දවස් 3 ක් ගත උනා..මම කල්පනා කලේම රාජ් ගෙ ජීවිතේ ගැන..අහිංසක කම ගැන..ඒ වයසෙ කොල්ලෙකුට එහෙම ජීවත් වෙන්න පුලුවන්ද..ලස්සන තරුණ කාලෙ..සතුටින්ම ඉන්න ඕන කාලෙ..???
හතරවෙනි දවසෙ එයා ඇවිත් හවස ඔන්ලයින් උන්නා..ගිය ගමන සාර්ථකයි එයා හොඳින් කිව්ව..අපි වෙනදා වගේ කතා කලා..මේ කාලෙ එයා සති අන්තෙ දවස් දෙක බම්බලපිටියෙ esoft එකට පන්ති ගියා..ඒ යද්දි උදේ ට බස් එකේදිත්,දවල්ට කෑම වෙලාවෙදිත්,හවස පන්තියෙන් එලියට ආවමත්,මට කෙටි පණිවිඩ එව්ව.මිස් කෝල්ස් දුන්න..පස්සෙ ගෙදර එන්න බස් එකට නැගල මීගමුවට එනකම්ම මා එක්ක පෝන් එකේ ස්කයිප් එකෙන් කතා කර කර එන්නෙ..උදේ නැගිටපු ගමන්, දවල් කෑම වෙලාවට, නොවරදවාම මට කෙටි පනිවිඩයක් දෙනවා..මිස් කෝල් එකක් දෙනවා..ගෙදර අය එක්ක ගමනක් ගියත්, නෑ ගෙදරක ගියත්,අම්ම එක්ක ටවුන් එකට බඩු ගන්න ගියත් හොරෙන් පැත්තකට වෙලා මට කතා කරන්න එයා පුරුදු වෙල උන්න....මට මතකයි දවසක් ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙදර අය එක්ක විවේක කාලෙදි එලියට දුවන් ඇවිත් මට කතා කලා...එදාම රෑ ෆිල්ම් එකෙන් පස්සෙ රෑ කෑම කන්න හොටෙල් එකකට ගිහිනුත් මා එක්ක කතා කලා...ඔෆිස් එකේ ඉන්න වෙලාවට දවල්ට ටික වෙලාවක් මා එක්ක චැට් කරන එයා හවස වැඩ අරුන ගමන් මට කෙටි පණිවිඩයක් එවනව ''නංගි මම වැඩ ඇරුනෙ දැන් ඉක්මනින් ගෙදර එනවා'' කියල.....එහෙම නැත්නම් ''නංගි මම අද පරක්කුයි ඉක්මනින් එන්නම්'' කියල....
මම එයාගෙ ටෙලිපෝන් කෝල් වලට එක පාරම පිලිතුරු දුන්නෙ නැහැ..එයා කෝල් කරපු හැම වෙලාවකම ඒක කට් කරල මමයි එයාට ආපසු කෝල් කලේ...හේතුව මම පිටරටක රැකියාවක් කරන කෙනෙක්...මට ගන්න කෝල්ස් වලට එයාට ලංකාවෙන් ලොකු මුදලක් ගෙවන්න වෙනවා..රාජ් කිව්වෙ එයාගෙ මාසෙ වැටුප රුපියල් 22,000 ක් කියල...මගෙ වැටුප අනුව ඒක ගොඩාක් සුලු ගානක් නිසා මම හිතුව එයාගෙ සල්ලි වියදම් කරන එක පව් කියල.....අනික එයාට සල්ලි දෙන්න උදව් කරන්න කවුරුවත්ම හිටියෙ නැහැ..මට එහෙම නෙවේ..මගෙ අම්ම..අයියල මට කිසිම දේකින් අඩුවක් කලේ නැහැ..ඇත්තම කියනවා නම් මගෙ මාසෙ වැටුපෙන් එක සතයක් මට වියදම් උනේ නැහැ...
ඉතින් මම දවසක් එයාගෙන් අහුවා මට ගොඩාක් කල් ඉඳන්ම දැනගන්න ඕන වෙලා තිබ්බ එයාගෙ සම්පූර්ණ ජීවිත කතාව ගැන...ඒ කතාව එයා එදා මට කිව්වෙ මේ විදියට..........
''.......ඔය ඉන්න අයියට වයස අවුරුදු 2 දි අම්මි අයියවයි තාත්තිවයි දාල වෙන පිරිමි කෙනෙක් එක්ක පැනල ගිහින්.....ඒ කෙනාගෙන් තමා අම්මිට මාව හම්බවෙන්න ඉඳල තියෙන්නෙ......පස්සෙ ඒ මිනිහා අම්මිව දාල ගිහින්....අම්මි ආච්චිලගෙ ගෙදර මාව හම්බවෙන්න ඉන්නකොට මේ තාත්ති ආයෙමත් අම්මිව ගෙදර එක්ක ඇවිත්......මාව ඉපදුනාම මේ තාත්තිගෙ නම දීල මාව හදාගෙන......''
''......ඒ කියන්නෙ තාත්ත එක්ක ඉන්නකොටම ඔයාලගෙ අම්ම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලද?...''
''......ඔව් නංගියො...ඒකට වන්දි ගෙවන්නෙ දැන් මම.....''
''......ඔයාගෙ මේ තාත්ත ගොඩාක් හොඳ දෙවි කෙනෙක් වගේ කෙනෙක් නේද?....''
''.....ඔව් එයා හින්දයි මම තාමත් මේ දුක් විඳගෙන ලංකවෙ ඉන්නෙ...මට ඕස්ට්‍රේලියාවට යන්න ඔක්කොම ලෑස්තියි දැන්....ඒත් මේ තාත්ති මගෙම තාත්ති වගේනෙ.. මට එයා යන්න එපා කියනව....මම් මේ ඒක ගැන හිත හිත ඉන්නෙ....මට දුක මෙයාව දාල යන්න..මොනා කරන්නද මන්ද නංගි.. නොගියොත් තව ටික කාලයයි ඒ චාන්ස් එක මට නැති වෙනව...මට පිස්සු වගේ මේව කල්පනා කරල....''
''......මෙහෙමයි අයියෙ..ඔයා එහෙ යන්නෙ ස්ටඩි කරන්න නෙ?..ඔයා යන්න..තාත්තට ඒක තේරුම් කරල දීල ඔයා යන්න..ඔයාගෙ ඔය හිතේ තියන ඔක්කොම දේවල් එතකොට අමතක වෙල අලුත් ජීවිතයක් පටන් ගන්නත් ලැබෙනවනෙ...''
''....හ්ම්ම්..ඔව්..බලමුකො තව ටිකක්...එයා කියන්නෙ මට ඕනෙම නම් යන්නලු...''
මේ අතරතුර මම එයාගෙන් ඇහුව ...''ඇයි ඉතින් ඔයාගෙම අම්ම ඔයාට වෙනස් කම් කරන්නෙ ඔය විදියට..? එයා ඔයාට එපායැ වැඩියෙන්ම ආදරේ වෙන්න..? ''
''.....අනේ මන්ද නංගි එයාට මාව දකිද්දි එයාගෙ අතීතෙ මතක් වෙනව ඇති..එයා කරපු දේ මතක් වෙනව ඇති..මගේ ඇත්ත තාත්තිට එයා වයිර කරනවා..මාව දකිනකොට එයාව මතක් වෙනව ඇති..මටත් එයා වයිර කරනවා.....''
''....ඒක හරි පුදුම කතාවක්නෙ එහෙනම් ඇයි ඔයාව පොඩි කාලෙ ඉඳන් හදා ගත්තෙ? එහෙනම් ඔයාව ඒ කාලෙම අනාථ නිවාසෙකට දෙන්න තිබ්බනෙ...?''
''....ඒක තමා මාත් ඇහුව ඒක කීප වතාවක් ම..අම්මිට මාව පේන්නම බැහැ නංගි..මට බනිනවා උඹ ඇයි මගෙ බඩේ ඉපදුනේ කියල...අද උදේ වැඩට යද්දි මම යන්නම් කිව්වාම අපූරුවට හා කිව්ව කෙනා හවස මම ගෙදර ඇවිත් අම්මි රෑට මොනාද කන්නෙ කිව්වාම ..උඹට කන්න මෙහෙ නැහැ ගිහින් ඕනෙ දිහාවකින් කාපන් කිව්ව.....''
''.....අනේ මට නම් හිතාගන්නවත් බැහැ ඇයි ඔයාගෙ අම්ම එහෙම හැසිරෙන්නෙ කියල එයාට මොකක් හරි මානසික ගැටලුවක්..ඔයා එයා ගැන අනුකම්පා කරන්න ඔයා තරහ ගන්න එපා...එයා අයිය එක්ක කෝමද?...''
''....අයියට එයා පන වගේ...මට පේන්න එයාට වැඩියෙන් සලකනවා...මට ඇනුම් පද කිය කිය අයියට ආදරේ කරනවා...මම තනියම මගෙ කාමරේට වෙලා අඬ අඬ ඉන්නවා නංගියො...මම කා එක්කවත් කතා කරන්නෙ නැහැ..මට දැන් කන්න කෑම ටික හදල දෙන්නෙ නැහැ..මගෙ ඇඳුම් හෝදල තනියම අයර්න් කර ගන්නෙ මම...මට උයන්න දන්නෙ නැහැ..ඒත් බඩගිනි උනාම මොනා හරි හදා ගන්නවා..ඒවා මටම කන්න බැහැ..මම කොහේ හරි යනව යන්න නංගියො..මම මහා කරුමයක් කරල ඉපදිලා ඉන්නෙ..මට කාත් කවුරුත් නැහැ..මගෙ මල්ලියත් මාව දාල යන්න ගියා..එයා උන්න නම් අද මට මෙහෙම වෙන්නෙ නැහැ... මගෙ මේ කරුම අසනීපෙ නිසා මාත් ඉක්මනින්ම මල්ලියා ගාවට යාවි...දැන් 3 පාරක් එතෙන්ටම ගිහින් ආපහු ආව..එක පාරක් මම ජීවිතේ නැති කර ගන්න ගියා..එවෙලෙ මල්ලියගෙ මූන මගෙ ඉස්සරහ ඇත්තටම වගේ මැවිල පෙනුනා..පස්සෙ මම හිත හදා ගත්තා....''
''.....ඔයාට ඔය තරම් වෙනස් කම් කරද්දි එතකොට තාත්ත? එයා ඕව දන්නෙ නැද්ද...?''
''.....එයා නිතරම ගෙදර නැහැ...එක එක සයිට් වලට යනවා..දවස් දෙක තුන ගෙදර එන්නෙ නැහැ..එයා ගෙදර ඉන්න වෙලාවට අම්මි හොඳයි...''
''.....එතකොට ඔයාගෙ අයියා..? එයා කෝමද ඔයා එක්ක..?..''
''......එයාට පුංචි කාලෙ ඉඳන්ම මාව පේන්නම බැහැ...දන්න තේරෙන දා ඉඳන්ම මට වෙනස් කම් කලා..දැන් මට මේ ගෙදරිනුන් යන්න කියනවා..මේවා එයාට අයිති දේවල්...මට කියල කිසිම දෙයක් නැහැ.......''
''......ඔයාලගෙ නෑයො...ඔයාට යාලුවො නැද්ද?...''
''.......නැහැ නංගි.. මගෙ කිසිම යාලුවෙකුට මේ ගෙදරට එන්න දෙන්නෙ නැහැ අම්මි....අඩුම ගානෙ කෝල් එකක් ආවත් මට එදාට ගෙදර ඉඳල ඉවරයි...මේ තාත්තගෙ පැත්තෙ නෑයො මාව අයින් කලේ මාව කොන් කරල දැම්මෙ මම පුංචිකාලෙදිමයි...මම පවුලට එකතු උන කාලකන්නියෙක්ලු..මම අවජාතකයෙක්ලු...මට චුට්ටක් සලකනව මගෙ ආච්චි...අම්මි මා දිහා බැලුවෙ වත් නැහැ පොඩි කාලෙ ඉඳන්ම මාව හැදුවෙ ආච්චි...මල්ලි මැරුනට පස්සෙ මෙයාල 3 දෙනා ඉන්දියාවෙ තාත්තිගෙ යාලුවගෙ ගෙදර උන්න මාස 3 ක්...මම මෙහෙ ඉන්නවද මැරුනද කියල නිකම් එක කෝල් එකක් දීල හොයල බැලුවෙ නැහැ නංගි.......''
''....හප්පේ...මට නම් හිතාගන්නම බැහැ ඔයාගෙ අම්ම එහෙම කරනව කිව්වාම...මොනා කියන්නද කියල මට වචන එන්නෙත් නැහැ.....''
''.....ඔව් නංගි..මාත් ඉවසල ඉවසල බැරිම තැන මේ ඊයෙ පෙරේද කියල දුන්න එයාට හොඳ ඒවයින් ටිකක්....''
''......ඒ මොකෝ උනේ..ඔයා මොනාද කිව්වෙ එයාට...?''
''......අනේ මගෙන් ඒක අහන්න එපා නංගි.....මට ඒව ඔක්කෝම කියන්න බැහැ....මම ඇහුව එයාගෙන් පැනල ගිහින් කරගෙන ආව දේවල් වලට මමද දැන් පලි කියල......ඒත් මම ඒක කියල පස්සෙ එයාගෙන් වැඳල සමාව ඉල්ලුව.......''
එයාගෙ මේ කතාව අහල මට ඇත්තටම කතා කරන්න වචන හොයා ගන්න බැරි උනා.....එයා මේවා සමහරක් කිව්වෙ අඬ අඬ..මම ගොඩාක් සංවේදී හිතක් ඇතුව ඉපදුන කෙනෙක්...මට එවෙලෙ හිතුන දේවල් මේ දැනටවත් අකුරු කරන්න මට තේරුමක් නැහැ.....මේවා මා එක්ක කියන වෙලාවෙත් එයා ගෙදර උන්නෙ තනියම...අම්මල නෑදෑයෙකුගෙ ගෙදර ගිහින් කිව්වා..එන්නෙ පහුවෙනිදට කිව්වා...ඒත් එයාට කන්න කිසිම දෙයක් එදා දවල්ට වත් රෑ වත් ගෙදර තිබුනෙ නැහැ කිව්ව.................මගෙ බල කිරීමට එයා කුස්සියට ගිහින් කිරි එකක් හදාගෙන ආව.......................
පුදුම අම්මා කෙනෙක් නේ. මෙහෙම අම්මලා නම් වැඩක් නෑ.
ReplyDeleteවින්චැට් කිරිල්ලි ඉන්නේ පිටරටක කියලා දැනගත්තෙත් අදමයි.
ඉතින් ඊට පස්සෙ මොකද උනේ?
ReplyDeleteඉතින් ඊට පස්සේ?
ReplyDeleteඔය ඔක්කොම බොරු කියලද ඔයා හිතන්නේ...හිතා ගන්න බෑ මිනිහා ඇයි ඔහොම කරේ කියලා......
ReplyDeleteමධුරංග...
ReplyDeleteවින්චැට් කියන්නෙ හිම වහින රටවල් වල ඉන්න ලස්සණ කුරුල්ලෙකුට නෙ....
නදී....විසිතුරු.....
ReplyDeleteඊට පස්සෙ බලන්නකෝ.......
ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඔයා ට හිතෙන්නෙ එහෙමද..?
අනේ පව් අසරණයා....අපිටත් දුක හිතෙනවා.අපිත් ඔය තත්වෙට වැටුණනම් මොනව වෙයිද දන්නෙ නැ........නගා ඔය කතාව පොතක් ලියන්න වුනත් හොද කතාවක් වගේ.ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න.අපි මග බලාගෙන ඉන්නවා.......
ReplyDeleteස්තූතියි... මෙය සැබෑ සිදුවීමක් නම් අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනෙක්ට මෙය වැදගත් වේවි. දුක ,අසරණ කම් පෙන්වා ඒ අසරණ කම් වලට අනිත් අය රවටලා දුක් කරදර දෙන මිනිස්සුන්ට නම් කොහොමත් හොඳක් වෙන්නේ නෑ. කොහොමත් කර්මය ඵල දෙනවනේ වින්චැට් කිරිල්ලී ඔබ දුක් වෙන්න එපා. එවන් නරුමයන්ද මේ ලොව සිටින වග තේරුම් ගන්න හොඳ අත්දැකීමක් !
ReplyDeleteසෙවණැල්ල.....
ReplyDeleteපොතක් ලියන්න ඔයාට ඕනෙ නම් මේ කතාවෙ අයිතිය සම්පූර්ණයෙන්ම ඔයාට පවරන්න මම කැමතියි...
AnithKona....
ReplyDeleteමේක මට සිද්ද උන දෙයක්...එක අකුරක් අඩු නැතුව ලියන ඇත්ත කතාවක්...මේ කතාව දන්න අය ඉන්නවා තව බ්ලොග් අවකාසෙ....මම ඒ ඒ අවස්ථාවල හැඬුව,වැළපුන තරම් හොඳටම දන්න අය ඉන්නවා.......ස්තූතියි ඔයාට..මේක අනිත් අයටත් හොඳ පාඩමක් වෙන්න ඕනෙ....මම වගේ බුද්ධියට වඩා හදවතට එකඟව වැඩ කරන මෝඩ කෙල්ලන්ට විශේෂයෙන්....!!
මං කතාව කියෙව්වෙ නෑ..
ReplyDeleteඑහෙනම් ඇයි කමෙන්ට්කියල හිතයි..
ඒත් මං මේ වගේ කතාවලට හරිම සංවේදි බුලට් එකක්...
සංවේදී නම් කෝමද බුලට් එකක් වෙන්නෙ කියල පස්නයක් එන්න ඇති..ඒක එහෙම තමයි..
මේ වගේ කතා ගොඩක් අවසාන වෙන්නෙ සෝකජනක සිද්ධිවලින්..
මං එක අවස්ථාවක මගේ ජීවිතේ උන සත්‍ය සිද්ධි දාමයක් ගෑනු ලමයෙක්ට කිව්ව සයිබර ස්පේස් එකෙන්...
එදා ඒ ගර්ල් ගොඩක් දුක් උණා කිව්ව..එයා ඇඬුව කියලත් කිව්ව....ඉතින් මං එයින් පස්සෙ ඇත්ත සිද්ධි උනත් ගොඩක් වතුර දාල දාල ජෝක් දාල පැණි දාල තමා පල කරන්නෙ..
වැරදි දෙයක් ඒත් එහෙම නැතුව මම ඇත්ත කතා කෙලිම්ම බැස්සුවොත් කියවන අය නිකම් අපාසුවට ලක්වෙනව නේ..
ඒක මගේ මෙතඩ් එක...විතරයි..
indi
ReplyDelete.....පලමුවෙන්ම ස්තූතියි අළුපාට හැන්දෑවට ආවට....මාත් මගේ දුක් වේදනා යාලුවන්ට කියනවා..කියල තියනවා..ඒත් සමහරු එහෙම කරන්නෙ කිසිම දුකක් ඇතුව නෙවේ,අනිත් අයව රවට්ටලා අනුකම්පාව ආදරේ දිනා ගැනීමේ මානසික අසහනයට...ඒ වගේම අවස්ථාවක් ආවොත් මිල මුදල් වගේ තව තව දේවල් ලබා ගැනීමේ කූට ප්‍රයෝගකාරී හැඟීමෙන්.....කියවගෙන යන්න දිගටම.........
මිනිස්සු ඇයි මේ තරම් නපුරු වෙන්නේ.... මේ කතාව කියෙව්වම ප්‍රශ්න කීපයක් හිතට ආව.. ඒත් මෙහෙම හැමෝම ඉදිරියේ ඇසීම සුදුසු නෑ කියල හිතුනා...
ReplyDeleteපිස්සා පලාමල්ල .....
ReplyDeleteඔයාගෙ ප්‍රශ්න ඔක්කෝම කමෙන්ට් එකක ලියල ඔයාගෙ මේල් ඇඩ්‍රස් එකත් එක්ක එවන්න....මම ඔයාට පිලිතුරු එවන්නම්...ඒක පල කරන්නෙ නැතුව....
මට තේරෙන හැටියට මෙතනදි තනිකරම අම්මට වැරදි කියන්නත් බෑ... ඒ අවස්ථාවෙ සිද්ධ උන මොකක්ම හරි හේතුවකට (අහේතුවකට) මේ ගැහැණු කෙනාට අර වගේ දෙයක් කරන්න හිතෙන්න ඇති... අර මනුස්සයා දරුවෙක් ලැබෙන්න ආවම බයවෙන්න ඇති... ඒ මනුස්සයාට තව පවුලක් තිබ්බද කවුද දන්නේ... තනිඋනාම ආයෙම ස්වාමියා ළඟට යන්න ලැජ්ජයි... එතකොට කළ වරද තේරුම් ආවා.. ඒ වෙද්දි කුසේ හිටිය දරුව එක්ක එදා ඉඳලම වෛරයක් ඉපදෙනවා..
ReplyDeleteඅයියට අම්ම නැතිඋනේ මේ දරුවගෙ තාත්ත නිසා.. එයා ඒ මනුස්සයාට වෛර කරනවා.. ඒ මනුස්සයට දාව ඉපදුන ඔයාගෙ යාළුවටත් වෛර කෙරෙනවා.. දැන් දැන් මේ තාත්තට තියෙන දේපලත් දෙකට බෙදේවි කියලත් බය ඇතිනෙ..
හැදූ තාත්තා දෙවි කෙනෙක් තමා.. ඒත් පොඩි වැරුද්දක් කරලා.. යාළුවා ඉපදෙන්න කළින් දෙන්නට දෙන්නා පොරොන්දුවක් උනානම් මේ දරුව තමන්ගෙ නොවේ වග එළි කරන්නෙ නැ කියලා.. අයියටත් ඕව තේරෙන වයසක් වෙන්න බෑනෙ..
හනේ මන්දා..අන්තිමට කියන්න තියෙන්නේ චූටි කිරිල්ලියේ මගේ ආගමේ හැටියට අපි පතාන ආපු දේ තමා ගෙනියන්න වෙන්නේ.. ඔයාගෙ යාළුවා ඉහත ආත්මෙක කරාපු බරපතල පාපයක්.. ඒ පාපයට එයාගෙ අම්ම, තාත්තලා දෙන්නා, අයියා විතරක් නෙමේ ඔයාත් එකතු වෙලා.. බලාගෙන යද්දි මේ කථාව අහන අපිත්.. ඉතින් චාන්ස් එකක් තියෙද්දිත් මේවා අමතක කරගන්න තවමත් හැදූ තාත්තා ගැන ආදරේ තියෙන්නේ ගෙනා කර්මට තවත් ගෙවීමට ඇති නිසා නොවේද?
අප්පා මෙකත් බ්ලොග් ලිපියක් උනාද මන්දා?
තනෝජා රාජපක්‍ෂ:.....
ReplyDeleteඔයා හිතපු විදියට මාත් හිතුව අක්කේ.....කතාව කියවගෙන යන්නකො......ගොඩාක් තුති අළුපාට හැන්දෑවට ආවට....!!!!!
කියවාගෙන යනවා...:DDD
ReplyDeletepriyantha .......
ReplyDeleteස්තූතියි අයියෙ.....