My Blog List

Thursday 10 November 2011

රාජ් ආයෙමත් රෝහලේ.....................

( අළු පාට හැන්දෑව 7)




මේ අහිංසකයගෙ ජීවිතේ ගැන එයා ජීවත් උන අවාසනාවන්ත විදිය ගැන මම උන්නෙ දරාගන්න බැරි තරම් දුකකින්..එයාගෙම පවුලෙ අය එක්ක එකම වහලයට ඒ මිනිස්සුන්ගෙන්ම හිංසා විඳිමින්..යාලුවෙක් නෑයෙක්..කිසි කෙනෙක් නැතුව එයා ජීවත් වෙන විදිය මට නම් හිතා ගන්න වත් බැරි උනා..එයා කිව්වෙ එයා ඔෆිස් එකේදි උනත් කතා කරන්නෙ වෙන අය එක්ක අවශ්‍ය දේකට විතරමයි, අනෙක් අය එයා එක්ක කතාවට වැඩි කැමැත්තක් නැහැ කියල...එයා ආදරේ කරපු,එයාට ආදරෙයි කිව්ව කෙනත් එයාට පිටුපාල..''ආදරෙයි කිව්වෙ විහිලුවට'' කිව්වලු....ඉතින් මේ අහිංසකය මොන තරම් තනි වෙලාද මොන තරම් වේදනාවක් විඳිනවා ඇත්ද??


එයා අනාතයෙක්...ආදරෙන් පැරදුන කෙනෙක්....දරුනු හෘදයාබාධයකින් පෙලෙන,මරණය පෙනි පෙනී ජීවත් වෙන අහිංසකයෙක්......මට හිතාගන්න බැරි උනා මම කෝමද මේ අහිංසකයට පිහිට වෙන්නෙ කියල......


මට යාලුවො උන්නෙ නැහැ...පුංචි කාලෙම ලංකාවෙන් ආවට පස්සෙ,මම අමුතු ලෝකෙක අමුතු මිනිස්සු කොටසක් මැද්දෙ තනි උනා වගේ..
මෙහෙ පාසැල් යාලුවන්ට මම කැමතිම උනේ නැහැ..එයාල මා එක්ක ගොඩාක් මිතුරු උනා..නොදන්න භාශාවලින් ඉගෙන ගන්න මට ගොඩාක් අමාරු උන හැම අවස්ථාවකදිම එයාල මට ගොඩාක් උදව් කලා...ඒත් මට බැරි උනා යාලුවො වශයෙන් එයාලට ලංවෙන්න...මම ඒකට කැමති උනේ නැහැ...එයාලගෙ සමාජය වෙනස්..ගති පැවතුම් වෙනස්..මම කැමති නැහැ ඒවා ගැන ගොඩාක් කියන්න.....කොටින්ම මම මගෙ ලඟ යාලුවො විදියට එයාලට ලංවෙල ඉන්න කැමති උනේ නැහැ...මම තනිවෙලා ඉන්න මහන්සි ගත්ත..උසස් විදුහලේදි මේ තත්වය වඩාත් දරුණු උනා...ඒ යාලුවන්ගෙ සමාජය මට අපුලම උනා....වසර 10 ක් ගතවෙලත් මට බැරි උනා ඒ සමාජයට ඇතුල් වෙන්න..මේ නිසා මම නිතරම තනියෙන්ම ඉන්න පුරුදු උනා...ගෙයින් පිට ගියා නම් ඒ මගෙ අයියල එක්ක අම්ම එක්ක...ලංකාවෙන් ආපු තව අපි දන්න හඳුනන පවුල් හිටියත්, ඒ පවුල් වල සමහර අය නිසා අපේ ගෙදර අය මාව එයාලගෙන් ඈත් කරල තිබ්බා....


මේ වෙද්දි මම මගේ පලමු රැකියාවට ගිහින් යන්තම් මාස දෙකක් උනා විතරයි..මගේ රැකියා ස්ථානයේ වෙනත් රටවල් වලින් පැමිණුන තවත් අය උන්න..මගෙ ලඟම හිතවතිය උනේ 'මැගී'එයා ජර්මන් ජාතික ගැහැනු ලමයෙක්.. ඇමරිකාවෙ ලාස්වේගාස් නගරයෙන් ඇවිත් උන්න 'නේතන්' කියන දුඹුරුපාට පිරිමි ලමය මා එක්ක අනිත් අයට වඩා හිතවත් උනා....මැගිත්,නේතනුත්,මගෙ හිතවතුන් උනාට එයාලට තව ගොඩාක් යාලුවො උන්න..ඒ එයාලගෙ යාලු සමාජයට එක්වෙන්න මම කැමති උනේ නැහැ...


ඉතින් මේ අතර මට හමු උන ලංකාවෙ මගෙ ඉන්ටර්නට් යාලුව 'රාජ්' ට මම ඉක්මනින් ලංවෙමින් උන්න.. මම මගෙ කාලය වැඩිපුර වෙන් කලා එයා එක්ක කථා කරන්න..එයාගෙ දුක සැප හොයන්න...එයාගෙ දුක හිතෙන කථා අහල එයාගෙ හිත සනසන්න....


මේ අතර දවසක ආයෙමත් රාජ් ගෙ හෘදයාබාධය උත්සන්න වෙලා එයාව පෞද්ගලික රෝහලක නතර කලා ඒ ගෙදර අය....එයාට යාන්තම් ඔලුව උස්සන්න පුලුවන් උන ගමන්ම එයා කලේ රෝහලේ ඇඳේ ඉඳන්ම ඒක මට කියල එස්.එම් එස් එකක් එව්ව එක...මම එයාට කෝල් කලාම එයා කිව්වෙ අම්මියි තාත්තියි ලඟ ඉන්නව පස්සෙ ගන්න කියල..පස්සෙ අපි කතා කලා..එයා කිව්වෙ තව දවස් දෙකකින් විතර ගෙදර එන්න පුලුවන් කියල..මම ඒ වෙලේ එයාට කිව්ව එයාගෙ අසනීපය හොඳකරන්න එයාට අවශ්‍ය ඕනෙම බෙහෙත් වර්ගයක් හෝ ඕනෑම උපකරනයක් හෝ කියන්න මම ඒවා අරගෙන එවන්නම් කියල...එයා කිව්වෙ එහෙම ඕනා උනොත් කියන්නම් කියල විතරයි....එයාව පස්සෙ ගෙදර එක්ක ආවා.......
ඒ දවස් අපිට සීත කාලෙ, දවස පුරාම හිම වහිනවා...අපේ ගෙවල් එක්ක මුලු පලාතම සුදුම සුදු පාටින් හිමෙන් වැහිලා තිබුනෙ....මගෙ කාමරේ මගේ බැල්කොනි එකත් පිරෙන්නම හිම කැට වැටිල තිබ්බ..එදා මම ඒ බැල්කොනි එකේ තිබ්බ හිම කැට එකතු කරල ලස්සන හිම බබෙක් හදල,පොටෝ එකක් අරන්,එයාට ඒක යැව්ව 'ඉක්මනින් සනීප වෙන්න' කියල...ඉක්මන් සුවය පතල............

17 comments:

  1. හප්පේ මිහිහා ඔයාව හොදට අන්දලා වගේ.....අවංක කම සල්ලිවලින් මනින්න බෑ..ඒ වගේමයි ආදරෙත්...නමුත් මේ ආදරෙයි අවංක කමයි දෙකම සල්ලි නිසා නැති වෙලා තියෙනව මටත්......

    ReplyDelete
  2. ඔබ නොදු‍ටු ලොවක්.....
    ආදරෙයි..අවංකකමයි නේද?....හ්ම්ම්ම්ම්ම්...............

    ReplyDelete
  3. අද නිවාඩුනේ..දැනුයි ඇහැරුනේ...තාම මේක හරියට කියෙව්වෙ නෑ..ඔක්කොම කියවලා කොමෙන්ටුවක් දන්නම්....වෙලාවට චැටත් දාමු..උඹ අල්ලා ගන්නත් ඕනෙ මට...හිටපිට එතකල්

    ReplyDelete
  4. ඔයා රාජ් ට ගොඩක් උදවු කරලා තියෙනවා නේ.
    එහෙම කරපු කෙනා නේද අරහෙම කලේ ?
    මොනා කරන්නද ඉතින්.

    ReplyDelete
  5. ප.ලි. - ලංකාවට නම් හිම වැටෙන්නේ නෑ මම් දන්න විදිහට. මේ කියන්නෙත් ඇමරිකාව ගැන ද ? :)

    ReplyDelete
  6. දිල්.......
    හී හී....කුරුල්ලො(කිරිල්ලියො.) අල්ලන්න ඔයාට බැරියෝ....ඒ උනාට මගෙ සාස්තරේ හරි ගියානෙ.....

    ReplyDelete
  7. මධුරංග.....
    මේ යුරෝපෙ..මම ලඟදිම අමෙරිකාවට යාවි දවස් දෙක තුනකට....
    ම්ම්ම්...මට නැති උන දෙයක් නෑ අයියෙ..මම ගොඩාක් පිං එකතු කර ගත්ත...ඒත් එයා නැති කර ගත්ත දේවල තරම මිල කරන්න බැහැ....ඒ වගේම එයා එකතු කර ගත්ත පව් ආත්ම ගානකට ගෙවල නිම කරන්නත් බැහැ.................

    ReplyDelete
  8. හ්ම්ම්ම්..උඹේ කතාව මුල ඉඳන්ම කියෙව්වෙ අදයි...ඉදිරියේදී කියවනකම් මම යමක් කියන්න හදිස්සි වෙන්නෙ නෑ....

    ලියමුකො ඉතිරි ටිකත්....අර සාස්තරේ හරියට හරි...විස්තර උඹ දන්නවනෙ....මම හුඟාක් සතුටින්....

    ReplyDelete
  9. දිල්.........
    ඔයා ගැන මාත් ගොඩාක් සතුටු වෙනවා..අවංකවම...හදවතින්ම... ඔයා නැති කාලෙ හෙව්වෙත් ඒකමයි....ඒ සතුට සැණසීම ඔයාට අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි...නැත් නම් මේ ලෝක ධර්මය බොරුවක්...

    ReplyDelete
  10. ඉතුරු ටිකක් ලියන්නකො මොකද උනේ කියල හිතා ගන්න බෑ.

    ReplyDelete
  11. නදී ..
    ඉක්මනින් ලියන්නම් නදී....මට ටිකක් වැඩ වැඩී මේ දවස් වල.....

    ReplyDelete
  12. මම රාජ් ගේ කතාව මුල ඉඳලම කියෙව්වා සහෝදරි... මේක ඇත්තම ඇත්ත සිදුවීමක්ද? මොනවා උනත් ඔය ඒ මායා කාරයාගෙන් ගැලවුනා කියල සතුටු වෙන්න .

    ReplyDelete
  13. StArry aNgeL.........
    ඔව්.ඇත්තම ඇත්ත තිත්ත කතාවක්..! සමහරු තිත්ත කතා කියන්න කැමති නැහැ..ඒත් මම කැමතියි..ආදරෙන් පිලිගන්නවා ඔයාව අළුපාට හැන්දෑවට..!!

    ReplyDelete
  14. samadhi........
    ඊට පස්සෙ ..... කියන්නම් හෙට විතර හොඳේ?

    ReplyDelete
  15. මේ කිරිල්ලි හැදුව හිම බබාද?
    දිගටම කියවන් යනවා. කතාව අන්තිමට කියන්න තියන දේ කියන්නම්..

    ReplyDelete
  16. priyantha......
    මම හදල යැව්ව හිම බබා මේ තරම් ලස්සන නැහැ....ඒ නිසා වෙන පොටෝ එකක් දැම්ම මේකට......හ්ම්ම් ..බලමු අන්තිමට .......

    ReplyDelete