My Blog List

Sunday 13 May 2012

ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

23 comments:

  1. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
    Replies
    1. මම ඔබා මාම ව දන්නෙ බ්ලොග් වලින් විතරයි..මම එයාට හිතින් ගොඩාක් ගරු කලා...මීට වඩා දෙයක් ලියන්න අමාරුයි..මම තාමත් අදහ ගන්න බැරුව ඉන්නෙ........

      සුභ ගමන් ඔබා මාමේ....!!!

      Delete
  2. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
    Replies
    1. දිනේශ්..මම අද උදේ මුලින්ම දැක්කෙ ඔයාගෙ බ්ලොග් එක..මුලින්ම දැක්ක වචන ටිකට මගෙ කට කොනකට හිනාවක් ආව..මං හිතුවෙ ඔයා 'ඇමරිකාවෙ කෙනෙකුට' උපහාසයෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්නෙ කියල...ඒත් ඊගාවට දැක්ක දෙයින් මම ෂොක් උනා....මට ඇඬුනා....

      Delete
  3. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  4. වැඩ ඇරිල ආව විතරයි...දැක්කෙ මේක....තාත්ත කෙනෙක් වගේ හිටපු හෙඩ් චෙෆායි...සහෝදරයො වගේ හිටපු තව හිතවතුන් දෙන්නෙකුයි කුස්සිය දාල ගියා අද..රෑ වෙනකොට ඔබා මාමත් යන්න ගිහින්.හැම දාටම..ජීවිතෙන් බාගයක්ම පාලු වුනා වගේ..

    ඔබා මාමට නිවන් සුව!

    ReplyDelete
  5. ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  6. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  7. ඇසට කඳුළක් නොනැගෙන්න තරම් අපි අසංවේදී මිනිස්සු නෙවෙයි....
    ඒත් ඔබා අයියා ඒ ගමනත් යන්න ඇත්තෙ හිනාවෙවී....

    සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්......!!!!

    ReplyDelete
  8. " ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.

    ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ උපකාරයක් උනා.

    මම යුද්දේ ගැන ලියද්දි සමහර දවස්වලට ඔබා මාමා ඒ ලිපිවලට කොමෙන්ටුවක් දාලා යන්නේ වැරද්දක්, අඩුපාඩුවක් තියේනමි එක ගැනත් අවධානය යොමු කරවලයි. ඉතිං ඔබා මාමෙි ඔයා දැන් අපි ලියන දේවල් කියවන්න එන්නේ නැති උනාට තරහක් නැහැ. මොකද ඔබා මාමා අපි අතරේ හැමදාම ඉන්න නිසා.

    මෙි ලෝකයේ හතරදිග් භාගයේ ඉදලා බිලොග්කරණයේ යෙදෙන හැමෝම අද ඔබා මාමා වෙනුවෙන් දුක් වෙන්නේ ඒ ඔයා අපිට ඒතරමිම වටින කෙනෙක් නිසයි. ඔබා මාමෙි ඔයා අපි ලග නැති අඩුව හැමදාම අපේ හිත්වල තියේවි.

    සොදුරු මිනිසාණනී ඔබට මොක්සුව.....!!!

    ReplyDelete
  9. මමත් දැක්කේ පොඩිමෑන් තියපු සටහනකින්..මට අදහාගන්නත් බැරි උනා. ජීවිතේ හරිම පුදුමයි..ඔබා මාමට නිවන් සුව ලැබේවා.!

    ReplyDelete
  10. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  11. "ඔබා මමාට නිවන්සුව " කියල උදේ දැක්කම හිනා වෙලා වැඩ පටන් ගත්තු මම හිතුවේ තව කාගේ හරි විහිළු පොස්ට් එකක් වෙන්න ඇතියි කියල.අද උදෙත් කිහිප දෙනෙකුගේ පොස්ට් වලට කමෙන්ට් දාල තිබුණු ඔබා මාමා ඊට ටික වෙලාවකින් ඇත්තටම යන්න ගිහින්. කොහොම විශ්වාස කරන්නද? මගේ හිත තවම අදහන්නේ නෑ ඔහු ගියා කියල.

    ඔබා මාබේ ඔබට නිවන්සුව!!..

    ReplyDelete
  12. මට ඇයි මේ දුක කියලා තේරෙන්නේ නැති තරම්. මගේ හිත මේ වගේ සසල උනු දවසක් මතක නැති තරම්....මම මේ දැන් ඔහුගේ නිවසට කතාකලා. ඔහුගේ ආදරනීය බිරිඳ කතා කරද්දී, මට කරන්ට පුලුවන් උනේ හැඬීම පමනයි.

    ඔහුට නිවන් සුව පතනවා හැර වෙන යමක් කීමට හිත දෙන්නේ නෑ.
    ඔබා, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි.. මම මල ගෙදරක ගියාම කවදාවත් අඬන්නෙ නැති කෙනෙක්...තාත්තගෙ මල ගෙදරදි ඇති තරම් ඇඬුව මතකයි....ඒත් මටත් හිතා ගන්න බැරි ඇයි මම මේ තරම් සසල වෙලා ඉන්නෙ කියල...මේවා දකින දකින ගානෙ මට ඇඬුම් එනවා....

      Delete
  13. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  14. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  15. ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  16. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  17. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    ReplyDelete
  18. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
  19. පෝස්ට් ඔක්කොම බලාගෙන බලාගෙන යද්දී දන්නෙම නැතුව ලැප් එකේ ස්ක්‍රීන් එක බොඳ වෙලා ගිහින් :(

    ඔබා මාමාට නිවන් සුව ලැබේවා....!

    ReplyDelete
  20. අදහන්න අමාරු ඇත්තක්. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව,

    ReplyDelete