොකු අම්මාගෙන් අහන්න..කියන්න ඉඩ තියෙයි...
Deleteලොකු අම්මගෙන් අම්ම අහල තිබුන ඒ දවස් වලම...මම කලින් කිව්ව වගේ අපේ අම්මගෙ පවුලෙ සහෝදරයො 10 ක් ඉන්නවා...අම්ම තමා බාලය..එතකොට අනිත් වැඩිමල් අයගෙ දරුවොත් එන්න ඇතිනෙ ඔය ගෙදරට එදා...මල ගෙදරකට සමාන්‍යයෙන් කවුරුත් ලමයින්ට අන්දවන් එන්නෙ සුදට හුරු ඇඳුම්නෙ..ඉතින් ලොකු අම්ම කියල තිබුන එයාට එහෙම මතකයක් නැහැ කියල..අනික එයා දවස් ගානක් උන්නෙ හොඳ සිහියකිනුත් නෙවේ ලු......:(:(
Deleteඅනික අවුරුදු 15 කටත් එහාදි උන සිද්දියක ඔය වගේ දෙයක් මතක හිටින්නෙ නැහැ නේද කාටවත්?..අපේ තාත්ත නැති වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා...එදා එයාගෙ අවමගුල් උත්සවයට ආපු නාපු අයගෙ කිසිම දෙයක් මට මතක නැහැ.......:(
තොටියා@...උඩ දම්මිට කිව්ව දේ බලන්නකො...
Deleteඔව් මාත් කැමති නැහැ ඒවා හොයාගෙන ප්‍රශ්න ඇතිවෙනවට...තාත්ත ජීවත් වෙලා ඉන්නකොට තදින්ම එකහෙලාම විරුද්ධ උනා ඒ ගැන කතා කරනවටවත්.....
ඒත් මම ලංකාවෙ උන්න නම් මොනා හරි දෙයක් මෙලෙහකට සිද්ද වෙලා..අනිත් කතාවත් බලන්නකො......:)
පෙර භවයෙ නෑදෑයො හොයාගෙන ආයිත් එන්න ඇති නේද ඔයා....
ReplyDeleteහ්ම්ම්ම්..එහෙම වෙන්න ඇති නේද?
Deleteෂුවර් එකටම
ReplyDeleteමට මේක තේරෙන්නේ නැහැ.
මටත් තේරෙන්නෙ නැති නිසානෙ ඇහුවෙ...ආයෙ කියන්නම්..
Deleteඅපේ අම්මගෙ ලොකු අක්කට ලැබුන පලමු පිරිමි දරුව මාස 9 දි මිය ගිහින්..ඒ දරුවගෙ අවමගුල් දවසෙ අපේ අම්මගෙ අතින් අල්ලන් මාත් ඒ ගෙදරට ගියා...
මේ සිද්දිය මට මතක් උනේ ඒ ලොකු අම්මල ඒ කාලෙ උන්න එයාලගෙ ගේ හදිස්සියෙම දවසක් දැක්කට පස්සෙ....
නමුත් අපේ අම්ම කියන්නෙ ඒ දරුවගෙ අවමගුල් ගෙදරට යද්දි අම්මට වයස අවුරුදු 16 ලු..එයා මැරි කරනව තියා හිතලවත් නැතිලු...නමුත් අම්ම කියනව මම කියන විස්තර තොරතුරුත් ඔක්කොම හරිලු...(ඒ කියන්නෙ ඒ දරුවගෙ ඇඳුම සපත්තු..මිනි පෙට්ටිය..මම පෙන්වපු ඒ ලොකු අම්මල උන්න ගේ..වගේ දේවල්.)
ඉතින් ඔච්චරයි...:):)
බුදු හාමුදුරුවො කියල තියෙන විදිහට අපි මේ යන්නෙ ‘අනවරාග්‍ර‘ (වචනෙ හරි මයෙ හිතේ) සංසාර ගමනක. ඒ කියන්නෙ අපි පටන්ගත්තෙ කොතනින්ද කියල මුලක් හොයා ගන්න බැරි තරං දිග ගමනක් අපි ඇවිත් තියෙනව. ඒ ගමනෙදි අපි අනන්තවත් එක එක අය වෙලා ඉපදිල තියෙනව. රජවරු, සිටුවරු, හිඟන්නො, අබ්බගාතයො විදිහට විතරක් නෙවෙයි සත්තු-සර්පයො, යක්කු-පෙරේතයො වෙලා... තව දෙවිවරු වෙලත් ඉපදිල ඉන්න ඇති.
ReplyDeleteකොහොම උනත් පහුගිය භවයේ දේවල් ගොඩ දාන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම දේ. මැරිල පොළොවට යට කරපු දේවල් ගොඩදාන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක ඕන්නැති කරදර ගොඩක් විහිං ඇතිකර ගැනීමක්. කුතුහලය අවුස්සන දේවල් තමයි. ඒත් අත්ඇරල දාන්න.
අනික පෙර ආත්මෙ ගැන දැනගන්න කියල කොහොමටවත් මෝහනේ වෙන්න යන්න එපා. මං කියවල තියෙන විදිහටනං මෝහනේ වීම කියන්නෙ ලොකු අනතුරක්. කෙනෙක් මෝහනේ වෙලා ඉන්න වෙලාවට තරං එයාගෙ හිත වෙන මොනම අවස්තාවකදිවත් දුර්වල නෑ.
ඔව්..ඒක ඇත්ත..ඔයා හරි..මම මගෙ ඉහත ආත්මෙ දෙමාපියො කවුද කියල දැනගන්න භයයි..මෝහනය වෙන්න ඊටත් වඩා භයයි...
Deleteමට නම් දැන් බයත් හිතෙනවා.. අපි දෙන්න ගිය ආත්මෙක යාලු වෙලා හිටිය කිව්වෝත්
ReplyDelete:ඕ
බයවෙන්න එපා..මම කරදරයක් කරන්නෙ නැහැ..ඉථිපිසෝ ගාථාව කියල නිදාගන්න..!
Deleteමට හිතෙන්නේ ඒ ඔයා. ඔයා ටිකක් හොයල බලන්න ඒ නැතිඋන දරුවා ඇඳන් හිටිය ඇඳුම් වලට අමතරව එහෙම ඇඳුමක් (ඔයා ඇඳන් හිටිය විදියේ) ඒ බබා ගාව හරි කවුරු හරි ගාව හරි තිබ්බද කියල. බොහෝ වෙලාවට එහෙම කෙනෙක් නැති උනාම එයා ඒ පුරුදු නිවෙසට එනවලු. ඔයා ඒ ටික විතරක් හොයල බලන්නකෝ. මට තියනවා දෙයක්, මම සමහර වෙලාවට හීනෙන් ඉස්සරහට වෙන්න තියන දේවල් දකිනවා විනාඩියක් විතර වෙලාවක්. ආපහු කාලෙක, ඇත්තටම ඒ සිද්ධිය සිද්ද වෙනකොට මට තේරෙනවා මෙතන මෙහෙම නේද දැන් වෙන්නේ කියල. ඒ එක්කම ඒ දේ වෙනවා.
ReplyDeleteමේ සිද්දියට දැන් අවුරුදු 35 ක් විතර වෙලා..ඊටත් වැඩී වගේ...
Deleteකාටවත් මතක හිටින එකක් නැහැ ඒ වගේ දේවල්...වැඩිය නෙවේ ඒ මම කිව්ව දවස් වල උනත් අම්මල උනන්දු උනේ නැහැ ඒ තරම් මොකද මට වයස 5 ක් කියන්නෙ සිද්දියට අවුරුදු 20 ක් පහු වෙලා....පුදුම වැඩේ කියන්නෙ ඒක මට තාමත් අමතක කරන්න බැරි එක....
ඔයා හිතන්නෙ මම ඒ මැරුන ලමයා කියලද? ඔයාගෙ කොමන්ට් එක දැක්කාම මට එක විශේෂ දෙයක් මතක් උනා....මොකක්ද දන්නවද?
මම කිව්වනෙ මම අම්මගෙ දකුනු අතේ එල්ලිලා ඒ ගෙදරට ගියෙ කියල...ඇත්තටම මට මතක නැහැ කොහේ ඉඳන් මම අම්මගෙ අතේ එල්ලිලා ගියාද කියල....ඒ ගෙදර සාලෙට ගොඩවෙන්න පඩි දෙකක් තිබුන මිදුලෙ ඉඳන්..මට මතක..ඒ වගේම මට මැවිල පේන්නෙ මම අම්මගෙ අතේ එල්ලිලා මිදුලෙ ඉඳන් ඒ පඩි දෙක නැගල සාලෙට ඇතුල් උනා..එතකොටම ලොකු අම්ම මහා හයියෙන් කෑගහල ඇඬුව...ඊට පස්සෙ තමා ඔය මම කියන ඉතුරු දේවල් දැක්කෙ.......
හොඳයි මෙහෙම හිතමු..මම ඒ මැරුන ලමය කියමු..අපේ අම්මගෙ අතේ එල්ලිලා මම එදා ඒ ගෙට ඇතුල් උනා කියමු...එතකොට මම මේ ඉන්න මම අම්මගෙ බඩේ ඉපදිලා තියෙන්නෙ ඊට අවුරුදු 15 කට පස්සෙ...හරි?
මම අහන්නෙ එතකොට මම ඔය අවුරුදු 15 උන්නෙ කොහෙද????
හරි. මගේ කතාවට ඔයා කියන ටික ගොඩක් වැදගත් කියල හිතුනා. මෙහෙමයි, ඔය වගේ දෙයක් උනාම කෙනෙක් ඉන්නේ ගන්දබ්බ කියන අවදියේ, ඒ කියන්නේ මරණින් මතු ගත කරන කාලයට බුදුදහමේ කියන වචනය. ඉතින් මේ ගන්දබ්බ්යන් බොහෝ වෙලාවට අර මම කිව්වා වගේ තමන්ගේ නිවස ඇතුළු තැන්, තමන්ගේ සොහොන ආදිය ළඟ ඉන්නවා. තවත් සමහරු ඔහේ පාවෙලා යනවා. ඉතින් ඔවුන් අම්ම කෙනක් විදියට නැවත උපදින්න මවු කුසක් දැක්කම ඒ කෙනා පසුපස්සේ යනවා. ඒ කෙනා කුසක් දරාගත්තම නිසිකාලයේ ගන්දබ්බය ඒ කුසේ පිලිසිදෙනවා. ඒ කියන්නේ කුසේ ඉන්න දරුවා තමන් බවට පත් වෙනවා. ඔයා කියන කතාවෙන් මට හිතෙන්නෙත් එහෙමයි. ගොඩක් ළමයින් මේ සිද්ධි කියන්නේ වයස 3 ත් 5 ත් අතරේ දී. ඉතින් මට එහෙමත් හිතුනා.
Deleteමේ මහාචාර්ය ඉයන් ස්ටේවන්සන් ඒ ගැන ලියපු පොත් පුළුවන් නම් කියවන්න, ගොඩක් ඔය වගේ සිද්ධි තියනවා. http://en.wikipedia.org/wiki/Ian_Stevenson
@ක්සැන්ඩර් | Xander - මටත් ඔය වැඩේ සෑහෙන්න වුනා.දැන්නම් ටික ටික ඒක මඟ ඇරිලා....
Deleteමටනම් තවම තියනවා, සමහර වෙලාවට එක සිද්ධියක්ම පේනවා, එත් කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නෑ. ඔහොම ඒ දේ වෙච්ච කෙනෙක් ඇර. ඇයි කියල දන්නවද?
Deleteඔයා කිව්ව දේම තමා මාත් හිතන්නෙ කවුරු විශ්වාස කලත් නැතත්....මට මතක අනිත් සිද්දියත් ලියන්නම්කො..මේ දවස් වල කිසිම දෙයක් ලියන්නවත් බ්ලොග් වලට එන්න වත් හිතෙන්නෙ නැහැ..මට මොකක්ද වෙලා ඔබා මාමගෙ නැතිවීම ඇහුවට පස්සෙ..මට තාත්ත නැති උනාට පස්සෙ දැනුන කම්පනය නිසා දැන් මෙහෙම දැනෙනව ඇති.(මම හිතනව.)
Deleteඅපි අහමු නිසූපා අක්කිගෙන් එයාගෙත් අදහස් මොනාද කියල..ඔයාගෙ මතකය ගැන..
හ්ම්ම්ම් තව දෙයක් කියන්න ඕනෙ..මම හරිම අස්වාභාවික මතකයක් තියාගෙන ඉන්න කෙනෙක් කියල අම්මල කියනව..මොකද මම මතක තියන් ඉඳල කියන සමහර සිදුවීම් සිද්ධ වෙලා තියෙන්නෙ මට වයස අවුරුද්දෙ දි..මාස 18 වගේ කාල වලදි ලු....මේ නිසා මම බැනුම් අහන වෙලාවල් අනන්තයි..ඒත් මම මොනා කරන්නද මට මතක තියන දේවල් මම කියන්නෙ...:):)
හ්ම්ම්.. ඔයා අහල තියනවද අස්ට්‍රල් බොඩි ට්‍රැවලින් එකක් ගැන? NDE (Near Death Experince ) ගැන? එහෙම නැත්නම් සර්ජිකල් ඩෙත් ගැන? මේ හැම එකෙන්ම වෙන්නේ එකක්. ඒ අපේ මනෝමය ශරීරය යම්කිසි විදියකින් අපේ ඇගෙන් එලියට ගිහින් ඒ දේවල් බලාගන එන එකත් ඒ බැලුව දේ මතකයන් විදියට අපිට ඉතුරු වෙන එකත් කියන දේ. මට මේ දේ පැහැදිලි කරන්න අමාරුයි මෙතන. එත් මට හිතෙන්නේ ඔයාගේ ඒ සිද්ධි ඒ වගේ දේවල් ගොඩක් එක්ක බැඳිලා තියනවා කියලයි
Deleteඔව්.ඔව් මම අහල තියනවා..මට මහ විකාර දේවල් අප්පා මතක තියෙන්නෙ...
Deleteආආ..අපේ නංගි කෙනෙක් ලිඳකට වැටුනා.ගොඩට ගත්තට හැමෝම හිතුවෙ මැරිල කියල.ඒත් හොස්පිට්ල් එකේදි පන ආවා..අපි එයාගෙන් ඒ ගැන ඇහුවාම කියන්නෙ,එයාව ලිඳට වැටුනා මතකලු..ඊට පස්සෙ ලස්සන ලස්සන එලි දැක්කලු..ඊට පස්සෙ ලස්සන සුරංඟනාවියන්ව දැක්කලු..අම්මෝ ජීවිතේ හරිම පුදුමාකාරයි...මරණය ඊට වඩා පුදුමයි.....(මට ඒ දවස් වල හිතුනා ලිඳට පැනල බලන්න සුරංඟනාවියො ඉන්නවද කියල..හික්ස්.)
NDE එකක්. හ්ම්ම්.. ඕක මෙතන කියන්න ගියොත් මගේ කොමෙන්ට් වෙනම පොස්ට් එකක් වෙයි. :)
Deleteලියන්න ලියන්න පෝස්ට් එකක් ඔයාගෙ බ්ලොග් එකේ...මෙතනම තියනවනෙ උදාහරන කීපයක්...මමත් ආශයි ඒ වගේ දේවල් දැනගන්න කියවන්න......
Deleteහ්ම්..... අම්මගෙන් තව විස්තර ඇහුවානම් හරි කොහොම හරි. ඔහොම කුතුහලේ තියාගෙන ඉන්න පුලුවන්යෑ...
ReplyDeleteඅම්මලගෙන් අහල වැඩක් නැහැ අක්කෙ....එකම දේ තමා කියන්නෙ..එයාල උනත් දන්නව මෙතන ඇත්ත සිද්දිය මොකක්ද කියල මම හිතන විදියට..ඒත් ඒක කියන්නෙ නැහැ..එයාල කැමති නැහැ..තාත්ත ඉන්න කාලෙ ගෙදර මේ ගැන කතා කරන්නත් තහනම් කරල තිබ්බෙ.....
Deleteමම නම් ක්සැන්ඩ‍්ර එක්ක 100% එකඟයි.මම හිතන්නෙනම් ඒ ඔයාම තමයි.ඒ හින්ද තමයි ඔයා අම්මත් එහෙ එක්ක පොඩි කාලෙ ගියාවගේ මතක හිටල තියෙන්නෙ.මොකද මැරුනු ළමය මැරිල තියෙන්නෙත් පොඩිකාලෙදි නිස්සාත්,එයා මිය යනවිට එයා පොඩි ළමයෙක්ස සිටිබව එයාගෙ හිතේ දැඩිව තැම්පත් වෙන හින්ද තමයි ඔයාට ඒවිදිහට මතක හිටින්නෙ.
ReplyDeleteවින්චැට් ඔයාඉනෙ France වලද?
මම නම් ක්සැන්ඩ‍්ර එක්ක 100% එකඟයි.මම හිතන්නෙනම් ඒ ඔයාම තමයි.ඒ හින්ද තමයි ඔයා අම්මත් එහෙ එක්ක පොඩි කාලෙ ගියාවගේ මතක හිටල තියෙන්නෙ.මොකද මැරුනු ළමය මැරිල තියෙන්නෙත් පොඩිකාලෙදි නිස්සාත්,එයා මිය යනවිට එයා පොඩි ළමයෙක්ස සිටිබව එයාගෙ හිතේ දැඩිව තැම්පත් වෙන හින්ද තමයි ඔයාට ඒවිදිහට මතක හිටින්නෙ.
ReplyDeleteවින්චැට් ඔයාඉනෙ France වලද?
ගොඩාක් ස්තූතියි ඉශාන්...මම ඉන්නෙ ෆ්‍රාන්ස් වලට දකුනින්....
Deleteඉහත ආත්මෙ කියල කිව්වෙ මේකයි එහෙනම්.... ඔහොම එකක් මට උනා නම් මං කොහොම හරි මොනවම හරි හොයාගන්නවා කියල මේක කියවනකොට මට හිතුනා.... ඒ උනාට ආයෙම මතක් උනා මගේ ලොකු දුවත් මෙහෙම එකක් කිව්ව නේද, අපි ඒක එහෙමම එයාට අමතක වෙන්න ඇරියා නේද කියලා... කොහොමද අපි අම්මල තාත්තල උනාම හිතන විදියෙ වෙනස... මට ඔය වගේ කතා ගැන මුලින්ම අහපු කාලෙ ඉඳලම තිබ්බෙ පුදුම කුතුහලයක්... ඒත් මගේ අතටම අවස්ථාවක් ආව වෙලාවෙ මං ඒකට බය උනා..... ඔයාගෙ දෙමව්පියොන්ටත් එහෙම හිතෙන්න ඇති....
ReplyDeleteතව සිද්දියක් මතකයි අමතක කරන්නම බැරුව හිතේ...මම හිතා ගත්ත කවද හරි ලොකු උනාම හොයා ගන්නව කියල..ඉතින් කොහෙද ලොකු කාලෙ දැන් මෙහෙනෙ..රකුසට කිව්ව උදව්වක් ගන්න බලාගෙන මොන පිස්සුද බොරුවක් කියල මග ඇරිය...
Deleteඅපේ අම්මලත් කැමති නැහැ මම ඒවා මතක තියන් ඉන්නවට........
අනිත් සිද්දියත් ඉක්මනින්ම ලියන්නම් මම වැඩ ගොඩක එරිලා අනේ......:(:(
ප්‍රශ්නාර්ථයකින් හිත රිදුම් දෙන කතාවක්........මුකුත් හිතා ගන්න බැරුව අතර මගදි නැවතුණහම?
ReplyDeleteහ්ම්ම්ම්...මෙහෙ ඉන්න නිසා මොකුත් කරන්න විදියක් නැහැ...ලංකාවට ආවාමත් මට ඉතින් තනියම දෙයක් කරන්න කියන්න ඉඩ දෙන එකක්යැ.....:(:(
Deleteඇයි ඔයා ලොකු අම්මගෙන් අහන්නෙ නැත්තේ ?
ReplyDelete