My Blog List

Wednesday 19 October 2011

කිරිල්ලිගෙන් ඉල්ලීමක්............


(අළු පාට හැන්දෑව 3)


අළු පාට හැන්දෑවෙන් ඔයාලව හමුවෙන්න වින්චැට් කිරිල්ලි අදහස් කලේ..ඔයාලට ගොඩාක් වැදගත් පනිවිඩයක් ගෙනෙන්නයි..අනතුරු ඇඟවීමක් කරන්නයි..ඒත් කිරිල්ලිට දැන් දැන් හිතෙනව හෙමින් හෙමින් මේ කතාව කියාගෙන යන අතර තුර තව කීදෙනෙක්ව රකුස බිලි ගනීවිදෝ කියල...ඒ නිසයි අකමැත්තෙන් උනත් මේ වගේ පෙර දැන්වීමක් කරන්න හිතුනෙ.....

ආදරණීය අම්මේ,තාත්තේ,අයියේ,අක්කේ..........මම මේ කියන්නෙ ඔයාල ඔක්කෝටමයි...නංගියේ,මල්ලියේ,

තමුන්ගෙ ආර්ථික අගහිග කම් නිසාත්,මානසික අසාවන් වින්දනය සඳහාත්,මානසික ආබාධයන් නිසාත්,දැන් දැන් සමහරු ඉන්නව අපි අතරෙ ඉතාම ශූක්ෂම විදියට අහිංසක හොඳ මිනිස්සුන්ව රවට්ටල තමුන්ගෙ ලෙඩ මනස සුව කරන් ඒ අතරම කීයක් හරි කඩාගෙන තමුන්ගෙ ජීවිතෙ ඕන දේවල් ලබාගන්න, සපුරා ගන්න උදවිය...දැන්  අන්තර්ජාලය එයාල ඒ වැඩේට තෝතැන්නක් කරගෙන..අපේ ඇස්වහල..රවට්ටලා අපිව නොමග යවල අපෙන් අයුතු ප්‍රයෝජන අරන් එයාල අහක බලා ගන්නෙ අපේ ජීවිත එක්ක කරපු ඒ සෙල්ලමේ බරපතල කම ගැන වගක්වත් නැතුවයි.....
ඉතින් කෙනෙක්ව රවට්ටල,නොමග යවල තමුන්ගෙ වසඟයට අරන්,තමුන්ට ඕනා කරන දේවල් ලබා ගන්න මේ උදවිය නොකරන දෙයක් නැහැ...අන්තර්ජාලය ඔස්සේ මේක හරීම පහසු වෙලා තියනව මේ අයට....

මගේ කතාව කියවගෙන යන අතර තුර ඔයාලට තේරේවි,හීනෙකින්වත් හිතාගන්න,විස්වාස කරන්න බැරි තරම් අරුම පුදුම මිනිස්සු නේද අපි අතර ඉන්නෙ කියලා...ඇත්තටම උන් මනුස්සයො නෙවේ මිනිස් වෙස් ගත්ත දුස්ඨ රකුසො..!!  අමනුස්සයො..!!

මම මේ ලියාගෙන යන කතාවෙ ඉන්න රකුසත් ආන්න ඒ වගෙ එකෙක්..!! එයා එක එක වෙස් අරන් මතු වෙනවා..මේල් එකවුන්ට්ස් ගනනාවකින් පෙනී ඉන්නවා..බ්ලොග් කීපයක්ම ලියනවා..(මේ දවස් වල නම් ඒ සමහර බ්ලොග්ස් යට ගහන් ඉන්නෙ.) ඒවල එයා එයාගෙම ඇත්තම ජීවිත කතාව,ආදර කතාව, කිය කිය අපිව ඔයාලව රවට්ටන්න ලියන්නෙ,අමූලික පට්ටපල් තිත්ත පල් බොරු...!!!!
කාත්කවුරුත් නැති අනාතයෙක්...කවදාවත් ජීවිතේට මව් සෙනෙහස නොලැබුන කොල්ලෙක් ....කරුමක්කාරයෙක්....ජීවිතකාලෙම තනියම ජීවත්වෙන අහිංසකයෙක්...තමුන්ගෙම අම්මා අවජාතක කමට වදාගත්තු,ඒ නිසා ලොකෙන්ම හිංසා පීඩා විඳින දරුවෙක්.....යන එන මං නැතුව කිසිකෙනෙක් නැති බෝඩිං කාමරේක ජීවත් වෙන කන්තෝරු කාරයෙක්....පොඩි දරුවන්ට මහාත් උපකාර කරන වැදගත් මහත්මයෙක්....ඉතා ඉක්මනින් තමා මැරෙණ බව කියන හදවත් රෝගයකින් පීඩා විඳින්නෙක්...... 
මෙන්න මේ විදියටයි මේ රකුසා එයාගෙ බ්ලොග් වලින් අහිංසකයින් රවටන්නේ.....අනිත් මනුස්සයින්ට තමුන්ගේ දුක කිය කිය ඇත්තටම ඉකි ගහ ගහ අඬන්න මෙයාට ඇත්තේ සහජ පලපුරුද්දක්...!! මේ බව මා හැර තව දන්න අය සිටිනවා.....!!!  මෙන්න මේ විදියෙ වෙස් අරගෙනයි මේ රකුසා එන්නෙ..

මේ රකුසගේ ඇත්ත හැබෑ ජීවිත තත්වය සොයා ගන්නට ලැබුනේ මට විතරයි...මගේ කථාවෙ අවසන් හරියෙදි මම ඔයලා හැමෝටම කියන්නම් මෙයාගෙ ඇත්තම වගතුග.....එතකම් මම ඔයාල හැමෝගෙන්ම ගොඩාක් කරුණාවෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා...අනේ මේ අමනුස්සය ගැන අවධානයෙන් ඉන්න....!!!!

මෙයාට අහුවෙලා, මෙයාගෙ මායාබන්ධනයට කොටුවෙලා දුක් විඳින තව එක අහිංසකයෙක් හෝ මට බේරාගන්න ලැබෙනවානම් ඒකයි මගේ මේ ප්‍රයත්නය...එකම පැතුම..!!

ස්තූතියි ඔයාල හැමෝටම..

මම - වින්චැට් කිරිල්ලී..........

22 comments:

  1. මේ මොකද්ද මේ වින්චැට්?

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කලාට. මම නම් මේ ගන දැනගෙන හිටියෙම නෑ. අපිට ඉදිරියේදිත් විස්තර කියන්න.

    ReplyDelete
  3. හප්පේ මේ මම ගැන නෙමෙයි නේද කියන්නේ ??????

    ReplyDelete
  4. @prasanna86k..... ඔයා අදහස් කලේ මම ලිව්ව එකද? නැත්නම් 'වින්චැට්' ද?...මම ලියන්නෙ ඇත්ත සිදුවීමක්,මට උන දේ ගැන.....'වින්චැට්' කියන්නෙ මෙහෙ ඉන්න ලස්සන කුරුල්ලෙක්...!

    ReplyDelete
  5. @මධුරංග......ඔව්..අයියෙ....මම කියන්නම් ඔක්කොම...ඒ අතර සෙවිල්ලෙන් ඉන්න...

    ReplyDelete
  6. @ඔබ නොදු‍ටු ලොවක්..... හී....හී....ඔයත් රකුසෙක්ද?

    ReplyDelete
  7. ඔන්න මාත් මේ පැත්තට ගොඩඋනා. කිරිල්ලියක් මේ වැඩේට අත ගැසීම සතුටුයි. කිරිල්ලි ලියනා දේට වචනයකින් හරි හයියක් වෙන්නම්..
    සුභ පැතුම්..

    ReplyDelete
  8. මෙ නම් නඟා මන් ගැනම තමයි කියලා තියන්නෙ.. :D

    ReplyDelete
  9. @priyantha... ස්තූතියි අයියෙ....ඔයාලගෙ දයාබර හිත් ලඟ තනියක් දැනෙන්නෙ නැහැ මට...ඔව් මම දිගටම යනවා ....

    ReplyDelete
  10. @රවා... රකුසො ඉන්නෙ ඔය පැත්තෙ තමා...මේ ඇත්තටම ඔයත් එකෙක්ද?..හික්ස්...අපි බයවෙයි බලාගෙන...!!

    ReplyDelete
  11. කිරිල්ලියේ මට හිතෙන්නේ ඇයි මම ඔයාව දන්නවා කියලා. කොහොම උනත්, ඔයා මේ විදියට අනතුරු අඟවන එක හොඳයි...:)

    ReplyDelete
  12. Good job වින්චැට් කිරිල්ලී.....Keep it up.... & All the best!!! I'm always with u......

    ReplyDelete
  13. @Podi Kumarihami....මම ඔයාව දන්නවා පොඩි කුමාරිහාමි...කිරිල්ලි හොරෙන් හොරෙන් ඔයාගෙ වළව්වට ඇවිත් යනවා..ඒත් ඔයා දන්නෙ නැහැ.. ගොඩාක් සතුටුයි ඔයා කිරිල්ලිව බලන්න ආවට...ස්තූතියි...!

    ReplyDelete
  14. @Thush .......ගොඩාක් ස්තූතියි තුශ්.....මම දන්නවා....හැමදාම මට මේ වගේ හයියක් වෙන්න...!!

    ReplyDelete
  15. good work ! අනෙක් අයව හරි මෙවැනි දරුණු පුද්ගලයින්ගෙන් මුදා ගැනීම හොඳයි. ඔබේ වෑයම සාර්ථක වේවා

    ReplyDelete
  16. @AnithKona.....ස්තූතියි...සමහරු මා ගැන වැරදි අවබෝධයෙන් කථා කරනවලු....ඒත් කතාව කියවගෙන යන්න.....

    ReplyDelete
  17. හරි... මගේ එක ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා....

    ReplyDelete
  18. පිස්සා පලාමල්ල.......
    අළුපාට හැන්දෑවට ආවට ගොඩාක් ස්තූතියි....ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝම අහන්න..ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව.....

    ReplyDelete
  19. අනිවා.. පරිස්සම් වෙන්න ඕනා විශේෂයෙන් ගැහැණු ළමයි.

    ReplyDelete
    Replies
    1. ආදරේ ලඟ බොළඳ වෙන අපිට පරිස්සම් වෙන එක අමතක වෙන වෙලාවල් තියනව වර්ණා...!

      Delete
  20. මගේ නම් කුතුහලය දැන් හොඳටම ඇවිස්සිලා.

    ReplyDelete
  21. හෙ,හේ.....කියවගෙන යන්නකො හෙමින්.......

    ReplyDelete