My Blog List

Monday 19 March 2012

අවජාතක කම...!!

(අළු පාට හැන්දෑව 30..)

මුලින්ම ඉතා වැදගත් කාරනයක් ලියන්න ඕනෙ කියල හිතුන............
මම දන්නව මේ කතාව කියවන සමහරෙක් හිතන් ඉන්නව ඇති මම මහා මෝඩියෙක් කියල..මේ ලෝකෙ අති ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් පවා යම් යම් අවස්තාවල අන්ත මෝඩකම් කරල තියන අවස්ථා මම නම් අහල තියනවා..ඒ නිසා මා ගැන එහෙම හිතන අය ගැන මම නම් කොහෙත්ම හිතන්නෙ නැහැ..........

නමුත්............

මුලදි මුලදිම රකුසගෙ සැබෑ තත්වය ගැන ඇත්ත තොරතුරු සොයා ගන්නට මට හොඳටම අවස්ථාව තිබුනා...එහෙනම් ඇයි මම එහෙම නොකලේ????????

මම කලින් කිව්ව වගේ,මම මගෙ යාලුවොයි කියල හිතාගෙන උන්න අය මට උදව් කරන්න ඉදිරිපත් උනේ නැහැ..එයාල කලේ එයාල ඉගෙන ගත්ත පොත් වලින් මට පාඩම් කියල දුන්න එකයි,එයාලගෙ ජීවිතේදි කරපු දේවල් ඒ විදියටම මටත් කරන්න කියල උපදෙස් දීපු එකයි විතරයි......

ඒ වගේම මම කලින් කිව්ව මේ ගැන මම ලංකාවෙ ඉන්න මගෙ නෑයින්ට කියන්න කොහෙත්ම කැමති උනේ නැහැ කියල......ඇයි ඒ?????????

අපේ අම්මගෙ පවුලෙ ඔක්කොම සහෝදර සහෝදරියො 10 දෙනෙක්..(අම්ම බාලය.)තාත්තගෙ පවුලෙ ඔක්කොම 6 දෙනෙක්....ඉතින් මේ ඔක්කොම මගෙ මාමල,බාප්පල,නැන්දල,ලොකු අම්මලා ගෙ දරුවො 38 දෙනක්..ඒ කියන්නෙ මගෙ එක්කුසේ උපන් අය්යල දෙන්නත් එක්ක මට සහෝදර සහෝදරියො 40 ක් ඉන්නවා..
((මේ අය අතරින් මගෙ සහෝදරයින් 8 දෙනෙක් ආරක්ෂක අංශ වල උසස් නිළතල දරණ අය බවත් සඳහන් කල යුතුයි.))
අපි ලංකාවෙන් පිට දුර රටක හිටියට අපේ නෑයො,සහෝදරයො එක්ක ලොකු බැඳීමක් ඇතුව ජීවත් වෙන්නෙ...සතියකට දෙතුන් පාරකට වඩා කවුරුන් හෝ ලංකාවෙන් කතා කරල අපේ තොරතුරු විමසනවා..අපිත් එහෙමයි...
අපෙ මේ ඥාතීන් බොහෝ දෙනෙක් වයඹ පලාතේ පදිංචි අය...ඒ වගේම රකුසගෙ ගෙවල් අවට ගම් වල පදිංචි අයත් මේ අතර සිටිනවා......

ඉතින්...............

රකුසව දැන අඳුන ගත්ත මුල් දිනවල පටන්ම, ලොකුම බාධක හේතු 2 ක් මත මට රකුසව මගෙයි කියන අයගෙන් සඟවල අපේ සම්බන්ධය ඒ අයගෙන් රහසක් විදියට රැකගන්න සිද්ධ උනා.............

පලමු හේතුව:-
රකුස මුලින්ම මට එයාගෙ අම්මව හඳුන්වල දුන්නෙ ඉතා නරක,නපුරු චරිතයක් ඇති කෙනෙක් විදියට....එයාගෙ අම්ම අය්යට අවුරුදු 2 ක් වගේ වයසෙදි ඒ පොඩි දරුවවත් තාත්තවත් දාල වෙන මිනිහෙක් එක්ක පැනල ගිය නරක කෙනෙක් විදියටත්,ඊට පස්සෙ ඒ පුද්ගලයාගෙන් තව දරුවෙක්(රකුස.)හදාගෙන ආපසු ආව කෙනෙක් විදියටත් තමා මට එයා එයාගෙ අම්ම ගැන කියල තියෙන්නෙ.....ඒ වගේම රකුස මට නිතරම කිව්ව දෙයක් තමා..''....මම අවජාතකයෙක්..! මට කාත් කවුරුත් නැහැ..මගෙ නෑයො මට කාලකණ්නියෙක් කියනවා..අවජාතකයා කියනව..උන් ඔක්කොම මට වෛර කරනව..මගෙම අයිය මට හිරිහැර වෙනස් කම් කරනවා..මාව ගෙදරින් එලවනවා..මගෙ අම්මට මාව පේන්න බැහැ ඇයි උඹ මගෙ බඩේ ඉපදුනේ කියල අහනවා..මාව දකිනකොට අම්මට එයාගෙ අතීතෙ මතක් වෙනවා, එයා කරපු වැරැද්ද මතක් වෙනවා..එතකොට එයා ඒකට වෛර කරන්නෙ මට....''

ඉතින්......රකුසගෙ මේ පවුලෙ ප්‍රශ්නෙත්, මේ විසඳුමක් නැති ''අවජාතක ප්‍රශ්නෙත්'' තරමක් දුර කාලයක් අපේ ගෙදරින් සඟවාගෙන ඉන්න හෝ මගේ අය්යල අම්ම එක්ක කතා කරල හෙමින් විසඳගන්න හෝ මට පුලුවන් කම තිබුනා මොකද මගේ අම්ම අය්යල බුද්ධිමත් අය එයාල මේ ප්‍රශ්නය දිහා පටු විදියට බලන්නෙ නැති බව මට විශ්වාසයක් තිබුනා..............
ඒත් රකුස මට කොහෙත්ම ඉඩ දුන්නෙ නැහැ මේ ගැන කතා කරන්න....එයා කිව්වෙ එහෙම ඊට පස්සෙ එයාලගෙ ගෙදරට මේ බව ආරංචි උනොත් එයාට අනිවාර්යයෙන්ම ගෙදරින් යන්නට වෙන බවයි....මම ඒකට ගොඩාක් බය උනා..............

දෙවෙනි හේතුව තමා........

රකුසට හොරෙන් එයා ගැන හොයා බලන්න කියල ලංකාවෙ අපේ අයියලාට කිව්වට පස්සෙ,,එයාල හොයා ගනීවි  රකුසගෙ පවුලෙ ඔක්කොම තොරතුරුත් එක්ක..එයාගෙ අම්ම ගැන..රකුස අවජාතක දරුවෙක් බව.....ඊට පස්සෙ මේ සිද්දිය අපේ මුලු නෑපරපුර අතරම ප්‍රචාරය වෙලා එයාලගෙ මාර්ගයෙන් අපේ ගෙදරට ලස්සනට කතාව ඒවි.......එහෙම උනා නම් ඊට  පස්සෙ ඇතිවෙන තත්වයට මූණදෙන්න මට කොහෙත්ම හයියක් නැතිවෙන්න තිබුනා.................

ඉතින් ඔන්න ඔය කිව්ව විසඳුමක් නැති ගැටලුවට මැදිවෙලා මම කට පියාගෙන ඉන්න අතරෙ....රකුස ඒකෙන් නියම ප්‍රයෝජනය අරන් එයාගෙ ''මන්ද බුද්ධික සෙල්ලම'' ලස්සනට ඉදිරියට අරන් ගියා.........

එදා 2011 ජනවාරි 28 දින.....අලුත් ලැප්ටොප් එක ගෙනත්,එදා හවස එයා ඒකෙන් ඔන්ලයින් ආවා...වෙනදට වඩා පිළිවෙලකට කොටට කොන්ඩෙ කපාගෙන..මළ ගෙදරක යන්න වගේ සුදුම සුදු ඇඳුමක් ඇඳගෙන.....

''...අම්මල මොකුත් කිව්වද? කොහෙන්ද සල්ලි ඇහුවද?...''
''...ඔව්..මම කිව්ව ඔෆිස් එකෙන් ණයක් ගත්ත කියල...''
හරීම පොඩි වෙලාවක් ඔන්ලයින් ඉඳල මොකක්ද කියල එයා ඕෆ් උනා..එවෙලෙ මට හිතුනෙ නැහැ මේ තමා මම එයාව දකින අවසාන වතාව කියල.................

ලැප් එක ගෙනාව දවසෙ ඉඳන්ම කවදාවත් නැති තරම් එයාට වැඩ තිබුනා..පුදුම වැඩ ගොඩාක්..ක්ලාස් එකේ වැඩ..ප්‍රොජෙක්ට් එකේ වැඩ..අර ඩොකියුමන්ට්ස්..මේ නෝට්ස්...තව තව මට තේරෙන්නෙ නැති ගොඩාක් දේවල් එයා කිව්ව..කොටින්ම මා එක්ක කතා කරන්න වෙලාවක් එයාට තිබුනෙ නැහැ...මම හවස ඔන්ලයින් උන්න මගේ වැඩ කර කර..එයා එයාගෙ වැඩ වල....

ලැප් එක අතට ගත්ත වෙලේ ඉඳන් මෙයාගෙ මේ අධික කාර්ය බහුල කම මාව පුදුමයට පත් කලා..ඒත් ඒවා එයාගෙ ඉගෙනීමේ කටයුතු කිව්ව නිසා මම එයාට බාධා නොකර මගේ පාඩුවෙ උන්නා.....

ඒත් මෙයා මේ අධික වැඩ කටයුතු මුවාවෙන් කරන්නෙ මහා බොරුවක් බව මට නොවැටහුනාමත් නොවෙයි.....

දවසක් මම මේ ගැන එයාගෙන් ඇහුවා..මට ඇත්තටම දැන් මතක නැහැ හරියටම..ඒත් මම ඇහුවෙ ඔයාට ඔය තරම්ම වැඩ මොකද කියල වගේ දෙයක්....එක පාරම එයාගෙ පිළිතුර උනේ....

''....මේ.... මට මගෙ වැඩ තියනවා....ආවද මෙතන මගෙ ඔලුව කන්න?....''

ඒ කතාවට මම ගව් ගානක් උඩ ගිහින් බිම වැටුනෙ...!!!!!!

69 comments:

  1. ඔන්න දරුවෝ මීට පස්සේවත් මේවයින් පාඩම් ඉගෙන ගෙන හැදෙන්න. ආදරේ කියන්නේ සල්ලි ඉල්ලලා අඬා වැටෙන දෙයක් නෙමේ.

    මේ රකුසට කොන්දක් තියෙනවද කියලාත් සැකයි !!

    ReplyDelete
    Replies
    1. මම දුක් වෙන්නෙ නැහැ අයියෙ..මට කිසි දෙයක් නැති උනේ නැහැ....ලොකුම පිංකමක් කලාට ඒක මට සුලු දෙයක්.........

      Delete
    2. maduranga ayiye okaata koheda kondak :/

      Delete
    3. කොන්ද ගැනත් ලියන්නම්කො ඉදිරියට......

      Delete
  2. :O ඕන දේ හම්බුනාට පස්සේ ඔයාව ඈත් කරන්න හදලා තියෙන්නේ.ඉතින් ඊට පස්සේ?.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් කියන්නම් ඊට පස්සෙ මොකෝ උනේ කියල හොඳේ?

      Delete
  3. වැඩවලින්ම තේරෙනවා ඌ අවජාතක මොන්ගලයෙක් කියලා.ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ කියනවනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....ලැජ්ජ නැති කමනෙ අයියෙ...

      Delete
  4. ඕක මම නම් හිතන්නේ මොඩ කම නෙමේ... ආදරේ.. ආදරේ තේරුම් ගන්න බෑරි උන එක එයාගේ වෑරද්දක්... වෑරද්දක් කියන්නත් බෑනේ.. මොකද ඒ මනුස්සයාට ඕන වෙන්න ඈත්තේ එහෙම දෙයක් විතරනේ...

    ඔයාගේ කතාවේ සමහර දේවල් වගේමම දේවල් . සමහරවිට ඔයාටත් වඩා දේවල් මට වෙලා තියන නිසා ඔය ගෑන මම පුදුම වෙන්නෙත් නෑ කිරිල්ලියේ... සතුටු වෙන්න..

    මේ කතාව කියන එකට මම කෑමති මේ වගේ දෙවල් තව කාටවත් වෙනවට අකමෑති නිසා.. ඒ වගේම මේ කතාවට අකමෑතිති මෙහෙම අය ගෑන මෙහෙමවත් හිතන්න ඕනේ නෑති නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් දේව්..මම ලියන්නෙ මගේ බ්ලොග් එකේ මගේ කතාව..මම කලිනුත් කිව්ව වගේ ආයෙමත් කියනව...මේ වගේ දේකට මූණ දුන්න මේ ලෝකෙ ප්‍රථම කාන්තාව හෝ අවසාණ කාන්තාව මම නොවෙයි...................

      Delete
    2. මම දන්නවා ඔයාගේ කතාව කියලා... මම කිවේ එක කියන එකට මම හිත විදිහ ගෑන...

      Delete
    3. ඔයා හිතන විදිය ගැන කිසි අවුලක් නෑ.....මාත් කිව්වෙ ඔයා හිතන විදිය ගැන නෙවේ..:):)

      Delete
  5. සමහර මිනිස්සුන්ව විස්වාස කරන්න හරිම අමාරුයි......

    ReplyDelete
    Replies
    1. ඔව්..අපි ගාව අපේ ගෙවල් වල හදන සත්තුන්ව විශ්වාස කරන්න පුලුවන්......................

      Delete
  6. මේක අක්කගේ මෝඩකමක් කියලා හිතන්න බෑ මොකද මේ විදියට කොල්ලෙක් කියද්දි ඕනෙම කෙල්ලෙක්ට දුකක් ඇතිවෙන එක පුදුමයක් නෙමෙයි...අනික මේකා හරි ලස්සනට රඟපාලා තිබුණා...මට හිතෙනවා මේ රකුසා මේ වෙනකොට තව කීදෙනෙක්ව රවට්ටලා ඇතිද කියලා...

    මේ ලඟදි ඔයා දාලා තිබුනු කොමෙන්ටුවකින් දැනගත්තා ඔයා ලංකාවේ හිටියනම් රකුසාගේ මයිලක්වත් හොයාගන්න බැරිවෙනවා කියලා...සිරාවටම රකුසට හොඳ පිනක් තිබිලා තියෙනවා....වින්චැට්+වලි+කිරිල්ලි කියලා තමා මම දැන් ඔයාව හඳුන්වන්නේ....

    ඕං තව ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ දැන්

    ReplyDelete
    Replies
    1. මම මේ දවස් වල ප්‍රහාර එල්ල කරන්නෙ නැහැ මල්ලි....සාම ගිවිසුමකට අත්සන් කරල ඉන්නෙ.........

      Delete
  7. අයි..යෝ...සල්ලි...!!!

    ReplyDelete
    Replies
    1. මොනාද මේ කියන්නෙ..? බල්ලොත් නොකන සල්ලි...!

      Delete
    2. කියලා වැඩක් නෑ..සල්ලි කියන්නේ ආයෙත් ලැබෙන දෙයක්.ඒත් බිදුන අපේ හිත්. ඒ හිත් හදාගන්න අපි විදින දුක...මිනිස්සු පුදුමයි නේද

      Delete
    3. ඒ වගේ උන්ට යන්න අපායක් නැහැ..මොකද උන් මේ ලෝකෙදිම අපාගත වෙනවා....

      Delete
  8. වෙන මිනිස්සුනම් තමන්ට ඕන උනදේ අර ගත්තත් ටික කාලයක් යනකම් වෙනස් පෙන්නන්නේ නැතුව ඉන්නව.. ඒකට මේකා.. ඇත්තටම ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. මේකා කොල්ලො සංහතියටම..පිරිමි සංහතියටම ලැජ්ජාවක්..!!

      Delete
  9. ඔයා පොඩ්ඩක්වත් වැරදි නෑ කිරිල්ලි..මම නම් ඒක ගැන පුදුම වෙන්නේ නෑ.ඔය විදියට කරපු පලවෙනි හා අවසාන කෙනා ඔයා නෙමේ..ගොඩක් අය ලැජ්ජාවට ඕවා කියන්නේ නෑ..අනික සමහරු බයයි..
    ඔය මිනිහා කවදා හරි විදවනවා..ඒක ස්ථීරයි..ඔයා පිනක් කරගත්ත ඒ වගෙම නයක් ගෙවලා දැම්මා..
    දන්නවද කිරිල්ලි මම නම් හිතන්නේ මේ වගේ දෙවල් ගැන ජීවිතේටවත් ඇහැටවත් දැකලා නැති මිනිස්සු මෙහෙම ඇවිත් අපේ හිත් රිද්දලා එක එක හානි කරලා යන්නේ අපි ඒ අයගෙන් මේ සංසාරේ කොහේ හරි ණයක් අරන් තියෙන නිසා..දැන් ඒ ණය ගෙවුනා.ඊට පස්සෙ අපි ණ්ය නෑ..ඉතින් දැන් නිදහස් කියලා සතුටු වෙන්න කිරිල්ලි..

    ReplyDelete
    Replies
    1. ඔව් කුමාරිහාමි..මාත් හිතන්නෙම එහෙම තමා කොහෙදි හරි මම ගත්ත නයක් ආපහු ගන්න මගෙ පස්සෙන් ආව කෙනෙක්..මම ඒක ගෙවල දැම්මා....ඒත් මාව නිකරුනේ රැවටුවාට..මගේ කාලය නාස්ති කලාට..මගේ අවංක හිත එක්ක ගේම් ගැහුවට දැන් ඌ මට ණයයි...........

      මම ණයත් නෑ.....භයත් නෑ........!!!!!!!!!

      Delete
  10. "එවෙලෙ මට හිතුනෙ නැහැ මේ තමා මම එයාව දකින අවසාන වතාව කියල.."

    ලොකු සතුටක් දැනුනා මෙන්න මේ ටික අහල

    ReplyDelete
    Replies
    1. මොකක්දෝ හිතාගන්න බැරි හේතුවක් හිතට ඇවිත් එදා මම කවදාවත් නැතුව ස්කයිප් එකෙන් එයාගෙ පොටෝ ටිකකුත් අරන් තියා ගත්තා...................

      Delete
    2. ඔය පොටෝ කෑල්ලක් දෙකක් පබිලිස් කොරන්න.

      Delete
    3. අනිවාර්යයෙන් කරනවා ඉක්මනින්ම.....ඊට කලින් ඕනෙ නම් මේල් එක දෙන්න....

      Delete
  11. කිරිල්ලිගෙ කතාව බලන හැම වෙලාවකම මට මතක්‌ වෙන්නෙම මගෙ දේවල්.මේකම නෙමේ උනාට මටත් මෙහෙම උනා.ඒ දේවල් මේ දේවල් එක්‌ක එකින් එක ගැලපෙද්දි මට පිහියකින් අනිනවා වගේ..මොනා උනත් දැන ගන්න වටින කතාවක්‌.

    ReplyDelete
    Replies
    1. මට දුකයි ඔයා ගැන...මේ විදියට රැවටීම් සිදුවෙනකොට මේ ලෝකෙට හොඳ මිනිස්සු නැති වෙනවා.....
      හිත හදාගෙන ජීවිතේට මූණ දෙන්න.....ඔයාල අපි වගේ අයට කවදාවත් වරදින්නෙ නැහැ........

      Delete
  12. කතාවෙ අවසානයට ලංවෙලා නේද?
    මේකට මෝඩකම කියල කියනවද නැද්ද කියල මම කල්පනා කලේ ගොඩක් කාලෙක ඉදල. කෙනෙකුට විශ්වාස කරල ආදරය කිරීම මෝඩකමක් නෙවේ. ඒත් ඔන්ලයින් විතරක් දන්නා හදුනන කෙනෙකුට මේවගේ මුදලින් උපකාර කරන්න කලින් චුට්ටක් විතර හිතන්න තිබුනදෝ කියලත් මට නං හිතෙනව. ඒත් අපි මොනව කිව්වත් ඒ වෙලාවෙ කිරිල්ලිට අවිශ්වාසයක් හිතෙන්න නැතුව ඇති. මේ වගේ ‍රැවටීම් වලට අපි කවුරුත් විවිධ අවස්ථා වලදි ලක්වෙනව. ඔයාගෙ සිද්ධියෙදි ඒ වෙනුවෙන් ගෙවන්න වුන මුදල වැඩිඑක විතරයි වෙනස තියෙන්නෙ. ඔන්න එහෙම හිතල මම "මෝඩ" ලේබලේ ගැලෙව්ව. :D

    අන්තිම සටහනට පස්සෙ මම අහන්න හිතාගෙන හිටිය ප්‍රශ්නෙට උත්තර අද තරමක් දුරට ලැබිල තියනව. ඒ තමයි රාජ් ඇත්තටම වංචා කාරයෙක් නොවුනනම්, ඇත්තටම එයා, එයා කියපු විදියෙ කෙනෙක් උනානනම් ඔයාට ඔයාගෙ පවුල්වලින් ඉඩ දේවිද එයාව අයිති කරගන්න. හදිස්සියෙ ගෙදරින් විරුද්ධ උනානම් ඔයාගෙ තීරණය මොකක්ද? රෝගියෙක් උන එයාගෙ තත්වය තවත් නරක්වෙන දෙයක් ඔයාගෙන් සිදුවෙන්න ඉඩ තිබුනද?
    ඔන්න ඕව තමයි අහන්න හිටිය ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. පලමුවෙන්ම ගොඩාක් ස්තූතියි ''මෝඩ ලේබලේ'' ගැලෙව්වට...:D:D

      හ්ම්ම්.....මගෙ අම්මත්,මට තාත්ත වගේ ඉන්න මගෙ ලොකු අය්යත්, මේ තාක් කල් මම ඉල්ලපු හැම දෙයක්ම දුන්නා...මගෙ හැම ඉල්ලීමකටම ඉඩ දුන්නා...මගෙ අනාගතේ සම්බන්ධයෙන් එයාල කියල තියෙන්නෙ..''ඔයාට ගැළපෙන ඔයා කැමති කෙනෙක් තෝරගත්තොත් අපිත් කැමති වෙනවා..දුප්පත් කොල්ලෙක් උනත් අපිට කමක් නෑ..හැබැයි ජීවත් වෙන්න හොඳ රැකියාවක් හරි ආදායම් මාර්ගයක් හරි තියෙන්න ඕනෙ...අනිවාර්යයෙන් පවුල් බර නැති කෙනෙක් වෙන්න ඕනෙ''
      ඉතින් රාජ්ගෙ උත්පත්තිය ගැන ප්‍රශ්නෙ මට හෙමින් කියල විසඳගන්න තිබුන.....

      අසනීප වලට බේත් තියනව ඒක මම හිතන්නෙ නැහැ ප්‍රශ්නයක් කියල....

      ඔව්..ඇත්තවශයෙන්ම එයා ඒ කිව්ව විදියෙ අනාතයෙක්,අසරනයෙක් නම්..වංචාකාරයෙක් නොවුන නම් ..මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලන්ගෙන් එක්කෙනෙක් වෙන්න තිබුන එයාට..

      ඔයා අහන විදියට..හරි මෙහෙම හිතමුකො..මොනයම් හේතුවක් හෝ අහේතුවක් නිසා හෝ අම්මල එයාට අකමැති උනා නම්...මේ ලෝකෙ කාත් කවුරුවත් නැති අසරනයෙක්ව මම තවත් අනාත කරන්නෙ නැහැ...මොකද ඒ වගේ අනාතයෙකුට ආදරේ කරන්න පටන් ගත්තෙ අම්මලාගෙන් අහල නෙවේනෙ..ඒ වගේම අම්මලගෙන් අහල පස්සෙ දාල යන්න බලාගෙනත් නෙවේනෙ...මම තනි තීරනයක් ගන්නව....

      මේ ලෝකෙ මොනම හේතුවක් නිසාවත් මගෙ අම්මල මාව නැති කර ගන්න කැමති නෑ..එයාල මට ඒ තරම්ම ආදරෙයි...:):):):)

      Delete
  13. ඔයා විතරක් නෙවෙයි මෝඩකම් කරන්නෙ, මිනිසුන්ගෙ නරක කාලෙ ආවම මිනිස්සු අතින් මෝඩකම් වෙනවා අහම්බෙන් ව්අගේ... අනික අර කතවටත් කියන්නෙ නරක කාලෙදි විෂ්ණූ දෙයියොත් කැලේට ගිහින් බට කොළ කෑවා කියලා.. අතීතයෙ අපි අතින් එහෙම මෝඩකම් වෙන්න පුළුවන්..

    රකුසා ගැන කියන්න දෙයක් නෑ.. එයා මහම මහ අවස්ථාවාධි,කොන්ද පන නැති කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. මම මෝඩ කමක් කරල..ඒක ප්‍රසිද්ධියේ කියල..අනික් අයට එහෙම කරන්න එපා කියන එකත් එක්තරා මෝඩ කමක් කියල කවුරුවත් කියන එකක් නැහැනෙ නේද හිතූ..??

      Delete
    2. මංදා මම එහෙම හිතන්නෙ නම් නෑ.. තමන් හිතනවනම් අතීතෙ කොහෙහරි තමට එකතැනක් අතපහු වුනා කියලා, ඒකෙන් පුංචි හරි බාධාවක් වුනා කියලා, අනිත අයට ඒ ගැන කියන එක මෝඩකමක් නෙවෙයි..ඒක තවත් කෙනෙක් එහෙම දෙයක් කරන එක වැලැක්වීමක්නෙ..

      Delete
    3. ඔව්..සමහරු (මම දන්න අය ඉන්නව මේ බ්ලොග් අවකාශෙම මහා පණ්ඩිත ගනයේ ඒත් 7..8 වතාවක් වරද්දගෙන.)ඒත් කාටවත් කියන්නෙ නැහැ..හික්ස්..දන්නෝ දනිති...මම මනුස්සයෙක්..බොහෝම සාමන්‍ය කෙල්ලෙක්.. මට වැරදුනා කියන්න මම කවදාවත් ලැජ්ජ වෙන්නෙ නැහැ..ඒ වගේම මෙන්න මෙහෙමයි උනේ,ඒ නිසා මෙහෙම කරන්න එපා කියල අනිත් අයට කියල දෙන්නත් පසුබට වෙන්නෙ නැහැ....ස්තූතියි හිතූ..!!

      Delete
  14. බලාගෙන යනකොට අර කවුද කීවා වගේ 'ආදරේ අන්ධයි නේන්නම්'. ඔයා ආදරේ හන්දා ඒ වැරදි දැකලා නෑ. කොහොම උනත් කමක් නෑ යන්තම් බේරුනානේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මේකත් එක්තරා 'බටකොල කාපු' කේස් එකක් තමා පොඩ්ඩී..:D:D

      Delete
  15. පවු අර මනුස්සයගෙ අම්මා..........!

    ReplyDelete
  16. ඕනෑම කෙනෙක් ජීවිතේ එක සැරයක් හරි මෝඩ වැඩක් කරනවනේ නංගෝ... වැඩේ තියෙන්නෙ කිහිප දෙනෙක් තමයි ඒ කළේ මෝඩකමක් කියල හදුනගන්නෙ.. ඒ අතින් බලනකොට ඔයාත් ඒ සුලුතරයට අයිතියි. ඒ ගැන අපි සතු‍ටු වෙමු... නැවත ඔය වගේ දෙයකට පැටලෙන්නෙ නෑනෙ කවදාවත් එතකොට... :))

    ReplyDelete
    Replies
    1. මටම පුදුමයි මම එහෙම රැවටුනේ කෝමද කියල...තාමත් හිතනව උදේ රෑ දවාලක් නැතුව අග ඉඳන් මුලට..මුල ඉඳන් අගට........

      Delete
  17. මගෙත් යාලුවෙක් ඉන්නව ..එයාටත් මේ වගේම දේවලු වුනා..ඒත් එයා අදටත් එයා ගැන චුට්ටක්වත් තරහ නෑලු..සතියකට සැරයක්වත් කෝල් කරල එයාගෙ සුවදුක් අහනවා..අපි බැන්නම හිනා වෙනවා..ගනන් ගන්නෙපා එයාට කවදහරි තේරෙයි කියල විතරයි එයා කියන්නෙ..අනේ මන්දා ඇයි මේ වගේ මිනිස්සුන්ට හිතෙන්නැත්තෙ අඩුම තරමින් මේ එයාල සෙල්ලම් කරන්නෙ තව කෙනෙක්ගෙ අවංක කම එක්ක කියල ..බලන්න ඔය රකුසා කවුරු උනත් කී දෙනෙක්ගෙ හිතෙන් හිතනවද එයාට කවදාවත් හරියන්නෙපා කියල..ඕ වගේ අයට ඕව පළ දෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ යාලුව නම් පුදුම කෙනෙක්...ඔව්.කවදාවත් හරි යන්න නැහැ ඒ වගේ අයට පලවිපාක ලැබෙනවාමයි.....

      Delete
  18. ගිය දේ ගියා අක්කෙ, තවත් ඌ ගැන හිත හිත උගේ අතීතෙ මේ ව්දියට පෝස්ට් කර කර තමන්ට රිද්ද ගන්න එපා, ඇත්තටම දුකයි ඒ වගේම කේන්තියි.

    ReplyDelete
    Replies
    1. මම දුකින් නෙවි මල්ලී....මට ජීවිතෙන් හැම දෙයක්ම ලැබිල තියනව...මේක ලියන්නෙ තවත් අයව දැනුවත් කරන්නයි.......

      Delete
  19. අනේ මන්දා අප්පා ඔව්වා...!!

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා...ඔයා මොනාහරි කියන්න බයද??

      Delete
  20. උල තියන්න වටින්නේ.. අවජාතක කිව්වේ රකුසටද ?

    ReplyDelete
  21. මම කිව්වෙ නැහැ..රකුස තමා කිව්වෙ එයා අවජාතක කියල...දැන් බලනකොට ඒක එයාගෙ වාසගම........

    ReplyDelete
  22. හම්ම්ම් පේන විදිහට ඔයාට කොතනින්වත් ගැලවෙන්න බැරිවෙන විදිහට ඔයාව හිර කරලා. මොනවා උනත් මොකක් හරි වාසනාවකට මිනිහම ඔයාගෙන් ගැලවිලා ඉන්න හදල. ඒත් ඒ වෙනකොට ඔයාගෙන් ගොඩක් දෙවල් අරගෙන ඉවරයි. ඒ සල්ලි නම් වැඩක් නෑනේ. ඒත් ඒ අරගෙන් රිදවපු හිත....

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ ඔයා හරි මාව හැම පැත්තෙන්ම හිර කරල තිබ්බා..ඒකනෙ මම මේ කතාව පටන් ගනිද්දිම ලිව්වෙ''රකුසු මායාවකට අහු උනා'' කියල........

      Delete
  23. අර උඩින්ම දාලා තියෙන පින්තූරෙ සංකේතාත්මකද?
    නොකල යුතු දේ තමයි මිනිස්සු එක් වරම විශ්වාස නොකිරීම. ඒක දැන් වෙලා ඉවරනෙ. ඊ ලඟට වෙන්න පුලුවන් ලොකුම හානිය තමයි, මේ සිද්ධිය මානසිකව මුලු ජීවිතයටම බලපාලා සියලුම පිරිමි මේවගෙ වෙන්න ඇති කියලා අනියත බියක් ඇතිකර ගැනීම.
    අර හැම සර්පයම විශකුරුයි කියලා හිතනව වගෙ. ඒකයි පින්තූරෙ ගැන ඇහුවෙ.
    අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න වින්චැට්කිරිල්ලි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හැම පිරිමියම එක වගේ කියල මම කවදාවත් විශ්වාස කරන්නෙ නැහැ......ඒත් මේ පුද්ගලයා නම් පිරිමියෙක් කියල විශ්වාස කරන්නත් බැහැ......

      Delete
  24. monaa kiyannada , mama hawasa gedara gihilla sinhalenma kiyannamko

    ReplyDelete
    Replies
    1. හාකෝ.....මටත් දෙයක් කියන්න තියනව.....

      Delete
  25. duwe mamth me kathawa hemadaama kiyawanawa.me kathawa kiyana eka hondai hemotama paadamakata.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔයාට ඇන්ටි...මගෙ අම්මට මා ගාවින් නිතර ඉන්න ගොඩාක් අතපසු උනා..ඒක එයාගෙ වැරැද්ද නෙවී...මගෙ මුල්ම රැකියාව නිසා මම උන්නෙ වෙන රටක මගෙ අයියල දෙන්න එක්ක..අම්ම උන්නෙ වෙන අල්ලපු රටක..මම වැරදි කරන්නෙ නැති බව දන්න නිසා අයියලාට මාව විශ්වාසයි..එයාල මගෙ ගැන උවමනාවට වඩා හොයන්න ආවෙ නැහැ....

      මම මේ දේවල් ඔයාට කිව්වෙ ඇයි කියල ඔයාට තේරෙන්න ඕනෙ...:)

      ආයෙමත් ඇවිත් මොනා හරි කියල යන්න..ලොකු හයියක් මගෙ හිතට....ස්තූතියි ආයෙමත්..!

      Delete
  26. ඔයාගේ කතාව සහ ඔයා මේ දේවල් ගැන දාල තියෙන විග්‍රහය කියෙව්වම ඔයාට මෝඩයෙක් කියල කටක් ඇරලා කියන්න බැහැ තමයි :)
    ඒත් මට කලින් පොස්ට් ඔක්කොම බලද්දී හැමදාම වගේ හිතුනේ එහෙම

    ඔයාගේ යාළුවොත් කර ඇරියානම් ඉතිං ඔයාට වෙන විකල්පයකුත් නැහැ තමයි අර මනුස්සය ගැන හොයල බලන්න
    කොහොමත් ගෑනු දරුවන්ගේ ගෑනු යාළුවො උදව් පදව් දෙන අංශයෙන් ටිකක් පහලින් ඉන්නේ කියල මට හිතෙනවා
    කොල්ලෙකුට මෙහෙම විස්තරයක් හොයා ගන්න ඕනේ උනානම් එක හරි සරලයි, ඒත් කෙල්ලෙකුට ඒ දේ ලේසි පහසු නොවෙන බව පිළිගන්න වෙනවා

    කතාවේ අවසානය ඉක්මනින් ලඟා වෙලා
    පුලුවන්නම් ඒ මිනිහගේ ෆොටෝ එකක් මේ කතාවේ දාන්න
    එහෙම නැත්නම් ඌ ආපහු වෙනම චරිතයක් විදිහට ඇවිත් අලුත් කතා කියලා තව කාව කාව හරි බිලී බාන්න හදයි
    ඔය වගේ උන්ව සමාජයෙන්ම කොන් කරලා දාන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හානේ..එහෙනම් ඔයත් හිතල මම මෝඩයෙක් කියල නෙහ්?..කමක් නෑ අනේ මාත් වෙලාවකට එහෙම තමා හිතන්නෙ..:):)
      යාලුවො හරිම අසාධාරණ විදියට මග ඇරියා මම උදව් ඉල්ලුවාම..එයාල ඉන්නෙ ලංකාවෙ,මම ඉන්නෙ පිට නිසා එයාලට මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවේවි කියලයි එයාල මග ඇරියෙ....
      මගේ කියන අයට මේක කියා ගන්න බැරුව මම හරියට අසරණ උනා....
      පොටෝ දාන්නම් ඉක්මනින්ම...මගේ කතාව දිහා සාධාරනව බැලුවට ගොඩාක් ස්තූතියි..:):)

      Delete
  27. Duwe mama inne lankawen pita. Oyage kathawa mama hemadaama kiyawanawa. me ratawalwala hedun ape lamai mewage dewalwala petalunama prasna godai. beriwelawatha hemadema hari gehin oya rakusa oya inna ratata aawanam hema oyata loku prasna godakata muna denna wenawa.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇන්ටි...මෙහෙම උනා වගේ නෙවේ,අන්තිමට මෙහෙට එන තරම් දුර දිග ගියා නම්,මගේ විතරක් නෙවේ මගෙ පවුලම ලොකු අගාදයකට දාල තමා රකුස අයින් වෙන්නෙ......
      ඔයා හරි....

      Delete
  28. අසරනයෙක්ට පිනට දුන්න කියල හිත හදා ගන්න තිබුන ඇත්ත තත්වෙ කියල ඉල්ලුවා නම්, කාලයක් තිස්සෙ රවටලා ප්ලෑන් කරල කරපු වැඩක්නෙ මේක. ශික් ලැජ්ජයි අප්පා.

    ReplyDelete
    Replies
    1. එයාට දෙන්න ඕන දඬුවම ඉදිරියෙදි ලැබෙනවා අනිවාර්යයෙන්ම........

      Delete
  29. Replies
    1. හ්ම්ම්..කතාවෙ අවසානය ඔව්......

      Delete
  30. ඔන්න ආවා. මම ඔයානම් කවදාවත් මේ රකුසාට සමාවක්නම් දෙන්නේ නැහැ. මේ කරපු අපරාද වලට.
    කියන්න තියෙනවා කියුවේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ...මගෙනුත් සමාවක් නැහැ.....
      i will be your worst nightmare..තමා ඉදිරියෙදි......

      Delete
  31. සැබෑ ආදරයකට කවදාවත් සල්ලි ඉස්සර වෙන්නෙ නැහැ.
    ඔයාට ඒක නොතේරුනේ අත්දැකීම අඩුකම නිසාවෙන්න ඇති.
    සමහර පිරිමි හැසිරෙන්නෙ නපු0සකයො වගේ.
    අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලගෙන් දෑවැද්ද ඉල්ලනවා,
    මෙහෙම
    " අනේ බබා ඔය දෑවැදි මට නම් ඕනෙ නැහැ, ඒත් අපේ අම්මලට ඕනලුනෙ"

    ReplyDelete