My Blog List

Sunday, 16 October 2011

මම දැකපු මුල්ම බ්ලොග් එක.............

(අළු පාට හැන්දෑව 1)


මම  ලංකාවෙදි පාසැල් ගියෙ 4 වසරට විතරයි.තවත් අවුරුදු 10 ක ඉගෙනගැනීමේ යුද්ධයක විරාමයක් එක්ක ටික දවසක් නිදහසේ ගෙදරට වෙලා උන්නෙ මම...ඒ 2009 දෙසැම්බර් මාසෙ........
ඉගෙන ගන්න කාලෙ මට අන්තර්ජාලෙ යාලුවො ඇසුරු කරන්න කාලයක් තිබ්බෙ නැහැ.පාසැල් වේලාවෙන් පස්සෙ හැමදාම හවසටත්, රාත්‍රි කාලයෙත් අමතර පන්ති යන්න සිදු උනා.සති අන්ත වල අපි ගෙදර උන්නෙ නැහැ.අම්මට යහලු යෙහෙළියො ගොඩාක් උන්නා අපි ඇවිදින්න ගියා නැත්නම් අය්යල ඉන්න රටට ගියා.එහෙමත් නැත්නම් අය්යල ගෙදර ආව.අපි දුර විනෝද ගමන් ගියා.මගෙ තනි පාවිච්චියට මටම කියල ලැප්ටොප් එකක් හම්බ උනෙත් ඒ කාලෙ.ඒ එක්සෑම් පාස් උනාට මට ලොකු අය්යගෙන් ලැබුන තෑග්ග.......
පාසැලෙත් පිටත් යහලු යෙහෙලියො හිටියට ඒ අය එක්ක ගොඩක් ලඟ ඇසුරක් පවත්වන්න මම කවදාවත් කැමති උනේ නැහැ.ඒකට එකම ඇත්ත හේතුව අවුරුදු 10 ක් බටහිර රටක හිටියත් බටහිර කෙල්ලෙක් විදියට හුරුවෙන්න,හැඩගැහෙන්න මට බැරි උන එක..මගෙ හිතේ තිබ්බ අකමැත්ත........
සියලු සැප සම්පත් ලැබිල කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් ජීවත් උනත්,මම හිතින් ජීවත් උනේ මගේ රටේ..අපේ ගමේ..අපේ මහ ගෙදර..මගෙ පුංචි කාලෙ යහලුවො එක්ක...මට ගොඩාක් ආදරේ කරපු නැන්දල එක්ක..අපේ භාශාවෙන් කතා කරන්න..විහිලු කරන්න..සිංහල පොත්,පත්තර,සඟරා කාමරේ ගොඩගහන් උන්න මම....ලංකාවෙ යහලුවො ඇතිකරගන්න ගොඩාක් ආසාවකින් උන්න නිසාම ස්කයිප් එකවුන්ට් එකක් හදන් යාලුවො කීපදෙනෙක් එකතුකර ගත්තා......
දවසක් ඒ ස්කයිප් යාලුවෙක් මට දුන්න බලන්න කියල සිංහල බ්ලොග් එකක්.ඒක තමා මම මගෙ ජීවිතේට මුලින්ම දැකපු බ්ලොග් එක......කවදාවත් බ්ලොග් එකක් දැකලවත් කියවල වත් පුරුද්දක් නැති කම නිසා මට ඒක පෙනුන් නිකම් තේරුමක් නැති දෙයක් වගේ..උඩින් මත්තෙන් කියවල ඩිලිට් කලා.......
එදා රෑ මට හිතුනා ඒ බ්ලොග් එක හොඳට කියවල බලන්න ඕනෙ කියල..ආයෙමත් හොයාගෙන කියවන්න ගත්ත(පෙර ආත්ම වල කල පව් අපි පසු පස එනවලු..ඒ ගැන දැන් මට හිතෙන්නෙ මෙහෙම.)
ඒ වෙද්දි කතා කොටස් 3 ක් 4ක් විතර ලියල තිබුන ඒ බ්ලොග් එක ලිව්ව කෙනා තමාව හදුන්වල දීල තිබුනෙ...''ජීවිතේ පුංචි කාලෙදිම තනිවෙලා..ඒ තනිකම ජීවිතේ උරුමය කර ගත්ත..තවත් එක කරුමක්කාරයෙක්..'' කියල.(පස්සෙ මේක එයා ටිකක් වෙනස් කලා.)
එයා ලිව්ව විදියට ඒ දවස්වල එයා උන්නෙ අගනුවර පෞද්ගලික රෝහලක.එයාගෙ හදවතේ සැත්කමක් කරන්න නියම වෙලයි උන්නෙ..එයා කියල තිබුන ඒ සැත්කමින් පස්සෙ ආයෙමත් එයාට අපි අතරට එන්න ලැබෙයිද,එයා අවසන් ගමන් යාවිද හරියටම කියන්න බැහැ කියලා.....
මේක කියෙව්වාම මට මහා දුකක් දැනුනා...හුස්ම ගන්න බැරිවෙන්න එක පාරටම යකඩ ගුලියක් පපුව ඇතුලෙ හිර උනා වගේ දැනුනා..මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු..රාජකුමාරියෙකුට වගේ සැප සම්පත් දීල..ඇස්දෙක වගේ මාව ආරක්ශා කරන් හදල,  අන්තිමට අගනුවර පෞද්ගලික රෝහලකදි අපිව සදහටම දාල ගිය මගේ ලෝකෙ හිටපු එකම දෙවියව මට මතක් උනා......ඒ මගේ තාත්තව....



26 comments:

  1. ඉතිං ඉතිං ඊට පස්සේ මොකද උනේ?

    ReplyDelete
  2. @පූසා...... ඊට පස්සෙ නේද?...හ්ම්ම්ම්..............

    ReplyDelete
  3. තව කතාකාරියක්....!

    (සුභ පතනවා දිගටම ලියන්න. මං අහලා තියෙන විදියටනම් අලු පාට හැන්දෑව ගොඩක් ලස්සනයි...!)

    ReplyDelete
  4. @prasanna86k.. ඔව්. අළුපාට හැන්දෑවක් ගොඩාක් ලස්සනයි..රකුසු ඇස් වලට හසු නොවෙනවා නම්....ස්තූතියි ..!

    ReplyDelete
  5. තවත් බ්ලොග්කාරියක්. සාදරයෙන් පිලිගන්නවා නගේ.. :)

    ReplyDelete
  6. @..ChAnDiKa.. ගොඩාක් ස්තූතියි අය්යෙ...අළුපාට හැන්දෑවට සාදරයෙන් පිළිගන්නව ඔයාව...!!

    ReplyDelete
  7. සංවෙදි කතාවක්,ඉපදුනු අපට අනිවාර්යෙන් මෑරෙන්න වෙනවා,ඒක දෑන් වෙයිද හෙටවෙයිද අපි දන් නෑ ඇත්තටම අපි කාටත් වරදක් නොකර ජීවත් වීමයි වෑදගත් වන්නේ

    ReplyDelete
  8. මම හිතන්නේ ඔයා ඔයකියන බ්ලොග් එක තමයි මමත් මුලින්ම කියෙවුවෙ
    "ආදර කතාව" කියන බ්ලොග් එක නේ.

    ReplyDelete
  9. ඉතින් කතාව කියන්නකො අපි අහන් ඉන්නෙ

    ReplyDelete
  10. නවක බ්ලොග් ලියන්නඉයව සාදරයෙන් පිලිගන්නවා !!!
    දිගටම ලියන්න අපි ඔයත් එක්ක ඉන්නවා !!!

    ReplyDelete
  11. @අසoක... ඔව් ඔයා හරි..අපි මැරෙණ මිනිස්සු..ඒත් මේ බව හිතන්නෙ කීයෙන් කී දෙනාද?...ස්තූතියි..

    ReplyDelete
  12. @මහිම.. ස්තූතියි මහිම..රැඳී සිටින්න...!!

    ReplyDelete
  13. @නදී.. අළු පාට හැන්දෑවට ඔයාව ආදරයෙන් පිළිගන්නවා....ස්තූතියි..!

    ReplyDelete
  14. @මධුරංග.. මේ කතාව කියන්න හිතට ලොකු හයියක් ඕනෙ මට...ඒක ඔයාලගෙන් ලැබෙනවා..ගොඩාක් ස්තූතියි..!

    ReplyDelete
  15. ලංකාවේ හුගක් මිනිස්සු පිටරටවලට ගියාට පස්සේ තමන්ගේ රටේ සිරිත් විරිත් ඔක්කොම අමතක කරලා දානවා.ඒ අතින් ගත්තම ඔයා ගොඩක් ඉහලින් ඉන්නේ

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ~ Rajith ~ ස්තූතියි රජිත්...මම මගෙ තාත්ත වගේ..එයා ලංකාවට ආදරෙයි..දුප්පත් මිනිස්සුන්ට ආදරෙයි..කවදාවත් කැමති උනේ නැහැ බටහිර සිරිත් වලට වත්,මෙහෙ මිනිස්සුන්ටවත්..ඒ වගේම එයා සල්ලි වලට කෑදර කම් කලෙත් නැහැ..සල්ලි ගොඩ ගැහුවෙත් නැහැ...ගොඩාක් හොඳ මිනිස්සුන්ව දෙවියො ඉක්මනින්ම එයා ගාවට ගන්නවා..දෙවියොත් ඒ තරම් ආත්මාර්තකාමී නම් මනුස්සයො ගැන මොනා කියන්නද නේද??

    ReplyDelete
  18. digatama liyanna api oyath ekka innava

    ReplyDelete
  19. ගොඩාක් ස්තූතියි..ආදරෙන් පිළිගන්නව ඔයාව.. අළු පාට හැන්දෑවට සෙවනැල්ලක් වගේ...!!

    ReplyDelete
  20. කියන්නකො බලන්න කථාව ..අහගෙන ඉන්න පුළුවන්ද කියල බලන්නං....

    ReplyDelete
  21. මේක කියෙව්වම මට මතක් වුනේ මගේ තාත්තාව :((

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න පුලුවන්.....සොරි....

      Delete
  22. මමත් කියවගෙන යනවා. අර මහිම කියපු එක හරිද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දු කෙල්ලේ.......ඔව්..මහිම හරි.....!!

      Delete
  23. කිරිල්ලිව දැකලා ටික දවසක්, කාර්ය බහුලත්වය නිසා කියවන්න බැරි වුන, එත් ඔන්න පටන් ගත්තා ...දැන් ඉතින් දිගටම කියෝනව මුල ඉඳන්ම

    ReplyDelete
    Replies
    1. සුදුමුවාව කිරිල්ලි ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට....එහෙනම් කියවගෙන එන්නකො........:)

      Delete