My Blog List

Saturday 3 March 2012

මම වැටෙන්නෙ නැහැ.......!!!.



(අළු පාට හැන්දෑව 28.) 
පෙර වදනක්:-

මේ කතාව පටන් ගත්ත දා ඉඳන් අද වෙනතුරු මම කවදාවත් කාගෙවත් අනුකම්පාවක් බලපොරොත්තු උනේ නැහැ..වෙන්නෙත් නැහැ...මේක අනුකම්පා බ්ලොග් එකක් නෙවේ කොහෙත්ම...මම අසනීපෙන් ඉන්න ලෙඩෙක්වත්,අන්ත දුප්පතෙක්වත්,අන්ත අසරණ තත්වයක ජීවත් වෙන කෙනෙක්වත් නොවේ.......

මම දන්නව මේක බලන ගොඩාක් අයට  කතාවෙ අවසානය දකින්න හදිස්සී කියල.....

මේක මම ලියන නව කතාවක් වත්.මෙගා ටෙලි කතාවක් වත් නොවෙයි...අවුරුදු එකහ මාරක් තුල මගෙ ජීවිතේ සිදු උන සිද්දියක් මම ලියන්නෙ......

ඉතින් මම හිතුව මේ සිද්දියත් මේ කතාව ට සම්බන්ධයි කියල...ඒ නිසයි මේක ලිව්වෙ......

ජීවිත කාලෙ එකම දවසක් වත් කිසිම ලෙඩක් දුකක් හැදුනෙ නැති..හැදෙන්නෙත් නැති අය ඉන්නවද මගෙ මේ බ්ලොගේ කියවන අය අතර??....නැහැ නේද? එහෙනම් පොඩ්ඩක් ඉවසන්න අවසානෙ දෙන්නම් ඉක්මනට...!!
 
අනුත්තරා එදා මට සුභ පතල මගෙ මූණුපොතෙන් අයින් උනානෙ....පස්සෙ මම රාජ්ගෙන් අහුව...
''..අනුත්තරා කතා කලාද ඔයාට? මොනා හරි ඇහුවද?..''
''..හ්ම්..කතා කලේ නම් නැහැ..මැසේජ් එකක් එවල තිබුන ගුඩ්ලක් කියල..මට අහන්නත් හිතුන මොකටද කියල..ඒත් මම නිකම් තෑන්ක්ස් කියල මැසේජ් එකක් යැව්ව..''
ඒත් එදා ඇත්තටම වෙලා තිබුනෙ එහෙම නෙවේ බව මට කිව්වෙ අනුත්තරා මේ ලඟකදි...එදා අනුත්තර කෝල් කරල රාජ්ගෙන් අහල තිබුන......
''..කෝමද ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා හොඳද?..''
''..මොන ගර්ල්ෆ්‍රෙන්ඩ් ද? පිස්සුද ඔයාට? මොනාද මේ කියන්නෙ?..''

ඊට පස්සෙ අනුත්තරා මගෙ නම කියලම ඇහුවම..රාජ් කියල තියෙන්නෙ මෙහෙම.....
''..ආ එයාද..හරි මට තේරෙනව දැන් වෙලා තියන දේ..හරි මම ඒක බලා ගන්නම්කො එයා එක්ක..''

ඊට පස්සෙ අනුත්තරාට තරහ ගිහින් තිබුන ඇහැට පෙනි පෙනි මෙයා මේ කියන බොරුවට...
ඊලඟට රාජ් කියල තියෙන්නෙ...''..ඔව් එයා මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමා..'' කියල...
ඒකෙන්ම ඔප්පුවෙනවා නේද මෙයා දෙමාපියන්ට සහෝදරයින්ට ආදරේ කරන කෙල්ලටත් විතරක් නෙවේ යාලුවන්ටත් මුලු සමාජයටමත්...ඇත්ත ඇස්පනා පිට පෙනි පෙනි තියෙද්දිත් කියන්නෙ අමූලික පට්ට පල් බොරු කියල..?
මේ මිනිහට ''ඇත්ත'' කියන්නෙ අර ''ගොලුබෙල්ලට ලුනු වගේ''......

ඊට දින කීපයකට පස්සෙ රාජ් මගෙන් ඇහුව..මම අනුත්තරාට එයාගෙ ''ආදරකතාව'' බ්ලොග් එක බලන්න යැව්වද කියල.....
''..නැහැ ඇයි මම එහෙම දෙයක් කරන්නෙ?..''
''..අන්න ඒකි මගෙ බ්ලොග් එක හොයාගෙන බලනව දැන් මට මැසේජ් එකක් එව්ව..එන්නකො ඔයත් ලොග් වෙන්න මගෙ බ්ලොග් එකට..''
''..දෙවියනේ..දැන් ඔයා ලිව්ව ඒවා ඔක්කොම එයා දකිනව නේද?..''
''..ඔව් දැකපුදෙන්..බලාගත්තදෙන් ඇතිවෙන්න..''
''..එපා ඔයාට පුලුවන් නේද ඒක බ්ලොක් කරන්න එයාට බලන්න බැරි වෙන්න? එහෙම කරන්න..''
''..නෑ  නෑ ඕනෙ නැහැ..ඔහෙ බලපුදෙන් මටත් ඕනෙ ඒක තමා දැන්..බලපන්..! බලපන්..! උඹ ගැන තමා ඔය තියෙන්නෙ හොඳට බලපන්..!..''
වියරු වැටුන මිනිහෙක් වගේ රාජ් එදා එහෙම කිව්වෙ මාව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්........

ඊට පස්සෙ රාජ් කිව්ව ''ආදරකතාව'' බලල අනුත්තරා එයාට ගොඩාක් දොස් කිව්ව බව..අනුත්තරා කීවලු...
''..ඔයා මට අපහාස කලා මුලු ලෝකෙටම පේන්න ඔය බ්ලොග් එක ඩිලීට් කරන්න කරුණාකරල නැත් නම් මම ඔයාට කවදාවත් සමාවක් දෙන්නෙ නැහැ..'' කියල..
රාජ් කිව්වෙ..''..මේක මගේ කතාව මට ඕන නිසා ලිව්වෙ එක එකාට ඕන විදියට ඩිලීට් කරන්නෙ නැහැ මම..'' කියල........
පස්සෙ අනුත්තරාගෙ බෝයි මෙයාට කතා කරන්න කිහිප වාරයක් උත්සාහ කල බවත් මෙයා පෝන් එකට පිලිතුරු දීමෙන් වැලකී සිටි බවත් කීව....

මේ සිදුවෙන..සිදුවීගෙන යන දේවල් මගේ ජීවිතය මහා අසහනකාරී තත්වයකට පත් කලා..මගෙ හිත ප්‍රශ්න අවුල් වියවුල් ගොඩකින් පිරිලා මාව හෙම්බත් කරල තිබුන..දවසේ වැඩි වෙලාවක් කල්පනා කරන්නටත් හඬන්නටත් ගතකරපු මගෙන් කෑම රුචියත්,නින්දත් ඈතට පලාගොස් තිබුනා..කවුරුත් කන වෙලාවට මොනා හරි කටේ දාගෙන වතුර ටිකක් බීල මගෙ බඩ රවට්ටන මට පිලිවෙලකට පුටුවක ඉඳගෙන කෑම ටිකක් කාපු දවසක් තිබුනෙ කලාතුරකින්..මේ කාලෙ මට දැනුන මගෙ බර අඩුවේගන යනව හරි ඉක්මනට..ගනට තිබුන කොන්ඩෙ අහුරු අහුරු හිසකෙස් ගැලවිලා ගියා..කාමරේ හැම තැනම බිම හිස කෙස් හැම වෙලේම..ඊට කලිනුත් මම අසනීප වෙන්න කලින් ඔය විදියෙ දේවල් උනේ.......

මම හොඳටම භය උනා...අයියල දෙන්න හැර ඒ කාලෙ මා ගාව උන්නෙ ගෙදර වැඩට උන්න කෙනා විතරයි..කලින් වතාවල අසනීප උනාම මගෙ අය්යල මම නිසා පුදුම දුකක් වින්ද..ඒව මතක් වෙද්දි මට ජීවිතේ එපා වෙනව..ඒ විතරක් නෙවේ අර හොස්පිටල් එකෙ සේලයින් කටු..අත්දෙකම හිල් කර කර ගන්න ලේ ටියුබ් ගාන මතක් වෙද්දි මට හිතුනෙ එහෙම ආයෙමත් අසනීප වෙනවට වඩා හොඳයි මැරිලම යනව කියල.........
ඒත් මම ලෙඩෙක් නෙවේනෙ...මම හිතට වෙර අරන් හිතුව..නැහැ මේ පාර ආයෙමත් එහෙම වෙන්නෙ නැහැ..මම වෙනුවෙන් අම්ම අයියල මොන තරම්  දුක් වින්ඳද..මම මොන තරම් දුක් වින්ඳද?
මේ මගෙ ඔලුව විකාර කරන ආදරේ පොඩ්ඩක් බිමින් තියල මගෙ ජීවිතේ ගැන හිතන්න ඕනෙ කියල මට හිතුන........මේ මාස 10  ගැන හිතුවොත්..මම පිස්සියෙක් වෙලා මානසික රෝහලකට නොගිහින් තියෙන්නෙ පූරුවෙ පිනකට කියල මට හිතුනෙ.........

දවස් 3..4 ක් නිවාඩු අරන් මම මගෙ කාමරේ වෙනස් කලා..සුපර් මාකට් ගිහින් මම ආස කැමති කෑම බීම තනියම ගෙනාව..වෙනදට වඩා වෙලාවක් නෑව.. විටමින් ෂැම්පු අලුතෙන් ගෙනාව කොන්ඩෙ හැලෙනවට..බඩගිනි නැති උනත් බලෙන්ම කෑම ගත්ත..ඩවුන් ලෝඩ් කරන් අලුත් ෆිල්ම්ස් බැලුවා..ෆේස් බුක් එකේ යාලුවො එක්ක විහිලු කලා වෙනදට වඩා..ඔය උඩ තියන පින්තූරෙ වගේ ගඟක් තියනව අපේ ගේ අයිනෙත් ඉතින් නෙට් එකේ ඉන්න වෙලාව අඩු කරල මම ගඟ අයිනට ගිහින් මාලුන්ට කෑම ද දා උන්න..........
රාජ් ඒ දවස් වල ගොඩාක් හොඳින් උන්න..වෙන කවදාවත් නැති තරම් මට ආදරෙන් උන්න..මා ගැන නිතරම හොයල බැලුව..එයාගෙ ඉගෙන ගන්න වැඩ පාඩම් වැඩ ගොඩාක් තිබුන ඒ කාලෙ..මම එයාට ඒවා නිදහසේ කර ගන්න ඇරල මගේ පාඩුවේ උන්න.......

එදා ඔෆිස් ඇරිල මමයි මගෙ යාලුවයි(එයා ජර්මන් කෙල්ලෙක්,) පාර දිගේ ඇවිදගෙන ආව..එදා ටවුන් එකේ මොකක්ද උත්සවයක් නිසා ඒ පැත්තෙන් වාහන යන්නෙ නැහැ..පාලු පාරෙ මිනිස්සු විතරක් ඇවිදගෙන ගියා..අපි දෙන්න ලඟ එන නත්තල ගැන කතා කර කර ආවෙ...එකපාරම මට දැනුනෙ මම උඩට ඉගිල්ලෙනව වගේ..එක තත්පරයක් වත් හිතන්න ඉඩක් ලැබුනෙ නැහැ..කෙහෙල් ගහක් කඩා වැටෙනව වගේ දඩෝන් ගාල මාව මහ පාර මැද්දෙ මුනින් අතට ඇදගෙන වැටුනා...පාරෙ උන්න සෙනග දුවගෙන ආව මා ගාවට...මගෙ හැන්ඩ් බෑග් එක පාරෙ එක පැත්තක..එක සපත්තුවක් කකුලෙ අනික පාරෙ..බෑග් එකේ සිප් එක වහගෙන නෙවේ මම ඇවිත් තිබුනෙ,ඒකෙ තිබ්බ ඔක්කෝම පාර පුරාම..යාලුව මාව නැගිට්ටවන අතරෙ අනිත් මිනිස්සු පාරෙ වැටුන අනිත් කෑලි අහුලලා දුන්නෙ...එක්කෙනෙක්ගෙ අතේ මගෙ පෝන් එක..එක්කෙනෙක්ගෙ අතේ සපත්තුව බෑග් එක..තව කෙනෙක්ගෙ අතේ බෑග් එකෙන් එලියට විසි උන පර්ස් එක..කණ්නාඩිය..ඒ මිනිස්සුන්ගෙ කරුණාවන්ත කම එදා මගෙ ඇස්වලට කඳුලු එකතු කලා....මගේ යාලුවට අදහ ගන්න බැරි උනා ඒ මට වෙච්ච දේ එයා කිව්වෙ.....''මෙයා මගෙ වම් අතේ වැදි වැදි කතා කර කර ආව..එක පාරම මෙයා අතුරුදන් උනේ, කෝ මෙයා කියල බලද්දි මෙන්න බිම..!!''

පෙර කරපු පිනකටද  සීතකාලෙ නිසා ඇඳන් උන්න ගණ ඇඳුම් නිසාද මන්ද මගෙ මුහුණෙවත් ඇඟේවත් කෙස් ගහක තරම් වත් සීරීමක් උනේ නැතුව මම ගෙදර ආවෙ...සපත්තුව පෙරලිලා ඇදන් වැටුන කියල එවෙලෙ බොරු කිව්වත් ඇත්තටම මාව වැටුනෙ ඒ නිසා නෙවේ...

ඒ සිදුවීමෙන් දින කිහිපයකට පස්සෙ එදා හවස් වෙලාවෙ මට අවශ්‍ය උනා මගෙ විටමින් වගයක් ගන්න ෆාමසියට යන්න..අපේ ගෙවල් ගාව ඉඳන් මීටර් 500 ක් විතර දුරින් ෆාමසිය තියෙන්නෙ..ඔන්න මම දැන් පාරට ගිහින් පේමන්ට් එක දිගේ ඇවිදගෙන යනව..ෆාමසිය කිට්ටුවෙදිම ආයෙමත් අර කලින් දවසෙ වගේම එක පාරම මාව කඩාගෙන වැටුන...එදා පේමන්ට් එකේ ගිය මාව ඇදන් වැටුනෙ පාරට....කලින් දවසෙ වගේ දඩි බිඩියෙ නැගිට ගන්න හැදුවත් එදා නම් තත්වය වෙනස් මගෙ දනිස්ස ගාවින් කකුල කැඩිල කියල මට හිතුනෙ...නැගිටින්න බැරුව ඉන්නකොට ඒ වෙලාවෙ පාරෙ ගිය කාර් එකක් නවත්වල ඒකෙ උන්න දෙන්නෙක් මාව උස්සල තිබ්බ ආපහු පාර අයිනෙන්... එයාල ඇම්බියුලන්ස් එකට කතා කරන්නද අහද්දි මම එපා කිව්වා...දනිස්සෙන් ලේ ගලද්දි නොන්ඩි ගහ ගහ ගෙදර ඇවිත් ඒකත් කාටවත් නොකිය මම හංගගෙන උන්න...මම දැන ගෙන උන්නෙ ඇයි එහෙම වෙන්නෙ කියල...

58 comments:

  1. හප්පා මොකක්ද ඔයාගේ අසනීපේ...ඔයා දැනගෙනද හිටියේ ඔහොම පාරෙ වැටෙනකොට ඒ මොකද කියලා....

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර විශේෂ සිද්දියක් නෙවේ..මේ කතාවට අදාල කාලය තුල සිදු උන අමතක නොවන සිදුවීමක් නිසා ලිව්ව...මම මීට කලිනුත් ඔයාලට කියල තියනවනෙ මට එක්තරා අසනීප තත්වයක් තිබුන කියල...

      Delete
  2. ඒ මොකක්ද කෙල්ලේ උනේ? ඕනාවට වඩා හිතන්න ගියාම ඇතිවෙන ටෙන්ෂන් එක නිසාද?
    අනේ මට නම් ඔය රාජ් කියන මිනිහා එක්ක එන්නේ මාර තරහක්.
    මිනිස්සුන්ව මරන්කන ජාතියේ එකෙක්නෙ.. ශික්

    ReplyDelete
    Replies
    1. අපි ඔය ගැන කතා නොකර ඉමු වර්ණා..මොකද සමහරු හිතයි මම මේ අනුකම්පාව ඉල්ලනව කියල...ඇත්තටම මේක ලිව්වෙ ඒ කාලෙ උන අමතක නොවන සිද්දියක් නිසා විතරයි..ගිය පාර පෝස්ට් එකෙන් අසරණයා උනත් කිව්වනෙ කතාව ඉක්මනින් ඉවර කරන්නෙ නැතුව ඔක්කොම ලියන්න කියල..ඉතින් මම ලිව්වා....හික්ස්..

      Delete
    2. අනුකම්පාව ගනන්වා කියලා කවුරු හරි ඇනොලා බන්නාද?
      අනේ මේ ඔය ඇනොලා කියන ඒවා ගණන් ගන්න එපා.ඔයා ට හිතෙන ඕනෑම දෙයක් ලියන්න කාටවත් බය නොවී. මට හිතෙනවා ඔය ඇනෝ විදියට ඇවිත් බනින්නේ රාජ් ද කියලා

      Delete
    3. ඔව්..මම ලියන්නෙ සත්‍ය කතාවක්..මා ගාව ඔප්පු කරන්න ශාක්ෂි තියාගෙන....ඒ නිසා මම භය නැහැ කාටවත්...ස්තූතියි වර්ණ.....

      Delete
  3. ආදරේ ජිවිතේ කරගත්තොත්,වංචාකාරයෙකුට අහුවුනොත් අන්තිමට
    දුකම තමා....

    ReplyDelete
    Replies
    1. ඔව්..මම ඒ දුකින් මිදුන ඉක්මනින්ම...නරකයෙකුට කරපු හොඳ දේවල් ගැන හිතල....

      Delete
  4. මොකද අප්පා ඒ පාර වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අපොයි මොකුත් උනේ නැහැ ඒ කාලෙ ඒ කියන්නෙ 2010 දෙසැම්බර් මාසෙ උන සිද්දියක් ලිව්ව.......

      Delete
  5. මාත් ඔහොම වැටිලා තියෙනවා අක්කේ මම මේ සැරේ පෝස්ට් එකකිනුත් දැම්මා ඒ සිද්ධි ගැන....මට නම් හේතු වුනේ කොඳු ඇටයක් පැනලා ස්නායු හිරවීමක් නිසා කකුල් පණ නැති වෙච්චි එක කාලයක් යද්දි ඇවිදින්නම බැරි වුනා....ඔයාට මොකක්ද ඇත්තටම වුනේ???

    //ගොලුබෙල්ලට ලුනු වගේ// මට මේක තේරෙන්නේ නෑනේ අක්කේ මේ මොකක්ද??

    ReplyDelete
    Replies
    1. ගොලු බෙල්ලගෙ ඇඟට ලුනු වැටුන ගමන් ඌ මැරෙනව දියවෙලා.......ඔයාට දැන් සනීපද මල්ලි..?

      Delete
    2. අඩේ මම දැන්නේ දන්නේ ගොළුබෙල්ලට ලුණු ඇලජික් කියලා සිරාවටම මට හිතුනා ඕක ටෙස්ට් කොරන්න ආයේ පව් කියලා හිතුනු නිසා නිකා හිටියා.....දැන්නම් සනීපයි අක්කේ එල....

      Delete
    3. ඇලජික් නෙවේ මල්ලී ගොලුබෙල්ලට ලුනු මාරාන්තිකයි...රාජ් ට ආදරේ වගේ........සනීප නම් එච්චරයි.මට සතුටුයි...

      Delete
  6. ඇත්තටම යාලු මොකද ඔයාට එදා වුනේ? රාජ් නම් තියන්නෙ වටින්නෙ නැති මිනිහෙක්.තවකෙනෙක්ට ඔහොම ගින්දරක් දීල කොහොම ජීවත් වෙනවද මන්ද​? මෙහෙම දේවල් වෙලත් ඔයා අද මෙහෙම ඉන්න එකත් සතුටක් යාලු.මම ඔයවගේ කෙනෙක් ගැනැ ඇහැව්වමයි....

    ReplyDelete
    Replies
    1. මම ගොඩාක් දුක් වින්ද..හිතින් විඳෙව්ව..අසනීප උනා...ඒවා ගොඩාක් විස්තර ඇතුව මම කවදාවත් මේ බ්ලොග් එකේ ලිව්වෙ නැහැ...ලියන්නෙත් නැහැ...වැදගත්ම දේ මම දැන් සනීපෙන් සතුටින්...

      Delete
  7. හැබෑට ඒ පාර මොකද මේ වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මොකුත් නැහැ පොඩ්ඩි...ඒක එක සිද්දියක් විතරයි....

      Delete
  8. මට හිතෙන්නේ රාජ් බොරු කීමට ඇබ්බැහි වුන කෙනෙක්. එහෙම අය ඉන්නවා කිසිම හේතුවක් නැතුවත් නිකම්ම බොරු කියවෙනවා.
    ඔයාගේ අසනීපෙ මොකද්ද? ඔය දැනගන හිටියද ඒ ගැන

    ReplyDelete
    Replies
    1. මට ඉස්සර අසනීපයක් තිබුනා..වරින් වර (මම කෑම බීම අඩුවෙන් ගන්නකොට.)ඒක ආයෙමත් මට ටිකක් වදයක් උනා...දැන් මම සනීපෙන්....ඒක ඉවරයි..හොඳටම සනීප උනේ රකුසගෙන් අයින් උනාට පස්සෙ......

      Delete
  9. මම ඉතිං කොහොමත් කන්න හොරයි... අනේ මගෙත් කොන්ඩේ යයිද දන්නෙ නෑ... :(((

    ReplyDelete
    Replies
    1. කන්න හොර උනාට කමක් නෑ..ඒත් චුට්ටක් හරි කන දේ ඇතුලෙ ගොඩාක් විටමින් යකඩ තියනවද කියල හිතන්න සැලකිලිමත් වෙන්න....කොන්ඩෙ ගැලවෙන්න හේතු වෙන්නෙ ඒවා....අනික ගොඩාක් හිතන්න..එකම දෙයක් ගැන වද වෙවී කල්පනා කරන්න එපා..එතකොටත් කොන්ඩෙ හැලෙනවා...මේවා මට ඩොක්ටර්ස්ලා කිව්වෙ.....................

      Delete
  10. දැන් ඔයාට හොදටම හොදයිනෙ එහෙනම් ඒ ඇති...අනුන්ට රිද්දලා සතුටුවෙන්න පුලුවන් වෙයි කියලා වෙන්න ඇති රකුසා හිතාගෙන ඉන්න ඇත්තේ.....පව් එයා කරපු පව් ගැන මතක් වෙනකොට කොහෙයාවිද කියල හිතනකොට දුක හිතෙනවා...කරන්න දෙයක් නෑ ඒක එයාගෙ කර්මය...

    ReplyDelete
    Replies
    1. කර්මය නම් දැනට මත් පලදීල ඇති එයාට.....මට කරපු දේ ශාපයක් වෙනවා මයි..!!

      Delete
  11. හම්! මට නම් අගක් මුලක් හිතාගන් බෑ! මං මේ කමෙන්ට් එක දාන්නෙ අසනීප වෙලා ඉදපු සහෝදරීට සනීප උනාය කියලා උඩින් ලියලා තියන එක ගැන සතුටුයි කියන්න! කවුරු උනත් නිරෝගීව ඉන්නවනම් මාධවට සතුටුයි! මං දැන් ගිහින් කතාව මුල ඉදන් කියවන්නං!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මාධව....මම විශ්වාස කරනව බේත් වලට වඩා අපේ හිත් වල ලොකු බලයක් තියනව කියල අපිව සුව කරන්න.....මම ගොඩාක් සුවෙන්...මට සම්පූර්ණයෙන් සුවය දැනුනෙ රකුසගෙන් ඈත් උනාට පස්සෙ........

      Delete
  12. මට මතකයි ඔයා අසනීපෙ ගැන කලින් කිවුවා.සමහර විට ඇඟ දුරුවල නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ.හැබැයි ඔයාට පොඩ්ඩක් මොලේ පෑදිලා තියෙනවා නේද?.ඔයා ගැනම හිතල කෑම ගන්න ඒවා මේවා.

    පොස්ට් ලියන්නේ අනුකම්පාවක් ගන්න නෙවෙයි කවුරුවත්. හිතේ තියෙන දේවල් කියන්න හිත නිදහස් කරගන්න.ඔයා ඒ ගැන හිතන්න එපා.ඔයාගේ පොස්ට් වලින් හැදෙන කෙනෙකුට හැදෙන්න පුළුවන්.කාගෙන්වත් රැවටෙන්නේ නැතිව.දිගටම ලියන්න අපි ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මම අසනීප වෙන්න පටන් ගත්තෙ තාත්ත මැරුනට පස්සෙ.....දුක් විඳල විඳල යාන්තම් ඇඟේ ඇටකටු ටික වැහෙන්න පටන් ගත්ත විතරයි ''රකුසු මායාවට'' අහු උනේ....ඊට පස්සෙ මාස10 ක් තුල සතුටින් උන්නෙ සති කීපයක් විතරයි....මම වැටෙනව නැගිටිනව..ආයෙමත් වැටෙනවා......ඔය කාලෙ හිටියෙ හොඳටම ඔලුව අවුල් වෙලා...

      Delete
  13. හපපට සිරි මේ මොකද මේ?....
    (මුලින් වැටිච්ච් මිනිස්සු තමයි මේ ලොකේ සතුටින් ඉන්නෙ)

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ..ඒක තමා....''වැටිච්ච පය දහස් වටී'' කියල අල්ලපු ගෙදර සීයා කිව්වා.......

      Delete
    2. ජෝක් නෙමේ..

      Delete
  14. අම්මියෝ!!! කිරිල්ලි එහෙම වැටිලා වෙනම තුවාලයක්,කරදරයක් නොවුනා ඇති.. මොකක්ද ලෙඩේ කියලා හොයාගෙන ඩ්හැන් කිරිල්ලි සනීපෙන් නම් එච්චරයි..:D

    ReplyDelete
    Replies
    1. ලෙඩක් තිබුනෙ නැහැ ලමයා.......දුර්වල කම..මට මාව පාලනය කර ගන්න ශක්තියක් නොතිබුන කම......

      Delete
  15. //මම දන්නව මේක බලන ගොඩාක් අයට කතාවෙ අවසානය දකින්න හදිස්සී කියල.....//

    මාත් ඕකම තමා සිතූ - කුසූ අහවර කලේ..
    නැත්තම් කස්ටියට එපා වෙනව නොවැ..

    ජය පතමි !

    ReplyDelete
    Replies
    1. ඉතින් අනේ එපා වෙනව කියල අවුරුදු එකහමාරක කතාවක් මම කෝමද එහෙම ඉක්මනින් ඉවර කරන්නෙ? අනික මට පුලුවන් මේ කතාකරන භාශාවෙන් යාන්තම් දෙයක් කොටා ගන්න විතරයි..පෝස්ට් එකක් ලියන්නයි පල කරන්නයි කියන්නෙ යුද්ධයක් මට....

      Delete
  16. මට ඊයෙයි මේ බ්ලොග් 1 අහම්බෙන් හම්බ උනේ...කොහොම හරි Exam 1ට පාඩම් කරන1 පැත්තකින් තියලා මේක සම්පූර්ණයෙන් කියෙවුව මුල ඉදන්ම මුලු කතාවම දැන ගන්න ඕන උන නිසා..අත්තටම හුගක් සතුටුයි යාලු ඔය වගෙ මනුස්සයෙක්ගෙන් ගැලවෙන්න ලැබුන1 ඔයාලට...මේ වගේ දේවල් වෙන කාටවත් නොවෙන්න ඇත්ත දැනගන්න ලැබෙන්න සලස්වන 1 කාගෙත් ජීවිත වලට කරන ලොකු උදවුවක්...ඔයාට කවදාවත්ම වරදින්නෙනැ යාලු...පුලුවන් විදියටම දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි හිරු.....පාඩම් අතපසු කර ගන්න එපා බ්ලොග් බලන්න ගිහින් හරිද? :):)

      Delete
  17. අනේ ඉක්මනට ලියන්නකෝ..මගේ යාලුවෙකුත් මේ වගේම අත්දැකිමක්ට මුන දුන්නා.මට හිතාගන්න බෑ.එකම වගෙයි..ඒ කියන්නේ රාජ් වගේ අය තව ඉන්නවා..මම පුදුම කුතුහලයකින් මේක කියවන්නේ කිරිල්ලි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට සම්බන්ධ කෙනත් මේ රකුසම ද දන්නෙ නැහැ.....මොකද මෙයා එහෙම කෙනෙක්..කතා තියෙන්නෙ මා එක්ක විතරක් නෙවේ.........

      Delete
    2. එහෙනම් එයාමද දන්නේ නෑ කිරිල්ලි..මටත් හිතාගන්න බෑ..මාව කුතුහලෙන් පිස්සු වැටිලා. මේ කතාව ඔයා කියන්නේ ඒ විදියටමයි...එකම දේ එකම විදියට වෙන්නේ කොහොමද..

      "අඩන්නයි කල්පනා කරන්නයි" කාලෙ ගෙවපු කෑල්ල මට හොදටම වැදුනා.
      මූනූ පොතේ ඉන්න රකුසො ඔක්කොම එක වගේ වෙන්න ඇති කිරිල්ලියෙ..

      Delete
    3. අනේ මට ඒ විස්තර ටිකක් දෙන්නකො..මාත් දැන් පිස්සු වැටිලනෙ.......

      Delete
  18. විමුක්‌තිගේ කතාවනම් ඇත්තටම ඇත්ත.ඔයා දැන් හරි හොඳින් ඉන්න එකනම් ලොකු සතුටක්‌.

    ReplyDelete
    Replies
    1. මම ගොඩාක් හොඳින්..සතුටින් ඉන්නෙ...ඔයාල ටත් ඒ සතුට ප්‍රාර්ථනා කරනවා....

      Delete
  19. අපේ තියෙන හදිසිතාවය තේරුම ගත්ත එක ලොකු දෙයක්.ඇත්තටම ඔයාට හැදුන ලෙඩේ මොකක්ද?.

    සබැදියක් දෙන්ඩෝ.....
    http://sinhalaya-lokayata.blogspot.com

    ReplyDelete
    Replies
    1. මෙතන ඉඳන් දිගටම කතාව විතරක් ලියනව..ඉක්මනින් කියන්නම් අවසානෙ....(ඇත්තම කිව්වොත් මම තාම මේක අවසාන කරල නැහැ.)

      Delete
  20. මොකද්ද අප්පේ ඔයැයිට හැදිච්ච ලෙඩේ. අපට කියන්ඩ බැරි දෙයක් නම් නොකියා හිටියට අමනාපයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලෙඩක් හැදුන නෙවෙයි අයියෙ සනීප උන ලෙඩක් මතුවේගන ආවා....මම තනියම සටනක් කරල ඒකෙන් බේරුනා......දැන් මට සතුටුයි...!! මගෙ හිතේ හයිය ගැන ආඩම්බරයි..!!!.

      Delete
    2. සනීප උන එකට නම් සතුටුයි.

      Delete
  21. මට පේන විදියට හිත ලෙඩවෙලා.,.

    ReplyDelete
    Replies
    1. හිත ලෙඩ උනොත් වෙන ලෙඩ වගේ නෙවේ....

      Delete
  22. හදිස්සියෙම පෙර වදනක් ආවේ කවුරුවත් මොනවා හරි කිවුවද??

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්.....කතාවෙ අවසානය දකින්න හදිස්සි උන කීප දෙනෙක් කිව්ව දේවල් තමා පෙර වදනට හේතු උනේ.....ඒ කමෙන්ට්ස් මම පල කලේ නැහැ...මොකද ඒවා කියල තිබුන විදිය ලස්සන නැති නිසා....
      මගෙ බ්ලොග් එක මීට කලින් කවුරුවත් කැත කරල නැහැ....ඉදිරියට එහෙම වෙන්න ඕනෙත් නැහැ......

      Delete
  23. පහුගිය දවස්වල තිබ්බ දහසකුත් වැඩ අස්සෙ හදිසියෙන් ඇවිත් මේක බලලා ගියා තියෙන කුතුහලේ නිසාම... ඒත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා... ඔන්න අද තමයි මේ ලියන්නෙ...

    කිරිල්ලි දැන් බොහොම සතුටෙනුයි සනීපෙනුයි ඉන්නෙ කියල දන්න නිසා හොඳයි... ස්ට්‍රෙස් වැඩි උනාම කොණ්ඩේ යනවා කියන එක නම් මාත් අත්දැකීමෙන් දන්නවා.... ඔයා එහෙම උනාම නොකා හිටියට මට නම් වෙන්නෙ ඒකේ අනිත් පැත්ත.... හික්ස්... ඒත් කොණ්ඩේ යන එක නම් වෙනව....
    හැබැයි ඔයා සෑහෙන බේරිල්ලක් බේරිලා තියෙන්නෙ... අරම වැටෙනකොට ඔළුව හෙම කොහෙවත් වැදුනනම් තදට... අම්මෝ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මාත් ටිකක් අවුල් මේ දවස් වල වැඩ වැඩී..පාස්කු නිවාඩුව ලඟ එන නිසා ඒවත් අල්ලල කරන්න ඕනෙ..ඔයා දන්නවද මාව ඔය විදියටම 4 වතාවක් වැටිල තියනව..ඒත් කවදාවත් මූණට ඔලුවට මොකුත් උනේ නැහැ...අවුරුද්දකටත් වැඩි කාලයක් අඩි උස සපත්තු දාන එක මම නතර කරල උන්නා...කොන්ඩෙත් දැන් නම් ආපහු වවාගෙන තියෙන්නෙ (බේත් බලෙන්).....

      Delete
  24. අසනීපෙ සනීපෙ වීම ගැන අහන්නත් සතුටුයි.කාලෙකින් මෙහි ආවෙ නැත්තෙ. උ.පෙ එන හින්දයි.ලගදි ඇවිදින් යන්න එන්නම්.දැනට මම යනවා.හෝව් .....හෝව්......එක පාරටම පෙර වදනක් දැම්මාමනම්.ටිකක් විතර මම ලයිට් උනා

    ReplyDelete
    Replies
    1. පාඩම් කරන්න..පාඩම් කරන්න...බ්ලොග් බලන්න එන්න නිවාඩු වෙලාවක් ආවාම...දිගටම පාඩම් කරනකොටත් එපා වෙනව නෙහ්?
      ආආ..පෙර වදන දැම්මෙ මේ..මේ...නොතේරෙන කිහිප දෙනෙකුට තේරුම් කරන්න....ඔයාට නෙවේ......

      Delete
  25. මම මේ කමෙන්ට් එක දානකොට මේ කතාවෙ ඉතිරි කොටස් දෙකකුත් කියවලා කේන්තියෙන් ඉන්නෙ. වින්චැට් කිරිල්ලි මුලින්ම කියලා තියෙනවනෙ මේක අනුකම්පාව බලාපොරොත්තුව දාපු පෝස්ට් එකක් නෙවෙයි කියලා. නමුත් කේන්ති ගන්න පුලුවන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
  26. කේන්ති ගන්නත් එපා...ලේ අපිරිසිදු වෙනවා..අපිටමයි තවත් අලාභ වෙන්නෙ...:D:D

    ReplyDelete