(අළු පාට හැන්දෑව 2)
ඉතින්........මට හරිම නොඉවසිල්ලක් තිබුනෙ ඒ සැත්කමට ලක් උන පිරිමි ලමයා ආයෙ ජීවතුන් අතරට ආව කියල දැනගන්න කම්.....ඒ වගේම එයාට සනීප උනා කියල තිබුනා..එයා ලීවෙ එයා කාත් කවුරුත් නැති අනාතයෙක් කියල..අම්ම තාත්ත එක්ක එයාට තව අය්ය කෙනෙක් ඉන්නව ඒත් ඒ තාත්ත එයාගෙ ඇත්තම තාත්ත නෙවේ, ඒත් ඒ ගැන නම් එයාට විස්තර ලියන්න බැහැ කියල තිබුනෙ......
එයාගෙ අයියා පොඩි කාලෙ ඉඳන්ම එයාව මල්ලි විදියට බාර ගන්න කැමති උනේ නැහැ කිව්ව..එදා ඉඳන්ම කලේ වෙනස් කම් ලු..පොඩිකාලෙ ඉඳන්ම හැදුනෙ වැඩුනෙ ආචිචි එක්ක නැන්දල එක්ක ලු.. අම්ම වත්, හදාගත්ත තාත්ත වත් එයා ගැන හොයල බැලුවෙ නැහැ ලු.
එයා ඒ බ්ලොග් එකේ ලියල තිබුනෙ එයාගෙ ආදරේ ගැන..එයා ගැහැනු ලමයෙකුට ආදරේ කරනව ඒත් ඒ ගැහැනුලමය ආදරේ වෙන කෙනෙකුට...මෙයාව හොඳම යාලුව විදියටලු තියන් ඉන්නෙ...ඉතින් ඔය ගැහැනුලමය එක්ක එයාගෙ කථාව තමා එයා බ්ලොග් එකේ ලිව්වෙ..
වතාවක් ඒ ගැහැනුලමය මෙයාට කිව්වලු ආයෙ කතා කරන්නත් එපා පණිවිඩ එවන්නත් එපා,එයා ට ආදරේ කරන්න බෝයි කෙනෙක් ඉන්න නිසා එහෙම කරන්න එපා කියල.
ඊට පස්සෙ මෙයා මෙයාගෙ එකම මල්ලි මැරුණ විදිය ඒ ගැහැනු ලමයට කියල තිබුන...
මෙයාට උන්නලු පොඩි මල්ලි කෙනෙක්..ඒ මල්ලි විතරලු එයාට මේ ලෝකෙ උන්න එකම නෑයා එකම හිතවතා..මල්ලි එයා නැතුව කන්නෙ නැහැලු..නිදා ගන්නෙ නැහැලු..එයාලු මල්ලිට කවන්න ඕනෙ..නිදි කරවන්න ඕනෙ..පාඩම් කියල දෙන්නෙ.. දෙන්න නිදා ගන්නෙ එකම ඇදේ ලු..මල්ලි එයාට ආදරේ ලු පන වගේ..නැන්දල කිව්වලු මෙයා අයිය නෙවේ ඒ මල්ලිගෙ තාත්ත කියල..ඒ තරමට දෙන්න ආදරෙන් ලු හිටියෙ...ඒත් ඒ ලමයා පොඩි කාලෙ සෙල්ලම් කරද්දි වැටිල ඔලුව වැදිල, නහයෙන් ලේ ඇවිත් පස්සෙ රෝහලේදි සැත්කමකින් පස්සෙ මිය ගියා කිව්ව..ඉතින් මල්ලි නැති උනාට පස්සෙ තාත්ත අම්මවයි අයිය වයි විතරක් අරගෙන ඉන්දියාවට ගියාලු මෙයාව ආච්චි (අම්මගෙ අම්මා) ගාව දමල.......
මෙයා ඒ කාලෙ තනි උනාලු කාමරයක් ඇතුලට වෙලා..කිසි කෙනෙක් එක්ක කතා කලේ නැතිලු..මෙයාට කතා කරන්න බැරිව ගියාලු...
ඉන්දියාව ගිහින් මාස 3 ක කාලෙකින් පසු ආපහු ඇවිත් අම්ම කීවලු ඒ ගෙදර ඉන්න බැහැ කියල පස්සෙ එයාල ඔය දැන් ඉන්න ගෙදරට පදිංචියට ආව කියල ලිව්ව......
මෙයා එයාගෙ පුද්ගලික විස්තරත්,එයාගෙ පවුල ගැනත් ලිව්වෙ ඔය ටික විතරයි..දිගටම ලිව්වෙ එයත් අර ගැහැනු ලමයත් ගැන..(අනුන්ගෙ කෙල්ලෙක් ගැන.)
මට මේ පිරිමි ලමය ගැන ලොකු කණගාටුවක් දුකක් ඇතිවෙලා තිබුනෙ...ඒ මගෙ හැටි..අසරණ මනුස්සයො ගැන මගෙ හිත උණුවෙනව මගේ මැරුණු තාත්ත ට වගේම..ඒත් ඒ වෙනුවෙන් මට කලහැකි දෙයක් තිබුනෙ නැහැ..එයා නිර්ණාමික බ්ලොග් ලියන්නෙක්..අපි අතර දුර කිලෝ මීටර් දහ දාහක් විතර.....ඉතින් අනෙක් අය වගේම මාත් එයාගෙ හිත සනසන්න කොමෙන්ට්ස් දැම්ම....
ඔය අතර දවසක් මම දැක්ක තව අක්ක කෙනෙක් එයාට කොමෙන්ට්ස් දාල තිබ්බ..ඒ අක්කත් ලස්සන බ්ලොග් එකක් ලිව්ව..ඒ අක්ක ලිව්වෙ හරිම අර්ථවත් ලස්සන දේවල්..එයා ටීචර් කෙනෙක්..ඉතින් මම ඒ අක්කගෙ බ්ලොග් එකේ මගෙ නම කෙටි අකුරු දෙකකින් දාල, මගෙ මූණෙ පොටෝ එකකුත් දාල මෙම්බර් කෙනෙක් වෙලා කොමන්ට්ස් කලා......ඒක මගෙ දෙවෙනි බ්ලොග් එක...
ඉතින් අර මගෙ කලින් බ්ලොග් එකේ අනාථ පිරිමි ලමයත් මේකෙ කොමන්ට්ස් කල..එයා මේ ටීචර් අක්කගෙ ගෝලයෙක් කියල තමා කිව්වෙ..ඒත් ඒ අක්ක නම් එයාව කවදාවත් දැකල වත් අඳුනන්නෙ වත් නැහැ....එයා පන්තියෙ උන්නෙත් නිර්නාමිකව වෙන්න ඇති........
දවස් කීපයක් ගත උනා..දවසක් මේ ලමයා මගෙන් අහුව කොමන්ට්ස් එකකින්ම.......''නංගි,ඔයාද මේ බ්ලොග් එකේ - - කියන නමින් ඉන්නෙ?'' කියල මම කිව්ව ඔව් කියල.....එයා ආයෙමත් එදාම ඒ බ්ලොග් එක හරහා පනිවිඩයක් එවල තිබ්බ ආයෙමත් ඒ ප්රශ්ණෙම අහල...මම දැනගෙන හිටියෙ නැහැ ඒකට පිලිතුරු යැව්වොත් මගෙ මේල් ඇඩ් එක එයාගෙ අතට යන බවක්..දුර දිග නොහිතා මම පිලිතුරු යැව්වා...
එදා 2010 පෙබරවාරි මාසෙ මුල් සතියෙ දවසක්.....පලාතම හිමෙන් වැහිල තිබ්බ දවසක්...එදා ඒ පාලු මූසල අළුපාට හැන්දෑවෙ.....මගේ ගූග්ල් එකවුන්ට් එකේ කොලපාට තිත එක්ක උන්න නාදුනන අමුත්තෙක්........!!!!!!
ඉතින් ඊට පස්සෙ......
ReplyDeleteඊට පස්සෙ....මම ...!! ස්තූතියි අළු පාට හැන්දෑවට ඔයාවත් සාදරෙන් පිලිගන්නවා....!!!
ReplyDeleteකතාව ඉක්මනට ලියන්න අපි බලාන ඉන්නවා..........
ReplyDeleteකවුද ඒ අමුත්තාඅ ???
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්... ලියමුකො බලන්න....
ReplyDelete@පූසා ....මේ පාර කතාව ලියල තියෙන්නෙ හෙන ස්පීඩ් එකකින් කියල මගෙ යාලුවෙක් කිව්ව...බලද්දි ඒක ඇත්ත කියලා මටත් හිතුනා....ලියන්නම්..ලියන්නම්.........
ReplyDelete@මධුරංග ...අමුත්තව හඳුන්වල දෙන්නම් අනිත් කොටසෙන්....
ReplyDelete@Pasan...අහ්...ඔයත් ඇවිත් කිරිල්ලිව බලන්න....ආදරෙන් පිළිගන්නවා ඔයාවත් අළු පාට හැන්දෑවට..හැමදාම ඇවිත් මොනා හරි කියල යන්න හොඳේ?
ReplyDeleteහප්පා ඊට පස්සේ මොකද උනේ ?
ReplyDeleteඔබ නොදුටු ලොවක්..... ඊට පස්සෙ ගොඩාක් දේවල් උනා....ඔයාගෙ බ්ලොග් එක මොකක්ද? කිරිල්ලි ඔයාවත් ආදරෙන් පිලිගන්නවා..!
ReplyDeleteඑන්න මගෙත් ඔබ නොදැකපු ලෝකෙට ....
ReplyDeletehttp://obanodutulowak.blogspot.com/
අන්තර්ජාලෙම රකුසෙක් වගේ තමා. නොදැන ගියොත් අතරමග. වයස් සීමාවක් නෑ වැරදෙනකොට.
ReplyDeleteවැරදීම් කාටත් වෙනවා...මේක මගේ ජීවිතේ පලමු වැරදීම.......
Delete