My Blog List

Wednesday 11 January 2012

මම සමාව දුන්නා...!!!!

 (අළු පාට හැන්දෑව 19.)
අනේ මට සමාවෙන්න...මම හිතල කිව්ව දෙයක් නෙවේ...මම උන්නෙ අසනීපෙන් නිසා මට තරහ ගියා..අයියෝ මම වගේ කාලකන්නියෙක්..දවසක් මම අනුත්තරාවත් මේ වගේ දෙයක් කියල ඇඬෙව්වා..ඔයා තරහා නෑ නේද මා එක්ක?මම ආයෙ කවදාවත් එහෙම කතා කරන්නෙ නැහැ...මම දන්නෙ නැහැ මට මොනා උනාද කියල...මේ බලන්න මම කර ගත්ත දේ..මම ඔලුව පැලෙන කම් බිත්තියෙ ගහ ගත්තා...අනේ මගෙ ඔලුවට අත තියන්නවත් බැහැ...අසනීපෙන් ඉන්නව මදිවට මම මේක කර ගත්තෙ ඔයාට මම කරපු දේ නිසයි..මම දැන් ඒකට දඬුවම් විඳිනව.. මට සමාවෙන්න.....තරහ නෑ නේද ඔයා????

''...නෑ මම තරහ නෑ..ඒක අමතක කරන්න...''

මම එහෙම කිව්වෙ මෙයා ඔලුව බිත්තියෙ ගහගෙන කිව්ව නිසා බයට..ඇත්තටම මගෙ හිතේ තරහක් නෙවේ තිබ්බෙ මහා කලකිරීමක් විතරයි..
ඔන්න ඉතින් අපි ආයෙමත් පරන පුරුදු විදියට උන්න....
මේ අතර එයා එයාගෙ බ්ලොග් එකේ හරිම දුක හිතෙන කතාවක් ලිව්ව..එයාගෙ අම්මයි තාත්තයි එදා රෑ රහසක් කතාවෙලා පහුවදා එයාල නුවර එලි විනෝද ගමනක් ගිහින් දවස් කීපයක..තව එයාලගෙ පවුලෙ නෑයො හිතවත් අයත් මේ ගමන ගිහින්..අම්ම බොරු කියල පොඩිලමයි යන්නෙ නැහැ මේ ගමනට කියල මෙයාව නැන්දලාගෙ ගෙදර තියල යන්න හදනකොට එයාගෙ මැරුන මල්ලි අඬල එයත් මෙයා එක්ක නැන්දලගෙ ගෙදර ඉන්න ඕනෙ කියල..අම්ම කිව්වලු නැහැ මල්ලි ඉන්න ඕනෙ ලොකු අයිය එක්ක ආච්චිලාගෙ ගෙදර කියල එවෙලෙ මල්ලි ගොඩාක් ඇඬුවලු ''අනේ මට ලොකු අයිය එක්ක ඉන්න බැහැ එයා මට ගහනව මම චූටි අයිය එක්ක ඉන්නම්'' කියල..අම්ම බැන්නලු ඒ පාර....කෝම හරි මෙයාට බොරු කියල මෙයාව දාල අනිත් ඔක්කෝම කට්ටිය අනිත් පොඩි ලමයිනුත් එක්ක ඒ ගමන ගිහින්..ආපහු එන දවසෙ මෙයා මාමට කියල කලින්ම ගෙදරට ඇරලවගෙන ගමන ගිහින් එන අම්මලාට බොන්න කූල්ඩ්‍රින්ක්ස් හදල තියල(අනේ බලන්න මෙයා වගේ හොඳ අහින්සක ලමයෙක්..පොඩි කාලෙ ඉඳන්ම.)
..අම්මල ආවාම මල්ලි අඬන්න වගේලු..අම්ම කිව්වෙ මල්ලිට හෙම්ම්බිරිස්සාව කියලලු..පස්සෙ රෑ නිදාගන්න ගියාම මල්ලි මෙයාට කියල අනිත් ඔක්කෝම ලමයි ඒ ගමන ගියා හැමෝම ඔයාව ඇහැව්ව කෝ චූටි අයිය කියල..ඉතින් ''මම දන්නව මල්ලි'' කියල මෙයා ඇඬුවලු....ඕක තමා කතාව පෝස්ට් එකේ තිබ්බ.....

මම පහුවදා මෙයාගෙන් ඇහුව ''අනේ ඇත්තටම ඔයාගෙ අම්මල එහෙම කලාද ඔයාට'' කියල. එයා කිව්වෙ..''..ඔව් එයාල හැමදාම කලේ එහෙම ඒ සිද්දිය වෙලා හරියටම මාසෙකින් මගෙ මල්ලියා මාව දාල ගියා..'' කියල....
මේ පෝස්ට් එක පල උනාට පස්සෙ ඒක දැකපු හැමෝම මෙයාට අනුකම්පා කලා(මෙයාව නැලෙව්ව.) ඒත් සමහර 'ඇනෝල' මෙයාට කුනුහරුපෙනුත් බැන්න..!!!
මේවා දැක්ක මගේ සමහර යාලුවො මට අවවාද කලා..මෙයා හරියට දුක් වින්ද කොල්ලෙක් පව් එයාගෙ හිත රිද්දන්න එපා  කියල...
ඒ විතරක් නෙවේ මෙයා නිතරම වෙන වෙන බ්ලොග්ස් වල කොමෙන්ට්ස් දැම්ම අනිත් අයට දුක හිතෙන විදියට..''මාත් ඔය විදියෙ තනි උන කෙනෙක්'' මටත් ඔය වගේ අතීතයක් තිබුන'' ''මටත් මේ ලෝකෙ කවුරුවත් නැහැ'' ඔය වගේ දුක් කතා මෙයා ලෝකෙට පේන්න ලිව්ව...මම රැවටුනා..(තව කීදෙනෙක් මෙයාගෙ උගුලෙ ඉන්නවද කියල දෙවියො තමා දන්නෙ,)

මෙයාගෙ තව අමුතු ගතියක් තිබුනා කවදාවත් කියල දීල හදන්න බැරි..එයා තේරුම් ගන්නෙත් නැති...
මම මොනා හරි මෙයාට කිව්වාම එයා පෙත්තප්පු වගේ ඒකම ආපහු කියනව..
''ඔයා ඇයි කතා කරන්නෙ නැත්තෙ'' මම ඇහුවොත්..එයා මගෙන් අහනව..''...ඔයා ඇයි කතා කරන්නෙ නැත්තෙ..?'' කියල..
මම එයාගෙන් ඇහුවොත් ''ඔයා මට ඇත්තටම ආදරේද'' කියල එයා මගෙන් අහනව ''ඔයා මට ඇත්තටම ආදරේද?'' කියල..
ඔය වගේ මම කියන කියන දේම පෙත්තප්පු වගේ මටම කියන නිසා මම මෙයාට හොඳින් ආදරෙන් කියල දුන්න වාර අනන්තයි එහෙම කියන්න එපා කියල.....

මෙයා කිව්වෙම එයාට කතා කරල පුරුදු නැහැ කියල...
මගෙ යාලුවො කිව්වෙ ''පව් අනේ ඒ කොල්ල මානසික ඇදගෙන වැටුන අසරනයෙක් ඔයා ඉවසීමෙන් ඉන්න ඕව හරි යාවි ඔයාට පිංසිදුවෙනවා එහෙම කෙනෙක්ව බලාගන්න එකට'' කියල....
ආයෙ මගෙ යාලුවො කිව්ව..''එයාගෙ අම්ම කරපු දේ නිසා එයාට සමාජෙට මූන දෙන්න බැරුව ඔය හැංගිලා වගේ ඉන්නෙ..ගෙදර අය වෙනස් කම් කරන නිස ඔහොම වෙලා තියෙන්නෙ..අසනීපෙ නිසා තවත් ඇදගෙන වැටිල..යාලුවො ඇසුරු කරන්නෙ නැත්තෙත් ලැජ්ජාවට'' කියල.....

මෙයාට මම දන්න තරමින් යාලුවෙක් උන්නෙ නැහැ...දැනට ඕස්ට්‍රේලියාවෙ ඉන්න ක්‍රිස්ටියන් පෙරේරා(විශ්වනාත්)මෙයාගෙ හොඳම යාලුවා වෙලා උන්න ලු..ඒත් මෙයාගෙ මේ අම්ම කරපු දේ එයා එක්ක කිව්වාම ක්‍රිස්ටියන් මෙයාව යාලුකමෙනුත් අත් ඇරල දැම්මලු...ඒක කිය කිය මෙයා ගොඩාක් දුක් උනා මා එක්ක...තව මෙයාට උන්න ෆේස්බුක් එකෙන් අල්ල ගත්ත යාලුවො දෙන්නෙක්...එක්කෙනෙක් ''චරිත් මොරගොඩ'' වැඩ කරන්නෙ කොලඹ ලංකා බැංකු ගොඩ නැගිල්ලේ යම් කිසි තැනක...අනිත් යාලුවා ''නදිශ්ක ජයවර්ධන'' මෙයා නම් දෙහිවල පැත්තෙ ''ලොකු සල්ලිකාරයෙකුගෙ පුතෙක්'' කියල තමා මට රාජ් කිව්වෙ....(මම මේ දෙන්නව හොයනව පුලුවන් හැම විදියකින්ම කන්ටෑක් කර ගන්න හැදුවත් මෙයාල මොකක් හරි හේතුවක් නිසා මාව මග අරිනව...එහෙම නැත් නම් මෙයාලට එහෙම කරන ලෙස උපදෙස් ලැබිලා..කෝම උනත් මට ආසයි දැන ගන්න මේ රකුසා මෙයාල දෙන්න එක්ක රඟපාන චරිතෙ මොකක්ද කියල.).....එහෙමත් නැත් නම් මේ දෙන්නත් නලුවොද...????

මේ කාලෙ අපි ආදරෙන්  (මම ආදරෙන් උන්න.) ඔය කාලෙ විශේෂ දේවල් විදියට උනේ මෙයාල නිතරම වගේ ''නිල්මිනි අක්කලගෙ ගෙදර'' පාටි වලට ගියා..''උපුලිත්'' නිතරම මෙයාට හමු උනා කිව්ව...නිල්මිනි උපුලි ගැන මෙයාට කියනවලු නිතරම..මෙයා කැමති නැතිලු...දවසක් මෙයා කිව්ව..''..මමයි තාත්තියි අද යනව තාත්තිගෙ යාලුවෙක්ගෙ ගෙදර ඩිනර් එකට..'' කියල..මම අරන් දුන්න ශර්ට් එකක් ඇඳගෙන තමා මෙයා ගියෙත්..රෑ ආපහු එන වෙලාවත් මට කියල ගියා..ඔන්න කිව්ව වෙලාවටම මෙයා ආපහු ආව කියමුකො...ඊට පස්සෙ මෙන්න මෙහෙම මට කතා කලේ....
''...හායි...අපි ආවා...''
''...ආ ඔයා කිව්ව වෙලාවටම ආව නේ..කෝමද පාටි එක..?''
''...ශෝක් නියමයි අරයත් ඇවිත් උන්නනෙ..''
''..අරය? ඒ කවුද?..
''..උපුලී..''
''..ඈහ්? ඕක කියන්නද ඔයා මට මේ මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න කිව්වෙ?..''

52 comments:

  1. ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.... මට කියන්න තියෙන්නෙනම් මෙච්චරයි... එයානම් පිස්සෙක්ම වෙන්න ඕනෙ. :/ ඔයාගෙ ආදරේ එක්ක මෙහෙම සෙල්ලම් කරන්න තරම්, මිනිහෙක් ඔය තරමට බොරු කරලා මම ඇහුවමයි.. මේක මහ අමුතු විදියෙ බොරු කිරිල්ලක්....

    ReplyDelete
  2. වඳින්න වඳින්න ගහන මිනිහයි ගහන්න ගහන්න වඳින මිනිහයි දෙන්නම මෝඩයොලු.

    ReplyDelete
  3. ඉස්සරවෙලාම ඇන ගනින් කෙල්ලෙ හොඳවායින් ටොකු 10 ක් විතර...ඊට පස්සෙ හයියෙන් හිනා වෙයන්...මේ " බලු රකුසාගෙන්" උඹ නිදහස්... කොච්චර කාලයක් ගියත්..... ඒ කාලය අපතේ ගියා කියලා හිතන්න එපා...ඉගෙන ගත්ත පාඩම මනින්න බෑ... මේ රකුසා වෙනුවෙන් මොනතරම් වියදම් කලත්.....පිනට දුන්න කියලා හිතපන් කෙල්ලෙ.... මිනිස්සු අඳුන ගත්තට....බලන් දේවදූත ඇඳුමට ගැංගුන සාතන් කෙනෙක්...

    ReplyDelete
  4. ආදරේ කරන කාලේ ගෑනු ළමයි ආස නෑ තමන්ගේ කොල්ලා වෙන ගෑනු ළමයෙක් ගැන කියනවට. ඒක ගෑනු කට්ටියගේ ස්වභාවේ. ඒක නංගිටත් තියෙනවා. හික්ස් :)

    ඒක නෙමේ මොකෑ ඔයා කියන දේම රාජ් ආයෙම කියන්නේ ? මහ පුදුම එකෙක් නේ.

    ReplyDelete
  5. ඔය කියන රාජ් මල්ලි ගියපු දිහවේද ඉන්නේ නැත්නම් මේ ලෝකේ තවම යහතින් ඉන්නවද.

    ReplyDelete
  6. පව් අහිංසකයෙක්...පොඩි කාලේ හිත රිදිච්ච නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ...අනුකම්පා කරපු එක හොඳයි පෙත්තප්පුවට...

    ReplyDelete
  7. අනේ මන්ද මටමෙක තාම හරියට තේරෙන්නේ නැ
    ඔයකියන බ්ලොග් එකනම් ඒකාළෙම කියවලා තියෙනවා
    මට තේරෙන්නේ නැ එක ලියපු කෙනා බොරු කාරයෙක්ද?
    ඇයි එහෙම කලේ?

    ReplyDelete
  8. කොහෙදයන පිස්සෙක්....

    ReplyDelete
  9. හිතුවක්කාරි......
    බොරුකාරයෙක් විතරක් නෙවේ මෙයා.......තව ඉදිරියට බලන්නකො....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... බලමුකො ඉසරහට!!! අඩේ!!! මම එක වෙලා නේද?? :D

      Delete
    2. ඔව්.ඔව් ඔයා එක...ඉක්මනින් කියන්නම්කො කතාවෙ ඉතුරු හරියත් හොඳේ?

      Delete
  10. පැණි දොඩම්......
    මගේ ජීවිතේ කවදාවත් මම මෝඩකමක් කරල නැති නිසා ඒවා ගැන මට අවබෝධයක් නැති උනා වෙන්න ඇති....ඇත්තටම මට උනේ මොකක්ද මම කලේ මොනාද කියල මම තාමත් හිතනවා.......

    ReplyDelete
  11. දිල්......
    ඔව්..දිල් අක්කි..මම හැම අතින්ම මහා පිං ගොඩාක් රැස්කර ගත්තා...වචනෙන්,,ක්‍රියාවෙන්,,සල්ලිත් ගොඩකින්............
    ලබන ආත්මෙදිත් මම මේ වගේම සියලුම සැපසම්පත් එක්ක කුමාරිකාවක් වෙලා ඉපදෙනවා......!!

    ReplyDelete
  12. මධුරංග....
    ඔව් ඔයා හරි අයියෙ...ඒත් මම එදා බලාපොරොත්තු උනේ එයා ආව ගමන් ඒ වගේ දෙයක් අහගන්න නෙවේ..ඊට වඩා වෙනස් දෙයක් අහගන්න..මම නිදි මරාගෙන උන්නනෙ එයා එනකම්..
    එයාට කතා කරල පුරුදු නැතිලු...ඉතින් ඒ පුරුදුවෙන හැටි තමා...බු-ශි-.....!

    ReplyDelete
  13. අසරණයා......
    තාමත් යහතින් ඉන්නවා....මට පිංසිදු වෙන්න..මගේ ලංකාවෙ අය ලෑස්ති උනා ගිහින් ඇදල ගන්න ගෙයින් එලියට......!

    ReplyDelete
  14. ඔබ නොදු‍ටු ලොවක් .......
    පෙත්ත බත් කෑවද ඇහුවාම....පෙත්ත බත් කෑවද කියනවලු.....ඕන දෙයක් ඇහුවාම කියන්නෙ ''හ්ම්ම්ම්'' විතරයි.....නැත් නම් ''දන්නෙ නෑ''....''වෙන්න ඇති'' ''කැමැත්තක්''......මම ලංකාවෙ නොහිටියෙ කාගෙ වාසනාවටද කියල මම තාම හිතනව....!!

    ReplyDelete
  15. මහිම මදුරංග.......
    ඒ මිනිහ ඒ බ්ලොග් එක ලිව්වෙ හේතු ගොඩාක් නිසා ලෝකෙ මිනිස්සුන්ගෙන් අනුකම්පාව හොරකම් කර ගැනීමෙ අසහනයක් තියනව මෙයාට....මේ මිනිහා මානසික ලෙඩෙක්..එයා අනුන්ගෙ කෙල්ලන්ව උදුරගන්න ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා..අනුත්තරා මගෙ යාලුවෙක් දැන්,මේ මිනිහා ඒ කිව්ව දේවල් ඔක්කෝම බොරු...මෙයා ඒ දේවල් ලිව්වෙ අනුත්තරාට(ඉන්දිට.) මඩ ගහන්න......මේ මිනිහ ලිව්ව අනෙක් බ්ලොග් ඔයා බලන්න ඇති...''කරුමක්කාරයගෙ දින පොත''......''කරුමක්කාරයෙකුගේ දින සටහන්'' මේවා ලියල තියෙන්නෙ මටත් හොරෙන්..මේ මෑතකදි අහු උනාට පස්සෙ මේ බ්ලොග් මකල දැම්ම...මේවල ඔක්කෝම ලිව්වෙ පට්ට පල් තිත්ත පල් අමූලික හෙන ගහන බොරු....!!!!!

    ReplyDelete
  16. ලොකු පුතා......
    පිස්සෙක් විතරක් නෙවේ මේකා ඊට වඩා ගොඩාක්........බලන්නකො එදිරියට...!!

    ReplyDelete
  17. මෙයාගේ බොරු ඔයාට අහු උන විදිය දැන ගන්න මමනම් නොඉවසිල්ලෙන් ඉන්නේ...

    ReplyDelete
  18. මට හිතගන්න බෑ මිනිහෙක් මෙච්චර බොරුවක් කරයි කියල...

    ReplyDelete
  19. සයුරි......
    අහුවෙන්න කලින් තව ගොඩාක් කිව්ව..වංචා ගොඩක් කලා....ඉන්නකො ඉක්මනින් කියන්නම්....

    ReplyDelete
  20. කස්ස.....
    ඒ ඉතින් 'මිනිහෙක්' නම් නෙ අයියෙ...ඔයා තව ඇහුවෙ නැහැ බොරු..... ඉන්නකො ඉක්මනින් ලියන්නම්....

    ReplyDelete
    Replies
    1. ඔය "පෙත්තප්පුගේ" බ්ලොග් එක මම දිගටම කියෙවා. හැබැය් මටත් හිතා ගන්න බැරුව හිටියේ තනි මිනිහෙකුටම මෙච්චර දෙවල් වෙන්න පුලුවන්ද කියලා. ඉතුරු විස්තර ටික පසුබිමේ උන දේවල් දැන ගන්න නොඉවසිල්ලක් තියෙන්නේ.. ඉක්මනට කියන්න.

      ඔයාගේ බ්ලොග් එකේ cඔම්මෙන්ට්ස් පොස්ට් ගැජ්ට් එක පේන්නේ නෑ. මම මේ රිප්ල්ය් ලින්ක් එක හරහා පොස්ට් කරන්නේ.

      Delete
    2. මාර යාලුවෝ ටිකක් තමා ඔයාටත් ඉඳලා තියෙන්නේ . ඉතින් එයාලගෙන් කාටවත්ම සැක හිතුනේ නැද්ද? දැන් බලාගෙන යනකොට ඇනෝලත් හොඳයිනේ. එයාගේ බ්ලොග් එක තාමත් තියනවද? පොඩ්ඩක් දුක හිතෙනවද කියලා බලන්ට.

      Delete
    3. samadhi.....
      ඔය බ්ලොග් එක නිසා තමා මම මේ උගුලට අහු උනේ....ඒක බ්ලොග් එකක් නෙවේ ''උගුලක්''....ඒ වගේ තව උගුල් දෙකක් දාල තිබ්බ...ඒවලින් අල්ල ගත්ත කෙල්ලන්ට දෙවියන්ගෙම පිහිටයි...වෙන කියන්න දෙයක් නැහැ.....ඉක්මනින් කියන්නම් කතාව....

      කොමෙන්ට්ස් දාන විදිය වෙනස් කරල..මම නෙවේ ''ගූග්ල් මාම'' :)

      Delete
    4. Podi Kumarihami.......
      ඒ යාලුවො අහු උන එක කියන්න දෙයක්ද මම මේ අහු උන අහුවිල්ල බලද්දි..?
      ඒ බ්ලොග් එක එකපාරම අතුරුදහන් කලා වැඩේ මාට්ටු උන දවසෙම.......
      අපරාධෙ නේද පොඩ්ඩි..? අඬන්න තිබ්බ චාන්ස් එකක් මග ඇරුන ඔයාට...:).....සැක්..!!

      Delete
  21. අක්කේ හැමදාම කියනවා වගේ කතාව ලස්සනයි.Comment එකක් නොදැම්මට හැමදාම ඔයාගේ බ්ලොග් එක බලනවා.

    ප.ලි:අපේ සෙට් එකට නම් කියන්න තියන්නේ මේ කතාවේ ඉන්න රාජ් P කියල තමා

    ReplyDelete
    Replies
    1. ඔයාල ආයෙමත් නම වෙනස් කලාද? හ්ම්.හ්ම්...ඒ පැත්තෙ එන්නම්කො...අපි වැඩ පටන් අරන් මල්ලි දැන් හෙන බිසි.....

      Delete
    2. නිවාඩු පාඩුවේ ඇවිත් යන්න අක්කේ නම වෙනස් කරේ නැ.සෙට් එක කට්ටිය වෙනම id හදා ගත්තා

      Delete
  22. අනේ මන්දා...මෙව්වාට මොකක් කියන්ඩද කියලා....අප්පා...

    " මේ ලිපිය බැලුවාම ඇඬෙනවා තනි ඇහැට...."

    " ඔකාගේ පර හිතට තලන්නට හිතයිමට..."

    " ඔකා ඉන්නේ... කොහේද..."

    " බෙල්ල කපලා ගමුද.........."

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්...මම ලංකාවෙ උන්න නම් ඔය ඔක්කෝම වෙලා උන්දට......!!!

      Delete
  23. //ඒත් සමහර 'ඇනෝල' මෙයාට කුනුහරුපෙනුත් බැන්න..!!!//
    නපුංසකයන්ගෙ නපුංසක ගති තේරුම්ගත්ත අයත් ඉදල තියනව.

    ReplyDelete
    Replies
    1. ඒ ඇනෝලට බැනල මූව සුද්ද කරන්න ගිහින් මාත් නිකම්ම ''නපුංසකයෙක්'' උනා අනේ අයියෙ...ඉහි..ඉහි..ඉහි....! :):)

      Delete
  24. මූට යන්න අපායක් නැතිවෙයී.සමහර විට ඔය කියන යාළුවෝ දෙන්නත් ඔය නපුරගේ බෝට්ටුවෙමද දන්නේ නෑ? ඔයවගේ අයට යහතින් ඉන්න ලැබෙන්නෑ. ඒකට ස්වභාව ධර්මයම එයාට දඩුවම් කරයී.

    ReplyDelete
    Replies
    1. ඔව්..බට්ටි....එයාට නියම දඬුවම ලැබෙනව ඒක බුදු සත්තයි...!!

      Delete
  25. හපොයි මේ මොකෑ වෙලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නෙද? හික්ස්.....තව උනේ නැහැ.....

      Delete
  26. හ්ම්ම්ම් අද තමා ඔය කියන බ්ලොග් එක මතකෙට ආවේ

    සික් මාත් කොමෙන්ට් කරාද කොහෙද.....

    ReplyDelete
  27. පව් නේද අහිංසකය?..ඇයි ඔයා මෙයාගෙ අනිත් බ්ලොග් දෙක බැලුවෙ නැද්ද? හප්පේ.....තව කීදෙනෙක් මෙයාට සහනාධාර දුන්නද දන්නෙ නැහැ.....

    ReplyDelete
  28. ඉන්දියාවෙ මෙගා නාඩගමක් වගේ, උන්ද ඇත්තටම ඔලුව බිත්තියෙ ගහ ගත්තනම් තුවාල වෙන්න ඇතිනෙ, ඔලුවෙ පොටෝ ගහල එව්වෙ නැතෙයි.....?

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්...මේක 'ශාරුක් ඛාන්' ගෙ මෙගා නාඩගමක්.....හික්ස්...
      පොටෝ ගහල එව්ව මොකෝ නැත්තෙ? ...ඒත්...එයාගෙ ඔලුව නෙවේ අනුන්ට අයිති දේවල් එයාගෙ කියල ........

      Delete
  29. ශික් මෙහෙමත් බොරු කාරයෝ..
    අදයි මේ පත්තට ආවේ මම
    මේ ඕකා කවුද? බ්ලොග් ලියන පොරක්ද?

    ReplyDelete
    Replies
    1. වර්ණා...කිරිල්ලි ඔයාව ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට...!!
      ඔයාගෙ කොමෙන්ට්ස් ඔක්කෝටම එක පිළිතුරක් දෙන්නම් හොඳේ?
      මෙයා පුරුද්දෙන් නෙවේ උපතින්ම බොරුවට ඇබ්බැහි වෙලා බොරුව වංචාව ගැන අති විශිෂ්ට මනා පලපුරුද්දක් තියන..කෙනෙක්..!! ඔව්.ඔව්..මෙයා බ්ලො කීපයක් ලිව්ව..ඒ ඔක්කොගෙන්ම කලේ ලෝකෙ මිනිස්සු රවට්ටපු එක..නමුත් ''කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ'' මගෙන් තමා ඒක එලි උනේ..මට ගොඩාක් පාඩු සිද්ද උනා..කතාව බලන්න දිගටම....මේකට ඇති වත්තක් නෑ ...ඔව් ඌ නිසා තමා මම මේ බ්ලොග් ලෝකෙට ආවෙ..මම හිතන්නෙ මූ අවුරුදු ගානක ඉඳන් බ්ලොග් හරහා කරපු බොරු වංචා හොරකම් ලෝකෙට පෙන්වල දෙන්නම තමා දෙවියො විහින් මාවම මූට මුණ ගැස්සුවෙ....ස්තූතියි ඔයාට...!!

      Delete
    2. හ්ම්ම් බොරුකමේ උල්පතක් එහෙනම්.
      බලමුකෝ ,, ඉදිරියට මොකෝ මු කරලා තියෙන්නේ කියලා.

      Delete
  30. මම නම් හිතන විදිය වැරැද්ද ඔයාගේ වගේ... ඇයි දන්නවද, ඔයාට මීට වඩා හොයලා බලන්න තිබුණා. හැඟීම්බර නොවී ඉන්න තිබුණා. ඇයි කියලා හිතාගන්න බෑ මිනිස්සු ඇයි මේ තරම් බොරු කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ලහිරු....මම ඉන්නෙ ඒ තැනැත්තගෙන් කිලෝ මීටර් 9000 ක් පමන දුරක....මම යාලුවන්ගෙන් උදව් ඉල්ලුවා මෙයා ගැන හොයන්න..ඒත් ඒ අයත් මෙයාට රැවටිලා වෙන්න ඇති කවුරුත් මට උදව් කලේ නැහැ..මගේ ෆැමිලි එකම ඉන්නෙ මෙහෙ..ලංකාවෙ ඉන්න මගේ නෑයින්ට මේ ගැන කියන්න මට පුලුවන් කමක් තිබ්බෙ නැහැ..අනික මෙයා පදිංචිය කිව්වෙ මීගමුවෙ සාන්ත අන්තෝනි පාරෙ කියල..ඒකත් අමූලික බොරුවක්...!...අන්තිමට අපේ අම්ම තමා මූව අල්ලගත්තෙ...!!!!

      Delete
    2. මීගමුවේ එහෙම පාරක් තියෙනවද?

      Delete
    3. ඔව් වර්ණා.තියනව.. ඔයාල මීගමුවෙ ඉඳන් හලාවත පැත්තට යද්දි,මීගමුවෙ දලුපත සාන්ත අන්තෝනි පල්ලිය පහුකලාම..වම් පැත්තෙ තියෙන්නෙ.....ඒත් මේකා ඉපදෙන්නත් කලින් ඒ පැමිලි එක නම් මේ පාරෙ උන්නලු.....ඇත්තටම මේක ඉන්න තැන මම ඔක්කෝම විස්තර පොටෝස් එක්කම දෙන්නම්කො කතාවෙ අවසානෙ හරිද??

      Delete
  31. මේ බොරු කාරයෙක් කියලා අදුන ගත්ත එකනම් හොදයි.. ඉතුරු ටිකත් ලියමුකො එහනම්...

    ReplyDelete
    Replies
    1. තව කීදෙනෙක්ව මෙහෙම අන්ඳවල වංචා කරගෙන තියනවද දන්නෙ නැහැ...පව් අහිංසක කෙල්ලො.....!!

      Delete
  32. හප්පේ බොරැ කරනවා කියල ඔච්චර ???

    ReplyDelete
    Replies
    1. කරපු බොරු ඔක්කෝම අහු උනේ අන්තිමට...හිතාගන්නවත් බැරි තරම් බොරු.....

      Delete