My Blog List

Friday 10 February 2012

තනියට පූසෙක්...!!


(අළු පාට හැන්දෑව 24.)
මෙතෙක් කතාව.....................
වින්චැට් කිරිල්ලි ඉන්නෙ දුර රටක...කවදාවත් සිංහල බ්ලොග් එකක් දැකල නැහැ..දවසක් ලංකාවෙ යාලුවෙක් කිරිල්ලිට එවනව ''ආදරකතාව'' කියල බ්ලොග් එකක්..''මේ මොන විකාරයක්ද'' කියල ඒක කුනු කූඩෙට දාන කිරිල්ලිට ආයෙමත් හිතෙනව ඒ කතාව කියවන්න ඕනෙ කියල..ඒක තමා රාජ් අනුත්තරා ගැන ලිව්ව ආදරකතාව..ඒක කඳුළු කතාවක්..!!
මේ කතාව කියවන ගමන් කිරිල්ලිත් කතාවට කමෙන්ට්ස් දානවා..දවසක් රාජ් කිරිල්ලිට පණිවිඩයක් එවල කිරිල්ලි සමග මිතුරු වෙනවා..ඉන් පසු රාජ් ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාවම කිරිල්ලිට පවසනවා..

මීගමුව නගරයේ එක්තරා ප්‍රසිද්ද ආයතනයක් භාරව උසස් රැකියාවක නියුතු රාජ් හදවත් රෝගියෙක්..පියෙක් නොමැති දරුවෙක්..තමුන්ගේම මවගේ කටුක හිරිහැර,දරුනු වෙනස් කම් විඳිමින් ජීවත් වෙන ඔහුට එකම සහෝදරයාගෙන් ලැබෙන්නෙත් තාඩන පීඩන වෙනස්කම් විතරමයි..ඔහුගේම නෑයින් විසින් ''අවජාතකයෙක්'' ලෙස හඳුවන ඔහු ඔවුන්ගේ අවමන් අපහාස වලට ලක්වෙමින් කාත් කවුරුත් නැති ඉතා දුක්බර තනි උන ජීවිතයක් ගත කරනව...ඔහුගේ තනියට,ඔහුට ආදරෙන් සිටි එකම තැනැත්තා ඔහුගේ කුඩා සහෝදරය පමණයි ඒත් ඉතා අවාසනාවන්ත හදිසි අනතුරකින් ඒ සහෝදරයත් මිය ගිහින්..!!

මේ සියල්ල ඔහු කිරිල්ලි සමග පවසන්නෙ හඬා වැටෙමින්..!!

ජීවිතේ කවදාවත් මෙවැන්නක් අසා නැති ඉතාම සංවේදී හිතක් හිමි කිරිල්ලි මේ කතාව අහල රාජ්ට මහත් සේ අනුකම්පා කරනවා..ඒ අනුකම්පාව ඉතා ඉක්මනින් ආදරයක් බවට පත් වෙනවා...රාජ් කිරිල්ලිට ඔහුගේ ආදරය ප්‍රකාශ කර සිටිනව...

රාජ් ඉතාමත් ගුප්ථ පුද්ගලයෙක්..!!  නිතර නිතර අසනීප වන ඔහු තුල බොහෝ අස්වාභාවික ගති පිහිටා තියනව..විටෙක කුඩා දරුවෙක් මෙන් හැසිරෙන ඔහු විටෙක ඉතා ප්‍රකෝපකාරී චරිත ලක්ශන ඇත්තෙක්..විටෙක අසාමාන්‍ය මානසික අසනීප තත්වයකුත් ඔහු තුල තිබෙනවා...
මේ සියලු ගුප්ථ,අස්වාභාවික,අසාමාන්‍ය ගති ගුන වලට හේතු වන්නේ කුඩා කල සිටම කාත් කවුරුත් නැතිව තනිවීමත්,කතා කිරීමට බැරිව කලක් සිටීමත්,සමාජයෙන් කොන්වීමත් මේ කියන කරුනුයි..තමුන්ගේම මවගේ වරදින් තමා ''අසම්පූර්ණ මිනිසෙක් වී ඇති බවයි'' ඔහු පවසන්නේ.....

අනුකම්පාවත් ආදරයත් නිසා සියල්ල ඉවසන කිරිල්ලිගෙන් ඔහු ඉල්ලා සිටින්නේ,සියලු වැරදි අඩුපාඩු හදාගෙන වෙනස් මිනිසෙකු වීමට නම් ආදරයේ නාමයෙන් ඔහුට කාලය දෙන ලෙසයි.....

මේ අතරම ''නිල්මිනි'' නමින් මීගමුව රෝහලක සේවය කරන දොස්තරවරියක් ඔහුට බලපෑම් කරමින් සිටී..ඔහුගේ ජීවිතයේ ඉතා පෞද්ගලික දේ වලට පවා අතපොවන මෙම තැනැත්තිය ඇයගේ නැගනියව විවාහ කර ගන්නා ලෙස රාජ්ගෙන් ඉල්ලා සිටී.......

මේ අතර ඔහු අතින් ඔහුගේ කාර්යාලයට අයත් විශාල මුදලක් අතුරුදහන් වෙනව..පසුව ඔහුගේ ''ලැප්ටොප්'' එකත්.මෝටර් බයිසිකලයත් විකුනා,''නිල්මිනි'' ගෙනුත් ලබා ගන්න මුදල් වලින් එම නැති වූ මුදල ඔහු පියවා දමනවා......

ඉන්පසු මූනුපොතේ කිරිල්ලි සමග ''රිලේශන්ෂිප්'' එකක් ප්‍රසිද්ධ කරන ඔහු...නිතර නිතර ඔහුගේ නැති වූ ලැප්ටොප් එක ගැන කියවමින් දුක් වෙනවා......
පසුගිය කොටසින් කිය උනේ කිරිල්ලි ඔහුගේ උපන් දිනයට ලැප්ටොප් එකක් අරන් දෙන බව ඔහුට ඊමේල් එකකින් දැන් වූ බවයි........

අද එතැන් සිට............................

මේ රිලේශන්ෂිප් එක සිදු උන සතියෙම තවත් විශේෂ දෙයක් රාජ් කරල තිබුන බව මම දැන ගත්තෙ බොහෝ කලකට පසුව අනුත්තරාගෙන්..ඒ සතියෙම තිබුන අනුත්තරාගෙ උපන් දිනේට රුපියල් 3000 කටත් වඩා මිල අධික කේක් එකක් රාජ් අනුත්තරාට යවා තිබුන..අනුත්තරා ඒ සම්බන්ධව ප්‍රශ්න කලාම ඔහු කියා ඇත්තේ එය ඔහු විසින් එවන ලද්දක් නොවන බවයි...........

ඉතින්..එදා මම කිව්වනෙ මගෙ මේල් එකට රාජ්ගෙන් කිසිම පිලිතුරක් නොලැබුන බව..පසුවදා රෑ මෙයා ඔන්ලයින් ආවාම මම ඇහුව...
''..ඔයාට මම ඊයෙ රෑ මේල් එකක් එවල නිදා ගත්තෙ ඒක දැක්කෙ නැද්ද?..''
''..ආ ඔව්..දැක්ක..''
පිලිතුර උනේ එච්චරයි..!!
මම හිතන්නෙ එයාට දැනගන්න අවශ්‍ය දේ මගෙන් ගත්තනෙ ඒ ටික ප්‍රමානවත් වෙන්න ඇති.....
 මෙයාට ඒ දවස් වල නිතරම මහා ගොඩාක් පාටි තිබුන..මාරවිල ගොඩාක් ප්‍රසිද්ද හෝටලෙක..ඔෆිස් එකේ අයට ජා-ඇල හෝටලෙක..නිල්මිනි-උපුලි ලංඩන් යන එකට පාටි එක..

මේ අතර දවසක් රාජ් මට කිව්ව..
''..අපේ අයියල ලඟදිම යනව එයාලගෙ අලුත හදපු ගෙදරට..අම්මිත් යනවා එයාල එක්ක..මමයි තාත්තියි විතරක් ගෙදර..මම ඊට පස්සෙ පූසෙක් ගේනවා මට තනියට..''

''..තනියට පූසෙක්..? ඇයි මේ මම ඉන්නෙ..මාව අරන් යන්නකො තනියට..''  මම එහෙම කිව්වෙ විහිලුවටයි සරදමටයි දෙකටම එක්ක....

''..ඔයා එනව නම් එන්න..මගෙ ඇඳේ මල්ලිය නිදාගත්ත කොට්ටෙ තාම එතනම තියනවා..ඒක මම කාටවත් කවදාවත් වෙනස් කරන්න දෙන්නෙ නැහැ..ඔයාට එතන දෙන්නම් නිදා ගන්න..මම බිත්තිය පැත්තට හැරිල නිදා ගන්නම්..''

''..මොකක්..? බිත්තිය පැත්තට හැරිල නිදා ගන්න මම ආවාම?..''

''..ඔව් ඇයි..?''

''..නෑ මම අහන්නෙ මහා රෑක ඔයා එක්ක ඔයාගෙ ඇඳේ බෝනික්කියෙක් වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නකොට ඔයා බිත්තිය පැත්තට හැරිල නිදා ගන්නව..? එහෙමද..?''

''..ඔව්.එහෙම තමා.වෙන මොනා කරන්නද මම..?''

''..ඈහ්හ්හ්..!''

ඒකට හිනාවෙන්නද අඬන්නද කියල හිතා ගන්න බැරි උනා මට..!!

94 comments:

  1. හික් හික් වෙලාවට කිරිල්ලී බේරුනේ....නැත්තං බිත්තිය පැත්තට හැරිලා නිදාගන්න වෙන්නේ හැමදාම....

    ReplyDelete
    Replies
    1. ඔව්.දෙවියනේ මම බේරුනා....(ඒ බිත්තියෙ රෑට 'මරඟනන්' නටනවලු.)

      Delete
    2. හප්පා ඒ කව්ද ඒ.....අළුත් ගර්ල්ස් බෑන්ඩ් එකක් ද.....

      Delete
    3. ඔව්..අර බුදුහාමුදුරුවොන්ගෙ වටේ නටපු කට්ටිය.....

      Delete
  2. කතාව ආයෙත් කෙටියෙන් මතක් වෙන්න මේ සාරංශයක් දාපු එකනම් ගොඩක් හොඳයි...

    ඇත්තයි මේ රාජ් චරිතෙනම් තේරුම් ගන්න අමාරු ගුප්ත චරිතයක් තමයි... ( හැබැයි මේ ගුප්ත චරිතෙත් මෙයා හිතල රඟපාන එක්ක කියල හිතෙන්නෙ)

    මෙයා දැන් ලංකාවෙද ඉන්නෙ?????

    ReplyDelete
    Replies
    1. ඔව් එයා ඉන්නෙ ලංකාවෙ...'මෙයාගෙ ගුප්ථ කම' බලන්නකො කතාව අන්තිමට......

      Delete
  3. කතාව හරිම ලස්සනයි.මලගිය ඇත්තෝ කතාවෙ චරිත වගේ අමුතු චරිතත් තියෙන ඔට හරි ලස්සනයි අක්කේ

    ReplyDelete
    Replies
    1. මෙයත් 'මලගිය ඇත්තෙක්' තමා මල්ලි.......

      Delete
  4. //ඔයාගෙ ඇඳේ බෝනික්කියෙක් වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නකොට //

    හී හී...බෝනික්කියේ...අනූනවයෙන් බේරුනානේ. 'ගුප්ත' කියන වචනේ සමාන වචනය කවුරු හරි ඇහැව්වොත් මීට පස්සේ උත්තරය 'රාජ්' හොඳේ.

    එයා ලංකාවේ ඉන්න තැන් ගැන විස්තර එහෙම ඔයා දන්නවද? ආයම හොයලා බලන්නේ එහෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඉන්න තැන දන්නවා.....ඒ පැත්තෙ අපේ නෑයොත් ඉන්නවා..ඒ පැත්තට මම ගිහිනුත් තියනවා.....හී..හී.......

      Delete
  5. දෙයියෝ සාක්කි... මොනවද මේ වෙන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. වෙලා ඉවරයි ලහිරු...භයවෙන්න එපා..!!

      Delete
    2. මතු සම්බන්දයි!!!! ඉවසල ඉන්න...

      Delete
  6. //ඔයාට එතන දෙන්නම් නිදා ගන්න..මම බිත්තිය පැත්තට හැරිල නිදා ගන්නම්..''//
    මූ රියල්ම අන්ඩපාලයෙක්. මෙයා අපි දන්න කෙනෙක්ද? මොකද මම ඇහුවෙ අන්තිම වෙද්දි පැදුරටත් නොකිය ජාලෙනුත් මාරුවෙන්න ඉඩ තියන නිසා. ඒ වගේම මේ කතාව බලන හැම දවසකම හිතට එන ප්‍රශ්නයක් තියනව. ඒක අහන්නම් කතාවෙ අන්තිම කොටසේදි.

    ReplyDelete
    Replies
    1. මෙයා නම් ගොඩකින් ජාලයේ උන්නා.....දැන් ඉන්නෙ මොන නම් වලින්ද කියල තාම අල්ල ගන්න බැරි උනා...හැබැයි පහු ගිය දවස් වල ''ඇනෝ වගේ'' ආවා.....

      Delete
  7. බිත්තිය පැත්තට හැරිල.. හනේ ඌ වගේ එකෙක්

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ මම හැමදාම රෑට ගූඩ්නයිට් කියල..''එහෙනම් බිත්තිය පැත්තට හැරිල නිදා ගන්න''..කියලත් කිව්වා.........

      Delete
    2. එහෙම තමා බවුන් වඩන්න ගත්තම....බිත්තිය පැත්තට හැරිල විතරයි නිදන්න පුලුවන්.අනික් පැත්ත හරුනොත් එවෙලෙම භන්ග වෙනවා...කිරිල්ලිට ඒක තේරිලා නෑනෙ.

      Delete
    3. මේ....භන්ග වෙනකොට රිදෙනවද අනේ...????

      Delete
  8. real life is stranger than fiction!
    යාථාර්තය ප්‍රබන්ධයට වඩා පුදුමාකාරයි!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අයියේ..........මම 2012 වසරට අහපු හොඳම කියමන මේ ඔයා කිව්වෙ....!!!! ස්තූතියි.......

      Delete
  9. දක්ෂ කතාකාරයෙක් අති දක්ෂ රංගන ශිල්පියෙක්..... ඔහොම කතා අහන්න කෙල්ලෝ හරිම ආසයි අක්කේ ඒත් රඟේ තේරෙන්නේ අත්හදා බලන්න ගියාම... මේක කියවද්දි ලැජ්ජාවේ බෑ.... අනේ මන්දා මේවා ලියන එක ගොඩක් හොඳයි අඩුගානේ මේවා කියවලා එක කෙල්ලෙක් හරි හැදෙන්නේ නැතැයි

    ReplyDelete
    Replies
    1. ගැමි මල්ලී.....ඔයා ආස නැද්ද පූසන්ට...?:P

      Delete
    2. මම නං හරී ආ...සයි පූසන්ට....

      Delete
    3. බලාගෙන පරිස්සමෙන්..! ගෙදර පූසි ට ඇහුනොත්...ඤාආව්ව්ව්...හෑෂ්ෂ්ෂ් ..!!

      Delete
    4. අසා නැත්තේ නෑ අපේ ගෙදරත් පූසෝ හිටියා මගේ ආදරිත් නාව් කියාගත්ත ගමන් තමා ඉන්නේ හි හි ඒත් උන්ගේ මවිල් මට ඇලජික් හි හි ඔබ නොදුටු ලොව හරී ආසයි වගේ හම්මෝ අයියේ පරිස්සමෙන්

      Delete
  10. අනේ පව්... හරිම අහිංසකයෙක්නෙ ඔය... ඒක නෙව.... මේ කිරිල්ලිට ඒකවත් තේරෙන්නෙ නෑ.... ;D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මාත් ඉතින් තොත්ත බබානෙ.....හික්ස්..:)

      Delete
    2. නෑ ඔයා බෝනික්කිනෙ...

      Delete
  11. කෙල්ලෙක් ඕනේ නැති නිසානේ එයා පුසෙක් හදන්න තීරණය කරන්න ඇත්තේ.... :)))

    (''..ඔයා එනව නම් එන්න..මගෙ ඇඳේ මල්ලිය නිදාගත්ත කොට්ටෙ තාම එතනම තියනවා..ඒක මම කාටවත් කවදාවත් වෙනස් කරන්න දෙන්නෙ නැහැ..ඔයාට එතන දෙන්නම් නිදා ගන්න..මම බිත්තිය පැත්තට හැරිල නිදා ගන්නම්..'')

    මේ ටික බැලුවහම මට තේරුනේ රාජ් අර පොඩි එකාවත් ඇඳේ අයිනේ නිදි කරවලා ඌ බිත්තිය අයිනේ නිදා ගත්ත කියල තමයි
    මල්ලි නිදා ගත්තු කෝට්ටේ එතනමලුනේ තියෙන්නේ
    පව් අප්පා.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ හෙන පව්....ඒ මල්ලිය රෑට කීපාරක් ඇඳෙන් බිමට වැටුනද දන්නෙ නැහැ නේ?

      Delete
  12. ආ මේ අපේ රුක් අත්තන කතාවේ කිරිල්ලිනේ. පහු ගිය දවස් වල එක දිගටම බිසි වෙච්ච හින්දා බොහෝ ලිපි කියවන්න බැරි වුනා.
    ඔයාව මතක් වුනා කිහිප පලකදිම මට නිවාඩුවෙදි. ඔයා වෙනුවෙන්ම රුක් අත්තන ගසුත් හෙව්වා.

    ReplyDelete
    Replies
    1. අනේ අක්කී..ඔයා ඒ ගස්වල පොටෝ ගෙනාවද?...මාව එහෙනම් මතක් උනා නෙහ්??

      Delete
  13. එතකොට රාජ් බබා...:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....බබා....හ්ම්.හ්ම්.....

      Delete
  14. මෙතෙක් දවසක් කතාව කියවීමෙන් රාජ් නැමැත්තාගේ යම් යම් දැ වල අඩුවක් තිබෙන බව හැඟී ගොස් තිබුන මුත් "අසවල්" එකද නොමැති බව පසක්වූයේ අදය.:P

    ReplyDelete
    Replies
    1. හීහීහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......!!!!!!!

      Delete
  15. හම්මා... රාජ් ගැන මට හිතෙන එව්වා නොකියා සිටිමි..:D පවු රාජ් බබා...:D අන්නාහ්හ්හ්..

    වෙලාවට මෝඩ කිරිල්ලි බේරුනේ..පෙර වාසනාවකට..(මෝඩ කිව්වෙ ආදලේට හොදේ) :*

    ප.ලි-සාරංශයක් දැම්ම එක නියමයි කිරිල්ලී

    ReplyDelete
    Replies
    1. 'මෙතෙක් කතාව' දාන්න කියල අයිඩියා එක දුන්නෙ 'අසරණය'...

      හ්ම්ම්ම්ම්ම්ම්...බේරුනාද කියලත් අහනවා..මෙච්චර දුරක් ඉඳල ගිහින් මටත් ''බිත්තිය පැත්තට හැරිල නිදා ගන්න'' උනා නම්?...:)

      Delete
  16. බිත්තියෙ හිල්ද දන්නෙ නැහැ නොවැ.. ;)

    ReplyDelete
    Replies
    1. බස්සෙක්ද හ්ම් ගාන්නේ මම හිතුව සිරා කිරිල්ලියෙක් කියල

      Delete
    2. හ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්ම්ම්...

      Delete
  17. කතාව සාරාංශ කරපු එක හොඳයි අමතක වෙලා තිබුණු සිද්දීත් මතක් වුනා.

    කිරිල්ලි ඔයාටද දුකක නැද්ද මේ රාජ් වගේ අහින්සකයෙක්ට මේ විදියට කතා කරන්න.දැක්කනේද එයා ඔයාට කියල තියෙන දේ.බිත්තිය පැත්තට හැරිලා නිදා ගන්නවලු.හික් හික්.. මට නිකන් කිතී වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ එයා හරී අහිංසකයි...මම තමා නිකම් ''මර අඟන'' වගේ උන්නෙ.....
      දැන් ඔයාටත් කිති කිති වගේද?...එහෙනම් බිත්තිය පැත්තට හැරිල නිදා ගන්න..!

      Delete
    2. හික්ස්ස්... ඇද්ද අසරණයා අහගත්තා..හූ...!!!! :p

      Delete
    3. කට්ටිය වටකරලා මට දෙනවා නේ ...

      Delete
    4. ඇයි හොඳ නැද්ද..? හැහ්...නරක් වෙලා තියෙයි...!!!!!!

      Delete
  18. බිත්තිය පැත්තට හැරුනට රාජ්ට නින්ද යන එකක් නෑ මහිතේ !!
    බෝනික්කියෙක් වගේ ලස්සන කෙල්ලෙක් ???
    එහෙමත් කෙල්ලෝ ඉන්නවද. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. බෝනික්කියො වගේ කෙල්ලො දැකල නැද්ද? බලන්නකො ජපන් රටේ ඉන්න ඔක්කෝම බෝනික්කියො වගේනෙ.........

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔයා ජපන් බෝනික්කෙක් වගේද?....අපෝ එහෙනම් ඔයා කැතයිනේ හික් හික්...

      Delete
    4. ඒක ඇහුවාමනම් මට කිරිල්ලිව බලන්න ආස හිතුනා හෆ්ෆා... :) :)කිරිල්ලි බෝනික්කියක් වගේ කියලා තියෙන්නෙ..

      Delete
    5. නින්ද යන්නෙ කොහොමද කතාවට අරම කිව්වට බැරිවෙලාවත් බෝනික්කිව බිමට වැටුනොත් කාට කියන්නද???ඒ නිසා මුලු රැම පහන් කරයි..

      Delete
    6. හී.හී.හී..!!..ඔයා භය හිතෙන කතා කියනවා..චිකේයියා...!!

      Delete
  19. අනේ අප්පෝ!!!!!!!! එතකොට ඌ බබා... මොකුත්ම දන්නෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව් බබා...ඔලුව අතගාල හුරතල් කරල තමා දෙයක් කියල දෙන්න උනත් මට සිදු උනේ....නැත් නම් තරහ යනවා....එයාගෙ ''හොඳක්'' කියන්නෙ නැහැ කියල අඬනවා..!

      Delete
    2. ඔන්න ඔය වගේ උන්ට බබා කියන්න එපා මට තරහ යනවා......... හික්ස්

      Delete
    3. හා..හා.. කම් ඩවුන්..කම් ඩවුන්..!!

      Delete
  20. අනේ අෆ්ෆා මෙහෙමත් කොල්ලෙක්.... පුලුවන්නම් දෙන් මේ මැන් ඉන්න නමත් හොයාගන්න... මොකද මෙහෙම අය ගොඩාක් භයානකයි වගේ....

    අනේ ඇත්තට.... ඇත්තටම මොකක් හරි හේතුවක් නිසා එහෙම නිදා ගත්තත් ඔහොම කියනවද අනේ...

    හිකිස්.....

    ඇස් නටවන බොනික්කෙක්ද ඇ............

    ඇත්තටම පුසෙක් ගෙනාවද ? (පුසියක් වත්)

    ReplyDelete
    Replies
    1. මොන බොරුද අනේ...ඒ ගෙදර බල්ලෙක් ඉන්නවලු ටොමී කියලා..ඒ බල්ල අයියගෙලු..මෙයාව දකිද්දි ඒ බල්ල වෙව්ලන්න ගන්නවලු..ඒතරම් ඒ අහිංසක සතාට හිරිහැර කරලා.....සතෙකුට එහෙම හිරිහැර කරන්න පුලුවන් තවත් සතෙකුට පමණයි...!!

      Delete
  21. ඇත්තටම මේ කතාව ඔයා ලියන එක ගොඩාක් හොඳයි..ඔයාගෙ හිත රිදුනත් කිරිල්ලියෙ තව මේ වගේ දේකට අහුවෙන්න පුලුවන් එක කෙල්ලෙක් හරි ගලව ගන්න පුලුවන්නම් ලොකු පිනක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ..මගෙ හිත දැන් ශක්තිමත් ආයෙ රිදෙන්නෙ නැහැ...කාව වත් ආයෙ මේ වගේ උගුල් වලට අහු වෙන්න එපා......!!

      Delete
  22. මාත් ගේන්න ඕනෙ පූසෙක්වත් එහෙනං..

    ReplyDelete
    Replies
    1. හෑ..! ඔයා තාම කසාද බැඳල නැද්ද..?

      Delete
    2. පිස්සුද.. හිතලවත් නෑ.. අපි තාම පොඩි ළමයි...

      Delete
    3. හරි එහෙනම් පූසෙක් ගේන්න....!

      Delete
  23. ආතල්ම කතාව තාමා බිත්තිය. අපිටනම් බෝනික්කෙක් නෙමේ නාඩි වැටෙන දර මිටියක් ඇදේ තිබුනත් නින්ද යන්නෙ නෑ.. හික් හික් හී..... මේ, අපි ඉන්න රටෙත් බෝනික්කො වගේ අය ගොඩාක් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. මේ..මේ..බලාගෙන ඔය දරමිටි අස්සෙ පත්තෑයො ඉන්නවා...!!

      Delete
    2. හරිනේ ඉතිං... පැත්තෑයාටත් නාඩි වැටෙනවා නේ.

      Delete
    3. අහ් හා.....දැන් නෙ තේරුනේ ඔයාගෙ පෝස්ට් එකේ උන්න පත්තෑය නිවන් දැක්කෙ කෝමද කියල......හික්..හික්..හික්......සංසාරේ...!!!!!

      Delete
  24. ඇත්ත ලෙඩෙක්ද නැත්තං ඔයා ඉස්සරහ නිකන් සුද්දවන්තයෙක් වෙන්න හදනවද කියල හිතාගන්න බැහැ.
    ඔය රාජ් කියන කෙනාත් මේක බලනවා ඇතිනේ. එයා comment කරන්නේ නැද්ද? ඒවා එකක් දෙකක් දාන්නකෝ කිරිල්ලි අපිටත් බලන්න.

    ReplyDelete
    Replies
    1. නෑ එයාගෙන් කොමෙන්ට්ස් නැහැ....මම 'ඇනෝ' වහල නිසා එයාට එන්න බැහැ....

      Delete
  25. හ්ම්ම් මට හිතෙන්නේ වෙනම දෙයක්.

    ReplyDelete
    Replies
    1. හිතෙන දේ භය නැතුව කියන්න මෙයා....මම හරි කැමතියි, විවෘතව ..කෙලින්..මූණට කතා කරන අයට..මාත් එහෙමයි...!!

      Delete
    2. වින්චැට්කිරිල්ලියෙකුයි ගේ කුරුල්ලෙකුයි ගැලපෙයිද?
      අනේ මන්දා??

      Delete
    3. ගැලපුනා නම් ඉතින් අද මෙහෙම කතාවක් ලියවෙන්නෙ නෑනෙ..:(

      Delete
  26. අනේ ඕකා හරි බබා ද

    ReplyDelete
    Replies
    1. බබාගෙ 'කෙරුවාව' බලාගන්නකො තව ඉදිරියට...!!

      Delete
  27. පොඩි නිවැරදි කිරීමක් කලයුතුයි-එදා ඒ කේක් එක එව්වෙ නෝට් එකකුත් එක්ක.ඒකෙ සදහන් වෙලා තිබ්බා එයා එවපු බවට.නමුත් මම ඇහුවා ඇයි එපා කියද්දි මේ පාරත් එව්වෙ කියලා...එතකොට කිව්වෙ ඒකෙ වියදම් දැරුවෙ මේ පාර එයා නෙමේ කියලා...ඒ ගැන ප්‍රශ්න කලත් උත්තරයක්නම් ලැබුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කි නිවැරදි කිරීමට.........මට ඔය සිද්දිය යාන්තම් මතකෙට ආවෙ එහෙම ඒ ගමන්ම මම ලිව්වෙ........

      Delete
  28. මට අර මලය ගැන දුකයි. පව් අහින්සකය නොදන්න කමට ඔහේ ඉන්න ඇති!

    ReplyDelete
    Replies
    1. එහෙම මලයෙක් උන්නෙ එයාගෙ හිතේ ඉන්දික....එක ඇත්තක් නෙවේ...!!

      Delete
  29. බලන්න කිරිල්ලි ඔයා කොයිතරම් හොඳ නැද්ද ???? ඒ තරම් හොඳ කොල්ලෙකුට මල් තියල වඳින්න ඕනේ.....හිකිස්........

    පව් අප්පා..බිත්තියෙ සීතලට විතරයි නින්ද යනව ඇත්තේ

    ReplyDelete
    Replies
    1. ඔව් මල් තියල වඳින්න තමා මම පෙරුම් පුරාගෙන බලාගෙන උන්නෙ...කොහෙද රහත් වෙන්න කලින් කෙහෙල් කැන වැට පැන්නනෙ......

      Delete
  30. ඔයාගෙ කතා සෙට් එකේ උපරිම ගතියක් තියන කතාවක්.. නියමයි
    බෝනික්කියෙක් වගේ ලස්සන කෙල්ලෙක් // :- හී හී ඇත්තමද ආ,,,

    ReplyDelete
  31. අපෝ රාජ් තොත්ත බබෙක්නෙ,

    // බෝනික්කියෙක් වගේ ලස්සන කෙල්ලෙක් //
    මේකනම් විශ්වාස කරන්න අමාරුයි,හැම බෝනික්කෙක්ම ලස්සනද?

    ඔය රාජ් කියන පූස් පැටියගෙ ගම මාරවිලද,අපි දන්න කියන පොරක්ද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. නෑ..හැම බෝනික්කම ලස්සන නැහැ.....බර්බිලාට පස්සෙ ආපු බ්‍රැට්ස්ල ට තමා මම ගොඩාක් ආස.......
      රකුස මාරවිල නෙවේ....දංකොටුවෙ...!

      Delete
  32. මෙහෙම අය මූනූ පොතේ ගොඩක් ඉන්නවා.මගේ යාලුවෝ ගොඩකට එහෙම අය හමුවෙලා තියෙනවා. කිරිල්ලිට හමුවෙලා තියෙන්නෙ එක්කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. මෙයා බ්ලොග් කාරයෙක්....මාව අල්ලගත්තෙ ඒකෙන්.....

      Delete
  33. මාර චරිතයක් නේ.. පොරගේ බෙල්ල හීනියි වගේ..

    ReplyDelete