My Blog List

Tuesday 28 February 2012

මූණු පොතේ සෙල්ලම...!!


 (අළු පාට හැන්දෑව 27.)

ඒ වෙනකොට රාජ්ට අවශ්‍යම දෙයක් වෙලා තිබුනෙ ලැප්ටොප් එකක්..ඒ වගේම එයා ගොඩාක් දුක් වෙවී උන්නනෙ එයාගෙ නැති උන ලැප්ටොප් එක ගැන..ඉතින් ඒ වෙලාවෙ මට කල හැකි එකම දේ තමා එයාට ලැප් එකක් අරන් දෙන එක..එයාගෙ උපන්දිනේට සුදුසුම තෑග්ග ඒක කියලයි මට හිතුනෙ.......
ඒත් එයා කිව්වෙ ලැප්ටොප් එකක් ගන්න එයා ගාව මුදල් තිබෙන නිසා මගෙන් එහෙම දෙයක් අවශ්‍ය නොවන බව......
අපේම මගේම කියන කෙනෙකුගෙ උපන් දිනයකට එයාව සතුටු කරන්න තෑග්ගක් අරන් දීල සුභපතන  එක අපේ සිරිතක්නෙ, ඉතින් මාත් හිතුව එහෙම නම්  එයාට වෙන මොකක් හරි තැග්ගක් යැවිය යුතුයි කියල...
පස්සෙ උපන්දිනය වෙනුවෙනුත් ලඟම තිබ්බ නත්තල වෙනුවෙනුත් දෙකටම මම ආයෙමත් තෑගි පෙට්ටියක් හදල එයාගෙ ගෙදර ලිපිනය ඉල්ලුවාම මට දුන්නෙ නැහැ, අම්මලගෙන් ගොඩාක් කරදර වේවි කිව්ව..පස්සෙ මම මීගමුවෙ එයා වැඩ කරනව කිව්ව ඔෆිස් එකේ ලිපිනය ඉල්ලුවාම එයා කිව්වෙ....
''..ඕනෙ නැහැ ඔයාට මම අර කලින් දුන්න ජාඇල ඔෆිස් එකටම එවන්නකො..''
''..අපරාදෙනෙ එහෙ යන්නෙ ඔයාගෙ අතටම ලැබෙනවනෙ ඔයා ඉන්න ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දෙන්නෙකො මට..''
''..නැහැ..මේකයි  අපි ලඟදිම ආපහු ජාඇල ඔෆිස් එකට යනව ඒ නිසා ඒකටම එවන්න මට ලේසියි ඒක..''
මේ දවස් වල අපි අතර මෙහෙම කතාවකුත් වෙලා තිබුන..දවසක් හදිසියෙම රාජ් මගෙන් ඇහුව....
''..ඔයාගෙ කාමරේ ටෙඩිබෙයාර්ස්ල ගොඩාක් ඉන්නව නේද?..''
''..ඔව් මම එයාලව එකතු කරනවනෙ..ඇයි?..''
''..නැහැ..මට පුංචිකාලෙ උන්නෙ එකම එක ටෙඩියෙක්..ගොඩාක් ලොකු වෙනකම්ම මම ඌව තියන් උන්න..මේ ලඟකදි දැක්ක උගෙ කෑල්ලක් වත්තෙ කුනු ගොඩක තිබුන..''
එයා එහෙම කිව්වෙ ගොඩාක් දුකින් වගේ.....(මගෙ ''පඬුපුල් ආසනේ'' උනු වෙනවනෙ ඕව ඇහෙනකොට.)ඉතින් එදා මම කිව්ව..
 ''..දුක් වෙන්න එපා මම ඔයාට මගෙ ටෙඩියෙක් එවන්නම්..'' කියල..........

ඉතින් මම එදා අමතක කලේ නැහැ එදා ඒ යැව්ව පෙට්ටියට ලස්සණ වටින ටෙඩි බෙයාර් කෙනෙකුත් අරන් දාන්න......
(පස්සෙ කාලෙක මට ආරංචි උනා මේ මම යැව්ව ටෙඩියව එයා එයාගෙ අම්මට දුන්න කියල..) ....ඒත් මට නම් කිව්වෙ එදා එයාගෙ ඇඳේ තියාගෙන ඉඳල පහුවදා අම්මලාට පේන්නෙ නැති වෙන්න එයාගෙ අල්මාරියෙ හැංගුව කියල....!!!


මේ දවස් වල අපි දෙන්න හරිම ආදරෙන් උන්නෙ....(සමාවෙන්න... මම හිතුව ඒක තමා ආදරේ කියන්නෙ කියල..)
අර හැමදාම තිබ්බ ගුප්ථ ගති,,පරස්පර විරෝධී කතා,,අදහස්,,අහුවෙන බොරු,,පළි ගැනීම්,,නොවරදවාම වරින් වර ඉස්මතු උනත්,මෙයා ඒ හැම වෙලාවකදීම පොඩි එකෙක් වගේ නහයෙන් අඬ අඬ මගෙන් සමාව ඉල්ල ඉල්ල,මට ආදරෙයි කිය කිය...පූස් පැටියෙක් වගේ හුරතල් වෙවී මා ගාව උන්න..කිසිම විදියකින් මට එයාව දාල යන්න බැරි වෙන්න..එහෙම අවස්ථාවක් උදා නොවෙන්න....!!
මේ දවස් වල මොකක් හරි හේතුවකට අනුත්තරා ගැන කතාව ඇදිලා ආව..
''..ඔයාට කිසිම ආරංචිඅයක් නැද්ද අනුත්තරා ගැන?..''මම ඇහුවා..
''..නෑ..කිසිම දෙයක් නෑ.. දැන් නම් මැරි කරලත් ඇති..'' එයා කිව්ව..
පස්සෙ රාජ් කිව්ව අනුත්තරා මූණුපොතෙනුත් රාජ්ව බ්ලොක් කල නිසා කිසිම දෙයක් දැනගන්න විදියක් නෑ ඒ නිසා මට පොඩ්ඩක් මූණුපොතේ බලන්න කියල...එයා දුන්න හෝඩුවාවල් ඔස්සෙ හොයද්දි මට හමු උනා අනුත්තරාවයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වයි..රාජ්ගෙ අනුදැනුම පිට මම එයාලට ෆ්‍රෙන්ඩ් රික්: යැව්වා..දවසක් අනුත්තරා ඔන්ලයින් උන්න, මම එයාට කතා කලා...එයා දකින්න ඇති අපේ රිලේශන් ශිප් එක..එයා මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා මම ඒවට උත්තර දුන්නාම එයා කිව්ව ''රාජ්'' නමින් එයාගෙත් යාලුවෙක් උන්න කියල..පස්සෙ මට සුභ පතල එයා මාවත් මූනු පොතෙන් බ්ලොක් කරල දැම්ම....
ඊට දවසකට පස්සෙ මම දැක්ක අනුත්තරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මූනුපොතේ ඔන්ලයින් ඉන්නව...එක පාරම එයා මට මෙහෙම කතා කලා.....
''..හෙල්ලෝ..''- - - -'' බේබී...! කෝමද?..'' මම ගැස්සුනා.. පුදුම හිතුන..!..මේ මිනිහ කෝමද මට එහෙම කතා කරන්නෙ.? එවෙලෙම මම දැක්ක රාජ් ඉන්නව ඔන්ලයින්...බැලින්නම් දෙවියනේ ඒ මට එහෙම කතා කලේ අනුත්තරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවේ,ඒ බෝයිගෙ එකවුන්ට් එකට හොරෙන් රිංගගත්තු රාජ්...!!

''..හුරේ..වැඩේ හරී..භයවෙන්න එපා..මේ මම..දුන්න වැඩේ මූට...''
මට පුදුම බයක් දැනුන ඒ වගේම මහා පිලිකුලක්...!!

''..ඔයාට පිස්සුද?? ඔයා මොකෝ කරන්නෙ ඔය අනුන්ගෙ එකවුන්ට් එකක? එපා ඕකෙන් කතා කරන්න මා එක්ක..යන්න අහකට.. ඒ බෝයි දැක්කොත්..? යන්න ඕකෙන්..''

''..හහ්..දැක්කොත් මොනා කරන්නද? ඌට බයේද මම..?''

කරන්න තියන පහත්ම ජරා වැඩක් කරල රාජ් එදා ඒ එකවුන්ට් එකෙන් අයින් වෙලා තිබ්බෙ.....

එදා අපේ රිලේෂන් ශිප් එක අනුත්තරාට පෙන්වන්නත්.අනුත්තරාගෙයි එයාගෙ බෝයිගෙයි පුද්ගලික ජීවිතේ යම් යම් දේවල් දැනගන්නත්,ඒ වගේම ඒ බෝයිගෙ මූනුපොත් එකවුන්ට් එක විනාශ කරල දාන්නත්,මටත් නොදැනිම රාජ් මාව යොදාගත්ත බව මම දැන ගත්තෙ ගොඩාක් පහුවෙලා.....!!

88 comments:

  1. අපෝ..රාජ් නම් මහා.... මොකෙක්ද මංදා...:/

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙ මාත් තාම මගෙන්ම අහනව...මොකෙක්ද ඌ කියල තාමත් හිතා ගන්න බැරි උනා..!

      Delete
  2. හෆෝයි මේ රාජ් නම් මාර ඩයල් එකක්නේ.
    පඩුපුල් නෙමේ කඩුපුල් ආසනේ කියලයි නිවැරදි වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..දැන් මම 'කඩුපුල්' ආසනේ තමා ඉන්නෙ...!

      Delete
  3. රාජ්, නුත්තරාගේ කොල්ලටත් ගේම කෝල් කරලා එහෙනම් !
    අඩේ මූ වගේ නසරානියෙක් !

    ReplyDelete
    Replies
    1. ඉරිසියාව 'පිලිකාවට' වඩා දරුනුයි....!!.
      පිලිකාවෙන් මැරෙන්නෙ ඒ තැනැත්ත විතරයි..ඉරිසියා කාරයො ''මරාගෙන මැරෙනවා''......!!!

      Delete
  4. හනේ මන්ද අප්ප! ලවු ඉළවු ය!

    ReplyDelete
    Replies
    1. හප්පේ තනි අලියො වසයි ලු...ආදරෙන් පිලිගන්නව අලු පාට හැන්දෑවට...ඔයා පෙරහැරේ යන කෙනෙක්ද?

      Delete
    2. කොටන් අදින අලි පෙරහැරේ යන්නෙ නෑ.

      Delete
    3. වස් වදිනවනේ කෙල්ලේ.

      Delete
    4. හ්ම්ම්ම්ම්...කවුද ඉතින් ඕවා දන්නෙ..ඒ කෝම උනත් මම නම් කැමති කොටන් අදින අලින්ට.....:D :D :D :D

      Delete
    5. @වින්චැට් - හෙණ තෑන්ක්ස් හොඳේ ;) ;) :)

      Delete
  5. චිකේ.......... නරුමයොත් දැක්කා.. ඒත් මෙහෙම එකෙක් දැක්කෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අවසානෙට බලන්නකො නරුමයෙකුට වත් ඒ වගේ දේවල් කරන්න පුලුවන්ද කියල....

      Delete
  6. බුදු අම්මෝ "ලැප්ටොප් එකක් උපන්දිනේට ??? 4 පෝයටම සිල් ගන්න අපි වගේ පොරකට දෙන්න තිබ්බනෙ,, හික් හික්
    රාජ්ට පුළුවන් නම් fb හැක් කරන්න, fb එකෙන්ම බරගානක් ගෙවනව. (එකවුන්ට් හැක් නෙමේ)
    වින්චැට්ගෙ කතාව දුකයි.

    ReplyDelete
    Replies
    1. අවංක ආදරයක් මිල කරන්න බැහැ...ලැප්ටොප් එකක් කියන්නෙ නිකම්ම නිකම් සෙල්ලම් බඩුවක් විතරයි.....
      එයා නෙට් එකේ කෙල්ලන්ව රවට්ටගෙන ඊට වඩා ආදායම් ලබනවා......

      Delete
  7. මූව කන්න එපැයි නොදකින් විතරක් කාගේ කාගෙත් එකවුන්ට් වලට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් දුන්නොත් හොඳයි.... හි හි ඔය යවලා තියෙන්නේ තෑග්ග වෙලාවට අක්කා වෙන රටක හිටියේ නැත්තම් ඔයාටත් පෙට්ටියක පැක් වෙන්න වෙනවා....මොකැයි මෙහෙම එයැයි කලේ??? හේතුවක් එහෙම දන්නේ නැද්ද(අර කොල්ලට ගේම දුන්නේ)

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි ඔයාට වැරදිලා. මම ලංකාවෙ හිටිය නම් මෙලහකට ඌව පැක් කරල ගොඩාක් කල්....
      අනුත්තරාට මුල ඉඳන්ම ඇනයක් වෙලා ඉඳල තියෙන්නෙ...ඒ බෝයිගෙන් අනුත්තරාව උදුර ගන්න ට්‍රයි කරල තියෙන්නෙ...
      මට ආදරෙයි කිය කියත් මට හොරෙන් අනුත්තරාගෙ පස්සෙන් ගිහින් තිබුනා.....

      Delete
    2. උගත් පාඩම:වින්චැට්කිරිල්ලියන් අතිශය බයානකය

      Delete
    3. හම්මෝ අක්කා සැරයිනේ ඊටත් වඩා අතිශය බයානකයිනේ

      Delete
    4. වින්චැට් කිරිල්ලියන්:- ලස්සන,අහිංසක,ආදරණීය තමුන්ගේ පාඩුවේ දිවිගෙවන පක්ෂීන් ය...නිකරුනේ ඔවුන් රිදවා හිරිහැරකර අවුස්සාගත් විට එළව එළවා කොටනු ලැබේ...කොට කොටා පස්සෙන් පන්නනු ලැබේ....!!

      මල්ලියා...ඔයාට මම පොඩි උපදෙසක් දෙන්නම්...එක ගැහැනියක් ඇතුලෙ තව ගැහැනු දෙන්නෙක් ඉන්නවා...එකියක් දෙවඟනක්..!! අනිකි මල යකින්නියක්..!! ඉතින්...ඔයාල තෝරගන්නෙ කාවද කියන එක ඔයාලගෙ ප්‍රශ්නයක්..!!

      Delete
    5. මෙයා දන්නා දේවල්. පුග්..

      Delete
    6. නරුටෝ කාටුන් සීරිස් එකේ සකුරාව මතක් වුනා........ටූ ඉන් වන් හ්ම්ම්ම් නරකම නෑ

      Delete
    7. නෑ නෑ නරකම නෑ.......ඔයා කාටුන් බලනවද? ආ ඔව්නෙ තාම කිරි සප්පය.....

      Delete
  8. මූන පොත කියන්නෙ ආදරේ කරන අයට තියන ලොකුම හිසරදේ මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මම මුණුපොතට යන්නෙ නැත්තෙ දැන්..හිසරදයක් නැහැ...! :)

      Delete
  9. මේ රාජ් කාරයා ඇත්තටම කවුද කියලා දැන ගැන්න හිතෙනවා... මේ අපිටවත් තාම ලැප්ටොප් එකක් හම්බෙලා නෑනේ උපන්දිනේකට..

    ReplyDelete
    Replies
    1. හික්ස්...මම වගේ මෝඩයො හැමතැනම නැහැ ඒකයි..
      ඔයා වෙන්නප්පුව පැත්තෙද? රකුස ඒ පැත්තෙ....!

      Delete
    2. රක්සා කොහෙද ඉන්නේ, මට හිතෙනවා ඔකාගේ හොම්බට දෙකක් අනින්ඩ..
      මම වෙන්නප්පුව, මිගමුව හලාවත හොදට දන්නා කෙනෙක් :ඩි

      Delete
    3. අහ් හා....මට ඔයාගෙ මේල් එක දෙන්නකො...

      Delete
    4. වර්ණා අනේ මොනවා කලත් පරිස්සමින්.කේන්ති ගන්න එපා.

      අපේ මේල් එපාද හික්ස්..

      Delete
    5. මම වෙන්නප්පුවට එහා ටවුමේ...

      Delete
    6. අපෝ නෑ... මම ඉන්නේ ඔය අධිවේගය පටන් ගන්න හංදියේ...

      Delete
    7. Shani@..ඒ පැත්ත දන්නව මම....

      Delete
    8. අපි කටානෙ නෙව! (කට්ටි=ගැටගහනවා අානෛ=අලියා) :D

      Delete
  10. //කිව්වෙ එදා එයාගෙ ඇඳේ තියාගෙන ඉඳල පහුවදා අම්මලාට පේන්නෙ නැති වෙන්න එයාගෙ අල්මාරියෙ හැංගුව කියල....!!!//


    මම හංගපු එකෙක් තාම අල්මාරිය ඇතුලේ..

    ඇයි සෑමා මා එක්ක තරහද කියල කමෙන්ටුවක් දාල තිබ්බේ ??????

    ReplyDelete
    Replies
    1. අනේ ඒකව මට දෙන්නකො..කොච්චර තිබ්බත් මට ටෙඩියො මදි.....හික්ස් මට නිකමට වගේ හිතුන අෆ්ෆා ඔයා මා එක්ක තරහ වෙලාද කියල....:):):):)

      Delete
  11. අම්මෝ ලෝකයෙක්‌නෙ මේ රාජ්.

    ReplyDelete
    Replies
    1. හහ්..ලෝකයෙක්? නෑ නෑ තාම වචනෙ ආවෙ නැහැ.....

      Delete
  12. අයියෝ මටනම් දැන් පිස්සු වගේ මේ වගේ "ජි ඔ එන්" කෙල්ලොත් ලෝකේ ඉන්නවාද කියලා. එක අතකින් දුකයි අනිත් පැත්තෙන් මාර තරහක් එනවා ඔය පොල් ගෙඩියක් වගේ තියන ඔලුව ඇතුලේ ගම්මිරිස් ඇටේක සයිස් මොලයක් තිබ්බේ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. පොල් ගෙඩියක් තරම් ලොකු ඔලුව ඇතුලෙ පිරෙන්නම මොලේ තියන නිසා තමා අවුරුදු එකහමාරක් පුරා හැංගිලා නටපු හොරාපොලිස් සෙල්ලම මේ තරම් දුරක ඉඳන් අතටම අල්ලගෙන හැමෝටම කියන්නෙ.......
      නැත්නම් මම තාමත් අඬ අඬ ඉඳීවි ශෝක ගීත ගය ගය.......
      මේකා තව කෙල්ලො ගොඩක් එක්ක මේ සෙල්ලමම කර කර සල්ලි හම්බ කරාවි.....!!!!

      Delete
  13. අම්මෝ මේ රාජ් කාරයනම් මහ පිස්සෙක් නෙ

    ReplyDelete
    Replies
    1. මානසික ලෙඩෙක් කියල අපි හොයාගත්ත....ඒ කියන්නෙ එයාගෙ ලඟින්ම උන්න මමයි අනුත්තරයි.....ඒත් මේකව පිස්සන්කොටුවට එක්ක ගිහින් බේතක් අරන් දෙන්න ඒ ගෙදර මිනිස්සු උනන්දු වෙන්නෙ නැහැ....

      Delete
  14. මේ ටෙඩියද දුන්නෙ අනේ..අපරදෙ..මට එව්වනම්.. :(

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා ලොකු ලස්සන ටෙඩියෙක්ව මම ඒ තෑගි එක්ක යවන්න ගත්තෙ....ඒත් එයා ලොකු වැඩි නිසා අනිත් දේවලුත් එක්ක ඒ පෙට්ටියෙ ඉඩ මදි උනා...ඊට පස්සෙ ඊට වඩා ටිකක් පොඩි ඔය පොටෝ එකේ සයිස් එකෙක් යැව්වෙ......ඒක දැක්කොත් අම්මල ගෙන් විසුමක් වෙන්නෙ නැහැ..ඒ නිසා අල්මාරියෙ හැංගුව කියල මට කියල ඒ ටෙඩියව අම්මට දුන්නලු....බලන්න මූ කට ඇරියොත් කියන්නෙ කිව්වෙ බොරුනෙ.......

      Delete
  15. මේ රාජ් කොහොම ආදරේ එක්ක සෙල්ලං කරනවද කියලා හිතාගන්න බෑ...මේ අපි වගේ අවංකව ආදරේ කරන්න ඉගෙන ගෙන නෑ නේ...මට නං ඔය බොරු කාරයෝ පෙන්නන්න බෑ...

    ReplyDelete
    Replies
    1. හි ..හි...අනෙ මංදා...

      Delete
    2. ඒක තමා මෙයා.....ඔයා දැන් ඕක අවංකවම කීපාරක් විතර කරල තියනවද??

      Delete
    3. හත් අට පාරකට වැඩිය නෑ...ඒ ඔක්කොම නොදැනුවත්ව වෙච්ච ඒවා අනේ....

      Delete
  16. අඩේ... මූ එහෙමත් කළාද...? හතරමායිමකටවත් කවුරුවත් වැද්දගන්න වටින්නෙ නැති මිනිහෙක්නෙ මේකා....මිනිහා ඔයාව යූස් කළේ අනුත්තරාගෙ බෝයිව සොයාගන්න විතරද, නැත්නම් ඒ පිටිපස්සෙ තවත් කතාවක් තියෙනවද....?

    ReplyDelete
    Replies
    1. අනුත්තරාට රිද්දන එක ඒකගෙ එක්තරා ''සික් ආශාවක්''.....ඒකට මාව යූස් කලා....ඒකට විතරක් නෙවේ තව ගොඩාක් දේවල්......

      Delete
  17. එක වතාවකට තව ටිකක් වෙඩිපුර දැම්මොත්, මොකද අක්කේ කතාව ඇඟට වදිනකොටම ඉවර වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ලියන්නම් මල්ලි..වෙලාවකට මේක ලියාගෙන යද්දි මට දුකයි,තරහයි,අපුලයි නිසා ඉබේම නතර වෙනවා...........

      Delete
  18. මෙ පාර ටිකත් හරි ලස්සනයි.තව ටිකක් වැඩිපුර දාන්නකො .මොකද නූලට තිතට කියවන්න සෙට් වෙනකොටන්ම ඉවර වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ''මේ පාර ටිකක් ලස්සනයි'' කියන්නෙ? මීට කලින් ලිව්ව දේවල් ලස්සන නැද්ද? මේ කොටස වෙන්න ඇති මම ලිව්ව කෙටිම එක.........

      Delete
  19. මිනිහා තාමත් ඒ සෙල්ලම කරගෙන සල්ලි හොයනවා ඇති එහෙනම්...

    දැකපුවත් නැති කෙනෙක්ව මේ තරම් විශ්වාස කරන්න තරම් ඔයා මෝඩ උනේ ඇයි කියන ප්‍රශ්නේ මට අහන්නේ නැතුව ඉන්න බැහැ... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්...මම එයාව දැකල තියනව...විශ්වාසය ආදරය කියන දේවල් ඇති වෙන්න කෙනෙක් ලඟින්ම ඉන්න ඕනෙද??

      Delete
  20. අයියෝ ඔයා හරිම නරකයි..ඉක්මනට නවත්තනවනෙ...අනේ තව ටිකක් වැඩිපුර ලියන්න කිරිල්ලියේ..මගේ යාලුවෙක්ටත් මේ වගේම දෙයක් උනා..ඔයා කතාව ඉවර කරාම මමත් ඒ කතාව කියන්නම් සමහර විට මේ එකම රකුසා වෙන්නත් බැරි නෑ නේද..

    ReplyDelete
    Replies
    1. මේ කොටස විතරනෙ කොට උනේ අහ්..! කලින් එකත් පොඩ්ඩක් කෙටී තමා......හරි මම ලියන්නම්කො මීට පස්සෙ කලින් වගේ දිගට......මේ ඒක නෙවේ ඔයා කියන රකුස වගේ හිතන කෙනාගෙ පොඩ්ඩක් විස්තර කියන්නකො මට...මේකට එවන්න පලකරන්නෙ නැහැ.......

      Delete
    2. ඔයාට කවුරු හරි කිවුවානේ කමෙන්ට් එකකින් කතාව ඉක්මන් කරන්න කියල .ඒක නිසාද ඔයා කතාව ඉවර කරන්න හදන්නේ.ඒත් වැඩි පුර දෙනා ඉන්නේ කුමාරිහාමි කියන තැන.දැම්ම ඉවර කරන්න එපා.විස්තර කරපු හැම මගඩියක්ම මේකේ ලියන්න.හැබැයි ඌට තියෙන ලෙඩේ හැටියට මේ දේවල් ගානක් නැති වෙයි.මට හිතෙනවා ඔයාගේ පොස්ට් ඒක කියවනවා ඇති කියල.හැදෙන කෙනෙකුට හැදෙන්න මේක වටිනා කතාවක්.

      Delete
    3. මම ඔක්කොම ලියන්නම්....දැන්ම ඉක්මන් නැහැ ඉවර කරන්න...ඔයා හරි..ඌට ගානක් නැහැ ලෝකෙ පෙරලුනත්..නෙට් එකෙනුත් හැංඟිලා..පෝන් නම්බර් ඔක්කොම වෙනස් කරන් හැංඟිලා ඉන්නෙ මේ දවස් වල..වෙන වෙන නම් වලින් වෙනස් එකවුන්ට්ස් පටන් ගත්ත..ඒවත් දැන් නැහැ...එයාට ලංකාවෙ කොහෙවත් හැංඟිලා ඉන්න බැහැ..ඒ පැත්තෙ වටේම ඉන්නෙ අපේ කට්ටිය...........................

      Delete
  21. ඒ කියන්නේ ඔය තෑග්ගක් යැවුවා නේද? කොල්ලෙක් තනියට ටෙදියෙක් තියන ඉන්නවා කියල ඇහුවමයි.මට හිතෙන විදියට ඌට ලොකු මානසික ලෙඩක් තිබිලා තියෙනවා.කොලු කමට වැරදි කරනවා ඒත් මේක එහෙම වැරද්දක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මෙයා කෝමත් ලොකු මානසික ලෙඩෙක් තමා...ඒ ගැන විස්තර තාම මම හෙළි කලේ නැහැ..පොඩ්ඩක් ඉවසන්නකො....
      තෑග්ගක් නෙවේ තෑගි කීපයක් දාල ඒ පෙට්ටිය යැව්වෙ...............

      Delete
    2. ඔව් ඒත් මම හිතුවේ වෙනත් විදියක වංචාකාරයෙක් කියල.මානසික රෝගියෙක් කියල දන්නවා ඒත් මෙච්ච්චර දරුණු වැඩ වෙන මිනිස්සුන්ගේ මුණු පොතට හොරෙන් යන්න තරම්.ඒ කියන්නේ තව ඉස්සරහට මිට වඩා දේවල් එලියට ඒවිද?

      Delete
    3. ඔව්..මෙයා ඔයාල මෙතෙක් හිතාගෙන ඉන්න කෙනා නෙවේ.......

      Delete
  22. චැහ්...මහා අසික්කිත වැඩක් කරල තියෙන්නේ... තියන්න වටින්නෙ නෑ..

    (ටෙඩිය දැක්කම නම් මටත් ආස හිතුණා)

    ReplyDelete
    Replies
    1. ඔව් අනුත්තරාගෙ මේල් එකටත් රිංගල එයාගෙ දේවල් කියවල එයාට කරදර කරල තිබුන.......

      Delete
  23. රාජ් නෝටි කෝටියයි.මෙහෙමත් හප්පෙක්...අපේ පැත්තෙත් ඇවිල්ලනේ...අපරාදෙ ඔයා කලින් කිව්වනම්.... මේ පැත්තෙන් යන්න වෙන එකක් නැහැ එයාට......

    ReplyDelete
    Replies
    1. අන්තිම හරියෙදි බලන්නකො එයා කවුද කියල.....

      Delete
  24. හප්පා මෙහෙම කතාවක් ජීවිතේටම අහලා නෑ. යන්තම් ඒ මිනිහගෙන් ඔයා ගැල උනේ කියලා දැන් ඉතින් සතුටුවෙන්ට.

    ReplyDelete
    Replies
    1. මාත් මෙහෙම දේකට කවදාවත් මූන දීල නැහැ...හිතා ගන්නත් බැහැ මට උන දේ හීනයක් වගේ....

      Delete
  25. මමයි අසරණයා යි මේ ගැන සාකච්චා කළා. මිනිහා වල් කමේ යන එකෙක් නෙමෙයි වගේ. අනික ඔයාගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නෙත් නැහැනේ.ඔයා මොනා හරි දෙයක් එවන්න අහද්දිත් එපා කියනවානේ. ඉතින් ඒ මිනිහා ඔච්චර බොරු කියලා බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාව විතරමද? එක තමයි ලොකුම ප්‍රශ්නේ මට තියෙන

    ReplyDelete
    Replies
    1. අන්න නියම තැනට ආව ඔයා.....මටත් එයාව දාල යන්න බැරි උනේ ඔන්න ඕව හිතපු නිසා තමා...ඒත් ඔයාටයි මටයි දෙන්නටම වඩා මිනිහා දක්ෂ ශූක්ෂම කපටියෙක්......

      Delete
  26. අදත් කියෙව්ව. ප්‍රශ්නය පසුවට.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ඔය ප්‍රශ්නෙ මට දැන් ලොකුම කුතුහලේ......ඇයි ඒක හිතේ තියන් ඉන්නෙ අහන්නෙ නැතුව? අහන්න...පෞද්ගලිකව හරි පිළිතුර දෙන්නම්...මම ගොඩාක් කැමතියි විවෘතව කතා කරනවට...........

      Delete
  27. හපෝ ඒක නම් මහ අසික්කිත වැඩක්... මේ දෙන්නම එක්කෙනෙක්ද කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නා කිව්වෙ මොන දෙන්නටද?

      Delete
    2. මේ දෙන්නම එක්කෙනෙක් කියල ඔයා අදහස් කලේ රාජ් සහ අනුත්තරාගෙ බෝයි ද? නැහැ....ඒ දෙන්න දෙන්නෙක්...!
      එහෙම නැත් නම් අනුත්තරයි මායි එක්කෙනෙක් කියලද? නැහැ....අපි දෙන්න රටවල් දෙකක ඉන්න දෙන්නෙක්...!!

      Delete
  28. රාජ් කියන්නෙ මහා භයානක මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්.එයාගෙ ගෙදර අයට ඒව මොකුත් තේරෙන්නෙ නැති එකයි අපිට තියන ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් කියන්න වෙනව ආයෙමත් ඒක..මම අර තරම් ශාක්ෂි එක්කම පෙන්වල දුන්නට පස්සෙත් තාමත් මිනිහා ගේ ඇතුලෙ පිස්සු කෙලිනව නම් කාමරේට වෙලා දෙවියන්ගෙම පිහිටයි තව තව අයට...!!

      Delete
  29. මදැයි ඔයින්ගියා,උන්න හැටියට මළාමදෑ...

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියෙ නෑ....තව තියනවා.....

      Delete
  30. රාජ් කොහොමද අනුත්තරාගේ බොයි ගේ මූනු පොතට ලොග් උනේ ?

    ReplyDelete
    Replies
    1. මට කිව්වෙ නැහැ කෝමද කියල...ඒත් කිව්ව රිකවරි මේල් එකකට ඒ බෝයිගෙ පෝන් නම්බර් එක දාල තියන කතාවක්...ඒ බෝයිගෙ අලුත් පෝන් නම්බර් එක රාජ් ගාව තිබුන..මොකද ''ආදර කතාව'' අනුත්තරා දැක්කට පස්සෙ එයාගෙ බෝයි මෙයාට කෝල් කරල තිබුන කීප වතාවක්...
      මම ඇහුව කෝමද ඒක කලේ කියල ඒත් මට කිව්වෙ නැහැ මග ඇරියා මොනා හරි කියල......

      Delete