My Blog List

Sunday 23 October 2011

මගේ අමුත්තා.......

(අළු පාට හැන්දෑව 5)






එදා මම ඔයාලට කිව්වනෙ මගෙ ගූග්ල් එකවුන්ට් එකේ අමුත්තෙක් උන්න කියල?...ඔව්..ඉතින් අපි ලංකාවෙ උපන් මිනිස්සුනෙ ගෙදරකට අමුත්තෙක් ආවාම එලවල දාල දොරවල් වහගන්නෙ නැහැනෙ...මම එයාට හලෝ කිව්ව..
එයාට නමක් තිබුනෙ නැහැ..''ආදර කතාව'' කියන නමින් එයා උන්නෙ...ඒ එයාගෙ බ්ලොග් එකේ නම..මේ කතාව ලියන්න පහසු වෙන්න දැන් මම එයාට නමක් දාන්නම් එයාගෙ නම 'රාජ්' කියමුකො...රාජ් ගෙ මේල් ලිපිනයෙ තිබුනෙ එයාගෙයි, එයා අර ආදර කතාවෙ කියන ගෑනු ලමයගෙයි නම එකතු කරල...මම ඒ ගෑනු ලමයව මෙතන ඉඳන් හඳුන්වන්නම් 'අනුත්තරා' කියල...ඉතින් එයාගෙ මේල් නම තිබුනෙ..''රාජ් අනු'' වගේ නමක් හොඳේ?
රාජ් එදා මා එක්ක චැට් කලා..එයා ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න බව කිව්ව..එයාගෙ පදිංචිය මීගමුවෙ කිව්ව..මාත් මීගමුව ටිකක් දන්න නිසා මීගමුවෙ කොහෙද ගෙවල් ඇහුවාම එයා කිව්ව ''සාන්ත අන්තෝනි පාරෙ'' කියල.......එයා බ්ලොග් එකේ ලිව්ව විදියටම එයා ජීවත් උනේ අම්මත් තාත්තත් විවාහ වෙලා උන්න අයියත් නෑනත් එක්ක ...ඒ පලමු දවසෙ අපි සාමාන්‍ය යාලුවො උනා.....
දෙවන දවසෙ මම වැඩ ඇරිල ඇවිත් ඔන්ලයින් එද්දි එයත් උන්න...එදා එයාගෙ නම ''ලව් ස්ටෝරි'' කියල වෙනස් කරල තිබුන...එයා මගෙන් ඇහුව ඔයා ස්කයිප් එකේ ඉන්නවා නේද කියල..මම ඔව් කිව්වාම එහෙනම් එන්න ඒකට කිව්ව....මම ස්කයිප් එකට ගියා.....ඒ වෙනකොටත් එයා මාව එයාගෙ එකවුන්ට් එකට ඇඩ් කරන් උන්නෙ..එයාගෙ නම තිබුනෙ ''ආදර කතාව'' කියල....
මම ස්කයිප් එකට ගියාම මෙයා එකපාරටම මට කෝල් එකක් ගත්ත....ඒ වගේ දෙයක් වෙන කෙනෙක් කලා නම් මම කොහෙත්ම රිප්ලයි කරන්නෙ නැහැ..ඒත් රාජ් ගැන මම බ්ලොග් එකෙන් කියවල තිබ්බ දේවල් අනුව එයා අහිංසකයෙක්..! එයා හදවත් රෝගියෙක්..! අවංකවම කියනවා නම් මට උවමනා වෙලා තිබුනෙත් එයා එක්ක කතා කරන්නයි...එයා ගැන දැන ගන්නයි..ඉතින් මම හෙල්ලෝ කිව්වාම එයා කතා නොකර අහගෙන උන්න...කීප වතාවක් මම කතා කලත් එයා කතා කලේ නැහැ..පස්සෙ මම චැට් එකෙන් ඇහුවා ''ඇයි ඔයා කතා කරන්නෙ නැත් නම් කෝල් එක ගත්තෙ?'' කියල..එයා ලියල එව්ව ''මට හෙඩ්සෙට් එකක් නැහැ'' කියල..මට දුක හිතුන ඒකට...පස්සෙ එයා ආයෙමත් කිව්ව ''ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල බලන්නයි කතා කලේ'' කියල..ආයෙමත් එයා එදාම කිව්ව ''ඔයා අනුත්තරා වෙන්න ඇති කියල මම හිතුවා'' කියල.........


රාජ් මගෙ පොඩි අයියගෙ වයසෙමයි..එයා මට කතා කලෙත් 'නංගි' කියල..මාත් එයාට අයියෙ කිව්ව..තවත් දවසකට පස්සෙ රාජ් මගෙන් ඇහුව '' නංගි අර බ්ලොග් එකේ දාල තියන පොටෝ එක ඔයාගෙමද?'' කියල...මම ඔව් කිව්වාම ''එහෙනම් ඔයාගෙ සම්පූර්ණ පොටෝ එකක් මට බලන්න එවන්නකො අපි යාලුවොනෙ, මගෙ යාලුව මොන වගේද කියල මට ආසයි බලා ගන්න'' කිව්වාම මම එයාට මගෙ පොටෝ එකක් දුන්න...ඒ පොටෝ එකේ මම උන්නෙ සායක් බ්ලවුස් එකක් ඇඳල,ශීත කාලෙට අඳින කලු දිග මේස් ඇඳල(ස්ටොකින්ස්)කලු දිග බූට්ස් දෙකක් දාල....(මම මේකෙන් අදහස්  කලේ ඒක සම්පූර්ණයෙන් ඇඟ වැහෙන්න ඇඳල ගත්ත වැදගත් විදියෙ පොටෝ එකක් කියල කියන්න විතරයි.)


ඉතින් අපි යාලුවො උනේ ඔය විදියට...මට නෙට් එකේ තව යාලුවො 4 දෙනෙක් උන්න...මේ වෙද්දි රාජ් එයාගෙත් අනුත්තරාගෙත් කතාව ලිවීම නතර කරල උන්න..ඒ වෙනුවට එයා ගැන දුක හිතෙන විදියෙ දේවලුත්,සින්දුත් පළ කලා බ්ලොග් එකේ......ඔය අතරෙදි එයා දවසක් ලිව්වා පොඩි කාලෙ, එයාගෙ ගෙදර අනෙක් අය එයාට බොරුවක් කියල රවට්ටලා වෙන ගෙදරක දාල අනිත් නෑයො යාලුවො එක්ක නුවර එලියෙ විනෝද ගමනක් ගිය පුවතක්...එදාත් සුපුරුදු විදියට රෑ ඔන්ලයින් ඇවිත් මම ඒක ගැන විස්තර ඇහුවාම එයා ගොඩාක් දුකින් ඒ අම්මල එයාව දාල ගිය ගමන ගැන කිව්වෙ..ඒ සිදුවීම වෙලා හරියටම මාසෙකින් එයාගෙ මල්ලිත් එයාව සදහටම දාල ගියා කියල එයා ඇඬුව...!  රාජ් මා එක්ක වැඩිපුරම කතා කලේ එයාට උන වෙනස් කම් ගැන......එයාව තනි කරපු විදි....එයාට නොසළකා හැරපු හැටි......මම එයාගෙන් ඇහුව ඒ ඇයි එහෙම අම්මල කරන්නෙ කියල එයා කිව්වෙ ඒ කතාව වෙන දවසක කියන්නම් කියල...දැනට එයා කාත් කවුරුවත්ම නැති අනාතයෙක් කියල විතරක් හිතේ තියාගන්නයි කිව්ව..........


ඔය අතරෙදි තමා එයා මට කිව්වෙ ඔෆිස් එකේ වැඩකට දෙවෙනි වතාවටත් එයාට ඉන්දියාවට යන්න වෙලා කියල...ඊට පහුවෙනිද රෑ එයා යන්න කලින් මම එයාට ''සුභ ගමන්'' කිව්වාම...''අනේ මාව අඬවන්න එපා'' කිව්ව එයා....ඇයි අනුත්තරාත් එයාට ඒ විදියටම සුභ ගමන් කිව්වලු......එයා මට කිව්වෙ අනුත්තරා එයාට ආදරේ කියල, පස්සෙ කිව්වලු එහෙම කිව්වෙ විහිලුවට කියල.....(අනුත්තරා ගැන මගෙ හිතේ තිබ්බෙ පුදුම තරහක්)


ඉතින් රාජ් එදා රෑ එකොලහකුත් ගානට කටුනායක එයාර්පෝර්ට් එකෙන් ඉන්දියාව බලා පිටත් උනා..........

19 comments:

  1. එක පාරක් කතා කරපු කෙනෙක් ඉල්ලපු පලියට ෆොටෝ දෙන්න ස්කයිප් කතා කරන්න යන්නෙපා. ගොඩක් වෙලාවට අසරණ කමක් පාලා වෙන පල ප්‍රයෝජන ගන්න එවුන් මේ සයිබර් ජාලයේ ඉන්නවා !!!!

    ReplyDelete
  2. මගේ නම තියනව දැකල ආවෙ.බලනකොට මමනෙවේ.(මගේ යාලුව RAJත් නෙවේ මං හිතන්නෙ.මේක කතාවක්ද ඇත්ත සිද්ධියක්ද? ඇත්ත නං ෆොටෝ යැවිල්ල හොද නෑ.

    ReplyDelete
  3. @මධුරංග......ඔව් ඔයා හරි..ඒ බ්ලොග් එකෙන් මම එයාව සෑහෙන කාලයක් හඳුනගෙන උන්න නිසා එහෙම කලේ.....ඒත් මම වැරදියි...ඒත් ආයෙ කවදාවත් නොවරදින්න පාඩමක් එගෙන ගත්තා...

    ReplyDelete
  4. @රාජ්....එයාගෙ නම රාජ් නෙවේ..ඒක මම අද මේ කතාවට දාපු නම... සොරි....ඔව් ඔයා කියන දේ මම පිළි ගන්නවා..මම එයාව මාස දෙකක් බ්ලොග් එකෙන් අඳුනගෙන උන්න ඊට කලින්....

    ReplyDelete
  5. සයිබර් මිතුරො ආශ්‍රය පරිස්සමෙන් නගෝ.අපි දන්නෙ නැනේ එයාල හරියටම කවුද කියලා.

    ReplyDelete
  6. ඔව්..නදී දැන් මම දන්නව....මට ඔය කතාව මගෙ අය්යල දෙන්න කිව්ව හිසේ කෙස් ගානට....ඒත් මට ඒක තේරුම් ගන්න ගොඩාක් කල් ගියා....

    ReplyDelete
  7. මෝඩ වැඩක් නේ කරලා තියෙන්නේ..මොකටද පොටෝ අරින්නේ දවසෙන් දෙකෙන් අදුරගත්ත අයට...ටිකක් හිතලා වැඩ කරන්න තිබ්බා....ඉතින් ඊට පස්සේ මොකද උනේ?

    ReplyDelete
  8. @ඔබ නොදු‍ටු ලොවක්..... මම එයාව කලින් අඳුනගෙන උන්නෙ බ්ලොග් එකෙන්...කාත් කවුරුත් නැති අනාථ අහිංසක කොල්ලෙක් විදියට...ඒ වගේම කෙල්ලෙකුගෙන් බූට් කාලා අඬ අඬ ඉන්න පරාජිතයෙක් විදියට....

    ReplyDelete
  9. nangi ona kenekta adagena enna puluwan api atharata.eth mathaka tiyaganna me loke vesvalagatta murgayoth inna bava

    ReplyDelete
  10. දුක කියාගෙන එන හමොම ඔයා හිතන තරම් හොද අය නෙවේ නගේ.බෑටලු වෙසින් එන වුර්කයො වගේ තමා ගොඩක් අය.

    ReplyDelete
  11. @sevanalla...
    ඔව්..ඔයා හරි මේ කතාවෙ ඉන්නෙත් ඒ වගේ එකෙක් තමා....හප්පා..අඬපු ඇඬිල්ලක්..!! ඉකි ගහපු තරමක්..!! ඇයි මොකටද?....කෙල්ලො රවට්ටන්න....සික්...!! කියවගෙන යන්නකො ඉදිරියට හොඳේ???

    ReplyDelete
  12. හරිම අහිංසකයි වගේනේ...:DDD

    ReplyDelete
  13. priyantha ..
    හ්ම්ම්ම්ම්....හ්ම්ම්ම්ම්ම්ම්...!!

    ReplyDelete
  14. hm.. මමත් ඔය කියන කෙනාගේ කතාව කියවලා තියෙනවා. ඔය කතාව මට විශේශ වෙන්න ලොකු හේතුවකුත් කතාව ඇතුලෙම තිබුනා, මටත් ඔය දේම හිතට දැනුනා, දරාගන්න බැරි දුකක්, හැබැය් පූරුවෙ පිනකට මම මහම මහ බය ගුල්ලියක් ඉතින් මම එයාට කමෙන්ට් කලේ නැහැ. මොනවා උනත් ඔයා මේ ගැන ලියපු එක හොඳය්.

    ReplyDelete
  15. ඔයා එහෙනම් පූරුවෙ පිනකට බේරුනා කියල හිතන්න සමාදි......කියවගෙන යන්නකො ඉදිරියට හොඳේ?....ආදරෙන් පිලිගන්නව ඔයාව අළුපාට හැන්දෑවට.....

    ReplyDelete
  16. හරි මම හිතුවා... සයිබර් ලෝකයෙක් තමයි...

    රාජ් කියන නම් නම් අවුලක් නගෝ... මොකද බ්ලොග් අවකාශෙ රාජ් ල දෙන්නෙක්ම ඉන්නවනේ... ඒ දෙන්න ගැන වැරදි වැටහීමක් එන්න පුළුවන්.

    ReplyDelete
  17. පිස්සා පලාමල්ල .....
    බ්ලොග් අවකාශෙ ඉන්න අපේ යාලු රාජ් ල දෙන්නව මම දැක්කෙ පස්සෙ අයියෙ....ඒත් මම එයාලට පැහැදිළි කලා.....මේ මම කියන ''රාජ්'' බ්ලොග් අවකාශෙ නැහැ..එයා ඉන්නෙ වෙන වෙන නම් ගොඩකින්..හික්ස්..!!

    ReplyDelete
  18. මමත් මේ කතාව කියවන්න පටන් ගත්තා.
    මම මුලින් බැලුවේ "රාජ්ගේ ජීවිත කතාව" කියන කොටස. ඊට පස්සේ තමයි ටික ටික ආපස්සට ගියේ
    මුලින් හිතුනේ ප්‍රබන්ධයක්‌ කියලා.
    ඒත් මේක බැලුවහම තමයි තේරෙන්නේ ඇත්ත කතාවක් බව.
    ජාල මිතුරු සබන්ධයන් වල හොඳ නරක දෙකම තියෙනවා, ඒත් කිරිල්ලියෙකුගේ පැත්තෙන් බැලුවහම නරක බොහොම වැඩියි.
    ඒ නිසා පරිස්සමින් පියාඹන්න ඕනේ.
    ගොඩක් මිනිස්සු උඩින් පෙන්නන තරම් ඇතුලෙන් සුන්දර නැහැ

    ReplyDelete
  19. ලොකු පුතා .....
    ඔයාවත් ආදරෙන් පිළිගන්නවා අළුපාට හැන්දෑවට ගොඩක් ස්තූතියි.....ඔව් ඔයා හරි..මම හිතන්නෙ මට මේ ජාලය ගැනවත්,නියම මිතුරු මිතුරියො ගැනවත් අත්දැකීම් තිබුනෙ නැහැ....අනික මගේ තිබුන(දැනටත් තියන.)ලොකුම දුර්වල කම තමා අනිත් අයත් මම වගේ කියල හිතන එක....!

    ReplyDelete