My Blog List

Friday 2 December 2011

රාජ් ගෙ ඔෆිස් එක.....!!

(අළු පාට හැන්දෑව..12)


මේ කාලයේ රාජ් වැඩිපුර දින ගත කලේ නිවසේ..අසනීපය නිසා එයා දින සති ගනන් ගෙදර උන්න..ක්ලාස් එකේ වැඩ කරගන්න ඕනෙ කියල ගෙදර උන්න.. එක්සෑම් ලඟයි කියල ගෙදර උන්න...මට මේක ප්‍රශ්ණයක් උනා.දවසක් මම ඇහුව එයාගෙන්.....


''..ඔය විදියට හැමදාම ගෙදර ඉන්නකොට ඔයාට ඔෆිස් එකෙන් ප්‍රශ්ණ ඇතිවෙන්නෙ නැද්ද?..''


''..නැහැ,මම ගෙදර ඉඳන් ඔෆිස් එකේ වැඩ ටික ඔක්කෝම කොන්ට්‍රෝල් කරනව,ගෙදර ඉඳන් වැඩ කරනව කොම්පියුටරෙන්..ලොකුම හදිස්සියක් උනොත් එයාල මට කතා කරනව..එතකොට යනව බලන්න..''


''..අයියෝ ඔහොම ජොබ් එකක් කරන්න අපිට හම්බවෙන්නෙ නැහැනෙ..ගෙදර ඉඳන් ඔක්කොම කරන්න..''


''..ඔයා දන්නවද දෙයක්..අපේ අම්මිගෙ ලොකු අයිය 'බ්‍රදර් කෙනෙක්' එයා තමා අපේ ඔෆිස් එකේ ලොකු බොස්..මේකෙ තව බ්‍රාන්ච් කිහිපයක් තියනව..මේක බලාගන්න පවරල තියෙන්නෙ මට..මම තමා දැනට වැඩ බලන්නෙ..මම ගෙදර ඉඳන් ඔක්කෝම කොන්ට්‍රෝල් කරනව..හදිසි අවස්ථාවක් උනොත් විතරයි මම ඔෆිස් එකට යන්නෙ..එයාල අවශ්‍ය දේවල් වලට මට කෝල් කරල ඇඩ්වයිස් ගන්නව..''


එයා එහෙම කිව්වාම තමයි මට තේරුනේ ඇයි එයාට ඔෆිස් එකේ වෑන් එකකුයි ඩ්‍රැයිවර් කෙනෙකුයි ඉන්නෙ කියල.එයාගෙ ගෙවල් මීගමුවෙ දලුපත කිව්වනෙ,මම දන්න තරමින් ගෙදර ඉඳල මීගමුවෙ මාරිස්ටෙලා එක ගාව තිබුන එයාගෙ ඔෆිස් එකට මිනිත්තු 5 කින් යන්න පුලුවනි...එයා ඔෆිස් ගිය දාට හවස එන්නෙ ඩ්‍රයිවර් එක්ක..ඒ ගමන්ම එයා නිතරම යනව මීගමුවෙ බීච් එකට..ඩ්‍රැයිවර් එක්කම දෙන්න ගිහින් වඩේ කාල එනව..ඒ හැම මොහොතකම මම දන්නව මොකද එයා මට පෝන් එකෙන් කියනවා..(ඇත්තම කියනවා නම් එයා මට මිස් කෝල් එකක් දුන්න ඒ හැම වෙලාවටම මමයි එයාට ආපසු ගත්තෙ.)....සමහර දාට එයාට අපහු ගෙදර යන්න ඩ්‍රැයිවර් ව හොයා ගන්න බැරුව මාර විදියට තරහත් ගියා...
එයා දවල් කෑම කෑවෙ ඔෆිස් එකෙන්..එයාලට උයන්න ඇන්ටි කෙනෙක් උන්න..හැමදාම දවල් කෑමෙන් පස්සෙ මම ඇහුවාම මොනවද කෑවෙ කියල, හැමදාම එයා කිව්වෙ ඉතාම පොහොසත් ඒත් එකිනෙකට නොගැළපෙන කෑම ජාති.....ගෙදරදි උනත් රෑ කෑමෙන් පස්සෙ ඇහුවාම එයා කිව්වෙ නොගැළපෙන කෑම වර්ග..........
ගෙදරදි මා එක්ක කතා කර කර ඉන්න හැම වෙලාවකදිම වගේ එයාගෙ අනිත් ටෙලෙපෝන් එකට කෝල්ස් එනව..''..පොඩ්ඩක් ඉන්න ඔෆිස් එකෙන් දෙයක් අහනව..'' කියල එයා ගොඩාක් වෙලාවක් ඒවට වෙලාව ගත්ත.......
හැම සතියකම වගේ එයා ඔෆිස් එකේ වැඩ වලට කොලඹ බිෂොප් හවුස් එකට ගියා..එයාට ඔෆිස් එකේ කාර් එකක් තිබුන..ඒකෙන් තමා එයා දුර ගමන් වැඩ වලට ගියෙ..මුදල් ගනුදෙනු වලට යන්න..බැංකු වලට යන්න..නීති කටයුතු වලට නීතිඥවරු හමුවෙන්න..ඒ විතරක් නෙවේ ඔෆිස් එකේ ෆැක්ස් යවන්න...පොටෝකොපි ගහන වැඩේ පවා එයා කරද්දි,දවසක් මම ඇහුවා......''...ඇයි ඔයා ඔය වගේ වැඩත් කරන්නෙ..? ඔතන පියන් ගෙ  වැඩේ ඉඳන් කරන්න ඕනෙ ඔයාද?..'' කියල....එයා හිනා උනා..............


හවස වැඩ ඇරුනාම ඔෆිස් එකේ ඉඳන් ගෙදරට එනකම් මග දිගටම එයා මා එක්ක කතා කර කර එන්නෙ..''ඔන්න මම තව මිනිත්තු 3 කින් ගෙදර..ඉන්න ටක් ගාල ඔන්ලයින් එන්නම්..'' කියයල..හරියටම ඒ වෙලාවට එයා ඔන්ලයින් එනව..ඔෆිස් එකේ චුට්ටක් හරි පරක්කු වෙනව නම් මට ඉක්මනින් කෙටි පණිවිඩයක් එවනව ''..මම අද වැඩ ගොඩකට හිර වෙලා,ඉක්මනින් එන්නම්..'' කියල.


රාජ් මට ලස්ස්ණ පොටෝ එකකුත් දුන්න එයාගෙ ඔෆිස් එකේ කට්ටිය එක්ක...ලොකු පාර්ටි එකක..කෑම කනව එයා තව යාලුවො දෙන්නෙක් එක්ක...එයා ඒක දීල මට කිව්වෙ...''මේ මම අපේ ඔෆිස් එකේ වැඩ කරන අයට හැම අවුරුද්දෙම දෙන පාර්ටි එක..'' කියල..........


එයා වෙන්නප්පුවෙ ප්‍රසිද්ධ පිරිමි පාසැලක ශිෂ්‍යනායකයෙක් වගේම..2005 වසරෙ ''හොඳම විනය ගරුක'' ශිෂ්‍යයා විදියට තේරුනා කියල මට කිව්වෙ හරිම ආඩම්බරයෙන්.........


රාජ් ට ගොඩාක් කරදර තිබුන ගෙදරදි......එයාගෙ අම්මත්,අයියත්,අයියගෙ නෝනත් නිතරම එක එක වැඩ පැවරුව එයාට....ඒ ගැන එයා උන්නෙ ලොකු කණගාටුවකින්..අම්ම..නෑනා...නිතරම ගමන් බිමන් ගියා.... සුපර්මාර්කට්.ශොපින්....ඒ හැම ගමනකටම මෙයා කාර් එක අරන් යන්න ඕනෙ ලු......එයා නිතරම ඒ අයට දොස් කිව්ව මා එක්ක...''.....මාව ඕන වෙන්නෙ ඩ්‍රැයිවර් වැඩේට විතරයි මෙයාලට...'' කියල................


අනේ මන්ද.....ඔෆිස් එකේ වැඩ..බෝඩ් මීටින්..ඉගෙන ගන්න පාඩම් කරන වැඩ..ක්ලාස් එකේ වැඩ..අම්මගෙ වැඩ..නෑනගෙ වැඩ.....කාර් එක සෝදන එකේ ඉඳන් අයියගෙ වැඩ...ඒ මදිවට සැරෙන් සැරේ වද දෙන කරුම අසනීපෙ...!!


මම ගොඩාක් දුක් උනා එයා මේ ගෙවන ජීවිතේ ගැන...විඳින දුක අහල...ඒ කොච්චර වැඩ අධික උනත් එයා නොවරදවාම මා එක්ක ඔන් ලයින් උන්න සුපුරුදු වෙලාවල් වලට.....




එයාගෙ අයිය ගෙදරට අන්තර්ජාල පහසු කම් අරන් තිබ්බ ඒත් රාජ් ට ඒ පහසු කම් තිබුනෙ නැහැ...අයිය පාස්වර්ඩ් දාල කිව්ව රාජ්ට පාවිච්චි කරන්න බැරි වෙන්න...රාජ් අයියගෙන් නෙට් එක පාවිච්චි කරන්න අවසර ඉල්ලුවත් ඒ අයිය දෙන්නෙ නැහැ ලු.......මට නම් පුදුම හිතුන ඒ අයිය ගැන..ඇයි දෙවියනේ තාත්ත කවුරු උනත් ඒ දෙන්න එක අම්මගෙ බඩෙන් ඉපදුන, එක්කුසේ උපන් සහෝදරයො නේද...අනික මහන්සි වෙලා ඉගෙන ගන්න එකම මල්ලිට එයා කලේ පුදුම දුෂ්ඨ කම්..නෙට් නැතුව කෝමද කොම්පියුටර් වැඩ කරන්නෙ?..මම ඒ අයිය එක්ක පුදුම තරහකින් උන්නෙ.....................
මගේ ජීවිතයේ අප්‍රසන්නම රාත්‍රිය ගැන කියන්නම් ඔයාලට ඊලඟ කොටසින්......!!!!


34 comments:

  1. රාජ් කොහොම චරිතයක්ද කියල මට තාම හරියටම කියන්න බෑ.හැබැයි ඇත්තට හෝ බොරුවට රාජ් වැරැද්දක් කලා.මොකක්ද දන්නවද ?හරියටම එන වෙලාවල් යනවෙලාවල් කියන එක.ඒක එයා ඇත්තටම කිවුවනම් ඒක වැරැද්දක්,බොරුවට කිවුවනම් ඒක ඊටත් වඩා වැරැද්දක්.

    ReplyDelete
  2. නංගියෝ ඔයා ලියන මේ දේ ඉස්සරහට අන්තර්ජාලයට එන පරම්පරාවට මේ වගේ රකුසන්ගෙන් ගැලවිලා ඉන්න ලොකු ආදර්ශයක් වේවි.. :)

    ඊලඟ කොටස එනකල් බලාගෙන ඉන්නවා..:)

    ReplyDelete
  3. කස්ස......
    හෙ..හේ....ඔය දෙකම වැරදී අයියෙ...!!

    ReplyDelete
  4. නන්දු.........
    මීට වඩා දරුණු එකෙක් ආයෙ ඉපදෙන්නෙ නැහැ......!!

    ReplyDelete
  5. ෂුවර් එකටම ඔය මිනිහා හොද රස්තියාදුකාරයෙක්.මේක කියවද්දී මට එන කේන්තිය.එහෙමයි කියලා එව්වා හැම එකක්ම ලියන්න බැරි නිසා වෙන මුකුත් ලියන්නේ නෑ.

    ReplyDelete
  6. ප්‍රෂ්ණ කාරි වාතාවරනයක් නම් ගෙදර තිබිනේ ඔහු මානසික අවුලකට පත්වෙලා ඉන්ඩ ඇති...මේ හිරවිම තව කෙනෙකුගේ පිටින් දාලා ඔහු යම් ආස්වාදයක් ලැබුව වෙන්ඩත් පුලුවං...

    ReplyDelete
  7. ඊලඟ කොටසත් ඉක්මනට දාන්නකෝ...

    ReplyDelete
  8. ම් මෙහෙමද ගේදර ජිවිතේ බලමුකො ඉස්සරහට...

    ReplyDelete
  9. මට නම් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ...මම හිතන විදියට රාජ් කතෝලික බැතිමතෙක් වෙන්න ඕනේ...ඔයා සඳහන් කල වෙන්නප්පුවේ ජනප්‍රිය පිරිමි පාසැල ජෝශප් වාස එක...බණ්ඩාර බාප්පගේ මල්ලි ඉන්නේ වෙන්නපුවේ නිසා මම ඔය පාසැලට එක පාරක් ගිහිනුත් තියෙනවා....මල්ලිත් එක්ක....

    දළුපත ඉඳන් මාරිස්ටෙලා කෝලේජ් එක ලඟට වි.5-10 ක් තමා යන්නේ..ඒක නම් ඇත්ත...

    ReplyDelete
  10. හික් හික් හෙන පච ගොඩක් ගහල තියෙන්නේ මූ...මම හිතන්නේ ඔය ඔක්කොම බොරු..රාජ් බුවා ඇවිල්ලා හිඟන පොරක් මම හිතන්නේ...බොරු පොශ් ටෝක් දුන්නට....

    ReplyDelete
  11. මොකාටද එන්න හදන්නෙ කියල මටනම් හිතාගන්න බෑ

    ReplyDelete
  12. බට්ටි..........
    තරහ ගන්න එපා බට්ටි...මට වගේ මානසික ඩොක්ටර්ස්ල ගාවට යන්න වෙවි අන්තිමට...හික්ස්..!!

    ReplyDelete
  13. Raj.....
    හ්ම්ම්ම්ම්.....මට මොකුත් කියන්න විදියක් නැහැ.......

    ReplyDelete
  14. samadhi.....
    ඉක්මනින් ලියන්නම් සමාදි.....

    ReplyDelete
  15. Raj....
    හ්ම්..හ්ම්....එහෙමලුනෙ.....!

    ReplyDelete
  16. දිල්.....
    ඔව් දිල් අක්කි...ඒක තමා ස්කූල් එක....අපේ ආන්ටිත් මිගමුවෙ උන්නෙ....මම මීගමුවෙ හැම තැනම දන්නවා.....මාත් උන්න එයා එක්ක මීගමුවෙ.........

    ReplyDelete
  17. ඔබ නොදු‍ටු ලොවක්.....
    අම්මෝ....මෙයත් ඒ පැත්තෙ කෙනෙක් වගේ.....!!

    ReplyDelete
  18. වැලිමැඩියා......
    හික්..හික්.....වී පැදුරට තමා ඉතින්.......!

    ReplyDelete
  19. හ්ම්ම්... කතාව දිගටම කියවගෙන යනවා මිසක් මුකුත් කියන්න බැරි තරමට මේක සංකුලයි...

    මේ වගේ මිනිස්සුන්ගේ සෙල්ලම් මමත් පෞද්ගලිකව දැකල තියෙනවා
    නමුත් උන් ඒවා කරගෙන යන විලාශයට, ඒ දේට අහු වෙන අයට අල්ල ගන්නත් පිටත ඉන්න කෙනෙකුට අල්ලලා දෙන්නත් අමාරුයි.
    තමන්ගේ දැලට අහුවෙලා ඉන්න අයව උන් ගානට අන්දගෙන ඉන්නවා.
    මේ ලෝකේ බොහෝම භයානක මිනිස්සු තමයි උන්....

    ReplyDelete
  20. ලොකු පුතා .....
    ඔව්....ආත්මයක් නැති උන්....මේ ආත්මෙදිම වන්දි ගෙවන උන්....අනිත් ආත්මෙ පාරෙ කුනු බක්කි කන බල්ලො වෙලා ඉපදෙන උන්........!!!!!!!

    ReplyDelete
  21. වෙන්නප්පුවේ තියෙන ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලේ මම් දන්නවා. එයා කතෝලික කෙනෙක් ද ? මට තාම හිතා ගන්න අමාරු එයා මේ තරමටම ඔයාගෙන අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ ඇයි කියලා.

    ReplyDelete
  22. දිගටම ලියන්න අක්කේ Comment එකක් දැම්මේ නැති උනාට හැමදාම කියවන බ්ලොග් එකක් තම මේක

    ReplyDelete
  23. මම කිරිල්ලිගෙ මේ කතා ගොන්නම අද එක හුස්මට කියවගෙන ගියා..මට එතන්දි හුගාක් දේවල් හිතුනා. සමහර දේවල් ගැන නොකියා ඉන්නම්...:)

    හැබැයි එකදෙයක් හොදටම පැහැදිලියි...කිරිල්ලිගෙ හොඳ හිතින්, අවංක කමින්, මනුස්සකමින්, මොළොක් කමින්, රාජ් ප්‍රයෝජන අරගනන් හදලා තියෙනවා. ඒ වගේම මට කිරිල්ලි ගැන හරි දුක හිතුනා.. ලෝකෙ හරි නපුරුයි කිරිලි පැටියෝ.. ඉගිල්ලෙන්නෙ පරිස්සමින්...
    අපි බලමු ඉස්සරහටත් මොකද ව්එන්නෙ කියලා..

    ReplyDelete
  24. මධුරංග......
    ඔව් එයා කතෝලික ආගමේ කෙනෙක්....මගෙන් විතරක් නෙවේ අනුකම්පාව ඕනෙ එයාට ඇයි අනුත්තරාගෙන්?..මීට වඩා දෙයක් කියන්න බැහැ අයියෙ,දිගටම බලන්නකො ඔයාල පුදුම වේවි....!

    ReplyDelete
  25. Thilan........

    තෑන්ක්ස් මල්ලි......ඔයාල කොමෙන්ට්ස් නොදැම්ම කියල මගේ කිසිම අහිතක් නැහැ....මේක කියවන්න..තවත් මම වගේ මෝඩ කෙල්ලන්ව දැනුවත් කරන්න...තවත් අයට නිදහසේ මේ දේවල් කරන්න ඉඩ දෙන්න එපා..මට ඕනෙ එච්චරයි..!!

    මගෙ හිතේ කොනක වත් කිසිම ආශාවක් තිබුනෙ නැහැ බ්ලොග් එකක් ලියන්න....ප්‍රසිද්ධ වෙන්න,අනෙක් අයගේ අවධානයට ලක්වෙන්න,කොමෙන්ට්ස් දා ගන්න,ඒ වගේම බලන අයගෙ අනුකම්පාවට ලක් වෙන්න.! අනේ නැහැ ..මේ වගේ කිසිම අදහසක් මගෙ හිතේ නැහැ සත්තයි...!!!

    මම මේක ලියන්න අරන් යාන්තම් මාස එකහමාරක් විතරයි...ඒත් ගොඩාක් දෙනක් මේක කියවන බව මට පේනවා..හීනෙකින්වත් නොහිතපු තරම් ගොඩාක් දෙනෙක්..!!!

    ඔයාල හැමෝටම ස්තූතියි..!!

    ReplyDelete
  26. හිතුවක්කාරි..........

    මගෙ තාත්තට මැරෙන්න කලින් හිරගෙදරටත් යන්න උනා එක පාරක්, අවංක කම,හිත හොඳ වැඩි කම,අනෙක් අයට උපකාර කරන්න යෑම නිසා....................
    ඒත් මගෙ තාත්ත මැරෙන්න දින කීපයකට කලිනුත් කිව්වෙ,''..පුතේ කෙනෙකුට පිහිට විය යුතු අවස්ථාවක් පැමිනුනොත්,එයාට පිහිට වෙන්න අපිට පුලුවන් උපරිමෙන්...කෙනෙක් ට නැති දෙයක් දෙන්න, අපි ගාව වැඩි පුර තියනවානම්...''

    අපේ ගෙදර අනිත් අය නම් තාත්ත කිව්ව විදියට දේවල් කරන්නෙ නැහැ...මේ සමාජයේ මිනිස්සුන්ගෙ දරුණු කුහක කම් ගැන එයාල හොඳින් දැනුවත් නිසා වෙන්න ඇති........ඒත් මට බැරි උනා තාමත් ඒ අය වගේ වෙන්න...ඔයාලට හිනා යන තරම් මෝඩ වැඩ මම කලා ආදරේ වෙනුවෙන්..!! ඉදිරියට කියවන්නකො...(හිනාවෙන්නකො.)

    ReplyDelete
  27. ඔයා නංගි සිංඩි දෙකකට විතරයි වෙන්න ඕනේ ඇප්ලයි කරලා තියෙන්නේ.
    මෙන්න මේවටත් ඇප්ලයි කරන්න.

    1. ලංකා බ්ලොගර්
    2. සීගිරි බ්ලොග් සිංඩිය
    3. හත්මාළුව බ්ලොග් සිංඩිය
    4. සිංඩිය
    5. සිංඩි ලංකා
    6. අඹ ගහ යට

    තව දෙරන බ්ලොග් සිංඩිය කියලා එකක් තිබ්බා. ඒක ඇක්ටිවි ද කියලා දන්නේ නෑ.

    ReplyDelete
  28. මධුරංග........
    ගොඩාක් ස්තූතියි අයියෙ...මම එහෙම කරන්නම්..

    ReplyDelete
  29. මූ නම් බොරුවෙ උපතද කොහෙද.... ගානට අන්දල ඔයාව... ඉතිරියත් දාන්න

    ReplyDelete
  30. පිස්සා පලාමල්ල.....

    හ්ම්ම්ම්...මටම උන එකනෙ පුදුමෙ..බලන්නකො අයියෙ...!

    ReplyDelete
  31. @වින්චැට්කිරිල්ලි.- මෝඩකම් ජීවිතේදී අපි කොයි කවුරුත් කරනවා...ඒත් ඒවාට හිනා වෙන්න තරම් හිතුවක්කාරි දුෂ්ඨ නෑ කෙල්ලෙ...:( මම හිතුවක්කාරි ව්උනාට හුගාක් සංවේදී...ජීවිතේ වැරදුනු කෙන්ක්ට නැගිටින්න උදව් කරන්වා වෙනුවට හිනා වෙන්න තරම් අමනුස්සයෙක් නෙවෙයි මම..:'(

    ReplyDelete
  32. හිතුවක්කාරි......
    අපොයි....ඒක ගැන ඔයා එච්චර හිතුවද? මම විහිලුවට ලිව්වෙ ඒක...සොරි ඔයාගෙ හිත රිදුන නම්...

    ReplyDelete
  33. ///එයා වෙන්නප්පුවෙ ප්‍රසිද්ධ පිරිමි පාසැලක ශිෂ්‍යනායකයෙක් වගේම..2005 වසරෙ ''හොඳම විනය ගරුක'' ශිෂ්‍යයා විදියට තේරුනා කියල මට කිව්වෙ හරිම ආඩම්බරයෙන්........///

    මේ කියන්නේ වෙන්/ජෝශප් වාස් ම. මා. විදුහල ගැන, කිරිල්ලියේ මම බොහොම අභිමානෙන් කියනවා මමත් ඒ පාසලේම ඉගෙන ගත්තේ, අදටත් මම මගේ පාසල බොහොම ලඟින් ඇසුරු කරනවා, ඉතින් මම දන්නා විදියට අපේ පාසලේ ' හොඳම විනය ගරුක ශිෂ්‍යයා තේරීමක් හෝ තෑගී බෙදා දීමක් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදුමුවෝ ඔයා හරි...ඒකත් මට කිව්ව අලි බොරුවක්..එයා හරී විනය ගරුකයි,ඒකට සම්මානත් ලැබුන කියන්නයි ඕන උනේ එයාට...එයාගෙම ගෙදර අය පස්සෙ කිව්ව මට ඒක බොරුවක් කියල.....:(

      Delete