My Blog List

Friday 24 February 2012

රකුසු ගීතය......!!!!

 (අළු පාට හැන්දෑව 26..)
අද මුලින්ම දෙයක් කියන්න ඕනෙ,අනුත්තරා ගැනත් මා ගැනත් කාගෙ හරි හිතක වැරදි වැටහීමක් තියනවා නම් ඒක නිවැරදි කල යුතුයි.......
අනුත්තරා රාජ්ගෙ පෙම්වතිය නොවෙයි...කිසිම දාක එහෙම වෙලා ඉඳලත් නැහැ...රාජ් අනුත්තරාගෙ හොඳ යාලුවෙක් වෙලා උන්න පමණයි..නමුත් මේ හොඳ යාලුකම ඇතිකර ගෙන තියෙන්නෙත්,මෙම යාලුකම පවත්වාගෙන ගිහින් තිබෙන්නෙත්, රාජ් මවල ගොතල කිව්ව බොරු සම්භාරයක් මත බව අනුත්තරා පසුව දැනගත්තා.......

මම දන්න තරමින් රාජ් අනුත්තරාටත් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ටත් මහාම මහා ඇනයක් වෙලා උන්න.....

මම හරිද අනුත්තරා අක්කී?....වැරැද්දක් අඩුපාඩුවක් තියනවානම් නිවරද කරන්න ප්ලීස්.......

එදා 2010-10-10 දිනය..මගේ 20 වන උපන් දිනය..!!

තවත් බ්ලොග් එකක් ලියන අක්ක කෙනෙකුගෙත් උපන් දිනේ එදාටම යෙදිල තිබුන...ඒ අක්ක උන්නෙ ලංකාවෙ නෙවේ ගොඩාක් දුර රටක....

((විශේෂයෙන් කියන්න ඕනෙ මේ අක්ක එදත් අදත් මා එක්ක මගෙ දුකට සැපට ඉන්න කෙනෙක්..කවදත් මගේ ප්‍රශ්න දුක් කතා වලට සාධාරනව ඇහුම් කන් දුන්න කෙනෙක්..ඒවගේම යහලුවො කාටත් හැකි පමණින් උදව් උපකාර කරගෙන ඉන්න මෙයා..''අනුන්ගේ ප්‍රශ්න දිහා තමුන්ගේ රාමුවෙන් බල බල පිළිතුරු දෙන්නෙ නැති,අනුන්ට බොරු වැදිබණ දේශනා කරන්නෙ නැති'' උගත් බුද්ධිමත් අවංක කාන්තාවක්..!!...මම ඔයාට හැමදාම ගොඩාක් ගරු කරනව අක්කේ  ස්තූතියි...!!))

ඉතින් එදා......මගෙ උපන් දිනේට කලින් දා මහා රෑ 12 ට රාජ් මට පලමු සුභ පැතුම එව්ව කෙටි පණිවිඩයකින්..පහුවදා උදේ මූණුපොතේ මෙන්න මෙහෙම තිබුන.........

Ra- - - - -  - - -  - --
මගෙ පුංචි තාර පැටියට සුභම සුභ උපන්දිනයක් වේවා!

--බකමූණා--
 ·  · October 10, 2010 at 12:13am


ඔය අතරෙ එයා නිතරම කනස්සල්ලෙන් උන්න එයා ඉගෙන ගන්න විෂයයන් එයාට තේරුම් ගන්න බැහැ කියල..මම දන්න තරමින් මීට කලින් තිබ්බ විභාග පරීක්ෂන වලදි එයා සමහර විශය යන් වලට පිළිතුරු දුන්න සමහර ඒවා මග ඇරල දැම්ම..එයා නිතරම කිව්වෙ..''මට මේව මොකුත් තේරෙන්නෙ නැහැ මම මේවා අල්ලල වීසි කරල දානව'' කියල...

ඊට පස්සෙ,ඊට පස්සෙ කිව්ව එයාට ඉදිරියට කරන්න තියන එයාගෙ 'ප්‍රොජෙක්ට් එක' කරන්න විදියක් නැහැ කියල..ඒක එයාට අහගන්න කෙනෙක් නැතිලු..උදව් කරන්න කෙනෙක් නැතිලු..ඒකට සුපවයිසර් කෙනෙක් හොයා ගන්න බැරිලු..ඉතින් මේ දවස් වල මට අහන්න උනේම ඔය වගේ අඳෝනා කන් කෙඳිරි මැසිවිලි.......

මෙයාට ඒ සම්බන්ධ්ව උදව් කරන්න කෙනෙක් හෙව්ව මම..මම පුදුම විදියට මහන්සි උනා මේ නිසා..රෑ නිදි මරාගෙන පිට රට ඉන්න ලංකාවෙ අයගෙන් උදව් ඉල්ලුවා ලංකාවෙ එහෙම කෙනෙක් හොයල දෙන්න කියල..කොපමන මුදලක් අය කරත් කමක් නැහැ කියල..රාජ් ගෙ ගෙදරට ගිහින් හෝ රාජ්ට ඒ තැනැත්තන්ව හමු වෙලා අවශ්‍ය දේවල් ඉගෙන ගන්න..මේ අතර පිට රට උන්න ලංකාවෙ හිතවත් අයගෙ මාර්ගයෙන් ලංකාවෙ කීපදෙනෙක් මේකට මට හමු උනත්,මොකක්දෝ ගුප්ථ හේතුවක් නිසා රාජ් මෙම පුද්ගලයින්ම මග හැරියා...උවමනාවෙන්ම මග ඇරල දැම්ම........(මම මේ කියන දේ ගැන දන්න අය ඉන්නව මේ බ්ලොග් එක කියවන අය අතරත්.)

ඊට පස්සෙ මෙයා කොලඹ යනව කිව්ව එයාලගෙ ක්ලාස් එකේ සර් ගෙන්ම ඒවා අහගන්න....ඒ එක්කම ආයෙමත් මෙයාට ඇති උන ප්‍රශ්නෙ තමා..සර් කියන ඒවා කොපි කර ගන්න ඕනෙලු..එයාට තියෙන්නෙ පෙන් එකක් ලු...ඒක නැති උනොත් ඔක්කොම ඉවරලු..ලැප්ටොප් එකක් නැතුව ඒක කොහෙත්ම කරන්නම අමාරුයිලු........
මගෙ උපන් දිනේ පහුවෙලා ඊගාව මාසෙ එයාගෙ උපන් දිනේට දින කීපයක් තිබුනෙ...මම කලින් කිව්ව වගේම එයාට කිව්ව..
''ඔයාට මම ලැප් එකක් අරන් දෙන්නම්..එවන්න ඔයාගෙ බෑන්ක් එකවුන්ට් නම්බර් එක..මම සල්ලි එවන්නම් ඔහෙන් ඔයාට හොඳ එකක් ගන්න..''
ඒකට එයා කිව්වෙ මෙහෙම.....
''..නෑ..නෑ මට ඔයාගෙ සල්ලි එපා මා ගාව සල්ලි තියනව මම ලැප් එකක් ගන්නම් ගන්න දාට ඔයාගෙන් රුපියල් 10 ක් ඉල්ල ගන්නම්කො..''
''..රුපියල් 10 ක්?..''
''..ඔව්.ඔව්..ඒ ඇති එතකොට ඔයත් ඒකට සම්මාදන් වෙලානෙ..''

ඔය දවස් වල රකුස මට සින්දුවක් රෙකෝර්ඩ් කරල එව්ව..ඔයාලත් කැමතිද ''රකුසු ගීත'' අහන්න???????

මෙන්න එහෙනම්.........(මේ ලස්සන රකුසු ගීතය මෙතන පළ කරන්න මට උදව් කරපු අයියට ගොඩාක් පින්..! :):)

රකුස කියපු සිංදුව

91 comments:

  1. රකුසට සිංදු කියන්නත් පුලුවන් ද. හික්ස් :)

    වින්චැට් 90වේ ඉපදිච්ච කෙනෙක් නෙව. අදමයි ඒකත් දැනගත්තේ. මෙදාපාර බර්ත්ඩේ එකට බ්ලොග් කියෝන හැමෝටම කේක් කන්න පුලුවන් වින්චැට් ගානේ !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..අපේ අම්ම නම් කියන්නෙ ඔලුවට 40 කඳට 20 කියල....

      Delete
  2. හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි තව ප්‍රැක්ටිස් කරන්න ඕනෙ. ඊළඟ වටයට සුභ පතනවා!!!
    ලොල්.

    ReplyDelete
    Replies
    1. හික්ස්....දැන් කීවෙනි වටේද දන්නෙ නැහැ යන්නෙ.....:)

      Delete
  3. ෂහ්.. රකුස ගායකයෙකුත් වෙලානෙ එපාර. මොනව නැතත් ඉන්න තැනක ලස්සන කුරුළු ගීත ටිකක්ද කොහෙදෝ ඇහෙනව පසුබිමින්. ෂුවර් එකටම ඔයා සල්ලි යවන්න ඇති එයාට ලැපක් ගන්න. පුදුම කපටියෙක්.

    මට අනුත්තරාගෙන් දැනගන්න පුළුවන්ද එයාට ඉස්සරවෙලාම මේ රාජ්ව මුණ ගැහුනෙ කොහොමද කියල? පුළුවන් නම් විතරක් කියන්න. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔයාට අනුත්තරාම පිළිතුරු දේවි....

      Delete
    2. කියන්න නම් බැරි කමක් නෑ..ඒ කාලේ මම BITපටන් ගත්ත මුල් කාලෙ..අනික මුණු පොතටත් ආව මුල් කාලේ..මෙයා මට FRIEND REQ1 එවලා තිබ්බා.ඒ කාලෙ මට එෆ්බ් ගැන දැනුමක් තිබ්බෙම නෑ.ඉතින් එයත් මගේ ක්ලාස් එකට යනවා කියලා තිබ්බ නිසා මම එයාව මගේ යාලුවෙක් කරගත්තා.ඒ මීට වසර 5කට කලින්..ඇත්තට මම නම් එයාව ආශ්‍රය කලේ හොද යාලුවෙක් විදියට.මොකද මම එයාට මුලින්ම කියලා තිබ්බා මට බ්ෆ් කෙනෙක් ඉන්නවා කියලා..

      Delete
    3. ඒ කියන්නෙ ඔයාට ඊට පස්සෙ එයාව සැබෑ ලෝකෙදි මුණ ගැහුනද මූණට මූණ...? මොකද එක පන්තියේම හිටපු නිසා....

      Delete
    4. තරහා වෙන්න එපා මං අනුත්තරාගෙන් ප්‍රශ්ණ පෝලිමක් ඇහුවට.... මේක මට හරි කුතුහලයක්... ඒකයි....
      ඒ කාලෙ අනුත්තරාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් උන්නා නම්, මෙයා ඒ බවත් දැනගෙන හිටිය නම් ඔයාලට මොන වගේ දේවල්ද මිනිහා කළේ..... ඔය දෙන්නව ඈත් කරන්න ට්‍රයි කළාද....? ඔයාගෙ BF ඔය දේවල් ඉවසගෙන හිටියද...?

      Delete
    5. තරහ වෙන්න නම් දෙයක් නෑ මියුරු...එයාට ඕන උනේ අපි දෙන්න අතර තිබ්බ විශ්වාසෙ නැති කරන්න.නමුත් මගේ බ්ෆ් ඒ එකකටවත් අහු උනෙ නැ.මම තමා රැවටිලා හිටියේ.මගේ බ්ෆ් ගොඩක් උත්සහ කලා මෙයා බොරුකාරයෙක් කියලා ඒත්තු ගන්වන්න මට.ඒත් මම විශ්වාසකලේ නෑ.එයා ඒ හැම දෙයක්ම ඉවසගෙන හිටියා.මොකද එයා මන් ගැන හොදට දන්න නිසා.(කාවහරි විශ්වාස කරන්න ගත්තම උපරිමයටම විශ්වාස කරන බව මට අවිශ්වාසයක් ඇතිවෙනකම්.)

      Delete
    6. අපි දෙන්නම එකම class එකට ගියත් ගියේ දවස් දෙකක..නමුත් මට එයාව හම්බුනා.exam ලන් වෙද්දි එයා මට notes වගයක් දෙන්න ආවා...

      Delete
  4. රකුසගේ සිංදුව නෑනේ කෝ ඒක??? ඔයාගේ උපන්දිනේට තව සෑහෙන්න කල් තියෙනවනේ අයියෝ ඒ වෙන කොට බ්ලොග් ලියයිද දන්නෙත් නෑ මම නම්... දැන් මොකක්ද ඔයා කලේ රුපියල් දහයක් යැව්වද නැත්තම් එයාට රුපියල් දහය දාන්න කිව්වද ඈ...

    මට නම් හිතෙන්නෙම සල්ලි යවන්න ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සිංදුව...හප්පේ මම භය උන තරම්..මම හිතුව සිංදුව රකුස ගිල්ලාවත්දෝ කියල....:)

      Delete
    2. ගැමියෝ...!!!!!! කණ්ණාඩි කුට්ටමක් ගනු.....මේ ලෝකෙටම පේන ඔය හුන්නස්ගිරිය පේන්නෙ නැහැ කියන්නෙ?..මාන්දමද????

      Delete
    3. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්........දැන් ගැමියට තද වෙලාද දන්නෙ නැහැ......

      Delete
    4. මෙන්න මෙයා හුන්නස්ගිලිය කිව්වා :D :D

      Delete
    5. මොන හත්තිලව්වක්වත් පෙනුනේ නෑ chrome එකට....දැන් ගිනි නරියගෙන් බැලුවාමයි දැක්කේ...දැන් ඉතින් හුන්නස්ගිරිය හොයහන්කෝ මේ අක්කේ ඒක බලන්න හොඳ බ්‍රව්සර් එකක් කියහන්කෝ

      Delete
    6. ආ මේ මට එහෙම තද වෙන්නේ නෑ හරිද............මේ රකුසා පට්ට ලවකින් සිංදුව කියනවනේ දැනුයි ඇහුවේ මේ හුන්නස්ගිරිය...මෙහෙම එකෙක්ට කෙල්ලෙක් අහුවෙන්නේ නැත්තම් තමා පුදුමේ.....ආ නැද්ද

      Delete
    7. පිස්සා පලාමල්ල.....
      ඉතින් මම කිව්වෙ කන්දක් ගැනනෙ........

      Delete
    8. මට නම් ඔය කොයි එකෙනුත් පේනව...''ගිනි නරිය'' ගෙන් බලන්න.......

      Delete
    9. ඔව් මල්ලී..ලව බේරෙනව....අනේ මගෙ කට...!

      Delete
  5. රකුසා සිංදු කියනවා අහන් ඉන්න තමයි බැරි... මොකද පිටිපස්සෙන් ඇහෙන්නේ නියම කණාමැදිරි මියුසික් ගෘප් එකක් මියුසික් සප්ලයි කරනවානේ. ඔයාට නමි මෙි රකුසු පැටියා කවලා තියෙනවා ලොකු ඉනාවක් මට පේන විදිහට. මොනවා කරන්නද? බෙිරුනු එක ගැන සතුටු වෙන්න කිරිල්ලී...!!!

    ReplyDelete
    Replies
    1. කැවයින් කෑවෙ නැහැ එහෙම ඉනාවක්..එහෙම මුලාවක්...මම හිතන්නෙ ගිය ආත්මෙ කල පවක් මා පසු පස පැන්නුව කියල....

      Delete
    2. කමක් නැහැ... හැමෝගෙම ජිවිත වලට අපි නොහිතන පැති වලින් කරදර එනවා කිරිල්ලි. එහෙම උනා කියලා අපි පසුබසින්න නරකයි. මෙි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මොනවා කරන්නත් තමන් පරිස්සමි වෙන්න ඔින. සුභ දවසක්!!!

      Delete
    3. ස්තුතියි නදුන් ඔයාට..!

      Delete
  6. හරී ලස්සන කට හඬක් නේ..

    ReplyDelete
    Replies
    1. ගඳ ගහන ආත්මෙකට ලස්සන හඬක් මොනා කරන්නද සයුරි...?

      Delete
  7. රකුස සින්දු කියන්නත් දන්නවා එහෙනම්.... :)

    ReplyDelete
  8. කටෝර ශබ්දයක්නේ එන්නේ සංගීතය නැති නිසා නේ.හෙක් හෙක්...දැන් එතකොට ඔයා සල්ලි යැවුවද?.හදිස්සින්වත් මේක ඌ බලනවානම් මොනවා හිතෙනවා ඇත්තද?

    ReplyDelete
    Replies
    1. හික්ස්..මට නම් ඇහෙන්නෙ 'කටෝර' නෙවේ හෙන ලව්ලි වොයිස් එකක්....

      Delete
    2. අසරණයාට රකුසාගෙ වොයිස් එක ගැන ජේ ;)

      Delete
    3. ඒත් එයාට මගේ හඬට සමාන කරන්න කොහෙත්තම බැහැ..

      Delete
    4. ඕ.කේ..ඔහොම කිව්වට කවුද පිළිගන්නෙ? කියමු බලන්න සින්දුවක්..!!

      Delete
  9. මේ කතාව හරි පුදුමයි කියවන් යද්දි....මෙහෙමත් කපටිකමක්...මෙච්චර රැවැට්ටීමක් කරල එයා ඔයාගෙන් මොනවද බලාපොරොත්තුවෙලා තියෙන්නෙ...ආදරයද​?අනුකම්පාවද​?සල්ලිද​?....අනේ මන්ද....ඉදිරියට දැනගන්න පුලුවන් වෙයිනේද​???

    යාලු ඔයා එයාගෙ සිංදුවට ලකුණු කීයක් විතර දෙනවද​??ඊළඟ වටයට යන්න පුලුවන් වෙයිද​???

    ReplyDelete
    Replies
    1. එයා බලාපොරොත්තු උන දේවල් කතාවෙ අන්තිමට ඔයාලම තීරනය කරනවා නම් තමා වඩා හොඳ...මොකද මාත් මේ මිනිහ කවුද කියල දැන ගත්තෙ අන්තිමට.......
      සිංදුව ගැන මගෙ අවංක අදහස දැන ගන්න ඕනෙද?....ඒ කටහඬ නම් වරදක් නැහැ..ඒත් සිංදු කියන්න එයාට බැහැ...

      Delete
  10. හප්පා ඒපාර රාජ් බුවා ගායකයෙක් වෙලා නේ...හැකියාවක් තියෙන හැඩයි....ලැපා අරගෙන වගේ කොල්ලා..අවුරුදු 20ට වෙච්ච හරියක් මදෑ.....

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව් එයාට හැකියාවන් ගොඩාක් තියනවා..ලොකුම එක තම කෙල්ලෙක් වගේ අඬන එක..!

      Delete
  11. සින්දුව නං නරකම නෑ, නේද?

    ReplyDelete
    Replies
    1. දක්ෂ කම් කිහිපයක් තිබුන කෙනෙක්.. හොඳ මොලයක් තිබුන කෙනෙක්..ඒත් ඒ හැම දෙයක්ම යෙදෙව්වෙ යටිකූට්ටු කූට ව්‍යාපාර වලට....බොරුවෙන් මුළාවෙන් අනුන් රවටල ජීවත් වෙන්න..!

      Delete
  12. රකුසා ගායකෙයෙක් එහෙනම්.. කට්ටිය රකුසව ඊළග වටේට දැම්මනේ.. ඔන්න මම s.m.s එවන්නම්..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ දිනේශ්..ඔයාගෙ sms එක විතරක් වත් එවන්න...

      Delete
  13. පිළිගන්න වසරේ අසහාය ගායකනානෝ...විශාරධ රකුසු හාමි......

    ReplyDelete
  14. අපෝ කැතේ බෑ..රකුසාගෙ සිංදුනම්....මේ වගේ අය ඉන්නේ එක්කෙනෙක් නෙමෙයි කිරිලලියේ...

    ReplyDelete
    Replies
    1. කිරිලලියේ කියන්නේ ටිකිරි ලියාටද....?

      Delete
    2. ඉතින් ඔය පලමු 'ලයන්න' 'හල්' කර ගන්නකො පොඩ්ඩක්......

      Delete
    3. පුංචි කුමාරිහාමි@..හික්ස්...කැත මිනිහෙකුගෙ මොනාවත් ලස්සන නැහැ...!

      Delete
  15. දැන් නම් සිංදු එවන අයගෙන් නම් පරිස්සම් වෙන්ට ඕනි වගේ නේ.

    එයා බකමූණෙක්ද?

    ReplyDelete
    Replies
    1. හා.හා ෂ්ෂ්..! ගෙඹි කුමාරයට ඇහුනොත් බලාගෙන......වැඩිපුරම කියන්නෙ..හ්ම්ම්..හ්ම්ම් නිසා මම 'බකමූණ' කියල තමා කිව්වෙ...ඒත් අන්තිමට දැන ගත්තෙ ඒ නම මම තිබ්බෙ නිකම් හාස්කමකින් වගේ කියල...මොකද මෙයා ''නිශාචර පක්ෂියෙක්''.....!!

      Delete
  16. හ්ම්ම්.... ඔව් මගේ සුන්දර සහෝදරයා... කනගා‍ටුවෙන් උනත් කියන්න වෙනවා ඊලග වටයට ප්‍රමාණවත් නැ කියලා

    අනේ මන්දා අෆ්ෆා මොනා වෙනවද කියලා...

    කෝ මේ යාලුවා අනු කථා නැනේ

    ReplyDelete
    Replies
    1. ඔයා ඔහොම කිව්වට දැනට මත් තව වට කීයක් ගිහින් කීදෙනෙක් අල්ලගෙන කාලද දන්නෙ නැහැ..!

      Delete
  17. ඔයා හරි නන්ගි.මම ඇත්තටම එයාව අශ්‍රය කලේ හොද යාලුවෙක් විදියට.එයත් ඔයාට කියල තියන විදියටම මගෙනුත් අනුකම්පාව ගන්න ගෙදර අය කරන වෙනස්කම් ගැන මාත් එක්ක කිව්වා.ඒ හැම වෙලාවකම මම කිව්වෙ ඔයා ගෙදර අයව තේරුම් ගන්න,එයාලට ලන් වෙන්න එතකොට එයාලට තේරෙයි හැමදේම කියලා..............නන්ගි මට තව එකක් කියන්න ඔනේ ඔය සින්දුව කියන්නෙ රකුසානම් නෙමේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් කවුද.. අම්මෝ මෙහෙමත් බොරු කාරයෝ :/

      Delete
    2. අක්කී..ඔයාට එයාගෙ මැරුන මල්ලි ගැනත් කියල දුක් උනාද? මල්ලි මැරුන හැටි එහෙම කිව්වද?

      Delete
    3. එතකොට කිරිල්ලි උදේ හවස ඔය මිනිහත් එක්ක කතා කරන්න ඇතිනෙ ස්කයිප් එකෙන්, ටෙලිෆෝන් එකෙන් හෙම.... එතකොට කිරිල්ලිට මෙයාගෙ ඇත්ත කට හඬ හුරුවෙලා තියෙන්නෙ ඕන..... ඒත් අනුත්තරා කියනවා මේ රකුසගෙ කට හඬ නෙවෙයි කියල.... ඇයි අනුත්තරා එහෙම කිව්වෙ...?

      Delete
    4. එයාට තිබ්බෙ ඔයිට වඩා ගොඩාක් ගැඹුරු කටහඩක්...මට හොදට මතකයි ඒ කටහඩ...ඒකයි මම එහෙම කිව්වෙ...එයාගෙ මල්ලි මැරුන හැටි මට කිව්වා.ඒත් කෙටියෙන්..ඒත් නිතර කිව්වෙ නෑ.ඔයාට තරම් විස්තර කිව්වෙත් නෑ..එයාට නන්ගි ඕන උනෙ එයාටම විතරක් අනුකම්පාව ගන්න.ඒත් මම හැම වෙලේම උත්සහ කලේ එයාව ගෙදර අයට ලන්කරන්න..එයා ඒකට කැමති උනේ නෑ...

      Delete
    5. ඔව් අක්කි එයා හැම වෙලේම ඉන්නෙ පොඩි කාමරයක් ඇතුලෙ..එයාට තියෙන්නෙ ඔයිට වඩා ගැඹුරු හඬක්.ඒ කියන්නෙ එයා අපි එක්ක කතා කරන්නෙ හෙමින් වොයිස් එක පහල දාල..හෙන ගැඹුරින්..වැඩිය කතා කරන්නෙ නැහැ..වචන දෙන්නෙ බොහොම අඩුවෙන්................
      ඔය සිංදුව කියන්නෙ ඉහල ස්වරයකින් නිසා එයාගෙ ඒ ගැඹුර අඩුවෙලා........
      අනික විශේෂම දේ මේකයි.....
      එයාලගෙ පැමිලි එකේ අය ඉදිරියෙ මෙයා මා එක්ක කතා කරන වෙලාවෙ, එදා නම් එයා කතා කලේ එයාගෙ නියම හඬින්..ඒ තමා ඔය හඬ...!!
      පවුලෙ අය ඉදිරියෙ මවාපාන්න බැරි නිසා ස්වභාවික හඬින් කතා කරන්න සිද්ද උනා එයාට...!!!!!.

      Delete
    6. මේකෙන් මට තේරෙන විදියට අනුත්තරා මෙයාව ඇත්තටම දැකලා නැහැ වගෙයි. එතකොට අර මෙයා අනුත්තරාගෙම පන්තියේ ඉන්නවා කියපු කතාව බොරුවක්ද?

      Delete
    7. පොඩ්ඩක් ඉන්න අපි අහමු අනුත්තරාගෙන්ම......

      Delete
    8. ඔයාලට පුදුම හිතෙයි මම එයාව ඒ අවුරුදු 3ටම දැකල තියෙන්නෙ 3පාරක් විතරයි.එයා මාත් එක්ක ගොඩක් සම්බන්ද වෙලා තියෙන්නෙ එස් .එම්.එස්. සහ චැට් වලින් විතරයි.නමුත් හදිස්සි අවස්තා වලදි කතා කරල තියනවා.ඒත් ඔය සින්දුවේ තියන කටහඩ අපි අතර පාවිච්චි කරල නෑ කවදාවත්ම.අපි එක class එකට ගියත් ගියේ දවස් දෙකක..

      Delete
    9. අනුත්තරා, ඔය කියන දවස්වල ඒකාට යාළුවො හෙම හිටියද ඔයා දන්න තරමින්...? ඒ වගේම ඔයාට කිව්වෙ එයාගෙ ගෙවල් කොහේ තියෙනවා කියලද...? සොරි..ප්‍රශ්ණ කෝටියයි... මේ අන්තිම එක මේ පෝස්ට් එකට....

      මට පුදුම කුතුහලයක් තියෙන්නෙ අප්පා.... :D

      Delete
    10. යාලුවො නම් ඕන තරම් මුනු පොතේ එයාට මුලදි හිටියා.ඔය අතරින් එයාගෙ ඉස්කෝලෙ හොදම යාලුවයි තව නිල්මිනි කියලා දොස්තර අක්කා කෙනෙකුයි මගේ මුනු පොතටත් එකතු වෙලා හිටියා..ඒත් ඔය නිල්මිනි මම රකුසාගෙ මුනු පොතේ දාන හැම comment එකකටම විරුද්දව comment දාන්න ගත්තා.අන්තිමට මේ ගැන රකුසට කිව්ව පස්සෙ දවසෙම මේ නිල්මිනි අක්කා මගේ මුනු පොතෙන් අතුරුදහන්...

      Delete
  18. සිරාවට කටහඬනම් ටිකක් ලස්සනයි...;) රකුසෙක්ගෙ කටහඬක් වගේ නෙවෙයි...:D

    ReplyDelete
  19. මම මේ කොමෙන්ට් එක දාන්නෙ රාජ් ගැන කලින් ඉදලා දන්න දේවල් පාදක කර නොගෙන. මට නම් මේ වොයිස් එකේ සැබෑ ආදරනීය බවකුයි හැගෙන්නෙ. ආදරය නොකරන කෙනෙකුට ආදරය කරන්න හිතෙන හඩක්. ඔයා වෙනුවෙන් ගනිපු ආදරනීය උත්සාහයක්.. ඔයාට ඒ උපන්දිනයට ලැබුනු වටිනම තෑග්ග මේක බවට නම් කිසිම සැකයක් නැහැ. මේක පලමු වරට අහන වෙලාවෙ ඔයාගෙ හිත ආදරයෙන් පිරිලා මුවගට සිනාවක් නැගුනු හැටි, අපැහැදිලි කෙල්ලකගෙ රෑපෙ මට දැනුත් මැවිලා පේනවා.... (මොකද මම කිව්වෙ බොරුද?) "මගේ රත්තරං සුදු මැණිකට සුබ උපන් දිනයක් වේවා..! මම ඔයාගෙම සුදු අයියා" කියන සාම්ප්‍රදායික විෂ් එකට වඩා නව්‍ය බවක් ඔහුගෙ කෙටි පණිවිඩයෙත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුව මට එව්වෙ මගෙ උපන් දිනේට නෙවේ...නිකම්ම දවසක් රෑ එව්ව ඕක....

      ඕක අහල මට කිසිම හැඟීමක් දැනුනෙ නැහැ........

      Delete
    2. අහෝ දුකකි ඉරකි තිතකි,,,

      Delete
  20. බොරු කියන්න ඕනා නැහැ සින්දුව නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..මතුපිටින් මවල පෙන්වපු අනිත් හැම දෙයක් වගේම ඒකත් ලස්සනයි කියමුකො..!!

      Delete
  21. අවුලක්ම නැහැ සින්දුව නම්.දැන් මේ කතාවේ කොයි හරියද?

    ReplyDelete
    Replies
    1. දැන් මම උගුලෙන් බේරෙන්න ටිකක් ලඟයි..!

      Delete
    2. බලන්න කිරිල්ලි රකුසා කොඉතරම් ආදරණීයයද කියල....එයා මේ ක බලනවනම් දැන් මොනව හිතිල ඇතිද?

      Delete
    3. ඔව් අනේ එයා හෙන ලව්ලි......මොනාවත් හිතෙන එකක් නැහැ මේක දැක්කට..මාණසික ලෙඩෙකුට මේවා තේරෙන්නෙ නැහැ.....

      Delete
  22. හලේ...... ඇයි දෙය්යනේ මේ කෙල්ලෝ ගොඩ හරියක් මේකාගේ මේ උඩුබිරිල්ල ලස්සනයි කියන්නේ? සමන් ටින් එකක් ගල් කැටේකින් හුරනවා වගේ.. අය්යෝ සල්ලි..
    ඔයාගේ බ්ලොග් එක කියෙව්වා..මුලක හිටන්ම. අන්තිමට තේරුනේ කෙල්ලෝ ආදරේ අභියස ඕනෑම දෙයක් කිරීමට සුදානම් වුවත් කොල්ලෝ ඇතැමුන් කරන දේවල් වලින් එහෙව් කෙල්ලන්ගේ සිත් වීදුරු භාජන වගේ බිඳිලා නැවත හදන්නත් අමාරු තැනකට පත්වෙනව කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔයා ට යමක් ලස්සනට අවබෝධ වෙනවා කියල මට හිතෙනව......මේ මිනිහ වෙනුවෙන් මම ඔයාලට හිතා ගන්න බැරි තරම් දේවල් කරන්න බලාපොරොත්තු තියන් උන්නෙ......
      කෙනෙක්ව දූෂනය කරනවට වඩා...මරා දානවට වඩා ගොඩාක් දරුණුයි එක හිතින් ආදරය කරන කෙනෙක්ගෙ හිත කඩල බිඳල සුනුවිසුනු කරන එක....!!

      Delete
    2. මට ඒ දේ තේරුම් ගන්න අමාරු නෑ.. මගේ අත්දැකීම් වගේම මගේ යාලුවන්ගේ අත්දැකීම් එක්ක මට හිතාගන්න පුළුවන්.. දැන් නම් ආදරේ කියන වීදුරු භාජනේ කැඩිලා බිඳිලා තියන වග. ඒ වුනත් තවමත් ඒ වීදුරු භාජනේ හදන්න පුළුවන්. නමුත් ඔයා මේකෙන් ලොකු දෙයක් ජීවිතේට එකතු කරගන තියනවා නේද?..පරිස්සමින් නගේ.. මිනිස්සු කාල බලන්න බෑ.

      Delete
    3. අහල තීනවද පුන්සිරි සොයිසගෙ සින්දුව "බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්, බිඳුන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්"

      Delete
    4. හ්ම්ම්ම්....තව ලස්සන එකක් තියනව කාගෙද මන්ද.....''සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා..'' කියල....

      Delete
  23. අනේ මට මේ රකුසු සිංදුව ඇහෙන්නෙහැනෙ..buffer වෙනව විතරයි..ඇයි ඒ :(

    ReplyDelete
    Replies
    1. අයියෝ..කෝම හරි ට්‍රයි කරල අහන්න...හැමදාම නෑ..හැම තැනම නෑ....!!!!!

      Delete
  24. සිංදුව නම් ටිකක් හොඳයි වගේ...

    ReplyDelete
  25. හිනා වෙලා මගේ Keyboard එකෙත් කෙල :)

    ReplyDelete