My Blog List

Thursday 16 February 2012

මිනිත්තු 15........

සති දෙකක පිටරට සංචාරයක් සඳහා අද (15) අනුත්තරා ලංකාවෙන් පිටත් උනා....ඊයෙ එයා මට කිව්වා එයා වෙනුවෙන් ඔයාල සියලුම දෙනාට සතුටත් ආදරයත් පිරුනු වැලන්ටයින් දිනයකට සුභ පතන්න කියලා..එහෙනම් ඔන්න හැමෝටම අපි දෙන්නම සුභ පැතුවා..!! ඒ එක්කම ඊයෙ දවස පුරාම ඊමේල් වලිනුත්,ලස්සනම ලස්සන වැලන්ටයින් කාඩ්ස් එවල මට සුභ පතපු මගෙ ආදරණීය යාලුවන්ට මම ආයෙමත් ස්තූති කරනවා......දවසක් ප්‍රමාද උනා තමයි...ඒත් ටිකක් ප්‍රමාද වෙලා හරි එන්නෙ සුභ පැතුමක් නම්......කමක් නෑ නේද??

ඉතින් එදා අර ''බිත්තියෙ සීන් එකට'' පස්සෙ.....(අළු පාට හැන්දෑව 25..)



මම අන්ද මන්ද වෙල උන්නෙ..ඇත්තටම මෙයා මොන වර්ගයේ පිරිමියෙක්ද කියන ප්‍රශ්නයෙන් මම අවුල් වෙලා උන්න....මට මං ගැනම දුක හිතුනා..මෙච්චර කාලෙකට ''මට ඔයාව හමුවෙන්න ඕනෙ...මට ඔයාව බලන්න ඕනෙ'' කියල නිකමට වත් කියන්නෙ නැති මේ පුද්ගලයා ගෙ ආදරේ ගැන කෝම විශ්වාශයක් තියන්නද? ඒත් මම එයාව අවිශ්වාස කරන බව දැනුන හැම මොහොතකම උනේ අපි අතර රන්ඩුවක් ඇති උන එක පමනයි....

මා ගැන ගෙදර අයට කියන්න තරයේම අකමැති උන එයා  ආදරය ගැනවත්,අපේ අනාගතය ගැනවත් එක වචනයක් මා සමග කතා කලේ නැහැ...ඒ වෙනුවට ෆිල්ම් ගැන සින්දු ගැන බ්ලොග්ස් ගැන මූනු පොතේ දෙවල් ගැන අනුන්ගෙ ඕපදූපයක් ගැනම තමා එයා නිතර කතා කලෙ........

නමුත් උදාහරනත් එක්ක එයා මට නිතර පැහැදිළි කලේ,''ආදරේ පෙන්වන ආදරෙයි ආදරෙයි කියන අය ඇත්තටම ආදරේ කරන්නෙ නැහැලු..එයාල එහෙම කියනවලු....ඒත් ආදරේ දන්වන්නෙ නැතුව ඉන්න අය තමාලු ඇත්තටම ආදරේ කරන්නෙ..''..ඒ කියන්නෙ මෙයා මට ඇත්තටම ආදරේ කරන බවයි....!

මෙයාගෙ ගුප්ථ රහස් ජීවිතේ ගැන මෙයාගෙම කටින් අල්ලගන්න මම යම් යම් උපායවල් යොදපු අවස්තා තිබුන...දවසක් මම එයාගෙන් මෙහෙම ඇහුව......
''..මේ ඒක නෙවි මැරි කලාම ඔයාට බබාල කී දෙනෙක් ඕනෙද?..''
''..ම්ම් මට දෙන්නෙක් ඕනෙ..ඔයාට?..''
''..අපෝ මට නම් එක්කෙනෙක් ඇති..''
''..නෑ..නෑ..පවුලකට ලමයි දෙන්නෙක් ඉන්න ඕනෙ..''
''..හ්ම්ම්...මේ ඒක නෙවේ.. මම කියන්නම් අපි වැඩක් කරමුද?..''
''..මොකක්ද?..''
''..අපි දෙන්න හොරෙන් පැනල යමුද?..''
''..ඒ මොකටද?..''
''..මොකටද කියල අහන්නෙ? මට ඉක්මනින් බබෙක් හදා ගන්න ඕනෙ..''
''..පිස්සුද ඔයාට?...ඔයාට තාම 20 යි..ඔයා තව 5 ක් ඉන්න ඕනෙ..ඔයා තාම පොඩි ලමයෙක්..තේරුනාද?..''
''..අවුරුදු 5 ක්?  ඒ මොකටද එච්චර කාලයක්?..''
''..මම තාම ඉගෙන ගන්නවා..තව ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් හොයා ගන්න ඕනෙ..කෝ මට සල්ලි ඔයාට කන්න අඳින්න දෙන්න?..''
''..ඇයි ඔයා කරන ඔය ජොබ් එක? ඔයාට මාසෙකට රුපියල් විසි දෙදාහක් හම්බ වෙනව කිව්වෙ?..''
''...........''

ඔන්න මේ අතර ආයෙමත් දවසක් මෙයා මුලු දවසම අතුරුදහන් උනා...එදා රෑ මගෙ පෝන් එකට පනිවිඩයක් ආව..''..මාව බයික් එකෙන් වැටුනා අත ටිකක් තුවාලයි..අවුලක් නෑ..''
පහුවදා උදේ ඔන්ලයින් ඇවිත් කිව්ව  ඔෆිස් එකේ අයිය කෙනෙකුගෙ බයික් එකෙන් ලෝයර් කෙනෙක් ගාවට ගියාලු එද්දි හරස් පාරකට දානකොට ලිස්සල වැටුනලු..අතට බෙහෙත් බඳින්න ''ලුනුවිල වෙදමහත්තයා ගාවට යන්න'' ලෑස්තිය කිව්ව.හ්ම්ම්ම්ම්....මම කල්පනා කලා මීගමුවෙ ඉන්න කෙනා අතට බෙහෙත් ගන්න යන්නෙ ලුනුවිල...!
''..ගෙදර ඉඳන් ගොඩාක් දුරද ලුනුවිලට?..''
''..නෑ ගෙදර ඉඳන් මිනිත්තු 15 යි..''

පුදුමම වැඩේ කියන්නෙ එයාගෙ ගෙදර ඉඳන් එයා යන ඕනෙම තැනකට ගත උනේ මිනිත්තු 15 ක් විතරයි හැමදාම...!
ගෙදර ඉඳන් බීච් එකට මිනිත්තු 15.
ගෙදර ඉඳන් ඔෆිස් එකට මිනිත්තු 15.
ගෙදර ඉඳන් පල්ලියට මිනිත්තු 15.
මල්ලි ඉන්න කනත්තට මිනිත්තු 15.
අම්ම එක්ක ටවුන් එකට යන්න මිනිත්තු 15.
අයිය හදන අලුත් ගෙදරට මිනිත්තු 15.
අම්මගෙ අම්ම ඉන්න ගෙදරට මිනිත්තු 15.
මාමලාගෙ ගෙදරට යන්න මිනිත්තු 15.
අයියගෙ නෝනගෙ මහ ගෙදරට මිනිත්තු 15.
හැරල්ඩ් අංකල්(නිල්මිනි ගෙ.)ගෙදරට මිනිත්තු 15.

තව ගොඩාක් තිබුනා ඔය 15 කතන්දර...අපි රන්ඩු උන වාර අනන්තයි ඔය 15 නිසා......

''..ඔයා ඇයි බොරු කියන්නෙ ඉන්නෙ මීගමුවෙ කියල? ඇයි මට ඇත්ත කියන්න බැරි?..''
''..මම මොනාද ඔයාට කියන්න ඕනෙ? අපි ඉන්නෙ මීගමුවෙ..ඇයි ඔයාට මාව අවිශ්වාස? කවදද ඔයා මම කියන දෙයක් විශ්වාස කලේ?අපි ඉන්නෙ මීගමුවෙ..වෙන මොනා කියන්නද මම?..''

අතට බේත් බැඳගෙන ඇවිත් සති දෙකක් විතර ගෙදර උන්න එයා ඔෆිස් එකෙන් නිවාඩු දුන්න කියල...ආයෙමත් ඔෆිස් යන්න පටන් අරන් ටික දවසකින් ඔන්න දවසක් මහා දුකකින් කතා කරන්න පටන් ගත්ත...
''..මම ඉන්නෙ අද හරිම දුකෙන් ඔයා දන්නවද මම අද දැක්ක මගෙ බයික් එක..''
''..ඒ කෝමද..කොහෙදිද?..''
''..ඒක මගෙන් ගත්ත අයියව හමු උනා මට අද බයික් එකත් එක්කම..අනේ ඌ ඒක හප්පගෙන පැත්තක් කඩාගෙන..බලන්න දුකේ බැහැ..අනේ මම කෝම තියාගෙන උන්න බයික් එකද..හ්ම්ම්ම්..''
''..හ්ම්ම්ම්..මොනා කරන්නද ඉතින්..''
''..අනේ මම ඒ මගෙ බයික් එකට හරිම ආදරෙයි..මට හෙන දුකයි..ආයෙ කව්ද ගන්නද එහෙම එකක්?..''

ඊට කලින් වතාවෙ නම් ලැප් එක ගැන කියල නහයෙන් අඬද්දි මම එකක් අරන් දෙන්නම් කිව්වනෙ...මේ වෙලාවෙ නම් මම ඒක ගානකට වත් ගත්තෙ නැහැ...

''..හ්ම්ම් මම නම් ඔය බයික් වලට ආසම නැහැ..''
''..ඇයි ඔයා ආස නැද්ද බයික් එකක් අරන් මගෙ පිටිපස්සෙන් ඉඳගෙන යන්න?..''
''..නෑ..නෑ මම ආසම නැහැ..''
''..ඒ උනාට වෙන කෙල්ලො ආසනෙ පිටිපස්සෙන් ඉඳගෙන කොල්ලව බදාගෙන එල්ලීගෙන යන්න..''
''..ඔව් ඒ වෙන කෙල්ලොනෙ,ඒත් මම ආස නැහැ..බයික් වල කොල්ලන්ගෙ පිටේ නැගල යන්න..''
''..එහෙනම් ඔයා ආස කෝම යන්නද?..''
''..මට ඕනෙ කාර් එකක යන්න..මට හොඳට ඉඳගෙන පාඩුවෙ යන්න ඕනෙ..''
''හා..අපි එහෙනම් කාර් එකක් ගම්මුකො..ඔයා එනව නේද මා එක්ක ඒකෙ යන්න?..''
''..බලමු..''

තාමත් මාව හමුවෙන්න හමුවෙල කතා කරන්න ඕනෙ කියන්නෙ නැති මිනිහ මා එක්ක කාර් ගන්න ඒවල යන්න කතා කරනව....ඇත්තටම මම උන්නෙ පුදුම කලකිරීමකින්.....ඒ විතරක් නෙවේ මට දැනුනෙ නිකම් මම මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙනව වගේ හැඟීමක්...!!.

71 comments:

  1. හොඳ වෙලාවට ඔයාට කාලයත් එක්ක හැම දෙයම ටික ටික තේරුම ගන්න පුළුවන් වුනේ.මං හිතන්නේ ටයිම් පාස් කරන්න ඔයාව තියාගෙන් ඓන්න ඇත්තේ.එහෙම නැත්නම් ලොකු වාසියක් ගන්න ඔයාගෙන්.ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා.

    අනුත්තරාට සුභ පැතුවා කියන්න විදෙස සංචාරයට..

    ReplyDelete
    Replies
    1. මාව තියාගෙන උන්නෙ කැත අවශ්‍යතාවයන් 4 ක් ඉටුකර ගන්න....ඉදිරියෙදි කියන්නම්.....

      හා මම එයාට කියන්නම්....

      Delete
  2. //ඇත්තටම මම උන්නෙ පුදුම කලකිරීමකින්.....ඒ විතරක් නෙවේ මට දැනුනෙ නිකම් මම මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙනව වගේ හැඟීමක්...!!.//

    ඔන්න දැන් නම් කතාව නියම තැනට ඇවිල්ලා.... මට හරි ආසයි මෙතැන ඉඳලා උනු දේ දැනගන්න, පුළුවන් ඉක්මනට.... :D

    මමත් අනුත්තරාගෙ විදෙස් සංචාරයට සුභ පතනවා.... !!

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නම්...මේක ලියන්න ගියාමත් මාව නිකම් මානසික ලෙඩෙක් වගේ වෙනව අනේ....
      අනුත්තරා මේක බලාවි එයාට වෙලාවක් ආවොත්...ඔය ට්‍රිප් එකේදි නම් මෑන් කොම්පියුටර් එකට එන එකක් නෑ කියල තමා මට හිතෙන්නෙ.....

      Delete
  3. ඔයත් ඉඳගෙන අර අඬන්ඩ ඉන්න එවුන්ගේ ඇහැට පයින් ගහනව වගේ වැඩනේ කොරන්නේ..... හරි හරි හරි..තව ටික දවසකින් කාර් එක ගන්න සල්ලි මදි කියල හැරෙන තැපැලෙන්ම කියන්නේ නැතැ..අපේ රාජ් කොලුව..ඔන්න ගොනා පොල් පැලේ කන්ඩයි සැරසෙන්නේ..කන්ඩායම සීරුවේන්

    ReplyDelete
    Replies
    1. හෙ හේ...එක පාරම පැනපු ගමන් පොල් පැලේ කන ගොනෙක් නෙවේ මෙයා....ඉස්සර වෙලා දෙතුන් පාරක් පොල් පැලේ ගාවට ඇවිත් හැරිල යනව ''මට නෙවේ'' වගේ.......ඊට පස්සෙ..පොල් පැලේට ම දුක හිතිල පොල්පැලේ කියනවා..''අනේ ඔයාට බඩගිනි නේද? කන්න මාව'' කියල...ඊටත් පස්සෙ ''අනේ එපා මම කෑවොත් පව්නෙ ඔයාට රිදේවි'' කියල ආයෙත් ආපහු යනවා....ඊට පස්සෙ..????

      Delete
  4. අකමැත්තෙන් වුනත් කියන්න ඕන කිරිල්ලි මිනිත්තු 15 එයා ගැන නොවුනත් ලෝකේ ගැන එකම ඇත්තක් කියලා තියෙනවා කියලා. ඒ තමයි ආදරේ පෙන්වන ආදරෙයි ආදරෙයි කියන අය ඇත්තටම ආදරේ කරන්නෙ නැහැලු.මොකද මම ඔය අත්දැකීම හොදින් අත් විදපු කෙනෙක්. මගේ එකම ආදරය මගේ වෙයි කියලා මම හිතන් හිටිය මහත්තයා එයා මම නැත්නම් මැරෙනවා කිව්වා. නිතරම එයා මට ආදරෙයි කියලා ඔප්පු කරන්න හැදුවා. ඒත් මම හුගක් නිහඩව හිටියේ. මම ඒ දවස් වල හිතන් හිටියේ මම එයාට ආදරේ නෑ කියලා. ඒත් මට දැනුයි තේරෙන්නේ මාස 6ක් ගිහිල්ලත් මට එයාව අමතක කරන්න බැරුව ලතවෙද්දි මම කොයි තරම් එයාට හිතින් ආදරේ කරලා තියෙනවද කියලා. ඒත් එයා ? වැඩක් නැ ඔව් ගැන කියලා. දුක වැඩි වෙනවා එක විතරයි කිරිල්ලි වෙන්නේ.
    ආ අනූට සුභ පැතුවා කියන්න. ඒවගේම පරිස්සමින් ගිහින් එන්න කිව්වා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..බොරුව.....
      ඇත්ත අතේ තියන් අපිට පෙන්වලා ඒකටම මුවා වෙලා තමා බොරුව එන්නෙ...

      Delete
  5. ලෑන්ඩ්සේල් කාරයෝ වගෙයි. කොළඹට විනාඩි මෙච්චරයි... නුවරට විනාඩි අච්චරයි.... බැලුවම හැම තැනටම කිට්ටුයි.

    ReplyDelete
    Replies
    1. එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා...ඊට පස්සෙ එතන් තියෙන්නෙ හරිම 'අවලස්සන' කතාවක්.......

      ඇත්ත තිත්තයි..ඒත් සදහටම සුන්දරයි මට නම්....

      ඒත් ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද?

      Delete
  6. මේ රාජ් ගැන මුලින්ම විස්තර නොකියල තිබුනනම් මේක කියවන ගොඩාක් දෙනෙක්ට තාමත් රාජ් කියන්නෙ මේ කතාවෙ ගොඩක් දෙනෙක් කැමති හොඳම චරිතය වෙයි නේද කියල සමහර වෙලාවට හිතනව..එහෙම බලද්දි ඔයා ටිකෙන් ටික හරි මේ දේවල් ගැන රාජ්ට තිබුන ආදරේ අමතක කරල මොලෙන් බලන්න පුරුදු වුන එක ලොකු දෙයක්..

    මමත් ඇනුත්තරාගෙ සංචාරයට සුබ පැතුව කියන්නකො..

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිහිප වතාවකදි කිව්ව වගේ, මේ කතාවෙ රාජ්ගෙ ඇත්ත ස්වභාවය ගැන කිසිම ඉඟියක් නොදී,මේක මුල ඉඳන් 'මගේ ආදර කතාව' විදියට ලිව්ව නම්,මේ කතාවට මීට වඩා ලොකු ප්‍රසිද්ධියක් වගේම ජනප්‍රියත්වයකුත් මේ වෙද්දි ලබා ගන්න තිබුන මට....ඒ වගේම රාජ් ට මුලු ලෝකයාගෙම අනුකම්පාව හිමි වෙලා,මාව ඔයාලට 'දෙව් දුවක්' වගේ පේන්නත් තිබුනා.....

      ඒත් විශ්වාස කරන්න.....මගේ පැතුම ඒක නෙවේ....තව තවත් ප්‍රමාද වෙන්න කලින් මේ රකුස ගෙන් තවත් කෙනෙකුට මට උන 'වින්නැහියම' වෙන්න ඉඩ දෙන්න බැහැ...මම මෙහෙ 'ආදර කතා' ලිය ලිය ඉන්න අතරෙ මේ යක්ශය තව කීදෙනෙක් බිලි ගනීවිද කියල කවුද දන්නෙ?

      ඉතින් ඒ නිසයි මම මේ කතාව මෙහෙම ම පටන් ගත්තෙ...

      Delete
  7. අක්කේ මම හැමදාම කියවන කතාවක් තමයි මේක. හැබැයි එක දෙයක් කියන්නම් තරහා වෙන්න නම් එපා. කතාව ගොඩක් දික් ගස්සන්න එපා, එතකොට බෝරිං වෙයි. ඔයා කතාව ඉවරවෙන විදිහ දන්නා නිසා ඔයාට එක තේරෙන්නේ නෑ. ඒත් මෙහෙම අදුනොත් කතාව එක තන පල් වෙනවා වගෙයි. ඒ නිසා පුලුවන්නම් අපිට කතාවේ අවසානය ගැන ඉගියක්‌ වත් දෙන්න උත්සහ කරන්න.

    ReplyDelete
    Replies
    1. මේකයි මල්ලි..මටත් ඉවසුමක් නැහැ ''මෙයාගෙ ඇත්තම කෙරුවාව'' ඔයාල ඉදිරියෙ කියල දානකම්....මේක අවුරුදු එකහමාරක් දිග කතාවක්..ගොඩාක් දෙබස්,අපේ කතා අඩු කරල විශේසයි කියල හිතුන සිදුවීම් එක්ක විතරයි මම මේක ලියන්නෙ...මේ පුද්ගලයා ''අමුතුම මානසික තත්වයක්'' තියන ඒ වගේම බොරුවෙන්,වංචාවෙන්ම ජීවත් වෙන කෙනෙක්...ඒ වගේම මේ මිනිහගෙ ඒ අමුතුම මානසික තත්වයත් ඔයාලට පැහැදිලි කරන්න ඕනෙ නිසයි මේ තාක් කල් මේ විදියට ලියන්න සිද්ද උනේ....මෙයා වගේ තව කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති....''වන් ඇන්ඩ් ඔන්ලි''........

      හොඳයි..මම තවත් ඉක්මන් කරන්නම් අවසානයට එන්න.....

      Delete
    2. පෞද්ගලිකව මටනම් මේ කතාවේ එපාවිමාක්නම් නැහැ.ඔයා කථාව කෙටි කරන්න යනවනම් මෙතෙක් ආපු කතාවේ රසයට බද නොවෙන විදියට ලියන්න.මොනවා උනත් මේ කතාව වැදගත්...

      Delete
    3. මේ අරුම පුදුම රකුස ගැන සියලුම තොරතුරු ඔයාලට කියන්න ඕනෙ කියලයි මම හිතුවෙ...හ්ම්ම් පුලුවන් තරම් උත්සාහ කරන්නම් ඔක්කෝම කියන්නත් ඉක්මනින් ඉදිරියට යන්නත්...........

      Delete
  8. හෆ්ෆා.... මම ඒථ් කියවගෙන යනකොට බය වුනේ, කිරිල්ලි කියයි කියලා" ඔයා දුක් වෙන්නෙපා රාජ්..මම ඔයාට බයික් එකක් ගන්න සල්ලි එවන්නම් " කියලා.. වෙලාවට කිරිල්ලියාට මොලේ පෑදුනෙ..:/ නැත්තම් මෙතන මට යකා නැගලා නවතින්නෙ.

    ශුවර්!!! රාජ් මානසික රෝගියෙක්...

    අනුත්තරාට සුභ පැතුවා කියන්න කිරිල්ලී!!!

    ප.ලි- කිරිල්ලිගෙ මේල් එක මම දන්නෙ නෑනෙ.. :( :(

    ReplyDelete
    Replies
    1. හී.හී......ඒකත් මගෙ කටින්ම කියව ගන්න තමා වැඩේ ප්ලෑන් කලේ.....බලන්නකො ඉස්සරහට ලෙඩාගෙ සයිස් එක.......මේල් එක දෙන්නම් මම.......

      Delete
  9. pls write quickly. cant wait till end of the story

    ReplyDelete
  10. ඇත්තමයි මට තේරුණ මදි මං හිතන්නෙ... කලින් ඒව බලලම එන්නම්කො .. එතකොට පැහැදිලි වේවි...

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට ඔයා මුලදි බැලුව මේක ..එහෙම නෙවේද? හරි එහෙමනම් බලාගෙන එන්නකො........

      Delete
    2. මම ඔක්කොම කතා ටික බැලුව නංගෝ... දැන්නම් තේරේණවා... මට කේන්තියි ඔයා ගැන.. ඔය හැටි මෝඩ වුණේ කොහොමද ? ඔයාට තිබුණ ලංකාවේ කාටහරි කියල පොඩ්ඩක් හොයල බලන්න ආදරේ කරන්න කලින්... දැන් වුණු දේ වෙලා ඉවරයි.. ඔයා හිත හදාගෙන නිසානෙ මේක මේ විදියට ලියවෙන්නෙ... ඒ ගැන සතු‍ටුයි.. ඔය වෙච්චි දේ ගොඩක් අයට හොද පාඩමක් වේවි.. ...

      Delete
    3. මම මේකෙ උඩින් 'සිත් රූ සිහින' ට දීල තියන පිළිතුර බලන්න.

      මේ කතාව මේ විදියට ලියන කොට මම 'මෝඩයෙක්' වෙනවා ඉබේම..ඒක මට තේරෙනවා..ඒ රිස්ක් එකට මූන දෙන්න බලාගෙන තමා මේ විදියට පටන් ගත්තෙ ලියන්න......මම හිතුවෙ මම ගැන නෙවේ.....පරක්කු වෙන්න කලින් තව කාට හරි මේක පාඩමක් වේවි.......ස්තූතියි ඔයාට..දිගටම කියවන්න....

      Delete
  11. අසරණයාගේ කතාවත් එක්ක මාත් එකගයි.. මොන හේතුවක් උනත් ඒදේ නරකට යන්න කලින් ඔයාලා තේරුම් ගත්ත එක හොදයි.. ඉතිරියත් බලමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්....ඉතිරිය ලියන්නම් ඉක්මනින්.....

      Delete
  12. මම ඔයාගේ කතාව මුල ඉදලම කියෙවුවා.ඒත් කමේන්ට් එකක් දාන පළමු වතාව.ඉන්ටර් නෙට් එකෙන් මුණ ගැසුනු කෙනෙක් තමයි මගේත් සහකාරයා වෙලා ඉන්නේ.ඒක 100% නිවැරදි තේරිමක්.ඒත් ඉන්ටර් නෙට් එකෙන් මුණ ගැහෙන බොහෝ දෙනෙක් බොරුකාරයෝ,ඒ වගේම ගොඩාක් හොද මිනිස්සුත් මුණ ගැහෙනවා.ඔයාට හම්බ වුන රාජ් නම් නොම්බර 1කේ බොරුකාරයෙක්....අසරණයි කියලා ඔයාට පෙන්නලා ඔයාව මුලා කරලා..අසරණයි කියලා වැඩිපුර පෙන්නගෙන ඉන්න උන්ට අනුකම්පා කරන්න ගිහින් භූමිකම්පා වෙන්නේ අපිටමයි.ආදරේ කරන්න කලින් පොඩ්ඩක් රිද්දලා බලන්න ඕනේ එකට එයාලගෙන් ලැබෙන ප්‍රතිචාරය...එයා මනුස්සයෙක් වගේද යක්ෂයෙක් වගේ ද කියලා මුලින්ම තීරණයක් ගන්න පුලුවන් එතකොට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි..ඉන්ටර්නෙට් එකෙන් හමු වෙන හැමෝම හොරු බොරුකාරයො කියන්න බැහැ...මගෙ යාලුවො ඉන්නව ඔයා වගේම 100% සාර්තක සම්බන්ධතා ඇති අයත් විවාහ වෙලා සතුටින් ඉන්න අයත්....ඒත් මගේ කතාවෙ ඉන්න රකුසා හරීම ''අවාසනාවන්ත'' හොරෙක්..!!.....එයාට නැති උනේ මොනාද කියල එයාවත් දන්නෙ නැතුව ඇති................

      සතුටුයි ඔයා කතාව කියවන්න ආවට..ස්තූතියි...!

      Delete
  13. අපේ එකෙක් හිටියා ඌව මතක් උනා..

    උගෙන් මොකක් ඇහුවත් හරි 25 හම්බවෙනව ඕක තමා උත්තරේ

    හැබැයි පට්ටපල් බොරු කියන්නෙ....:)

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයත් එහෙම තමා...පට්ටපල් බොරු...මට විතරක් නෙවේ එයාගෙම ගෙදර අයටත් කියන්නෙ බොරු...!

      Delete
  14. අපි ඔක්කොම මානසික රෝගියෝ තමයි එක අතකට~

    ReplyDelete
    Replies
    1. ඔව් සබිත් එක අතකට....ඒත් මෙයා ට තිබුනෙ දරුනුම එකක්....!

      Delete
  15. ගොඩක් ප්‍රශ්න වලට කාලය විසින්ම උත්තර සපයනව කියන කතාව ඇත්ත.කොහොමත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන එක සමන්‍ය දෙයක් නෙ.හැබැයි අර විනාඩි 15 කතාව නම් පන්කාදු පහයි.මනුස්සයගෙ හැමදේම විනාඩි 15ද දන්නෙ නෑ.

    කෝ අරක දැම්මෙ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔව්..හැමදේම 15 තමා.......'අරක' මගක් ගිහින් නතර උනා....ඊට පස්සෙ තේරෙන්නෙ නැහැ...අහගන්න එන්නම්......

      Delete
  16. විනාඩි 15 කතාව නම් සාමාන්‍ය එකක් වෙන්න ඇති.සමහරු කට පුරුද්දට කියන්නේ එකම දේ.ඒක ගැන නම් එච්චර ගණන් ගන්න දෙයක් නැහැ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ..ඒකට හේතුවක් තිබුනා.....

      Delete
  17. අපෝ නංගෝ ඔය මොන මානසික ලේදෙක්ද.. මටනම් හිතාගන්නවත් බැහැ.. ඔහොම මිනිස්සු ඉන්නවාද කියලා

    ReplyDelete
    Replies
    1. මොකා..? මානසික ලේනෙක්..? හී.හී......ඔයාලට තාම 10% වත් තේරුනේ නැහැ මේකගෙ ලෙඩේ...ඉක්මනින් අවසානයට එන්නම්කො.....

      Delete
  18. දැන් හැමදාම මම මේක කියවනව විතරයි, රාජ්ට බනින්නෙත් නෑ. ඉවරවෙනකම් කියවනවා... මේ සමහරවිට එයාට ටයිම් මැශින් එකක්වත් තිබුනද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හොඳ ලමය.! පව් එයාට බනින්න එපා.!අහිංසකයෙක්,අනාථයෙක්,අද නැත් නම් හෙට මැරෙන්න ඉන්න ලෙඩෙක්,ඉක්මනින් අවසානයට එන්නම්..පොඩ්ඩක් ඉවසන්න...!!

      Delete
  19. කතාව ඉවර වෙනකම් කියවනවා අක්කේ,හැමදාම වගේ Comment එකක් නොදැම්මට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..මාත් ඒ පැත්තෙ එනව නිතරම....

      Delete
  20. ලැපයි මාලෙයි කාර් එකයි...හප්පා තව මොනවද අරං දුන්නේ....ටකස් ගාලා එන්නං ටොයිලට් එකට ගිහිලා විනාඩි 15 දුර....

    ඒක නෙමේ අනුත්තරාව මතක් කරා කියන්න....

    ReplyDelete
    Replies
    1. ඕවා මොනවද..ඊට වඩා ගොඩාක් වටින දේවල් එයා නැති කර ගත්තෙ..
      පැම්පස් එකක් ඇඳගෙන ඉන්න..වි.15ක් දුර නම් ටොයිලට් එකට.....!

      Delete
  21. හැමදාම වගේ රාජ් ගැන ඇතිවෙච්ච හිතේ අපුලෙන් කතාව කියෙව්වා
    ඒ යකානම් කොහෙද යන පිස්සෙක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. පිස්සු පාට් එකක් අවශ්‍ය වෙලාවට දාන කපටි හොරෙක්...!!

      Delete
  22. රාජ් මේක බලනවනම් එයාට තේරුම් යයි එයා කරල තියෙන්නෙ කොච්චර වැරැද්දකද කියල....ඒත් අනේ මන්ද....

    තවකෙනෙක්ගෙ ජීවිතයක්, ආදරයක් එක්ක සෙල්ලම් කරන එකනම් මහම මහ පව් වැඩක්.....ඒ වගේ සිද්දියකට මුහුණ දීලත් දැන් ඔයාගෙ හිත හයියක් තියෙනව දකිද්දිත් පුදුමයි..ඔයා අද ඔහොම දුකකින් නැතිව ඉන්නවනම් ඒක සතුටක් යාලු...

    ReplyDelete
    Replies
    1. හරි වැරදි තේරෙන්නෙ පිරිසිදු හිත් තියන අවංක මිනිස්සුන්ට....සත්තුන්ට ඒවා තේරෙන්නෙ නැහැ........නෑ එහෙම කියන එකත් වැරදී සත්තු අඩුම ගානෙ කෙලෙහි ගුන දන්නවා, උන්ට තේරෙනව කන්න දුන්න අත හපා කන්න හොඳ නැහැ කියල.......

      Delete
  23. කෙල්ලෙක් අවුරුදු 20 න් බදිනවට නම් මම කැමතිත් නැ...

    කොහොම උනත් මට මේ කොල්ලව නම් තේරුම් ගන්න බැ... කිරිල්ලි මොඩියක් වෙලා කර් එකක් එහෙම අරන් දුන්නේ නැ නේද?

    ReplyDelete
    Replies
    1. 20 න් බඳින්න? පිස්සු හැදිල ආයෙත් හැදෙයි...!!
      කාර් එකකට වඩා ගොඩාක් වටින දේවල් එයාට ලැබෙන්න තිබුන..වංචාකාරයෙක් නොවුනා නම්..!

      Delete
  24. අම්මප අක්කේ ඔය රාජ් කාරයව පෙර පාසලකටවත් දාමුකෝ

    ReplyDelete
    Replies
    1. පෙර පාසැලකට නෙවේ මල්ලි..පිස්සන් කොටුවට දාන්න කියල මම එයාගෙ ගෙදර අයටත් කිව්වා...මේ කතාව බලලවත් ඒ මිනිස්සු මම කියන දේ කලොත් ලොකු යහපතක් පවුලට.....!!

      Delete
  25. "මට දැනුනෙ නිකම් මම මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙනව වගේ හැඟීමක්...!!."
    කිරිල්ලිට මේක දැනෙන්න කල් ගියා වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. මුලදි එහෙම හිතුවෙ නැහැ..මම හිතුවෙ, අසරණයෙක්,අනාතයෙක්,ලෙඩෙක්,සමාජයෙන් කොන් වෙලා උන්න කෙනෙක්..ප්‍රශ්න ගොඩාක් එක්ක ජීවත් වෙන කෙනෙක්, එහෙම වෙන්න ඇති කියල..........

      Delete
  26. ගේ කේන්ද්‍ර කරගෙන ඔය සේරම වෘත්ත්යක පරිධියේ තිබ්බද දන්නේ නෑ. එතකොට නම් එක සමාන වෙලාවක් යයි. හික්ස් :)
    අපෝ එක ළමයෙක් නම් මදී !!!! අඩුම තරමේ ළමයි තුන් දෙනෙක්වත් ඉන්ඩ ඕනා !!!

    ReplyDelete
    Replies
    1. ගේ කේන්ද්‍ර කරගෙන නෙවේ බොරුව කේන්ද්‍ර කරගෙන වටේට බොරු කිව්වා....!
      ළමයි 3 න් දෙනෙක්? ඩොල්පින් වෑන් එකකුත් ගන්න එහෙනම්....:)

      Delete
    2. ඩොල්පීන් වෑන් එකක් නෙමෙයි බස් එකක් හරි ගන්නවා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවනම් !!!
      අපි බලමුකෝ වින්චැටුත් බිත්තර දාන්න ගියහම !!! හික්ස් :)

      Delete
    3. එක බිත්තරයයි..එකම එකයි..!!

      Delete
  27. අනුත්තරා ලස්සනද ? රාජ්ගෙනම් හිතත් කැතැයි නොවැ.. ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. ඔයා මොකටද අනුත්තරාගෙ ලස්සන හොයන්නෙ...ඔන්න මධුරංග අයිය ඇහුව නම් තව කමක් නැහැ කිව්වෑකි......:)

      Delete
    2. මොකක්ද හෆ්ෆා ඒ මධුරංග අයියාගෙයි,අනුත්තරාගෙයි කතාව??

      Delete
    3. හික්ස්..කතාවක් හදන්නයි හැදුවෙ මම....මේල ආවද?

      Delete
  28. විනාඩි 15 ටත් හේතුවක් තිබුනද. අනේ මන්ද. ඔයාට පිස්සු නොහැදී බේරුනා ඇති.

    ReplyDelete
    Replies
    1. තිබුන නේන්නම් අනේ....එක බොරුව වහන්න බොරු 1000 ක් කියන්න වෙනවා...ඉතින් එයා කිව්වා.......

      Delete
  29. මමත් මේක ආසාවෙන් කියවනවා..අනුත්තරාට සුබ පතනවා..මොකක්ද මේ විනාඩි 15..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට....මේක ඇවිල්ල මෙයාගෙ ගේ කේන්ද්‍ර කරගෙන කියන දෙයක්....ගෙදර ඉඳන් ඕනෙම තැනකට මිනිත්තු 15.......මේ කියන්නෙ අමූලික බොරු.........

      Delete
  30. වැඩිපුර ඉන්නේ මෙහෙම අය නේද ඉන්ට්‍ර් නෙට් එකේ..

    ReplyDelete
  31. අනේ මන්දා එයාට ඔලුවේ අමාරුවක් තිබුනු බව මේ වෙනකොටවත් තේරිලා තියෙන්ට ඕනිනේද? අර විනාඩි 15 කතාවෙන්ම ඒක කිරිල්ලිට තේරුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මානසික ලෙඩෙක් වගේ,වෙලාවකට හොඳින් උන්න ඒ මිනිහව මොකෙක්ද කියල මට හිතා ගන්න බැහැ තාමත්........වි.15 කිව්වෙ කට පාඩමට...බොරු කියල පුරුදු වෙලා...

      Delete
  32. හැමෝටම ස්තූතියි මගේ ගමනට සුභ පැතුවට..මම ගියේ හිතේ තිබුනු ලොකු ආශාවක් ඉශ්ට කරගන්න...හිතූපරිදිම ඒ සියල්ලම ඔයාලගෙ ආශිර්වාදත් එක්කම ඒ අයුරින් ඉශ්ට කරගන්න පුලුවන් උනා.

    ReplyDelete