My Blog List

Saturday 24 March 2012

රකුසාගේ පල නොකියා පලා බෙදීම...!!

 (අළු පාට හැන්දෑව 31.)

ඒ 2011 පෙබරවාරි මාසෙ...........
ඒ වෙද්දි රකුස ඔන්ලයින් ආවෙ නැහැ කලින් වගේ..මිස් කෝල්ස්..එස්.එම්.එස් නතර වෙලා...ඉඳ හිට ඇවිත් ගොඩාක් වැඩ තියන බව කියල මාව මග ඇරිය..

මල්ලි මැරිල 12 වෙනි අවුරුද්දක් පිරෙන එක නිමිත්තෙන් මහා පිංකම් මාලාවක් සූදානම් කරනව කිව්ව...වෙන්නප්පුවෙ ලමා නිවාසෙකට දානයක් සමග සියලුම ලමයින්ට අවශ්‍ය පොත් පත් ප්‍රධානය කිරීම..මල්ලී වෙනුවෙන් පල්ලියේ පූජාව..හවස මිනී පිට්ටනියේ තවත් මොකක්ද...ඒ දවස් වල මට කෙටි පනිවිඩ තියල තිබුන ගූග්ල් චැට් එකේ...''මම පොත් ලැයිස්තුව හැදුව..අද ඒවා ගේන්න යනව..අද දානෙට දේවල් ගේන්න යනව..පල්ලියේ වැඩ වලට යනව..'' ඔය වගේ...එදා ඒ පල්ලියෙ පූජාව තියල මිනීපිට්ටනියට යනව කිව්ව වෙලාවෙ මම එයාට කෝල් එකක් ගත්ත...ඒ වෙලාවෙ රකුස උන්නෙ මිනීපිට්ටනියෙ නෙවේ ගේ ඇතුලෙ...මම දැනගත්ත ඒකත් විශාල බොරුවක් බව..ඒත් මැරුන කිව්ව මල්ලි? ඒකත් බොරුවක්ද??

''...ඔයා මට කිව්වෙ මේ වෙලාවෙ මිනිපිට්ටනියෙ කියල නේද...?

''...ඔව්.ඔව්..මේ ඒකෙ ඉඳල තමා ආවෙ...''

ඊට පස්සෙ දවස් 10 ක් විතර මෙයා අතුරුදහන් වෙලා උන්න...මම උන්නෙ පුදුමාකාර කලකිරීමකින් වගේම මේ මිනිහා ගැන මහා අප්පිරියාවකින්..හිතේ තිබුනෙ දුකක් නෙවේ කේන්තියක්..මට මා ගැනම දරාගන්න බැරි තරම් කේන්තියක්........
දවස් 10 කට පස්සෙ රකුස එකපාරම ඔන්න මතු උනා ඔන්ලයින්.....

''...මට හොඳටම අසනීප උනා..හොඳටම අමාරු උනා..මට තාම උන...නිකමට හොයල බැලුවෙ නැහැ මම ඉන්නවද මැරුනද කියල...'' ඒ ආවෙ මා එක්ක රන්ඩුවට...
''...ඔයා ඉතින් අවුරුද්දෙ 365 දවසෙම ඉන්නෙ අසනීපෙන්නෙ..ඕක මට අමුත්තක් වත් හොයා බලන්න තරම් විශේෂ සිදුවීමක් වත් නෙවේනෙ...''  මාත් එහෙම කිව්වෙ මගෙ අප්‍රසාදය පෙන්වන්න.....

මෙයාට  ඒ දවස් වල ලොකු උවමනාවක් තිබුනා නිතර මා එක්ක පැටලෙන්න..රන්ඩුකරන්න..මාව අවුස්සල කේන්ති කරල පහත් විනෝදයක් ලබා ගන්න...ඒ එක්කම මාව එයාගෙන් ඈතට එලවලා දාන්න..ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම එයා කලා..මහා අසික්කිත විදියට හැසුරුනා...ජීවිතකාලෙම ඉස්කෝලෙකට ගිය නැති මන්ධබුද්ධික පොඩි කොලුගැටයෙක් වගේ නිතරම හැසුරුනේ....
''...ඔයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔය විදියට හැසිරෙන්න? ඔයා මොකක්ද ලබන කැත සතුට අනික් අයව කුපිත කරල? ඔයා ගාව තියෙන්නෙ ප්‍රකෝපකාරී අදහස් ක්‍රියා..මට නම් ලැජ්ජයි ඔයා ගැන...''

එයා පිළිතුරු දුන්නෙ මෙහෙම......

''...ඒ ඉස්සරයි මම රන්ඩු කරල ආපහු ඇවිත් මම ම යාලු උනේ, දැන් ඉතින් මම ආයෙමත් එහෙම කරන්නෙ නැහැ...''

ඒ පෙබරවාරි,මාර්තු මාස දෙකම ගෙවුනෙ ඉතාම අප්‍රසන්න සිදුවීම් එක්ක....ඒ වෙද්දි මට හොඳටම තේරිලා තිබුනෙ රකුසට ඕනෙ කරන්නෙ මොකක්ද කියල..එයාට ඕන උනේ මටම එපා වෙලා මම එයාගෙන් ඈත් වෙන එක..මට එයාව එපාවෙන්න කරන්න පුලුවන් හැම දෙයක්ම එයා කලා..වෙලාවකට මට හිතුනෙ මනුස්සයෙකුට වඩා ඒ මිනිහා ගාව තිබුනෙ තිරිසන් ආත්මයක් කියල.....

කාලයක් පුරා ලස්සනට ප්ලෑන් කරල මාව රවට්ටල මගෙ සල්ලි හොරකම් කරන් රකුස බයයි මගෙන් ඈත්වෙලා හැංගිලා ඉන්න....
මෙයාට තිබ්බ ලොකුම ප්‍රශ්නය හිසරදය තමා මේ තරම් කැත විදියට මට රිද්දවද්දිත් ඇයි මම තාමත් ඉන්නෙ කියන එක......

රකුසගෙ මේ අසික්කිත ක්‍රියා රටාව මම ඒ දවස්වල මගෙ වැඩිහිටි යාලුවන්ට කිව්වාම එයාලටත් පුදුම විදියට කේන්ති ගියා......

''...නංගි..ඕකව බ්ලොක් කරලා දාන්න..මේව ඇහිලා අපිටත් දැන් පිස්සු වගේ..ඔයා කෝමද ඔය මන්දබුද්ධිකයා ගෙ ඔය දේවල් ඉවසගෙන ඉන්නෙ? ඔයා කෝමද ඕව විඳවන්නෙ? ඔයාට පිස්සු හැදේවි..ඕකව අදම බ්ලොක් කරන්න..එලවලාම දාන්න...''

එයාල කිව්වෙ එහෙම..ඇත්තටම කල යුතුව තිබුනෙ එහෙම..ඒත් රකුසට අවශ්‍ය දේ දීලා..එයාට දිනුම දීල එහෙම ලේසියෙන් නිකම්ම අයින් වෙන්නෙ නැහැ කියන හැඟීම මගෙ යටි හිතේ ස්ථීරවම තිබුනා........
මේ මාස 2 ඇතුලත වෙච්ච සියල්ලම ලියන්න බැහැ මට..මොකද ඒවා ඉතාම අප්‍රියජනකයි.....

වෙලාවකට මා එක්ක රන්ඩුවෙලා යන රකුස ඊට පහුවෙනිදට මුකුත්ම නොවුනා වගේ ඇවිදින් බොහෝම ආදරෙන් මට මෙහෙම කියනවා.....
''...මට කාත් කවුරුත් නැහැ...ඔයාට වගේ නෙවේ මට...මම කාලකන්නියෙක් මේ ලෝකෙ...ඔයාට හැමෝම ඉන්නව..හොඳ අනාගතයක් තියනවා..මා ගැන හිතන්නෙ නැතුව ඔයා යන්න...ඔයාගෙ අනාගතේ හදා ගන්න..මම ගැන බලං ඉන්න එපා...''

 ඒ වගේම රකුස මට කීප වතාවක් හොඳින්ම කිව්ව ෆේස්බුක් එකේ අපේ රිලේෂන් ශිප් එක අහක් කරල දාන්න කියලත්...ඒත් රකුස කියන කිසි දෙයක් කලේ නැහැ මම.....

මම මේ ලියන දේවල් බලන ඔයාල හැමෝම උගත් බුද්ධිමත් අය්යල අක්කල මල්ලිලා.....මම ඔයාලට වචනෙන් වචනෙ ලියල විස්තර කරල දෙන්න ඕනෙ නැහැ මම ඒ කාලෙ ඒ වගේ සිදුවීම් තුල මොන වගේ මානසික තත්වයකද ජීවත් උනේ කියල....මට ඒව ගැන ලියන්න හිත එකඟ කර ගන්නම බැහැ මේ වෙලාවෙ..ඇයිද මම දන්නෙ නැහැ.....මට ඒවා මතක් වෙද්දි එකපාරම හිතෙන්නෙ එකම දෙයයි...මේ ලැප් එක මහා හයියෙන් මෙතනම බිම පොලොවෙ ගහල දාල මේ කතාවත් එක්කම ඉවරයක් කරල දාන්න..!!!  ඒ ඇයිද කියලත් මම දන්නෙ නැහැ..............

රකුසා දවසින් දවසම මාව රිද්දන්න ගත්තා නොනවත්වාම....මාත් හැමතැනම පේන්න උන්නා..ෆේස්බුක් එකේ..ගූග්ල් චැට් එකේ..ගූග්ල්බුස් එකේ..මාත් යාලුවො එක්ක හිනාවෙලා විහිලු කර කර උන්නා......රකුසට මේක දරාගන්න බැරි දෙයක් උනා....රකුස ඔය අතර උන්නෙ හැංඟිලා...සමහර යාලුවො මගෙන් ඇහුවා කෝ රකුස මොකෝ පේන්න නැත්තෙ කියලත්....
දවසක් පුරුදු පරිදි රකුස මා එක්ක එල්ලෙන්න ආපු වෙලාවක මම ඇහුවා....
''...ලැජ්ජ නැතුව බොරු කියල මාව රවට්ටල මගෙන් ඕන කරන දේවල් අරන් දැන්ද මාව එපා උනේ? ඇයි එතකොට ඉස්සර මගෙ පස්සෙන් අඬ අඬ ආවෙ?...''

එදා ඒකට රකුස උත්තර දුන්නෙ මෙන්න මෙහෙම.......

''...මම?....මම ඔයාව රැවැට්ටුව??...මම මොනාද ඔයාගෙන් ගත්තෙ ඔයාව රවට්ටල?? ඔයා මොනාද මට දීල තියෙන්නෙ??..ඔයාගෙ මොනාද මා ගාව තියෙන්නෙ?? කියන්න බලන්න??...''

ඒ වෙලාවෙ මගෙ හිතට දැනුන දේ මේකෙ ලියන්න බැහැ මට .....

ඒත් මූ වගේ අවජාතක තිරිසනෙක් එක්ක මොනම හේතුවකටවත් තවත් කතා කරල පලක් නැති බව එදා මම තීරනය කලා...........!!!!.

81 comments:

  1. ඔයාව මට හොදටම තේරෙනවා..මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා.සමහරු නම් මෙහෙම සල්ලි අරන් නෑ..ඒත් ඔය විදියටම හැසිරෙනවා..එයාල මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ..රකුසානම් සල්ලි හරි ගන්න කියන්න පුලුවන්. ඒත් අනිත් අය.??

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන් මානසික ආබාධ වලින් පෙළෙන උන්....මුන්ව අල්ලලා පිස්සන් කොටුවෙ දාල බේත් දෙන්න ඕනෙ...........
      මට මේ වෙලාවෙ ඔලුවට ආවෙ ''දඩයම'' චිත්‍රපටියෙ ස්වර්ණා මල්ලවාඅරච්චිගෙ කතාවක්......
      ''..දඩාවතේ යන බල්ලන්ව අල්ලලා බැඳල දාන්න ඕනෙ..නැත්නම් වෙඩි තියල මරල දාන්න ඕනෙ..''

      Delete
  2. මෙයාටනම් මනුස්‌සයෙක්‌ කියන්න බැහැ.තිරිසනෙක්‌..වෙන්නප්පුවේ එක්‌කෙනෙක්‌ මගෙ යාලුවෙක්‌ටත් ඔහොම කෙරුවා.ඒ යාලුවා අදටත් ඒක මතක්‌ වෙද්දි ශාප කරනවා.මේත් ඒ කොල්ලමද මන්දා..ඒ කොල්ලගෙත් මල්ලි මැරිලා කිව්වා.

    ReplyDelete
    Replies
    1. ශුවර් එකටම මෙයා වෙන්න පුලුවන්..මෙයත් වෙන්නප්පුවෙ අවට තමා..මල්ලි මැරුන කියල තමා වැඩේ පටන් ගන්නෙම.....පුලුවන්නම් යාලුවගෙන් අහන්න.....

      Delete
  3. Replies
    1. “As long as the world is turning and spinning, we're gonna be dizzy and we're gonna make mistakes.”
      ― Mel Brooks.

      Delete
  4. අවසානයේ දී පාඩම ඉගෙන ගත්ත එක හොඳයි!

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගත්ත විතරක් නෙවේ පාඩමක් ඉගැන්නුවා මම......තාම උගන්වනවා..ඉදිරියටත් උගන්වනවා....:):)

      Delete
  5. ලග හිටියනම් මැරෙන්න ගහන්න හිතෙනවා වගේ හැගීමක් තමයි මටනම් ආවේ මේක කියවගෙන යද්දී. හ්ම්ම් මොනව වුනත් ඔයා මෙහෙම මේක ලියන්නවත් හිත හදාගත්ත එක සතුටුයි. මේක ඉවරයි වගේ වුනාට ඉවරම නෑ නේද නංගා?

    ReplyDelete
    Replies
    1. නෑ තව කියන්න තියනව මුගෙ නියම පිස්සුව ගැන......මේ අද ඔයාගෙ බ්ලොග් එකට කුනුහරුප ප්‍රහාරයක් එන්න ඉඩ තියනව හොඳේ?

      Delete
    2. ඒ කියන්නේ ඌ පිස්සෙක් කිව්ව එක හරි?

      Delete
    3. හරියටම මොකෙක්ද කියල කියන්න මට තාම හිතාගන්න වචන නැහැ...කතාවෙ අන්තිම බලල ඔයාලම කියන්නකො ඒක......

      Delete
    4. හහිහි තවම මම අලුතෙන් පොස්ට් එකක් දැම්මේ නැති නිසා කමෙන්ට්ස් මුකුත් ආවේ නෑ. අනිත් එක ඕවට කවුද බයවෙන්නේ නේද?

      Delete
    5. ගෙදර කාමරේ මුල්ලෙ හැංඟිලා..වැදගත් මිනිස්සුන්ගෙ බ්ලොග් වලට පැනගෙන කුණුහරුප ලියන ''කොන්ද නැති'' අමනයින්ට බය වෙන්නෙ නැහැ බල්ලොවත්.........

      Delete
    6. කමෙන්ට් එක ටිකක් සැර වැඩි වගේ නැද්ද නංගා..හිහිහි

      Delete
    7. මට නම් මේක සැර මදි..ඔයාගෙ බ්ලොග් එකේ ලියල තියන,විශේෂයෙන් අර ඔයාට කරන්න කියල තියන දේවල් දැක්කාම........

      Delete
    8. හිහිහි ඒවා කවුද අනේ ගනන් ගන්නේ...ඔයාට දවස් 03කින් දෙයක් අමතක වෙලා වගේ....

      Delete
  6. අන්තිමට හරි තීරණය ගත්ත නේද ?

    ReplyDelete
    Replies
    1. නැහැ මල්ලි තාම තීරනය ගැන හිතමින් ඉන්නවා..........

      Delete
  7. මේ වගේ බොරු කියල අහිංසක කෙල්ලන්ව රවටල එයාට කවදාවත් හරියන්නෙ නැහැ..එයාට ඒවා විඳවන්නම වෙයි..හොඳ වෙලාවට ඔයා වෙන රටක හිටියෙ නංගි.. ..සමහර විට එයා මේ ඔයා ලියන දේවල් රකුස කියවනවත් ඇති..දැන් හරි තේරෙනවනම් රකුසට තමන් කොයි තරම් ලොකු වරදක්ද කලේ කියල ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. නෑ.මම හිතන්නෙ නැහැ...රකුසන්ට එහෙම තේරෙන්නෙ නැහැ...බලමු අපි ඉදිරියට නේද?

      Delete
  8. හැබැයි 'වෛරයෙන් වෛරය නොසන්සිඳේ' කියලත් කියනවා නේද? ඕවා මතක් කරනකොට ඔයාගේ හිත, ආයම, ආයම රිදෙන්නේ නැද්ද?

    මොනා කීවත් මටත් නම් ඉතින් 'රකුසව' පෙන්නන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ ආයෙමත් රිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ පොඩ්ඩී....
      ''විසෙන් විස නැසේ'' කියලත් කියමනක් තියනව නේද??

      Delete
  9. කටින් කියලා උගන්නන්න බැරි දේවල් ගොඩක් ඔයා ඉගෙනගත්තා නේද නංගා? ඒත් ඔයාට හානියක් වෙන්නෙ නැතුව ඔහොම වුණ එක ලොකු දෙයක්! සල්ලි හිඟන්නෙකුට දුන්නා කියලා හිතාගන්නකෝ!

    ReplyDelete
    Replies
    1. ඔව්.මම හිතාගෙන ඉන්නෙ එහෙම තමා...හැබැයි හිඟන්නට ලේසි වෙන්නෙත් නැහැ මා එක්ක.......

      Delete
    2. ම්ම්ම්... මම ඔයාගේ බ්ලොග් එකට නිතර කමෙන්ට් කළේ නැතත් හැමදාමත් ඔයාගේ කතාව කියෙව්වා. ඒ නිසයි මෙහෙම කියන්නේ, අපිට ජරාවක් පෑගුණා ම අපි ඒක අපෙන් ඈත් කරලා දානවා මිසක් අපි ඒකත් එක්ක රණ්ඩු අල්ලන්නේ නෑනේ. ඒ දේවල් වල යථාර්තය තේරුම් ගත්තා නම් ඒ හිඟන්නාව ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්න ලේසි වේවි ඔයාට! නැත්තම් ඔයාට සතුට වෙනුවට ඉතිරි වෙන්නේ සතුටක වේශයෙන් එන පළිගැනීම, වෛරය වගේ ඔයාව ඉන්න තැනින් පහළට ඇදලා දාන සිතුවිලි විතරක් වේවි! හිතලා බලන්නකෝ හෙමීට!

      Delete
    3. මම ඒ හිඟන්නව මගෙ ජීවිතෙන් අහකට දාල ගොඩාක් කල්....මට පෑගුන ජරාව තව කෙනෙකුට පෑගෙන්න නොදී ඇතටම විසිකරල දාන්න ඕනෙ.....ඔයා කිව්ව දේවල් පිළිගන්නවා......

      Delete
  10. මමත් මුල ඉදන්ම හිතුවා.. රකුසාට මානසික ආබධයක් තියෙන්න ඕනෙ.. මහ තේර්ම්ගන්න බැරි විදියෙ අත්භූත විකාර වැඩ නෙ රකුසා කරන්නෙ, මිනිහෙක් ඔය තරම් දේවල් තේරුමක් නැතිව කරන්නෙ අනිවාර්යෙන්ම පිස්සු වෙන්න ඕනෙ එයාට..:/

    ReplyDelete
    Replies
    1. ඒකගෙ මාණසික අමාරුවට බේත් අරන් දෙන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැ....ඔව් අනිවාර්යයෙන්ම තියෙන්නෙ මහා භයානක පිස්සුවක්...........

      Delete
  11. ඕකව මට අහුඋනොත් උල තියනවා...සත්තයි!!!

    ReplyDelete
    Replies
    1. හා..හා....කලබල නොවන්න රජතුමනි..මැරුන පසු ඔහු විඳවන්නේ නැත...එය ඔහුට කරන උපකාරයකි...මෙවැන්නන්ට දිය යුත්තේ මරන දඬුවම නොවේ........

      Delete
  12. ඔයින් ගියා මදැයි...

    ReplyDelete
  13. බ්ලොග් ලියන අක්කා කෙනෙක්ව මට හම්බුනා ළඟදි ඒ අක්කත් ක්‍රිල්ලි අක්කට සමාන සිදුවීම් ගොඩකට මුහුණ දුන්නු කෙනෙක්....කොච්චර සමානද කියනවනම් ලැප් එකේ සිදුවීම පවා ඒ විදියටම වෙලා තියෙනවා....ඌ අවුරුදු දෙකහමාරක් යාළු වෙලා ඉඳලා ඒ අක්කව දාලා ගිහිල්ලා තියෙන්නේ "මම එයා එක්ක යාළුවෙලා හිටියේ මාසයයි" කියලා...ඒ විතරක් නෙමේ එයා මුකුත් දීලා නෑ කියලත් කියලා... සමහර විට ඒ අක්කා මේ පැත්තේ එයි මම එයාට මේ බ්ලොග් එක බලන්න කිව්වා...සමහර විට බලනවත් ඇති...

    ReplyDelete
    Replies
    1. මල්ලී....මේකත් කිව්වෙ එහෙමමයි...මාව දන්නෙත් නෑ අඳුනන්නෙත් නෑ කිව්වා...මගෙන් සල්ලි ගත්තෙත් නෑ කිව්වා....ඒ උනාට ඒ බොරු ඔක්කෝම අතේම පත්තු උනා.......හික්ස්...ඒ අක්කව අඳුන ගන්න ආශයි මම.......

      Delete
  14. අපෝ ඕකා නම් සතෙක්..
    බෙහෙත් ගන්න යොමු කරවන්න

    ReplyDelete
    Replies
    1. නිකම්ම සතෙක් නෙවේ අමු තිරිසන් සතෙක්......පන වගේ ආදරේ කරපු කෙල්ලෙක්ව රවට්ටලා ඕනකරන දේවල් අරන්,අන්තිමට මම මෙයාව දන්නෙත් නෑ අඳුනන්නෙත් නෑ කියල නිකම්ම කියන්නෙ නෑ සතෙක් වත්....සත්තුන්ට හොඳට කෙලෙහි ගුන තේරෙනවා.......

      Delete
    2. ඇත්ත කිරිල්ලි. බල්ලෙක්නම් නැට්ට හරි වනනවා. එත් මේකා බල්ලෙක්ට වඩා අන්තයි.

      Delete
  15. ඇයි හත්දෙයියනේ තිරිසනෙක් වගේ කිය කිය ඒ මනුස්සය ගැනම හිතල තියෙන්නේ...

    මට දෝදු ‍වගේ.. :(

    ReplyDelete
    Replies
    1. තිරිසනෙක් කියල දැන ගත්තට පස්සෙ ඒ තිරිසනා ගැන හිතුවෙ නැහැ..මම මනුස්සයෙක්...ඒත් තිරිසනා ගැන හොයල බලන්න හිතා ගත්තා...ඒ නිසානෙ අද මේ කතාව තවත් අයට කියල තිරිසනුන්ගෙන් බේරගන්න හදන්නෙ......

      Delete
  16. ආදරේ වෙනුවට අද ගොඩක් වෙලාවට යන්නේ රැවටීමක්.. ගොඩක් තැන් වල කියවන්න දකින්න ලැබෙන්නේ මෙහෙම දේවල්.. මගේ අදහසනම් ඔයාට නැති උනේ සල්ලි විතරයි.. ආත්ම ගෞරවය නැති උනේ නෑ.. මම කියන දේ වැරදියට තේරුම් ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. නෑ දිනේශ්, ඔයා කිව්ව දේ පැහැදිළියි ඇත්ත...ඒත් මගේ ආත්මෙට ලැබුන ගින්දර...මගෙ හිත තුවාල කරපු තරම්......

      Delete
  17. කතාවේ හොඳ හරිය එන්නේ ඉස්සරහට වගේ. ලැප් එකකට විතරක් සල්ලි දීල නැවතුනා මදැයි

    ReplyDelete
    Replies
    1. ඔව්..හොඳම හරිය ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්න...!!

      Delete
  18. මට නම් හිතෙන්නෙම රකුසගේ කතාවේ උද්වේගකරම හරිය යන්නේ !!!! ඒ නිසා ඉක්මනට ලියන්න නංගි. අපෝ මූව හම ගැහුවත් මදි නේ !!

    මල්ලි මලා කියලා ආදරේ හිඟා කන එකෙක්. මූට ඇත්තටම මල්ලි කෙනෙක් ඉන්නවා නම් පවු ඒකා !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..මල්ලි කෙනෙක් නේද?? ඉන්නකො මම කියන්නම් ඉස්සරහට...

      Delete
  19. ඔයාට වෙලා තියෙන දේවල් ගැන සංතෝෂ වෙන්න. ඔයා රට හිටිය නිසා සල්ලි විතරයි ගියේ. ලංකාවෙි හිටියානමි ඔයාට සදාකල්ම අඩන්න වෙන්නේ ඔය රකුසා කියන බොරු කාරයට රැවටිලා. කරන්න දෙයක් නැහැ, අද මෙි සමාජය හැදිලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ගේ ලේ උරා බීලා හරි තමන්ගේ වැඩ ටික කරගන්න... ඉස්සරහට වැඩක් කරනකොට මීට වඩා කල්පනා කරලා වැඩ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් නඳුන්...දැනටත් මම හිතනව ලංකාවෙ කීප දෙනෙක්වම රවටල කියල මේ හොරා....ඔයා දන්නවද දෙයක්? මේකා ''නඳුන් විජේමාන්න'' කියන නමිනුත් එෆ් බී එකවුන්ට් එකක් පටන් අරන් තිබිල මට අහු උනා....පස්සෙ හොර බොරු එක එක අහුවෙද්දි ඒක හෙමින්ම ඩිලීට් කරල දැන්.........

      Delete
  20. ටික ටික විඳවන දඬුවමක් දෙන්න ඕනේ.වැඩිය දෙයක් කියන්නේ නැහැ.මේක කියවන හැමෝටම එන හැඟීම තමා මටත් ඌ ගැන එන්නේ.ඉන්නකෝ ටිකක් ඔහොම.

    ReplyDelete
    Replies
    1. එයා මගෙ ඇස්දෙකට පේන්න විඳවනවා ඒක නම් සහතිකයි.......

      Delete
  21. මේ කතාව කියවන කොට මගේ අප්‍රසන්න මතකයනුත් එළියට එනවා. Really sorry to hear your story. :(

    ReplyDelete
    Replies
    1. අප්‍රසන්න දේවල් අමතක කරල දාන්න...කොච්චර ලස්සන දේවල් තියනවද අපිට හිතන්න..........:D

      Delete
  22. Chuti kirilliye mama hari aadambarai oyage hithe tiyena haiyata. edithara kamata

    ReplyDelete
    Replies
    1. හෙ හේ...තෑන්ක්ස් ඇන්ටි..ආයෙ කවදාවත් වැටෙන්නෙ නැහැ මම...

      Delete
  23. පොස්ට් එක දාල හරි හිත සැහැල්ලු උනා නම් ... ඒක ගොඩක් වටිනවා .....

    ReplyDelete
    Replies
    1. ඒකෙ අනිත් පැත්ත...පෝස්ට් දැමිල්ල නිසා සැහැල්ලු කරන් ඉන්න හිත අවුල් වෙනවා...ඒත් මම මග නවතින්නෙ නැහැ.............

      Delete
    2. පොස්ට් දාල හිත අවුල් වෙන්නේ කොහොමද මන්දා.....?

      Delete
    3. පෝස්ට් දාල හිත අවුල් වෙන්නෙ මෙහෙමයි හර්ශන..........මම ඉන්නෙ ඒ ජරා අතීතය පහු කරගෙන ඇවිත් දැන් වර්තමානයේ,සතුටින් සැහැල්ලුවෙන්...ඉතින් අතීතයේ උන ඒ ජරා සිද්දීන් පෝස්ට් වශයෙන් ලියන්න මම හිතින් අතීතයට යන්න ඕනනෙ....අන්න එහෙම යන වෙලාවට,පෝස්ට් දාන වෙලාවට අර පරන ජරා කුනු හිතට ඇවිත් මගෙ හිත අවුල් වෙනවා............

      මම හිතනව දැන් ඔයාට මේක පැහැදිළියි කියල.........

      Delete
  24. මාර රකුසෙක්නේ මේකා...

    ඇත්ත නමින් සමහර විට දන්නවා වෙන්නත් පුළුවන්.. අපි වෙන්නප්පුවට එහා ටවුමෙනේ..

    ReplyDelete
    Replies
    1. ශානී...මෙයා ජෝශප්වාස් එකේ හෙන පොරක් ලු........

      Delete
  25. කෙනෙක් ආදරේ කරලා එක වෛරයක් තරහවක් උනාම ඒ හැගීම එන්නෙත් ආදරේට සමානවම බව මම අහල තියනවා. මෙතන කියන්නෙත් එකමයි. කිරිල්ලි.. ඔයාගේ හිතේ ශක්තියට මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔයා හරියටම හරි....ආදරයයි වෛරයයි අතර ඇත්තෙත් කෙස්ගහක වෙනසක්ලු නෙ....ස්තූතියි ඔයාට,,,,

      Delete
  26. ඔය වගේ තව කීදෙනෙක් අන්දලද දන්නෙ නෑ... පුදුම මිනිස්සු

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් අන්දල තියනවා,,බලමු අපි ඉස්සරහට....

      Delete
  27. හ්ම්ම්ම්ම්ම්ම්.........කියන්න දේවල් නෑ මට...විශ්වාසය කියන දෙයින් අයුතු ප්‍රයෝජන ගත්ත හිත්පිත් නැති මිනිහෙක්........!!!!!

    ReplyDelete
    Replies
    1. සතුටු වෙන්න අක්කී මේ වගෙ යාලුවෙකුගෙන් අයින් උනාට...ඔයා බේරුනා..ඒකෙ ස්තූතිය අයිති වෙන්න ඕනෙ 'රො'ට ඇත්ත වශයෙන්ම.......

      Delete
    2. හ්ම්ම්...නියත වශයෙන්ම...බොහොම විරල චරිතයක්..නමුත් අවාසනවක මහත...අහෝ දුකකි .......දයිවය සරදමකි...

      Delete
    3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............

      Delete
  28. ඉක්මනට ලියලා ඉවර කරලා දාන්න

    ඇත්ත අමිහිරි මතක මතක් කරන එකත් හිතට වදයක්........

    ReplyDelete
    Replies
    1. ඔව්. නිශ්.. පුලුවන් තරම් ඉක්මනට මේක ඉවර කරනවා...

      Delete
  29. මුල ඉඳන්ම කියවන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. හෙමින් කියවගෙන එන්න...ආදරෙන් පිළිගන්නව සල්මන් ඛාන් ව....මම හින්දි බලන්නෙ නම් නැහැ..ඒත් සල්මන්ට කැමතියි..හෙ..හේ.....

      Delete
  30. අඩේ අප්ප.. ම‍ට මේක මග ඇරිලනේ තිබ්බේ මෙච්චර දවසක්.. දැන් ඉඳන් පටන් ගත්ත ඕන්.. කොහෙම උනත් "cut to the chase" කළොත් හොඳවෙයි වගේ කියල මටත් හිතෙනවා කිරිල්ලියේ.. මොකද මේව ලියන්න ලියන්න, කොමෙන්ට් කරන්න කරන්න හිතේ තියෙන දේවල් ආයෙමත් පැසැවනව මිස අඩුවෙන්නේ නෑනේ... නේද??
    ජය !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඇත්ත......ඔයාවත් ආදරෙන් පිළිගන්නවා...ස්තූතියි..!!

      Delete
  31. මිනිහගෙ වැඩේ කෙරිල ඉවර උනාට පස්සෙ ඔයත් එක්ක මොකටද සම්බන්ධකම් තියාගෙන... තව එකියක්ව අල්ලගෙන තවත් සල්ලි මිටියක් කඩාගන්න එපායැ... මිනිහ කාලය නාස්ති කරල නැහැ වගෙයි පොඩ්ඩක්වත්... හනේ මෙහෙමත් %$#@

    ReplyDelete
    Replies
    1. හායි..හායී..මෙන්න මෙයා ඇවිල්ලා..........
      හ්ම්ම්....ඕක ගන්නකම් තමා ඔක්කොම බයිලා කිව්වෙ..........

      Delete
  32. ඔන්න මම මුල ඉඳලම කියවගෙන අවේ..
    ඔක්කොම කියවලම අදහස කියන්නම්කො..
    ඕකා නම් නරුමයෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාජල්...නරුමයෙකුට පෙම් කරන්න මම කොහෙම කරුමයක් කරල තියෙන්න ඕනෙද නේද?....:)

      Delete