My Blog List

Sunday 18 December 2011

හදවතක් නැති කෙනෙකුට හදවතක්................!!

අළු පාට හැන්දෑව 15..

එදා රාජ්ගෙන් චේන් එකේ මිම්ම ඉල්ල ගත්තනෙ..චේන් එක දිග ඇරියාම සෙ.මී..60 වෙන්න ඕනෙ කිව්ව එයා......
ගිනිකඳු ගිහින් ඇවිත්......අයියල වැඩට ගියා..මට තව නිවාඩු තිබුන.
අපේ අම්ම එයාගෙ රැකියාවෙ යම් යම් වැඩ වලට සතියකට වරක් මිලානෝ යනව..මගෙත් ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නව එහෙ..ඉතින් එදා එයාටත් කෝල් කරල මම අම්ම එක්ක මිලානෝ ගියෙ පොඩි සාප්පු සවාරියක් යන්න හිතන්...රාජ්ට චේන් එක ගන්න එක තමා ප්‍රධාන අරමුන.....
මගෙ යාලුව මැක්ඩොනල්ඩ් එක ගාව උන්න...අම්ම මාව එතන දාල එයාගෙ වැඩ වලට ගියා.....
''...ශොපින් ඒරියා එකෙන් පිට කොහෙවත් අඩියක් යන්නෙ නැහැ තේරුනාද දෙන්නටම..?..ඉවර උනාම මට කෝල් කරන්න මෙතනම ඉන්න...''
''...හරී කොහෙවත් යන්නෙ නැහැ..''
ඉබ්බ දියේ දැම්මාම ඇන්නෑවේ කිව්වලු....අපි මුලින්ම ගියෙ බ්‍රොස්වේ ජුවළරි ශොප් එකට...ඒකෙ උන්න හැන්ඩි ඉතලි කොල්ලට මම රාජ්ගෙ අර හාර්ට් එක පෙන්වල ඒකට මැච් වෙන චේන් එකක් ඉල්ලුවාම....
''..මිස් මේක කොහෙන්ද ඔයාට..?''
''..මම ගෙනාව ස්ත්‍රොන්බොලි වලින්..''
''..ෆැන්ටාස්ටික්..මේ වගේ තව එකක් තියනවා නම් මට දෙන්නකො ප්ලීස්..''
''..ඔයා මොනා කියනවද මා ගාව තියෙන්නෙ එක හාර්ට් එකයි ඒක දෙන්න කෙනෙක් ඉන්නවනෙ..''
''..රියලි?..කවුද ඒ ලකි බෝයි..''
''හ්ම්ම්..හ්ම්ම්..අපිත් ඉතින් හෙන ලකි මේව එක්ක පස්සෙන් යන්න..''.. මගෙ යාලුවගෙ කතාවට අපි තුන් දෙනාම මහ හයියෙන් හිනා උනා...
බ්‍රොස්වේ එකෙන් චේන් එක අරන් අපි ඊලඟට ගියෙ ස්වාරොව්ස්කි එකට..ඒකෙන් මම රාජ්ට ලස්සන ස්වාරොව්ස්කියක් ගත්ත ඒ චේන් එකටම...ඒක ලස්සන කලු ක්‍රිස්ටල් කුරුසයක්....මෙච්චර දුර රටක ඉඳන් චේන් එකක් විතරක් එයාට යවන එක මට මදියි කියල හිතුන..පස්සෙ අපි ගියා ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිට්ච්...ඒකෙන් එයාට පර්ෆියුම් එක ගන්න කොට එතන උන්න බෝයිස්ලත් මට විහිලු කලා....
''...වෝව් ෆියර්ස්...කාටද?..''
ජීවිතේ මුල්ම වතාවට කොල්ලෙකුට දේවල් ගන්න ගිහින් මට ලැජ්ජත් හිතුන....
පස්සෙ අපිට ඇඳුම් ගන්න එක එක ශොප් වලට යද්දි මට ඒ හැම වෙලේම රාජ්ව මතක් උනා..අනේ පව් අහිංසකය මෙලහකට තනියම ඇති කාමරේට වෙලා..මට මතක් උනා එයා එයාගෙ ''ආදර කතාව'' බ්ලොග් එකේ ලිව්ව පෝස්ට් එකක්..ලිව්වෙ එයාට අනුත්තරා එව්ව බර්ත්ඩේ කාර්ඩ් එක ගැන..ඒකෙ පොටෝ දෙකකුත් දාල එයා ලිව්වෙ ඒක.. ''මගෙ ජීවිතේට ලැබුන වටිනාම තෑග්ග'' කියල.....මට දුක හිතුන... ජීවිතේටම කවදාවත් කාගෙන්වත් තෑග්ගක් නොලැබුන කෙනෙක්..පව් කොච්චර අසරනද එහෙම කෙනෙක්...මම එවෙලෙම අපි උන්න ශොප් එකේ ඉඳන් එයාට කෝල් එකක් ගත්ත.........
''...මට කියන්න ඉක්මනින් ඔයාගෙ ශර්ට් සයිස් එක...''
''...ඇයි මොකටද..?''
''...ඉක්මනින් ඉක්මනින් සල්ලි නෑ පෝන් එකේ ඔන්න කට් උනා කියන්න ඉක්මනින්..'' (මම එහෙම කිව්වෙ බොරුවට එයාගෙන් පිළිතුර ගන්න ඕන නිසා)
''...පහලව මාර.. මොකටද..?''
එයාටත් ඇඳුම් අරන් ගත්ත ඔක්කොම දේවල් අම්ම එන්න කලින් යාලුවට දීල එයාව පිටත් කලා මම ආයෙ දවසක ඒව තැපෑලට දාන්න එන්නම් කියල.....

ඔය අතරෙම අපෙ හිතවතුන් කීප දෙනෙක් ලූර්ඩ්ස් වල,, ජේසුතුමාගෙ මෑණියො දර්ශනය උනා කියන තැන ට ගියා...ඒ කියන්නෙ ප්‍රංස රටේ කෙලවරේ තියන ලෝක ප්‍රසිද්ධ සිද්දස්ථානයක්....කතෝලික බැතිමතුන් විතරක් නෙවේ එතන හැමදාමත් ලෝකෙ හැම රටකින්ම එන අය ඉන්නව...එතන හාස්කම් සිදුවෙනව කියල විශ්වාසයක් ලෝකෙ පුරාම තියනව...එතන තියන පුදුම හිතෙන විදියෙ දිය උල්පතෙන් හැම රටකම මිනිස්සු වතුර අරන් යනව ඒ ඒ රටවලට...ඒ වතුරින් අසනීප සුව වෙන බලයක් තියන වලු...මාත් ඒක විස්වාශ කරනව අපේ ගෙදරත් ඒ වතුර තියනවා....මාත් දෙපාරක් ලූර්ඩ්ස් වලට ගිහින් තියනව...එතන දේව මෑණියො දර්ශනය උනා කියන ගල් ගුහාව ලඟට ගියාම හරිම පුදුම දෙයක් දැනෙනව හිතට...මට ඒ ස්ථානය ගැන ලොකු භක්තියක් වගේම පැහැදීමක් තියනව...මම එතනට ගිහින් ඉල්ලපු දෙයක් මට ලැබුන..තව එහෙම දේවල් ඉටු කර ගත්ත කීප දෙනෙක් ගැන මම දන්නව..........

ඉතින් එදා ලූර්ඩ්ස් යන්න හිටපු අය අතර අපි ගොඩාක් හිතවත් ඇන්ටි කෙනෙක් උන්න..එයාට මම රාජ් ගෙ අසනීපය ගැනත් එයාගෙ අම්ම එයාට කරන වෙනස් කම් ගැනත් කිව්වාම..ඒ ඇන්ටි කිව්ව එයා එතනින් ''බොරලික්කම්'' දෙකක් අරන් ගල්ගුහාවෙ වතුරින් සෝදගෙන දේව මෑණියන්ට කන්නළව් කරල ගේන්නම් ඒක රාජ්ට යවන්න..එකක් එයාගෙ නිදියන කොට්ටෙ ඇතුලට දාන්න අනික අම්ම නිදියන කොට්ටෙ ඇතුලට දාන්න කියන්න කියල....ඉතින් මම එයාට කියල ගෙන්ව ගත්ත ඒ දෙකකුයි..තව ගල්ගුහාවෙ වතුර පොඩි කුප්පියකුයි..රෝසරි කීපයකුයි..............
මේ දේවල් එක්ක තව ඩී වී ඩී ෆිල්ම්ස් කීපයකුත්..චොක්ලට්ස් එහෙම අරන්...අම්ම වැඩට යනකම් ඉඳල මම හොරෙන්ම ට්‍රේන් එකේ නැගල ආව මිලානෝ....යාලුවගෙ ගෙදර ගිහින් ඔක්කොම ටික පෙට්ටියක් හදල පෝස්ට් එකට දාල ආපහු ගෙදර ගිහින් අම්ම එද්දි හොඳ ළමය වගේ උන්න මම.......




අම්මට හොරෙන් එහෙම දුර ගමනක් ගිය ජීවිතේ පලමු වතාව......!

මම මේ වගේ දේවල් එයා වෙනුවෙන් කලේ ඇයි කියල පුන පුනා කිව යුතු නැහැ.....
මේ යුරෝපෙ පුරා උගත් පෝසත් හැන්ඩ්සම් කොල්ලො... වෙන කොල්ලො නැද්ද කියල අහන්නත් එපා ඔයාල මගෙන්........
මගෙ ජීවිතේ අවුරුදු 20 ක් ඇතුලත ලංකාවෙ හෝ වෙන ලෝකෙක කොල්ලො දැකල නැද්ද කියල අහන්න එපා මගෙන් ඔයාල..........
මගෙ අයියල දෙන්න ඇසුරු කරන අය ..යාලුවො..බුරුතු පිටින් එනව අපේ ගෙදරට...ඉගෙන ගත්ත..හොඳ රැකියාවල් කරන...සල්ලි තියන කොල්ලො...හැන්ඩ්සම් කොල්ලො.........
මේ අය අතර මට ආදරේ කරන අය...කරපු අය...කරමින් ඉන්න අය...ලංකාවෙදි එක වසරේ ඉඳන් අය්යල එක්ක උන්න යාලුවො මා නිසා යාලු කම් නැති කර ගත්ත අයත්...ඕන තරම් උන්න...

ඒත්...........

මම.... අම්මෙක් අප්පෙක් නැති..කාත් කවුරුවත් නැහැයි කිව්ව..හැමදාම අඬ අඬ ජීවත් උන..අර මගේ දුප්පත් රටේ උන්න අහිංසක අනාථයට දිවිහිමියෙන් පෙම්කරමින් උන්න.......!!!!!!!!

38 comments:

  1. මම ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකම්, අහන්න තිබුනු ප්‍රශ්න අහන්න එපා කියල තියයෙන නිසා අහන්න දේකුත් නෑ. බලමු ඉස්සරහට වෙන්නෙ මොකද කියලා.... සාමාවෙන්න ඔයාගෙ ආත්මයට වද දෙන මේ කතාව මම ආසාවෙන් කියවනව කිව්වට, මේක තාම අපිට ලස්සන ආදර කතාවක්... අවසානය දන්නෙ ඔයා විතරයිනෙ...

    ReplyDelete
  2. ඔයා මේ ලියන කතාව ගැන මට කියන්න දේවල් එන්නෙ නෑ කිරිල්ලියෙ..:(මට එන්නෙ රාජ් ගැන මහ තරහක්..:/ ඒ මිනිහා මහ ...... ජරාම මිනිහෙක්නෙ..

    ReplyDelete
  3. නංගී අපිත් හොඳ හැන්සම් හරිය !!!!!

    ReplyDelete
  4. Shaggy......
    සමාවෙන්න කියන්න එපා..ඔයාල මේක කියවන එක මට සතුටක්....
    අවසානයද..? හහ්......ඒකටත් පුදුම ආදරයක් හිතේවි...!

    ReplyDelete
  5. හිතුවක්කාරි......
    කොච්චර 'ජරා' ද කියල ඔයාට නෝ අයිඩියා.....!

    ReplyDelete
  6. ඔබ නොදු‍ටු ලොවක්.....
    හීහ්හ්.....ඇත්තද ඈ....?

    ReplyDelete
  7. නංගි මට ලැජ්ජයි ඌ ගැන.එහෙම කරන කොල්ලොත් ඉන්නවනේ.මං සිරා කියන්නේ

    ReplyDelete
  8. අදත් කියන්න දෙයක් නැහැ නගේ...

    කතාවේ අවසානය ගැන යම්තරමක් දන්නා නිසා හැමදාම වගේ හිතේ ඇතිවෙන දුකක් එක්ක කතාව කියවල ඉවර කලා

    ReplyDelete
  9. හොඳයි කියන්න පුළුවන් සිනමා පටයක් බලන්න ලැබුනා...ඒකේ නම Trust...ඔය නාඳුනනා අය සමඟ ඇති වෙන චැට් වලින් අන්තීමට වෙන්නෙ මොනවද කියලා කියවුන අනුවේදනීය කතාවක් ඒකේ තියෙනවා...හැකිනම් හොයාගෙන බලන්න

    ReplyDelete
  10. අසරණයා.....
    ඇත්තටම මටත් ලැජ්ජයි...ඒ වගේ එකෙකුට නොදැනුවත්ව හරි ආදරේ කරපු එකට....

    ReplyDelete
  11. ලොකු පුතා.....
    දුක් වෙන්න එපා...මම සතුටින්...සතුටු වෙන්න මම මම මෙහෙ උන්න නිසයි බේරුනේ..............

    ReplyDelete
  12. දිල්.......
    මම ඒ ෆිල්ම් එක බැලුව අක්කි........ලස්සනයි...අපේ තාත්ත හිටිය නම් මරාගෙන මැරිලා...........

    ReplyDelete
  13. මදැ දිවිහිමියෙන් පෙම්කරල...කොරගත්ත දේ...අන්තිමට හදාගෙන තියෙන්නේ..විෂකුරු සර්පයෙක්ව නේද.....

    ReplyDelete
  14. හැමදාම කේන්තියෙන් කමෙන්ට් කරන මම අද පුදුම දුකක් ආවා මේ පෝස්ට් දෙක කියවද්දී. ජීවිතේ පළවෙනි වතාවට මමත් පිරිමි ළමයෙකු‍ට දෙන්න තෑග්ගක් ගත්තා. After shave එකක්. තාම මගේ මෙහේ අල්මාරියේ තියෙනවා. මගේ හිතේ රජ වෙන්න කෙනෙක් ආපු දවසට දෙන්න හිතාගෙන. හැබැයී ඔයාගේ රාජ්,මගේ වෙයි කියලා හිතන් හිටිය මහත්තයා වගේ බොරැ කාරයෙක්ට නම් නෙවෙයී.ඊට වඩා හොදයී තෑග්ග නොදීම මං මැරෙන එක.

    ReplyDelete
  15. ඔන්න මම ඔක්කොම පෝස්ට් එකසැරේම කියෙව්ව. මගේ මෙන්න මේ පෝස්ට් එකත් කියවල බලන්න. raj1st.blogspot.com/2011/09/blog-post.html
    ඕකෙ මම දාල තියෙන්නෙ ඇත්තම ඇත්ත සිද්ධි ටිකක්. ගෑණුළමයි පුරුදු වෙන්න ඕන ඕනම දෙයක් දිහා විවෘත මණසකින් බලන්න. රාජ් කරපු සමහර බොරු ඔයා සැකකලේ නැතිඑක මටනං පුදුමයි. කමක් නෑ ඉස්සරහට හරි තේරුම්ගනීනෙ.

    ReplyDelete
  16. කතාවේ ඔක්කොම කියවන්න බලාගන ඉන්නවා අක්කේ.දිගටම ලියන්න අක්කේ.අපි කියවන්න බලාගන ඉන්නේ

    ReplyDelete
  17. බට්ටි.....
    මොනා කියන්නද මන්ද බට්ටී.......දැන් හිතෙන දේවල් එදා හිතුනෙ නෑනෙ......

    ReplyDelete
  18. රාජ්....
    මම මේ කතාව මුලින්ම පටන් ගත්ත නම් ආදර කතාවක් විදියට ලියාගෙන යන්න..ඔයාල කවුරුවත් මෙයාව සැක කරන්නෙ නැහැ....එදා මම උන්න තැනම ඉඳන් ඔයාලත් හිතාවි.....
    මම කතාව පටන් ගත්තෙ අවසානය ගැන දැනුම් දීගෙන....මේ මිනිහා කවුද කියල හඳුන්වල......
    තමුන්ගෙම වදාපු අම්මව අර තරම් පහත් තැනක තියල පුතෙකුට පුලුවන්ද කෙල්ලෙක් රවට්ටන්න?....
    එතකොට අනුත්තරා??
    මම ඉන්නෙ ඒ මිනිහ ගෙන් කිලෝ මීටර් 9000 ක් දුරින්....අනුත්තරා එකම ක්ලාස් එකේ උන්නෙ...දෙන්නම ඉන්නෙ කිට්ටු නගර දෙකක...ඒ දෙන්න 2008 ඉඳන් එකි නෙකා අඳුනනව....මේ මිනිහ අනුත්තරාට කියල තියෙන්නෙත් හෙන ගහන බොරුනෙ.......
    එතකොට ඔයා හිතන්නෙ මමයි අනුත්තරයි දෙන්නම මහ මෝඩ කනු දෙකක් කියලද??
    නෑ අයියෙ..එහෙම නෙවේ..
    මම මා ගැන කියන්නෙ නැහැ..ඒක සමහරුන්ට ආත්ම වර්නනාවක් වගේ පෙනේවි.....ඒත් මම අනුත්තරා ගැන කියන්නම්....
    අනුත්තරා කියන්නෙ,බුද්ධිමත්...වැදගත් රැකියාවක් කරන..අහිංසක..බුදුදහම හිස්මුදුනින් පිළිගත්ත..අදහන..හරිම කරුණාවන්ත..අවංක කෙල්ලෙක්.....
    මේ මිනිහා මේ විදිහට කෙල්ලන්ව රවට්ටන්න උපතින්ම ආභාශයක් ලබාගෙන ඇවිත් තියෙන්නෙ.......

    ඔයාගෙ පෝස්ට් එක බැලුවා...මේක ඊට වඩා ගොඩාක් වෙනස් විදිහෙ රැවටීමක්...තමුන්ගෙ අම්මව..තාත්තව..එක්කුසේ උපන් සහෝදරයව පාවාදීල...තමුන් ගෙ ජාතකේ පවා විකුනලා...!!!!

    ReplyDelete
  19. Thilan.....
    තෑන්ක්ස් මල්ලි..ඉක්මනින් ලියන්නම්......!

    ReplyDelete
  20. ඔයා සැක නොකරපු එක පුදුමයක් නෙමෙයි...පිටින් ඉඳං බලන අපිට පේන දේවල් එයාට ආදරේ කරපු ඔයාට පේන්නේ නැහැ...අපිට උනත් දැන් සැක හිතෙන්නේ කතාවේ අවසානය ගැන ඔයා ඉඟියක් දීලා තියන නිසා...නැත්නම් මම හිතන්නේ කවුරු උනත් ඔය විදියට අහු වෙන්න පුළුවන්...

    ReplyDelete
  21. සයුරි.........
    ඔව්...සයුරි, මට තිබුන මේක ලස්සන ආදර කතාවක් විදියට ලියාගෙන යන්න.....රකුසො ගැනයි මායා බන්ධන ගැනයි මුකුත්ම නොකියා...කතාවෙ මැදදි යම් යම් ඉඟි දෙන්නෙ නැතුව ....එහෙම උනා නම් ඔයාල මේ පුද්ගලයට අනුකම්පා කරන්නෙ නැද්ද?

    මුලින්ම මගෙ පස්සෙන් ඇවිත් අනාථයෙක් විදියට රඟපාල මගෙ ආදරේ හොරකම් කලා....මම ඔයාලට අපි දෙන්න අතර උන කතා දෙබස් ඔක්කෝම ඒ විදියටම කිව්වෙ නැහැ කතාව දිග වෙන නිසා...කෙටියෙන් කියනව නම් මට කිසිම අවිස්වාශයක් නොදැනෙනන විදියට හරීම ශූක්ෂම විදියට ඒ මිනිහා මේ සෙල්ලම අරන් ගියා...ආදරෙන් උන්න මම අන්ධ වෙලා උන්න...එයා කිව්ව දේවල් මම ඔක්කෝම විශ්වාස කලා ආදරේ නිසා..........

    ReplyDelete
  22. මම මේ කතාවේ අවසානය කොහොම වෙයිද කියලා කල්පනා කලේ....

    ReplyDelete
  23. Dinesh........
    ගොඩාක් කල්පනා කරන්න එපා...මම මේ ඉන්නෙ අපූරුවට...හික්ස්...!!

    ReplyDelete
  24. රාජ් කියන්නෙ යකාගේ එකෙක්නෙ.අම්ම කෙනෙක්ට ගෞරව කරන්නෙ නැති මිනිහ වෙන කෙල්ලෙක්ට ගරු කරයිද.මමත් ලුර්ඩ්ස් වලට දෙපාරක් තුන්පාරක්ම ගිහින් තියෙනව එත්න වෙන හාස්කම් ගැනත් ටිකක් විස්වාස කරනව රාජ්ට කෙසේ වෙතත් දේව මෑණියො ඔයාටනම් පිහිට වෙලාතියෙනව අරවගේ නරුමයෙක්ගෙන ගැලවෙන්න

    ReplyDelete
  25. Ishan.......
    ඔව්..මම යැව්ව ඒ වතුර කුප්පිය මගදිම බිඳිල තිබුන...පව්කාරයෙකුගෙ අත වදින්න කලින්....

    ReplyDelete
  26. එක එක අය එක එක පාටයිනේ...

    ReplyDelete
  27. //ඔයා හිතන්නෙ මමයි අනුත්තරයි දෙන්නම මහ මෝඩ කනු දෙකක් කියලද??//
    නෑ එහෙම හිතන්න එපා. ඒත් මුළු කතාවම කියෙව්වම මට හිතුනදේ මම කිව්වෙ. තරහවෙන්න එපා.

    ReplyDelete
  28. රාජ්..........
    හෙ...හේ....හෆොයි.....තරහ වෙන්නෙ නැහැ......මෝඩකමක් උනත් ජීවිතේ එකම පාරක් හරි කරපු නැති කෙනෙක් නැහැනෙ නේද?

    ReplyDelete
  29. prasanna86k .........
    හ්ම්ම්..හ්ම්ම්.....මාලුවො වගේ.....!!

    ReplyDelete
  30. මම මේ කොටස කියවන්න ගොඩක්ම පමා උනා. ඔයා වගේ කෙල්ලෙක්ගේ ආදරයට නිග්‍රහ කරපු රාජ් ගැන මාරම කේන්තියි. මෙහෙමයි එකෙක් !!!

    ප.ලි.
    ස්වාරොව්ස්කි කියලා කියන්නේ මොනවද ? දන්නේ නැති නිසයි අහන්නේ

    ReplyDelete
  31. මධුරංග..........
    ආදරයට විතරක් එහෙම කලා නම් කමක් නෑ.....මනුස්සකමට කල නිග්‍රහය?..හ්ම් කමක් නෑ අයියෙ....අපි දෙන්න ගැන ඉස්සර දන්න අය කිව්ව '' උඹ වගේ කෙල්ලෙක්ව බාර ගන්න ඕනෙ දෙවි කෙනෙක් වගේ කොල්ලෙක් මිසක් කාලකන්නියෙක් නෙවේ'' කියල...ඒ කිව්ව අයට මතක ඇති එයාලත් මේ බ්ලොග් එක බලන නිසා...............
    'ස්වාරොව්ස්කි' කියන්නෙ අයියෙ ලෝකෙම ප්‍රසිද්ධ ක්‍රිස්ටල් ජුවලරීස්.......ඒවා පුදුමාකාර ලස්සනයි...පුලුවන්නම් නෙට් එකෙන් බලන්න....ඒ ශොප්ස් ඇතුල දිව්‍යලෝකෙ වගේ.....විශේෂ කෙනෙකුට තමා සමාන්‍යයෙන් 'ස්වාරොව්ස්කියක්' තෑගි කරන්නෙ...........

    ReplyDelete
  32. හැම කොල්ලම තමන්ගෙ කෙල්ලට පොල්ල තියන නෑ, ඒ වගේම හැම කෙල්ලමත්, කොල්ලට බූට් තියන නෑ කියන්න බෑ. බහුතරයක් කොල්ලෝ කාටත් කිවත් නොකීවත් බූටක් හෝ ඊට සමාන බලාපොරොත්තු කඩවීමක් කාල තියනව.
    ජිවත් වෙනකොට දුක සැප දෙකම තියනවනෙ. වැඩිය හිතට ගන්න එපා.

    ReplyDelete
  33. ඔයා ඒ කොල්ලට ගොඩක් ආදරේ කල විත්තිය අරන් දීපු දේවල් වලින්ම හිතාගන්න පුලුවන් නංගි. මෙහෙම කතාවක් තියෙනවා.

    අච්චර හොද ආදරයක් තේරුම් ගන්නත් කෙනෙක්ට බුද්ධිය කියලා එකක් තියෙන්න එපැයි.

    අර ක්‍රිස්ටල් ජුවලරීස් ගැන මම් දැනගත්තෙත් නංගිගෙන්

    ReplyDelete
  34. මධුරංග.......
    ඒ තැනැත්තට ඕන ආදරයක් නැහැ අයියෙ.....එයාට තියෙන්නෙ මහ කුරිරු මානසික තත්වයක්....අහිංසක ආදර කූඩු කඩා දාල කෙල්ලන්ව බොරුවෙන් අල්ලගෙන තනියම සතුටු වෙන මන්දබුද්ධික මනසක්......

    ReplyDelete
  35. දූපත් වැසියා.......
    මෙයා ඔයා හිතන විදියෙ සමන්‍ය කොල්ලෙක් වත් ආදරය හඳුනන එකෙක් වත් නෙවේ........''ලෙඩෙක්''...!!

    ReplyDelete
  36. කිරිල්ලි, නිකන් අපිව දෙකේ කොලේට දාන්න එපා, අපිත් හැන්ඩි (කැප්) කොල්ලෝ හරිද?

    ReplyDelete
    Replies
    1. හික්ස්..පිස්සුද දැන් දෙකේ කොල කොහෙවත් ඇත්තෙත් නැහැ...:D:D:D

      Delete