My Blog List

Monday 30 April 2012

චිම්පන්සි ආණ්ඩුව..!!



එක වතාවක් අපි ලංකාවට ගිය වෙලේ සත්තු වත්තට ගියා.. සත්තු බලන්නම නෙවේ නිකම් දවස ගත කරන්න හිතාගෙන..මම, අම්මා, අයියල,මාමලගෙ පුත්තු,තව යාලුවො....
සත්තු වත්තට ඇතුල් වෙලා ටිකකින් අපි නතර උනේ අර චිම්පන්සි ඉන්න තැන..ඔයාල දන්නවත් ඇති වාහන නතර කරන තැනට හරිම කිට්ටුවෙන් චිම්පන්සි ඉන්න තැන තියෙන්නෙ....මම සත්තුන්ට ගොඩාක් ආදරේනෙ,වඳුරන්ට,චිම්පන්සියොන්ට විශේෂයි..පොඩි කාලෙ තාත්ත වඳුරු පැටව් ඇති කලා ගෙදර කිහිප වතාවක් මම නිසා..
ඉතින්..ඔන්න අපි චිම්පන්සි ඉන්න තැනට කිට්ටු උනා..එයාල උන්නෙ පහලක අපි උඩ ඉඳන් බලන්න ඕනෙ...එතන උන්න චිම්පන්සි 4 දෙනෙක් (ජෝඩු 2 ක්.)
චිම්පන්සියගෙ ගෑනු සතාට මොකක් කියලද කියන්නෙ?..මම දන්නෙ නැහැ..ඒ නිසා අපි 'චිම්පි කෙල්ල' කියමුකො..අනික මෙයාල මැරි කරල නැහැනෙ ලිවින් ටුගෙදර් නෙ.....:):)
ඉතින් අපි අර තාප්පෙ ගාවට ගිහින් පහල බලද්දි මෙන්න මෙහෙම තමා මම දැක්කෙ....
එක ජෝඩුවක් ටිකක් උස් බිමක ලංවෙලා ඉඳගෙන උන්න..ඒකෙ චිම්පි කොල්ල කෙල්ලට හෙන සයිස් ලෙක්චර් එකක් දෙනව..හෆ්ෆා...!! චිම්පි කෙල්ල ලොකු වැරැද්දක් කලා වගේ ඔලුව පාත් කරන්, කර බාගෙන අහගෙන ඉන්නව..චිම්පි කොල්ල කෙල්ලගෙ උරපත් වලට අත තියාගෙන කියවනව..කම්මුල් වලට අත තියල කියනව..මූණට එබීගෙන කියනව..ඊට පස්සෙ තරහින් කෙල්ලව තල්ලු කරනව..ආයෙත් කෙල්ලව අත්දෙකෙන්ම අල්ලගෙන කියවනව..ඊට පස්සෙ තුරුල් කර ගන්නව..ආයෙමත් කෙල්ලව අත්දෙකෙන් අල්ලල හයියෙන් හොල්ලනව..හෆ්ෆා..එතන එකම ජංජාලයයි...!!!!


ඊගාවට එතනින් පහල උන්නෙ අනිත් කපල් එක..මේකෙ කොල්ල ටිකක් හැඩි දැඩි නපුරු පාටයි..මේ 4 දෙනාගෙන්ම ලොකුම පෙනුමක් තිබුනෙ මෙයාගෙ..මෙයාගෙ එක අතක තිබුනා වතුර ටිකකුත් එක්ක ලොකු ප්ලාස්ටික් බෝතලයක්..අනෙක් අතේ ඒ බෝතලේ මූඩිය..!  (එතන උන්න පිරිමි ලමයි කට්ටියක්..එයාල තමා මේ බෝතලේ චිම්පි කොල්ලට දීල තියෙන්නෙ.)
ඉතින්..චිම්පි කොල්ල වතුර බෝතලේ රස කර කර බොනව..අනේ එයාගෙ චිම්පි කෙල්ල පොඩි දරුවෙක් වගේ ලඟට වෙලා අත්දෙකම දික් කරන් එයාටත් බොන්න වතුර ඉල්ලනව..ඔන්න එකපාරම චිම්ප තල්ලු කරල දැම්ම කෙල්ලව පැත්තකට..!!
දැන් කෙල්ල ආයිමත් චිම්ප ලඟට ගිහින් වැඳ වැටෙනව වගේ..තොල්දෙක උල් කර කර..ඔලුව පැත්තකට හරවගෙන..මොන මොනවද මුමුන මුමුන වතුර ඉල්ලනව..!!
චිම්ප නෙවේ කෙල්ල දිහා හැරිල බලන්නෙ..එයා රස කර කර වතුර එක බොනව..!!
ඊට පස්සෙ චිම්පි කෙල්ල කට උල්කරන් මොනාද කියන ගමන් කොල්ලගෙ වතුර බෝතලේ තිබුන අතින් ඇල්ලුව..
''..පටාස්ස්ස්ස්ස්...''......අනේ කෙල්ලට වැදුන පාරක් වීසිවෙලා යන්න...!!
කෙල්ලටත් ලැජ්ජාවක් නැද්ද මන්ද චුට්ටක් බලන් ඉඳල ආයෙමත් ඔන්න චිම්පට ලං උනා...එතකොට චිම්ප ඔක්කොම වතුර බීල ඉවරයි..! අර අනික් අතේ තිබ්බ මූඩියෙන් ලස්සනට ආපහු වැහුව ඒ හිස් බෝතලේ, දුන්න ඒක චිම්පි කෙල්ලගෙ අතට.......ග් ර් ර් ර් ර් ර් ර්..!!
අනේ කෙල්ල ඒක දෙතුන් පාරක් හරව හරව බලල පැත්තකට විසි කලා...!


එදා ඔය වෙලාවෙ මගෙ අතේ තිබුන ලොකු කොකා කෝලා බෝතලයක්..ඒක මම ගෙදරදි ෆ්‍රීසර් එකේ මිදෙන ගානට කූල් කරල කුල් බෑග් එකක දාගෙන ගිහින් තිබ්බෙ..මම හෙමින් බෝතලේ අතට අරන් චිම්පි කෙල්ලට කතා කලා ෂ්.ෂ්.ෂ්...!! කෙල්ල දුවගෙන ආව මම උන්න තැනම පහලට..දැන් ඔන්න අත්දෙකම දික් කරන් කට උල්කරගෙන මොනාදෝ මුමුනනව.. හිඟන්නියෙක් වගේ කොකා කෝල බෝතලේ ඉල්ලනව...හරියට නිකම් දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනව වගේ........


අපේ අම්ම දැන් දන්නව මම මේක දාන බව පහලට..''..අනේ බුදු අම්මේ එපා..අනේ ඕක නම් දාන්න එපා..එපා එපා..ඔන්න සිකියුරිටි එකෙන් එනව දැන්..අපිව අල්ල ගනීවි...පොලිසි යන්න වෙනව අද නම්...පොඩි පුතේ..! උඩ බලාගෙන ඉන්නෙ උදුර ගන්නව ඔය බෝතලේ..!!..''


එයා කොහෙද මගෙන් දේවල් උදුර ගන්නෙ....මම තද කරල බෝතලේ තුරුල් කර ගත්ත..
ලොකු අයිය උන්නෙ ඊට ටිකක් ඈත එයාගෙ යාලුවොත් එක්ක..එයා එතන උන්න නම් කොකා කෝල බෝතලේ එයාගෙ අතට යන්නෙ මගෙ කනත් එක්කම.....


අම්ම හනිකට හනිකට ගියා ලොකු අයිය ඉන්න පැත්තට..පැමිනිල්ල දාන්නද නැත් නම් අයහපත් තත්වයෙන් මග අරින්නද දෙවියො දනී..!!

අම්ම ගියා දැක්ක විතරයි  කොලු නඩේ කෑගහන්න ගත්තා...
''...නංගී. දාන්න ඕක..''
''...නංගී අරූ ලඟට එන්න කලින් දෙන්න ඕක..''
''...මුඩිය එකපාරක් කරකවල බුරුල් කරල දෙන්න...''
''...පව් නංගී ඕක දෙන්න ..දෙන්න..''


මම චිම්පි කෙල්ල දිහා පහල බැලුවා..අනේ ඒ මූණෙ තිබුනෙ හරිම දුක්මුසු බැගෑපත් පෙනුමක්...හරියට නිකම්...''අනේ මට ඕක දෙන්න..මට ගොඩාක් වතුර තිබහයි..'' කියනව වගේ...
මම ආයෙමත් පොඩි අයිය දියා බලද්දි එයා හෙන සැර පාරක් දැම්ම.''...ඕක දානව නම් දානව.මෙතන ලත වෙවී ඉන්නෙ නැතුව..''


ඕ.කේ.....මම අත ඇරිය කොකා කෝල බෝතලේ පහලට...චිම්පි කෙල්ල ''දඩොග්'' ගාල අත් දෙකින්ම ඒක අල්ල ගත්තා...


ඊට පස්සෙ තමා හොඳම හරිය...!!!!!


රටක් රාජ්‍යයක් ලැබුන වගේ චිම්පි කෙල්ල තව පාරක් මා දිහා බලල බෝතලේ මූඩිය අරින්න කැරකුවා විතරයි..අඩියට දෙකට පැනගෙන ආව අර තඩි චිම්පා..!!


පැනපු ගමන් කෙල්ල අතේ තිබ්බ බෝතලේ උදුර ගත්ත..මූඩිය ගලවල චිම්පි කෙල්ලගෙ අතට දීල,බෝතලේ කටේ තියන් ගිඩි..ගිඩි..ගිඩි..ගාල බොන්න පටන් ගත්ත කොකා කෝල..!!


මම වටපිට බැලුවෙ කවුරු හරි උදව්වට වත් ඒවිද කියල...වටේ උන්න කොලු රැළ පටන් ගත්ත සංස්කෘතික කියන්න.....


''...අඩෝව්..%&&ස්ස්@@//(££!!??..@@££((=?(/&%%...''


''...පෙරේතයා..!! දීපන් ඕක ගෑනිට...%%=))(/$£..??''


හ්ම්ම්ම්ම්ම්ම්..මිනිත්තු 5 ක් යන්න නැතුව ඇති..තඩියා බෝතලේ බිංදුවටම හිස් කලා..ඊට පස්සෙ අහිංසක චිම්පි කෙල්ලගෙ අතේ තිබ්බ මූඩිය උදුරල වගේ අරන් ආයෙමත් තිබුන වගේම අපූරුවට වහල හිස් බෝතලේ කෙල්ලගෙ අතට දුන්න..!!!!


මෙතනින් එහාට මොනා ලියන්නද??????????

71 comments:

  1. අෆ්ෆා... පව් අනේ චිම්පි කෙල්ල. මට නං දුක හිතුනා එයා ගැන.

    මමත් එතන හිටියනං කරන්නෙ %&&ස්ස්@@//(££!!??. තමා :-)

    ReplyDelete
    Replies
    1. අපි වෙන මොනා කරන්නද රජතුමෙනි.? මාත් හිතින් &&/%$%$%&%)()/..කිය කිය තමා එතනින් යන්න ගියෙ......

      Delete
  2. /*මම සත්තුන්ට ගොඩාක් ආදරේනෙ,වඳුරන්ට,චිම්පන්සියොන්ට විශේෂයි. */


    ඇයි අර රකුස්ට?

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම්..!! ඇයි රකුසන්ට..!!

      Delete
  3. එදා නේද අර සූ එකේදි ඔයාව මාරු වුනේ...
    මොනව උනත් පින් අතේ වැඩක කරල තියෙන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එදා තමා....වයර් මාරු උනාම තමා මම පිං කරන්නෙ....:)

      Delete
  4. චැහැ පෙරේත චිම්පියෙක්නේ
    කතාව නිකන් වීඩියෝ ක්ලිප් එකක් වගේ මැවිලා පෙනුනා හිහි

    ReplyDelete
    Replies
    1. මට තාමත් ඒ සිද්දිය මැවිල පේනවා..අර අහිංසක චිම්පි කෙල්ලව....:(

      Delete
  5. සිකේ හරිම කැතයි චිම්පගේ වැඩ...පුදුම බේබද්දෙක් නේ.

    ආ ඒක නෙවෙයි චිම්පන්සිගේ ගෑනු සතා ට කියන්නේ "චිම්පන්සිනී" ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ඌ නම් චිම්පන්සියෙක් නෙවේ අලුගෝසුවෙක්..! ''චිම්පන්සිනී'' වාව් ඒ නම ලස්සනයි...:)

      Delete
  6. චින්පන්සියො අතර තදේටම පුරුෂාධිපත්‍යය තියනව වගේ නේද?
    ඔයාට තිබ්බනෙ වින්චැට් චිමපි කෙල්ලට සම අයිතිවාසිකම් ඉල්ලල උද්ගෝෂණය කරන හැටි කියල දීල එන්න. :D

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තටම එහෙම කරන්න තිබ්බ නම් කොච්චර හොඳද.....

      Delete
  7. හම්මියෝ කිරිල්ලි ලංකාවට ආව වෙලාවේ නෑයොන්ව බලන්නත් ගියාද...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව වරිගයා අමතක කරනවද මම එහෙම..?

      Delete
  8. පව් අප්පා චිම්පි කෙල්ල...
    කතාව මැවිලා පේන ගානට ලස්සනට ලියල තියෙනවා කිරිල්ලි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..පව් තමා.ඒ කෙල්ලට කන්නවත් ඉඩ දෙන්නෙ නැද්ද දන්නෙ නැහැ ඒ මරුමුස්..!

      Delete
  9. මේ සත්තු වත්තට අපේ පොඩි කුමාරිහාමි අක්කව ගිහින් අතාරින්න ඕනේ එයා ගානට කස්ටියව හදලා ගනී හි හි මම හිනාවෙවි කියෙව්වේ සීන් එක මාර ලස්සනට ලියලා තියෙනවා... කොල්ලෝ ටික මරුවට අමතන්න ඇති අරූට... මරු ඈ යකෝ බලාගෙන ගියාම අපි හොඳයිනේ(හොඳ වැඩියි)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඒ වගේ වැඩකට යනවා නම් මාත් යනව එයා එක්ක....මෙයාලව හදල ගන්න ඕනෙ...අපි හොඳයිනෙ කිව්වෙ..? මේ..මේ අපි නෙ? .:)

      Delete
    2. ගැමියෝ දැන්වත් තේරෙනවද අපි මේ කෑගහන්නේ මොකද කියලා. වතුර උගුරකට අනේ. :D:D:D

      යමු කිරිල්ලියේ පොලීසි ගියත් ඔය චිම්පව අල්ලලා කොහාට හරි වීසි කරමු.:)))

      Delete
    3. අනේද කියන්නෙ..වතුර උගුරකට...ඔව් එන්න ඔය වගේ චිම්පන්ව තියල වැඩක් නෑ....

      Delete
  10. මේකෙ මොකක් හලි ටියෙනෝ......මං ටාම මඩුලු කොයිල් අප්ප....o.O

    ReplyDelete
    Replies
    1. තියනව..තියනව..කොයිල් ටික පිච්චුනාට පස්සෙ බලන්නකෝ.....:):)

      Delete
  11. මම හිතුවෙ අක්කා බ්ලොග් කියවන්නියක් කියලා... නිකමට වගේ ප්‍රොෆයිල් එකට යද්දී දැක්කේ බ්ලොගේ... දැං ඉතිං මුල ඉදංම කියවගන එන්නම්කෝ.......

    ReplyDelete
    Replies
    1. ඔයාල මගෙ බ්ලොග් එක කියවගෙන ආවනෙ මල්ලි...අහ් සමහර විට ඔයා නෙවේ වෙන්න ඇති ඔතන කට්ටියක් ඉන්නවනෙ...මාත් ඔයාලගෙ බ්ලොගේ කියවනව ඒත් කොමෙන්ට්ස් නම් දැම්මෙ නැහැ කාලෙකින්.......

      Delete
  12. චිම්පි කෙල්ලොත් විමුක්ති සංගමයක් හදාගත්තොත් තමා වැඩේ :0

    ReplyDelete
  13. //.ඒකෙ චිම්පි කොල්ල කෙල්ලට හෙන සයිස් ලෙක්චර් එකක් දෙනව..හෆ්ෆා...!! චිම්පි කෙල්ල ලොකු වැරැද්දක් කලා වගේ ඔලුව පාත් කරන්, කර බාගෙන අහගෙන ඉන්නව..// මේවා ඉතිං තේරෙන්නේ තව වරිගේ අයටම විතරයි. අපිටනම් තේරෙන්නේ නැහැ.

    අද පොස්ට් එකනම් නියමට ලියල තියෙනවා රූප මැවෙන ගානට. වෙනසකටත් එක්ක මේ වගේ කතා දන්නා ගාතියක්‌ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට හොඳට තේරෙනව වරිගෙ ඇත්තන්ගෙ කතා බහ....

      Delete
  14. ඇත්ත ඇත්ත.. අපි අපේ නෑදෑයන්ට ආදරේ කරන්න ඕන... :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...එයාල නැත් නම් අපිත් නෑ....

      Delete
  15. අද පෝස්ට් එක නියමයි. මැවිලා පේනවා සීන් එක.
    සත්තුවත්ත ගැන කියෙව්වම පරණ මතක ගොඩක් ඇවිස්සුනා. අපේ ගේ තියෙන්නේ සත්තු වත්තට පිටිපස්සේ පාරේ. අපි කාලයක් සූ එකෙන් පැනල ආව ඉබ්බෙක්ව වත්තේ හංගගන හිටියා.

    ReplyDelete
    Replies
    1. ඉන්න අපි පොලිසියට කියන්නම්.

      Delete
    2. මට දවසක් හිතුන අර චුට්ටන් ඉබි පැට්ටෙක්ව අතේ තිබ්බ බෑග් එකට දාගෙන එන්න...කොහෙද අපේ අම්ම එක්ක බෑනෙ කිසි දෙයක් කරන්න.....:)

      Delete
  16. කොහේ ගියත් කොල්ලෝ ඔහොම තමා අප්පා. කෙල්ලෙකුට වතුර උගුරක්වත් දෙන්නේ නෑ...හී හී...

    ReplyDelete
    Replies
    1. ඕක වෙනස් කරන්න බැහැ පොඩ්ඩි මුල් වරිගයාගෙන් පැවතෙන දේවල්....:(

      Delete
    2. @podi kumaarihaami :
      ඔයාට ඉතින් හරි යන්නේ මීමැසි ජනපදයක් !!!
      ඔහේ ඒකේ රැජින වෙලා ඉන්ට !!!!

      Delete
    3. හරිය ට හරි. බලන් ගියාම කොල්ලෝ, චිම්පන්සියෝ කියලා වෙනසක් නෑ වගේ....... :D :D

      ~~**දඟ මල්ල**~~~

      Delete
    4. මධුරංග.......
      ඔව්..ඔව්...ඔයාල එතකොට ඒකෙ පරිවාර මී මැසි සේනාව..! නරක් වෙලා තියේවි..දවස ගානෙ මලින් මලට ගිහින් පැණි බීලා ගෙදර එන්න තියනව නම් නෙහ්..? හොහ්..හොහ්..හොහ් අනේ මගෙ කට..!! (අපේ සීයාආත්තා හිනා වෙන්නෙ එහෙමයි.)

      Delete
    5. ~~**දඟ මල්ල**~~~.....ඇයි ඇයි මොකෝ වෙනසක් නැත්තෙ..? චිම්පන්ව කූඩු කරල තියන්න පුලුවන්...:D:D:D:D

      Delete
    6. තොපි ඔක්කොම උපදින්න තිබුනේ අරාබියේ නොදකිං විතරක් අපි හොඳ වැඩියි

      Delete
    7. කාටද බොල අරාබියෙ ඉපදෙන්න කියන්නෙ? හුහ්..නරක් වෙලා තියෙයි රට ඉඳියි..ඔටු කිරියි......:DDDDD

      Delete
  17. අඩේ මාර චිම්පන්සි ජෝඩුවක් නේ. මම හිතන විදිහට චිම්පන්සි ගෑනු සතාට කියන්නේ "චිම්පි කෑල්ල" කියලා.

    ReplyDelete
  18. හනේ පව්, චිම්පන්සි කෙල්ල........ :( :(

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්..කූඩු වෙලා ඉඳගෙනත් දුක් විඳින්නෙ තමුන්ගෙම කෙනාගෙන්..!

      Delete
  19. ඔවුන් ඔහොම්මමයි.... පෙරේතයෝ.... ගෑනිට වතුර උගුරක්‌ දෙන්න බැරි මිනිහා මොකෙක්ද?
    මෙව්වා කියවද්දී අපිට තරහ යනවා හරිය...

    ReplyDelete
    Replies
    1. හා.හා..කම් ඩවුන්..කම් ඩවුන්...!! චිම්පන්සියො කුලප්පු උනොත් මෙතන විසුමක් වෙන්නෙ නැහැ..!! :D:D:D:D

      Delete
  20. පවුනෙ චිම්පන්සි කෙල්ල...:( චිම්පන්සියොයි කොල්ලොයි සමානයිනෙ..:D හික්ස්ස්...

    ReplyDelete
    Replies
    1. කොල්ලො = චිම්..! (ඔන්න මම මොකුත් කිව්වෙ නැහැ.) :D:D:D:D

      Delete
  21. හෙපා‍් අහිංසක වදුරෝ පිටින් දාලා කාන්තා විමුක්තිය ගැනද මන්ද කියන්නේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. වඳුරො..? අහිංසක..? කොහෙද උන් ඉන්නෙ..?

      Delete
    2. මේක කුමන්ත්‍රණයක් මචං!

      Delete
    3. අනේ යන්න මෙයා යන්න..අහිංසක අපිට පද හදන්නෙ නැතුව..! :D:D

      Delete
    4. ඔව් කස්ස මේක ප්ලෑන් කරල කරපු වැඩක්.

      පව් අර සත්තු !

      Delete
    5. හී..හී..හී ප්ලෑන් කරල කරනව නම් කරන්න වැඩ කොච්චර තියනවද මෙයාලා...:D:D

      Delete
  22. පව් අසරණී..මම හිටියනම් පෙන්වනවා එයාට ගැනියෙක්ගේ හයිය.චිම්පගේ වෙලාව හොදයි.

    ReplyDelete
    Replies
    1. ZOO එකේ නොවුන නම් හෙම, දෙනවා මාත් අලි ගල්ගෙඩි පාරක් ඔලු තට්ටෙ පැලිල පැණි හැලෙන්න..!!!!!!

      Delete
  23. සමහරවිට ඉස්සෙල්ල වතුර බෝතලෙත් චිම්පි කෙල්ලට දීල අර ඩයල් එක ඇවිල්ල උදුර ගත්තද දන්නෙ නෑ......මම අදමද කොහෙද මේ දිහාවෙ ආවෙ.....ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..ඒකත් එයා උදුර ගත්ත කියල එතන උන්න බෝයිස්ලා බැන්න....:(

      Delete
  24. ශෝයි ඔයා ලියපු විදිය.. :)

    ReplyDelete
    Replies
    1. හී.හී..තෑන්ක්ස්..මම දැක්ක දේ නිසා.........

      Delete
  25. චිම්පන්සියන්ට කොකා කෝලා දීම නම් කොහොමටත් අනුමත කරන්න බෑ....

    ReplyDelete
    Replies
    1. කොකා කෝලා සමාගම දැනගත්ත නම් මාව චිම්පන්සියොත් එක්ක තියල ඇඩ් එකක් කරනවා....:D:D:D:D

      Delete
  26. ලස්සනට ලියල තියනවා දුක හිතෙනවා කතාව කියවද්දී. ලියවිල්ල +1 ඒත් සිද්දිය ගැන නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. මට ඒ සිද්දිය හිතෙන් අමතක කරන්නම බැහැ..ටී වී එකේ උනත් චිම්පො දකිනකොට මම හොඳ උවමනාවෙන් බලන්නෙ එයාල ඇත්තටම එහෙමද හැසිරෙන්නෙ කියල....සමහර විට අපේ ZOO එකේ ඇති තරමට කෑම බීම දෙන්නෙ නැතුව ඇති එයාලට..ඒ නිසා ටිකක් ශක්තිමත් කෙනා අනිකගෙ ඒවා උදුර ගන්නවා වෙන්න පුලුවන්.ඒක මම දැක්ක විදිය මම ලිව්වෙ...ස්තූතියි ඔයාට..

      Delete
  27. wow .. බලන් හිටිය වගේ රුප මැවෙන්න කතාව ලියල තියනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මේ පැත්තෙ ආවට...හ්ම්..මම දැක්ක දේ ඔයාලටත් ඒ විදියටම පෙනුන නම් මට සතුටුයි.....

      Delete
  28. අද තමයි ගොඩ වැදුනෙ මේ පැත්තට කිරිල්ලිගෙ බ්ලොග් එකට...කතාව ලස්සනට ලියල තියෙනවා කිරිල්ලියෙ...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කිරිල්ලි ඔයාව ආදරෙන් පිලිගන්නවා...බලන්නකො එහෙනම් රකුසු කතාවත් හෙමින්......:)

      Delete
  29. පව් අෆ්ෆ චිම්පී කෙල්ල... මේක ඇත්තම කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්..මේක ඇත්තම කතාවක්...අපි ලංකාවට ගිය වෙලේ සත්තුවත්තට ගියා.....:)

      Delete