මම ගොඩාක් සතුටින් උන්නෙ ඒ කාලෙ..ටික කාලෙක ඉඳල කාමරේටම හිර වෙලා ඉඳල පොඩි එකාකාරී ගතියකුත් හිතට වද දුන්නා...ඔය අතරෙදි දවස් කීපයක නිවාඩුවකුත් ලැබුනනෙ..ගොඩාක් රටවල ගොඩාක් තැන්වල ඇවිදල තිබුනට මම කවදාවත් ''ගිනි කන්දක්'' බලන්න ගිහින් තිබුනෙ නැහැ...ඔන්න ඉතින් මට ඒකට අවස්තාව ලැබුනා..අපි ගියා ඉතාලියෙ ස්ත්‍රොම්බොලි කියන දූපතට ස්ත්‍රොම්බොලි ගිනිකන්ද බලන්න....
![]() |
a google picture |
ඒ යන ගමනෙදි උනත් ප්ලේන් එකට නගින තුරුම අපේ එයාර් පෝට් එකෙත් මම රාජ් එක්ක නෙට් එකේ උන්නෙ අයියලගෙන් හැංගිලා...මම යන හැම තැනකම මගෙ ලැප්ටොප් එක අරගෙනයි ගියෙ.........
අපි දූපතට යන්න කලින් මම උන්න හොටෙල් කාමරේ ඉන්නකම්ම රාජ් මා එක්ක චැට් කර කර උන්න...එදා මහ රෑත් එයාට ඕන උනා මා එක්ක ටෙලෙපෝන් එකෙන් කතා කර කර ඉන්න....'ගූග්ල් අර්ත්' එකෙන් හොටෙල් එක තිබ්බ පාර පවා හොයගෙන එයා මට කිව්ව.........
පහුවදා උදේ පාන්දරින් ලොකු බෝට්ටුවකින් තවත් මුහුද මැද්දෙ දූපත් 6 ක් විතර පහු කරගෙන අපි ස්ත්‍රොම්බොලි ගිනිකන්ද තියන දූපතට ගියා.......ඒ මුහුදු ගමන හරිම විනෝදජනකයි..මට නිතරම රාජ්ව මතක් උනත් එයාට කෝල් කරන්න නම් බැරි උනා මූද මැද්දෙ ඉඳන්........
අපි ගිය බෝට්ටුව මේක..! |
මෙහෙ මිනිස්සුන්ගෙ විශ්වාසයක් තියනව ගිනි කන්දකින් පිච්චිලා ගලාගෙන ආපු ලාවා පස්(ගල්) අපේ ඇඟේ වැදෙන්න නිතරම තිබුනාම අසනීප සුව වෙනව කියල..ඒ වගේම ඒවා පැළඳගෙන උන්නාම වාසනාව උදාවෙනව කියලත්..........
ඉතින් මටත් මේ ගමනෙදි තිබ්බ ලොකුම අවශ්‍යතාවය උනේ රාජ්ට එයාගෙ හදවත ගාව වැදෙන විදියට කරේ පළදින්න පුලුවන් ලාවා වලින් හදපු යම් දෙයක් හොයාගෙන එන එක....ආපසු එන්න පිටත් වෙන්න කලින් මම මේව හොයන්න ගොඩාක් මහන්සි උනා ...........
අපි ගියෙ දූපතට සංචාරකයින් එන කාලෙක නෙවේ නිසා එහෙම දෙයක් අහලක වත් දකින්න තිබුනෙ නැහැ...ගොඩාක් දෙනෙකුගෙන් අහල විපරම් කරල සොයද්දි එක කෝපි බාර් එකක කෙනෙක් තව කාටද කෝල් කරල එතෙන්ට ගෙන්නුව මේ ලාව ආභරණ සමග එක පුද්ගලයෙක්ව...ඒත් එයා ගාව මට ඕන කරන විදියෙ එකක් තිබුනෙ නැහැ..තිබ්බ ඔක්කොම ගැහැනු ළමයින්ගෙ පොඩි ආභරණ...මම එයාගෙන් ඇහුව නිකම් කරේ පළදින්න පුලුවන් හදවතක් වගේ දෙයක් ගැන...මගෙ වදේටම ඒ මනුස්සය කිව්ව පැයක් විතර ඉන්න පුලුවන්නම් එයා ගෙදර ගිහින් එකක් කපල හදාගෙන එන්නම් කියල...අපේ බෝට්ටුව එන්නත් තව වෙලා තිබ්බ නිසා ඔන්න ඉතින් උන්න කියමුකො...පැයක් උන්න....දෙකක් උන්න...මිනිහ ආවෙ නැහැ...මට දැන් ඇඬුම් එන්න ඔන්න මෙන්න...තව මිනිත්තු ගානකින් බෝට්ටුව එනව අපිව ආපහු ගේන්න.............
මේ දුර ඉඳන් මම ගත්ත කන්දෙ පොටෝ එකක්...! |
අනේ පව්..! මෙන්න අර මනුස්සය එනව හති දාගෙන...එයා ගෙනාව ලාවා වලින් හදාපු ලස්සන හාර්ට්ස් දෙකක්..!! හිතුවට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදු උනත් මම ගොඩාක් සතුටු උනා මා වෙනුවෙන් ඒ මනුස්සය ඒ කල දේට...................
මේ හාර්ට්ස් ගැන රාජ්ට කිව්වාම එයාට ඕන උනා ඒව ඉක්මනින් බලන්න පොටෝ එකකින්...මම හාර්ට්ස් දෙක එකට තියල එයාට පොටෝ එකක් අරන් යැව්ව...ඒ හාර්ට්ස් දෙකේ පොටෝ එක ලස්සනයි ඒක ෆේස්බුක් එකේ කවුරුත් දැකල තියන නිසා මම මෙතන පලකරන්නෙ නැහැ.......
''....ඔයාගෙ බෙල්ලෙ ඉඳල හදවත ලඟට එනකම් මැනල මට සෙන්ටි මීටර් ගාන කියනවද...?''....මම එදා එයාගෙන් ඇහුව........
''....ඇයි ඒ මොකටද...?''
''....මේ හාර්ට් එක එවන්න ඒකට චේන් එකක් ඕනනෙ..ඒක කරේ දාගන්න ඔයාගෙ පපුවෙ හාර්ට් එක ගාව වදින්න...එතකොට ඔයාට ඉක්මනින් සනීප වේවි...''
(අදට මම මෙතනින් නතර කරනවා...තවත් එහාට ලියාගෙන යන්න බැරි විදියෙ මොකක්දෝ හැඟීමක් මට වද දෙනවා..........)
අනේ මගෙත් නිකං පපුවේ සෙම වගේ හිරවෙනවා...සෙන්ටිමීටර්නං මතක නෑ, අගල් වලිංනං 18ක වගේ මාලෙක දැම්මම ලස්සනයි,පවුං 3 වගේ තිබ්බනං ඇති,හික් හික් හික්....
ReplyDeleteමොනදේ වෙන්නේත් අත්තිමටනේ...නමුත් ආදරෙ කරන මුල් කාලේ..ඔක සුන්දරයිනේ...අර නපුරු විදිහට කෙලවර උන ආදර කතාවේ...මුල මතක් වෙද්දී..හිතට දැනේන දෙවල් කතාකරන්ඩ ආමරුයි තමයි..ඔක ඉතින් අ..ද..ර..ය..කියන වචනේ හැටිනේ
ReplyDeleteඅද මේ පැත්තට ආවෙ ඔයාගෙ පළවෙනි පෝස්ටුව බැලුවට පස්සෙ. අතරමැද ටික බලලම කියන්නං.
ReplyDeleteඔයාගේ මේ කතාවට කමෙන්ට් එකක් දානඑක හරිම අමාරුයි නංගියේ...
ReplyDeleteඑහෙව් එකේ ඔයා මේක හිත හදාගෙන ලියන එකම කොච්චර ලොකු දෙයක්ද
නිකන්යෑ කියන්නේ ගැනුන්ගේ හිත්වල හයිය ගැන
දිගටම ලියන්න, කමෙන්ට් එකක් නොදැම්මත්(කියන්න වචන නැතුව පැටලෙන නිසා) අනිවාර්යයෙන්ම කියවනවා...
දුක හිතෙන කතාවක් වාගේ.මේක නිකම්ම කතාවක් උනානම් හොඳයි ඒත් මේක ඔයාගෙම....!!
ReplyDeleteඋදේ මේක කියවලා ගියාට කොමෙන්ටුවක් දාන්න බැරි උනානෙ...හ්ම්ම්ම්ම්ම් ! රාජ් ගැන ඔයා මොන තරමක් හිතලා තියෙනවද කියලා මේ පෝස්ටුව කියෙව්වම හිතා ගන්න පුළුවන්....
ReplyDeleteඔයා සැබෑ ආදරවන්තියක්.එහෙම අය ගොඩක් විරලයි.විශේෂයෙන් ගෑනු ළමයි අතර.ඒකට මගේ ආචාරය.දැනට වෙන මුකුත් නොකිය ඉන්නව.දිගටම ලියමු.
ReplyDeleteඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඅදත් ඔයාගෙ කොමෙන්ට් එක දැකල බකස් ගෑව මම...!!!!!
Raj....
ReplyDeleteහ්ම්ම්ම්.....මට මම ගැන දුකයි..ආදරේ ගැන දුකක් නැහැ...මොකද ඒක මායාවක් පමණක්ම නිසා....
රාජ්.......
ReplyDeleteදෙවියනේ මේ කතාවෙ දැන් ''රාජ්'' ල තුන් දෙනෙක් ඉන්නවා...හික්ස්...!!....කමක් නෑ කමක් නෑ......දිගටම කියවන්නකෝ.........
ලොකු පුතා.......
ReplyDeleteමගෙ හිත හයියයි මහා කලුගල් පර්වතයකටත් වඩා.....නැත්නම් මේ වගේ දෙයක් ලියන්න මම ඉතුරු වෙන් නෑ......ස්තූතියි අයියෙ...දිගටම කියවන්න....!
අසරණයා .....
ReplyDeleteඔව්....මේක මගෙම කතාව උනා අවාසනාවකට වගේ.......ඒත් මම අවාසනාවන්ත නැහැ..........
දිල්.......
ReplyDeleteඔව් දිල් අක්කි මම හිතුව වැඩි උනාද කොහෙද....එතකොට හිතෙන්න ඇති මම ''හරි ලාභයි'' කියලා..................
කස්ස..........
ReplyDeleteඔයා ඔය කිව්ව කතාව මට ගොඩක් දෙනෙක් කියනව.... මම ''දුර්ලභ ගනයේ'' කෙල්ලෙක් ලු........
මම හිතන්නෙ අයියෙ මෙහෙමයි.......
ජීවිත කාලෙදි.. 100%ක් ම තමුන්ටත් අනුන්ටත් අවංක වෙන එක..ආදරේට දිවිහිමියෙන් ආදරේ කරන එක..තමන්ට වඩා අනුන් ගැන හිතන, කරුණාව දක්වන එක..පිහිට වෙන්න එදිරිපත් වෙන එක.......මේ ලෝකෙ ඉන්න මිනිස්සු අතරින් හොයා ගන්න බැරි විරල..දුර්ලභම දේවල් වෙන්න ඇති......!!
No Comment අක්කේ තරහ වන්න එපා. මේ කතාවට Comment කරන්න දෙයක් නැ. ඇත්තටම ආදරේ කරපු ඔයාට රාජ් නම් කරලා තියන්නේ බලු වැඩක්
ReplyDeleteThilan......
ReplyDeleteබල්ලන්ට අපහාස වෙනවනෙ මල්ලි එහෙම කිව්වාම......උන්ට අපි පාන් කෑල්ලක් දුන්නොත් කවද හරි පාරක දැක්කත් වල්ගෙ වනනවා නේද? බල්ලො පව්.....
අන්තිමට ලියාගෙන යනකොට හිත රිදෙන්න අරගෙන වගේ. ඒකනේ කතාව මඟින් නවත්තලා තියෙන්නේ. ඕවා අමතක කරලා දාන්න නංගි. ඔයා ඒකාගෙන් ගලවෙච්ච එකත් හොදා.
ReplyDeleteමම් අදනේ දන්නේ නංගි ඉන්නේ ඉතාලියේ කියලා :)
මම අදයි මේ පැත්තෙ ආවෙ... ඔක්කොම කියවන්න ඕන මොකුත් ලියන්න ඉස්සෙල්ලා... මටත් තියෙනව හොඳ කතාවක් කියන්න මේ වගේ දෙයක් ගැන... ඒක කියනවද නැද්ද කියල හිත හිතයි ඉන්නෙ... ඉඩ කඩ ලැබෙන විදියට කතාව කියවන්නම්කො....
ReplyDeleteජය...!!
මේ ඔයාගෙ ඔයාගෙ ඔයාගෙම කතාවක් ද,,,
ReplyDeleteඔය ලාව පෙන්ඩන්ට් එකේ ෆොටෝ එකක් දැම්ම නම් අපිටත් බලාගන්න තිබ්බ නේද,,,
මධුරංග......
ReplyDeleteහ්ම්ම්ම්ම්.......මම ඒව ගැන දැන් හිතන්නෙ නැහැ අයියෙ.....අපි ඉන්නෙ ඉතාලියෙ නෙවේ..වෙන රටක ඉතාලි බෝඩර් එක කිට්ටුව..මගෙ හයිස්කූල් එක නම් ඉතාලියෙ..ජොබ් කරන්නෙ තවත් රටක....
Miyuru..........
ReplyDeleteඔයාගෙ කතාවත් කියන්න අපිට බලන්න...මේ ජීවිතේ අපි හැමෝටම කතාවක් තියනවා..තියෙන්න ඕනෙ..එහෙම නොවුනොත් තමා පුදුමෙ.....ගොඩාක් ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට......එහෙනම් ඔක්කොම බලල මොනා හරි කියන්නකො.........
දූපත් වැසියා..........
ReplyDeleteඔව්..මේක මගෙම මගෙම කතාව........ඔයාගෙ මේල් එක එවන්න..මම පොටෝ එක එවන්නම්....කෝමත් ස්තූතියි ඔයාටත් මේ පැත්තෙ ආවට..........
ඔයට හිතෙනවද කතාව ලියන්න බෑ කියල... වේදනාව.. තරහ.. ඔක්කොම පිට කරන්න හොඳ ක්‍රමයක් ලියන එක.
ReplyDeleteඅනේ දෙයියනේ.. කෙල්ලෙක් ආදරේ කරද්දි කොයිතරම් හැඩද? ඒ වගේම තමා මොන තරම් බොළඳදද? අනේ අහිංසක කෙල්ලෙක්ට මේ තරම් ආදරේ කරපු කෙල්ලෙක්ට දුකක් දෙන්න ඒ මිනිහාට කොහොම පුලුවන් වුනාද මන්දා..:/
ReplyDeleteපිස්සා පලාමල්ල .............
ReplyDelete....ම්ම්..නැහැ අයියෙ මම දිගටම ලියනවා.....ඔයාලගෙන් ලැබෙන දිරිය නිසා මම වැටෙන්නෙ නැහැ.....ස්තූතියි..!!
හිතුවක්කාරි...........
ReplyDeleteදිගටම බලන්නකො මිනිහ කරපු හරියක්..!!!!!!!
මම එට්නා කන්දට නම් ඕන තරම් නැගලා තියෙනවා.. ඒත් තාම ස්ත්‍රොම්බොලි යන්න බැරි උනා...
ReplyDeleteDinesh.........
ReplyDeleteමාත් ආසයි ආයෙමත් පාරක් එන්න...'එට්න'යි 'විසූවියස්' එකටයි නගින්න....අපි එදා 'ස්ත්‍රොම්බොලි' යන ගමන් 'වොල්කානෝත්' ගියා.....ඒකත් ලස්සනයි......
කිරිල්ලිගේ අඩවියට මුලින්ම ගොඩ වැදුනේ අද...මේ පෝස්ට් එක කියවලා අගක් මුලක් නොතේරුන නිසා මුල ඉඳං ඔක්කොම පෝස්ට් කියෙව්වා...මුකුත් කියාගන්න දෙයක් හිතෙන්නේ නැහැ නංගි :( හරිම කළකිරීමක් දැනුනා මිනිස්සු ගැන...අද ඉඳන් මමත් අළු පාට හැන්දෑව බලන්න එනවා හැමදාම...
ReplyDeleteමේකට කමෙන්ට් කරන්න කලින් ඔක්කෝම මුල ඉඳල කියවල ඉන්න ඕනෙ...
ReplyDeleteම්ම්.. ගිනිකන්දක්.. හරිම ආසයි බලන්න යන්න .. බලමුකෝ..බලමුකෝ..
සයුරි......
ReplyDeleteඔයාව ආදරෙන් පිළිගන්නව අළුපාට හැන්දෑවට අක්කී......මම මේවා මෙහෙම ලිව්වට තාමත් මටම හිතා ගන්න බැහැ ඇයි මට එහෙම කලේ කියල.......තාමත් අදහ ගන්න බැහැ ඒ තරම්ම කැත මිනිස්සු ඉන්නව කියල.....
පැණි දොඩම්..........
ReplyDeleteගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට...!! ඔක්කොම බලල මොනා හරි කියන්නකො......මෙච්චර දුරක් නොවැටී ලියාගෙන ආවෙ ඔයාලගෙ වචන වල තිබුන ශක්තිය නිසා.........
මම මේ ආවාමයි. කියවන්න වෙලාවක් නැ ටික ටික හෙමින් හෙමින් කියවන්නම්.
ReplyDeleteitnishantha ......
ReplyDeleteගොඩාක් ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට...!
හෙමින් කියවල හිතුන දේ මට කියන්නකෝ.........
ලස්සන කතාවක් හැගිම්බර විදියට ලියලා තියෙනවා. ලස්සන ආදර කතාවක් ගැන කියෙවෙන ලස්සන ෆිල්ම් එකක් බල බල ඉද්දි ලයිට් ගියා වගේ, ඔනම ටික නෑ. ඊට පස්සෙ මොකද උනේ කියල දැනගන්න ආසයි....
ReplyDeleteShaggy..........
ReplyDeleteමේක ලස්සන ආදර කතාවක් නෙවේ....ලස්සන වංචාවක්..!!!!!!
ඔයාවත් ආදරෙන් පිළිගන්නව කිරිල්ලී අළු පාට හැන්දෑවට......!!
මම ඉස්සෙල්ලම කියෙව්වෙ ඔයගෙ මේ පෝස්ට් එක, කියවලා උඩ කොමෙන්ට් එක දැම්මා, පස්සෙ මීට කලින් පෝස්ට් එක කියවලා ඒකටත් කොමෙන්ට් එකක් දැම්මා, ඒත් මට මේ ප්‍රහේලිකාව විසද ගන්න නොසන්සිදෙන ආශාවක් තිබුනා, ඔව් මම ඔයාගෙ මුල්ම පොස්ට් එක හොයලා එතන ඉදලා ආයෙමත් කියවන්න ගත්තා. මූන හෝදන්නෙ, උදේට කන්නෙවත් නැතුව, එක දිගට පැය 2කටත් වැඩිය... මේක ලියන දැන් වෙලාව හරියටම දවල් 12. දැන් ඉතින් දවල්ටම කනවා.... මේ කතාවෙ ඉතිරිටිකත් එක්ක ආයෙත් එකතු වෙන්නම්.....
ReplyDeleteShaggy.........
ReplyDeleteහෙ.හේ.....ඔන්න එහෙනම් ඉතුරු තව ටිකක් දානව මම අද ..... හැබැයි රෑට කාලම බලන්න හොඳේ.........තෑන්ක්ස්...!
සමාවෙන්න කිරිල්ලියේ මේ පාර එන්න පරක්කු වුනා අළුපාට හැන්දෑවට............එහෙම තමයි අවන්කව ආදරය කරනකොට ඕනම කෙනෙක් තමන්ගෙ අදරවන්තයා හෝ ආදරවන්තිය වෙනුවෙන් ඉර හද වුනත් ගෙනත් දෙන්න සුදානම්....ඒත් ඒ ආදරය බොරුවක් වුන දාට ඒ තරම් පිලිකුල් දෙයක් තවත් නැතුව ඇති..ආදරය වයිරයකට හැරෙන්නෙ ඔතනදි තමයි....මාත් කැමතියි ඔයා ඔය කතාව ඉක්මනට ලියනවනම්...
ReplyDeleteඔව් ආදරෙයි වයිරයයි අතර වෙනස කෙස් ගසකට සමයි ලු නෙ......ඇත්තම කියනවා නම් මගෙ හිතේ තියෙන්නෙ පිළිකුලක්..!!......ලියන්නම් ඉක්මනින්...
ReplyDelete