My Blog List

Wednesday 21 December 2011

කිරිල්ලිගෙන් සුභ පැතුම්...!!!!



අපි බුද්ධාගමේ.....ඒ උනාට හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසෙ නත්තල් උත්සවේ සමරනව ක්‍රිස්තියානි ආගමේ අනිත් අය වගේම.....නත්තල් ගහක් හදනව නොවරදවාම....මම ගෙදර ඔක්කෝටම තෑගි අරන් දෙනව ඒ වගේම මටත් තෑගි ගොඩාක් හම්බ වෙනවා...!!

මේ අවුරුද්දෙ නත්තලට අපි විශේෂ අමුත්තෙක් එනකම් මග බලන් ඉන්නෙ..........

පුංචි කාලෙ ලංකාවෙදි නම් වෙසක් කූඩු හැදුවා...තොරන් බලන්න ගියා..සිංහල අවුරුදු සිරිත් අකුරටම කලා...හැම පෝයකටම පන්සල් ගියා..හැමදාම හවසට වත්තෙන් මල් කඩල බුදුන් වැන්දා.....හ්ම්ම්ම්ම්ම්ම්..........

ඉතින්...ආගම ජාති කුලමල භේද නැතුව සතුටු වෙන්න ඕනෙ අවස්ථාවල අපි සතුටු වෙන්න ඕනෙ.......අපි ඔක්කොම මේ ලෝකෙ ඉපදුන මිනිස් කුලේ මිනිස්සු...අපි ඔක්කොම සමානයි.......
ඔය තියෙන්නෙ මේ ලඟ එන නත්තලට අපි හදපු නත්තල් ගහ...මම ඉන්නෙ සතුටින්..අපි සතුටින්...!!


ඔයාල හැමෝටමත් සුභ නත්තලක් වේවා..!!!

ඒ වගේම උදාවෙන 2012 නව වසරේ හැමෝගෙම සිත්වල ඉපදෙන ලස්සන සිතුවිලි..අලුත් බලාපොරොත්තු..ආදර පැතුම්...ඔයාල ප්‍රාර්තනා කරනවටත් වඩා ගොඩාක් ඉහලින් ඉටුවෙලා..සෑම සිතකම සතුට ඉතිරේවා...!! කියල මම අවංකවම ආදරෙන් ප්‍රාර්තනා කරනවා....!!!!!!!

2012 වාසනාවන්ත නව වසරක් වේවා.......!!!!!!!!!!

30 comments:

  1. කිරිල්ලි කලින්ම සුබ පතලා වගේ..
    සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  2. වේලාසනින්ම සුභ පතලා!!!ඔයාටත් 2012 වාසනාවන්ත සුභම සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...නත්තල් දවසේ උදේ බලන්න කොට්ටේ යට,නත්තල් සීයා තෑග්ගක් තියලා ඇති !!!!

    ReplyDelete
  3. කිරිල්ලිටත් එසේමයි...හොඳ වැඩක්..සතුටුවෙන්ඩ දුක්වෙන්ඩ ජාති ආගම් කුල වැඩක් නෑ...මොකද දුක සතුට ලේබල් ගහල එන්නේ නෑ නේව..

    ReplyDelete
  4. හ: මම හිතුවෙ කිරිල්ලි "ක්‍රිස්මස්" කියල. සුබ නත්තලක් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  5. ඔන්න පළවෙනිම සුභ පැතුම් දැක්කේ කිරිල්ලිගේ බ්ලොග් එකේ.
    ඔයාටත් සුභ නත්තලක් හා සුබ නව වසරකට ආසිරි පැතුම්...!!!!

    ReplyDelete
  6. හිතේ පැතුම් ඒ විදියටම ඉටුවෙලා කිරිල්ලිට වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලා බට්ටි එක සිතින් පතනවා.
    ඔන්න මට නම් ඔයාගෙන් තෑග්ගක් ඕනමයී.

    ReplyDelete
  7. කලින් පෝස්ට් එකත් කියෙව්වා... ඒ කතාව අවසානය වෙනකල් බලනවා..

    කිරිල්ලට සුබ නත්තලක් වගේම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  8. කිරිල්ලිට සහ ලෝවාසි සැමටමත් සුභ නත්තලක් සහ සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  9. Roshan Herath.......
    රොෂාන්.......ඔයාටත් එසේම වේවා..!!

    ඔබ නොදු‍ටු ලොවක්.......
    හී.හී.....තැන්කූ.....නත්තල් සීය කාමරේට එනවද? මම නිදා ඉන්නකොට? අපෝ...!!

    Raj........
    ඔයාටත් එසේම වේවා..!!

    රාජ්........
    ඔව්..ඔව්..මට ක්‍රිස්මස්....මෙහෙ ආවට පස්සෙ...!! ඔයාටත් සුභ නත්තලක්...!!

    priyantha......
    ඔයාටත් එසේම වේවා.. අපිට නිවාඩු සිකුරාද ඉඳල අය්යේ.....කොහෙ කොහෙ යාවිද දන්නෙ නැහැ....ගෙදර ගියාම එහෙ සෙනඟ ගොඩයි....ඉතින් වෙලාවක් හමු වෙන එකක් නැති වේවි කියල කලින්ම සුභ පැතුවෙ..........


    බට්ටි......
    අනේ ලඟක හිටිය නම් ඔයාල ඔක්කෝටම තෑගි අරන් දෙනව බට්ටි..ඒ වගේ දේකින් මම ලොකු සතුටක් ලබනව...සුභ නත්තලක්.....වාසනාවන්ත නව වසරක්..!

    පිස්සා පලාමල්ල........
    ඔයාටත් එසේම වෙන්න කියල ප්‍රාර්තනා කරනව අය්යේ....!!

    ලොකු පුතා......
    ඔව්...ඔයත් ඔයාගේ පැමිලි එකත් ඇතුලුව ඒ සැමට......!!

    ReplyDelete
  10. නගාටත් දුකක් නැති සතුටුම සතුටු නත්තලක් වේවා.හැබැයි මෝඩ වැඩ් කරනව එහෙම නෙමේ මේ අවුරුද්දෙ

    ReplyDelete
  11. කස්ස......
    හෙ හේ....මේ අවුරුද්දෙ මම මහලු නිවාස වලට වැඩිපුර දානෙ දෙනවා.....!!

    ReplyDelete
  12. මාත් කුරුලු තොරන් බලන්න ගියා කාලයක් ගෝල් පේස් එකට..

    ReplyDelete
  13. ඔයාටත් සුභම සුබ නත්තලක් හා සුභ නව වසරක් වේවා..!! ගෙදර හිටියනම් නත්තල් ගස් කෙසේ වෙතත් හොද පාට්යක් නම් දානවා....

    ReplyDelete
  14. මමත් ඉතාලි ආවට පස්සේ තමයි නත්තලට මොනා හරි කරන්නේ.. කිරිල්ලිටත් සුභ නත්තලක්...

    ReplyDelete
  15. අපිටත් නත්තල් නැහැ එත් පාටි දානවා.ඔයාටත් සුභ නත්තලක් සහ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  16. ඔව් ඔව් මමත් කැමතිය ඕනම උත්සවයක් සමරන්න. :ඪ්
    සුහ නව වසරක් වේවා කිරිල්ලියේ.

    ReplyDelete
  17. amila chathuranga .....
    ''කුරුලු තොරන්'' ?? මොනාද අප්පා ඒ...????

    ReplyDelete
  18. Shaggy.........
    හොඳයි හොඳයි ඉක්මනින් ලංකාවට එන්න කෝ......

    ReplyDelete
  19. Dinesh.....
    ඔය පැත්තෙත් නත්තල් ජයට තියනවා මම දන්නවා.......

    ReplyDelete
  20. අසරණයා......
    එසේම වේවා....එසේම වේවා....!!

    ReplyDelete
  21. samadhi........
    ඒ කියන්නෙ 'අවමංගල උත්සවයක්' උනත්? හී..හී...හී......(විහිළුවට ඈ.)

    ReplyDelete
  22. ඔයාටත් ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත්,මෙ බ්ලොග් එක කියවන සියලුදෙනාටත් සුභ නත්තලක් සහ හිතේ සතුට රැදි වාසනාවන්ත අවුරුද්දකට මගෙන් සුභ පැතුම්....................

    ReplyDelete
  23. සෙවණැල්ල.......
    ගොඩාක් ස්තූතියි ඔයාට....ඔයාටත් ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව මම....විශේෂයෙන් ඔයාගේ හිතේ සියලුම දුක් දොම්නස් දුරු වෙලා...අලුත්ම බලාපොරොත්තු වලින් පිරිලා...සතුට රජයන අනාගතයක් උදාවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....!!!!!!!!!

    ReplyDelete
  24. මම අදමයි මේ පැත්තට ගොඩවැදුනේ.. කිරිල්ලි කලින්ම සුබ පතලා තියෙන්නේ.. එහෙනම් මමත් කිරිල්ලි ඇතුළු සියළු දෙනාටම සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  25. හොදවෙලාවට නත්තලට කලින් මම් සුබ පතන්න ආවේ. වින්චැට් කිරිල්ලි නංගිටත් සුබම සුබ නත්තලක් වේවා !!!

    ඔයාලෑ නත්තල් ගහ ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  26. සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා අක්කේ.

    ReplyDelete
  27. සුභ නව වසරක් කිරිල්ලී...

    ReplyDelete
  28. උදයංග ලක්මාල් .......ගොඩක් ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට ඔයාට...!! එසේම වේවා...!!

    මධුරංග ..... එසේම වේවා...!!! තෑන්ක්ස් අයියෙ...!!!

    සෙට් එක.......අහ් හා....අලුත් සෙට් එකක් නියමයි....!! එසේම වෙවා...!!!

    පැණි දොඩම්...... එසේම වේවා...!

    ReplyDelete
  29. @ වින්චැට්කිරිල්ලි

    අක්කේ කලින් ඔයාගේ බ්ලොග් එකට Thilan නමින් Comment දැම්මේ ඒ මම තමා අපි සෙට් එක group බ්ලොග් එකක් පටන් ගත්ත.දැන් ඉදන් එකෙන් තමා Comment කරන්නේ

    ReplyDelete
  30. සෙට් එක.....
    මට ඒත් නිකමට හිතුන පොටෝ එක දැක්කාම....ගෘප් එකට සුභ පැතුම් මගෙන්...ගුඩ්ලක් මල්ලී..!!

    ReplyDelete