My Blog List

Sunday 1 April 2012

කෙහෙල් ගහට කොටපු දාට.......................!!



(අළු පාට හැන්දෑව.32)


ඒ 2011 මාර්තු මාසෙ......මම කලින් කිව්ව වගේ,ජනවාරි මාසෙ 28 දින මම රකුසගෙ මූණ දැක්ක අවසාන වතාව වගේම කටහඬ අහපු අවසාණ වතාව...ඊට පස්සෙ රකුස කලේ මම ඔන්ලයින් ඉන්නව දැක්කාම වරින් වර ඇවිත් ගූග්ල් චැට් එකෙන් මාව රන්ඩුවට පටලව ගන්න හදපු එක විතරමයි.........

මාර්තු මාසෙ අග වෙද්දි මගෙ පලමු රැකියාවෙ අවුරුද්දක කොන්ත්‍රාත් කාලය අවසන් වෙමින් තිබුනා..නැවත වසර 2 ක කොන්ත්‍රාත්තුවක් යටතේ රැකියාව කිරීමට අවස්තාව ලැබුනා..ඒත් අපේ ගෙදර හැමෝගෙම අදහස උනේ මම ටික කලකට රැකියාවෙන් ඉවත් වී අම්මා සමග ගෙදර පැමිණිය යුතු බව.........

අම්මගේ අදහස උනේ පිරිමි ලමයින්ට එයාලගෙ රැකියාවල වගකීම්..පුද්ගලික ජීවිතයේ නිදහස..විවේකය අවශ්‍ය බවත්..ඒ නිසා මගේ වගකීම සම්පූර්ණයෙන් අයියලාට බාරදිය නොහැකි බව....අයියල දෙන්නගෙ අදහස උනෙත් මා අම්මා සමග යා යුතු බව.........

''..ඔයාලට දැන් මාව කරදරයක් වෙලානෙ..ඒකනෙ මාව එපා උනේ?..'' මම කිව්වෙ ගොඩාක් දුකෙන්...
''..අපිට ඔයාව එපා වෙලා නෙවේ..ඔයා ඉන්න විදිය අපිට බලාගෙන ඉන්න බැහැ..ඔයා මුස්ලිම් කෙල්ලෙක් වගේ කාමරෙන් එලියට එන්නෙ නැහැ..හරියකට කෑම කන්නෙ නැහැ..හැමදාම ඔයා අසණීපෙන්..බලන්න ඔයාගෙ හැටි..ඇඟේ කටු ටික හැලෙන්නෙ නැතුව තියෙන්නෙත් යාන්තම් හම නිසා..යන්න ගෙදර ටික දවසකට..'' ලොකු අයිය කිව්වෙත් තරහින්....
''..එතකොට මගෙ රස්සාව..?''
''..ගෙදර ගිහින් ටික දවසක් රෙස්ට් එකේ ඉන්න අම්ම එක්ක..මම තව හොඳ ජොබ් එකක් සෙට් කරන්නම් ඊට පස්සෙ..රස්සා කරන්න කලින් මනුස්සයෙක් වගේ වෙලා ඉන්න..''.....
හ්ම්ම්ම්...ඊට පස්සෙ මම අම්ම එක්ක ගෙදර ආව...ගෙදර ජීවිතේ..අම්ම උදේ වැඩට යනවා මම දවල් වෙනකම් නිදා ගන්නව..කනව බොනව නිදාගන්නව ඔහේ දවස ගත වෙනවා...
මේ කතාව මුල ඉඳන් බලපු අය ට මතක ඇති මම කිව්ව මම රකුසා නිසා අනිත් අයගෙන් වෙන් වෙලා එයාලව මග ඇරලා මගෙ කාමරේටම වෙලා තනි වෙලා ඉන්න පුරුදු උන හැටි..රකුසයි ලැප් එකයි විතරක් ඒ දවස්
වල මගේ ජීවිතයම උන හැටි...
මම ආදරේ කරපු තරම්..ඒ වෙනුවෙන් කරපු කැපකිරීම්..නිදි මරාගෙන දුක් වින්ඳ තරම්..මගේ කාලෙ නාස්ති කරපු තරම්...ඒත් අන්තිමට මට සිදු උන දේ..මාව රවට්ටපු අසික්කිත විදිය..තනියම ගෙදරට වෙලා ඉන්නකොට මේ ඔක්කොම ආයෙමත් ආයෙමත් මට  කල්පනා වෙන්න ගත්ත..කාටවත් කියා ගන්න බැරුව..කියන්න කෙනෙක් නැතුව තනියම හිතේ දරාගෙන තද කරන් ලොකු මානසික පීඩනයකට පත් වෙලා උන්නෙ මම...අවුරුද්දක් පුරා සිද්ද උන හැම දෙයක්ම මගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත....
ඒ වගේම පහත්ම විදියෙ රැවටීමකට ලක්වීමෙන් ඇති උන ලැජ්ජාව..වේදනාව කේන්තිය මේ සියල්ලම මාව නොසන්සුන් පුද්ගලයෙක් බවට පත් කලා...මම ගොඩාක් නපුරු උනා...නිතරම අප්‍රසන්න හැඟීම් හිතේ පුරවගෙන ඉන්නකොට පුංචිම දේකටත් තරහ එනවා..වෙලාවකට කාමරේ දොර වහන් මම මහා හයියෙන් කෑගහල ඇඬුවා...අතට අහුවෙන දේවල් සී සීකඩ විසි කලා..අම්ම එක්ක කිසිම හේතුවක් නැතුව තරහ උනා.......................

2011 අප්‍රියෙල් මාසෙ....
අම්ම වැඩ කරන ආයතනයෙන් තවත් සංවිධාන කීපයක් සමග එකතුවෙලා කරන සමාජසේවා වැඩ සටහනක් සඳහා කිහිප දෙනෙකුට පිට රටකට යන්න සිදු උනා හැම වසරකම වගේ..මේ පාර අම්ම ඒ ගමනට එක් උන නිසා මාවත් එක්ක යන්න අවසර ලබාගෙන තිබුන..කතෝලික ආගමේ දේවගැති වරු සහ කන්‍යා සොයුරියන් කීප දෙනෙකුත් මේ ගමනට එක් උනා...
අප්‍රියෙල් මාසෙ 10 වෙනිදා මම ඒ ගමන පිටත් උනේ මගේ යාලුවන්ටවත් කිසිම කෙනෙකුට නොකියා..මගේ ලැප්ටොප් එක ගෙනියන්න අම්ම අවසර දුන්නෙ නැහැ..ඒ වගේම කිසිම කොම්පියුටර් එකකට අත් තැබීමට මට අවස්තාවක් ලැබුනෙ නැහැ..මම ඒ ගැන උනන්දු උනෙත් නැහැ.....මම උවමනාවෙන්ම කොම්පියුටර් මග ඇරල උන්න කිව්වොත් තමා වඩා හරි......
අපි ආපසු ගෙදර ආවෙ මැයි මාසෙ 9 වෙනිද...ඔන්ලයින් ආවාම දැක්කෙ මගෙ යාලුවො ගොඩාක් කලබල වෙලා තිබුනා මාව දකින්න නැතුව(මම කැමති අකමැති යාලුවො ඔක්කෝම වගේ.)මාව හොයල..මට පණිවිඩ පිට පණිවිඩ එවල..ඒ වගේම මට බැනලා.........

ඒත් රකුස ගෙන් නම් එකම එක වචනයක් වත් මට තිබුනෙ නැහැ...(අනේ වාසනාවන් ඒකි මැරෙන්න ඇති දැන් මට සැණසීමෙන් තව බිස්නස් එකක් පටන් ගත්තෑකි කියල හිතල සතුටින් ඉන්න ඇති.)
ඔන්න බලන්න යාලුවනේ මේකෙන්ම හිතා ගන්න පුලුවන් නේද මේ රකුස මොන වර්ගයේද කියල?
අපි නම් දවසක් හරි ඇසුරු කරපු,, යාලුවෙක් නෙවේ තරහ කාරයෙක් උනත් එක පාරම අතුරුදහන් උනාම නිකමට හොයල බලනව නේද??
මෙන්න මේ වගේ මිනිහෙකුට මම ආදරේ කලේ..පන දෙන්න ගියෙ..!!!!
මේ ලෝකෙ ඉන්න අන්තිම ජරාම මිනිහටයි මම ආදරේ කලේ,,මෙහෙම එකෙකුටනෙ මම රැවටුනේ කියල මට තවත් වරක් හිතුනා....!!!!

රකුස අතුරුදහන් වෙලා යන්නම ගිහින් තිබුන......විශේෂ දේකට තිබුනෙ රකුස ලියාගෙන ගිය ''ආදර කතාව'' බොරු බ්ලොග් එක 'ආරාධිතයින්ට පමනක්' බලන්නට හැකි වන විදියට වෙනස් කරල තිබුන..........
ඔය අතරෙම මම දැක්ක රකුසගෙ 'ට්වීටර් එකවුන්ට්' එක.. රකුස ප්‍රසිද්ධ 'වියෝ ගීත' වල පද පේලි ලියනවා දිගට හරහට ඒකෙ..ආදරෙන් පැරදුන නියම අවංක ප්‍රේමවන්තයෙක් වගේ...හිකිස්...!!


ඊට ටික දිනකට පසු මම ඔන්ලයින් ඉන්න වෙලාවක රකුසා ආව..මොකුත්ම නොදන්න නොවුන විදියට අහනව මගෙන් චැට් එකෙන්..
''..හායී..කෝමද? ඔයා ඉන්විසිබල්ද ඉන්නෙ?..''
මට එවෙලෙ ආපු කේන්තිය...''..ඉන්විසිබල් ඉන්න? ඇයි මම මොකාට බයේද ඉන්විසිබල් ඉන්නෙ?..හැංගිලා ඉන්න ඕන දේවල් මම කරල නැහැනෙ..''
''..මට නෙට් එන්න බැහැ..අපේ ගෙදර ඉන්ටර්නට් නැහැ..'' රකුස කිව්වා...
''..ආ හැබෑද..ඒකද අර ට්වීටර් එකේ ශෝක ගීත ගයන්නෙ?..''
''..ඒවා කලේ පෝන් එකෙන්..''..එහෙම කියල ආයෙමත් රකුස අතුරුදහන් උනා.........

ඊට ටික කාලෙකට පස්සෙ ඔන්න රකුස ආයෙමත් මතු උනා...එදා එයාගෙ ප්‍රශ්නෙ මෙහෙම..''..හායී..ඔයා කවියක්ද අර ලියල තියෙන්නෙ..?''
''..මොන කවියද කොහෙද?..'' මම ඇහුවා..
''..අර ගූග්ල් බුස් එකේ..ලස්සනයි ඒක..''
''..ඕ.කේ..තෑන්ක්ස්..''(මම බුස් එකේ ලියල තිබුනෙ කවියක් නෙවේ ප්‍රසිද්ධ ගායකයෙකුගෙ සින්දුවක් ඒක.) හිකිස්..!!!!

මාසයක් විතර පහු උනා......
දවසක් රකුස ඔන්ලයින් උන්න මම එනකම්...මාව දැක්ක විතරයි උමතුවෙන් වගේ බනින්න පටන් ගත්ත (චැට් එකෙන්.)
 

''..දැන් හරිද? සතුටුද? මට මේ දේ කරන්නම නේද හිටියෙ..ඉවසිල්ලක් නැතුව නේද උන්නෙ මට මේක කරන කම්?පෙරුම් පුරාගෙන නේද උන්නෙ ඕකට නේද?ඔහෙට සතුටුද දැන්?...''
මම හිතුවෙ රකුසට පිස්සුව තද වෙලා කියල.. මාත් ඔහේ බලාගෙන උන්න එයාගෙ චැට් පේලි දිහා මොනාවත් හිතා ගන්න බැරිව...
මට බැනගෙන ගියෙ අන්තිම කැත විදියට....
අගක් මුලක් නැති මේ කතාව අවසානෙදි මම ඇහුවා මොකක් ගැන්ද මේ කියන්නෙ..මොකක්ද ඔහෙට වෙලා තියෙන්නෙ කියල......

''...ඔයාලගෙ අම්ම අපේ ගෙදරට කතා කරල..අපේ අයිය එක්ක කතා කරලා..කෝමද ඒක කලේ..? කෝමද එයා මම ගැන දන්නෙ..?ඇයි මට එහෙම කලේ?..''

රකුස පිස්සුවෙන් වගේ කියවන්න ගත්තෙ...මට රකුසව විශ්වාස කරන්න බැරි උනා..අපේ අම්ම?? ..නෑ.. වෙන්න බැහැ..!!
කිසිම දෙයක් හිතා ගන්න බැරුව මාව ගල් උනා...මගෙ අත්දෙක පන නැතුව ගියා........!!

78 comments:

  1. //මම ආදරේ කරපු තරම්..ඒ වෙනුවෙන් කරපු කැපකිරීම්..නිදි මරාගෙන දුක් වින්ඳ තරම්..මගේ කාලෙ නාස්ති කරපු තරම්//

    හැම ආදර කතාවකම මේ දේ නම් සිද්ධ වෙනවා.

    ඒත් ඔයා නම් පුදුම දුකක් තමා විඳලා තියෙන්නේ නේද?
    කතාව මෙච්චර ලස්සන මේක ඇත්ත කතාවක් නිසාද?

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි..මම පුදුම දුකක් වින්ද..පුදුම පවක් ගෙව්වා..කවදාවත් කිසිම කෙනෙකුට 100% ම අවංක වෙන්න එපා කියල තමා දැන් මගෙ හිත කියන්නෙ..ඒත් ඒක හරිද මන් දන් නෑ...
      මේක ඇත්තම තිත්ත කතාවක්......''සත්‍ය සුන්දරයි'' කියල ලස්සන හින්දි සින්දුවක් තියනවා.......

      Delete
    2. සත්‍යම් සිවම් සුන්දරම් ද?

      Delete
    3. eka hariyatama hari nanga..100% awanka wenna one na thamai. aththa thiththa unath boruwata kawadawath anagathayak nane.. hamadamath kiyanawa wage beruna eka loku sathutak. :)

      Delete
    4. ඔබ නොදු‍ටු ලොවක්@..
      ඔව්..ඔව්..ඒක හරිම ලස්සන සින්දුවක්..මම හින්දි ෆිල්ම්ස් බලන්නෙ නැහැ..ඒත් සමහර සින්දු වලට ගොඩාක් කැමතියි..තෑන්ක්ස්...
      ඔයාගෙයි,කතන්දර අයිය ගෙයි බ්ලොග් දෙකේම මට කමෙන්ට්ස් දාගන්න බැරි උනා..අනේ මන්ද ඒවා පබ්ලිශ් වෙන්නෙම නැහැ...:(

      Delete
    5. Admin of Rareshare@..
      ඒක තමා බලන්න දැන් මට මොලේ පෑදිලානෙ....හෙ.හේ..!!

      Delete
    6. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි@..
      ඔව් ඉතින් අවුරුදු එකහමාරක දිග කතාවක්නෙ මේක..........

      Delete
    7. කාටවත් අවංක වෙන්න ඕන නෑ කියන එක නම් මම පිලි ගන්නේ නෑ. ඒත් කෙනෙක්ට තමන්ගේ අභ්‍යන්තරය හෙළි කරන්න ඉඩ දෙන්න කලින් ඒ පුද්ගලයා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි.. කිරිල්ලිට වරදුනේ එතන.. මට වරදුනෙත් එතන..

      Delete
    8. මනුස්සයෙක්ව අවබෝධ කර ගන්න එක තමා මේ ලෝකෙ කරන්න අමාරුම දේ..අද අපි එක්ක ඉන්න මනුස්සය නෙවේ හෙට ඉන්නෙ වෙන කෙනෙක්..දවසින් දවස වෙනස් වෙන අය එක්ක අපිත් වෙනස් උනේ නැත් නම් අපි පරදිනවා..

      ඒත් අපිට එහෙම කරන්න පුලුවන්ද?? අනේ මන්ද ..ඒත් බොහෝ දෙනෙකුට පුලුවන්....:(

      Delete
    9. 100% අවංක විය යුතුයි අක්කේ මෙතැන වැරැද්ද වුනේ වැරදි මහ මී හරක් පිස්සෙක්ට ඔයා එහෙම අවංක වෙච්චි එක.අඩුම ගානේ හිතක් පපුවක් තියෙන එකෙක්ට අවංක වුනානම් මෙහෙම වෙන්නේ නෑ...

      පොකු අක්කේ හැම කෙල්ලම ඔහොම අවංක වෙන්නේ නෑ ඕන්නං 10%ක් ඉඳියි හික් හික්..."සඳලු තලෙන් බැස බලන්න කුමාරිහාමී......."

      Delete
    10. ඔව් මල්ලි..වැරදි මිනිස්සුන්ට අවංක වෙන්න ගියාම අන්තිමට වෙන්නෙ මේක තමා..මම ගොඩාක් වටින පාඩමක් ඉගෙන ගත්තා........

      Delete
    11. ගැමියා සමග එකඟ වෙමි.. වැරදි මිනිහාට අවංක වීමේ විපාක අක්කේ ඔබ විඳිමින් හිඳියි.. මෙයින් වත් පාඩමක් ඉගෙන ගැනීම හොඳ ය..

      Delete
    12. පාඩම නම් ඉගෙන ගත්ත මල්ලි ඉහටත් උඩින්.....ඇත්තටම වෙච්ච පාඩුව තමා හොඳ අවංක මනුස්සයො දිහාත් දැන් මම බලන්නෙ සැකෙන්..........

      Delete
  2. ඇත්තටම අම්මා කෝල් කරලද නැත්තං රකුසගේ බොරුවක්ද...මාර රකුසෙක්නේ මේ රාජ්..ආදර කථා ඇහුවා මේ වගේ බොරු කාරයෙක් ගැන ඇහුවේ දැක්කේ හින්දි ‍ෆිල්ම් වල විතරයි...

    ReplyDelete
    Replies
    1. මෙයා හින්දි ෆිල්ම්ස් වලට වහ වැටුන කෙනෙක්..ඒකනෙ හැම වෙලේම අඬන්නෙ ෂාරුක් ඛාන් වගේ..! ඒවා බල බල තමා සැබෑ ජීවිතයෙදිත් ජීවත් වෙන්නෙ(රඟපාන්නෙ.)

      ඔව්. අම්ම කතා කරල...........

      Delete
  3. ඔන්න දැන් නම් පටන් ගත්තෙ මං ආසම කරන හරිය වගේ....
    ඒත් ඔයාගෙ අම්ම කොහොමද රකුස ගැන දැනගත්තෙ....? ඔයා නියම වෙලාවට තමයි අම්ම ළඟට ඇවිත් තියෙන්නෙ.... අයියලට වැඩිය හොඳට අම්ම කෙනෙකුට තමුන්ගෙ දුවව තේරුම් ගන්න පුළුවන්නෙ.... අයියල කලින්ම දැනගෙනද මේ අම්මත් එක්ක ඉන්න එව්වෙ කියලත් මට හිතෙනව.....

    ReplyDelete
    Replies
    1. හික්ස්..මෙයාටත් දිවැස් තියනව අපේ අම්මට වගේ....ඔව්.ඔව්. ලොකු තැන්වල කුමන්ත්‍රණයක් නිසා තමා මට ගෙදර එන්න උනේ.........
      අම්ම දැන ගත්ත විදිය පස්සෙ කියන්නම්....ඒත් රකුසව හොයා ගත්ත විදිය නම් මටත් තාම රහසක්...(බුද්ධි අංශයේ වැඩක් කියල හිතෙනව.)

      Delete
  4. හයියෝ සල්ලි!!!
    අම්මලටත් කිව්වද ඈ...?
    මොනවා උනත් රකුස කැත වැඩේ කරලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. නැහැ රජතුමනි....කටක් ඇරල කියන්නෙ කෝමද මේ තරම් අනුවණ කමක් මම කලා කියල..මගෙ අම්මල කියන්නෙ මම ගොඩාක් බුද්ධිමත් දුවෙක් කියල.....:(

      Delete
  5. ඇත්තටම අම්ම කතා කරලද ඉතිං..මේ ටිකේ ඉතිරි කොටසත් දාන්නකො..ඇත්තටම මේ ඔයා කියන බ්ලොග් එක තාම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්..අම්ම කතා කරල..ඒ බ්ලොග් එක නැති කරල දැම්ම මම එයාගෙ ගෙදරට කතා කරපු දවසෙම..මොකද රකුස එයාගෙම ගෙදරට කිව්ව ඔක්කොම බොරු අහුවෙනව ඒක තිබ්බ නම්......
      ඉතිරියත් ඉක්මනින් ලියන්නම්.......

      Delete
  6. අපෝ ඔකාව මට මරන්න තරහයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි..ඒත් මම ඕකව මරන්නෙ නැහැ..කාටවත් මරන්න දෙන්නෙත් නැහැ..ඕක ජීවත් වෙන්න ඕනෙ..විඳවන්න ඕනෙ මගෙ ඇස්දෙකට පේන්න..........

      Delete
    2. වර්ණා අනේ සන්සුන් වෙන්න.

      Delete
    3. ඔයා කියනවනම් සන්සුන් වෙන්නම්කො හිකිස්‌ :පි

      Delete
    4. වර්ණා ගැන තමා මටත් භය...මොකද එයා ඉන්නෙත් ඒ පැත්තෙනෙ..අනේ වර්ණා ප්ලීස් පොඩ්ඩක් ඉවසන්න..හික්ස්....!!

      Delete
    5. චික් මෙහෙමත් තිරිසන්නු...

      Delete
    6. කවුද? හෙක් හෙක්...

      Delete
    7. හ්ම්ම්ම්ම්....මේ මනුස්ස ලෝකෙ මනුස්ස වෙස් ගත්ත තිරිසන්නු තමා වැඩිපුරම ඉන්නෙ...සමහර වෙලාවට ඒක අපිට අමතක වෙනවනෙ..ඒ අපේ කරුමෙ...:(

      Delete
  7. අම්මා කොහොමද මේ ගැන දැනගත්තේ? කොහොම උනත් අම්මා කත කරපු එක හොදයි කියල මට හිතෙනවා.. එක දෙයක් අහන්න ඕන.. මේ හැම දෙයක්ම බොරුවක් කියලා දැනගෙනත් ඇයි ඔයා එයාගේ ප්‍රොෆයිල් වලින් අයින් නොවුනේ?

    ReplyDelete
    Replies
    1. අම්ම ඒක දැනගත්ත විදිය පස්සෙ කියන්නම්.....

      රකුසට ඕන උනේ.එහෙමත් නැත් නම් රකුස බලාපොරොත්තු උනේ මාව අන්තර්ජාලයෙන් සදහටම අයින් කරල එයාගෙ වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න..(මොකද අපිට අහු උනා..තවත් බොරු ෆ්‍රොෆයිල් කීපයක්ම එයාගෙ).....ඒක දැනගත්ත නිසා තමා මම එයාව අයින් නොකර තියාගෙන උන්නෙ..ඒත් මම එයාව ඊට සුලු කාලෙකට පස්සෙ සදහටම අයින් කරල දැම්ම..ඉදිරියෙදි බලන්න......

      Delete
  8. අම්මට කොච්චර දුක හිතෙන්නෙ ඇතිද?පහුවෙලා හරි අම්ම ගේමට ආපු එක නම් හොඳයි.වැරදි කරපු මිහිස්සුන්ට කාගෙන් ගැලවිලා හිටියත් තමන්ගෙම හදවතින් ගැලවෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. හදවත් තියන මිනිස්සු මේ වගේ වැරදි(අපරාධ.)කරන්නෙ නැහැ...ඉතින් ඒ නිසා උන්ට හදවත සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ මම හිතන විදියට......

      Delete
  9. අනේ මන්ද වින්චැට්.. පරිස්සමින්. මට පේන විදියට රකුස තාමත් ඔයාගෙ හිතේ හොල්මන් කරනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි රකුසා තාමත් මගෙ හිතේ හොල්මන් කරනවා.ඒත් ''රකුසෙක්'' විදියට..මම රකුසන්ට වත් හොල්මන් වලට වත් භය නැහැ කවදාවත්..............

      Delete
  10. අපෝ..ඔයා රට ගියාම ඔයාට මොකද වුනේ කියලවත් හොයල බලන්න බැරි නම් එයාට, තවත් කතා කරලා වැඩක් නෑ...:/ :/

    :O ඒත් අම්මා කොහොමද මේවා දැනගෙන තිබ්බෙ? රකුසාගෙ බොරුවක්ද?

    ReplyDelete
    Replies
    1. තමන් දවසක් හරි දන්න අඳුනන කෙනෙක් මාසයක් අතුරුදහන් උනාම අපි නම් හොයල බලනව නේද? ඒ අපි මනුස්සයො නිසා...සතෙකුට ඒක තේරෙන්නෙ නැහැ..
      අම්ම ඔක්කොම දැනගෙන තිබ්බ..............

      Delete
  11. රකුසා කතාවේ හොඳම හරිය දැන් යන්නේ.කියන්න දෙයක් නැහැ ඉතුරු ටිකක් ඉක්මනින් දාන්න.

    ඔයාගේ කතාව කියවල ඉවරවෙද්දි කී දෙනෙක් ඌව හොයාගෙන යාවිද දාන්නේ නැහැ ගහන්න.

    ReplyDelete
    Replies
    1. ඉන්නකො මම කියන්නම් ඉක්මනින් ඉතුරු හරිය.........වෙස්මූණ ගැළවුනාට පස්සෙ බලන්නකො මෙයා කවුද කියල....

      Delete
    2. ඈ..ෆොටෝත් දානවද?..නියමයි...හොද කිරිල්ලි..

      Delete
    3. චික් විතරක් මෙහෙමත් තිරිසන් මිනිස්සු....

      Delete
    4. ඔව් මම රකුසව පෙන්වන්නම් ඔයාලට...දැනටමත් ඊමේල් වලින් ඉල්ලල එව්ව ගොඩාක් දෙනෙකුට මම එයාව පෙන්වල තියෙන්නෙ...........

      Delete
    5. අනේ මටත් එවන්නකෝ..ආසයි මූන බලන්න....

      Delete
  12. අම්මලාට දිවැස් තියෙනව තමයි නංගෝ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්...මාව ගෙදර එක්ක ආවෙ ඒක තමා...බලන්න ආශාවෙන් කරගෙන ගිය මගෙ මුල්ම ජොබ් එක මට නැති උන හැටි.......:(

      Delete
  13. අම්මෝ....මෙච්චරකල් මේක කියෙව්වාට අදමද මන්දා කමෙන්ට් එකක් දාන්නෙ. මං හරිම ආසාවෙන් ඉන්නෙ ඔය රකුසගෙ වෙස් මූන ගැලවෙනකල්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසූපා අක්කී..ඔව් වෙස්මූණ ගළවනවා ලඟදීම බලන්නකො.......

      Delete
  14. අම්මා ඇත්තටම කෝල් කරලද නැත්තන් රාජ්ගේ බයිලයක්ද?

    ReplyDelete
    Replies
    1. අම්මා කෝල් කරලා..කෝම හොයා ගත්තද කියල නම් මම තාම දන්නෙ නැහැ..අම්මල කියන්නෙත් නැහැ...එයාල තව මොනාද මගෙන් හංගනවා.....:(

      Delete
  15. Duwe- daruwage hondama yaaluwa thamai amma. hari sathutui oyaata honda uthtarayak sahanayak ammagen lebenna ethi

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔව් ඇන්ටි.අම්ම හොඳම යාලුවෙක් වගේ ඒ අවස්ථාවෙ හැම දෙයක්ම කලේ......
      ඒක නෙවේ....මට වෙනස් වෙනස් නම් කීපයකින් ගෙදර අයත්,අපේ නෑයොත් කතා කරන්නෙ....ඒත් 'දුවේ' කියල කතා කරන්නෙ එකම එක්කෙනෙක් විතරයි..ඒ මගෙ චූටි නැන්ද(තාත්තගෙ පොඩිම නංගී)..ඉතින් ඔයා මට දුවේ කියන කොට එයාව මතක් වෙනවා..එයා ඉන්නෙ ලංකාවෙ,හරීම හොඳ කරුණාවන්ත කෙනෙක් එයා...ඒ වගේම චූටි කාලෙ ඉඳන්ම මට ගොඩාක් ආදරෙයි එයා.....:)

      Delete
    2. When I talk to anyone in my children's age I call them duwa or putha. My daughter's age is 30 and son is 28. I think you are sooooooo younger to them. Anyway I feel like you are chuti duwa to me.

      Delete
    3. i love the way you call me....I feel like you are my chuuti nAndhaa..i love her..he.he...

      Delete
  16. පුදුමයි අම්ම හැමදේම දැනගන ඔයාට වචනයක්වත් නොකියා කෙලින්ම එයාලගේ ගෙදරට කෝල් කරපු හැටි. කතාවේ ඉතුරු ටික එනකන් බලාගන ඉන්නවා. ඒවගේම රකුසගේ වෙස්මූණ ගැලවෙනකන්.

    ReplyDelete
    Replies
    1. අම්ම විතරක් නෙවි අයියලත් දැනගෙන ඉඳල තියෙන්නෙ...එයාල මට ගොඩාක් ආදරෙයි......

      Delete
  17. මටත් ආසයි දැනගන්න ඔය රකුසා මොකාද කියලා... වෙන්නප්පුව නම් අපිට විනාඩි 15 දුර...

    ReplyDelete
    Replies
    1. රකුස මොකාද ඉතින් රකුස මිසක්..! :D:D පොඩ්ඩක් ඉන්නකො ශානී.......:)

      Delete
  18. අක්කේ අයියලා දෙන්නාම රහස් පොලීසියෙද ඈ??? මාරයිනේ අප්පා කොහොමෙයි අම්මලා සේරම දැනගන්නේ..... ආ අක්කේ මටත් ආසයි මෙයාගේ වෙස්මූණ ගලෝලා බලන්න ලස්සන.බැයිද ෆොටෝ එවන්න??? මට අන්තිම ටික කියවද්දි හිතුනා අනේ බොට හොඳ වැඩේ රාජෝ කාපිය දැන් ටොපිය කියලා හි හි

    ReplyDelete
    Replies
    1. හෙ..හේ..මගෙ එක්කුසේ උපන් අයියල දෙන්න නම් රහස් පොලිසියෙ නෙවේ...ඒත්............
      පොඩ්ඩක් ඉන්නකො මම රකුසව පෙන්වන්නම්..
      අහ්..ටොපියද..මම හිතන්නෙ තාම ටොපිය දුන්නෙ නැහැ එයාට....

      Delete
    2. රහස් පොලිසියේ නෙමේනම් පොලිසියෙද දන්නෑ

      Delete
    3. මට අයියල ගොඩාක් ඉන්නවා ලංකාවෙ...........

      Delete
  19. රකුසට පාඩමක් උගන්නලද මේ‍ වෙනකොට?

    ReplyDelete
    Replies
    1. මේ රකුසා ද? නැත්නම් වෙන එකෙක් ද?

      Delete
    2. හෙ.හේ..අනේ මෙයා රකුසෙක් නෙවේ මගෙ යාලුවෙක්...!!

      Delete
    3. එහෙනම් එල යැ,.. ඒ උනාට ඉක්මනින් රකුසා ගැන හෙළි කරනවා නම් හොඳ යැ.. නැත්නම් මේ රාජ් ට ද කෙල වීමට ඉඩ ඇත...

      Delete
  20. හ්ප්පේ මේක මට මිස් වෙලා නොවැ..

    මෙයා තරහ වෙලාද මන්දා..

    ඔය කියන රකුසා අපි විනාස කරමු.. අලුත් රකුසෙක් ඉන්නවා සෑම් කියලා.

    ReplyDelete
    Replies
    1. අයියෝ මට අමතක උනානෙ තරහ වෙන්න..හීඊඊහ්හ්..!! .....ඔයත් රකුසෙක්ද ඈ..?

      Delete
    2. මම රකුසෙක් නොවෙමි.

      මම උකුසෙක් වෙමි. !

      Delete
    3. ඒ දෙදෙනාගෙම එතරම් වෙනසක් නැත..!!

      Delete
  21. අනේ මන්ද කිරිල්ලියේ.මට මේවා කියවද්දී මගේ රකුසවමයි මැවිලා පේන්නේ..පපුවට ඉදිකටු අනිනවා වගේ දැනෙනවා ඔයාගේ කතාව බලද්දී.මේ හැමදෙයක්ම මේ විදිහටම මටත් වෙනවා. හැබැයි මේ රකුසා මාත් එක්ක ඉන්නවා තවම. ඇත් වෙන්නෙත් නැහැ. ඇත් වෙන්න දෙන්නෙත් නැහැ.හිත වෙනස් කරනවා.මට බයයි මන් ගැනම.

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් ඔහුගෙන් ඈතට යන්න...අදම දැන්ම...ඔයාගෙ හිත එයාට පාලනය කරන්න ඉඩ දෙන්න එපා...ඔයා දන්නව එයා රකුසෙක් කියල පසුවට ගොඩාක් දුක් වෙන්න ඉඩ තියා ගන්න එපා..මම මේ කතාව කියන්නෙත් ඔයාල වගේ අයව මේ වගේ රකුසන්ගෙන් බේරගන්නයි..තවත් ඔයාගෙ කාලෙ නාස්ති කර ගන්න එපා...!!

      Delete
  22. හලෙ අම්මියෝ.......

    අදයි අක්කියෝ මං ඔයාගෙ බ්ලොග් එක බලන්න ආවේ.....
    අළුපාට හැන්දෑවෙ මුල් පිටුවෙ ඉදලම කියවගෙන ආව......ඇත්තටම ඔයා මේ සේරම දේවල් දරාගෙන හිටියෙ කොහොමද කියල මට හිතන්නවත් බෑ.....කාට වුනත් මේවගේ දෙයක්නම් සිද්ධවෙන්න එපා......

    පුළුවන්තරම් ඉක්මනට ඔය මනුස්සයගැන එලිකරන්න අක්කියෝ.....දැන් වුනත් ඒ මිනිහ ගැන නොදැන රැවටෙන අය ඉන්න පුළුවන්......

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට...ඔව් මට දරාගන්න බැරි උනා මම ලෙඩෙක් උනා..මේ වගේ අමනුස්සයෙක් ගැන හෙළි කරන්න හිතුනෙ ඒ නිසාමයි..තවත් අයට මෙ වගේ දෙයක් වෙන්න එපා..!

      Delete
  23. කිරිල්ලී.. අදයි ඔයාගෙ බ්ලොග් එකට ආවෙ. මේ කතාව කියෙව්වා මුල ඉඳලම..මට දුකයි ඔයා ගැන..මේ ෆේස්බුක් එක ඇතුලේ ඔය වගේ කතා ගොඩක් තියෙනවා.හැමදාම අහිංසක කෙල්ලෝ රැවටෙනවා. ඔයාගෙ මේ කතාව නිසා ඒ වගේ ගෑණු ළමයින්ටත් ප්‍රයෝජනයක් වේවි කියලා හිතනවා. දිගටම ලියන්න හදවතින් ශක්තිමත් වෙන්න...සදා ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩාක් ස්තූතියි තරු...මේ රකුසත් තව අහිංසක කෙල්ලන්ව රවට්ටල තියනවා...මම ඉක්මනින් මෙයා කවුද කියල කියන්නම්...

      Delete