My Blog List

Friday 14 October 2011

අළු පාට හැන්දෑව...............
( පළමු පිටුව.)


රකුසො එන්නෙ හැන්දෑවට...මළහිරු බැහැගෙන යන වෙලාවට..අන්ධකාර හිම වළාකුලු පොළවට ලංවෙන..අළු පාට හැන්දෑවට........
ලස්සන වින්චැට් කුරුල්ලො ඉන්නෙ ඒ හිම වැහි වහින රටවල..
මීට අවුරුදු දෙකකට ආසන්න කාලෙකට එහා...ඒ වගේ පාලු අළු පාට හැන්දෑවක තමා..ඒ නපුරු රකුසගෙයි පුංචි වින්චැට් කිරිල්ලි ගෙයි කතාව පටන් ගත්තෙ........

ඉස්සර පුංචිකාලෙ මට ආත්තම්ම කියල දුන්න රාජකුමාරියන්ගෙ කතන්දර වලත් උන්න මේ වගේම මයාකාරයො..දිය රකුසො..ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ ඇත්තටම මේ ලෝකෙ එහෙම මායාකාරයො නපුරු රකුසො අපි අතර ඇති කියල....ඇත්තමයි උන් ඉන්නවා අපි අතර....
මේ කතාව ලියන්නෙ ආන්න එහෙම නපුරු රකුසෙකුගෙ මායාබන්ධනයෙන් මිදුනට පස්සෙ...
අන්තර්ජාලයේ ඉන්න මේ වගේ නපුරු රකුසන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලනව මම...

එහෙනම් අද ඉඳල ඔයාලත් කියවන්න  ඒ නපුරු රකුසගෙ දුශ්ඨ මායාවට හසු උන ඒ පුංචි වින්චැට් කිරිල්ලි ගැන.....ඒ මම...............

27 comments:

  1. මේ බ්ලොග් අවකාශේ දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)
    අපි බලාගෙන ඉන්නවා ඒ රකුසාගේ කතාව කියවන්න. ඉක්මනට ලියන්න කිරිල්ලියේ!

    ReplyDelete
  2. සුරංගනා කතාවක්ද..නැත්තං ඇත්තම කතාවක්ද මේ කියන්න යන්නේ..නපුරු කුඩම්මලා.. වට්ටක්කා කරත්ත.. කතා කරන කණ්නාඩි... විස ඇපල්..අගුටු මිට්ටෝ... ආ තව එතකොට බට කොල ආච්චිලා එහෙමත් මේකේ ඉන්නවද..?
    අර සුදු අස්සයා පිටේ එන කුමාරයත් ඇති නේද..?

    ReplyDelete
  3. සුදු අස්සයාගෙ පිටෙ ඔන්න කුමාරයෙක් ආවා. මෙ බ්ලොග් එකට.

    ReplyDelete
  4. අලුත් වැඩේට සුභ පතනවා.!හැබෑටම කවුද මේ රකුසා.අපි දන්න කියන එකෙක් නම් වෙන්න බෑ නේද?

    ReplyDelete
  5. වින්චැට් කිරිල්ලියේ ඒ උනාට කමක් නෑ ..පරිස්සමින් මේ ලෝකේ පියාඹන්න...

    ReplyDelete
  6. නව බ්ලොග් එකක් නේ සුභ පැතුම් ...දිගටම ලියන්න ලැබේවා

    ReplyDelete
  7. @පූසා......මේ කතාව ලියන එක මට ලේසි වැඩක් නෙවේ...අතීත මතකයන් අවුස්සන එක ලොකු වේදනාවක්..ඒත් මායාබන්ධනයකින් මිදිල සැබෑ ලෝකෙ දකින්න ලැබුන එක සතුටක් නේද?...ගොඩාක් ස්තූතියි ඔයාට...!

    ReplyDelete
  8. @මාරයාගේ හෝරාව.....සුරංඟනා කතා කියන්න බැහැනෙ ඔයාල වගේ ලොකු අය එක්ක....ස්තූතියි ගොඩක් කිරිල්ලිව බලන්න ආවට.....

    ReplyDelete
  9. @රවා.....කුමාරයව ආදරෙන් පිළිගන්නවා.....!

    ReplyDelete
  10. @~ රජිත් ~....ස්තූතියි ඔයාට..හ්ම්. මොකෝ නැත්තෙ ඔයා දන්නව රකුසව...!

    ReplyDelete
  11. @nimanthi.....ස්තූතියි නිමන්ති අක්ක...කිරිල්ලි ගොඩාක් පරිස්සමට පියාඹන්න ඉගෙන ගත්ත..

    ReplyDelete
  12. @ItalyDilan...ගොඩාක් ස්තූතියි...ආයෙමත් එන්න අළු පාට හැන්දෑවට...!

    ReplyDelete
  13. තමන්ට යමක් කරන්න පුලුවන් බවට විශ්වාසනම් ඒ වෙනුවෙන් මමත් සුබපතනවා. නමුත් පරිස්සමින් කිරිල්ලියේ..

    ReplyDelete
  14. @RoshanHerath...රකුසු බන්ධනයට අසු උනේ මම විතරක් නෙවේ...තවත් අය ඉන්නවා...එයාල එක්කෙනෙක්ව හරි බේරගන්න පුලුවන්නම්........මගේ උත්සාහය ඒකයි..මම භය නැහැ දැන්.....ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට...!!!

    ReplyDelete
  15. මමත් ආව ඔයාගෙ බ්ලොග් එක බලන්න.

    ReplyDelete
  16. මමත් ආව ඔයාගෙ කතාව කියවන්න,

    ReplyDelete
  17. අහ්! චින්චැට් කිරිල්ලියෙක්! එච්ච‍රයි අඩු වෙලා හිටියේ. දිගටම පියාඹන්න ලැබෙන්න කියලා සුභ පතනවා මාත්.

    ReplyDelete
  18. නදී.......හැමදාම එන්න හැන්දෑවට.......

    ReplyDelete
  19. අනුරාධ.... ඔව්. මායාබන්ධනයෙන් මිදුනා....මම දැන් නිදහසේ පියාඹනවා....!! ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට...

    ReplyDelete
  20. මේ ලියන්න යන්නේ ඔයාගේ කතාවද ? ඔයාගේ ඇත්ත කතාවද ?
    දිගටම ලියන්න. මම් අනිවා එනවා ඔයාගේ කතාව කියවන්න.

    ReplyDelete
  21. ඔන්න මමත් ආවා.. ඔයාගේ කතාව අහන්න...

    ReplyDelete
  22. @මධුරංග... ඔව් අවාසනාවකට මේක ඇත්ත කතාවක්..මගෙම කතාව...තාමත් වෙලාවකට මටම අදහා ගන්න බැහැ මට මෙහෙම දෙයක් උනාද කියල....ස්තූතියි ගොඩාක් ...ඔයාල මට ශක්තියක් මග නොවැටී මේක ලියාගෙන යන්න..!!

    ReplyDelete
  23. @හසී...කිරිල්ලි ඔයාව ආදරෙන් පිළිගන්නවා අළුපාට හැන්දෑවට හසී..!! මාව බලන්න ඇවිත් මට හයියක් වෙන්න මේ රකුස ගැන කියන්න.....!!!

    ReplyDelete
  24. හප්පේ හොදටම බයවෙලා වගේ රකුසෙකුට....

    ReplyDelete
  25. කිරිල්ලී අද තමයි මේ පැත්තේ ආවේ....ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි නංගි.දිගටම කතාව ලියන්න.එය සේවයක් .....ඔයාට සුභම සුභ අනාගතයක්

    ReplyDelete
  26. මුතුපබලු......
    කිරිල්ලි ආදරෙන් පිලිගන්නවා ඔයාව,,කතාව දිගටම කියවන්න,,වෙලාවක් තිබුනොත් විතරක් කරදරයක් නැත් නම් විතරක් කොමෙන්ට්ස් කරන්න...ස්තූතියි අක්කි..!!

    ReplyDelete
  27. හුඟ කාලෙකට පස්සෙ මටත් පුංචි විවේකයක් ආවා. අදයි ආවෙ මුලින්ම 'අභිරහස' අප්ඩේට් වෙලා තියෙනව දැකලා. ඒක කියවනකොට හිතුනා මුල ඉඳන් බැලුවොත් හොඳයි කියලා. මේ රකුසා ඇත්තටම කවුද කියලා ඔයා එලි කරලා තියෙනවද? දැනුත් මුන්ද ඉන්නවද අපි අතරෙ?

    ReplyDelete