My Blog List

Sunday 11 March 2012

මම කරපු ලොකුම පිංකම......!!!!

(අළු පාට හැන්දෑව 29....)
ඒ 2010 දෙසැම්බර් මාසෙ..නත්තල් මාසෙ..හිම වැහි වැහැල වැහැල පලාතම සුදුම සුදු පාටයි..බලන බලන හැම පැත්තකම සුදු පුලුන් වගේ හිම ගොඩ ගැහිල...ගංගාවල් මිදිල..කොලපාට ෆයින් ගස් යටින් ඇවිදගෙන යන්න බයේ බැහැ අතු උඩ බදාගෙන ඉන්න තඩි හිම කුට්ටි කොයි වෙලේ පහලට කඩන් වැටේවිද කියල...

දෙසැම්බර් මුල් සතියෙ ඉඳන්ම මේ මිනිස්සු පිස්සුවෙන් වගේ නත්තලට සූදානම් වෙනවා..මහා ගොඩාක් සල්ලි වියදම් කරනවා.. පාරවල් පුරාම ගස් වැල් පුරා පාට පාට විදුලි බුබුලු වැල් ඇදල...උස ගොඩනැගිලි,ගෙවල් දොරවල් ඔක්කෝම සරසල අලංකාර කරල...කොහෙ බැලුවත් නිවෙන පත්තුවෙන විදුලි බුබුලු..........
නත්තල් මාසෙ කවුරුත් ඉන්නෙ සතුටින්...සාප්පු වල සෙනඟ පිරිලා හැමෝගෙම අත්වල තෑගි පාර්සල්...මාත් උන්නෙ ඇත්තටම ගොඩාක් සතුටින්.......

රාජ් මේ කාලෙ හිතාගන්නටත් බැරි තරම් පුදුම විදියට වෙනස්ම පුද්ගලයෙක් වෙලා උන්නා...විශ්වාස කරන්න බැරි තරම් ආදරෙන් උන්න මට...කවදාවත් නැති තරම් ආදරෙන් කතා කලා මට...ලංකාවෙ වෙලාවෙන් පාන්දර වෙලත් මම ඔන්ලයින් එනකම් බලන් උන්න...මට නිදා ගන්න ඇරල එයා ඇවදියෙන් උන්න ඒ පාන්දරත්,,මාව මහ රෑ ඇහැරවන්න ඕන නිසා වෙලාවට මගෙ බෙහෙත් බොන්න...මාරවිල කුරුස පල්ලි ගියා කිව්ව ආයෙමත් කලින් උන බාර අලුත් කරන්න...මාව සතුටින් තියන්න පුදුම විදියෙ මහන්සියක් ගත්ත එයා...මේ කාලෙ අපි අතර පුංචිම පුංචි හිත් අමනාපයක්වත් ඇති උනේ නැහැ.......

ඇත්තටම මම උන්නෙ ගොඩාක් සතුටින්...අපි දෙන්නම නත්තල් ගස් හදල ඒවල පොටෝ හුවමාරු කර ගත්ත.........
රාජ්ගෙ මේ අමුතුම වෙනස් වීම අදහා ගන්නත් බැරි තරම් උනා..ඒ දවස් වල අර අමුතු මානසික ගති මතු උනේ නැහැ..අපි දෙන්න ගැන..ජීවිතේ ගැන..එයාගෙ ඉගෙනීමේ කටයුතු ගැන එයා හරිම සීරියස් කතා කලේ..මේ ඔක්කොටම වඩා පුදුමෙ එයා අපි ගැන වෙන කවදාටත් වඩා උනන්දුවෙන් කතා කල එක.......

දවසක් එයා මෙහෙම කිව්ව...''..මම හෙට මාරවිල කුරුස පල්ලි යනව.එතන ඉඳන් ඔයාට කෝල් එකක් දෙන්නම් ඔයා මාත් එක්කම එකට යාඤ්ඤා කරන්න ඕනෙ හොඳේ?..''
''..මම?..අනේ ඉතින් මම දන්නෙ නෑනෙ ඔයාලගෙ යාඤ්ඤා වල් කියන්න..''
''..ඒකට කමක් නෑ..මම කියල දෙන්නම්..මම කියන එක ම ඔයත් කියන්නකො..''
''..හ්ම්ම්..එහෙනම්  ඔයා පල්ලියට ගිහින් මට මිස් කෝල් එකක් දෙන්නකො මම ගන්නම්..''
''..මම දෙයක් අහන්නද?..''
''..හා අහන්න..''
''..මම මේ නිකමට වගෙ අහන්නෙ..ඔයා බුද්ධාගමේ..කවද හරි ඔයාට කතෝලික ආගමට එන්න කිව්වොත් ඔයා එනවද?..''
''..ම්ම්ම් මෙහෙමයි..විවාහයක් වෙනුවෙන් පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක්ගෙ ආගම වැළඳගන්න ඔන කියන එක මම අනුමත කරන්නෙ නැහැ..දරුවන්ගෙ උප්පැන්නෙ තියෙන්නෙ තාත්තගෙ ආගම වෙන්න ඔනෙනෙ..ඉතින් මම කැමතියි මගෙ හස්බන්ඩ්ගෙ ආගමට හැරෙන්න..ඒත් ඒකෙන් අදහස් කරන්නෙ නැහැ මම මගේ ආගම අතහරිනව කියල..මම ආගම් දෙකම අදහනව..අපි මේ දැනුත් එහෙමයි..පන්සලුත් යනව..පල්ලිත් යනවා..කෝවිලුත් යනවා..''

2011 ජනවාරි මාසෙ වෙද්දි රාජ් අමුතුම ආදරණීය පුද්ගලයෙක් වෙලා උන්න..අපි අතර යාන්තම් වත් අමනාපයකට එයා ඉඩක් තිබ්බෙ නැහැ..එයාගෙ ආදරණීය වචන මාව පුදුම කලා.....

''..ඇයි අනේ අපි දෙන්න දැන් රන්ඩු වෙන්නෙ නැත්තෙ?..''මම වෙලාවක විහිලුවට වගේ ඇහුවෙ..
''..ඇයි දැන් ඔයාට ඕනෙ රන්ඩු කරන්නද?..''
''..නැහැ..එහෙම නෙවේ ඉස්සර වගේ රණ්ඩු නැතුව දැන් නිකම් පාලුයි කම්මැළී වගේ..දාගම්මුකො වලියක්..හික්ස්!!..''
''..අනේ අනේ මේ මට නම් බැහැ ආයෙමත් එහෙම වෙන්න හොඳේ..'' හ්ම්ම්ම්ම්ම්ම් අනේ වාසනාවන් මම තනියම හිතුව...ඇත්තටම කෙනෙකුට මේ තරම් ලස්සනට වෙනස් වෙන්න පුලුවන්ද?ඔව් පුලුවන්..අවුරුද්දක් දැන්..එයා මට මුලින් කිව්වනෙ වෙනස් වෙන්න කල් දෙන්න කියලත්..හ්ම්ම්...වෙච්ච දේවල් පාඩමකට අරන් එයා වෙනස් වෙන්න ඇති.......

එදා 2011 ජනවාරි මාසෙ 19 වෙනිද........
එදා රෑත් පාන්දර වෙනකම් රාජ් මා එක්ක හරිම ආදරෙන් කතා කර කර උන්නෙ...අපි ගුඩ් නයිට් කියල නිදා ගන්න යන්න හැදුව විතරයි රාජ් හදිසියෙම දෙයක් මතක් උනා වගේ කතා කලේ.....
''..ආ මේ ඒක නෙවේ පැටියො..මට පොඩි උදව්වක් ඕනෙ ඔයාගෙන්..කරනව නේද?..''
''..ඔව් කරන්නම් කියන්න මොකක්ද?..''
''..ඉන්න පොඩ්ඩක් ඉස්සර වෙලාම කතාව කියල ඉන්නම් හොඳේ?..''
''..හා..''
''..මම ඔයාට කිව්වනෙ මගෙ ප්‍රොජෙක්ට් එකේ වැඩ ට සර් ව හම්බ වෙන්න යනව ඒකට මට ලැප් එකක් ඕනෙමයි කියල..''
''..ඔව් ඉතින්..''
''..ඉතින් මම අම්මිගෙන් සල්ලි ඉල්ලුව ලැප් එකක් ගන්න..එයා දුන්නෙ නැහැ..''
''..ඒ මොකෝ ඒ? ඔයා ඉගෙන ගන්නවට කැමති නැද්ද එයා?..''
''..අයියට සල්ලි දුන්නලු එයාගෙ අලුත් ගෙදර වැඩ වලට..මම ඇහුව තාත්තිගෙන් අහන්නද එහෙනම් කියල..එපා කිව්ව..අයියට දෙන්න තියනව එයාගෙ පුතානෙ..මට තමා නැත්තෙ..ඔක්කොම එයාගෙ පුතාට විතරයි..''
''..හප්පේ පුදුම අම්ම කෙනෙක්නෙ..ඇයි එයාගෙම දරුවට ඉගෙන ගන්න දෙන්නෙ නැත්තෙ?..''
''..ඒක තමා මම කිව්වෙ..ඒක මගෙ කරුමෙ පැටියො..ඒකට කමක් නැහැ..මම ඔයාට ඉක්මනින්ම ආපහු දෙන්නම් ඔයාට පුලුවන් නේද මට සල්ලි ටිකක් දෙන්න?..''
''..කීයක්ද ඕනෙ ඔයාට?..''
''..මම ලැප් එකක් බැලුව ඒක එක්ලක්ෂ විසිඅට දාහක් වෙනවා..ඔයා මට ලක්ෂයක් දෙන්න..ඉතුරු ටික මම හොයා ගන්නම්..මම ඉක්මනින් ඔයාගෙ සල්ලි ආපහු දෙනවා හොඳේ?..''
''..හා මම දෙන්නම්..එතකොට ඔයා ගාව සල්ලි නැත් නම් ඉතුරු ටික කොහෙන්ද හොයා ගන්නෙ?..''
''..මම කෝම හරි හොයා ගන්න බලන්නම්කො..''
''..හ්ම්ම්..මම හෙට එවන්නම්..''
''..නෑ..එහෙම නෙවේ පැටියො..අපි මෙහෙම කරමු..ඔයාගෙ සල්ලි තියෙන්නෙ කොමර්ෂල් බෑන්ක් එකේ නේද..මගෙ එකවුන්ට් එකත් කොමර්ෂල් නෙ..අපි ඔයාගෙ එකවුන්ට් එකෙන් මගෙ එකට ට්‍රාන්සර් කරමු..''
''..නෑ ඔයාට එහෙම කරන්න බැහැ..මගෙ තියෙන්නෙ ෆික්ස්ඩිෆොසිට්..මම මෙහෙන් එවන්නම් හරිනෙ..''

මේ ලැප්ටොප් එකේ කරදරේ මාස ගානක ඉඳන් ඇදි ඇදී තිබුන හිසරදයක් වෙලා තිබුනෙ මට ඒ වෙද්දිත්..රාජ් කලින් කිව්වෙ මගෙන් එපා එයා ගාව සල්ලි තියනව කියල ඒ බොරු..එයා ගාව මුදල් තිබුනෙ නැහැ..අම්ම තාත්ත සහෝදරය වත් උදව් කරන්නෙ නැති මෙයාට,,එයාගෙ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍යම දෙයක් වන ඒ කොම්පියුටර් එක ගන්න මුදල් දෙන්න ඕනෙ කියල මම හිතුවා.......කොම්පියුටර් සම්බන්ධ විශයයන් ඉගෙන ගන්න කෙනෙකුට කොම්පියුටරයක් නැහැ කියන එක විහිලුවක් වගේම මහා අපරාධයක්....!!

එදාට පහුවෙනිදා....මම අපේ ගෙදර කාටත් හොරා මගෙ බෑන්ක් එකවුන්ට් එකෙන් යූරෝ 900 ක් අරන් තව යූරෝ 20 ක කොමිස් මුදලකුත් ගෙවල රාජ්ගෙ බෑන්ක් එකවුන්ට් එකට යැව්ව...ඒ දවස් වල ලංකාවෙ යූරෝ එකක් රුපියල් 146 - 147 අතර ගනනක් නිසා මම යැව්ව මුදල රුපියල් වලින් එක්ලක්ෂ තිස්දෙදාහක් වශයෙන් ඊට පසු දින ජා-ඇල කොමර්ෂල් බැංකුවේ රාජ්ගේ ගිනුමට ලැබී තිබුන............
((එයා මට දුන්නෙ ජා-ඇල කොමර්ෂල් බෑන්ක් එකේ එයාගෙ ගිනුම් අංකයට ඒව එවන්න කියල...දෙවෙනි දවසෙ එයා කිව්ව මුදල් බැංකුවට ලැබුන බව.))
ඊට දින කිහිපයකට පස්සෙ එයා අලුත් ලැප්ටොප් එක ගත්ත..හරියටම ජනවාරි මාසෙ 28 වෙනිදා එදා........
''..දැන් මට තියන ලොකුම ප්‍රශ්නෙ මේක ගෙදරට අරන් යන එක..'' එයා එදා කිව්ව..
''..මාත් හිතුව..ඔයාගෙ අම්මල අහාවි නේද කොහෙන්ද සල්ලි කියල?..''
''..හ්ම්..සල්ලි ඉල්ලුවාම දෙන්න බැහැ කියල මගුලට අහන්න එනවද දැන්??..''

ඒ කතාවට නම් මගෙ හිත ගැස්සිලා ගියා................

130 comments:

  1. හහ්... ඒක තමයි එහෙනම් මේ වැඩි සෙනෙහෙ පෙන්නලා තියෙන්නෙ... මට ඔයා ගැන හරිම කණගාටුයි කිරිල්ලි.... මට නම් රාජ් කියන කපටියව විස්තර කරන්න වචන මදි... ෂික්... පස්සෙ කාලෙකදි හරි ඔයාගෙ අම්මලා දැනගත්තද ඔයා ඌට සල්ලි යැව්වා කියල...?

    ReplyDelete
    Replies
    1. ඔව්...අම්මට අහු උනා...තාම ඒ සල්ලි ප්‍රශ්නෙ ඉවර නැහැ..................

      Delete
  2. හා හා ගල් ඉබ්බි ලනුව කාලා... අනේ වාසනාවන්. මම මේ ඔක වෙන්නෙ කවදද කියල බලන් හිටියේ. සුදුම සුදු ලස්සන හිම වැටිලා -10 විතර උණුසුම අඩුවෙලා තියෙද්දි දත ගැලැවෙන්නැති රිදෙන්නැතුවම.. ඊලගට මොකක්ද ගලවන දත...? තරහ ගන්න කාරි නෑ ඉතින්.... මාත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අය්යෝ මොකට තරහ ගන්නද මෙයා....මම කිව්වනෙ පිනක් කර ගත්ත කියලා... ඒක දුන්නෙ ආදරේටම නෙවේ..කරදරේට....

      Delete
  3. අයියෝ සල්ලි,කොහොම හරි රාජ් සල්ලි ඉල්ලුව නේ.

    ReplyDelete
    Replies
    1. මුලදි ඇඟට නොදැනි මාව තම්බන්න ප්ලෑන් ගහල, පස්සෙ හොඳ මිනිහ වෙන්න එපා එපා මා ගාව සල්ලි තියනව කියල...අන්තිමට බැරිම තැන ඉල්ල ගත්තා.....

      Delete
  4. අයියෝ නංගී... මම හිතුවා වගේ ඔයා ලනුව කාලා. දැන් කරන්න දෙයක් නැහැ. ඔය වගේ අත්දැකීමක්ම ඔයාට ඇති ඔයාගේ ඉදිරි ජිවීතයට. දැන් ඉතින් දුක් වෙලා වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. මම එයාට 100% ක් රැවටුනාම නෙවේ...මම කලේ උදව්වක්...එයා කලේ වංචාවක්...!!

      Delete
  5. හැක්...ඔය කරල තියෙන්නෙ වැඩේ...
    ආදරය කරන කාලෙ කරන ගනුදෙනු,ඒ ආදරේ අවසාන වුනාම කතා නොකර ඉන්නවනම් තමා හොඳ කියල මම හිතන්නෙ..
    හරියට අර රුපියල් 5000 ටී ශර්ට් එක වගේ :P

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මොකක්ද කස්සෝ....?

      එහෙම කියන එක වැරදියි..ආදරේ කරන කාලේ කරන ගනුදෙනු වලිනුත් මිනිස්සුන්ගේ අවංක කම හොයන්න පුලුවන්..

      Delete
    2. දෙන්නෙක් ඇත්තටම ආදරේ කලා නම් ඒ කාලෙ කරපු ගනුදෙනු පහුකාලෙකදි කියන්න හොඳ නෑ තමා..ආදරේ කරන දෙන්නෙක් අතර නෙවේ හිතවත් අය අතර පවා ඇති උන ගනුදෙනු එහෙම කියන්න හොඳ නැහැ...ඒත් මෙතනදි ඒක වෙනස් තත්වයක්...

      මම යැව්ව ෂර්ට්ස්,ටී ෂර්ට්ස්, ඔක්කෝම...එකක් යූරෝ 40 ට වැඩි ඒවා.. ඉතින් ඒවා නම් අනිවාර්යයෙන් එකක් රුපියල් 5000 කට වඩා වැඩි වෙනවා........

      එනි වේ මොකක්ද ඔය 5000 හේ කතාව??

      Delete
  6. හපෝයි... ඔයා සල්ලි දීල....

    ReplyDelete
    Replies
    1. හෆොයි දුන්න නේන්නම්....මට ඒවා ලැබෙනව ඉහටත් උඩින්....!

      Delete
  7. මගෙත් ලැප් ටොප් එක කැඩිලා දැන් සති දෙක තුනක් වෙනවා.
    පුදුම දුකක් විඳින්නේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕක වහෙන් ඔරෝ කියන්න ඕනෙ නැහැනෙ.....:):)

      Delete
    2. කිරිල්ලී මගෙත් ලැපාගේ බට්න් දෙකක්ම ගැලවිලා. මේ දවස් වල අලුත් එකක් ගන්න දාන දෙන අයව හොයනවා... :පී

      Delete
    3. අයියෝ ඕක මොකක්ද ඩාලිං...පරන ජැකට් එකකින් බට්න් දෙකක් ගලවල දාගන්නකෝ.......:D:D

      Delete
  8. මුගදි හිතුතෙ සාර්ථක ලව් ස්ටෝරියක් කියලා, ඒත් අන්තිමේදී දතකුත් ගලවලා.........
    ඇත්තටම කණගාටුයි අනුකම්පාව තමා අන්තිමේදී භූමිකම්පාවක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වංචා හිත..හොර හිත..කපටි කම නොතිබුනා නම් සාර්තක නෙවේ අතිසාර්තක එකක් වෙන්න තිබුනා......

      Delete
  9. ආඅ.. ඔය තියෙන්නෙ මරුවට... හොද පිනක් කරගෙන.. මේක post 1 දැකලා කිරිල්ලිට තව තව පින් කරගන්න අවස්ථා හම්බෙයිද මංදා..;)

    රාජ්නම් මාර කට්ටයෙක්, හොදට අන්දවලා වැඩේ කරගෙන..:/

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..මේ ලඟකදිත් එහෙම අවස්තාවක් හමුවෙලා අපරාදෙ මිස් උනා..:):)

      Delete
    2. අපි වගේ අසරණයෙක්ට දුන්නත් කමක් නැහැ සිරා පිනක්..

      Delete
    3. එහෙනම් ඉතින් සෙල්ෆ් හෙල්ප් ලෙස් පොටෝ එක අයින් කරල චූටි කුක්කු බබෙක්ගෙ පොටෝ එකක් දා ගන්න..:p

      Delete
    4. හෑ??? කිරිල්ලි.... පරිස්සමින්...;)

      ප.ලි- මට අර ෆොටෝ එක මාරු කරන්න කිව්ව එකේ තේරුම ක්ලික් වුනේ නෑනෙ..;)

      Delete
    5. මෙන්න බොලේ වැඩක්..! මම දැන් ඔයාට කිව්වද පොටෝ එක මාරු කරන්න කියල ඈ??

      Delete
  10. එහෙම නම් මේක් තමයි රාජ් ආදරෙන් කතා කරලා තියෙන්නේ. මහම මහ කපටියෙක් නේ රාජ් කියන්නේ. අම්මා පල්ල මට එන කේන්තියක් !!!

    රාජ් කියන එකාට හෙන ගහලත් මදි නෙව මූ කරලා තියෙන අණ්ඩපාල වැඩ වලට!!! බය වෙන්ඩ දෙයක් නෑ කවදාහරි ඌ කරපු දේවල් වලට මැරෙන්න මොහොතක් තියා යරි දුක් විඳින්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අයියෙ...මම මේක ප්‍රසිද්දියේ කියනවා තව ඉදිරියෙදි............

      ඌට හෙන ගහන්නෙ මට කරපු දේට නෙවේ...මම වගේ තව කෙල්ලන්ගෙ අනුකම්පාව දිනා ගන්නයි,හොරකම් කරන්නයි ඌ උගෙ වදාපු අම්මට කරපු දේට...!!!!!!

      Delete
  11. මාර මනුස්ස පරානයක්නේ. ඒත් ආදරේ ඉස්සරහා අපි හැමෝම රැවටෙනවා තමයි කිරිල්ලියේ....

    ඔයාට මුකුත් කියලා වැඩක් නෑ. :(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩී....මම ඉපදුනේ,හැදුනෙ වැඩුනෙ,උපන් දා ඉඳන් ඇසුරු කලේ දෙවිවරු වගේ හොඳ මිනිස්සුන්ව.....මේ වගේ උන් ගැන කිසිම දැනුමක් තිබුනෙ නැහැ...අන්තර්ජාලයේ මේ වගේ අම්ම තාත්ත පාවල දීල කෙල්ලො රවට්ටන උන් ඉන්නව කියල කොහෙත්ම දැනගෙන උන්නෙ නැහැ...දැන ගන්න අවස්තාවක් ලැබිල තිබුනෙත් නැහැ...ඒත් මේ ගැන මම දුක් වෙන්නෙත් නැහැ....

      Delete
  12. අයියෝ සල්ලි දීලනේ. බලමු ඊළඟට මොකටද සල්ලි දෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඊගාවට දෙන්න උනේ නැහැ..............

      Delete
  13. මටත් ලැප් එකක් එවන්ට. අපි නම් රවට්ටන්නේ නැහැ ඕං.. :)

    ReplyDelete
    Replies
    1. එවන්නම් එවන්නම්..ඔන්න රැවටුනේ නැහැ....:):)

      Delete
  14. හප්පේ....... කමක් නෑ වුන දේ වෙලා ඉවරනේ, හිඟන්නෙකුට දුන්න කියල හිතමු..

    ReplyDelete
    Replies
    1. හිතන්න දෙයක් නෑ අනේ....හිඟන්නෙකුට තමා දුන්නෙ..!

      Delete
    2. කට වහගන්නකො අප්පා දැන් මැස්සොත් රිංගනව ඕකට..!!

      Delete
    3. අන්න හරි...දැන් ලස්සනයි..!

      Delete
  15. ඔන්න එක දෙයක් අල්ලගත්තා කිරිල්ලි ඉන්නෙත් මම ඉන්න රටක.එහෙනම් අපි එක ලඟ...

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්..අපි ඔය පැත්තට එනවා බැංකු ගනුදෙනු වලට..මෙහෙන් කරන්න ගොඩාක් වියදම් යන නිසාත්,ටැක්ස් ප්‍රශ්න නිසාත්..අනික ලංකාවෙ කෑම බඩු ගන්නෙත් ඔහෙන්...

      Delete
    2. ඇයි ඇයි මේ අපිත් ඉන්නේ.. මේ ඇත්තටම ඔයාලා දෙන්නා ඉතාලියේ කොහේද ඉන්නේ?

      Delete
    3. මම ඉන්නෙ වැටෙන් එහා පැත්තෙ.............

      Delete
    4. මම වැටෙන් මෙහා පැත්තේ..ඒත් ඔයා කියන වැට කෝමෝ වැට නම් එහෙදී පාවිච්චි කරන්නේ යුරෝ නෙමෙයි නේද...

      Delete
    5. දෙකම පාවිච්චි වෙනව මෙහෙ...හැබැයි යූරෝ වලින් දුන්නාම පාඩුයි...
      මම කලින් කිව්ව වගේ ඔහෙන් අර වගේ ගනුදෙනු කරන්නෙ..කොමිස් අඩුයි.

      Delete
    6. දැන් ඔය වැටේ මායිම තියෙන්නේ කොයි හරියෙ වගේද? මෙතන කියන්න අකමැති වගේනම් මූණු පොතට මැසේජ් එකක් දැම්මට කමක් නෑ..

      Delete
    7. වැට මායිම lago di como..

      Delete
    8. ඔන්න දිනේශ් දැන් මැප් එක අරන් බලන්නකො.......

      Delete
    9. මේ මාත් වැට මායිමට එන්නම් පුළුවනි නම් ඔය විසික් කරන අයිපෑඩ් 3 වගේ එකක් මටත් දෙන්නකෝ... හික්ස්...
      kidding....

      Delete
    10. මොකටද මායිම ගාවට විතරක් එන්නෙ...මෙහාටම එන්න කෙලින්ම...ඕන තරම් එකතු කරල දෙන්නම්.....................

      Delete
    11. අපෝ මට නම් බෑ. මම කැමති අර බෝඩර් ලයින් එකට වෙලා වැව දිහයි අයිස් දිහයි බලන් ඉන්න වයින් එකක් එක්ක.. ඔයා එතනට ආවම හරි.

      Delete
    12. අනේ ඔයා කිව්වාම මතක් උනේ අක්කි......අපි ටික කාලෙකට කලින් ඔය බෝඩර් වැව අයිනෙ පාටියක් දැම්මා..මාලු කූරියො බාබකිව්.. සැලඩ්..රෙඩ් වයින්...එදා ඒ අවට වතුරෙ අර වයිල්ඩ් ඩක්ස් ලා මහා ගොඩාක් උන්න පැටව් ගොඩකුත් එක්ක...එයාල පොඩ්ඩක්වත් මිනිස්සුන්ට බය නැහැ ලඟටම එනවා......ඒක හරිම ලස්සන දවසක්..!!(හදිසියෙම මතක් උනේ ඔයාගෙ කමෙන්ට් එක නිසා ස්තූතියි..!)

      Delete
    13. හේයි කිරිල්ලි අපිත් එහෙම කරා..මමත් ආසම ඔය වැට මායිමෙ වැවට තමා.

      Delete
  16. mechchara wela mama hithan hitiye mona unat datha galawapu nati eka nam loku deyak kiyala balinnam me yaka dath wahallama galawanna hadalane ekat butter gaana gaman karala tiyenne....

    mage upandinet january 28 mama kathawa kiyewwe mage dawasata monama hari siddiyak weida kiyala bala bala wadeee hareeeee....

    mata prasna keepayak mathu una pc ekak natiwa meya online hitiye 4n ekakinda?? 4to share karagatte mail walinda??

    ah akke me mamat lap ekak one unu welawakata oyawa matak karanawamai sure....

    ReplyDelete
    Replies
    1. 1..දත ගලවන්නෙ ඔයිට කලින්, මොකක්ද හේතුවකට මම බේරුනා කලින් ලොකු ගානකින්.......

      2..අහ්..! එහෙනම් ඉතින් සුභ උපන් දිනයක්.........

      3..ගෙදර කබල් කොම් එකක් තිබ්බා..ස්කයිප් ආව පෝන් එකෙන්,පැය ගනන් රෑට ඇඳේ ඉඳන් මා එක්ක කතා කලා පෝන් එකෙන් (මගේ වියදමෙන්)............

      4..හා මල්ලී ලැප් එකක් ඕන උනාම මාව මතක් කර කර ගිහින් ගන්න..........:):)

      Delete
    2. කෝල් රෙකෝඩ් කරන් පස්සේ කාලෙක ඔයාට විරුද්ධව පාවිච්චි කරන්න එයාගේ හිතේ තියෙන්න නැතිව ඇති කියලා විස්වාස කරනවා අක්කේ මට නම් ඒකත් ෂුවර් නෑ මූගේ අණ්ඩපාල වැඩ වලට....

      අක්කට ආයේ ඔහොම පිනක් කරගන්න ඕනේ වුනොත් මාව දැනුවත් කරන්න හොඳේ

      Delete
    3. මාත් මේ බලන් ඉන්නෙ ඌ ඔය රෙකෝඩ් කරපු එකක් හෝ මොනා හරි අරන් එලියට එනකම් තමා මල්ලි...මම උගෙ ගේ විතරක් නෙවේ නිදාගන්න කාමරෙත් දන්නවා....

      හා මල්ලි ..අනිවාර්යයෙන් .....මම නිතර පින් දම් කරන කෙනෙක් හරිද?

      Delete
  17. අප්පා මම මුලින් හිතුවේ ඇත්තටම ලස්සණ ආදර කතාවක් කියලා පස්සෙනේ වැඩේ තේරුනේ..

    ReplyDelete
    Replies
    1. කතාව මුල ඉඳන්ම ලස්සන ආදර කතාවක් විදියටම ලියල අවසානෙදි කියන්න තිබුන සිද්ද උනු දේ....ඒත් මම එහෙම කලේ නැත්තෙ ඒ කාලය තුල තවත් කෙල්ලො මෙයාට බිලිවෙන්න ඉඩ තිබුන නිසා...................

      Delete
  18. හරි ගොනා පැන්නා එලියට.මොලේ පෑදීගෙන එද්දිම අයෙත් පිනිබලා.මට ලැප්ටොප් එපා කැමරාවක් දෙන්න මට ස්ටුඩියෝ එකක් තියෙනවා ඒත් කැමරාවක් නැහැ.ඉක්මනින් අයේ දෙන්නම්.අංකෙ දෙන්නද?..

    ReplyDelete
    Replies
    1. පිනිබාල නෙවේ ශීතලට අහු උනා........

      Delete
  19. හයියෝ හයියෝ... අන්තිමට එහනම් සල්ලි යැවුවා... බැංකුවෙන් ගත්ත සල්ලි වලට ගෙදරට මොකද කිවුවේ?

    ReplyDelete
    Replies
    1. ගෙදරට අහු උනේ පස්සෙ...ඒ ගැන මෙතන යමක් කියන්න බැහැ නීතිමය තත්වයක් නිසා හොඳේ?

      Delete
  20. කිරිල්ලි මෙතනදී ඔයාට හිතුනෙම නැද්ද ඔයා ෆෝන් බිලත් ගෙවද්දි මොනාද වෙන්නේ කියලා..අනේ මට නම් එතකොට ඒ කෙනා ගැන කලකිරෙනවා.

    ReplyDelete
    Replies
    1. එයාට ලැබෙන්නෙ සුලු වැටුපක් කිව්ව නිසා,එයා ඉගෙන ගන්න ගොඩක් වියදම් කරනව කිව්ව නිසා,මට හොඳ වැටුපක් ලැබුන නිසා,මට අමතර වියදම් මොකුත්ම නැති නිසා,ඒක මම කැමැත්තෙන් කලා.......

      Delete
    2. ඒක හරි මම දන්නවා ඒක සිද්දවෙන විදිය..එයා කවදාවත් කටින් කියලා කිසිම දෙයක් ඉල්ලුවේ නෑනේ.ඒත් ඔයාට කැමැත්තෙන්ම ඔයාගේ ඕනේ කමෙන්ම ඒවා කරන තැනට පත් උනා..මගේ යාලුවටත් ඔහොමයි උනේ...

      "පුංචි කුමාරිහාමි" නමින් මගේ ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක් එවන්න..pm එකක් එක්ක...

      Delete
    3. මම දැන් ට්‍රයි කලා.. ඔයාට කිසිම පනිවිඩයක් එවන්න බැහැ....මට මේල් එක දෙන්න...

      Delete
    4. අයියෝ..ෆෙස් බුක් එකේ "පුංචි කුමාරිහාමි" කියලා සර්ච් කරන්න.

      Delete
    5. ඔයාව හම්බ උනා.. මේක වෙන ප්‍රශ්නයක්...ඒකයි මේල් එක ඉල්ලුවෙ.....

      Delete
  21. සහෝදරි ඇත්තටම මානසික ලෙඩක් තිබ්බේ රාජ්ටද ඔයාටද?.

    ReplyDelete
    Replies
    1. මට සහෝදරය...මට..!! නමුත් ඔය ලෙඩේ හැදුන මේ ලෝකෙ ප්‍රථම කාන්තාව හෝ අවසාන කාන්තාව මම නෙවේ......!!

      Delete
  22. සෑහෙන්න ලොකු පින්කමක් නෙ... අපේ පැත්තෙ පල්ලියේ නමත් දාලා... ඒක එච්චරටම ප්‍රසිද්ධද අෆ්ෆා.... :P

    ReplyDelete
    Replies
    1. ඔව්.ශානි..මාත් එක වතාවක් ඔය පල්ලියට ආවා අපේ අම්මලාගෙ නෑයො එක්ක.....මිනිපිට්ටනියක් මැදනෙ තියෙන්නෙ..

      Delete
    2. හ්ම්ම්ම්... අපිට ගොඩාක් ලඟයි... අපේ ගමනේ..

      Delete
    3. ඔයා දන්නේ නැති උනාට ගොඩාක් හාස්කම් තියෙන පල්ලියක් එක

      Delete
    4. හ්ම්ම්.ඔව් වර්ණ ...මාත් අහල තියනවා...!

      Delete
  23. :O විභාගය නිසා මේ කොටස මිස් උනානේ...:) අදයි දැක්කේ..."නමුත් ඔය ලෙඩේ හැදුන මේ ලෝකෙ ප්‍රථම කාන්තාව හෝ අවසාන කාන්තාව මම නෙවේ......!!"
    මේක සහතික ඇත්ත..මේ කියන කෙනා කොහේ කෙනෙක්ද යාලු..? මෙහෙම දේවල් උන අය තවත් මේ ලෝකේ ගොඩක් ඉන්නවා....:(

    ReplyDelete
    Replies
    1. මේ කියන කෙනා (මේ සතා)දන්කොටුව පැත්තෙ.......

      Delete
  24. හ්ම්ම් ටික්ක හොදයි...! ගන්න දෙයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ඔයා අලුත් කෙනෙක් වගේ...ආදරෙන් පිළි ගන්නවා අළු පාට හැන්දෑවට...!

      Delete
    2. හිහිහි...බොහොම ස්තූතියි. අලුත් කෙනෙක් නම් තමා. ඒත් ඔයා මට එන්න කියලා ආරාධනා කරපු නිසයි ඇවිත් බැලුවේ. Rareshare මගේ site එක

      Delete
    3. හානේ..සොරි අනේ...එහෙම කියන්න එපායැ ඉතින්...ඇයි දන්නවද ඔයාට මම එන්න කිව්වෙ? මට හොඳටම ෂුවර් ඔයාට මතක ඇති 'කරුමක්කාරය'කියල නරුමයෙක්ව....ඒ නරුමයා ගැන තමා මම මේ ලියන්නෙ....මුල ඉඳන් බලන්න...මාත් ඔයාගෙ බ්ලොග් එක මුල ඉඳන් බලන්න ගිහින් තමා ඒ කරුමක්කාරය ඔයාට දාල තියන කමෙන්ට්ස් දැක්කෙ...ඊට පස්සෙ එයාම තමා ඇනෝ විදියටත් අර ඔයාට උසුලු විසුලු කරල තියෙන්නෙ.....හරිද?..ඔන්න ප්‍රසිද්ධියෙම කිව්වා.........!!!!!

      Delete
    4. හ්ම්ම් ඔයා දාලා තියන post වලින් මාස 02 ක් තිස්සේ දාලා තියන ඒවා මම එක දිගට කියෙව්වා. ඇත්තටම ඔයා ගැන අදහසක් තිබුණෙ නෑ. සොරි අනේ මුකුත් නොදන්න නිසා මුකුත් නොදන්න ගානට කතා කරාට. හ්ම්ම් මාත් එක්කත් attack එකට ආව..මට හොදට මතකයි. හැසිරෙන්න ඕන නැති විදිහට හැසිරුණා. අපි ඉතින් Decent මිනිස්සු නිසා කියන්න ඕන දේ කියලා නිකන් හිටියා. හ්ම්ම් මගේ ප්‍රශ්නේ අමතක කරමුකෝ..ඔයා මාත් එක්ක තරහ වුනත් වැතත් කියන්න තියෙන්නෙ මට නම් ඔයාගෙයි වැරැද්ද.

      Delete
    5. ඔව්..මේ ලෝකෙ කාත් කවුරුත්ම නැහැ කිව්ව..තට්ට තනියම ජීවත් වෙනව කිව්ව...තාත්තෙක් නැති අවජාතකයෙක් වෙලා ලෝකෙන්ම අපවාද විඳිනව කිව්ව..කොයි වෙලේ මැරෙයිද දන්නෙ නැති හදවත් ලෙඩෙක් කිව්ව....වදාපු අම්මගෙන්ම අදහන්න බැරි තරම් හිරිහැර විඳිනවයි කිව්ව......ඒ වගේ කාලකන්නියෙකුට අනුකම්පා කරල ආදරේ කරල ජීවිතයක් දීල සතුටින් තියන්න ඉදිරිපත් උන මම මේ ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරි වෙන්න ඇති....ඇත්ත මේ ලෝකෙ ඉන්න යක්කු..රාක්ෂයො..පරාක්ෂයොන්ට අත දෙන්න එහෙම ඉදිරිපත් වෙන්නෙ කවුද මම වගේ අලි ගොන් හරකියොත් නැත් නම්....?????

      Delete
    6. එහෙම නෙමෙයි..සමාජය මොනවගේද කියල දැන්වත් තේරුම් අරන් ඉන්න එක ලොකු දෙයක්. ඒත් මේක වෙන්න කලින් ඔයා ඒක තේරුම් අරන් හිටිය නැති එකයි වැරැද්ද. මට කියවන් යද්දිත් තේරෙනවා සමහරක් රාජ් කියල තියන ඒවා එකින් එකට පරස් පරයි කියලා. ඒත ඔයා ඒවා හැම එකක්ම ආදරෙන් භාරගත්ත නිසා හරියට දැකල නෑ. ආදරය අන්ධයි කියලත් කියනවනේ. කොහොම උනත් මෙතන තිබිල තියන ප්‍රශ්නය ඔයාට සාමාජ අවබෝධයක් මේ දවස් වල තිබිලා නැති එක. ඔයා එක දවසක් හරි අයියට නිකමට කිව්වනම් මේ දේ වෙන්නෙ නෑ.

      Delete
    7. බලන්න ටිකක් උඩට ගිහින් මම Praveena Palipana ta දීල තියන පිලිතුර......

      ඔව්...මට ගෙදරට කියන්න හොඳටම උවමනාව තිබ්බ..ඒත් රකුස මට ඒක කරන්න දුන්නෙ නැහැ..එයාගෙ ගෙදරින් එයාට කරදර වෙනව කියල..ඒත් අන්තිමට ඒ ඔක්කොම බොරු...!

      Delete
    8. අවවාදය පිළිගත්තා..ගොඩාක් පිං සිදු වේවා..කමෙන්ට් එක දැම්මෙ නැහැ කාට හරි තරහ ඒවි කියල හොඳේ?

      Delete
    9. ආහ් ඒකට කමක් නෑ. මමත් කියන්න තියනදේ කෙලින්ම කියන නිසයි එහෙම කිව්වේ. කවදාවත් දැකපු නැති කෙනෙක් විශ්වාස කරන්න එපා.කොටින්ම මාව වත්..තමන්ගේ අයවත් විශ්වාස කරන්න බැරි ලෝකයක් මේක.. අම්මා තාත්තා සහ තමන්ගේ එක බඩ වැල කඩන් ආපු සහෝදර සහෝදරියන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. ඒක තමයි මගේ අන්තිම අවවාදය..ඒ වචන ඇතුලේ සෑහෙන ගැඹුරු අර්ථයක් තියනවා. හොදට කල්පනා කරල බලන්න. මොලේ කල්පනා කරල වැඩ කරන්න..දිගමට ඔයාගේ බ්ලොග් එකත් එක්ක ඉන්නවා. ජය වේවා.

      Delete
  25. හැමෝටම වැදගත් වෙන කතාවක් අක්කී (මේ කමෙන්ට් එක වැටෙයි නේද)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අවංකවමද ඔහොම කිව්වෙ? හැබැයි ඔයා ඔය කිව්ව දේ නිසා නෙවේ මම ඔයාගෙ කමෙන්ට් එක පල කලේ...හැමදාම ඩිලීට් කරල දාන එක පව් කියල හිතුන නිසා හොඳේ?

      Delete
    2. අනේ නෑ අක්කී මම කිව්වේ ඇත්තටම. සමහර ගෑණු ළමයින් ආදරේ කියන විෂයේදී තීරණ ගන්නේ හදවතින් මිසක් මොලයෙන් නොවන නිසා.

      Delete
    3. ඔව්...ඔයා හරි, ඒත් හදවතට එකඟව කරන දේවල් වලින් අන්තිමට ලැබෙන්නෙ දුක.පසුතැවිල්ල සහ නැතිවීම.....මම ඉගෙන ගත්ත පාඩම ඒකයි..මට තව ජීවිතේ ගොඩාක් දුර යන්න තියනවා..මේ තරම් පොඩි කාලෙකදි ඒ වගේ ලොකු පාඩමක් ඉගෙන ගත්ත එක ඉදිරියට ලොකූ වාසියක් වෙන එක ගැන මට ගොඩාක් සතුටුයි...!!

      Delete
  26. මෝඩි මෝඩි මොඩියේ
    ඔය තියෙන්නේ රාජ් බුවාගේ සෙල්ලම.එහෙනම් සල්ලි කඩා ගන්නයි මේ බොරු ඔක්කොම.
    අපෝ මෙහෙම යක්කු ඉන්න තැනකට ගිහින් ලැප් ඒකෙන ඔලුවට දමලා ගහන්නයි තියෙන්නේ
    එක නෙමෙයි ඔයා සල්ලි ඉල්ලන්න,. දුන්නු දෙයක් ඉල්ලන සිරිතක් නැහැ තමයි. එත් මේ වගේ එකෙක්ගෙන් ඉල්ලන එක පව් නැහැ. නඩු දානවා කියන්න

    ReplyDelete
    Replies
    1. අපි බලමු ඉදිරියට වෙන දේවල් මොනාද කියල වර්ණා...ඔයා එක්ක 100% එකඟයි....මම තාම රකුස එක්ක ඉවර නැහැ....

      Delete
  27. අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ.. බලමුකෝ... ඔන්න follow පාරකුත් දුන්නා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි...ඔයාවත් කිරිල්ලි ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට.........

      Delete
  28. Replies
    1. ඕනෙ නැහැ..ඔය තියන එක හොඳයි...

      Delete
    2. විහිළු කලාට මටත් ඇත්තටම දුකයි.

      Delete
    3. දුකයි..? හැක්.....මට නම් කිසි දුකක් නෑ......:):)

      Delete
  29. හි හී කියල හිනාවෙන්න බෑ කිරිල්ලි.....ආදරේදි හැමෝම පරිත්‍යාග කරනවා..ඒ ත් ඒ ඇත්ත ආදරේ කියල තෙරුම් ගන්න අදාල අනෙක් පාර්ශවයට බැරි එක තමයි ප්‍රශ්නේ...බොරුව,, වංචාව,, රැවටීම නැති ආදරය හරි සුන්දරයි..... කමක් නෑ.. ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් ආයමත් දවසක "ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නද මෙතඩ් එක....""

    මගෙත් ලැප් එක කැඩිලා....කවුරු හරි දානපතියෙක් ඉන්නවද බලන්න ඕනේ හි හී

    ReplyDelete
    Replies
    1. ආදරේට හරි,අනුකම්පාවට හරි,මෝඩ කමට හරි,මම කලේ මනුස්සයෙකුට අත දීමක්...ඒ මනුස්සයගෙ චේතනාව එයාගෙම විනාශයට හේතු වෙනවා..ඒක වලක්වන්න කාටවත් බැහැ...මම කල දේ ගැන මගේ චේතනාව ගැන මම නිවි සැනසිල්ලෙ සතුටු වෙනවා...මොකද මට ජීවිතෙන් ගොඩාක් දේවල් ලැබිල තියනව..ඉදිරියටත් ලැබෙනවා..

      Delete
  30. ඔය තියෙන්නේ... රඟපෑවට මොකද... මීයක් කඩන්නෙ අත ලොවින්න නෙමෙයිනේ.. ඔයාට වැරද්දක් කියන්නත් බෑ... නොකියත් බෑ...

    උන්දැත් බලනව ඇතිනේ මේ කතාව දැන්.. අඩේ 2011 වෙද්දිත් තිබ්බනම් ඔය ආදර කතාව ඇයි මට මීටර් වෙන්නෙ නැත්තෙ ?

    මෙස් එකක් වත් දාන්න ඇෆ් බී එකෙන් පුලුවන්නම්... .

    ReplyDelete
    Replies
    1. ඈහ්.? ඒ කියන්නෙ ඔයාට ආදර කතා ඔක්කොම මීටර් වෙනවද? ශැහ් මාර මීටරයක්නෙ....

      Delete
  31. මම හිතාගෙන හිටියෙ බිල් ගෙවපු ලැප්ටොප් යවපු එකම මෝඩයා මම විතරයි කියලා .....

    ReplyDelete
    Replies
    1. හලෝ අමා...ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට...මම ඔයාව දැකල තියනව පොඩිකුමාරිහාමිගෙ ගෙ බ්ලොග් එකේ,මම හරිද? හ්ම්ම්ම්ම්....ඔයත් එහෙනම් පින්දහම් කරපු කෙනෙක්..දුක් වෙන්න එපා ඒවා අපිට ලැබෙනවා...කවුරු කෝම කිව්වත් ඒක මෝඩ කම නෙවේ...

      Delete
    2. මමත් ට්‍රයි කලොත් මගේ නෙට් බිල ගෙවාගන්න පුළුවන් වේවි.

      Delete
    3. ඔව්..ඔව්..ට්‍රයි කරල බලන්න....:):)

      Delete
    4. ඒ මම නෙමෙයි.. මේ profile එක ලගදි හැදුවෙ.. ඔයා දාලා තිබුන වොයිස් රෙකොඩින් (රෙකොඩ් කරපු සින්දුවක්) නෙවෙයි නම් මට හිතුනෙම මේ මම දන්න කෙනාද කියලා... එකම වචන සෙට් එක.. එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්... දැන් පාස් අවුට් වෙලා ඇති....

      Delete
    5. සොරි අමා මම හිතුවෙ ඔයා එයා කියල..හා හා කමක් නැහැ..කෝම උනත් සතුටුයි අඳුන ගන්න ලැබුන එක...මට තවත් අය කිව්ව මේ වගේ රකුසො ගැන..මෙයත් ඒ අතර ඉන්නව වගේ කියල තමා අපේ විශ්වාසය..අපි බලමු ඉදිරියට...ඔයා හොඳින් නේද? ආයෙමත් එන්න...ස්තූතියි...

      Delete
  32. මොනවා කියන්නද?කට්ටිය ඔක්කොම කියලනෙ,ඔන්නඔහේ මම බලන් ඉන්නව

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්...මටත් දැන් කියාගන්න දේවල් නැතුව ඉන්නෙ..හික්ස්..!

      Delete
  33. හපොයි! මාතෘකාව දැක්කම මම හිතුවෙ මේක වෙන වර්ගයක පෝස්ටුවක් කියල. කියවන්න උනෙත් නැතුව දවස් කීපයක්ම පරක්කු උනා. මදැයි වෙච්චදේ....... ආදරේ පෙන්නල තියෙන්නෙ ඒකට තමයි.
    -රාජ්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්ම්.....මේ එක නෙවේ අර ප්‍රශ්නෙ අහන්නකො අප්පා.....

      Delete
    2. ඒක නෙවේ, අර ඔයාගෙ නිවුන් සහෝදරයට (රාජ්) මොකද උනේ? කෝ එයා?

      Delete
  34. හත්වලාමේ...!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්...!කිරිල්ලී ආදරෙන් පිළිගන්නව ඔයාවත්..

      Delete
  35. මිනිහ හොඳ පළපුරුදු කාරයෙක් වගේ. ඒ එක්කම මට හිතෙන්නේ මෙයා මානසික රෝගියෙක්. එහෙම මිනිහෙක් එක්ක තව ගනුදෙනු භයානක වෙන්න පුළුවන්. ඔයාට කරන්න එක දෙයක් තියනවා. ඒ මේ වගේ අයගෙන් අනිත් අයවත් බේරගන්න කතාවේ අන්තිමට හරි රකුසව හෙළිදරව් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ...අනිවාර්යයෙන්ම හෙළිදරව් කරනවා....ඒ විතරක් නෙවේ මේ කතාව ජනප්‍රිය පුවත් පතක කොටස් වශයෙන් ඉදිරියේදී ඔයාලට දකින්නට ලැබේවි මම මේ බ්ලොග් එකේ තව නොකිව්ව දේවල් සමගම..............

      Delete
  36. ආදරේ අන්ධයි. එක ඔයාට වගේම හැමෝටම පොදුයි. මම මේ කොමෙන්ට් එක දාන්නේ ඔයා දාල තිබ්බ කොමෙන්ට් ටිකක් කියවල. ඇත්තටම ඔයාට පිස්සුවත් ඔයාට වැරදිලාවත් නෑ. ඔයා අවංක ආදරේ වෙනුවෙන් කැපකිරීම් ඒ වගේම පරිත්‍යාග එහෙම කරලා තියනවා විතරයි කියල මට තේරෙනවා. එක සාමාන්යෙන් ඕනෙම කෙනෙක් හිතට එකඟව ආදරේ කරන්න පටන් ගත්තම කරන දෙයක්. ඉතින් ඒ තියාගන කවදාවත් ඔයා ඔයාටම දොස් කියාගන්න එපා. ඔය සිද්ධිය පාඩමක් කරගන්න. ආදරේ අවංකද කියල හොයන්නත් පුළුවන්, එත් එක පරිස්සමට කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මාව තේරුම් ගත්ත,, ඒවගේම 'හදවතක්' කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන් 'බුද්ධියක්' තියන ඔයාල වගේ අයට බලන්නයි මම මේක ලියන්නෙ..ඒ වගේම තවත් මම වගේ රැවටුන අයට....ආදරෙයි අවංක කමයි නිසා රැවටෙන්න ඉන්න අයට......

      මම දුක් වෙන්නත් නැහැ..මට දුකක් දැනෙන්නෙත් නැහැ..ලේසියෙන් සැලෙන..වට්ටන්න පුලුවන් කෙනෙකුත් නෙවේ මම...හදවතින්ම ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහස් අවවාද වලට සත්තකින්ම...!!

      Delete
  37. මම මේ පෝස්ට් එකට දැනට ටික දවසකට කලින් කමෙන්ට් එකක් දැම්මනේ....
    දැන් ඒක නැහැ.... :0

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ට්ස් කවදාවත් මම ඩිලීට් කරල නැහැ...ඒක පබ්ලිශ් වෙලා තිබුන දැක්කද? එහෙම නැත් නම් මට වැරදීමක් වෙන්න බැහැ..මම මේ දැන් ආයෙමත් චෙක් කලා මේල් එකෙත් නැහැ...අනේ සොරි හොඳේ?

      Delete
  38. ඔය රාජ්ගේ බ්ලොග් එක මොකද්ද?මම කවදාවත්ම එක දැකලා නැනේ.

    අසරණයින්ට පිහිට විම හොදයි බොරුකාරයින්ට රැවටීම භයානකයි.විශේෂයෙන් මුදල් වලදී.

    ReplyDelete
    Replies
    1. මෙයා එක එක නම් වලින් 'අනුකම්පා බ්ලොග්' ලිව්වා...අනාතයෙක් විදියට...ලෙඩෙක් විදියට...ආදරෙන් පැරදුන අසරනයෙක් විදියට....ඔය එක එක චරිත වලින්....ඒ ඔක්කොම මට අහු උනාට පස්සෙ ඩිලීට් කලා...දැන් මොන චරිතයකින් එලියට බැහැල ගේම ගෙනියනවද අපි දන්නෙ නැහැ............

      Delete
  39. හිගන්නෙකුට දානයක් දුන්නා කියල හිත හදාගන්න නන්ගි.ඕකත් එක්තරා පිනක් තමයි....

    ReplyDelete
    Replies
    1. හිඟන්නන්ට දුන්නට වඩා පින් පුලන්නන්ට දුන්නාමලුනෙ......

      Delete
  40. ඔයා මොඩ නැ ඒත් ඔයත් හිතුවා එයත් ඔයා වගේම ඇත්ත කතා කරනවා කියලා..එකයි ඔයාට වැරදුන තැන.කොහොම හරි එයා තමන්ගේ අම්මා ගැන කියලා තියෙන්නෙත් අමුලික බොරුවක් වෙන්න ඇති..තමන් හදපු හෝ වදපු අම්මට මෙහෙම බොරු කතාවක් හැදුවා නම් ඒක එයාටම එයා කරගත්ත ලොකු වැරද්දක්...පවක්...අනේ මන්දා මේ අන්තර්ජාලය නිසා වංචාකාරයින්ට වංචා කරන්න අලුත් අලුත් ක්‍රම උපාය මාර්ග පැදිලා.....එයා ඔයාව අල්ල ගත්තේ ඔයා ගාව සල්ලි තියන බව දැන ගත්ත නිසා......

    ReplyDelete
    Replies
    1. ඔයා හරි මෙයා මනුස්සයෙක් නෙවේ...තනිකරම බොරු මල්ලක්...!

      Delete
  41. මේකා කරපු වැඩේ පිරිමි සංහතියටම නින්දාවක්. අපිටත් එක්ක ලැජ්ජයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඊට වඩා කොච්චර කැතද ලැජ්ජාවක්ද තමුන්ගෙ අම්මව කැත කරපු එක..?

      Delete
  42. ඒ දවස් වල අපි කරපු කියපු දේවල්
    …ඒ දවස් වල අපි කරපු කියපු දේ වල්

    …ඕකට තමයි ආදරය කියන්නෙ..........

    ReplyDelete