මේක ගූග්ල් දෙවියන්ගෙන් ඉල්ල ගත්ත පොටෝ එකක්.
ටික දවසකට පස්සෙ ඔන්න කිරිල්ලි ආවා...පහු ගිය දවස් වල මට පොඩි දෝෂයක් තිබුනනෙ..අහ් හා..ඔය අහන්න හදන්නෙ 'කලු කුමාර දෝෂෙද' කියල නේද? කලු කුමාරය කොහෙද අනේ මා දිහාවට කිට්ටු කරන්නෙ මේ තරම් පැණි කුරුල්ලො ගොඩක් වට කරන් ඉන්නකොට??.හහ් පිස්සු හැදෙයි..!!
මේකනෙ උනේ..අප්‍රියෙල් මැයි මාස වෙද්දි මෙහෙ ගස් වල දලු දාල කොල ඇවිත් මල් පිපෙන්න ගන්නව..මේ කාලෙට මෙහෙ ගොඩාක් අය අසාත්මික තාවයකින් පීඩා විඳිනව..මාත් ඒ එක්කෙනෙක්..උදේ පාන්දර නැගිටිනකොට උගුර කසනව,ඇස් කසනව,නොනවත්වා කිවිසුම් යන්න පටන් ගන්නවා..ඉතින් මූණ ලේ පාට කරන් හොටු සූර සූර තමා ජීවිතේ..මේක මොන තරම් වදයක්ද කියල දන්න අය දන්නව....
මේකට බෙහෙත් දෙන්න කලින් ඩොක්ටර්ස්ලා තදින් අවවාද කරනව වාහනයක් පදවගෙන යන්න එපා..බයික් එකක් වත් පදින්න එපා බෙත් ගත්තට පස්සෙ කියල..ඇයි දන්නවද? මේ බෙහෙත් බිව්ව ගමන් නිදි මත එනවා..සමහරුන්ට නින්ද යනවා...ඉතින් මම මේව ගන්නෙ රෑට කෑම කාල..බෙහෙත් බිව්වට පස්සෙ නම් ඔලුව කෙලින් තියන් ඉන්නව බොරු...නිදිමත...නිදිමත.. ඔලුව පැත්තට කඩන් වැටෙනව...ඇයි උදේට??..හෆ්ෆා කෝපි බාල්දියක් බිව්වත් ඒ නිදිමත එහෙමමයි..!!
ඔෆිස් එකට ගිහින් වැඩ කරනවට වඩා කරන්නෙ නිදි කිරන එක...බෙහෙත් නොබිව්වොත් පාන්දරින් පටන් අරන් මුලු දවසෙම කිවිසුම් ඇර ඇර හොටු සූර සූර ඉන්න වෙන්නෙ...එහෙමත් කලා මම ටික දවසක් නිදා වැටෙන්න බැරි කමටම..කෝම හරි ගිය සතියෙ අග වෙද්දි මගෙ මේ දෝෂය සුව උනත්, අතපසු උන වැඩ වලට කොටුවෙලා උන්න නිසයි මොකුත් ලියාගන්න බැරි උනේ..ඒත් මේ අසනීප නිදිමත මැද්දෙන් මම ඔයාලගෙ බ්ලොග්ස් වලට එන්න අමතක කලේ නැහැ ඔන්න...!! රැට නිදිමතේ ඔලුව කඩා වැටි වැටි අලුත් පෝස්ට් කියවල කොමෙන්ට්ස් කරල ඇති...(ඒවල ලිව්ව දේවල් දන්නෙ දෙයියො තමා.)
ඉතින් අද මම කියන්න යන්නෙ පුංචි ලස්සන අමුතු දෙයක් ගැන..මීට අවුරුදු 2 කට කලින් මට කොහෙත්ම සිංහල ලියාගන්න බැරි කාලෙ මේක ලියන්න කියල කෙනෙකුට කිව්වට එයා උදව් කලේ නැහැ...හොඳයි මේකයි කතාව...........
මීට අවුරුදු කිහිපයකට කලින් NASA විද්‍යාඥ්ඥයො පිරිසක් එකතුවෙලා පරීක්ෂන කිහිපයක් සිදු කලා,අලුත්ම විදිහෙ අභ්‍යාවකාශ යානයක් නිපදවන හැටි පිළිබඳව....
ඔවුන්ට ඕනෙ උනේ, අභ්යාවකාශගාමීන්ට දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාවකාශයේ රැඳිල ඉන්න පුලුවන් විදියට මේ යානය නිපදවන්නයි.
ඒ වගේම ඔවුන් උත්සාහ කලේ මේ යානයේ අභ්‍යන්තර පරිසරය යානය විසින්ම පවත්වාගෙන යන ආකාරයට මෙය නිපදවන්න.ආහාර නිපදවා ගන්න..යානය තුල යන්නන්ට ඔක්සිජන් නිපදවා ගන්න සහ වාතය මෙන්ම ජලයත් නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍ය උනා.......
ඔවුන්ගේ ඒ පරීක්ෂන වල ප්‍රථිපලයක් විදියට, සංවෘත වීදුරු බඳුනක් තුල ස්වයංක්‍රීයව පාලනය වන ලෝකයක් නිර්මාණය කරන්නෙ කෝමද කියල ඔවුන් ගවේෂනය කලා....ඒකට හේතුව තමා මේ පුංචි සියුම් ලෝකෙ ගොඩාක් ලස්සන වීම,ස්වභාධර්මය තුල තියන සමබරතාවය ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න උදව්වීම.....
NASA ආයතනය තාක්ෂනය බෙදා හැරිය ඉවතට...එම නිසා මේ පුංචි ලෝකෙ හදන්න පුලුවන් වේවි ඒ වගේම විශාල මිලකට අළෙවි කරන්න පුලුවන් වේවි කියල ඔවුන් විශ්වාස කලා...ඉතින් ඊට පස්සෙ තමා ECOSPHERE කියන නමින් මේ පුංචිලෝකෙ බිහි උනේ.......
ජලය,වාතය,පුංචි අඟුටුමිට්ටො වගේ ඉස්සො(කූනිස්සො.)වගේම ඇල්ගි සහ බැක්ටීරියා විශේෂ වලින් ECOSPHERE සමන්විත වෙලා තියනව...පුංචි අතු,ගල්පර්වත වලිනුත් මෙය සමන්විතයි..ඒ නිසාම පුංචි කූනිස්සන්ට හැංගෙන්න තැන් වගේම,මේකෙ බැක්ටීරියා වලට තදින් වෙලිල ඉන්න මතුපිටකුත් තියනවා..ඒ වගේම මේ පුංචි ලෝකෙ විනිවිද පෙනෙන එකක් විය යුතුයි..එවිට ආලෝකය හොඳ ශක්ති ප්‍රභවයක් විය හැකියි මුලු පද්ධතියටම.......
ඉතින් NASA විද්‍යාඥ්ඥයො මේ පුංචි ලෝක විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරල ඉහල මිල ගනන් වලට අළෙවි කලා....
බලන්න මේ පින්තූරයෙ තියෙන්නෙත් එයාල ඒ නිර්මාණය කරපු ECOSPHERE එකක්....
ජලය,වාතය,පුංචි අඟුටුමිට්ටො වගේ ඉස්සො(කූනිස්සො.)වගේම ඇල්ගි සහ බැක්ටීරියා විශේෂ වලින් ECOSPHERE සමන්විත වෙලා තියනව...පුංචි අතු,ගල්පර්වත වලිනුත් මෙය සමන්විතයි..ඒ නිසාම පුංචි කූනිස්සන්ට හැංගෙන්න තැන් වගේම,මේකෙ බැක්ටීරියා වලට තදින් වෙලිල ඉන්න මතුපිටකුත් තියනවා..ඒ වගේම මේ පුංචි ලෝකෙ විනිවිද පෙනෙන එකක් විය යුතුයි..එවිට ආලෝකය හොඳ ශක්ති ප්‍රභවයක් විය හැකියි මුලු පද්ධතියටම.......
ඉතින් NASA විද්‍යාඥ්ඥයො මේ පුංචි ලෝක විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරල ඉහල මිල ගනන් වලට අළෙවි කලා....
බලන්න මේ පින්තූරයෙ තියෙන්නෙත් එයාල ඒ නිර්මාණය කරපු ECOSPHERE එකක්....
මේක මගෙ..මගේ පුංචි ලෝකෙ..මීට අවුරුදු 6 කට කලින් මගේ ජීවිතයට ගොඩාක් වැදගත් විශේෂ පුද්ගලයෙක් මට මේක තෑගි කලා.. මගෙ පුංචි දරු පැටව් 6 දෙනා(කූනිස්සො.) මේක ඇතුලෙ ජීවත් වෙන්නෙ....එයාලට අවශ්‍ය කෑම,හිරු එළිය,වාතය ඔක්කෝම මේක ඇතුලෙම නිශ්පාදනය වෙනවා...බලන්න මෙන්න මේ විදියට..........

* හිරු එළිය හෝ කෘතිම එලිය ඇල්ගි වැඩීමට සලස්වනව....
* ඇල්ගි ඔක්සිජන් නිපදවනව+ආහාර වෙනව පුංචි කූනිස්සන්ට....
* කූනිස්සො ඔක්සිජන් ආශ්වාස කරනව ඇල්ගි ආහාරයට ගන්නව....
* කූනිස්සන්ගෙන් අපද්‍රව්‍ය සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනව....
* බැක්ටීරියා මෙම අපද්‍රව්‍ය මත ක්‍රියා කරල ඇල්ගි වලට ආහාර වෙනව....
* ඇල්ගි කාබන්ඩයොක්සයිඩ් සහ සියුම් එලිය ලබාගෙන වැඩෙනව..ඒවා කූනිස්සන්ගෙ ආහාර බවට පත් වෙනවා....
චක්‍රයක් විදියට මේ ක්‍රියාවලිය සිදුවෙන අතර කූනිස්සො වසර කීපයක් මේ විදියට ජීවත් වෙනව....
මේ විදියට මේ පුංචි ලෝකය තුලත් හැම දෙයක්ම මෙහෙම එකමුතුව සිදු වෙනව අපි මේ ජීවත් වන ලෝකය තුල වගේම....
මේකෙ තියන ඔය tested by nasa කියන පොඩි බට්න් එකට ඇඟිල්ල තියල හෙමින් එහාට මෙහාට අරන් ගියාම ඕකෙ ඇතුල් පැත්තෙ වීදුරුවෙ බැඳිල තියන ඇල්ගි අහක් වෙලා වීදුරු බෝලෙ ලස්සනට පිරිසිදු වෙනව..ඒ අහකට යන ඇල්ගි මගේ දරු පැටව් ටික දුවගෙන ඇවිත් කාගෙන කාගෙන යනව....
ඉතින්...ඔයාල මොනාද හිතන්නෙ මගේ පුංචි ලෝකෙ ගැන??
විශේෂ ස්තූතිය: දයාබර හිතුවක්කාර කෙල්ලට..!! මේක ලියාගන්න ගිහින් සිංහල වචන හොයා ගන්න බැරුව ලෝක අමාරුවක වැටිල උන්න මාව ගොඩ ගත්තෙ එයා..
ඔයාට ගොඩාරියක් ස්තූතියි හිතූ..!!