My Blog List

Wednesday 26 October 2011

වඳුරෙක් කරපු හදියක්......!!!!



රකුසන්ගෙන් විතරද..? නැහ්.!  මම වඳුරෙකුගෙනුත් අනූ නවයෙන් බේරුනා...!!

ඔන්න මේකයි කතාව...එතකොට මට වයස මාස 10 ලු..අපේ ලොකු අයියට අවුරුදු 8 ලු..පොඩි අයියට අවුරුදු 5 ලු......අපෝ ..මේ 'ලු'.. 'ලු' එකට මම කැමති නැහැ...ඒ නිසා මේක ලියන්නම් හරියටම මම ඇහින් දැක්කම වගේ..ඉතින් මොකටද 'දැක්ක වගේ' කියන්නෙ? මට වෙච්ච දේ මම අනිවාර්යයෙන්ම දකින්න ඕනනෙ....මතක නැති එක වෙනම කතාවක්..!    මේකයි කතාව...!!!

ලංකාවෙ අපේ ගමේ අපේ ගෙදර වත්ත ටිකක් ලොකුයි..වත්ත මායිම දිගටම ඇල පාරක් ගලාගෙන යනව..මේ ඇල ටිකක් ගැඹුරු උනාට වතුර තියෙන්නෙ වැහිකාලෙට විතරයි..පායන කාලවලට මේකෙ සුදුවැලි මතුවෙලා තියනව..මේ ඇල දිගටම තියනව වැව් කණ්ඩියක් වගේ ඒත් ඒ තරම්ම උස නැති ඇල කණ්ඩියකුත්.....අල්ලපු වත්තෙ මායිමේ තිබුන ලොකු ගස්වල දිග අතු අපේ පැත්තටත් වැවිල තිබුන අර ඇල උඩින්,ඇල කණ්ඩියටත් උඩින්..........

ඒ දවස් වල අපේ බාප්පගෙ ගෙවල් තිබ්බෙත් ඒ කිට්ටුවම...එයාට උන්නෙ දුවල දෙන්නෙක් අපේ අය්යලගෙම වයසෙ...ඒ අක්කිල දෙන්න පුරුද්දක් කරගෙන උන්න හැම සෙනසුරාද දවසකම හවස අපේ ගෙදර ඇවිත් අය්යල එක්ක වත්තෙ සෙල්ලම් කරන්න...එයාල දෙන්න එන්නෙත් තනියම නෙවේ තව යාලුවො දෙතුන් දෙනෙක් එක්කගෙන...........

ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු උනාම 6 දෙනෙක් 7 දෙනෙක් විතර උනා....අපේ අම්ම අර අක්කිල ට හරිම ආදරෙයි..අම්ම එයාල ගෙනත් දීල තිබුන සෙල්ලම් බත් උයන වලන් සෙට් එකක්....මෙයාල අපේ ගෙදර ආවම මොකෝ කරන්නෙ ,අම්මට ටිකක් චාටු දාල රවට්ටල..හාල්,පොල්,එලවලු,පරිප්පු වගේ ටික ටික ඉල්ලගෙන වත්තෙ සෙල්ලම් ගෙයක් හදල සෙල්ලම් බත් උයනව.මේ සෙල්ලම් ගෙදර අය ඔක්කොම අම්ම තාත්ත අය්යල නංගිල...මම හැමදාම දරුවා....ලොකු අයිය හැමදාම තාත්ත උනේ මාව වඩාගෙන ඉන්න පුලුවන් එයාට විතරක් නිසා.........(එයා තමයි දැනටත් මගෙ තාත්ත.)

ඔන්න ඉතින් එක දවසක්....මෙයාල කතා උනාලු උයල බත් මුල් බැඳගෙන ට්‍රිප් එකක් යමු කියල...දැන් ඔන්න ට්‍රිප් එක යන්න තීරනය උනේ අර මම කලින් කිව්ව ඇල කණ්ඩිය දිගේම ඈතට වත්ත කොනටම...ගිහින් බත් කාල ආපහු එන්න..............

ඉතින් අක්කිල දෙන්න ඉක්මනින් උයල කෙහෙල් කොල වල බත් පාර්සල් ඔතාගෙන ඔන්න කට්ටිය දැන් ඇල කණ්ඩියට නැගල හෙමින් හෙමින් යනවලු...පොඩි කට්ටිය ඉස්සර වෙලා යනවලු..ලොකු අය පිටිපස්සෙන් යනවලු...දැන් තාත්ත(ලොකුඅයිය.) තමා අන්තිමටම යන්නෙ දරුවව(මාව.) කරේ තියාගෙන...එයා මාව කර උඩින් තියාගෙන මගෙ කකුල් දෙක බෙල්ල දෙපැත්තෙන් පහලට දාගෙන අල්ලගෙනලු යන්නෙ.............

දැන් ඔන්න කට්ටිය යනවලු අර මම කලින් කිව්ව ලොකු ගස් වල අතු ඇල කණ්ඩිය උඩට නැවිල තියන හරියෙ... ඊට පස්සෙ උන දේ ලොකු අයියගෙම වචන වලින්......!!

''නංගිය එක පාරටම උඩට ඉගිල්ලුනා...ඒත් මම කකුල් දෙකෙන් අල්ලගෙන උන්නෙ...මම අතැරියෙ නැහැ...මට කතා කරන්න බැරුව ගියා...අත්ත උඩ උන්න තඩි වඳුරා නංගියගෙ කිහිළිදෙක යටින්ම අත්දෙක දාගෙන බබෙක් වඩාගන්නවා වගේම...හරියට එයාගෙ බබාව වගේ නංගියව උදුරනවා...මම කකුල් දෙකෙන් නංගියව පහලට අදිනවා...වඳුරා අත්දෙකෙන් එයාව උඩට අදිනව...නංගියා යටිගිරියෙන් කෑගහල ඇඬුවා...ඌ මට ගැහුවා...දත් විරිත්තගෙන යකෙක් වගේ මාව සීරුවා...ඒ අතරම පුලුවන් තරම් හයියෙන් නංගියව උඩට ඇද්දා...ඒත් මම අත ඇරියෙම නැහැ...අන්තිමේදි අනිත් අයගෙ කෑගැහිල්ල ඇහිල අම්මයි තාත්තයි දුවගෙන ආව...තාත්ත මහා හයියෙන් කෑගහපු සද්දෙට භය වෙලාද කොහෙද වඳුර නංගියව අතැරියා...ඒත් එතකොට මම අල්ලන් උන්නෙ එයාගෙ කකුල් වල අන්තිම හරියෙන්...එයාව ඇලට වැටුනා මාවත් එක්කම....!!!!''

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............ඊට පස්සෙ අපි දෙන්නවම හොස්පිටල් ගෙනිහින් තිබුනා...අපි දෙන්නටම පොඩි පොඩි තුවාල විතරලු....ඒත් අම්මල කියන්නෙ මාව අර තරම් තදින් අල්ලගෙන පොරකෑවත් ඒ වඳුරගෙ එකම නියපොතු පාරක් වත් සීරීමක් වත් මගෙ ඇඟේ තිබුනෙ නැහැ කියල...ඒ තරම්ම පරිස්සමෙන් ඌ මාව උදුරගෙන යන්න හදල තියෙන්නෙ...මට තුවාල වෙලා තිබුනෙ ගහේ අතු වලට සීරිලා..ඒ වගේම ඇලට වැටුන පාරට....හොඳ වෙලාවට ඇලේ වතුර නැති කාලෙක ඒක උනේ....පොඩ්ඩක් හිතන්න බැරිවෙලාවත් අයියගෙ අතින් මාව අතඇරුන නම්????????

ඒ වඳුරු තඩියා අල්ලපු ගමක ගෙදරකට ඇතිකරන්න අල්ලන් ආපු  එකෙක්ලු... පැනල ඇවිත් අපේ පැත්තට කියල පස්සෙ ආරංචි උනා.............

ඒත් දැන් මේ කතාව ලොකු අයිය කියද්දි ..පොඩි අයිය කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්..........''අනේ ඇයි දෙවියනේ එදා මේකි මගෙ අතේ උන්නෙ නැත්තෙ...? එහෙනම් කරෙත් නෑ.....ගහෙත් නෑ....ලොවෙත් නෑ........''

21 comments:

  1. මාර සීන් එකක් නේ ..හොද වෙලාවට අයියා කකුල් දෙකෙන් අල්ලං හිටියේ...නැත්තං ඉතින් අද මේ බ්ලොග් එක ලියන්න කව්ද ඉන්නේ..මොකද වැදිරියන්ට අකුරු බෑ නේ .....හික් හික් හික් ....(just kidding)

    ReplyDelete
  2. අන්න නියම සහෝදර ප්‍රේමය... අයියගේ නෙමේ වඳුරගේ...

    ReplyDelete
  3. අය්යෝ අපරාධෙ ඔයාට ගස් උඩ යන්න තිබ්බ චාන්ස් එක මිස් උනා නේද?අඩන්න එපා නගෝ.අපි ඊලග පාර ට්‍රයි එකක් දෙමු.හික්ස්.........................මොනා උනත් අන්තිමට අපි කරදරේක වෑටුනම අපි ලග ඉන්නෙ අපේම කට්ටිය විතරයි.

    ReplyDelete
  4. හික්ස්..වැඳිරි පැටියාව දැක්කම වැඳිරිට හිතෙන්න ඇති අරන් යන්න ඕන කියලා.

    ReplyDelete
  5. RoshanHerath...
    හනේ හනේ.....විහිලුවෙන් විහිලුවෙන් ඔයා මට වැඳිරි කිව්වා....!!

    ReplyDelete
  6. sevanalla....

    මේ..ඒ උනාට මම ලංකාවෙ ඉන්නකොට වැඩිපුරම උන්නෙ ගස් උඩ තමා....ගස් නැගල උන දේවල් ලියන්නම්කො පස්සෙ...හික්ස්...ඔව් අපිට ඉන්නෙ අපේම අය විතරයි...ඒත් බලන්න සමහර දුස්ඨයො තමන්ව ජාතක කරපු තාත්තත් තමුන්ගෙ නෙවේ කියනවනෙ...!!

    ReplyDelete
  7. prasanna86k
    වෙලාවකට හිතෙනව වැඳිරි එක්ක ගියා නම් හොඳයි කියලත්....එහෙනම් මම අද ''ටාසන්'' කෙනෙක්...හහ්..!!

    ReplyDelete
  8. ඔබ නොදු‍ටු ලොවක්.....
    අනේ ඒ උනාට මට තාත්ත ගෙනත් දුන්න පස්සෙ වඳුරු පැටියෙක්....එයා අපේ ගෙදර ගොඩාක් කල් උන්න..මා එක්කමයි නිතරම උන්නෙ...අපි දෙන්න හොඳම යාලුවො.....මතක් වෙද්දි ආයෙමත් ගෙදර යන්න හිතෙනව ඒ කාලෙ වගේ ආයෙමත් ජීවත් වෙන්න......

    ReplyDelete
  9. වඳුරා ඔයාලගේ ලඟම ඥාතියෙක්ද දන්නේ නෑ. නැත්නම් ඔයාව එක්ක යන්න හදන්නේ නෑනේ. හික්ස් :)

    ReplyDelete
  10. ඒක නෙමෙයි වින්චිට් කිරිල්ලි කියන එක සිංහලෙන් දාන්න. මොකද ඔයා බ්ලොග් ලියන්නේ සිංහලෙන් නෙ. ඒ නිසා ඔයාගේ නමත් සිංහලෙන් තිබුනොත් හොද නැද්ද

    ReplyDelete
  11. මධුරංග....
    හොඳයි...අයියෙ මම ඒක වෙනස් කරන්නම්...අනේ ඇත්තටම ඒ වඳුර හිතන්න ඇති මම එයාලගෙ පැටියෙක් කියල..ඇයි එවෙලෙ උන්නෙත් කර උඩනෙ...ඇත්තටම ගිය ආත්මෙ මොකක් හරි නෑකමක් තිබුනද දන්නෙත් නැහැ..මොකද මම දැනුත් වඳුරන්ට හරිම ලෙන්ගතුයි......හික්ස්....

    ReplyDelete
  12. වඳුරා උනත් උගේ නෑයෝ අඳුනනවනේ..:DDD

    ReplyDelete
  13. Thush......
    ඔයාට හිනා...එදා මාව අරන් ගියා නම්..??????

    ReplyDelete
  14. priyantha ..
    හික්ස්...ඒකනෙ අයියෙ....මටත් උන්ව දැක්කාම එහෙමයි...පස්සෙන්ම දුවන්න හිතෙනවා.....

    ReplyDelete
  15. කෝ ප්‍රධාන කතාවට විරාමයක්ද?

    ReplyDelete
  16. අනුරාධ...
    ඔන්න හෙට උදේ බලන්නකො.....

    ReplyDelete
  17. හපොයි..... වඳුරු මෝටා වින්චැට් කිරිල්ලිව උඩට උස්සල ගත්තනම් අද මේ කතාව ලියවෙන්නේ වෙනම විදිහකටනේ.(වඳුරු විදිහට)

    එහෙනම් ඔයා වඳුරු බ්ලොග් එකක ලියයි ඉස්සර මම පොඩි කාලේ මිනිස්සු වගයක් මාව බලෙන් අල්ලගෙන ඉඳල තියෙනවා, ඊට පස්සේ මගේ නෑදෑයෙක් එක දවසක් අහම්බෙන් වගේ මාව දැකලා එයාලගෙන් මාව උදුරාගෙන ඇවිත් තියෙන්නේ කියලා.

    ReplyDelete
  18. ලොකු පුතා ......
    ඔව් අනේ මටත් වෙලාවකට හිතෙනව අර වඳුරු මොටා මාව උස්සන් ගියා නම් කොච්චර හොඳද කියල.....මිනිස්සු එක්ක ඉන්නවට වඩා මහා කැලේ සත්තු එක්ක ඉන්න තියනවා නම් කියල හිතෙනවා...මම ගොඩාක් ආශයි ඒ වගේ ෆිල්ම්ස් බලන්නත්...අර ගෝරිල්ලො එහෙම ඉන්න...!

    ReplyDelete
  19. අනේ නංගියෝ මේ වගෙ වැඩක් මාත් චූටි කාලෙ වෙලා තියෙනවලු... මට නම් මුකුත් මතක නෑ.මොකද මට මාස තුනක් කාලෙ තමා වෙලා තියෙන්නෙ. මාව නිදි කරලා තොටිල්ලෙ තියල තිබ්බලු. කාමරේ ජනෙලෙන් රිලවෙක් ඇවිත් මාව අරන් යන්න හදලා.මගෙ වෙලාවට අත්තම්මා කාමරෙට ඇවිත් එතකොටම. එයා කෑගහල රිලවා එලවලා මාව බේරගෙන...............

    ReplyDelete
  20. දඟ මල්ල......
    ඔයා 'දඟ මල්ලක්' හින්ද තමා රිලවා උස්සන්න හදල තියෙන්නෙ..මාවත් එහෙම තමා...හික්ස්....!!

    ReplyDelete