My Blog List

Saturday 31 December 2011

මොට්ටපාල මහතා වෙත..........!!



අද රාත්‍රි 12 න් පසු මගේ ජීවිතයට ලබන ලස්සණ අවුරුද්ද උදාවෙන්න කලින් මගේ හිතට වට්ටපු මේ අවලස්සණ ප්‍රශ්ණය මෙසේ විසඳ ගන්නට හිතුනා........

හොඳයි මම පටන් ගන්නම් මෙහෙම....

මගේ බ්ලොග් එක ලියන්න පටන් අරන් අදට මාස 2 ක් සහ දින කිහිපයක්  වන අතර... මේ වනතුරු ලෝකෙ රටවල් රාශියකින් මගෙ බ්ලොග් එක කියවන අය අතරින් කිසිම කෙනෙක් යාන්තම් හෝ මගෙ හිත රිදෙන විදියෙ එකම කොමෙන්ට් එකක් වත් එවා නැහැ...එහෙම උනා නම් එකම වතාවක් හෝ එහෙම උනා නම් මම ඒවා පල නොකර පිළිතුරු පමණක් හෝ දීමට පසු බට වෙන්නෙ නැහැ....

ඒත් ඔබ විසින් එවන ලද (දෙවන වතාවටත්) ''කොමන්ටුවක් නෙවේ අවවාදයක්'' කියන ඒ දෙවන ''අවවාදයත්'' මා නොසලකා හැරියේ...නම් ගම් ප්‍රොෆයිල් නැති බිය ගුල්ලන්ගේ වැඩ වලට මා කවදත් ප්‍රතිචාර දක්වන්නේ නැති කම නිසා පමණයි.......

ඒත් 3 වෙනි ''අවවාදය'' අවවාදයකට වඩා පොඩි ''තර්ජන පාරක්'' වගේ පෙනෙන නිසා ඔබට මෙහෙම පිළිතුරු දෙන්නම්........

මගේ බ්ලොගය කියවන්න කැනඩාවෙන් බොහෝ දෙනෙක් එන  නමුත් ඔබගේ ''අවවාද'' මට ලැබුන කිසිම දිනක කිසිම මොහොතක කිසිම කෙනෙක් කැනඩාවෙන් මගෙ බ්ලොගයට ඇවිත් තිබුනේ නැත.........

ඒ අනුව ඔබතුමා ඒවා එවන වෙලාවල් වලදී ඉන්නට ඇත්තේ අනිවාර්යයෙන්ම ලෝක සිතියමෙන් කැනඩාව දෙස බලාගෙන විය යුතුය.....හික්ස් ය..!!

ඔබ තුමා කියන අන්දමට ඇති තරමට ඔබ මා හඳුනන බවයි.....එසේ නම් දැනට මා කරන රැකියාව ඔබ නොදන්නේ මන්ද?...ඔබ දන්නේ 2010 වසරේ මා කල මගේ පලමු රැකියාව නොවේද? 2011 සැප්තැම්බර් මාසයේ සිට මගේ අලුත් රැකියාව ගැන ඔබ නොදන්නේ මන්ද?....මට අවශ්‍ය නම් දැනට ඕනෑම රටක විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ලබා ගැනීමට උවමනාවටත් වඩා සුදුසු කම්,,හැකියාව සහ වාසනාව මට ඇති බව ඔබ නොදන්නේ මන්ද???????

ඔබ කැනඩාවේ ජීවත් වන්නෙක් නම් දැනට ඒ රටේ වෙසෙන මගේ ලඟම ඥාතීන් හඳුනන්නේ නැතිද??

මේ බ්ලොගයේ හැර අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලකම මම මගෙ උප්පන්න සහතිකයේ ඇති නමින් පෙනී සිටින නිසා ඔබ මගේ ''ඇත්ත නම'' දන්නවා කියන එක ගැන පුදුම වන්නට තරම් මම මෝඩියෙක් නොවෙමි...ඒ ගැන ඔබ සිතන පරිදි ''බිය වන්නට'' මට කිසිදු හේතුවක් නැත........!!!!!!!

ඉතින් මොට්ටපාල මහතානෙනි....!!

ඔබගේ 3 වන ''අවවාදයට'' මම මෙසේ කියමි....!!!!

හොඳින් හෝ නරකින් ඔබට හෝ ඔබගේ හත්මුතු පරපුරට...මගේ මේ ලිවීම නතර කිරීම හෝ මගේ බ්ලොග් එක වසා දැමීම කල නොහැක...!!
එසේ නම් ඔබ කුමක් කරන්නද??...''පියාඹන විට'' මාව ''හයිජැක්'' කරන්නද?????

හහ්...හහ්..හහ්..හාආආආ...!!!!!!

ඔබ ඒ තරම් 'හපනෙක්' නම් එලිපිට පෙනී සිටින්න..!!...නැති නම් ලබන අලුත් අවුරුද්දේවත් මේ වගේ ''ෂිටි වැඩ'' නොකර පාඩුවේ තමුන්ට ප්‍රයෝජනවත් වැඩක නිරත වෙන්න...!!

සුභ අලුත් අවුරුද්දක්....!!!!!!

40 comments:

  1. ඇයි මේ අපි කියවන්ඩ ඉන්නවනේ...අඩේ ලියන එක නැවැත්තුවොත් අපි ජාතික..නෑ..නෑ..ලොක පුජීත පිකටින් වියාපෘතියක් පටන් ගන්නවො....
    ඔය එක එක උන්නැහැලගේ තර්ජන වැඩක් නෑ..දිගටම ලියන්න ජය
    අඩේ සුබ නවවසරක්..හැම පැතුමක්ම ඉටුවේවා....මෙදා සැරේ සයිබර් මිතුරො ගාලු යනව ....ලංකාවට ආව වෙලාවක හමුවෙමු

    ReplyDelete
  2. ඔයාගේ බ්ලොග් එකටත් ඇනෝ කෙනෙක් ජරා කරද.දැන් මේ ළඟක ඉඳල හැම බ්ලොග් එකකටම ජරා කර කර යනවා,එහෙම එනගමන් ඔයාගේ එකටත් ජරා කරලා යන්න ඇති..සුනඛයාගේ පොදු ලක්ෂණයක් නේද ඔය වැඩේ..ඒත් වැඩිය උත්තර දෙන්න ගියොත් කබ්බොත් ෆෝරම් වෙනවනේ.පුස් වෙඩි වලට සැලෙන්න එපා..

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. මොකක්ද අප්පේ මේ. වින්චැට්කිරිල්ලිට මරණිය තර්ජනද? අපේ සෙට් එක කියන්නම් කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ අනිවා ඔය comment එක දාන්න ඇත්තේ රාජ්(කතාවේ ඉන්න රාජ් හොදේ)

    ReplyDelete
  4. ''පියාඹන විට'' මාව ''හයිජැක්'' කරන්නද?????

    අන්න ඒකනම් නියම කතාව.. ඕවා ගනන් ගන්න එපා.. අළුත් අවුරුද්දක් එන වෙලේ මොකටද මේ දේවල්.. එහෙනම් සුභ අළුත් අවුරුද්දක් ඔයාටත්...

    ReplyDelete
  5. මේ ලෝකය දුෂ්ඨ මිනිසුන්ගෙන් පිරී ඇත. එහෙත් ඒ තරමටම සුන්දර මිනිසුන්ද සිටී....ඔබ වටා සිටින දහසක් සංවේදී සුන්දර මිනිසුන් පෙරලාගෙන නිර්නාමිකව ඔබව බිය ගන්වන එක් අයෙකුගේ බොළඳ ප්‍රයත්නය හමුවේ නොසැලී සිටින්න...
    ඉරිසියාව, කුහකකම හෝ වෙනත් මොනයම් හේතුවක් නිසා හෝ සැඟවී සිට කෙනෙකුගේ සිත රිදවන්නට වෑයම් කරන දුර්ජනයින්ට දිය හැකි හොඳම පිලිතුර වන්නේ පෙරටත් වඩා හොඳින් ජවසම්පන්න වීමයි‍....වැඩි වැඩියෙන් ලියන්න...

    ReplyDelete
  6. මට තේරෙනෙ විදිහට ඇනෝ කෙනෙක් ඇවිත් කමෙන්ට් එකක් දාලා නංගිව බය කරන්න හදලා. ගනන් ගන්නෙපා නංගි. ඔයා ලියාගෙන යන්න.

    මේ කමෙන්ට් බොක්ස් එක කාටත් විවෘත නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන්. හැදෙන්න දෙයක් කියනවා නම් ඇනෝ කෙනෙක් උනත් ඒක පිලිගමු. ඒත් සාපරාධී ලෙස නිග්‍රහ කරනවා නම් බනිනවා නම් ඒවා ගනන් නොගෙන ඉදිරීයට යමු.

    ඒ වගේ දේවල් වලට බනින්න වචන පාවිච්චි කරන එකත් අපරාධයක් !!!


    නංගිට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවායි පතන්නෙමු !!!

    ReplyDelete
  7. Raj.....
    නෑ නෑ ලියන එක නවත්වන්නෙ නැහැ....මට මේ දවස් වල ගෙදර වැඩ ගොඩයි...මේ දැනුත් කුස්සියෙ අම්ම එක්ක උයනව හොරෙන් දුවගෙන ආවෙ පොඩ්ඩකට..හික්ස්...
    ඔයාල ගාලු යනව නේ? අයියෝ ඉරිසියාවෙ බැහැ අප්පා...ඇයි දෙවියනේ මම කොල්ලෙක් වෙලා ඉපදුනේ නැත්තේ..සික්..!
    හමුවෙමු ලංකාවෙදි...........සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!!

    ReplyDelete
  8. අසරණයා......
    හික්ස්..ජරා කරල නැහැ අනේ..පොඩ්ඩක් පස්ස ගාතෙ උස්සල.......
    යක්කුන්ට බය නම් සොහොනෙ පැල් හදන්නෙ නැහැ මම.........

    වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  9. සෙට් එක......
    හෆෝයි...!! මෙන්න මේ සෙට් එක ඒ පාර සාස්තරත් කියනවා...!!

    සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්තම නව වසරක් වේවා මල්ලී ඔයාල හැම දෙනාටම..!!

    ReplyDelete
  10. Dinesh.........
    පිස්සුද අනේ මම නම් ගනන් ගනී ඕවා.....!

    වාසනාවන්තම අලුත් අවුරුද්දක් ඔයාටත්..!

    ReplyDelete
  11. වැලිමැඩියා........
    පව් අනේ..එයා මට දෙන්නෙ අවවාද ලු....හැංඟිලා ඉඳන් අවවාද දෙන එක තමා කැත..බාල බොළඳ මනසකට හිමි කම් කියන, පිටරටක් ගැන හීන දකින අහිංසක මෝඩයෙක් එයා....කෝම උනත් මට හොඳ හයියක් ලැබුනා තව තව ලියන්න.........

    ReplyDelete
  12. hithe pathum mal pala ganwena suba nawa wasarak wewa

    ReplyDelete
  13. මධුරංග......
    එක කොමෙන්ට් එකක් නෙවේ අයියෙ...කලින් දෙකක් එව්ව මම ගනන් ගත්තෙ නැහැ..''ඒ බාල බොලඳ ලඳ'' හිතල තියෙන්නෙ මම මේ දවස් වල කතාව ලියන්නෙ නැත්තෙ එයාගෙ අවවාද අනුශාසනා පිළිගත්ත නිසා කියල...(මම මේ දවස් වල කතාව ලියන්නෙ නැත්තෙ ඇත්තටම මේ දවස් වල මම ඉන්නෙ ගොඩාක් සතුටින් ගෙදර ඇවිත් අම්ම එක්ක..ඒ විතරක් නෙවේ තව මට සතුටු වෙන්න ගොඩාක් දේවල් තියනව..ඉතින් කතාව ලියන්න අරන් පරන දේවල් මතක් කර කර දුක් මූඩ් ගහ ගෙන මේ සතුට පැයකට හරි නැති කර ගන්න මට හරි ලෝභයි..ඒ නිසයි මේ ටිකේ ලිව්වෙ නැත්තේ)

    ඉතින් මෙන්න මේකා මට ඒ පාර කියනවා ''අන්න එහෙම නතර කරල දාන්නලු''...

    ඉතින් අදම මේක ඉවරයක් කරන්න හිතුන අලුත් අවුරුද්ද ලබන්න කලින්...

    සුභ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලේ සැමටත් අයියේ.!!!!

    ReplyDelete
  14. බට්ටි......
    ඔයාටත් එසේම වේවා බට්ටී.....!!

    ReplyDelete
  15. මොට්ටපාල මත්තයාට. නියම උත්තරයක් දීලා...නියමයි....ලැජ්ජාවක් ඇතිනම් ආයේ පැත්ත පලාතේ එන එකක් නෑ....දාන්න ඕවා ඔක්කොම පැත්තකට....

    අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  16. දිල්........
    ඔයාගෙත් සිතුම් පැතුම් ඔක්කෝම ඉටුවෙලා 2011 වසරටත් වඩා ගොඩාක් සතුටින් සුවෙන් 2012 වසර ලැබේවා කියල ආදරෙන් ප්‍රාර්තනා කරනවා....ඒ වගේම වෙන්න මහත්තයාගෙත් බලාපොරොත්තු..සිහින...සියල්ලම ඉහලින්ම ඉටුවේවා කියල මම ප්‍රාර්තනා කලා ඔන්න...(2012 අවුරුද්ද මැද හරියෙදි වගේ ඔන්න මොකක්ද මොකක්ද වෙනවා වගේ සාස්තරේට පේනවා,)

    ReplyDelete
  17. මම නම් අදමද මන්දා මේ පැත්තේ ආවේ... සහෝදරියේ කාලෙන් කාලෙට ඔහොම එක එක ආතල් දෙන අය මේ බ්ලොග් ලෝකේ පහල වෙනවා..බ්ලොග් ලෝකේ ගොඩාක් දෙනා ඔය වගේ දේවල් වලට මුහුන දිලා ඇති... ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ... ඉතින් ඒ අයට ඕන විදිහට ඒවා කරගන්න කියලා හිතලා ඔයා බ්ලොග් එක ලියන්න..

    සතු‍ටු වෙන්න ඔයා... ඒ කෙනා කවුරු උනත් බ්ලොග් එක එයාට රිදිලා ඇති...
    දිගටම ලියන්න...

    ජය හා සතුට....... සුභ නව වසරක් වේවා

    ReplyDelete
  18. දේවා ගේ අඩවිය.....
    ගොඩාක් ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට...ඔව්..එයාට රිදිල තමා.....මම ඕවට සැළෙන කෙනෙක් නෙවේ.....බ්ලොග් එක ලියනව දිගටම තව හොඳම හරියට ආවෙ නැහැ........
    සුභ නව වසරකට ආසිරි පතනව ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත්...!

    ReplyDelete
  19. හප්පේ මම බැලුවා මේ මොන ගිනි ගෙඩියක්ද කියලා...රාජ් බුවා කැනඩා ගිහිල්ලද...හික් හික් ..ඕං මමනං ඉන්නේ මේ අප්‍රිකාවේ හොදේ..අපිව අල්ලගන්න එපා ඕවට....

    ReplyDelete
  20. සුභ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  21. කොන්ද පණ නැති එවුන්ගේ වැඩ....
    සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  22. එයාට බය හිතිලද දන්නේ නැහැ නංගියේ පොඩ්ඩක් බුරන්න ඇත්තේ...
    ඔව්ව ගණන් ගන්න එපා
    ඔයා දිගටම ලියන්න

    ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා.....!!!

    ReplyDelete
  23. ඔබ නොදු‍ටු ලොවක්........
    යාවි යාවි කැනඩා නෙවේ_ _ _ _
    හා හා ඔයා භය වෙන්න එපා...(හ්ම්. ඒ උනාට අර කාත් හප හප අන්ජබජල් වෙලා ඉන්න වෙලාවක ඕක කලාද දන්නෙත් නැහැ අප්පා)
    සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා...!!

    ReplyDelete
  24. පැණි දොඩම්....
    හ්ම්.හ්ම්..ම්ම දන්න තරමින් එයා දක්ශයි ඒ වැඩ වලට.....
    වාසනාවන්ත නව වසරකට ආසිරි මගෙන් පවුලේ සැමටම ඔයාගෙ..!

    ReplyDelete
  25. ලොකු පුතා.......
    ඔව්..එහෙම තමා අයියෙ.....ඒ උනාට මම භය නෑ...ඇත්ත කියන්න මම කොහෙත්ම භය නැහැ....
    ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් සතුට උතුරන වාසනාවන්තම නව වසරක් අයියෙ..!

    ReplyDelete
  26. චින්චැට් කිරිල්ලි ඇතුලු බ්ලොග් අඩවියේ මැරකම් නොකරන සියලු ඹ්ලොග්කරුවන්ට ලැබුවා වු මේ අලුත් අවුරුද්ද නෙතින් දකින හැම දසුනම,සවන් වැකෙන හැම වදනම,සිතින් සිතන හැම පැතුමම යහපත් වෙන අවුරුද්දක් වේවායි පතමි..............හික්ස්...:)සෙල්ලම් දාන්න ඔන්න රකුසා එලියට ඇවිත්...බලිතොවිල් නටනකොට බලිය අඹපු කෙනාට ඉන්න බැ වගේ දැන් ඔන්න රකුසාටත් රිදෙන්න අරන්......ඔයා බයවෙන්න එපා නගෝ,හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිටනෙ....

    ReplyDelete
  27. ඔය සද්ද ගනන් ගන්න එපා. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  28. ගනං ගන්න එපා නංගි.ඔයා ඔයාගෙ වැඩේ කරගෙන යන්න.ඔන්ලයින් ලෝකෙ කාඩ්බෝඩ් වීරයො වැහි වැහැල.හැබැයි උන්ගෙ සැබෑ ජීවිතේ කිසිම දෙයක් නෑ.මොනව හරි කලොත් අපිත් ඉන්නව.ඔහොම යං.ගල් මුල් අස්සෙන්,බාදක අස්සෙන් ගලනකොට තමා ගඟ ලස්සන.

    ReplyDelete
  29. සෙවණැල්ල........
    හික්ස්....තාම තොවිලෙ පටන් ගත්ත විතරයිනෙ අක්කී......අපි බලමුකො..
    ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත්..ඔයාගේ ඔක්කෝම යාලුවන්ටත්..සතුට වාසනාව පිරුනු ලස්සනම නව වසරක් වේවා...!!

    ReplyDelete
  30. Shaggy......
    අයියෝ නැහැ අනේ හැංඟිලා සද්දෙ දාන උන්ට තියා මූණට මූණ ඇවිත් සද්දෙ දාන උන්ටවත් මම පොඩ්ඩක් වත් භය නැහැ......

    ඔයාටත් යස ඉසුරින් පිරුනු වාසනාවන්ත අලුත් අවුරුද්දක්....!!

    ReplyDelete
  31. කස්ස........
    ඔව් අයියෙ ඔයා හරි ..සැබෑ ජීවිතයෙ කිසිම දෙයක් නැති..අඩුම ගානෙ ඇනෝ කොමෙන්ට් එකක් දාන්නවත් කොම්පියුටර් එකක් වත් නැති උන් තමා ඔය.....මම නවතින්නෙ නැහැ...ගොඩාක් ස්තූතියි ඔයාට.........සතුට පිරුනු නව වසරක් ඔයාට..!!

    ReplyDelete
  32. සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  33. හෆොයි!රාජ් කිව්වට මංතුමානං නෙවේ.:)) ඔවුව ගනංගන්න එපා නංගී. මමත් එකසැරයක් කලබලඋනා ඔයවගේ ‍කේස් එකකට. මේවගේ දේකට පෝස්ට් එකක් දානඑකත් අපරාධයක්. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  34. පිස්සෙක්!
    වෙන මොනවා කියන්නද? ඔවා ගනන් ගන්න එපා. ඔයා සතුටෙන් ඉන්න.

    ReplyDelete
  35. Sammani.........
    ඔයාටත් එසේම වේවා..!

    ReplyDelete
  36. රාජ්.....
    හෆොයි ඔබ තුමා නෙවේ.....ඔයාටත් සතුටින් පිරුන නව වසරක් වේවා..!

    ReplyDelete
  37. samadhi........
    ඔව්..පිස්සෙක්..!! සුභ අලුත් අවුරුද්දක් වේවා සමාධි...!!!

    ReplyDelete
  38. "''පියාඹන විට'' මාව ''හයිජැක්'' කරන්නද????? "

    ජොලි කතාව..:D හික්ස්ස්.. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කිරිල්ලියෙ.. ඒ වගේම තමා කිරිල්ලියො උඩින් ඉගිල්ලෙද්දි බිම ඉඳන් බව්වො බුරයි.. ගනන් ගන්නෙපා... ඉගිල්ලෙන්න නිදහසේ...

    සුභ අලුත් අවුරුද්දක්!!! ජය වේවා!!

    ReplyDelete
  39. හිතුවක්කාරි.........
    හී..හී..හී..........පව් බව්වො...
    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..සතුට උතුරන අවුරුද්දක්...!!

    ReplyDelete
  40. අපේ චරිතෙද දන්නෙ නෑ නේ...

    ReplyDelete