My Blog List

Saturday 28 January 2012

රකුසු මායම්..!!

 (අළු පාට හැන්දෑව 22..)
අර අභිරහස් සිද්දියෙන් පස්සෙ මොකුත් නොවුන විදියට රාජ් හැසුරුනේ..ඒ ගැන කථා කරනවට වත් එයා කැමති උනේ නැහැ..මම හිතුවෙ ඒ ගැන මතක් වෙද්දි එයාට හිතට අමාරු ඇති ඒ නිසා වෙන්න ඇති එහෙම හැසිරෙන්නෙ කියල.........
හැබැයි මේ කාලෙ වෙද්දි එයා මා එක්ක වෙනදට වඩා ගොඩාක් ආදරෙන් උන්නා..නිතරම වගේ මට ආදරෙයි කිව්වා...ඒත් මගෙ හිතේ ආදරයකට වඩා තිබුනෙ සැකයක්..!!..
මේ මාස ගානට මම ගොඩාක් මනසින් වෙහෙස වෙලා උන්නෙ,ඒ වගේම ලොකු පීඩනයකට පත්වෙලා උන්නෙ..ඒ මදිවට මේ සිදු උන හදිසි මුදල් නැතිවීමේ සිද්දියත් නිසා මම ගොඩාක් කැළඹීමකට පත් උනා.....ඔන්න ඔය විදියට මෙච්චර කාලයක් ''ආදරය'' විතරක් තිබුන මගෙ හිතට ''සැකය'' කියන හතුරත් ඇතුල් උනා..........

දවසක් මම ගූග්ල් එකේ රාජ්ගෙ සම්පූර්න නමින් සර්ච් කරද්දි,එයාගෙ නමත් එක්ක 'හෝම්' කියල ආව ඒක මැප් එකක්..මම ඒක සර්ච් කරද්දි ඒ ගූග්ල් මැප් එකේ මෙයාගෙ ගෙදර තිබුන තැන ලකුනු කරල තිබුන..ඒක තිබුනෙ මීගමුවෙ නම් නෙවේ..මම මෝඩය වගේ මෙයාගෙන් ඕක ඇහුව ''..ඔයාලගෙ ගෙවල් තියෙන්නෙ මීගමුවෙ නෙවේ නේද? මම දැක්ක ඔයාල ඉන්නෙ වෙන කොහෙද..''
''..පිස්සුද අනේ අපි ඉන්නෙ මීගමුවෙ  ඇයි ඔයාට මම කියන දෙයක් විශ්වාස නැත්තෙ?..ඒ නමින් ඉන්නෙ මම විතරද?..ඒ මම නෙවේ..''
එයා හැම වෙලේම කතා කලේ මෙයාව නිකරුනේ අවිශ්වාස කරනව කියල මම..මාව වැරදිකාරය කරල එයා කතා කරන්නෙ ඒ වෙලාවට..
මේ ගැන මම මගෙ යාලුවො කියල හිතා උන්න අයට කිව්වාම එයාල බැන්නෙත් මට...''..ආදරේ තියන තැන අවිශ්වාසයක් තියෙන්න බැහැ..උඹ ඇයි එහෙම අවිශ්වාස කරන්නෙ..ඒකෙන් දුක් විඳින්නෙ උඹම නේද?..''
ඔන්න ඔහොමයි යාලුවො මට කිව්වෙ...........
ඊට වඩා දෙයක් මට යාලුවන්ගෙන් ලබා ගන්න බැරි උනා...
ඊට ටික දවසකට පස්සෙ මම ආයෙමත් ගූග්ල් එකෙන් අර මැප් එක ගන්න ට්‍රයි කලත් ඒක ඒ වෙනකොට අතුරුදහන් වෙලා තිබුන...!

මේ දවස් වල ඩොක්ටර් නිල්මිනි ලන්ඩන් යන්න සූදානම් වෙනව කිව්ව එයත් එක්ක උපුලිත් යනවලු..
''..අද මට නිල්මිනි අක්කවයි උපුලිවයි හැරල්ඩ් අංකල්වයි හමු උනානෙ බම්බලපිටියෙදි..එයාල එම්බසිය ඇවිත් උපුලිගෙ වීසා එක ගන්න..මටත් කතා කලා එයාල එක්කම ගෙදර එන්න මම බැහැ කිව්ව..''
''..අනේ අපරාදෙ ඔයාට එන්නනෙ තිබුනෙ එයාල එක්කම ඇයි ඉතින් බැහැ කිව්වෙ..'' මම ඇහුව...
''..එයාල එක්ක කාර් එකේනෙ එන්න වෙන්නෙ එතකොට මම කෝමද ඔයා එක්ක වෙනද වගේ බස් එකේ කතා කර කර එන්නෙ?..''
හ්ම්ම්ම්..මට ඒ වෙලාවට නම් මෙයා ගැන පව් කියල හිතුන..ඔය කාලෙ මම උන්නෙ අසනීප ගතියෙන්..
((මම කවදාවත් මේ බ්ලොග් එකේ ලිව්වෙ නැහැ මගෙ අසනීප තත්වයක් ගැන..මොකද මම කැමති නැහැ මුල ඉඳන්ම, මම ගැන කවුරුවත් අනුකම්පාවෙන් මේ බ්ලොග් එක බලනවට.))
ඉතින් රාජ් මේ දවස් වල මාරවිල ''කුරුසපල්ලි'' ගියා කිව්ව මම වෙනුවෙන් බාර වෙන්න..තාත්තිගෙ කාර් එකේ කිව්ව එයා ගියෙ.....

මේ මොන දේ කලත් මට එයාව 100% විශ්වාස කරන්න නම් බැරි උනා..මේ නිසා මම හිතින් දුක් වින්ඳ තරම් අපමනයි..එයාගෙ පරස්පර විරෝධී කතා නිසා,සැක කටයුතු ගමන් නිසා..අදහන්න අමාරු කතන්දර නිසා අපි රන්ඩු උනා..ඒත් ඒ හැම අවස්තාවකම ආපහු සමාව ඉල්ලගෙන යාලු උනේ එයාමයි......එයා දිවුරුවා..මැරුන මල්ලි පල්ලයි,ජීවිතේ පල්ලයි කියල......
''...අනේ මාව ඔහොම අවිශ්වාස කරන්න එපා පැටියො..මම ඔයාට කොච්චර ආදරේද...මට ඒක ඔයාට දන්වන්න පෙන්වන්න විදියක් නැහැ..මට තේරෙන්නෙ නැහැ..මට කියන්න මම මොනාද කරන්න ඕනෙ කියල...'' ඔන්න ඔය වගේ රස කතා කියල මාව ආපහු යාලු කර ගත්ත එයා හැම අවස්ථාවකදිම.........ඒ වගේම මාව ආපහු යාලු කරගන්න තවත් උපක්‍රම පවිච්චි කලා එයා...එයාගෙ බ්ලොග් එකේ ඇඬූ කඳුලින් පෝස්ට් එකක් ලිවීම...එෆ් බී එකේ හඬා වැටිල මොනා හරි ලිවීම වගේ දේවල් එයා කලා......එතකොට ඒවා බලන අනිත් අය ප්‍රසිද්දියේම දොස් තිබ්බෙ මට...මැරුන මල්ලිව බලන්න කනත්තට ගිහින් ඇවිත් හඬාවැටීගෙන එක එක දේවල් ලිව්ව එයා එෆ්බී එකේ..''දුක හිතෙන කඳුලක උනුසුම බෙදාගන්න මගෙ රත්තරන් මල්ලියේ....තරුවක් වෙලා හරි මොහොතකට පායන්න මේ ඇස් දෙක ලඟ...'' ඔන්න ඔය වගේ දේවල් මෙයා ලිව්වෙ....අනිත් යාලුවො මෙයාව පුදුම විදියට නැලෙව්ව.......
කොච්චර හිත තද කරන් මෙයාගෙන් ඈත්වෙන්න හැදුවත් මේවා දැක්කාම මට ඒක කරන්න බැරි උනා.....

මෙයත් කරන්න පුලුවන් ඔක්කෝම දේවල් කලා,දන්න ඔක්කෝම තුරුම්පු ගැහුව මාව මේ විදියට එයා ගාව තියා ගන්න......

ඔය අතරෙදි තමා දවසක් මෙයා මට ඉන්විටේශන් එකක් එව්වෙ එෆ්.බී එකේ..ඒක එයත් එක්ක රිලේෂන් ශිප් එකට ඉන්විටේෂන් එකක්...!!!!

58 comments:

  1. ඔයාගෙ අසනීප තත්ත්වයක් ගැන කිව්වෙ ඇත්තටමද?
    ඒක කෙටි කාලීන එකක්ද, දීර්ඝ කාලීන එකක්ද? කමක් නැත්නම් කියන්න. තරහා නෑ නොකීවට.
    අද මේක මෙහෙම බලද්දි නම් ඔයාට හිතෙනව ඇති ඔයා කරල තියෙන්නෙ මොන තරම් මෝඩ වැඩක්ද කියලා. ඒත් මේ කතාව ඇත්තටම සිදු වෙද්දි නම් ඔයාට ඒක තේරෙන්න නැතිව ඇති. තේරුනත් ඒක හිතේ පස්සට තල්ලු කරල දාන්න ඇති. මොකද ඒ වෙනකොට ඔයා වැඩ කරලා තියෙන්නෙ බුද්ධියට වඩා හදවතට තැන දීලා නිසා.ඒත් ඔයා රකුසට කිව්වට පස්සෙ අර මැප් එක අතුරුදහන් වෙච්චි එක ගැන නම් මොකක්ම හරි කරල හොයලා බලන්න තිබුන නේද? මේකා නම් හොඳට කෙල්ලො අල්ලගන්න ක්‍රම ගැන ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මගෙ යාලුවො 3 දෙනෙක්ගෙන් මම උදව් ඉල්ලුව මේ ගැන හොයා ගන්න ඒත් එයාල මට උදව් කලේ නැහැ..අපේ නෑයින්ට මේ ගැන කිව්වෙ නැහැ මම..
      ඔව්.. මට පොඩි අසනීපයක් තිබුනා ඒකට හේතු උනා කිව්වෙ,ලංකාවෙන් ඈත් වෙන්න උන එක..ගොඩාක් නිදිමරපු එක පාඩම් වලට..හදිසියෙම තාත්ත නැති උන එක.. ..මේ අසනීපෙ ''බුලීමියා'' තත්වයට වගේ ආවා..ඒත් මට දැන් හොඳටම සනීපයි...මේ කිව්වෙ ගොඩාක් කෙටියෙන්........වැදගත්ම දේ මම දැන් සනීපෙන් ඒ වගේම ගොඩාක් සතුටින්...
      මම දැක්ක කවුද ''ඇනෝ'' වෙක් කියල තිබ්බ එක පෝස්ට් එකක..මම ''ලස්සන කතාවක් හදල කියනවලු,බ්ලොග් අනුකම්පාව ලබා ගන්න''..මට ඒක දැකල බකස් ගාල හිනා ගියා.....මට මගෙ ජීවිතේට තව අඩු එකම එක දෙයක් විතරයි එකම එකම එක දෙයක්...''බ්ලොග් අනුකම්පාව''...හික්ස්..!!

      Delete
  2. හප්පේ මොකක්ද ඔයාගේ අසනීපේ...රාජ්ට මොනා උනත් මොකද ඔයා හොඳින් නං එච්චරයි......

    ReplyDelete
    Replies
    1. මට කිසි අසනීපයක් නැහැ අනේ....මේ ඉන්නෙ නිකම් ''මාළිගාවෙ ඇතා'' වගේ..හික්ස්....!

      Delete
  3. ආදරේ කරනකොට අපි හැමෝම අහන්නේ හදවත කියන දේ... අන්න එතනයි අපි වරද්දා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔව්...''ඔයා විතරයි මට ඉන්නෙ..මට මේ ලෝකෙ වෙන කවුරුවත් නෑ..අඩුම ගානෙ අම්මෙක් වත් නෑ..'' කිව්ව කෙනෙක්ව දාල යන එක ගැන එක පාරක් දෙකක් නෙවේ ගොඩාක් පාරක් හිතන්න වෙනව නේද?..මම කියන්නෙ ''හදවතක්'' කියල එකක් තියන කෙනෙක් නම්?........

      Delete
  4. මෑන් නම් පැණි කලාවේ අග තැන්පත් කෙනෙක් වගේ! ෂැහ්.. මාළිගාවේ ඇතා වගේ නම් මරු නේ, එච්චර සයිස් නැතුව ඇති, දළ දෙකක් එහෙම නෑ නේද !

    ReplyDelete
    Replies
    1. ශැහ්...කිව්වත් වගේ දළ දෙකක් තිබ්බ නම් මරු...!!

      Delete
  5. ටිකක් පමා වෙල හරි සැකය ඔය හිතට ආව එක නම් ලොකු දෙයක්... ආ එක නෙමේ මාලිගාවෙ ඇතා මේ දවස්වල අසනීපෙන් කියන්නෙ ඇත්තද...?

    ReplyDelete
    Replies
    1. අපොයි මාළිගාවෙ ඇතා මේ දවස් වල බොහොම හොඳින් ඉන්නව ටිකක් බිසි නම් තමා..ඒත් අද සෙනසුරාද කූල්...!

      Delete
  6. මූ නම් ගල් ආදෙක්...
    ඔයාගේ අදහසට මමත් එකගයී. අනුකම්පාව අපිට අවශ්‍යම නැති දෙයක් කියලත් මටත් හිතෙනවා. හැබැයී ඕක අවබෝධ වෙන්න මට නම් හුගක් කල් ගියා.

    ReplyDelete
    Replies
    1. මට මේ ලෝකෙන් පෙන්වන්නම බැරි දේ තමා..''අනේ පව්'' කියල අනුකම්පාව දෙන එක....මම කාටවත් අනුකම්පාව දෙන්නෙ නැහැ..අවශ්‍ය කෙනෙකුට උදව් දෙනවා...ඔයාට පහුවෙලා හරි තේරුනා නම් ලොකුම දෙයක් බට්ටී...කකුල් දෙකක් තියෙන්නෙ හොඳට බිම අඩිය තියල කෙලින් හිට ගන්න...අනුකම්පාව කියන්නෙ විහිලුවකට....!!

      Delete
  7. ඇත්ත තමයි.ඔයාටයි බනින්න හිතෙන්නෙ.මෙච්චර බොරු කරලත් ඔයාට ටිකක්වත් තේරුනේ නැද්ද කිරිල්ලියේ.ඒත් ඉතින් ඒකත් ඇත්ත.ආදරේදි ඕන කෙනෙක්ට එහෙම වෙනව.මමත් ඒක දන්නව යාළු.ඔයා වැරදි නැහැ.කොහොමවුනත් ඔයා අද සතුටින් ඉන්නවනෙ.ඒක අහන්නත් සතුටුයි........

    ReplyDelete
    Replies
    1. ඒවා බොරු කියල විශ්වාසයත් අවිශ්වාසයත් අතර අතරමං වෙලා උන්න මම.....

      Delete
  8. නවත්තපු තැන ඉදන් කියවල ඉවරයි ඔන්න... හිතුව විදියට සල්ලි දීල නෑ නේ... දුන්නද මන්ද.. බලමුකො...

    අසනීප තත්වය සුවයි කියල කමෙන්ට් එකේ දැක්කා.. සතුටුයි

    ReplyDelete
    Replies
    1. අසනීපෙ නම් හොඳ උනේ රකුසගෙන් ඈත් උන ගමන්මයි අයියෙ.......ඊට පස්සෙත් ඩොක්ටර්ස්ලට ගෙව්ව හිත හදා ගන්න.......

      Delete
  9. මට තෙරනේ විදියට ඔයාට දැන් ටිකක් මොලේ පැදිගෙන එනවා නේද?ඔයාට ඇනෝ කිවුවා කියපු වගේ කතා ගොඩක් දෙනෙක්ට කියනවා.ඔය ඒවා ගැන හිතන්න එපා.කතා ලියන හැමෝම බ්ලොග් ලියන්නේ අනුකපා ලබා ගන්න නෙවෙයි නේ.

    ඔයාගේ අසනීපෙ හොඳයිනම් එච්චරයි..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා..මට අනුකම්පා කරන්න ප්ලීස්..!! නැත්නම් මාව මැරේවි...!!

      Delete
  10. අසනීප කියන ඒවා එනවා යනවා ගණන් ගන්න එපා.
    කතාවේ අවසානය ගැන මාර කුතුහලයකින් ඉන්නේ .... මොකකින් මොකක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් මනුස්සයින්ට ලෙඩ දුක් හැදෙනවා...සුව වෙනවා සාමන්‍ය දෙයක් නේද?...අවසානය ගොඩාක් පුදුම එකක්.....!!

      Delete
  11. හෆ්ෆා... ඒ රකුසානම් මාර අණ්ඩපාලයෙක්නෙ..:/ හොඳට කට්ටකමින් ඔයාව රවට්ටලා. ඔයත් නරක කාලෙට එයාගෙ පච වලට අහුවෙලා..:/
    කිරිල්ලිට මොන අසනීපයක් තිබ්බත් දැන් හොඳින් නෙ?? එහෙනම් එච්චරයි!!!

    ReplyDelete
    Replies
    1. ඔව්...අර තරම් අහිංසක...කාත්කවුරුවත් නැති...තමුන්ගෙ අම්ම ගෙන් පවා වෙනස් කම් විඳින...මේ ලෝකෙ තනි උන..දුක්විඳින....හිඟන්නෙක්,,ඒ තරම්ම දුශ්ඨ..අමනුස්සයෙක් වේවි කියල මම නෙවේ මේ ලෝකෙ කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්නෙ නැහැ......!!!

      Delete
  12. "ආදරේ තියන තැන අවිශ්වාසයක් තියෙන්න බැහැ"
    මෙතන වැරදුන දාට හැමදෙම ඉවරයි....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඉවර වෙන්න මුල පිරුවෙ........

      Delete
  13. ඔය රාජ් කියන එකා දුකම කියනකොට එපා වෙන්නේ නැද්ද ?
    දුක කියලා අනුකම්පාව ලබාගෙන ඒක ආදරයකට පෙරලගන්න හදන එකෙක් !

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා වෙලාවකට නම් එපා උනා මට එයාගෙ අම්ම විදියට ඉන්න උනාම....

      Delete
  14. බුලිමියා කියන්නේ කෑම කන්න බැරි වෙන විදියේ ලෙඩක් නේද? මම අහල තියනවා ඩයනා කුමාරිට ඒක තිබුන කියල. කොහොම වුනත් ඔයා දැන් හොඳින්නේ.ඔයාට තිබුනේ එයා ගැන හොයන බව එයාට අඟවන්නේ නැතුව ඉන්න.
    අර අනුකම්පා comment එක මමත් දැක්ක. මොනවා කියන්නද හිනාවෙලා නිකන් ඉන්නවා මිසක්.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඩයාන කුමාරිටත් තිබ්බ ඒක...එයා ගොඩාක් මහන්සි උනාලු අනෙක් අයව ඒ ගැන දැනුවත් කරන්න..මේ රටවල ගොඩක් ගෑනුලමයින්ට හැදෙන ලෙඩක්...ඇඟ හදාගන්න කියල ඩයට් කරනව..කැම කන්නෙ නැතුව පෙති වර්ග බොනවා..මම නම් එහෙම කරල නෙවේ හොඳේ?
      ඔව්..මෝඩකමටද අවංක කමටද මන්ද මම එයාගෙන්ම ඇහුවා.....
      අහ් ඔයත් දැක්කද?..පව් අනේ....

      Delete
  15. ඔයාගේ කතා කොහොමත් ලස්සනයි..අසනීපෙ හොද වෙලා ඔයා හොදින් ඉන්නවනේ..ඒ හොදටම ඇති.මිනිස්සුන්ට කටවල් ලැබිලා තියෙන්නේ හොද දේවල් කතා කරන්න.නරක දේවල් කතා කරන කටවල් මේ ලෝකෙට වෙඩක් නෑ. ඔයා ඒවා ගැන හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට...මම ගොඩාක් සනීපෙන් සතුටින් ඉන්නෙ..මම ගනන් ගන්නෙ නැහැ ඔයිට වඩා දෙයක් කිව්වත්..

      Delete
  16. රාජ්ටනම් මොනවා උනත් කමක් නෑ කිරිල්ලියේ...ඔයාගේ අසනීපයක් ගැන කිවුවේ මොකද්ද? ඔයා හොදින්ද??

    ReplyDelete
    Replies
    1. මම සනීපෙන් දිනේශ්....! ඒක ඉස්සර කාලෙ කතාවක්..තෑන්ක්ස්...!

      Delete
  17. ඔහොම තමයි කිරිල්ලියේ වැරදුන තැනට වචනකින්වත් උදව්වක් දෙන්න ඉන්න යාළුවො අඩුයි..එදා ඔයාගෙ යාලුවො ඔයා කියන දේ ගැන පොඩ්ඩක් හරි අහලා ඔයාට උදව් කලානම් රාජ්ගෙ ඇත්ත තත්වෙ දකින්න,අද ඔයාට මේ කතාව මෙතනින් ඉවර කරලා දාන්න තිබුනා..අපි අතර අපිට හරියනවට වඩා අපිට වරදිනකන් බලන් ඉන්න මිනිස්සු වැඩියි..වැරදුනාම මම හිතුව මේ දේ වෙයි කියල හිත රිදෙන නිසා කිව්වෙ නෑ කියල කියන්න නම් කොයි තරම් අය ඉන්නවද..රවටන මනුස්සයට වඩා රැවටෙන බව දැන දැන නිෂ්ශබ්දව හිනා වෙන්න බලන් ඉන්න මිනිස්සු මට නම් පේන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් මගේ හොඳම යාළුවා වගේ හිටිය කෙනා ඇත්තටම කොහොමද කියලා දැනගන්නකොට මාත් එක්ක වැඩ කරපු අනිත් අය ඔක්කොම ගොඩාක් කාලෙක ඉඳන් එයාගෙ ඇත්තම තත්වෙ දැනගෙන ඉඳලා තිබ්බා.... මං අමාරුවෙ වැටුනු වෙලාවෙ මං එයාලගෙන් ඇහුවම ඇයි ඔයාල මට කලින් නොකිව්වෙ මෙයාගෙ හැටි කියලා, එයාල කියනව මගේ යාළුව හින්දා කිව්වෙ නැතිලු.... ඊට පස්සෙ නම් අරෙහෙමයි මෙහෙමයි කියන්න ඕනතරම් කස්ටිය....

      Delete
    2. අපි එක්ක කොච්චර යාලු කම් පෙන්නුවත් හිත යටින් ඊරිසියාවෙන් කුහක කමින් හිත් පුරවගෙන ඉන්නෙ යාලුවො ගොඩාක් දෙනෙක්....අනික එයාල කැමතී අපිත් එයාල අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනව නම් වැඩ කරනවා නම්...එහෙම නැති උනාම බොරුවට වචනෙට යාලුකම් පවත්වනව විතරයි..අපිට වැරදුනාම හිනා වෙලා අහක බලා ගන්නවා...නැත්නම් ආයෙමත් 'බණ දේශනා' කරන්න එනවා..
      ..''ඒකනෙ අපි උඹට කිව්වෙ,මෙහෙම කරපන් අරහෙම කරපන් කියල..කෝ උඹ ඇහුවෙ නෑනෙ..'' අපරාදෙ කියන්න ඕනෙ නැහැ මම ගොඩාක් විශ්වාස කරපු මගෙ යාලුවො මට නිතරම කිව්වෙ...''ඕකව අත ඇරල හොයා ගනින් වෙන එකෙක්...උඹට මොනායින් අඩුවක්ද ඕනම කොල්ලෙක් දෙපාරක් හැරිල බලනව..හොයා ගනින් වෙන එකෙක්'' කියල...අනේ මට එහෙම කරන්න බැරි උනානෙ...මොකද මම ''අත්තෙන් අත්තට පනින කුනු කිරිල්ලියෙක්'' නොවන නිසා........!!!

      Delete
  18. කිරිල්ලට ටික ටික මොළේ පෑදීගෙන වගේ එන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ආආ...මෙන්න වැඩක්..! මට මොලේ නෑ කියලද හිතන් ඉන්නෙ? බටහිර රටවල් මහ ගොඩක ලමයි ගොඩාක් උන්න අපේ ඉස්කෝලෙ මේ ''ලංකාවෙ සුදු කෙල්ල'' හැම දාම හැම අතින්ම කැපිල පෙනුනා ''හොඳ මොල කාරියක්'' විදියට හරිද?

      Delete
  19. ම්ම්ම්....ඔයා හොඳින් නිසා කමක්නෑ කිරිල්ලි....නීරෝගී ජීවිතයක් ඉදිරියටත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මුතු...ඔයාටත් එසේම වේවා...!

      Delete
  20. මොනවා උනත් දැන් කිරිල්ලි හොඳින් කියලා දන්න නිසා සතුටුයි...
    ඔය වගේ උන්ට යාළුවො කියලා කියනවට වඩා හොඳයි @#$%
    ඒ මැප් එකේ වැඩේ වෙලාවෙ පොරට නොකියා විස්තර ටික හොයාගන්න පුළුවන් උනා නම් අද මේ කතාව ලියැවෙන්නෙ නැති වෙන්නත් ඉඩ තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ඔව් මියුරු මම ඒක හොයාගන්න ගොඩාක් උත්සහ කලා...ඒත් බැරි උනා...ලංකාවෙ මගෙ නෑයින්ට කිව්ව නම් එක පැයකින් හොයාගන්න තිබුන..ඒත් ගෙදරට ආරංචි වෙන නිසා එහෙම කලේ නැහැ..යාලුවො කලේ මට 'බණ' කිව්ව එක විතරයි..මම දැන් 'බණ' අහන්නෙ නෑ......

      Delete
  21. එයාගෙ ‍බ්ලොගේ ලින්ක් එකක් දාන්න.. එයාගෙ කදුළු කතා බලන්න මාත් ආසයි !

    ReplyDelete
    Replies
    1. මම දැනුවත්ව ලිව්වෙ ආදර කතාව...ඒකෙත් ඔක්කෝම කිව්වෙ බොරු..අහිංසක කෙල්ලෙකුට මඩ ගැහුව ඒකිව කොල්ලෙකුගෙන් උදුර ගන්න ට්‍රයි කරල බැරි උනාම....ඒකෙන් තමා මාව අල්ලගත්තෙ.......(මම අහු උනේ)මම ඒ ගෙදර වැඩිහිටියො එක්ක කතා කල දවසෙම රෑ ඒ බ්ලොග් එක අතුරුදන් කලා..........

      ඒ අතර තවත් බ්ලොග් 2 ක් ලියාගෙන ගිහිල්ලා...අඬල වැළපිලා..කඳුලු ගංගාවල්....ඒ බ්ලොග් වලින් කී දෙනෙක්ව රවට්ටගෙනද දන්නෙ නැහැ...මට අහු උනා විතරයි ඒවා පැදුරටත් නොකියා අතුරුදහන් උනා එකපාරම..........

      Delete
  22. //මට ඉන්විටේශන් එකක් එව්වෙ එෆ්.බී එකේ..ඒක එයත් එක්ක රිලේෂන් ශිප් එකට ඉන්විටේෂන් එකක්...!!!!//

    ප්‍රයිවසි සෙටිංස් වලින් එයාට විතරක් පේන්න රිලේෂන් ෂිප් දාන්ට පුලුවං.. හිකිස් !

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ..ඒක ලෝකටම පේන්න දැම්මෙ....

      Delete
    2. අපරාදේ.. ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා කරා පැමිනෙන්න සොදුරිය රෑ සදේ තරුවක් වෙලා කියල ඉන්න තිබ්බේ...

      Delete
  23. මේ කතාවේ තාම කියෙව්වේ මේ කොටස විතරයි අක්කේ ඒත් මට හිතෙනවා මෙතන ඔයා සෑහෙන්න ලොකු රැවටිමකට ලක්වෙලා තමයි තියෙන්නේ කියලා.කොල්ලෙක් එහෙම රැවටීමක් කරන්නේ මොකකටද කියලා දැන් තේරෙනවා ඇතිනේ අක්කාට...ඔන්න ඔය විශ්වාසේ කියන අකුරු වලට දාලා තමයි කොල්ලෝ කෙල්ලන්ගේ හැමදෙයක්ම උදුරගන්නේ ඒත් කෙල්ලන්ට ඒවා තේරෙද්දි පරක්කු වැඩියි.....මම දන්නවා ඕනෙම කෙල්ලෙක්ට ආදරෙන් කතා කරලා කවියක් දෙකක් ලියලා නැත්තම් දුක හිතෙන විදියට මැසේජ් දෙකක් තුනක් ගැහුවාම මොන වැරද්දක් අපෙන් වුනත් කෙල්ල ඒ දේවල් අමතක කරනවා ඒ ආදරේට.....ආදරේ කරද්දි කෙල්ලෙක්ගේ මුළු ජීවිතේම වෙන්නේ ඒ ආදරේ ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ කොල්ලන්ට ලේසියෙන් අන්දන්න පුළුවන් වෙන්නේ....

    ඒත් ආදරේ මුල් කාලේදි කොල්ලට තමන්ගේ බලාපොරොත්තු කියලා මෙන්න මේවානම් බැන්දට පස්සේ විතරමයි කියලා ලැජ්ජාව වහලා කෙල්ලෙක් කිව්වෝතින් මම හිතන්නේ නෑ කොල්ලෙක් කවදාවත් සීමාවන් පනී කියලා...මොකද මම පැනලත් නෑ....මම කියපු කතා අදාල නොවෙනවනම් සමාවෙන්න ඉතිං මේක කියෙව්වාම මට හිතුනේ මේවා.ඔය විස්වාසේ කියන අකුරු 4ට වහල් නොවී කවදා හරි මෙයා මාව දාලා යයි එතකන් මම මෙයාට ආදරේ කරනවා කියලා ආදරේ කරාම ඒ තරම් විඳවන්න වෙන්නේ නෑ....මම බෙෳද්ධ නිසා මම "වෙනස් වීමේ ගුණය හැර අනික් හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි" කියලා හිත හදාගෙන ඉන්නේ

    ඔයාගේ ලිවීමේ ශෛලිය නම් අති විශිෂ්ඨයි.මියුරු අක්කාගේ බ්ලොග් එකේ ඔයාගේ කොමෙන්ට් එකක් හරහා ආවේ....ජය වේවා....ආ ඔයාගේ අසනීප තත්වය සුව වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. NO OBJECTION SIR....!!!

      :):)....කිරිල්ලි ඔයාවත් ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට.........

      Delete
    2. ආආහ්..අමතක උනානෙ...ගොඩාක් ස්තූතියි...මම සනීපෙන්...ඔයා කිව්ව දේවලට කියන්න දෙයක් නැහැ ඔක්කෝම වචනයක් නෑර ඇත්තම ඇත්ත..........

      Delete
    3. අයියෝ අක්කේ මම පෙරේදාට කලින් දින අවුරුදු 20 ලබපු ටිකක් විතර පොඩි එකෙක්.....හි හි ලැජ්ජාවේ බෑ සර් කියලා කිව්වාම

      Delete
    4. හී.හී..හී..........සර් කියන එකේ තේරුම දන්නෙ නැද්ද ඇයි?
      මම ඔයාට වඩා එකක් වැඩී........

      Delete
    5. දන්නෝ දන්නෝ තේරුම දන්නෝ

      Delete
  24. //මේ මොන දේ කලත් මට එයාව 100% විශ්වාස කරන්න නම් බැරි උනා..//

    ඇති යන්තම්...:D

    ReplyDelete
    Replies
    1. යන්තම් ඈ..යාආන්තම්...........කොහෙද ගිහින් උන්නෙ මෙච්චර කල්? ඇනෝලට බයේ දිව්ව නෙවේනෙ නේහ්????

      Delete
  25. මොනව නැතත් උගේ ටෝක්ස් නං තියනව ලෙසටම.

    ReplyDelete
    Replies
    1. ටෝක්ස් වලට තමා අයියෙ මම රැවටුනේ..මොකද ඔය වගේ ටෝක්ස් අහල තිබුනෙ නැහැ කාගෙන්වත්..නියම ටෝක්ස් දුන්න ඒවා මේකෙ ලියන්නෙ නැහැ මටම ලැජ්ජයි....මේ ඔක්කෝම ටෝක්ස් දුන්න මිනිහ කවුද කියල බලන්නකො අන්තිමට...!!

      Delete
    2. උගේ නම ගම ඇතුව සියලු විස්තර දානවද..

      Delete
    3. නම ගම විස්තර නෙවි පොටෝත් එක්කම දෙන්නම් පොඩ්ඩක් ඉන්නකෝ........

      Delete