My Blog List

Sunday 15 April 2012

ඉපදුනෙත් නැතුව මැරුන මල්ලී...!!



මේ මැරුන මල්ලිගෙ පොටෝ එක ලු...ඒත් මේ ඉන්නෙ රකුසමයි පොඩි කාලෙ...
(අළු පාට හැන්දෑව 34.)


එදා රකුසගෙ අයිය කතාව පටන් ගත්තෙ මගෙන් ප්‍රශ්න කරමින්......
''..නංගි,ඔයාද අපේ මල්ලිට අර ජා-ඇල ට පාර්සල් එවන්නෙ..?''
''..ඔව්.අයියෙ..''
''..ඔයාද මල්ලිට ලැප් එකක් ගන්න සල්ලි දුන්නෙ..?''
''..ඔව්.මම තමයි..''
''..එතකොට ඔයාද රස්සාවක් නැතුව ගෙදර ඉන්න එයාට නිතර සල්ලි එවන්නෙ..?''
''..නෑ..නෑ  මම නෙවෙයි..''
ඒ කියන්නෙ එහෙනම් මෙයාට සල්ලි එවන අයත් ඉන්නව මම නොදන්න..හ්ම්ම්ම්...ඒ වගේම මට කවම දාකවත් කියල තිබුනෙ නැහැ එයාගෙ පවුලේ තවත් අයිය කෙනෙක් අක්ක කෙනෙක් ඉන්න බවක්...මාව පුදුමෙනුත් පුදුම කලේ රකුසා රැකියාවක් නොකර ගෙයි කාමරේකට වෙලා දවස ගත කරන කෙනෙක් කිව්වාම......!!!
කියවල නැති නම්  බලන්න මෙයා එයාගෙ රැකියාව ගැන මට කිව්ව දේවල් ටිකක්....
මෙතනින් බලන්න. 1
මෙතනින් බලන්න.2

මනුස්සයෙක් කෝමද මේ තරම් බොරු කියන්නෙ? කාලය වෙලාව සෙට් කරගෙන ලස්සනට රඟ පාන්නෙ??
මේ අතරම වෙන්නප්පුවෙ ජෝශප්වාස් විදුහලේ රකුසගෙම යාලුවො කීපදෙනෙකුගෙන් ලැබුනෙ මාව තව තවත් මවිත කරවන තොරතුරු...!!
රකුස ඉගෙන ගන්න දක්ශයෙක්..පොඩි කාලෙ ඉඳන්ම රකුසගෙ අම්ම තාත්ත එයාට ගොඩාක් ආදරෙන් ඉතාම ඉහලින් සලකල තියනව..විදුහලේ සෑම කරුනකටම අම්ම තාත්ත දෙන්නම සහභාගි වෙලා තියනව.රකුසට වියදම් කරන්න ගෙදරින් ඇති තරම් මුදල් ලැබිල තියනව...ඒත් රකුසට මල්ලි කෙනෙක් නම් ඉඳල නැහැ..කවදාවත් රකුසගෙ ගෙදර මල්ලි කෙනෙකුගෙ ''අවමගුල් උත්සවයක් තිබිලත් නැහැ''....!!!
විශේෂයෙන්ම හිතන්න තිබ්බ වැදගත්ම කාරනාව තමා මේ කියන යාලුවො වත් දැනගෙන උන්නෙ නැහැ ඒ වෙද්දි රකුසට මොකද උනේ කියල..රකුස එකපාරම අතුරුදහන් වෙලා උන්න..සමහරු හිතුවෙ රකුස පිටරටකට ගිහින් කියල..සමහරු හිතා උන්නෙ පිට පලාතක රැකියාවක් කරන බව..ඒත් අල්ලපු ගම්වල උන්න ඒ කිසිම යාලුවෙක් දැනන් උන්නෙ නැහැ රකුස එයාගෙම ගේ ඇතුලෙ කාමරේක හැංඟිලා කරන මේ හැංඟිමුත්තම් සෙල්ලම ගැන..!!!!


ඉතින්..කලින් වතාවෙ අයිය එක්ක කතා කරද්දි මගෙ හිතේ එයා කිව්ව දේවල් ගැන ඒතරම් විශ්වාශයක් තිබ්බෙ නැහැ..ඒකට හේතු උනේ රකුස එයාගෙම අයිය ගැන මගෙ හිතේ මවල තිබ්බ නරක ප්‍රතිරූපය..!!
මේ නිසා රකුස මට කියල තිබුන එයාගෙ පවුලෙ තොරතුරු මම අයිය එක්ක කිව්වෙ වත් ඒවා ගැන එයාගෙන් කිසිම දෙයක් අහන්න වත් ගියෙ නැහැ....


ඒත් රකුසගෙ යාලුවන්ගෙන් දැනගත්ත තොරතුරු අනුව ඒ අයිය ගැන මගෙ හිතේ තිබ්බ සැකය දුරු උනා..ඒ නිසා මම ආයෙම වතාවක් එයාට කතා කලා..එදා මම කිව්ව,මම ඇහුව දේවල් ඒ අයිය නම් විශ්වාස කලේ නැහැ...
''...නංගි, ඔයා කියන ඔය පුද්ගලය අපේ මල්ලි වෙන්න බැහැ..ඔයාට වැරදීමක් වෙලා වගේ..කෝ මට දෙන්න බලන්න ඔයා කියන කෙනාගෙ පොටෝ එකක්...'' පස්සෙ එවෙලෙම මම රකුසගෙ පොටෝ එකක් එයාට පෙන්නුවට පස්සෙ තමා එයා පිළිගත්තෙ ඒ එයාගෙම මල්ලි කියල........
ඒත් ඊගාවට එයා කිව්ව දේවල් මට අදහා ගන්නම බැරි උනා..!!


එයා රකුසගෙන් මා ගැන ඇහුවාම රකුස කියල තිබුනෙ..''මම දවස් දෙකක් විතරක් ඉන්ටනට් එකෙන් චැට් කරපු කෙනෙක් විතරයි මාව දන්නෙත් නැහැ අඳුනන්නෙත් නැහැ..'' කියල,,මගෙන් සල්ලි ගත්තෙ නැතිලු ඒක මගෙ බොරුවක් ලු...!!
( ඒත් ඒ වෙනකොටත් අයිය දැකල තිබුන මම එයාට කිව්ව දින වලම කිව්ව මුදල රකුසගෙ බෑන්ක් එකවුන්ට් එකට ඇවිත් තිබුන බව.)
මාව දන්නෙ අඳුනන්නෙ නැහැයි කිවට පස්සෙ නම් මට සිදු උනා රකුස මට කිව්ව කරපු සියලුම දේවල් අයිය ඉදිරියේ වමාරන්න..!!


ඊට පස්සෙ මම රකුස ගැන දැනගත්ත ඇත්ත තොරතුරු මෙන්න..!!!.


අර මැරුනා කිව්ව මල්ලියෙක් කවදාවත් ඒ පවුලෙ නම් ඉපදිලා තිබුනෙ වත් නැහැ..!
මල්ලිගෙ මරනයෙන් පසු අවුරුදු 12 ක් පුරාම අර කලා කිව්ව දාන මාන පූජා..විශේෂයෙන් ඒ පෙබරවාරි මාසෙ අනාථ නිවාසෙකට කරපු පොත් ප්‍රධානය..පල්ලියෙ පූජා..මුල්ම පඩියෙන් මල්ලිගෙ සොහොනට කුරුස හදපුව..මේවා ඔක්කෝම බොරු පට්ට පල් බොරු...!!!


මෙතනින් බලන්න තවත් බොරු..!!



මල්ලි සෙල්ලම් කරද්දි වැටිල නහයෙන් ලේ ඇවිත් හොස්පිටල් එකේ සිහි නැතුව දින 3 ක් ඉඳල සිහි ආවාම පලුමුවෙන්ම ඇහුවෙ රකුසවලු..''කෝ මගෙ චූටි අයිය කිව්වලු..'' ඊට පස්සෙලු ආයෙමත් සිහි නැතිවෙලා ඉඳල මැරුනෙ..දෙන්න නිදා ගත්තෙ එකම ඇඳේලු තාම මල්ලි නිදා ගත්ත කොට්ටෙ ඇඳේ අනිත් පැත්තෙ තියනවලු..කාටවත් වෙනස් කරන්න දෙන්නෙ නැතුව...අනේ මට උන්නෙ එයා විතරයි..අද එයා උන්න නම් මට මෙහෙම වෙන්නෙ නැහැ..අද එහෙනම් ලොකු කොල්ලෙක්.කෙල්ලෙකුත් යාලු කරන්..අනේ මට මේ ලෝකෙ උන්න එකම හිතවතා මට නැති උනා කිය කිය රකුස අඬපු තරම් දන්නෙ මමයි අනුත්තරයි විතරයි..අනුත්තරාට යවල තිබ්බ මල්ලිගෙ පොටෝ එකක් ඒකෙ මල්ලිගෙ නම ''සජිත්''.මටත් ඒකම එවල තිබුන ''මගේ පන'' කියල ලියල...(ඔය උඩින් තියෙන්නෙ ඒ පොටෝ එක..!!) ඒත් දෙවියනේ මේ අපිට එවල තියෙන්නෙ රකුසගෙම පොඩි කාලෙ ගත්ත පොටෝ එකක්...!!!!


මට මැවි මැවි පෙනුන රකුස කිව්ව හැටි..''...මල්ලි මැරුනට පස්සෙ දුක දරා ගන්න බැරුව තාත්ති අයියවයි අම්මිවයි අරන් ඉන්දියාවට ගියා..මාව ලොකුඅම්ම ගාව දාල..මාස 3ක් ඉන්දියාවෙ උන්න අම්මි එක ටෙලිපෝන් කෝල් එකක් දීල මම ඉන්නවද මැරුනද කියල හොයල බැකුවෙ නැහැ..මාව අනාතයෙක් වගෙ අත ඇරල දැම්ම..මම තනි උනේ ඊට පස්සෙ මට කතා කරන්න බැරුව ගියා..ඊට පස්සෙ එයාල ලංකාවට ආවාම අම්මි කිව්ව තවත් ඒ ගෙදර ඉන්න බැහැ කියල පස්සෙ තමා අපි මේ අලුත් ගේ අරන් මේකට පදිංචියට ආවෙ..''...හප්පා...ෂාරුක් ඛාන්ට බැහැ ඒතරම් ලස්සනට අඬන්න..!!!!!!


එතකොට අර හදවත් සැත්කම් හදවතේ තිබ්බ භයානක ලෙඩේ...මැරෙන්න ගිහින් 3 පාරක්, හදවත ඔපරේශන් කරපු එක ..මේවා ඔක්කෝම අමූලික පට්ට පල් බොරු..!! මේ මිනිහට ඒ වගේ කිසිම අසනීපයක් තිබිලත් නැහැ දැනට ඇත්තෙත් නැහැ..!!!!


අර කොම්පැණි එකේ ඔක්කෝම වැඩ බලන්නෙ මෙයාලු..ලොකු ලොකු කතා..බෝඩ් මීටින්..ලක්ශ ගනන් සල්ලි..බිස්නස් ට්‍රිප්ස්..ඉන්දියා ගමන්..මේ ඔක්කෝම බොරු..!! මෙයා ඉන්දියාව තියා කොලඹට වත් හරියට ගිහින් තියන කෙනෙක් නෙවේලු..!!.කිසිම රස්සාවක් නැතුව අහිංසක තාත්තගෙ පැන්ශන් මුදලින් ගෙදරට වෙලා කකා බිබී නිදාගෙන ඉන්න මෙයාට මොන ලොකු ලොකු කොම්පැණිද??මොන පිටරට බිස්නස් ට්‍රිප්ස් ද??  මේවා ඔක්කෝම හෙන හත ගහන බොරු කෙල්ලො රවට්ට ගන්න කියපු...!!!!


මෙයා ඉතාම කම්මැළි රස්සාවක් කරන්න කැමති නැති පුද්ගලයෙක්..!!!


යාලුවො කිව්ව වගේම අයියත් කිව්වෙ රකුසව එයාලගෙ අම්ම තාත්ත හරිම ආදරෙන් කිසිම දුකක් නොදී පොඩිකාලෙ ඉඳන්ම හැදුවෙ කියල..එයාගෙම වචන වලින් කියනවා නම්...''අම්මල මලක් වගේ මල්ලිව හැදුවෙ පොඩි කාලෙ ඉඳන්ම..''


රකුස කිව්ව විදියට ඒ අයියයි රකුසයි අතර කිසිම ආරවුලක් කවදාවත් ඇතිවෙලා තිබ්බෙ නැහැ..අයිය රකුසට ගෙදරින් යන්න කියලත් නැහැ..!!


අර මට පොටෝ ගහල එව්ව ලස්සන ගේ රකුසගෙ නෙවේ..එයාගෙ කියල පෙන්නපු බයික් එක එයාගෙ නෙවේ..එයාගෙ කිව්ව ලැප්ටොප් එක එයාගෙ නෙවේ..එතකොට මේවා ඔක්කොම වික්ක කිව්වනෙ ඔෆිස් එකේ ණය බේරන්න....!!!


මේවා එකින් එක දැනගන්නකොට මගේ ඉවසීමේ සීමාව මටත් හොරා ගොඩාක් ඈතට ගිහින් රහසක් වශයෙන්ම තියන් ඉන්න හිතන් උන්න අර ''අවජාතක කතාව'' ඉබේම මගෙ කටින් එලියට පැන්නා..!!


''...එතකොට අයියෙ මෙයා මට කිව්ව ඔයාලගෙ අම්ම ඔයා පොඩි කාලෙ..............................................................................................................................ඒක ඇත්තක්ද???????...''


මගේ ඒ කතාව අහල ඒ අයිය පිස්සෙක් උනා...!!!!


උපදින්නටත් පෙර ඉඳන් දුක් විඳල තමුන්ව හදා වඩා ගත්ත අම්මෙක් ගැන ඒ වගේ හෙන 7 ක් එකපාර වදින බොරුවක් තමුන්ගෙම එක ලේ ඇතුව එක්කුසේ උපන් සහෝදරයගෙ කටින් කිව්ව කියන එක පුතෙකුට දරා ගන්න බැහැ...කවදාවත් බැහැ...ඒ වෙලාවෙ ඒ අයියගෙ කටින් පිට උන වචන මම මේකෙ ලියන්නෙ නැහැ.....ඒත් අන්තිමට එයා මෙහෙම කිව්ව....


''...අනේ මේක දැන ගත්තොත් මගෙ අහිංසක අම්මගෙ පපුව පැලිල මැරෙනවා...''.....!!!.

79 comments:

  1. WHAT!!!!!
    Simply cannot believe this. Such a pathetic person, how could tell or even imagine like that way abut a Mother?

    ReplyDelete
    Replies
    1. he is not a human being, he is such a liar, i can't even imagine the way he cheats...!

      Delete
  2. මානසික රෝගියෙක්... මටනම් වෙන කියන්න දෙයක් නැහැ. ලෙඩක් ඕක. නැත්තම් ඔච්චර බොරු මව මව කියන්න බැහැ මිනිහෙක්ට හොඳ මානසිකත්වයක ඉන්නවානම්

    ReplyDelete
    Replies
    1. ayyo mehema boru kiyana eka simple deyak akke habai a kiyapu boru serama mataka tiyagena boruwa attak karana ekai amaru

      Delete
    2. මේක මේ මිනිහ කාලයක ඉඳන් කරගෙන ගිය දෙයක්..එයාට ඒක නියමෙට හුරු පුරුදු වෙලා...වෙන දෙයක් කරන්නෙ නැහැනෙ කාමරේට වෙලා නෙට් එකේ ඉඳන් කරන්නෙ මේ ජොබ් එක විතරයි..

      Delete
    3. ගැමියාගේ පත් ඉරුව@....මම හිතන්නෙ මල්ලි මෙයා කාමරේ තියාගෙන ඉන්නව එක එක අයට කිව්ව බොරු වෙන වෙනම ලියාගෙන පොතක්...ඒකෙන් බල බල තමා ඒ ඒ වෙලාවට රඟපාන්නෙ....

      Delete
  3. කතාවේ හොඳම හරිය. නේද යන්නේ.යකෝ මුගේ කතා කියවද්දී මට හිතෙන දේවල්. තමන්ගේ අම්මට මෙහෙම කියන්න තරම් මූ තිරිසනෙක් වගේ එකෙක් නේ.

    ReplyDelete
    Replies
    1. අම්මට කිව්ව දේවල් මම මෙතන ලිව්වෙ නැහැ අයියෙ මගෙ පරන පෝස්ට් එකක ඇති..ඒත් ඒ ඔක්කෝම නෙවේ මම ලිව්වෙ....කිසිවරදක් නැති තමුන්ගෙ අම්මට අරහෙම කරන්න පුලුවන් එකෙක් මම වගේ කෙල්ලෙකුට මොනා නොකරයිද?

      Delete
  4. මුල ඉදලා කියෙවුවේ නැතත් මේ කියවපු ටිකෙන් ගොඩක් දේවල් තේරුම් ගත්තා. මේ වගේ බොරු කාරයෙක් ගැන අහද්දිත් මිනිස්සු එක්ක කතා කරන්නත් බය හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්..මේ වගේ අය නිසා හොඳ අවංක මිනිස්සුන්ට තියන තැන අහිමි වෙනවා.....

      Delete
  5. මේ මනුස්සයට මොකක් හරි මානසික රෝගයක් ඇති. ඔයා බේරුණු එකම ලොකු දෙයක් කියලා හිතන්න.

    ReplyDelete
    Replies
    1. මානසික රෝගයක් නෙවේ තියෙන්නෙ..හොර කපටි හිත..කම්මැලි කම නිසා ලේසියෙන් ජීවත් වෙන්න හිතන විදිය.....

      Delete
  6. දැන් තමයි ෂෝ එකේ හොඳම හරිය යන්නේ...

    තමන්ගේ අම්ම ගැන බලු කතා කියල සල්ලි හොයන්න පුළුවන් මුට කරන්න බැරි පහත් වැඩක් නැතුව ඇති....
    මු වගේ එවුන්ට ප්‍රසිද්ධියේ ගල් ගහන්න ඕනේ...

    ඌ දැනටත් මේ සෙල්ලම කරගෙන යනවා කියල ඔයා දන්නවනම් උගේ තොරතුරු ඔක්කොම හැමෝටම පේන්න ප්‍රසිද්ධ කරන්න
    (ඔයාට ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ කියල ෂුවර්නම් විතරක්)

    ReplyDelete
    Replies
    1. මම මෙයා ගැන හැම තොරතුරක්ම ප්‍රසිද්ධ කරනවා..මම බලපෑම් වලට යටත් වෙන භය වෙන ජාතියෙ කෙල්ලෙක් නෙවේ....!!

      යක්කුන්ට බයේ නම් සොහොනෙ පැලක් අටව ගන්නෙ නැහැ මම....!!

      Delete
    2. @ ලොකු පුතා.

      මම කලින් පොස්ට් එකේ කොමෙන්ට් එක දැම්මේ ඔය කතාව කියල. සහතික ඇත්ත. මුව ගල් ගහල මරන්න ඕනේ. මුන් හින්ද ඇත්තක් කියන එකෙක්ටවත් තැනක් නැතිවෙනවා.

      Delete
  7. මේ කියන්නේ රකුසා තව ගොඩක් දෙනෙක් එක්ක මේ සෙල්ලම කරලා තියෙනවා.. මානසික ලෙඩෙක් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මාණසික ලෙඩෙක් මේ වගේ දුශ්ඨයෙක් වෙන්න බැහැ......මෙයා මාණසික ලෙඩෙක් වගේ රඟපානවා...!!

      Delete
  8. මම මේ කල්පනා කලේ කිරිල්ලියේ ඉන්ටනෙට් ආදරවලින් නම් පරිස්සම් වෙන්ට ඕනි නේද?

    අර ලොකූ කියන්නා වගේ දැන් තමයි හොඳම හරිය...:)

    ReplyDelete
    Replies
    1. ඉන්ටනට් ආදර වලින් නෙවේ පොඩ්ඩි මොන ආදර වලිනුත් පරිස්සම් වෙන්න ඕනෙ හරිද?....වෙනසකට තියෙන්නෙ ඉන්ටනට් එකෙන් හොර බොරු කරන්න ලේසියි..ඒවා අපි අල්ල ගන්නකොට පෙර හැර ගිහින්....:(

      Delete
  9. හපොයි දෙයිහාමුදුරුවනේ.........:O

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්...දෙවි හාමුදුරුවරු සමහර වෙලාවට අහක බලන් ඉන්නවා..ඒ ඇයි කියන්න දන්නෙත් දෙයියොම තමා..!!

      Delete
  10. මම ඔයාගේ කතාව ඔක්කොම කියෙව්වා.. නමුත් අද තමයි කමෙන්ට් කරන්නේ. මම ගොඩක් බ්ලොග්ස් කියවනවා..නමුත් කමෙන්ට් කරන්න ගිහින් නෑ.. මේ මගේ තුන්වන කමෙන්ටුව බ්ලොග් එකකට දමන...
    මේ කතාව කියව්වහම කමෙන්ට් නොකර ඉන්න බෑ කියලා හිතුනා.. ඇත්තමයි මට හිතාගන්න බෑ අම්මාව පාවා දීලා සල්ලි ගරන කොල්ලෙක් ගැන.. ඒකා නම් අමුම අමු තිරිසනෙක්..
    නමුත් ගැහැණු ළමයින්ට බොරු කියන කොල්ලො නම් ඕනා තරම් ඉන්නවා.. නමුත් ඔය තරම්ම බොරු කියන එකෙක් ගැන ඇහුවමයි..
    (ටික කාලෙකට ඉස්සර) දවසක් මම ඩයොලොග් ආකේඩ් එකකට ගියා බිලක් ගෙවන්නද කොහෙද... මම ඉදන් ඉද්දි එහා පැත්තෙ හිටිය කොල්ලෙක්ට ඒ වෙලාවෙ කෝල් එකක් ආවා.. (සංවාදය අනුව ගැහැණු ළමය(ක)ගෙන් කියලා හිතුනා.. මෙන්න සංවාදය මට ඇහුණු ඒක පාර්ශ්වික ‍(දෙ)බස..
    "හෙලෝ.. හෙලෝ.
    අද... අද හවස නම් බෑ..මට වැඩ වගයක් තියනවා..
    මම දැන් බස් එකේ ඉන්නේ.. මම දැන් අනුරාධපුරේ යන ගමන්..
    බෑ ඉතින් පස්සෙ එන්නම්..
    හෙලෝ ....හෙලෝ... මට ඔයාව හරියට ඇහෙනවා මදි..
    මේ හරියේ සිග්නල් මදිද කොහෙද..හෙලෝ..හෙලෝ..ෂිට් ඇහෙන්නෙ නෑනේ.."

    කියමින් සංවාදය විසන්ධි කරන ලදී.. අමතක කරන්න එ‍පා මේ සිදුවීම සිදුවුයේ සිග්නල් කනු කට කපල තියන ඩ‍යලොග් ආකේඩ් එක තුලදීය.. මට තනියම හිනා ‍ගියා... ගෙදර ගිහින් බිරිදටත් කිය කිය හිනා ගියා..
    මෙහෙමත් හොර මොළ..

    ReplyDelete
    Replies
    1. ආ අයියා...චුටි පැටියෙක් ගෙදරට ආවලු නේද?

      Delete
    2. හෙ..හේ..මේ පුද්ගලයත් ඒ වගේම තමා...මම සමහර දාට කෝල් කරද්දි.. ''මම මේ බෝඩ් මීටින් එකක ඉන්නෙ..'' තව දවසකට.. ''මම මේ ඔෆිස් එකේ වැඩකට කොලඹ හෙඩ් ඔෆිස් යනවා..'' ''අපි මේ හොටෙල් එකක ඩිනර් ගන්නව'' ''මම මේ තාත්ති එක්ක සයිට් එකක් බලන්න යනවා'' ''අපේ හලාවත පොල් වත්තට හොරු පැනල මම ඒක බලන්න යනව'' ''මම මේ කනත්තෙ ඉන්නෙ මල්ලිගෙ සොහොන ලඟ'' ''මම මේ ඔෆිස් එකේ ඉඳන් ගෙදර යන ගමන් වඩේ එකක් කන්න බීච් එකට ආවා..කෝ මේ මගෙ ඩ්‍රයිවර් ව හොයා ගන්න බෑනෙ කොහෙ ගිහින්ද මේකා?''

      අනේ මට මේවා දැන් මතක් වෙද්දි.......හප්පා....දෙවියනේ ගේ ඇතුලෙ කාමරේට වෙලා මේ ඔක්කෝම කෝම කලාද කියල මට අදහ ගන්න බැහැ..!!!!!!

      Delete
    3. @කස්ස
      මේ මම දන්න අර සමාජයේ හිටපු කස්සද? එහෙනම් වින්චැට්කිරිල්ලිට පිං .. ඔයා කොහොමද දන්නේ කස්සෝ චූටි පැටිය ගැන..

      මම මුලින් කීවා වගේ මම වැඩිය කමෙන්ට් කරන්නේ නෑ බ්ලොග් බැලුවට.. කස්සා මාව කන්ටැක් කරපන් ‍මල්ලියේ..

      Delete
    4. හරිම සතුටුයි පරන යාලුවො දෙන්නෙක් නැවත හමු උන එක මගෙ බ්ලොග් එකෙන්....ගුඩ් ලක්..!!

      චූටි බබාටත් මගෙන් සුභ පැතුම්..!!

      Delete
  11. අපෝ.. ජීවත් වෙන මිනිස්සු මැරුනා කියන්න තරම් මානසික ලෙඩෙක් ???

    හොදක් වෙන එකක් නැහැ හැබැයි.

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන? ජීවත් වෙන්න ඉපදෙන්න එපායැ සෑම්...මෙයා මේ පෙන්වන්නෙ එයාගෙම පොඩි කාලෙ පොටෝ එකක්....

      Delete
    2. අන්න මම ඔයාට පිලිතුරු දුන්න කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකට.....!

      Delete
    3. හ්ම් ඉන්ට කලින් ඔයගෙ පෝස්ටු රිප්ලයි එක බලන්නට !!

      Delete
  12. බොරු කොම්පැණියක්නෙ බොලේ....

    මූව නං මම උල තියනවාමයි...සුවර් :/

    ReplyDelete
    Replies
    1. එපා.ඕනෙ නැහැ රජතුමෙනි..අපරාදෙ උල ජරාවෙනවා..!!

      Delete
  13. අසාර් අයියා කිව්ව වගේ දැන් තමා හොදම හරිය..:/ මමන්ම් මුල ඉදන්ම කිව්වානෙ.. මූට අනිවා මානසික රෝගයක් තියෙන්වා.. ඉස්සරහට පුලුවන් වෙයිනෙ අපිට දැනගන්න? තම්න්ගෙ අම්මට එහෙම කියන්න තරම්...:/ :@

    මරු රඟපෑම!!!

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ ගෙදරට මම කිව්ව මෙයාට මානසික රෝගයක් තියෙන්නෙ කියල..එයාල කියන්නෙ නැහැ කියල...බොරු කියන එකලු කරන්නෙ..මෙයා ඒ ගෙදර අයටත් කියන්නෙ අමූලික බොරු..!!

      Delete
  14. මෙහෙම මිනිස්සු අනන්තවත් ඉන්නවා. ලේසියෙන්ම කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් එකම ක්‍රමේ කෙල්ලෝ රවට්ටගෙන අනුකම්පාව අරන් සල්ලි කඩා ගන්න එක.. ඒක වෙනුවෙන් අම්මා තාත්තා පාවලා දෙන එක එයාලට මහලොකු දෙයක් නෙමෙයි කිරිල්ලියේ. ඔයා ඇත්ත එලිකරන්න. ඒකෙන් තව ගෑනු ලමයෙක් අමාරුවේ වැටෙන එක නවතිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්..මේ වගේ තව ඉන්නවා..කෙල්ලන්ව ආදායම් මාර්ග කරගෙන ඉන්න අය...

      Delete
  15. ඔයා කරන්නේ හොද වැඩක් කිරිල්ලි. ඔයා මේ මනුස්සයාව ප්‍රසිද්ද කරන එක. ඒකෙන් තව ගෑනු ලමයෙක් අමාරුවේ වැටෙන එක නවතිනවා. මේ ජරා මිනිස්සුන්ට දැන් කාලේ තියෙන හොදම ලේසිම ආදායම් මාර්ගේ පිටරට ඉන්න කෙල්ලෙක් අන්දන එක. ඒකට අම්මා තාත්තා පාවලා දෙන එක එයාලට ලොකු දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මම මෙයාව ප්‍රසිද්ද කරනවා.. කුමාරිහාමි ඔයාලත් මොනා හරි කරන්න අහිංසක කෙල්ලන්ව දැනුවත් කරන්න ..මේ වගෙ නරින්ගෙන් බේරගන්න...මෙයා මේක කලේ මට විතරක් නෙවේ කියල දැන් දැන් ආරංචි එනවා..අපි බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියල......

      Delete
  16. yako muwa hama gahalat madine,boru kiyannat pluwan eth a kiyapu boru mataka tiyan inna ekane wade.... Mu nam tirisanek mu amma gana kiyapu kathawa hithagattaki munta yanna apayak hadanna wenawa,nodakin witarak,mu pissek neme kiyala sureda

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් නෙවේ පිස්සෙක් විදියට රඟන හොරෙක්..!!

      Delete
  17. මිනිහා ඇත්තටම මානසික ලෙඩෙක් වෙන්න ඇති.නැත්තම් අම්මා ගැන ඔහොම කතා කියයිද? පිස්සෙක්

    ReplyDelete
    Replies
    1. මම මෙයාට අහු උන පලමු තැන ඕක තමා...මේ ලෝකෙ කවුරුවත් අම්මෙක් ගැන එහෙම කියන්නෙ නැහැ....මම මෙයාට අහු උනේ මෙයාව විශ්වාස කරල අනුකම්පා කලේ ආදරේ කලේ ඔන්න ඔය හේතුව නිසා.........

      Delete
  18. මේවට මානසික ලෙඩ කියන්නෙ කොහොමද? මේව ලෙඩ නෙමේ, හොඳට ප්ලෑන් කරල කරන දේවල්.මේ වගේ උන්ට රජ කාලෙ දඩුවමක් දෙන්න ඔනේ.
    තමන්ව වදපු අම්මට අරවගේ කතාවක් කියන එකෙකුට යන්න ඉතින් වෙනම තැන් හදන්න වෙනව....
    කමක් නෑ, කීයක් ගිහින් හරි මේ ජරමරෙන් ගැලවුන එක.

    ReplyDelete
    Replies
    1. මෙයා කිව්ව දේවල් විශ්වාස කරල ඒ අහිංසක අම්ම ගැන නරක හිතක් තියාගෙන..හිතින් ඒ අම්මට දොස් කිය කිය මම මොන තරම් පවක් පුරව ගත්තද කියල ඔයා දන්නවද?

      Delete
  19. මම ඔක්කොම කියෙව්වා කෙල්ලේ. ලියහන්කෝ ඉතිරියත් ,, අන්තිමට අදහසක් කියන්නම්.

    තමන්ගේ අයට බොරු කියන තරම් පවක් තවත් නැහැ

    ReplyDelete
    Replies
    1. මෙයා මට විතරක් නෙවේ මගෙ ඇස්පනා පිටම එයාගෙම අයියල අක්කලාටත් කිව්ව හෙන ගහන බොරු..!!

      Delete
  20. ගෙදරින් ආදරේ අඩු වුනාම සමහරු පොඩි කාලේ ඔය වගේ imaginary අයියලා මල්ලිලා යාළුවො හදාගන්නවලු. ඒක මානසික ලෙඩක්. ඒත් මෙයාව අම්මලා මලක් වගේ ආදරෙන් හදාගන තියෙන්නේ. එහෙනම් ඒක කපටිකම මිසක් වෙන මොකද්ද. තව අය සල්ලිත් එවල තියන පාටයි.

    ReplyDelete
    Replies
    1. මෙයා ඉස්කෝලෙන් අහක් උනාට පස්සෙ තමා කාමරේකට වෙලා මේ එයාගෙම ලෝකයක් හදාගෙන තියෙන්නෙ...... ඔව් ඔව් තව අයගෙන් සල්ලි අරන් තියනවා..ඇයි දෙවියනේ කිසිම රස්සාවක් නැතුව ගේ කාමරේකට වෙලා ඉන්න කෙනෙකුට අර තරම් වියදම් කරන්න සල්ලි එන්නෙ කොහෙන්ද?

      Delete
  21. අනේ අපොයි.....තමන්ගෙ අම්මට නේද මෙහෙම කිවේ.මානසික ලෙඩ නෙවේ මේ...ඇත්තටම සල්ලි හම්බ කරන්න ගොතපු කතා

    ReplyDelete
    Replies
    1. මේ කිව්ව කතාව නිසා තමා මම අහු උනේ....මම අනුකම්පා කලේ..

      Delete
  22. මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ..බොරුවට වෙනස්කම් කරනව කියපු අයියා මේක අහල ඇත්තටම වෙනස්කම් නොකලනම් තමා පුදුමෙ.. :@

    ReplyDelete
    Replies
    1. ඔව්..අඩුම ගානෙ ගේ ඇතුලෙ හැංඟිලා මලයා කරන වැඩත්,මලයගෙ නියම කැරට්ටුවත් දැන ගත්ත නම් ලොකු දෙයක්..!!

      Delete
  23. බුදු අම්මෝ... මේකා නම් මොකෙක්ද??? හිතා ගන්න බෑ අෆ්ෆ.. යකෝ තමන්ව වදපු අම්මටත් බොරුකරපු ...................... හිතෙන ඒවා කියන්න ගියොත් විනාසයක් වෙනවා.. ඒක හින්ද නොලියම ඉන්නම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...කියන්න වචන නැත...!

      Delete
  24. හරිම කුජීතයි

    ReplyDelete
    Replies
    1. හ්ම්..මෙයාට කුජීත කියලත් නෙට් එකේ යාලුවො කිව්ව කාලයක්......

      Delete
  25. ඩබල් පර්සනලිටි කියන ලෙඩේ මෙයාගෙන් මට පේනවා. ඒත් එහෙම වෙන්න තරම් හේතුවක් නම් මට පේන්නේ නෑ. මේකා කාමරේ ඉඳගෙන බොහොම සුක්ෂමව කෙල්ලන්ව අමාරුවේ දානවා කියලනම් මට තේරෙනවා. අර කලිනුත් කිව්වා වගේ මුට ගෝල්ෆේස් එකේ හිටවල ගල් ගහන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ මිනිහ ගැන කියන්න වචන නැහැ..මට මා ගැනම ලැජ්ජයි මේ වගේ එකෙකුටනෙ මම පන දෙන්න හැදුවෙ කියල හිතෙනකොට.....

      Delete
  26. ඔන්න අක්කේ අද තමයි ඉස්සෙල්ලම ඔයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාන්නෙ...
    පහු ගිය දවසක පුරුද්දට වගේ උදේ fb එකේ බ්ලොග් සින්ඩියකට ගොඩ උන වෙලේ තමයි ඔයාගේ මේ බ්ලොගයට එන්න පාර හොයාගත්තේ ...මේ පොස්ට් එක කියවපු හැටියේම මට හිතුන මේ කතාවේ මුල ඉදන්ම කියවන්න ඕනේ කියල,කොහොම හරි එදා දවස ඉවර වෙන්න කලින් අදාල පොස්ට් ඔක්කොම කියවල මේ සිද්දිය ගැන අවබෝදයක් ගන්න මට පුළුවන් උනා....කියන්න බොහෝ දේ සිතට ආවත්,ඒ දිනවල තිබුණු කාර්යබහුලත්වයත් එක්ක කොමෙන්ටුවක් දන්නා බැරි උනා...

    අනිත් හැමෝම දකිනවා වගේ මමත් මේ පුද්ගලයාව දකින්නෙ,වංචාකාරයෙක්,මානසික රෝගියෙක් විදියටයි....මිනිස්සු හැමෝම යම් යම් අවස්ථාවල බොරු කියනවා තමා එත් මේ තරම් බොරු කියපු එකෙක් ගැන ඔය ඇහුවමයි....මම හරි නම් ඔය සිද්දිය වෙනකොට ඔයාට අවරුදු 20 ,21 විතර ඇති.මමත් මේ වෙනකොට ජිවිතේ අවරුදු 20 ක කාලයක් ගෙවා දාපු එකෙක් හැටියට ,ඒ ජිවිත කාලය තුල මුණ ගැහුණු පාසල් යාලුවෝ,මග තොටේදී නිතර මුණ ගැසෙන හිතවන්තයෝ ආදී නොයෙක් පුද්ගලයෝ අතරේ ඔයා වගේ වංචාකාරයෝ,හැගීම් එක්ක සෙල්ලම් කරන අණක් ගුණක් නොදන්න කුහකයෝ ඕනෑතරම් හිටිය,වැඩිපුරම හිටියෙ උන් තමා.ඔය තරම් වංචා සහගත නොවුනත් යම් අවස්ථාවල මමත් ඔය වගේ දේවල් වලට මුහුණ දුන්න...බොහෝවිට මුල්‍යමය වංචා වලට...නමුත් ඒ දේවල් වලට මුණ දුන්න හැම පාරක් ගානෙම මම ජීවිතේට අලුතෙන් යමක් එකතු කර ගත්ත....එකට ඉදන් එකට කාල බීල ඉන්න එකාව පවා 100% ක් විස්වාස කරන්න බෑ....ඒක තමයි මම ඒ දේවල් වලින් ඉගෙන ගත්ත හොදම පාඩම..මිනිස්සු කියන්නේ බාහිරින්,කතාබහින් මනින්න පුළුවන් කොට්ටාසයක් නෙමෙයි...අවරුදු ගානක් ආශ්‍රය කලත් ඒ අය වෙනස් වෙන්න ගතවෙන්නෙ හරිම පුංචි වෙලාවයි....එකනේ ඔය පැරැන්නෝ කියල තියෙන්නේ "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියල,අමාරුවක වැටුන වෙලාවට එකෙක්වත් ලග නැති වෙන්නත් ඉඩ තියෙනවා...
    ඔය එකී මෙකි නොකී නොයෙකුත් පුද්ගලයෝ ආශ්‍රය කරලා,ඒ අයත් එක්ක වැඩ කරලා අම්බානක කටු කාල ජිවිතේ ගොඩක් පාඩම් මම ඉගෙන ගෙන තියනවා...අනේ ඒ පාඩම් හැම එකකටම පින් සිද්ද වෙන්න අද එකෙකුගේවත් ඇමක් නොවී අපුරුවට ජිවත් වෙන්න මට පුළුවන්...අත්දැකීම් කියන දේවල් ඒ තරම්ම වටිනවා...ඒ හැමදේටම මට අවකාශය ලැබුනේ පිරිමි ළමයෙක් විදියට මට ලැබුණු සීමා සහිත(සීමා සහිත කළේ අපේ අම්ම) නිදහස නිසයි....මටත් සහෝදරියක් ඉන්න නිසා මම දන්නවා ගැණු ළමයෙකුට පිරිමි ළමයෙකුට තරම් නිදහසක් නෑ කියල.හැම තිස්සෙම ගෙදර අයගේ රැකවණය යටතේ තමයි එයාල ඉන්නෙ...ඒ නිසාමද කොහොදෝ සමාජයේ වංචා කාරයන්ට කුහකයන්ට ඔය රැකවරණ පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට ඒ ජිවිත වලට එබිකම් කරන්න පුළුවන් වෙන්නේ.අපිට වගේ පොඩි පොඩි අත්දැකීම් හරි එයාලටත් තිබුනානම් එයාලත් මේ සමාජය මොන වගේද කියල,ඔය වෙන්න තියන බයානක දේවල් වෙන්න කලින් අවබෝද කරගනීවි...කොච්චර අවවාද අනුශාෂනා ලැබුනත් අත්දැකීමෙන් ලබන දේ තරම් ඒ දේවල් ප්‍රබල විදියට ග්‍රහණය වෙන් නෑ...කවදාවත් ගැහැණු ළමයෙකුට පිරිමි ළමයෙකුට තරම් නිදහස දෙන්න කියල මට කියන්න බෑ..එහෙම කිව්වොත් ඒක වැරදියි නමුත් හැම තිස්සෙම බෝනික්කෝ වගේ ළමයි හදන් නැතුව යම් නිදහසක් දීල ඈත ඉදන් දෙමව්පියෝ ඇහැ ගහගෙන හිටියොත් හොදයි නේද???(මම හරිද වැරදිද දැන් නෑ වැරදි නම් නිවැරදි කරන්න....මේ මට හිතෙන හැටි)එතකොට ඒ ලබන අත්දැකීම් යම් තාක්දුරකට හෝ අනාගතයට ප්‍රයෝජනවත් වේවි... හැබැයි හොද අවදානයකින් ඉන්න පිරිමි ළමයි වගේ නෙමෙයි ගැණු ළමයින්ව රකින ඒක හරිම අමාරුයි...
    අපේ නංගිත් මේ දවස් වල කෑ ගහනවා fb එකවුන්ට් එකක්,බ්ලොගයක් එයාටත් හදල දෙන්න කියල. නමුත් මට බයයි දැන්මම ජාලයට එයාවත් ගන්න.මේකේ ඉන්න ගුප්ත මිනිස්සුත්(ඕන එකෙක්ට fake profile හදන එක මහ ලොකු දෙයක් නෙමෙයිනෙ) එක්ක ගණු දෙනු කරද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ..විශේෂයෙන් ගැණු ළමයි...
    ඉන්න තැන,ෆෝන් නම්බර්ස්,තමන්ගේ ෆොටෝස් වගේ දේවල් ජාලයට දාද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.නොදාම ඉන්න තරමට හොදයි...දන්න නොදන්න හැමෝටම මතක් වෙන්ඩත් එක්ක කිව්වේ ඔන්න..චැට් කරද්දීත් පරිස්සම් වෙන්ඩ ඕනේ(මම නම් නොදන්න,විශ්වාසවන්ත නොවන තොරතුරු ඉදිරිපත් කරලා තියන අයත් එක්ක චැට් නොකරමි)....

    කියෙව්වා වැඩිද මන්ද??????????????

    කොහොම වුනත් අක්කේ ලේසියෙන් ඔය රකුසට බේරිලා යන්න ඉඩ දෙන්න නම් එපා.කොහෙත්ම ගැලවීමක් දෙන්න එපා..වූ සෙල්ලම් කරන්නේ වටිනා මිනිස්සුන්ගේ හැගීම් එක්ක,ජිවිතේක වටිනාකමක් තේරෙන් නැති,කොටින්ම මනුස්සකමක් නැති තිරිසන් ගති ඇති(තිරිසන්නු මීට වඩා හොදයි) ................... .....(හොදවයින් දෙක තුනක් කිව්වව් කියල හිතා ගන්න,ඒ වගේ එවුන්ට )වගේ එවුන්ට හොදක්නම් වෙන්නම එපා,වෙන්නෙත් නෑ..සමාජයට වදයක්,පිළිලයක් වෙන ඒ වගේ එවුන්ට මේ බක් මහේ හෙන ගහපිය.............කියන එක කිව්වා මකබැවිල ඕකුන්ව යන්ඩම.........

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කොමෙන්ට්ස් දෙකම එක වගේ,ඔයාට වැරදීමක් වෙලා තිබුනෙ නැහැ..
      මම ගොඩාක් කැමතියි ඔයා මේ ලිව්ව දේවල් වලට..ගොඩාක් ස්තූතියි..!

      නංගි කෙනෙක් ඉන්න නිසා ඔයාට හොඳින් තේරිලා තියනව මගේ තත්වය..ඔව් මට සමාජය ගැන හරි අවභෝධයක් තිබ්බෙ නැහැ..විශේෂයෙන් අන්තර්ජාලය ගැන..

      අනික මගේ තිබ්බ ලොකුම දුර්වල කම තමා අනිත් මිනිස්සුත් මම වගේ කියල හිතන එක..ඒ වගේම අහිංසක මිනිස්සු දැක්කාම සීමාව ඉක්මවා පරිත්‍යාගශීලි වීම..දන්න නොදන්න හැමෝටම 100% අවංක වීම......

      ඇත්තටම මම මෝඩයෙක්ද කියල මම දන්නෙ නැහැ..ඒත් පාඩමක් ඉගෙන ගත්ත ආයෙ කවදාවත් අමතක නොවෙන....!!

      මනුස්සයො බොහෝ දෙනෙක් මහා දුශ්ඨයි..කුහකයි..ම්ලේජ්ජයි..ඒ අතර ඉන්න හොඳ දෙවිදේවතාවො වගේ අයට එලියට එන්න ඉඩක් නැහැ...!!!!

      Delete
  27. මේ දවස් වල exam හින්ද stress අඩු කර ගන්න කියල කියවන්න ගත්තෙ. එක කොටසක් කියෙව්වහම ඔක්කෝම කියවනකල් නතර කරන්න හිතුනෙ නැහැ. ඔයා අමුතු ලස්සනකට කථාව පෙල ගස්සල තියනව. Exam ඉවර වෙලා ලෝබ නැතුව comment කරන්නම්. ඔබට ජය වින් චැට්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට....එක්සෑම් හොඳින් කරන්න..ගුඩ්ලක්..!!

      Delete
  28. අනේ ඔකාව මැරිලම යමන්.නැත්නම් තව කි දෙනෙක් අමාරුවේ වැටෙයිද.

    ReplyDelete
    Replies
    1. දැනට මත් අහුවෙලා ඉවරයි තව අය..මට ආරංචි ලැබෙමින් තියනව...!

      Delete
  29. ඔය con man නැතිනම් con artist කියන ජාතියෙ ඩයල් එකක්.
    එක බොරුවක් කිව්වාම ඒක වහන්න බොරු 1000ක් කියන්න ඕනෙ නම් ඒ බොරු 1000 වහන්න ....? එතකොට අර ඔයා කිව්ව වගේ බොරු ඉන්ඩෙක්ස් එක තිබිලත් අමාරුයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ මට නම් හිතාගන්න බැහැ කෝමටවත් මේ මිනිහ කිව්ව බොරු කෝම කිව්වද කියල...මතක් වෙද්දිත් මට පිස්සු වගේ....

      Delete
  30. මේ මේ රාජ් ව කන්ටැක් කරලා දෙන්න බැයිද?

    මටත් දැන් ඔෆිස් ගිහින් එපා වෙලා....මෙයාගෙන් ඉගෙන ගන්න ඕන ගෙදර කාමරේට වෙලා ඔෆිස් යන හැටි, මීටින් වලට යන හැටි...අපරාදේ මෙයාගේ මේ දක්ශතාවය අපතේ යන්න නොදි රැක ගන්න ඕන....නේද කිරිල්ලි ?

    මේකට පිස්සු නැ..අමුම අමු කාළකණ්නියෙක් ...සල්ලි වලට තියන කැදර කමට හරි තමන්ගේ අම්මව වෙන මිනිහෙක් එක්ක සම්බන්ද කරලා කතා කිවුවට.....
    ඉතුරු ටික කෝ මම දැන් කීප දවසක්ම බැලුවා කෝ නැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයාගෙන් ඉගෙන ගන්න පුලුවන් කාමරෙන් එලියට එන්නෙ නැතුව, ඇඳ උඩ ඉඳන්ම සල්ලි හොයන හැටි.......
      ඉතුරු ටික අද හෙටම දෙන්නම්..මම මේ දවස් වල වැඩගොඩක හිරවෙලා...:(

      Delete
  31. මට ආසයි දැනගන්න මේකා මේ වැඩේ පටන් ගත්තෙ කොහොමද, මූට මේක රහ වැටුනෙ කොයි කාලෙ ඉඳන්ද කියල දැනගන්න....
    එතකොට මේකා අනුත්තරා පස්සෙ ගියේ ඇත්තටම යාළුවෙන්නද එහෙම නැත්නම් මේ වගේම මොකක් හරි ලාභ ප්‍රයෝජනයක් ලබාගන්නද.....? අනුත්තරා පස්සෙ යන්න පටන් ගන්නකොට පොරට මේ ජීවිතේ රහ වැටිල තිබ්බෙ නැද්ද දන්නෑ.....
    අනේ අර පින්තූරෙ ඉන්න පොඩි එකා අනාගතේ මේ තරම් %&*$ වෙයි කියල කවුරුවත් හිතන්න නැතුවැති නේද....?

    ReplyDelete
    Replies
    1. මම හිතනව 2008 අවුරුද්දෙ ඉඳන් තමා මෙයා මේවා කරන්නෙ...
      අනුත්තරා ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බව දැන දැනම ආදරෙයි කිව්වලු..එයාට කියල තියෙන්නෙත් මේ වගේම අමූලික පල් බොරු...මීගමුවෙ කාමරේක ඉන්නෙ කිව්වලු..මල්ලි මැරුන කියල ඔය පොටෝ එකම යවල තිබ්බා....
      අනුත්තරාගෙ එෆෙයාර් එක කඩල දාල එයාවත් මංමුලා කරන්න හදල තියෙන්නෙ ඒත් එයා බේරුනා..මෝඩ මම අහු උනා......:(

      Delete
  32. දැන් නම් පේන විදියට මෙයා මානසික ලෙඩෙක් නෙමේ... මොළේ වැඩි වගේ... ලෙඩ්ඩුන්ට ඔයතරම් අපූරුවට බොරු කියන්න බෑ නේ.... කට්ටියම ගොනා කරගෙන...

    මොකක්ද දන්නේ නෑ අවසාන ඉලක්කය වුණේ???

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයා ලෙඩෙක් නෙවේ..පිස්සෙකුත් නෙවේ..හොඳ මොල කාරයෙක්..ඉතින් එයාටම හිතෙන්න ඇති මෙච්චර අලිමොලයක් තියාගෙන මම මොකටද වෙන රස්සාවල් කරන්න මහන්සි වෙන්නෙ..ඇඟපත මහන්සි කරන්නෙ..කාමරේටම වෙලා ඉඳගෙන මගෙ මොලෙන් වැඩක් ගන්නවනෙ කියල.....

      Delete
  33. අහ් ගොඩක් තියෙනවනෙ. හෙමිහිට හෙමිහිට කියවන්නම්. අන්තිම එකෙන් පටන් ගත්තෙ හැබැයි.

    ReplyDelete
    Replies
    1. හෙමින් කියවන් එන්නකො අයියෙ...ඔයත් දන්න කියන කෙනෙක් නෙ මෙයා..:P දැන් තේරෙනව නේද මෙයා හැමෝම මග ඇරියෙ ඇයි කියල..?

      Delete
  34. නෙද්දකින් විතරක් මේ වගේ පාහර බල්ලෙක් !!!
    තමන්ගේ මල්ලි කෙනෙක් කියලා මූ කියලා තියෙන බොරු කන්දරාවක් !!
    මම අහන්නේ එක මනුස්සයෙක්ට මේ තරම් බොරු කන්දරාවක් කියන්ඩ පුලුවන්ද. මූව වදාපු අම්මටයි ජාතක කරපු අප්පච්චිටයි නිගාකරන බල්ලෙක් මූ !!!
    (බල්ලෙක් කියන්ඩත් බෑ. මොකද බල්ලෝවත් මේ වගේ වැඩ කරන්නේ නෑ.)

    ශික් !!!
    ඔන්න බලන්ඩ නංගි මූට කවදහරි මේ කියපු කරපු දේවල් වලට අඬ අඬ විඳවන්න වෙන්නේ නැද්ද කියලා !!!

    ReplyDelete
    Replies
    1. මේකට කරන්න වැඩක් නෑ ජොබ් එකක් නෑ කරන එකම දේ සල්ලි හොයන්න ලේසිම ජොබ් එක තමා කාමරේ ඇතුලට වෙලා නෙට් එකෙන් කෙල්ලො රවට්ටන එක......
      කාලෙක ඉඳන් බොරුවෙන්ම ජීවත් වෙලා මනා පළපුරුද්දක් තියනව මෙයාට...මාලුවට වතුර වගේ,මෙයාට බොරු නැතුව ජීවත් වෙන්න බැහැ.....
      ඔව් අයියෙ මෙයා විඳවනව මගෙ ඇස්දෙකට පේන්න මෙයා ගොඩාක් දරුණුම විදියට විඳවනවා..එහෙම නැති උනොත් බුද්ධාගම බොරු..........

      මේ වෙසක් දවස් වල කියන්නෙ මම මෙයා විඳෙව්වෙ නැත් නම් ආයෙ මගෙ ජීවිතේට වෙසක් එන්නෙ නැහැ බුද්ධාගම බොරුවක්......

      Delete
  35. අද (වෙසක් පෝය දවසේ) තමයි විවේකයක් ලැබුනේ. ඒ නිස පරණ පෝස්ට් ඔක්කොම කියවලා ඉවර කලා.

    ReplyDelete