My Blog List

Sunday 23 October 2011

ඉතිං ඊට පස්සෙ........

(අළු පාට හැන්දෑව 4)


ඉතින්  ඊට පස්සෙ මොකද උනේ කියන්න කලින්.....ගොඩාක් වැදගත් කාරනා කීපයක් ඔයාලට කියන්න ඕනි කියල හිතුන මට........


මම මේ කතාව කියන්නෙ,මේ බ්ලොග් එක ලියන්නෙ,...''මගේ නිර්දෝෂී භාවය''කාටවත් කියන්නවත්,ලෝකෙට පැහැදිලි කරන්නවත් නම් නෙවේ කොහෙත්ම......''නිර්දෝෂී වෙන්න'' වැරද්දක් හෝ වැරදි කරල තියෙන්න එපායැ නේද? අනේ මම මටවත් වෙන කිසි කෙනෙකුටවත් වැරදි කරන කෙනෙක් නෙවේ..වචනෙන්,ක්‍රියාවෙන්,මුදලින් උනත් උදව් උපකාරම විතරයි හැමදාම කලේ...ඉතින් වැරදි කරල නැති කෙනෙක් ''නිර්දෝෂී වෙන්න'' ඕනෙ නැහැනෙ...කවුරුවත් එහෙම හිතන්න එපා කරුණාකරල හොඳේ?

අවුරුදු එකහමාරක තරම් කාලයක් මටම තේරුම් ගන්න බැරුව තිබුන මට වෙලා තිබ්බ දේ.....මායාකාරය මාව හරිම අපූරුවට රවට්ටල මගෙ ඇස්බැඳල තිබුන....මම ඇඬුව..වැළපුනා..හිතේ වේදනාව ඉවසගන්න බැරි උනාම තරහෙන් කෑගැහුවා......මගේ හැබෑ යාලුවො කියල මම හිතා උන්න ලංකාවෙ ඉන්න අයගෙන් උදව් ඉල්ලලා කන්නලව් කලා...මේකෙ අගක් මුලක් හොයල මාව බේරගන්න කියල...ඒත් ඒ කිසි කෙනෙක් මට උදව් කලේ නැහැ...හැමෝම අහක බලා ගත්ත...එයාලගෙ උපදෙස් උනේ..''ඔන්න ඕකව අමතක කරල දාපන්..!!ඕක අල්ලලා දාපන්...!! තව කුරුල්ලො කොච්චර ඉන්නවද මේ ලෝකෙ?..!!...එකෙක් මත්තෙම නැහෙන්න හදන්නෙ පිස්සුද?..!!''


අනේ මට එහෙම කරන්න බැරි උනා..මම ගොඩාක් අසරණ වෙලා උන්නෙ...අන්ධ වෙලා උන්න මම ඒ මායාකාරයටම දිවිහිමියෙන් ආදරේ කලා.........ඔව් මම රකුසෙකුට ආදරේ කලා.............
ඊට පස්සෙ මගෙ අර යාලුවො මොකද කලේ....''මේකි කියන දෙයක් අහන්නැති මහා හිතුවක්කාර..මුරණ්ඩු..කාගෙවත් කීමක් සතේකට පිළිගන්නැති දරදඬු එකියක්''කියල හංවඩුවකුත් ගහල මාව පැත්තකට දැම්ම.......
ඇති තරම් තනියම විඳවල..විඳවල..මම මායාකාරයගෙන් බේරුනා....
දැන් මම දන්නවා මේ රකුසගේ මායාවලට අහුවෙලා දුක් විඳින තව අහිංසකයො ඉන්න බව....මේක ලියන්න අදහස් කලේ මට උන දේ කියල අනිත් අයවත් බේරා ගන්න විතරයි.......මම හිතනවා ඒක මගේ යුතුකමක් කියල..පිං සිදුවෙන වැඩක් කියලා........


ඒත් එදා මාව හංවඩුගහල අත හැරල දාපු යාලුවො දැන් ගොඩාක් කාර්යබහුල වෙලා මා වෙනුවෙන්.......''ඕක ලියන්න එපා..!!  ඔයාගෙ අනාගතේට හොඳ නැහැ..කැළලක්...!! ඔයා ගැන නරක කතා පැතිරෙනවා..!! ඔයා කෙල්ලෙක් නේද?..!! ඕක ලියාගෙන යද්දි රකුසා බෙල්ලෙ වැල දා ගනීවි..!! (හික්ස්..ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ අලුගෝසුවෙක් කවදාවත් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ නැහැ කියල?)ඇයි දෙවියනේ මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ???????


ඉස්සර ලංකාවෙ කාන්තාවො එයාලට පිරිමින්ගෙන් කරදරයක් උනාම එයාල වංචා වලට අහු උනාම සද්ද නොකර ඉන්නව..ලැජ්ජාවට..පවුලට,පරම්පරාවට අවනම්බු වේවි කැළලක් වේවි කියල....ඒත් නව පරපුර එහෙම නැහැ කියල දැන් ඔප්පු වෙලා ඉවරයි....දැන් කාන්තාවො ඒ මතයෙන් මිදිලා එලියට එනවා.......
මම බොහෝම විවෘතව අදහස් ප්‍රකාශ කරන,කෙලින් එලිපිට කතා කරන,බටහිර ජීවත් වෙන ලංකාවෙ කෙල්ලෙක්...!! (ඔව්....හරි  තාම පොඩි එකියක් කියමුකෝ)....මගෙ ලඟින් ඉන්න..මාව හඳුනන..මගේම කියන අය හොඳින් දන්නව මම මොන විදියෙ කෙනෙක්ද කියල..මගෙ චරිතෙ මොන වගේද කියල...පවුලෙ බාලයා නිසා පොඩ්ඩක් හිතුවක්කාරි උනාට මට මගේම කියන අය ගොඩාක් ආදරෙයි....ඒ ඇති මට ජීවත් වෙන්න.....
ඉතින්.......මම මේක ලියන්නෙ බ්ලොග් අවකාසෙ ප්‍රසිද්ධ වෙන අදහසකින් නම් නම් නෙවේ කොහෙත්ම..!! මම බලාපොරොත්තුවෙන විදියෙ ප්‍රසිද්ධියත්,අවධානයත්,ආදරයත් මට සැබෑ සාමන්‍ය ජීවිතේදි ලැබෙනවා කිසිම අඩුවක් නැතුව..!! මම ඉන්නෙ තරහින් නෙවේ ගොඩාක් සතුටින්..!! කාගෙන්වත් පළිගන්න චේතනාවෙන් ලියන දේකුත් නෙවේ මේක...එහෙම පළිගන්න ඕනෙ නම්, නීති මාර්ගයෙන් ඒක හරිම අපූරුවට කරන්න මගෙ පවුලේ අය ලෑස්තියි...!! ඒකට අවශ්‍ය කරන ඔක්කෝම ඔප්පු කල හැකි ශාක්ෂි අපි ගාව තියනව ඕනවටත් වඩා...........


ඉතින් යාලුවනේ.....අර මගේ යාලුවො මගෙ පස්ස පැත්තෙ ගහපු ඒ '' හිතුවක්කාර..මුරණ්ඩු..නහට අහන් නැති එකී''  කියන හංවඩුව ගලවල අද මම මේ මගෙ නළලෙ ගහගත්තා...ඒ නිසාම අද මගෙ ඔලුවට හෙන හයියක් ආව බ්ලොග් පෝස්ට් දෙකක්ම ලියන්න.....!!!!!!!

15 comments:

  1. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ඇත්ත, හරි දේ කෙලින් කතා කරන්න බය වෙන්න ඕනේ නෑ !!!
    තවත් එක සාම්ප්‍රදායික කාන්තාවක් වෙන්න එපා. එහෙම උනොත් ඔයාලට වෙන්නේ තව තවත් මුළුගැන්විලා ඉන්න.

    ReplyDelete
  2. ආදරේ ..
    අපි හිතන තරම් ලස්සන නෑ.
    ඇත්ත ඇත්තටම ආදරේ කරපු කරන කෙනෙක් තවත් කෙනෙක්ට එයා ආදරේ කරන කෙනා අත්අරින්න උපදෙස් දෙන්නෙ නෑ. ප්‍රායෝගික නැතිබව දැන දැනත් ඔවුන් ඔබට සවන්දේවි ඔහුව අතෑරලා වෙනකෙනෙක් ගැන හිතන්න නොකියාවි.
    දැන් අපිට දකින්න වෙලා තියෙන්නෙ සිරාලව් කියලා පෙන්වලා තමන්ගෙ වාසියට පවත්වාගෙන යන සම්බන්ධතා විතරයි.

    ලියන්න හිතපු දේ ලියන්න. කියවන්න අය හිඳිවි. ඒ වගේම හිනා වෙන්න අයත් හිඳීවි. මේ වගේ දේවල් එලියට නාවොත් තවත් කෙනෙක් ආදරේ වෙනුවෙන් දුක් විඳීවි. සමහරවිට ඒ මීටත් වඩා බරපතල විදියට වෙන්නත් පුලුවනි.

    ReplyDelete
  3. @මධුරංග....මම කවදාවත් සාම්ප්‍රදායික කාන්තාවක් වෙන එකක් නැහැ......ස්තූතියි ...!

    ReplyDelete
  4. ස්තුතියි රොශාන්.....මම දිගටම ලියනවා.....ඔයාලගෙන් ලැබෙන දිරිය මහ මෙරක් තරම් වටිනව මට....

    ReplyDelete
  5. නිර්දෝශී බව ඔප්පු කරන්නත් අනික් අයට ආදර්ශයක් වෙන්නයි දෙකටම හරියන්න ලියන්න....තව තවත් ලියන්න...ඔබට සුභ පතනවා !!!

    ReplyDelete
  6. @priyantha.....මේක ඔයාලා විස්වාස කරන එකක් නැහැ....ඒ තරම්ම පුදුම රකුසෙක් මේකා....!!!

    ReplyDelete
  7. නියමයි........ ඔය හයිය දිගටම තියා ගන්න....

    ReplyDelete
  8. Thush ..
    ඔව්..මම ආයෙ වැටෙන්නෙ නැහැ.....තෑන්ක්ස්..!!

    ReplyDelete
  9. ඇත්ත කතා කරන්නයි, බිම ඉඳගන්නයි බය ව්එන්න ඕනෙ නෑ....ඔයා ලියන්න ලස්සනට..දිගටම.

    ReplyDelete
  10. හිතුවක්කාරි........
    ස්තූතියි හිතුවක්කාරි.....මම බය නැහැ....ටිකක් හිතුවක්කාරයි...හික්ස්.....

    ReplyDelete
  11. මම ගොඩාක් පරක්කු උනා මේ පැත්තේ එන්න. ඒ ගැන ගොඩාක් කනගාටුයි මට

    ReplyDelete
    Replies
    1. කනගාටු වෙන්න එපා ආවට ස්තූතියි....මේ රකුසට අහු උන තව අය බේරගන්න මට උදව් වෙන්න......

      Delete
  12. මමත් සතුටු වෙනව අදවත් මට මේක කියවන්න ලැබුණු එක ගැන.

    ReplyDelete
    Replies
    1. මටත් සතුටුයි ඔයා මේක කියවන එක ගැන..ඔයාගෙ යාලුවන්ටත් දෙන්න බලන්න..මේ රකුසා තව කෙල්ලො රවට්ටල හැංඟිලා ඉන්නෙ...........

      Delete