My Blog List

Thursday 19 January 2012

අභිරහස....!

(අළු පාට හැන්දෑව 21..)
''...රුපියල් තුන්ලක්ශ අසූදාහක්...?? මගෙ දෙවියනේ ඒ කෝමද නැති උනේ?කොහෙදිද?..''  මම ඇහුවෙ පුදුමෙනුත් පුදුම වෙලා.............
''...ඉන්න මම කියන්නම් මෙහෙමයි උනේ..ඔන්න මම ඔෆිස් වල සල්ලි එකතු කරන් ආවා...''
''...මොන සල්ලිද..මොන ඔෆිස් වලින්ද?..''
''...මම ඔයාට කියල තියනවනෙ අපේ කොම්පැනි එකට පෝසත් රටවල් වලින් ආධාර හම්බවෙනවා අපි ඒව දුප්පත් රටවලට යවනවා...එතකොට අපේ හෙඩ්ක්වාටර් එක තියෙන්නෙ ඉතාලියෙ රෝමෙ කියලත් මම කිව්වෙ...?''
''...ඔව්..ඔව්..ඉතින්..?''
''...ඉතින් මෙහෙ තියන අපේ අනිත් ඔෆිස් වල සල්ලි එකතු කරන් මීගමුවෙ අපේ ඔෆිස් එකට ඒවා අරන් එන්නෙ මමනෙ..ඉතින් මම ඒ ඔෆිස් වලින් සල්ලි එකතු කරන් අන්තිමට ගියා ජාඇල අපේ ඔෆිස් එකට..ගිහින් ඒකෙ සල්ලිත් අරන් ඔක්කෝම තුන්ලක්ශ අසූදාහක් ගනන් කරල බ්‍රව්න් පේපර් බෑග් එකකට දාගෙන මගෙ කාර් එකට අරන් ආව..කාර් එකේ ඉස්සරහ දොර ඇරල මගේ ෆයිල් එක ඉස්සරහ සීට් එක උඩින් තියල සල්ලි බෑග් එක ඒක උඩින් තියල අනෙක් පැත්තෙන් ගිහින් කාර් එකට නැගල එවා අරන් ආව මීගමුවෙ ඔෆිස් එකට..ඔෆිස් එක ලඟට ඇවිත් බලනකොට ෆයිල් එක විතරක් තියනව සල්ලි බෑග් එක නැහැ...''
''...එතකොට සල්ලි බෑග් එකට මොකද උනේ...?''
''...මම දන්නෙ නැහැ...''
''...ඒක නම් වෙන්න බැරි වැඩක්නෙ...''
''...ඒක තමා මටත් පුදුමෙ සල්ලි බෑග් එක තිබුනෙ නැහැ..''
''...පොඩ්ඩක් ඉන්න මට තේරෙන්නෙ නැහැ..ඔයා හොඳට කල්පනා කරල මම මේ අහන ඒවට උත්තර දෙනවද...''
''...හ්ම්...''
''...ඔයා තනියමද හැමදාම ඔය ගමන යන්නෙ ඔච්චර සල්ලි ගොඩාක් ගේන්න..?''
''...ඔව්..මේ පාර තිබුනෙ සල්ලි ටිකයි,කලින් පාර ලක්ශ 20 ක් ගෙනාව...අයියෝ ඒ වගේ දවසක් උනා නම් මම ඉවරයි...''
''...ඔයාට හොඳටම ශුවර්ද අන්තිමට ජාඇල ඔෆිස් එකේ ඉඳන් බෑග් එක කාර් එකට ගෙනාව කියල...?''
''...ඔව්..ඔව්..මම ෆයිල් එක සීට් එක උඩ තියල ඒක උඩ සල්ලි බෑග් එක තිබ්බ...''
''...හරි..ඒව සීට් එක උඩ තියල ඔයා වෙන කොහෙ හරි ගියාද?..''
''...නැහැ අනේ මම ඒවා සීට් එක උඩ තියල දොර වහල අනිත් පැත්තෙන් ගිහින් කාර් එකට නැග්ග...''
''...හරි..ඊට පස්සෙ කෙලින්ම මීගමු ඔෆිස් එකට ආවද නැත් නම් අතරමග තව කොහේ හරි ගියාද හොඳට මතක් කරන්න...''
''...නෑ මම කෙලින්ම ආවෙ අපේ ඔෆිස් එකට..ඇවිත් කාර් එක නවත්තල සල්ලි ටික ගන්න හදනකොට ෆයිල් එක විතරයි තිබුනෙ...''
''...කාර් එකේ ග්ලාස් ඇරගෙනද ආවෙ වහගෙනද?..මෙහෙම වෙන්න බැරිද..ඔයා සල්ලි තිබ්බ පැත්තෙ ග්ලාස් එක ඇරගෙන ආවෙ,අතර මග ඔයාව බ්ලොක් එකකට අහු උනා,ඔයා අහක බලන් උන්න කවුරු හරි වීදුරුවෙන් ඇතුලට අත දාල සල්ලි බෑග් එක ගත්ත...???
''...නෑ නෑ මම ඔක්කෝම ග්ලාස් වහගෙන ආවෙ..කිසිම බ්ලොක් එකක් තිබුනෙ නෑ..මම කෙලින්ම ආව ඔෆිස් එකට...''
''...එතකොට ඔය බෑග් එක කාර් එකේ ඇතුලෙ වැටිලවත් තිබුනෙ නැද්ද?...''
''...නෑ මම ඔක්කෝම සීට් අවුස්සලත් බැලුව..මම විතරක් නෙවේ තව ඔෆිස් එකේ අයිය කෙනෙකුත් එක්ක...''
''...මේක නිකම් බූත කතාවක් වගේනෙ කවදද ඕක උනේ? ඔයා පොලිසියට කිව්වද?ගෙදරට කිව්වද?...''
''...ඒක තමා මටත් පුදුමෙ..බෑ බෑ පොලිසියට කියන්න බෑ..ගෙදරට කියන්නත් බෑ..ඔෆිස් එකේ එක අයිය කෙනෙක් විතරයි මේක දන්නෙ...''
''...ඇයි ඒ? ඕක හොරකමක්..මංකොල්ලයක්.ඕක පොලිසියට කියන්නම ඕනෙ,ඔයා අනිවාර්යයෙන් ඔෆිස් එකට කියන්න ඕනෙ..ඔයාගෙ වරදක් නෙවේනෙ..එහෙනම් ඇයි ඔයා කියන්න බැහැ කියන්නෙ..නෑ.නෑ ඔයා ඕක කියන්නම ඕනෙ...''
''...නෑ නෑ  ඕනෙ නැහැ මම ඒව ගෙවල දැම්ම..මගෙ පොතේ තිබුන සල්ලි ටිකක්, ඒක අරන් ඉතුරුව ඉල්ල ගත්ත නිල්මිනි අක්කගෙන්..ඒක හරි මම ඒක ගෙවල දැම්ම...''
''...ඔයා ඔය කතාව මා එක්ක ඔහොම කිව්වට වෙන කිසිම කෙනෙක් ඔයාව විශ්වාශ කරන්නෙ නැහැ තේරෙනවද ඔයාට...?''
''...ඔව්..ඒක තමා මේක මට කියන්න බැරි වෙන කා එක්ක වත්..මම දන්නව ඔයා මාව විශ්වාශ කරනව කියල...නිල්මිනි අක්ක මේ මාසෙ අන්තිමට ලන්ඩන් යනව ඊට කලින් එයාගෙ සල්ලි දෙන්න ඕනෙ මම ..එයා නම් කිව්ව පස්සෙ දෙන්න කියල ..ඒ උනාට හරි නැහැනෙ ඒක ඉක්මනින් දෙන්න ඕනෙ...''
''...කෝමද ඒවා දෙන්නෙ දැන් ඔයා ගාව සල්ලි තියනවද..?''
''...නෑ මගෙ ලැප් එක විකුනනව..ඒක බලන්න හෙට එනව අයිය කෙනෙක්...මම බයික් එකත් විකුනන්න එක්කෙනෙක් ට කිව්ව එයත් එනව කිව්ව බලන්න...ඔෆිස් එකෙන් ලෝන් එකකුත් අරන් ඒක මම ගෙවනව...''
''...අපරාදෙ නේද ලැප් එකයි බයික් එකයි විකුනන්නෙ? නිල්මිනි ගෙ සල්ලි ගෙවන්න ඔයාට මගෙන් සල්ලි ඕනෙද? මම දෙන්නද?..''
''...එපා..එපා..එපා  මම දෙන්නම් ඒවා ඔයාගෙ සල්ලි එපා...ලැප් එකක් බයික් එකක් ආයෙ ගන්න බැරියැ...''






පස්සෙ ඔන්න ලැප් එක ගෙනියන්න අයිය කෙනෙක් ආව...බයික් එක ගෙනියන අයිය ආවෙත් රාජ් මා එක්ක ඔන්ලයින් ඉන්නකොටමයි...මම දැක්කෙ නැහැ  ඔන්න අර අයිය ආව..අන්න අනිත් අයියත් ආව කිය කිය එයාල එක්ක කතා කරන්න ඕනෙ කියල රාජ් ගියා විතරයි මම දන්නෙ..........


මේ ලැප් එකයි,බයික් එකයි විකුනන්න කලින් පොටෝ අරන් එයා මට එව්ව......අන්තිමට ඉතුරු උනෙ එච්චරයි කියල..අහිංසකය පව්.........


ඊට පස්සෙ අර ඉන්දියාවට ගිය වෙලේ අනුත්තරාට ගෙනාව කිව්ව රුපියල් ලක්ශ දෙකකටත් වඩා වටින පෙන්ඩන්ට් එකත් විකුනුව කිව්ව..ඔෆිස් එකෙන් නයකුත් අරන් ඔන්න නිල්මිනි අක්කගෙ නය සල්ලි ටික ගෙවල දැම්ම කිව්ව...කිසිම දෙයක් නොවුන ගානට එයා උන්නෙ..ඒත් මට නම් එහෙම ඉන්න බැරි උනා..ප්‍රශ්න කෝටියක් මගෙ හිතේ වද දුන්න....


''...මේ ඒක නෙවේ ඔෆිස් එකේ අය තාම දන්නෙ නැද්ද අනේ ඕක..?''
''...නෑ.නෑ බ්‍රදර්ස්ලට කිව්ව නම් මගෙන් සල්ලි ගන්නෙ නැහැ..එයාල ඕක අමතක කරල දානව..ඒත් මා ගැන මොනා හිතාවිද දන්නෙ නැහැනෙ..ඒ නිසා මම සද්ද නොකර උන්න...''
''...එතකොට ගෙදර අය? එයාලට කියන්නෙ නැද්ද?..බයික් එක කෝ කියල අහන්නෙ නැද්ද එයාල..?''
''...ගෙදරින් දන්නව දැන්..මගෙන් ඇහුව බයික් එකට මොකෝ උනේ කියල..මම විස්තරේ කිව්ව...''
''...ඉතින් මොකෝ උනේ ඔයාට බැන්නද..?''
''...මොකුත් කිව්වෙ නැහැ රස්සාව කරගන්න බැරි නම් ගෙදර නතර වෙන්න කියල අම්මි කිව්ව...''
''...දැන් ඒ සල්ලි අතුරුදහන් වීම ගැන ඔයාට නැද්ද කිසිම අයිඩියා එකක්? කිසිම හෝඩුවාවක්..?''
''...නැහැනෙ...''
''...මම කියන්නද වැඩක්? අපි සද්ද නොකර මේක දෙමු සී.අයි.ඩී එකට...ඒක මම කරන්නම්...''
''...එපා..එපා...ඒක දැන් ඉවරයි..ආයෙ කතා කරන්න එපා ඒක ගැන ...''


ඉතින්... ඔන්න ඔහොම රුපියල් තුන්ලක්ශ අසූදාහක අභිරහස යටපත් වෙලා ගියා.................

63 comments:

  1. මට නමි හිතෙන විදිහට ඔික බොරුවක්. සාමාන්‍යයෙන් අද කාලේ ඔහොම දෙයක් උනාම පොලිසීයට නොගිහින් ඉන්නේ නමි නැහැ කවිරුවත්. මෙහෙම ලිවිවට තරහා ගන්න එපා.... ඔය සිද්ධිය ඇත්තම එකක් නමි මම කියන්නේ ඔතන සල්ලි නැතිවෙලා නැහැ. වෙලා තියෙන්නේ කාගෙන් හරි අනුකමිපාව ගන්න දාපු පොඩි ඇක්ටින් පාරක්. හැබැයි බොරුවට හරි පොලිසියට ගියා කියලා කිවිවා නමි වැඩෙි ටිකක් හරි ඇත්ත කියලා හිතෙනවා. 99%ක්ම මෙි ගැන සැකයි...

    ReplyDelete
    Replies
    1. මමතරහ ගන්නෙ නැහැ සිහින ඕන දෙයක් කියන්න බය නැතුව.....
      ඔයා කිව්ව දේවල් ඔක්කෝම හරි......

      Delete
  2. පුදුම හොරෙක් නේ! අනේ මන්දා වෙලාවට සල්ලි දුන්නේ නැත්තේ!

    ReplyDelete
    Replies
    1. හහ්.....ඔහොම කියවගෙන යන්නකෝ.........

      Delete
  3. ෂර්ලොක්ට කියන්ට වටිනා කතාවක්. මෙහෙමත් දේවල් හැබෑටම වෙනවද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩී.....මම ලියන්නෙ ඇත්ත...මේවා දන්න අය තව ඉන්නවා...:)

      Delete
  4. හප්පේ ඇති යංතං! කිරිල්ලිගෙ තුන්ලක්ශ අසූදාහ අදට බේරිලා.

    ReplyDelete
    Replies
    1. ඔව්..අදට.............මේක උගුලක පලමු පොට.....!!

      Delete
  5. ඔබ ක්‍රියාකර ඇති ආකාරය මා නම් කිසිසේත් අනුමත කරන්නේ නැත. ඔබේ ප්‍රකාශය අනුව ඔබ කිසි සොරකමක් කර නැත. දීර්ඝ කාලයක් පවත්වාගෙන ආ ඔබේ නිර්මල චරිතයට හානි වේය යන බිය නිසයි ඔබ මෙසේ ක්‍රියාකර ඇත්තේ. දැන් බයිසිකලයත් පරිගණකයත් අහිමි වුනා. නැවතත් මේ දේම වුනොත් ඔබ විකුනන්නේ කුමක්ද? තමන් පිළිබඳව තමන් තුලම ඇති විශ්වාසය වර්ධනය කරගන්න. මම හොඳ උදාහරණයක් කියන්නම්. 1980 දශකයේදී මගේ මිත්‍ර යුද හමුදා නිලධාරියෙක් ඔහු සිටි කඳවුරේ සෙබළුන්ට වැටුප් ගෙවීමට බැංකුවෙන් රු 500000/-ගෙනැවිත් කඳවුරේ සේප්පුවට දැම්මා. සේප්පුවේ යතුර ඔහු ළඟ තබාගත්තා. පසුවදා උදේ බලනවිට මුදල් අතුරුදන්. මගේ මිත්‍රයාව පළමුව යුද හමුදා අත් අඩන්ගුවටත් පසුව පොලිස් අත් අඩන්ගුවටත් පත්වුනා. දීර්ඝ කතාවක් කෙටි කරන්නම්. අවසානයේදී හෙළිවුණා සූදුවට ඇබ්බැහි වූ ඒ කඳවුරේම ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හොර යතුරක් සාදා සේප්පුව ඇර මුදල් ගත් බව. ඒ නිලධාරියාත් ඔහුගේ පියාත් හොරකමට අසුවී හිරේ ගියා. මගේ මිතුරා අදත් යුද හමුදාවේ ඉහල නිලයක සේවය කරනවා. ඔබ අවංක නම් බියවෙන්න එපා. ඔබව හොඳින්ම දන්නා විශ්වාසවන්ත අයගේ සහයද රැගෙන අභියෝගයට මුහුණ දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩාක්ම තුති....ඔබගේ වටිනා අදහස් ඉතා ගරු කරමි....ඒත් මේ සිද්දිය ඔබ හිතනවාට වඩා වෙනස් එකකි...ඒ සම්බන්ධව යමක් අද හෙළිකල නොහැක්කේ,මෙම කතාව තව ඉදිරියට ගෙන යා යුතු හෙයිනි.............ස්තූතියි නැවතත්...

      Delete
  6. හොඳ වෙලාවට ඔයා සල්ලි දීලා නෑ....කිසිම හේතුවක් නැතිව සල්ලි නැති උනා කියලා කියන්න රාජ්ට පිස්සුද ? කිරිල්ලි..එයාගේ කාර් එකේ බහිරවයෙක් හිටියද දන්නෙ නෑ සල්ලි ගිලින

    ReplyDelete
    Replies
    1. හෙ..හේ......බහිරවය තමා ගිලල තියෙන්නෙ......!

      Delete
  7. ඒ කියන්නේ කිරිල්ලි මේ පාර බේරුනා කියන එකද
    එහෙම නැත්නම් කිරිල්ලි අපිට බොරු කියනවා එහෙම නෙමෙයි නේද සල්ලි දුන්නේ නැහැ කියලා
    මොකද මම දන්නවා ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් මේ වගේ වෙලාවට තමන්ගේ කොල්ලට සල්ලි දෙන බව
    මටත් ඉස්සර දවසක හදිස්සියකට සල්ලි ඕනෙවෙලා මගේ වෙන්න නෝනා(ඒ දවස් වල) එයාගේ ගාව තිබ්බ සල්ලි ඔක්කොම මට දුන්නා
    අන්තිමට ටික කාලයක් ගිහිං එයාව වෙන්න නෝනා කමෙන් අහක් කොරල දැම්මා
    ඊට පස්සේ එයාව නෝනා කර ගත්තා :)

    ReplyDelete
    Replies
    1. මම බොරු කියන්නෙ නැහැ ඇත්ත කියන්න බය නැති නිසා.....ඔව් මම මේ පාර බේරුනා...ඒත් උගුලේ කොනක පැටලිලා...රකුසා මාර ඉන්ටලිජන්ට්..!

      දැන් එයා නෝනද? ශැක්..අච්චර උදව්වක් කරපු කෙනාව අමාරුවෙ දාපු එක නම් කැතයි ඈ.....!!! :):):)

      Delete
  8. Simply Can't Believe this!.
    This man is...

    ReplyDelete
  9. එතකොට ඔයා රාජ්ට සල්ලි දුන්නෙ නැද්ද..?

    මෙහෙම මිනිස්සු ඕනතරම්..බොරුවක් වුනත් ලස්සනට හැඩ කරල ඇත්තක් කරනවා..ඒක බොරුවක් කියල වැටහෙද්දි වෙන්න තියෙන දේ වෙලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. මම සල්ලි දුන්නෙ නැහැ..එයා මගෙන් ගන්න බය උනා මම පොලිසි ගැනයි සී.අයි.ඩී එක ගැනයි කිව්ව නිසා.

      Delete
  10. ම්ම්ම්ම්ම්ම්ම්...........

    ReplyDelete
  11. සී.අයි.ඩි එකට දුන්නනම් ගොඩ.. :)

    ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. ඔව්..මම දෙනවා..ඒත් ඒකට එයා තදින්ම විරුද්ධ උනා....ඉතින් එයාගෙ කේස් එක.. මට එහෙම කරන්න බැහැනෙ....

      Delete
  12. හම්මෝ.. වෙලාවට ,, මම හිතුවා කිරිල්ලි ඔය හොර තඩියට ඒ සල්ලි ටික දීලා ඇති කියලා..:/ ඇති යන්තම්...යටපත් වුනු එකමයි හොඳ. ඒත් හෙන පුදුමයි ඔය කතාවනම්, සල්ලි ගොඩක් ඔහොම මැජික් වගේ අතුරුදහ්න් වෙන්නෙ කොහොම්ද??

    ReplyDelete
    Replies
    1. හෙ..හේ......සල්ලි නෙවේ මැජික් බලෙන් අතුරුදහන් උනේ.....ලැප් එකයි බයික් එකයි.....(තේරුනේ නැහැ නේද?..ඔව් මම දන්නවා..ඉස්සරහට කියවන්නකෝ...)

      Delete
  13. යකෝ මූ මාර බොරුනෙ කියන්නෙ. ඇඩෙනවා. වෙලාවට සල්ලි ඉල්ලුවෙ නැත්තෙ. එත් ලඟදිම ආයිත් සල්ලි ඉල්ලනවා ඔයිට වඩා ගානක්. ඒක ඉර හඳ වගේ විස්වාසයි.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුවෙ නැත්තෙ, ප්ලෑන් එකේ හැටියට මගෙ රිඇක්ශන් මදි උන නිසා...පොලිසියටයි සී.අයි.ඩි යටයි බය උන නිසා.............ඒත් ඒ උගුලට මාව කොනකින් අහු උනා....කියවගෙන යන්නකො.....

      Delete
  14. යකෝ..මූ තියන්න වටින්නේ නැහැනේ..හොරෙක් කපටියෙක් කයිරටිකයෙක්.!@@#$%@

    ReplyDelete
    Replies
    1. .....++ මන්ධබුද්ධිකයෙක්......!! &&%%$$?)(/&%

      Delete
    2. ඒ වචනේදී මට පොඩ්ඩක් මොකක්ද උනා වගේ..මන්ද නැතිව ඉතුරු ටික මගේ නම යෝදියේ..හෙක් හෙක්..

      Delete
    3. ඈහ්..!!! ඔන්න එහෙනම් 'මන්ද' කපල දැම්ම..හරිනෙ?

      Delete
  15. පුදුමයි.මම හිතුවෙම සල්ලි දීල ඇති කියල.හොඳ වෙලාවට.පොඩ්ඩක් විතට මොළෙත් තියන පාටයි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර..? හනේ හනේ මං ගැන හිතා ඉන්න තරම...!!:):)

      Delete
  16. තව මොකක් හරි ගජ බින්නයක් ඇද බාන්න ඇති ඊලගට.....අනේ අතින් අපෙ කිරිල්ලිගෙ හිත උනුවෙලා සල්ලි දෙන්න ඇති ෂුවර් එකටම....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් දඟමල්ල මටත් කලින් කතාව ලියනව....!!

      Delete
    2. අත්දැකීමෙන් කියන්නෙ කිරිල්ලියේ..........

      Delete
    3. හෙ.. හේ....මම විහිලු කලේ..ගජබින්න කාරයො හැම තැනම නේද?

      Delete
  17. පොඩ්ඩයි කියල හිතුවෙත් සල්ලි දුන්නේ නෑ කියල දැනගත්තම.කියන්න බැ ඒත් තව ඉස්සහ පෝස්ට් එකකින් දුන්න කිවුවොත්.
    දැන් ඔබතුමී මොකද මගේ ඊමේල් එක ඉල්ලගත්තෙ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් නෙවේ අයියෙ මට 'හෙන මොලයක්' තියනව...ඒක උඩ තමා මේ ඉඳගෙන ඉන්නෙත්.....ආආ..මේල් එක ඉල්ලගත්තෙ 'ලව් ලෙටර්' එකක් එවන්න ...පොඩ්ඩක් ඉවසන්නකෝ මේ දවස් වල ආදර හැඟුම් පහල වෙන්නෙ නැහැ මොලේ උඩ ඉඳගෙන ඉන්න නිසා.......හී.හී.හී..........

      Delete
    2. ලවු ලෙටර් එකක්ද? හොඳයි. හොඳයි.හැබැයි කෙල ගාල ලිවුම් කවරෙ අලවන්න එපා.:P

      Delete
  18. මගේ දෙවැනි කමෙන්ට් එක. බොහොම ස්තුතියි. ඔබ ඉතා දක්ෂ විදිහට මේ බ්ලොග් එක බලන සියලු දෙනාව වට රවුමක ගෙනිච්චා. නමුත් මා දන්නා අපරාධ පරීක්ෂණ න්‍යායන් මගින් මා හොයාගත්තා මෙය හුදු ප්‍රබන්ධයක් පමණක් බව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....තුන්ලක්ශ අසූදාහේ සිද්ධිය රකුසාගේ ප්‍රබන්ධයක්......ඔබ හරි...මගෙ ''අළුපාට හැන්දෑවේ'' මා ඔබලාට කියන සියලුම සිදුවීම් සත්‍ය සිදුවීම් බව කරුණාවෙන් දැනුම් දෙමි...

      Delete
  19. ඇයි එයා මීට වඩා ටිකක් පිළිගන්න පුළුවන් විදිහේ බොරුවක් නොකිව්වේ? පොඩි ලමෙකුට උනත් ඊට වඩා හොඳ බොරුවක් කියන්න පුළුවන්නේ සල්ලි නැති වුන එක ගැන. කපටි කමට අමතරව මානසික කේස් එකකුත් තිබිල තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්..එයාට මානසික ප්‍රොබ්ලම් එකකුත් තිබුන බව මම දැන ගත්තෙ අවසානෙදි....

      Delete
  20. හොඳ වෙලාවට ඔයා සල්ලි දීල නැත්තෙ.. මට පේන විදියට ඉල්ලුවනං දෙන සයිස් එකකින් තමයි ඔයත් ඉඳල තියෙන්නෙ... මට හිතෙන විදියට .. :(

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔයා හිතන විදිය හරි..ඉල්ලුව නම් මම දෙනව..හැබැයි ඊට පස්සෙ 'ඒ කේස් එක' මගෙ අතට ගන්නව ශුවර් එකටම....

      Delete
  21. සල්ලි දුන්නා කිව්වා නම් බනින්න ආවේ. හොද වෙලාවට දීලා නෑ.

    ReplyDelete
    Replies
    1. දැනට බනින්න එපා හොඳේ..තාම පෙරහැර යනවනෙ....

      Delete
  22. ඕකා කොහොමහරි ගැටයක් ගහලා වින්චැට්ගෙන් සල්ලි ගන්න ඇති.....ඒකනං සුවර්....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදුටු ලොව සිට සාස්තර කියනු ලැබේ...!! :):)

      Delete
  23. අද තමා මේ පැත්තට ගොඩ උනේ.
    ඔක්කොම කියවල කොමෙන්ටුවක් දැන්නම්.
    ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු කිරිල්ලිව බලන්න ආවට......හෙමින් කියවගෙන එන්නකෝ......

      Delete
  24. එක හුස්මට කියෝගෙන ආව.... එහෙම කියවන්න උවමනාව තිබුණු නිසා වෙලාවක් අල්ලගෙන කමෙන්ට්ස් නොදාම කියවන් ඇවිත් නතර උනේ මෙතන.... ඔයාගෙ හිත හොඳටම මට දැනෙනව.... ඇයි කියල කියන්නම් මට ඊයක් එව්වොත් (කැමති නම් විතරක්).... මට හිතෙනවා ඊළඟට ඔයා කරන්න ඇත්තෙ මොකක්ද කියල....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට මේල් එක එව්ව ඔන්න..

      Delete
  25. අනේ මන්ද යාළු? කියන්න තියෙන්නෙ ඔයා ඔය පනුස්පයාගෙන් බේරුන එකම ලොකු දෙයක්‍ කියල තමයි.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් මේ ආත්මෙ කිසිම පවක් කරලා නැහැ පින් විතරක්මයි.....මට හිතෙන විදියට ගිය ආත්මෙත් මම පින් ගොඩාක් කරගෙන තියනවා ඒ නිසයි මම මේ රකුසගෙන් මගෙ ජීවිතේ බේරගත්තෙ.......ස්තූතියි...!

      Delete
  26. මේකනම් තනිකරම රගපෑමක්. ශාරුක් ඛාන් ට වඩා හොදට රගපාලානේ

    ReplyDelete
    Replies
    1. ශාරුක් ඛානුත් නලුවෙක්ද? මෙයානෙ නලුවා....අම්මේ අඬපු තරම් ඔයාල දන්නවා නම්...!!

      Delete
  27. ජීවිතය රඟ මඩලක් බව අමතක නොකරනු මැන! :)

    ReplyDelete
    Replies
    1. ජීවිතය රඟමඩලක් බව මින් පෙරද අසා ඇත්තෙමි...ඒ අනුව උපතේ සිට මරණය දක්වා අපි සියලු දෙනා ''රඟපෑ'' යුතුද?..එසේ නම් ''නළුවන් විය නොහැකි'' ''රඟ පෑමට නොහැකි'' අයට ජීවිත කාලය පුරාම හිමි වන්නේ පැරදුමද?????....:):):):)

      Delete
  28. කිරිල්ලි වාසනාවට මේ හොරාගෙන් ගැලවිලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මම බේරුනා ඒත් අවුරුදු එකහමාරක් තුල මේ සිදුවීම නිසා මම වෙනස්ම පුද්ගලයෙක් උනා...මාව ලඟින් දන්න අය පුදුම වෙනව ඒ වෙනස් වීම ගැන....ආයෙමත් කලින් උන්න ඒ ''අහිංසක ගෑනු ළමය'' බවට පත් වෙන්න මම දැන් ගොඩක් ඉවසීමෙන් උත්සාහ කරනවා.....so wish me luck..!

      Delete
  29. මේ පැත්තෙ එන්න පොඩ්ඩක් පමා උනා වැඩ අදික නිසා. අපරාදෙ අර ගාන ඔයාට දෙන්න තිබුනෙ, ගත්තෙ නැත්නම් ඇගේම ගහන්න තිබුනෙ. විහිලුවට කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හෙ..හේ මාවම අමාරුවෙ දාන්න ඔයත් හදන්නෙ නේද?

      Delete