My Blog List

Friday 3 February 2012

I'm everything I am Because you loved me .........!!


ඉතින් ඊට පස්සෙ...........(අළු පාට හැන්දෑව 23..)

එදා රෑ ඒ ඉන්විටේශන් එක එවල එයා නිදාගන්න ගිහින් තිබුන..මම රෑ ආවාම තමා ඒක දැක්කෙ...ගනිම්දෝ නොගනිම්දෝ කියල හිත හිත ඉඳල අන්තිමේදි මම ඒක පිළිගත්තා.....
පහුවදා උදේ ඔෆිස් එකට ගිහින් ආයෙමත් මූණුපොතට ගිහින් බැලුවාම අපිදෙන්නගෙ රිලේශන් ශිප් එකට යටින් එයා මෙන්න මෙහෙම ලියල තිබුන.........

You were my strength when I was weak 
You were my voice when I couldn't speak 
You were my eyes when I couldn't see 
You saw the best there was in me 
Lifted me up when I couldn't reach 
You gave me faith 'coz you believed 
I'm everything I am 
Because you loved me ..............!!

මේක සෙලින් ඩියොන් ගෙ මම ආසම සිංදුව..කාලෙකට කලින් මමයි එයාට ලියල යැව්වෙ ඒක..ඒ සිංදුව දැක්කාම නම් පොඩි සතුටක් වගේ මොකක්ද දැනුන මට...එවෙලෙ මට හිතුනෙ..''...අහ්..! ඒ පාර නම් හංසයට තටු මැවීගන එනව ඔය පාර නම් පීනන්න පුරුදුවේවි...'' කියල....

ඒත් ඇත්තටම උනේ...මට ''අං දෙකක්'' එනවද කියල ඔලුව අතගාල බලන්න මට අමතක උන එක....!!!!!

මූණුපොතේ අපේ යාලුවො එදා අපි දෙන්නට සුභ පතල එක එක දේවල් ලියල තිබුනා...මරණෙකට සුභපතල මල්පොකුරු එව්ව වගේ....මගුලකට සුභපතල මල්වඩම් එව්ව වගේ....!!

ඒත් මේ ගැන එදා එයා මා එක්ක කතා කලේ නැහැ..මෙයා නිහඬ,අමුතු චරිතයක් නිසා මම නිශ්ෂබ්දව උන්න..
මීට පස්සෙ උනත් එයා මගෙ කෝල් වලට ආන්ස්වර් කලේ නැහැ..''අම්ම ඉන්නව..අයිය ඉන්නව..නෑනා අහගෙන ඉන්නවා..'' නිදහසට කරුනු උනා හැමදාමත් ඕව..මට ඕනෙ වෙලා තිබුන මේ තත්වය වෙනස් වෙනව දකින්න..දවසක් මම එයාට කිව්ව...

''..ඔයා පොඩි ලමයෙක් නෙවේනෙ..අවු:24 ක කොල්ලෙක් උනාම ඔයාට ඔයාගෙ නිදහස තියෙන්න ඕනෙ නේද?..ඇයි ඔයා අම්මල එක්ක ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ?..''

''..එහෙම තමා මම මේ ගෙදර ඉන්නවා නම් ඉන්න ඕනෙ එයාල කියන විදියට..මට ඕන විදියට ඉන්න බැහැ..''

''..එතකොට අයිය..? එයා යාලු උනේ ගර්ල්ස්ලා එක්ක..?එයා ගෙදරදි කතා කලේ නැද්ද එයාගෙ ගර්ල් එක්ක?..''

''..ඔව් එයා කලා එයාට ඕනෙ දේවල්..අම්මල එයා කරන දේවල් වලට ඉඩ දුන්න..මට එහෙම නෑ..මම මේ ගෙදර හිර කාරයෙක්..''

''..අයියෝ මොන කරුමයක්ද ඔයා ගෙවන්නෙ.එක්කෝ යන්නකො කුළියට වත් වෙනම ගෙයක් අරන්..සැනසීමෙන් ඉන්න මනුස්සයෙක් වගේ..''

''..ඔව් ඒක තමා මම ඉක්මනින් මෙයාලගෙන් ඈත්වෙනව..පොඩ්ඩක් ඉන්නකො එතකම්..දැනටමත් නොගිහින් ඉන්නෙ තාත්ති නිසා..මට එයාව දාල යන්න දුකයි..එයා මට යන්න දෙන්නෙත් නැහැනෙ..''

''..මම කියන්නද වැඩක්...ඔයා මාව ඔයාගෙ අම්මි එක්ක යාලු කරවන්නකො..''

''අම්මෝ..ලෝක විනාසෙ වගේ වේවි..ඔයා දන්නෙ නැහැ එයාගෙ හැටි..''

''..හ්ම්ම්ම්..එහෙනම් මාව අයියගෙ වයිෆ් එක්ක යාලු කරවන්න..''

''..අපෝ බැහැ..එයා ඊට හපන්..''

''..මට හැමෝම ආදරේ වෙනවා මා එක්ක කතා කලාම..කවුරුවත් මා එක්ක තරහා වෙන්නෙ නැහැ..මගෙ යාලුවන්ගෙ අම්මල හැමෝම වගේ මා එක්ක ගොඩාක් යාලුයි..ඔයා ගෙදරට කියන්නකො මම ගැන..නැත් නම් ගෙදර පෝන් නම්බර් එක දෙන්නකො මම යාලු වෙන්නම්..''

''..ඔයාට පිස්සුද?..මාව මේ ගෙදරින් එලවන්නද ඔයා හදන්නෙ?..පිස්සු කතා නොකර මට තව ටික කාලයක් මෙතන ඉන්න ඉඩ දෙනවද ?..''

මූණුපොතෙන්,ගූග්ල් බුස් වලින්,බ්ලොග්ස් වලින් අඳුන ගත්ත යාලුවො මට ගොඩාක් උන්න..ඒත් රාජ් කවදාවත් කැමති උනේ නැහැ කිසිම යාලුවෙක්ව ලඟින් ඇසුරු කරන්න..යාලුවො එයා එක්ක කතා කරන්න,එයාව ඇසුරු කරන්න උත්සහ කරපු හැම අවස්තාවකදිම එයා මග ඇරියා...මම දන්න තරමින් කිසිම යාලුවෙක් හිතවතෙක් එයාට උන්නෙ නැහැ..කිසිම කෙනෙක්ට එයා ලංවෙන්න දුන්නෙත් නැහැ.....(නදිශ්ක  සහ  චරිත්  හැර.)

මට ඕනෙ උනා මෙයත් අනිත් කොල්ලො වගේ 'සාමාන්‍ය කොල්ලෙක්' වෙනව දකින්න..යාලුවො ඇති කරන් කතා බහ කරල හිනාවෙලා..හමුවෙලා..ගමන්බිමන් ගිහින්...ඒත් ඒවා ගැන කතා කරපු හැම අවස්තාවකම උනේ රණ්ඩුවක්..!!

''..මට ඔය එකෙක්වත් ඕනෙ නැහැ..මට තනියම ඉන්න පුලුවන්..මම හැමදාම උන්නෙත් එහෙමයි..මට ඔය එකෙක්වත් සත පහකට වටින්නෙ නැහැ..ඇයි මොකෝ උන්ද මට කන්න අඳින්න දෙන්නෙ?..''

''..ඒ කියන්නෙ ඔයාට කන්න අඳින්න දෙන අයව විතරද ඔයාට වටින්නෙ? ඔයාට ඕනෙ? එතකොට මම?..''

මේ දවස් වල මෙයා නිතරම කතා කලේ එකම මාතෘකාවක් ගැන..'එයාගෙ ලැප් එක නැතිවීම'....''..මට හරිම දුකයි..අවුරුදු දෙකක් හම්ම්බ කරල ඉතුරු කර ගත්තෙ ලැප් එකයි බයික් එකයි විතරයි ඒවත් මට නැති උනා..දැන් මම කෝමද මගෙ ප්‍රොජෙක්ට් එක කරන්නෙ..මටමයි වෙන්නෙ මේවා ඔක්කෝම...''



මේ විදියට කීප දවසක්ම මෙයා තනියම දුක් උනා...ආයෙමත් දවසක් රෑ මෙයා ඒ ලැප් එක ගැන කියවල දුක් වෙලා නිදා ගන්න ගියාට පස්සෙ මම කල්පනා කලා ගොඩාක් වෙලා මේ ගැන...අන්තිමේදි එදා මම නිදා ගන්න ගියෙ එයාට මේ විදියට මේල් එකක් යවල.....

''..ඔයා දුක් වෙන්න එපා..කමක් නෑ ඒක නැති උනාට..අපි ඊට වඩා තව හොඳ එකක් ගනිමු..මම ඔයාගෙ බර්ත් ඩේ එකට ඔයාට ලැප් එකක් අරන් දෙන්නම්..''

පහුවදා දවසෙම මම බලන් උන්න......................මගෙ මේල් එකට පිළිතුරු තියා,අඩුම ගානෙ මගෙ මේල ලැබුනා කියලවත් එයාගෙන් කිසිම පිළිතුරක් මට ලැබුනෙ නැහැ...!!

78 comments:

  1. ඔන්න කිරිල්ලි මම තමා පළවෙනියා.ලස්සන කතාව. හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. දිගටම තුන් පාරක් පලමුවෙනිය වෙන්න ඕනෙ තෑග්ගට හිමිකාරය වෙන්න....:):)ස්තූතියි...

      Delete
  2. ඒ මොකක්ද යවපු මේල් ඒක.ඌ හොඳට දුක විකුනන් කන්න පුළුවන් කෙනෙක්.ඉතින් මොකද උනේ ඔය ගොනා වගේ ලැප එකක් අරන් දුන්නද?

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම නියම රෙෆ් කෙනෙකගේ ජොබකට දාන්න තිබිබා....!!!!

      Delete
    2. හී..හී....මම ගොනා නෙවේ එළදෙන....ගෑනු සතා..ගෑනු සතා...!!

      Delete
    3. Sihina...........
      අනේ ලොකු උදව්වක් පුලුවන්නම් කරල දෙන්න පිංසිදු වෙනවා.....!

      Delete
  3. මේකා නම් මහාම කට්ටයෙක්......ගෑණුන්ගෙ හිත් වැඩ කරන හැටි දන්න කෛරාටිකයෙක්....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කියන්නෙ 'මොකුත්ම පුරුදු නැහැ' කියල......පව්ව්ව්ව්ව්ව්ව්.....!!

      Delete
  4. ඔන්න අපේ පොඩි එකා..බළල්ලු ලවා කොස් ඇට බාවන්ඩ සුදානම් වෙනවා...මේ ඔය දන්ත වෛද්‍යවරයට අහුවෙනව එහේම නෙවෙයි...අම්මපා ඔය මලදානේ නවත්තල පැත්තකට වෙලා පිනක් දහමක් කොරගෙන ඉන්ඩ කියල කවුරුත් කිව්වෙනැද්ද ඇත්තටම...

    ReplyDelete
    Replies
    1. අනේ පව්ව්ව්ව්..පොඩි උන්ට එහෙම කියන්න එපා..අම්ම තාත්ත නැති හදවත් රෝගියා..තුන්පාරක් මරනෙන් බේරිලා ඉන්න කෙනෙක්ට ඕව කියල පව් සිද්ද කර ගන්න එපා....මට නම් ගොඩාක් දෙනෙක් කිව්ව අනේ ඕක අහකට දාල පන බේරගන්න කියල..ඒත් පව් කරල තියනවා නම් ඒවා ගෙවන්නම වෙනවා..ගැලවීමක් නෑ.....ගිය ආත්මෙ පවක් මම ගෙව්වා...!

      Delete
  5. මොකද්ද මේ අන්තිමට දාලා තියෙන පින්තූරේ. මට ඒක තේරෙන්නේ නෑ නේ.
    එතකොට ඔයා මෙයාට ලැපක් යැව්වා නේ?

    ReplyDelete
    Replies
    1. බට්ටීටීටීටීටීටීටී.................මොලේ වෙහෙසන්න මොලේ වෙහෙසන්න........

      Delete
    2. රාජ් ගෙවල් බිඳින හොරෙක්ද ඈ....

      Delete
    3. ඔව්..ඔව්..රෑට රෑට තමා ආවෙ කොක්කත් අරන්........!!

      Delete
    4. ඇත්තමයී මෙයාගේ මොලේ නම් දාන්න වටිනවා ඇලේ....

      Delete
  6. Replies
    1. ස්තූතියි ඔයාට....එන්න ආයෙමත් අළු පාට හැන්දෑවට....!

      Delete
  7. /*ඔයා දුක් වෙන්න එපා..කමක් නෑ ඒක නැති උනාට..අපි ඊට වඩා තව හොඳ එකක් ගනිමු*/

    මේක නං ෆට්ට කතාව.

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න ඔයා පුංචි කාලෙ සෙල්ලම් බඩුවක් නැති කර ගත්තාම අම්ම මොකක්ද කිව්වෙ?..''අනේ අඬන්න එපා මගෙ රත්තරන් පුතේ.. ඒකට කමක් නෑ පුතේ..අපි ඊට වඩා හොඳ එකක් ගනිමුකෝ..'' කියල නෙවේද??

      Delete
  8. අපොයි... තියන්න වටින්නේ නෑ මෙහෙම කපටියෝ.....

    ඔයා මෙහෙම කතාව ලියන එක හොඳයි කිරිල්ලී. අනිත් අයටත් හොඳ පාඩමක් මේක...

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. මගේ එකම අරමුණ ඒකමයි මහී....කොල්ලො විතරක් නෙවේ කෙල්ලොත් ඉන්නවා මේ වගේ අය.....ඒ කාටත් පාඩමක් වෙන්න ඕනෙ මේක....ඉන්ටර්නෙට් ලව් වලට...!!

      Delete
  9. මගේ ලැපත් කැඩිලා නංගී...බර්ත්ඩේ එක නං අප්‍රේල් එක......

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි...බ්ලොග් එකක් හදන් අඬන්න..මගෙ අම්ම නෑ..තාත්තව දැකලත් නෑ..අයිය ගහනවා...නෑයො අපහාස කරනවා..මම ලෙඩෙක්..මම ලඟදිම මැරෙනවා...අනේ පින්වතුනී....!!!!! මැරෙන්න කලින් එකම පාරක් ලැප් එකක් අරන් ලව් කරන්න ආසයි...මට පිහිට වෙන්න....!!!! කියල.....

      Delete
    2. ඔයානම් ආතල් කිරිල්ලියෙක්.

      Delete
    3. නැව ගිලුනා..මම දැන් බෑන් චූන්......!!!!

      Delete
  10. '' ගෑණුන්ගෙ හිත් වැඩ කරන හැටි දන්න කෛරාටිකයෙක් ... ''

    හික්.. ඔක හැම පිරිමි කෙනාටම උපතින් එන දැනුමක්..

    ReplyDelete
    Replies
    1. හලෝ රවා අයියේ....එහෙම කියන්න පව් නැද්ද? මතක නැද්ද අර ''ආදර කතාව'' අනුකම්පා බ්ලොග් එකේ ඔයයි මමයි තරඟෙට හොටු පිස්සා?...චිකේයියා.......!!!

      Delete
  11. ආදරේ අන්ධයි කියලා නමි මම අහලා තියෙනවා. ඒත්, අචිචර කරලත් ඔයා තව පාරක් එයාට රැවටුනාද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද උනේ කියල තාමත් හිතනව මම..ජීවිත කාලෙම හිතනවා.........

      Delete
  12. ඇත්තටම මේක හරිම ලස්සන කතාවක්.මම බ්ලොග් පුරයට අලුත්නෙ ඉතින් තාම ඔක්කොම ටික කියවන්න බැරි උනා ඒ ටිකත් කියවලම හොඳ අදහසක් පලකරන්නම්කෝ.වින්චැට්කිරිල්ලි ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට......මේක ලස්සන කතාවක් නම් නෙවේ....තිත්ත කතාවක් ලස්සනට ලිව්ව වෙන්න පුලුවන්.....එන්න ආයෙමත් කියවන්න......

      Delete
  13. කතාව නම් හරිම ලස්සනයි කිරිල්ලියේ. ටෙලි ඩ්‍රාමා එකකටත් හොඳයි.
    දුක ඉතින් ඒ වගේ කට්ටයෙකුට ඔයා අහු උනු එක...

    ReplyDelete
    Replies
    1. මේක ඇවිල්ල ''මෙගා එකක්'' බොහොම කොටස් අඩුවෙන් කපල කොටල දාල තමා කියන්නෙ.....බලමු ඉදිරියෙදි ටෙලියක් කරන්න...මුලින්ම බ්ලොග් එක අම්මට පෙන්වන්න ඕනෙ හොඳ වෙලාවක් බලලා.....(මාව ගෙදරින් එලවන්න බැරි වෙලාවක්.)...:):)

      Delete
  14. අම්මෝ... පුදුම කපටියෙක් හෆ්ෆා..:/ කොහොමහරි ලැප් එහෙකුත් ගෙන්න ගනී..:@

    ReplyDelete
  15. කිරිල්ලි ඔයානම්... මහ %^#*^ර#*

    ඔයාට ඔච්චර යාළුවො හිටපු එකේ පිරිමි යාලුවෙකුට කියලා ඔය මනුස්සයා ගැන විස්තර හොයල බැලුවේ නැත්තේ ඇයි
    (ඔයාගේ ගෑනු යාලුවන්ගෙන් උදව් ලැබුනේ නැති උනාට පස්සේ)

    ReplyDelete
    Replies
    1. පිරිමි යාලුවො ගෑනු අයට හපන් උනා..එයාල බය වෙන්න ඇති ලංකාවෙ ඉන්න නිසා......අනික මෙයා හැමෝවම රවට්ටල තිබුනෙ ''අඬන ශාරුක් ඛාන් ගෙ'' චරිතය රඟ පාල...අපේ ඥාති සහෝදරයො ඉන්නව ආරක්ශක අංශවල..කොම්පියුටර් තාක්ශනය සම්බන්ධ ඉහල තැන් වල...මම භය උනා එයාලට කියන්න..එහෙම උනා නම් ගෙදරටත් එනවා නිව්ස් එක....කෝම උනත් අපේ අම්ම මෙහෙ ඉඳන් එක පෝන් කෝල් එකකින් තමා එයාව හොයාගෙන තියෙන්නෙ...............

      Delete
  16. එයාගෙ තිබුන බයික් එකයි,ලැප් එකයි....එයා කොහෙද දාල තියෙන්නෙ.ඒ ගැන ආරන්චියක් හොයාගන්න බැරිවුනාද කිරිල්ලි.කපටි මිනිස්සු ගැන අහල තිබුනත්, ඔයවගේ දිගටම අනිත් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන කෙනෙක්....විශේෂයෙන්ම තමන්ට ආදරේ කරන ගෑණුළමය එක්ක සෙල්ලම් කරන මෙහෙම කපටි චරිතයක්....අනේ මන්ද යාලු...ඔය මනුස්සය අද කොහෙද දන්නෙ නැහැ ඉන්නෙ...??

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ සල්ලි නැති උන ඒවා ගෙවන්න ලැප් එකයි බයික් එකයි වික්ක කිව්ව.....මෙයා මේ තරම් කාලයක් මේ ඔක්කෝම සෙල්ලම් කලේ කාමරයක් අස්සෙ හැංඟිලා ඉඳන්....තාමත් එහෙම තමා....දැන් මෙයා ඔන්න ''ඇනෝ'' කෙනෙක් වෙලා.....ඉස්සරත් ''ඇනෝ'' විදියට ගොඩාක් බ්ලොග්ස් වල කුණු හරුප ලියලා..මටත් අහු උනේ පස්සෙදි........

      Delete
  17. පට්ට සිංදුව කිරිල්ලියේ..... සෙලින් නැන්දගේ මම කැමති ගීයක් ;)

    යටින් තව සිංදු ලිස්ට් එකක් දාන්නත් හිතෙනව :)

    ReplyDelete
    Replies
    1. අහ්..ඔයත් ආසද එයාට....මම තව ගොඩාක් ආශ එකක් තමා එයාගෙ

      Mmmmm ... Mmmmm ...
      I get wings to fly
      Oh, oh ... I'm alive ... Yeah.....

      නටන්න ඕන වෙලාවට ඕක දාගන්න...!!

      Delete
    2. රිප්ලයි එක බලන්ට නොවැ ආවේ... :)

      Delete
    3. එහෙනම් නටන්න සින්දුව දාගෙන දැන් ඉතින්.......

      Delete
  18. Replies
    1. එයාගෙ ජීවිත කතාවත් හරිම ලස්සනයි....!

      Delete
  19. අපිත් ආසයි ලැප්ටොප් වලට.....

    ReplyDelete
  20. මේ මගෙත් කැමරාව කැඩිලා, තිබුන නම් මගේ පොටෝ එකක් අරන් එවන්න තිබුනා... ලොල්..... මෙයා නිකන් ඔන කියන එක කෙලින්ම කියන්නෙ නැතිව වටෙන් ඉල්ලනවා. ඒකත් ඔනම නෑ ඔයා කැමතිනම් දුන්නත් කමක් නෑ...වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්....නැත් නම් අර මගෙ මේල් එකට පිලිතුරක් දෙන්නෙ නැතුව ඉන්නවද මේ ලෝකෙ පන තියන පිරිමියෙක් නම්...?.

      Delete
  21. පුදුම එකෙක් තමා.
    ඒක එමෙයි රාජ්කාරයා ඇනෝ කෙනෙක් විදිහට ඇවිත් මේවයේ කෙමෙන්ට් දාන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දානවා ..දානවා......මම ඔයාට මෙසේජ් එකක් එව්වා ඒ ගැන කියල.....

      Delete
    2. දැන් එයා ඇනෝ කෙනෙක්......ඔය හැමතැනම කක්කි දදා..චූ දදා යනවා මම දැක්කා....හැබැයි මම එයාට මේල් එකකුත් දැම්ම ''අවවාද'' කරලා...බලමුකො....''කරුමක්කාරයගෙ දින සටහන්'' බ්ලොග් එක හොරෙන් ලියන කාලෙ,ඒකෙන් ගිහින් කොමෙන්ට්ස් දාල පස්සෙ ඒ බ්ලොග් වලම ''ඇනෝ'' විදියට ජරා විදියට බ්ලොග් එකේ අයිතිකාරයටම බැනල තිබ්බා....මම එයාව අඳුනනවා හැම වචනෙකින්ම..හැම ඉස්පිල්ලකින්ම..පාපිල්ලකින්ම.....මගෙන් හැංඟෙන්න බැහැ එයාට.................අදත් හෙටත් ඉදිරියටත්.........මම පස්සෙන් එනවා.....!!!!!!!!!!!

      Delete
  22. මමත් මේ ලැප් එකක් ගන්න හිතන් ඉන්නේ..හැබැයි මගේ උපන්දිනේ පහු උනා..

    ReplyDelete
    Replies
    1. ශැක්..අපරාදෙනෙ.....පොඩ්ඩක් කලින් කියන්න තිබ්බනෙ..........

      Delete
  23. හපොයි..ලැප් එකෙන් නැවතුනා නම් ඇති..

    ReplyDelete
    Replies
    1. හෆොයි සයුරි....ජීවිතේ බේරුනානෙ...!

      Delete
  24. අනේ අෆෝයි.....

    මට දුකයි කිරිල්ලි ගැන නම්..

    මොනවා කරන්නද?

    ඔයිට වඩා දේවල් ජිවිතේට වෙනවා නැතිවෙනවා මමත් ඔහොම මෝඩ වැඩ කලා ඒ ගැන ඇති බ්ලොග් එකේ..

    ඔයා දුන්නු ලැප් එක ලක්ෂ 3ක් වටින්නේ නැ නේද?

    ReplyDelete
    Replies
    1. හෆොයි එච්චර වටින ලැප් එකක් දෙන්න....????

      Delete
    2. මට නැති උනේ ඒ ගාන නිසා ඇහුවේ අක්කෝ,,,

      Delete
    3. අහ්..හා..තේරුනේ දැන් තමයි..:)

      Delete
  25. මම කලින් කරපු කමෙන්ට් කෝ... කිප දෙනෙක්ම කිවා ඒවා මේල් එකේ විතරක් තියන බ්ලොග් එකේ නැ කියලා.. ඔයාගෙත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ට්ස් ආවෙ නැහැ....මේල් එකෙත් නැහැ....අම්මෝ දැක්ක කල්..!!

      Delete
  26. පුදුම කපටියෙක්නේ. කෙලින්ම ඉල්ලුවනම් පොඩ්ඩක් හරි ඔයා අදි මදි කරනවනේ. ඒනිසා නොඉල්ලා ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තව ගොඩාක් අයට පෙරලපු පොතක්.....!

      Delete
  27. පිළිතුරු නොලීවට හැම‍දාම අළුපාට හැන්දෑව කියවනවා කිරිල්ලියේ.. රාජ්ගෙ වැඩකරන තැනත් එයා මවලා කිව්ව තැනක්ද..? ඊළඟ කොටසත් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් නැතුවට කමක් නෑ..කතාව බලන්න....හෙ..හේ මෙන්න මෙයා සාස්තර කියනවා..බලන්නකො ඉදිරියට.............

      Delete
  28. ලස්සනයි චින්චැට්!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්ම්....වින්චැට් ල ලස්සනයි තමා....:) මම මේ ජනේලෙන් බලාගෙන ඉන්නෙ ගඟ අයිනෙ හිම කුට්ටි කුට්ටි පිරුන ෆයින් ගස් අතුවලට කොට කොට මොනාද එයාල මේ කන්නෙ කියල......:):)

      Delete
  29. හපෝයි මෙහෙමත් අවස්ථාවාදියෝ ලැප් එකක් දෙන්න හිතක් පහල වුනු කෙල්ලක්ට මම හිතන්නැ මොලේ කල්පනා වෙන්න ඇති කියලා මූ ඉස්සරහා ඇයි හත්දෙයියනේ මේකට අහුවුනේ...

    ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතාකරන්න බෑ සාමාන්‍ය බොරු කාරයෙක්ට ඒකවත් උත්සහ කරන්න මොකක් හරි අංගචලන වෙනසක් ඇතිවෙනවාමයි

    මට මේක මගඇරිලනේ තිබුනේ අයියෝ

    ReplyDelete
    Replies
    1. ඇයි හත්දෙවියනේ මම ඒකට ආදරේ කෙරුවනෙ දෙවියනේ....ඉතින් මම ඒක කියන ඔක්කෝම විශ්වාස කලා දෙවියනේ...ඒ කාලෙ මේවා දැනගෙන උන්නෙ නැහැනෙ..පස්සෙනෙ ඔක්කෝම අතේ පත්තු උනේ මෝටාර් එකක් වගේ හත්දෙවියනේ...අනේ කවුරු හරි මේ ගැමියගෙන් මාව බේරා ගනියෝ...!!!..අයියෝ......!!!!!

      Delete
    2. ෂ්ෂ්ෂ් කෑ ගහන්න එපෝ හම්මෝ බ්ලොග් ලෝකෙම මාව මරන්න එයි මේ මම උඩ දාපු කොමෙන්ට් එක ඩිලීට් කොරන්නම් නේද ඒක සවුත්තුයි වගේද.....ආ මට මතක් වුනා කෙල්ලොන්ගේ මොලේ වැඩෙන්නේ ශරීරේ වැඩිලා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ කියන්නේ කෙල්ලෝ මෙහෙම වැඩ කොරන නිසා වෙන්නැති නේද.....

      Delete
    3. කමෙන්ට්ස් ඩිලීට් කිරීම තහනම්...!.......එතකොට කොල්ලන්ගෙ මොලේ ..? උන් ඉපදෙනකොටම මොලේ අතේ අරන්ලු එන්නෙ...පස්සෙ ඒක උඩ ඉඳගෙන ඉන්නවලු ජීවිත කාලෙම..........

      Delete
    4. ආ එහෙමද අපි ඒක උඩ වාඩි වෙලා හරි ඒකෙන් වැඩ ගන්නවා ඔයාලා ඉතින් ඒක හැඳි මිටේ තියාගෙන ඔහේ ඉන්නවලුනේ....අඩු ගානේ අපේ මොලේ ශරීරෙත් එක්ක හැදෙනවනේ හි හි

      Delete
  30. ඔය ආදර කතාව ලියවුනු බ්ලොග් එක කොයි කාලේද තිබ්බේ... මට නිකන් කියවල කියවල වගේ දැනෙනවා... ඒකයි

    ReplyDelete
    Replies
    1. කියවල කියවල විතරක් නෙවේ මහත්තයො...ඔයත් අපි වගේම හොටු කඳුලු පිස්සා ඇති තරම්.....මට මතකයි..මට මතකයි.......හී.හී..!!
      ඒක පටන් ගත්තෙ 2009 දෙසැම්බර් මාසෙ 25......ලිවීම නතර කලා 2010 සැප්තැම්බර් මාසෙ....2011 අප්‍රියෙල් මාසෙ කාටවත් බලන්න බැරි වෙන්න බ්ලොක් කරල තිබ්බා....2011 සැප්තැම්බර් මාසෙ මා එක්ක රකුසගෙ ගෙදර අය කතා කරපු දවසෙ රෑ ඒක නැත්තටම නැති කරල දැම්මා.....
      තව එකක් ලිව්වා මටත් හොරෙන් කාටත් හොරෙන්''කරුමක්කාරයගෙ දින පොත'' කියල...මොකක් හරි හේතුවක් නිසා ඒකත් හැංගුවා....ඊට පස්සෙ 'කරුමක්කාරයගෙ දින සටහන්' ලියාගෙන ගියා..ඒක මට අහු උනා විතරයි එදාම ඒකත් අතුරුදහන් කලා.....!!!!.....ඔන්න වැඩ....!!

      Delete
    2. අහා.. මේ කරුමක්කරයකුගෙ සීන් එක මතකයි... ඒත් කතාව තාම මතක නෑ...

      Delete