My Blog List

Sunday 15 January 2012

රාජ් ''හොඳ ලමයෙක්'' උනා...!!



 (අළු පාට හැන්දෑව 20...)
ඔව්...හැමදාම දේවල් සිදු උනේ එහෙමයි..මට හොඳටම ඇති වෙලා මම හෙම්බත් වෙලා උන්න මේ ආදරේ නිසා..එපා වෙලා තිබුනෙ එයාව...''රෙද්දට ගිනි ගත්තාම ඒක කඩල අහකට විසිකරල දාල වෙන එකක් ඇඳ ගන්නව මිසක්..පිච්චෙනවෝ..දනවෝ..බේරගනියෝ..කිය කිය කෑගහ ගහ ඉන්න සිරිතක් නැහැ'' තමා...ඒත් හිතේ බැඳුනු ආදරයක් ඇඟවටේ ඔතා ගත්ත රෙදි කඩමාල්ලක් තරමට බාල්දු කරල අහකට විසි කරන්න බැරි අයත් ඉන්නවනෙ නේද?..මටත් වෙලා තිබුනෙ ඒක...එහෙම කරල ලැබෙන වේදනාව ට මම බය උනා..ඒ වගේම තවත් කෙනෙකුට වේදනාවක් දෙන්න මම ගොඩාක් බය උනා...ඉතින් මට හිතුන අවසන් තීරනය ගන්න කලින් මේ ගැන අපි දෙන්නවම දන්න කෙනෙකුට කියන්න....
එයා මගෙ යාලුවෙක්..එයා කිව්ව මේ ගැන රාජ් එක්ක කතා කරන්නම් කියල..එයා රාජ් ට ටෙලෙපෝන් කල වෙලාවෙ රාජ් පිළිතුරු දීල නැතුව ඔන්ලයින් ආවලු චැට් කරන්න...ඉතින් යාලුව රාජ් එක්ක කතා කරල පැහැදිළි කරල අවවාද කලා කිව්ව..එයා මටත් කිව්වෙ රාජ් එක්ක ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න කියල..රාජ් හොඳ කොල්ලෙක්,එයාට ගොඩාක් ප්‍රශ්න තියනව..මම වගේ ස්වාදීන විදියට හැදුන කෙනෙක් නෙවේලු...ඒ වගේම එයා රාජ් ට කිව්ව දේවල් රාජ් මටත් එව්ව බලන්න...එයා මා ගැන රාජ් ට කියල තිබුන දේවල් දැකල මට ගොඩාක් සතුටු හිතුන එදා..මොකද ඒව සහතිකම ඇත්ත........

එදා ඒ සිද්දියෙන් පස්සෙ රාජ් මෙහෙම කිව්ව.....

''..මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ...මම ඔයාට ගොඩාක් වැරදි කලා..ගොඩාක් අඩුපාඩුකම් කලා..මට දුකයි ඒවට..මම කනගාටුවෙනව..ඇත්තම කියනවා නම් මට ගොඩාක් ලැජ්ජයි දැන්..''
''..ඇයි ඔයා ලැජ්ජයි කියන්නෙ..'' මම ඇහුවාම එයා කිව්වෙ..
''..මම පහු ගිය දවස් වල උන දේවල් ගැන හිතුව අපි කතා කරපු චැට් පවා ආයෙමත් කියෙව්ව..මටම ලැජ්ජයි මම කියල තියන දේවල් දැක්කාම..මම වැරැද්ද පිළිගන්නව..මට සමාව දෙන්න..අපි අද මුල ඉඳන් පටන් ගනිමු..මම ඒ වැරදි ඔක්කෝම හදා ගන්නම්..මම පොරොන්ඳු වෙන්නම්..''(එදා ඒ අවවාද දුන්න යාලුව මේ බ්ලොග් එක බලනව..එයා දන්නව මේවා ඔක්කෝම ඇත්ත කියල.)
එදා මට දැනගන්න ඕනෙ උනා මගෙන් රාජ්ට වෙන වැරදි මොනාද කියල..මම ඇහුවාම එයා කිව්වෙ..
''..ඔයා මට මොකුත් වැරදි කරන්නෙ නැහැ..හැබැයි මම ඔෆිස් එකේදි වැඩ වැඩි වෙලාවට..මම ගෙදර අම්මිලා ඉන්න වෙලාවට..ඔයාගෙ කෝල් වලට කතා නොකලාම ඔයා තරහ ගන්න එපා..තරහ ගන්න එක පොඩ්ඩක් අඩු කර ගන්න..'' හොඳයි මම ඒකට එකඟ උනා..(අනේ මම වගේ එල හරකියක්..!) පස්සෙ මම අර යාලුවට කිව්ව රාජ් කිව්ව ඔක්කෝම ..එයාත් සතුටු උනා..
''හරි..දැන් ඉවරනෙ ප්‍රශ්නෙ..උඹ සතුටින් නේද?..''
මාත් ''හ්ම්ම්...හ්ම්ම්'' ගෑව..
''..ඇයි? ඒ කියන්නෙ උඹට තාම විශ්වාස නැහැ?..ඔහොම පුලුවන්ද බන් ජීවත් වෙන්න..''
''..ඔව් දැන් කිව්ව දේ දැන් විස්වාශ කරන්න පුලුවන් ඒත් හෙට..? හරි ඉතින් අපි බලමුකො..''
ඔන්න ඉතින් එදායින් පස්සෙ රාජ් මහා පුදුම විදියට වෙනස් උනා..මට ගොඩාක් ආදරෙන් උන්න..(ඒ දවස් වල නිතරම ශාරුක් ඛාන්ගෙ ෆිල්ම්ස් බලන්න ඇති.)
මම හිතුව දැන් නම් නරක කාලෙ ඉවර වෙලා කියල..මාත් උන්නෙ සතුටින්..එයාගෙ ඔෆිස් වැඩ ඉගෙන ගන්න වැඩ ඕන දෙයක් කර ගන්න කියල මාත් උන්න ''මම නැහැ වගේ''......ඒ විදියට අපි සතුටින් උන්නෙ අතේ ඇඟිලි වලින් ගනින්න පුලුවන් තරම් දින ගානක් විතරයි....
ආයෙමත් රාජ්ගෙ අර ''අස්වාභාවික ලක්ෂන'' මතුවෙන්න පටන් ගත්ත...එයා ආයෙමත් අස්වාභාවික විදියට හැසිරෙන්න පටන් ගත්ත..
''..මම ඉන්නෙ ගෝල්ෆේස් එකේ දැන්.උදෙන්ම බයික් එකට ෆුල් පෙට්‍රල් ගහගෙන මම ගෙදරින් පිට උනා..''
(ඇහුවට හේතුවක් නැහැ.)
''..මම ඉන්නෙ තාම ඔෆිස් එකේ..එන වෙලාවක් කියන්න බැහැ..''
''..මේ මහ රෑ ඔයා තාම ඔෆිස් එකේ ඇයි?..''  මම ඇහුව...(උත්තරය බොරුවක් කියල මට දැනුන.)
''..මම ඉන්නෙ තනියම බීච් එකේ මට කල්පනා කරන්න ඕනෙ..''
කිසිම හේතුවක් හිතා ගන්න බැරුව මම අන්ද මන්ද වෙලා දුක් වින්ද..කතා කලාම ප්‍රශ්න කලාම අපි රන්ඩු.....
ඔන්න එදා රෑ අපි දෙන්න අපූරුවට කතා කර කර ඉඳල නිදා ගත්තෙ..පහුවදා සුපුරුදු විදියට මම කෝල් කලා උත්තර නැහැ..ආයෙම ආයෙම ආයෙම..කෝල් කලා මෙයා නෙවේ කතා කලේ....
එදා රෑත් මෙයා නැහැ..පෝන් එක තාම රින්ග් වෙනව...ඒත් උත්තර දෙන්න කෙනෙක් නැහැ..ඔය විදියට දෙවෙනි දවසටත් එලි උනා..ඒ වෙද්දි මම එස්.එම්.එස් 20 කට වඩා යවල...

එයා එහෙම අතුරුදහන් උනාම මම අර තරම් කලබල වෙන්නෙ ''සැක කරන නිසා''  නෙවේ...
එයා කිව්ව විදියට,එයා දරුනු හදවත් රෝගියෙක්..!!.   3 වතාවක් මිය යන්න ගිහින් බේරුන කෙනෙක්...!! නිතරම ගෙදර ප්‍රශ්න නිසා ඔලුව හැරුන අතේ යන්න හදන කෙනෙක්...!!

අනේ ඉතින් කාටද බය නොවී ඉන්න පුලුවන්?..මම මැරෙන්න තරම් බය උනා.......

ඔන්න මම අර යාලුවට කෝල් කරල කිව්වාම එයා කිව්ව තව ටිකක් බලල හොයාගෙන යන්නම් කියල.

ඔන්න ඒ අතර මෙයා ආව ඔන්ලයින්....

''...අපේ තාත්තිට අමාරු වෙලා හොස්පිටල් අරන් ගියා..මම එයා ගාව උන්නෙ..මට පෝන් එක අමතක වෙලා ගියා ගෙදර..අදයි මේ ටිකට් කපාගෙන එක්ක ආවෙ..''
''...ඉතින් මේ විදියට අතුරු දහන් වෙලා ඔයා මාව බය කරන්නෙ ඕක වෙන තැනකින් කෝල් එකක් දීල කියන්න තිබ්බෙ නැද්ද..?''
''..මට ඔයාගෙ පෝන් නම්බර් එක මතක නෑ..ඒක මට මතක තියා ගන්නම බැහැ..''
''...හ්ම්ම්ම්ම්ම්ම්...තාත්තට සනීපද දැන්?..මොකද උනේ එයාට?..''
''..හදිසියෙම අමාරු වෙලා එයාව නිල්මිනි අක්ක ඉන්න හොස්පිටල් එකට අරන් ගියා මීගමුවෙ..ඊට පස්සෙ එතනින් බැහැ කියල කොලඹ ගෙනියන්න උනා..දැන් සනීපයි..අද මගෙ අතින් ජා ඇලදි කාර් එකත් හැප්පෙන්න ගියා..අනූ නවයෙන් බේරුනේ..''
ඔහොම කියන අතරෙදි එයා මෙන්න මෙහෙමත් කිව්ව..
''..නිල්මිනි අක්ක තමා තාත්තිව හොස්පිටල් එකේදි ඔක්කෝම කලේ..අපි එක්කම උන්නෙ..අද එයාව මට ඇල්ලුවෙ නැහැ එයා එන්නෙ නම් වෙන පොටකට..''
''..ඇයි ඒ මොකෝ..?''
''..එයා අම්මි එක්ක වෙනදට වඩා මාර හිතවත්..අද අම්මිව බදාගෙන ඉම්බත් එක්ක..උපුලි ගැන ගෙදරට කියන්න වගේ හදන්නෙ..එහෙම උනොත් මට මාර ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනව..''
''..ඉතින් ඔයා කැමති නැත් නම් නෑ කියන්නකො බලෙන් දේවල් කරන්න බැහැනෙ..''
''..නෑ..මම හෙට නිල්මිනි අක්කගෙ ගෙදර ගිහින් එයා එක්ක කතා කරලම මේක ඉවරයක් කරගෙන එන්නම්කො..''

ඔන්න පහුවදා එයා ඩොක්ටර් නිල්මිනිලගෙ ගෙදර ගිහින් ආව..

''..මොකෝ උනේ ඔයා කතා කලාද?..''
''..ඔව්..''
''..ඉතින්..?''
''..ඉතින් මොකුත් නෑ..මම කිව්ව ගෙදරට කියන්න එපා කියල..එයා ඇහුව ඇයි උපුලිට කැමති නැත්තෙ කියල..මම කිව්ව අකමැති නෑ..ඒත් මම කසාද බඳින්නෙ නැහැ කවදාවත් කියල..''

මම පුදුම වෙලා මේව අහගෙන උන්නෙ...ඒ එක්කම එයා මෙහෙමත් කිව්ව...
''..එයා ඔයාවත් දන්නව..එෆ්.බී එකේ ඔයාගෙ ප්‍රොෆයිල් එකත් දැකල එයා..මට හොඳ දේශනාවකුත් දුන්න..''
''..මම ගැන මොනාද කියන්නෙ එයා..?''
''..මුකුත් නෑ..මම දන් නෑ..''
''..අනේ කියන්නකො..මොනාද එයා මට කියන්නෙ?..''
''..මම දන් නෑ..''
''..දැන් සතියකටත් වඩා ඔයා අමුතු වෙලා ඉන්නෙ..වද දෙන්න එපා ඔහොම මට..ඔයාට තේරෙන්නෙ නැද්ද මම විඳවනව කියල..?''
''..මට තේරෙනව..විඳවන නිසා තමා වෙච්ච දේවල් මොකුත් නොකිය ඉන්නෙ..''
''..වෙච්ච දේවල්? ඒ මොනාද? මොනාද උනේ..?''
''..නෑ..මොකුත් නෑ..''
''..අනේ කියන්නකො මට වද දෙන්නෙ නැතුව..''
''..අයියෝ මටත් කට තියාගෙන ඉන්න බැහැනෙ..''
''..නිල්මිනි මා ගැන ගෙදරට කියලද..?''
''..නෑ..''
''..උපුලි ගැන කියලද..?''
''..නැහැ..''
''..එහෙනම් මොකක්ද කියන්නකො ඔයාට ඔය වෙච්ච දේවල් ප්ලීස්..ප්ලීස්..''

''...මගෙ අතින් ඔෆිස් එකේ සල්ලි වගයක් නැති උනා ලොකු ගානක්...''
 
''..නෑහ්.! කීයක්ද?..''
 
''..රුපියල් තුන්ලක්ෂ අසූදාහක්..''

71 comments:

  1. අඩේ මෙන්න මම මේක එකටම කියවලා තියෙන්නෙ. එන පොට හොද නෑ කෙල්ලේ.....

    ReplyDelete
  2. සතා හැරෙන්නේ පොල් පැළේ කන්න වගේ.එන පොටනම් හොඳ නෑ.ඔයානම් ගොන් හරකියක්ම තමා

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරිනෙ..ගොනා හැරිල තියෙන්නෙ හරකිගෙ පැත්තට....:)

      Delete
  3. හප්පේ ඔය එන්නේ පොයින්ට් එකට...මගේ යාලුවෙකුත් ඔහොම උගුලකට අහු උනා...හැබැයි මගේ යාළුවා කොල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. කොල්ලො කෙල්ලො කියල නැහැ සයුරී....උගුල් වලට හැමෝම අහුවෙනවා...!!:)

      Delete
  4. එනපොට හොඳ නෑ නේන්නම්...!!!

    මෙයා නම් හදවත් රෝගියෙක්ම තමා. හදවතක් තිබිලම නෑ. අනේ කිරිල්ලියේ ඊලඟ පාර කතාවෙන් ඔයා සල්ලි දුන්නා කියලා නම් අපට කියන්ට එපා ඕං...:D

    ReplyDelete
  5. අක්කේ රාජ් ට තිබිල තියන්නේ හදවත් ලෙඩක් නෙමේ මානසික අසහනය. ලංකාවේ හොද ඉස්පිරිතාලයක් තියනව අංගොඩ පැත්තේ අන්න එකකටවත් දැම්මනම් හරි :D

    ReplyDelete
    Replies
    1. මම කිව්ව මල්ලි..ඒත් ඒ ගෙදර මිනිස්සු උනන්දුවක් නෑනෙ..පිස්සුව ඌම හොඳ කර ගනීවි ලඟදිම....

      Delete
  6. හෙහ්... හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා තියෙන්නේ අපූරුවට! අනේ මන්දා ඔයා නම් පව් නංගා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ලහිරු..එයා පව්ව්ව්ව්ව්..!

      Delete
  7. මටත් කියන්න තියෙන්නෙ පොඩ්ඩි කියපුදේම තමයි. සල්ලි දුන්න කියල කියන්න එපා ඊලග පෝස්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. මම කියන්නම් ඔයාල බලල නොදැක්ක වගේ ඉන්න.....

      Delete
  8. පුදුම මනුස්සයෙක් නේ !!
    මම හිතුවේ රාජ් හොද කෙනෙක් වෙලා ඇති කියලා. බැලින්නම් බොරු රඟපෑමක් නේ.
    ඒක නෙමේ නංගි සල්ලි දුන්නද ?

    ReplyDelete
  9. කිරිල්ලි අයියෝ ඔයා එයාට සල්ලි දුන්නද?

    ReplyDelete
    Replies
    1. අනිත් කොටසින් කියන්නම්කො...

      Delete
  10. වචනෙන් දෙකෙන් තේරෙනව මොනවගේ කෙනෙක්ද කියල.. ඔයාට තේරුණේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්..මම මේක ලියන්න ගත්ත මුල් වචනෙ ඉඳන්ම මෙයා ගැන කිය කියනෙ ලිව්වෙ ඒ නිසා ඔයාලට තේරෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම.....

      Delete
  11. අනේ මන්ද කිරිල්ලියේ, ඔයානම්....
    පොකු කියපු එකම තමයි මටත් කියන්න වෙන්නේ
    ඔය සල්ලි සම්බන්ධ දේවල් ආදරයේදී එක පාරට ඉස්සරහට පනිනවා කියන එකේ තේරුම හරි භයානකයි
    ඔයා ඔන්ලයින් හරි මේ මනුස්සයව දැකල තියෙනවද
    කතාව අවසානයේ මේ මිනිහගේ සම්පුර්ණ නම ගම සහිත විස්තරයක් අපි බලාපොරොත්තු වෙනවා
    ඒකෙන් තව කෙල්ලෝ කීප දෙනෙකුට හරි සෙතක් වෙයි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..මම මෙයාව ඔන්ලයින් දැකල තියනවා...පොටෝ තියනව මා ගාව.මෙයාගෙ කටහඬ තියනව මා ගාව...ඔක්කෝම විස්තර දෙන්නම් ඔයාලට....

      Delete
  12. හා... ඔන්න තවත් ගැටයක්..:@ ශික්... මේ වගේ කැත මනුස්සයෙක්නම්..... යන්න ආත්මයක් නෑ...ඔව්ව්.. ඔන්න මටත් කියන්න තියෙන්න් ඊළඟ පෝස්ට් එකෙන් කියන්න නම් එපා. ඔය ඒ සල්ලි ටික එයාට යැව්වා කියලා..:/

    ReplyDelete
    Replies
    1. අපොයි දැන් මම කෝමද ඊගාව පෝස් එක ලියන්නෙ දෙවියනේ?

      Delete
  13. තුන්ලක්ෂ අසුදාහ ගානක් නෙමෙයි...හැබැයි එකක් මමනම් පුද්ගලිකව ඔයා වගේ කෙල්ලන්ට ආස නෑ..බාගෙදා ජීවිතේ තාම නොට් කනෙක්ටඩ් ඉන්නෙ ඕ නිසා වෙන්නත් ඇති...
    අපි ලව් කරනව කියන්නෙ කෙල්ල හැමදේම මගෙ ්දැනගෙන ඉන්න ඕනි කියන එකද??
    යන එන කන බොන තැන් හැම දෙයක්ම එයා දැනගන්න ඕනිද?? ඒකෙ අනික් පැත්තටත් මම ගරු කරනව...මගේ ගර්ල්ගෙ හැම යාලුවම හැම දේම මම දැනගෙන ඉන්න ඕන නෑ...
    මාව අවුරුදු 4ක් තිස්සෙ දන්න හොඳම යාලු ගෑල්ලමයෙක් කිව්වෙ ඔයා තේරුම් ගන් බෑ කියල..ඒක වෙන්න පුලුවං..මොකද එයා උණත් ඔක්කොම මගේ දේවල් දැනගන්නවට මං ආස උන් නෑ...
    සොරි මේක අදාල නැති වෙන්න පුලුවං..ඒත් මේ මං හිතපු දේ..මට දැනුන දේ..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම් පඬිතුමෝ...!
      තුන්ලක්ෂ අසූදාහක් මට නම් ලොකු ගානක්...මේ ඒක නෙවේ මොකක්ද අර මට කොනෙක්ට් වෙලා නැහැ කිව්වෙ?..අයියෝ..පඬිතුමා..අවු 21 කෙල්ලෙකුට ජීවිතේට කොනෙක්ට් වෙන්න ඕන දේවල් ඉහටත් උඩින් මට කොනෙක්ට් වෙලා තියෙන්නෙ..ඔයා මාව දන්නවද නැහැනෙ...ඉතින් මගෙ මේ එක පෝස්ට් එකක් කියවල ඔයා මට ආසා නෑ කියන්නෙ? අනේ මං නම් ආසාවෙ බැරුවා...හී..හී..!!....මාත් ලව් කොරන කෙනා යන එන කන බොන ඇසුරු කරන අය ගැන හොයල බලන එච්චර මහන්සි වෙන්නෙ නැහැ..මොකද ඒතරම්ම එහෙම උනන්ඳුවෙන් හොයල බලන්නෙ අර අල්ලලා බැඳගත්තට පස්සෙනෙ පඬිතුමා..!!

      Delete
    2. කෙල්ලෙක් තමන්ගේ කොල්ල ගැන හොයා බලන්නෙ නැතුව අහවල් කෙනා ගැනද හොයලා බලන්න ඕනේ ? නැද්ද කෙල්ලෙ ...
      බැඳීමක් කියන්නෙ ඒකට නෙමේද ? මොකද කෙල්ලෙක් කවදාවත් වෙන කොල්ලො මොනාද කරන්නෙ කියලා හොයන්න යන්නෙ නෑනෙ...ඒක ආදරය... අර කවුද කියනවා වගේ බොළඳ නොවී " සීරියස් " මූඩ් ලව් කරන්න පුළුවන් කාටද දන්නෙ නෑ ...මොකද හැමෝම මොන පඬි වදන් දුන්නත්....ආදරේ ලඟදී පට්ටම පට්ට බොළඳයි...

      Delete
    3. හී..හී..හී......දිල් අක්කි.....ඔය ඒ දන්ඩෙ යන්න බැරි අයට ඒවා තේරුම් ගන්න පුලුවන්ද අනේ...
      ආදරේ කරද්දි අනිත් කෙනා ගැන එයාට කරදරයක් වෙන තරමට හොයල බලනවා නම් තමා ඒක නියම ආදරයක් වෙන්නෙ...එතකොට තමා ඒ ආදරේ ගැනත්,අනාගතේ ගැනත් සිකියුරිටි එකක් හිතේ ඇති වෙන්නෙ....
      ඒකෙන් අදහස් කරන්නෙ නැහැ එයාගෙ හැම පුද්ගලික දේකටම හැම තත්පරේකදිම ඇඟිලි ගහන්න ඕනෙ කියල...
      ((ආදරවන්තයො අතර විතරක් නෙවේ,විවාහ උන දෙන්නෙක් අතර උනත් තම තමුන්ගෙ පෞද්ගලිකත්වය කියල එකක් තියනවනෙ...))
      මේ..ඒක නෙවේ ඔයා තාම 'කොනෙක්ට් කරන්' නැද්ද දිල් අක්කි..?????..හක හක හක:):):):):)

      Delete
    4. නෑනෙ කෙල්ලෙ ...අපි ඔටුවො නෙ...තාම කොනෙක්ට් නෑ...හි හී හී

      Delete
  14. හොරුන්ගෙත් හොරු කම්බ හොරුලූඌඌඌඌඌ

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..ඇත්ත....මෙයා කම්බ හොරෙක්..!!

      Delete
  15. .\\''රෙද්දට ගිනි ගත්තාම ඒක කඩල අහකට විසිකරල දාල වෙන එකක් ඇඳ ගන්නව මිසක්..පිච්චෙනවෝ..දනවෝ..බේරගනියෝ..කිය කිය කෑගහ ගහ ඉන්න සිරිතක් නැහැ'' තමා...ඒත් හිතේ බැඳුනු ආදරයක් ඇඟවටේ ඔතා ගත්ත රෙදි කඩමාල්ලක් තරමට බාල්දු කරල අහකට විසි කරන්න බැරි අයත් ඉන්නවනෙ නේද?\\ ඔයා අහුවෙලා තියෙන්නේ අර රෙදිකල්ල විසිකරන ජාතියේ එකෙක් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒත් මම කවදාවත් ගිනි අවුල ගත්තෙ නැහැනෙ..:(

      Delete
  16. නොදැක්ක නොදන්න එයාට
    ඔය තරම් ආදරේ කලේ ඇයි කියලා
    මම ඔබෙන් අහන්නේ නෑ
    ඒත් ඔය තරම් මෝඩකම් කලාද කියල නම් අහන්න වෙනවා සහෝදරී.....

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් මම කරපු මෝඩකම මොකක්ද සහෝදරී??..:):)

      Delete
  17. කිරිල්ලි ශුවර් එකටම රාජ්ට සල්ලි දිලා තියෙනවා.. එහමනේ.. බලමුකො අනිත් කොටසින්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ...මම හොඳ ලමයෙක් ද? මෝඩයෙක්ද?

      Delete
  18. මාත් හිතන්නේ සල්ලි දීලා ඇති ෂුවර් එකටම :/

    ReplyDelete
  19. ඇත්තටම ඔයා එදා හිටපු තත්වය මට තේරුම් ගන්න පුලුවන්.මොකද මටත් තියෙනව ඔයවගෙ අත්දැකීමක්.හැබැයි ඔයාගෙ එකට වැඩියෙනම ඒක ගොඩක් වෙනස්.අපි මොනදේ කිව්වත් ආදරය කරද්දි හරි කව්ද,වැරදි කව්ද කියන එක තීරණය කරන්න හරිම අමාරුයි.කෙල්ලෙක්ටනම් ඔක ගොඩක් අමාරු වෙනව මොකද කෙල්ලෙක් අවන්කවම ආදරය කරද්දි ඒකට ගොඩක් සංවේදී වෙන හින්දයි.අනික හැගීම් ඉදිරියෙ ඔනම කෙනෙක්ගෙ බුද්ධිය යටපත් වෙන හින්ද ඒක අපි කාටත් පොදුයි.

    මේකෙ අවසානය මොනවගේද කියලනම් දැම්ම හිතන්න අමාරුයි.හැබැයි මේක හොදම හරිය පටන් ගත්තෙ දැන්කියලනම් හිතාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. දෙයක් දිහා සාධාරනව..යුක්තිසහගතව බලන්න පුරුදු උන,බුද්ධිමත්ව කතා කරන්න ඉගෙන ගත්තු ඔයාල වගේ අය නිසා මට මේ අසාධාරනය දිගටම ලියාගෙන යන්න ලොකු ශක්තියක් ලැබෙනවා....මේක මට වෙච්ච දෙයක් විදියට නෙවේ මම සලකන්නෙ...තව අහිංසකයො කීදෙනෙක් මේ වගේ අධමයින් නිසා අමාරුවෙ වැටිල දුක් විඳිනවද? ඉදිරියටත් එහෙම දේවල් නොවෙන්න අනිත් අයව දැනුවත් කල යුතුයි නේද? මගේ පරමාර්ථය ඒකයි...අවංකවම ගොඩාක් ස්තූතියි..!!

      Delete
  20. කිරිල්ලි ආදරේට ආදරේ කරලා......එයාව රවට්ටයි කියල නොදැන......නොහිතා.....ඒක මෝඩ කමක් කියල කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. මුතු...මම ආදරේ කලේ.............
      අපේ පරම්පරාවට..පවුලට..ආගමට..කුලයට..ආර්ථිකයට..තියා අඩුම ගානෙ පෙනුමෙන් වත් මට ගැලපෙන්නෙ නැති කෙනෙකුට....!!
      එයා ''අවජාතකයෙක්'' කියල කිව්වෙ එයාමයි...!!
      එයා ''මැරෙන්න ගිය හදවත් ලෙඩෙක්'' කියල කිව්වෙ එයාමයි...!!
      තමුන්ගෙම අම්මගෙන්,,තමුන්ගෙම පවුලෙන් හිරිහැර විඳින,ලෝකයෙන්ම අවමන් විඳින කාමරේකට කොටුවෙලා තනියම කාත් කවුරුත් නැතුව ජීවත් වෙන කෙනෙක් කියල කිව්වෙ එයාමයි...!!

      මේවා ඔක්කෝම දන්නව නම් මගෙ අයියල අම්ම මාව මේ දැන් උනත් බෙල්ල මිරිකල මරලා දමාවි.....ඒත් මම ආදරේ කලේ මුලු ලෝකෙම එරෙහි උනත් එයාගෙ පැත්තයි ගන්නෙ කියල ස්ථීරවම තීරනය කරන්....

      මීට වඩා දෙයක් ආදරේ වෙනුවෙන් මේ ලෝකෙ කාටවත් කරන්න පුලුවන්ද????????

      එහෙම මාවද මෙහෙම රැවැට්ටුවෙ??

      Delete
  21. හපෝ එපා උනා රාජ්ට කොච්චර කියලා කියලද මම හිත හැදුවේ...ඌව හදන්නම බෑ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඔයාගෙ මහන්සිය....බෑ බෑ හදන්නම බැහැ......අර අරවලින් මිටියක් එවන්නකො බලන්න..හප හප ඉන්න දෙන්න......

      Delete
  22. ඔය ආවෙ ගොනා පොල් පැලේට.. මම මේක කියවන හැම තිස්සෙම හිතුවේ මුගේ මේ ඔන්ලයින් රගපෑමේ තේරුම මොකක්ද කියල... දැන් කියපන් නංගි උබ සල්ලි දුන්න කියල... අනිවා දෙන්න ඇති...

    ඉක්මනට ඉතුරු ටික දාන්න බලන්න... හැම කොටසකටම කමෙන්ට් නොකරට අහු උන ගමන් අතෑරුන ටික බලනවා...

    ReplyDelete
    Replies
    1. මම කිව්වනෙ ගොනා හැරුනෙ හරකි පැත්තට කියල....

      Delete
  23. ඔයා මේ කියන කතාව ඔයි විදිහටම මීට වඩා හමුවීම වෙනස් විදිහට මටත් සිදු වුනා..මම ඔයා තරම් සල්ලි තියෙන කෙල්ලක් නෙමේ කිරිල්ලි..මට හම්බෙන විසිදාහෙන් මම එයාට ඕන කරන දේවල් අරන් දුන්න..අම්මල සලකන්නැහැ කිව්වම අම්මෙක් වගේ එයාව බලාගත්තා..ඉගැන්නුව..ගොඩාක් පරිස්ස්ම් කරා..අවුරුදු 2ක් තිස්සෙ මම එයාට ගොඩක් රැවටුනා..ඔයාට වගේම මටත් එයා කෝල් කලේ නැහැ..මම කෝල් කලා..ෆොන් බිල් ගෙව්ව..ඒත් එයා ඒවයින් එයා බඳින්න ඉන්න ගෑනු ළමය එක්ක සතුටු වෙලා..ඔයි බොරුවමයි මටත් එයා කලේ..මේක බලද්දි මෙහෙම රැවටුන එකම එක්කෙනා මම නෙමෙයි කියල මට දැනුනා..එයත් ගිය අවුරුද්දෙ දෙසැම්බර් 8 මටත් වඩා ඉස්සර ඉඳල යාලු වෙලා ඉඳපු ළමය මැරි කරල..ඔයාට වගේම මටත් කවඩාවත් ආදරෙන් වචනයක් කතා කරලවත් මුන ගැහෙන්නත් දෙපාරකට වඩා ආවෙවත් නෑ..මම හිතුවෙත් ඒ එයාගෙ අසරනකම කියල..ඒත් එයා අද මාව අසරන කරල ..අද වෙද්දි මගේ එකවුන්ට් එකේ තියෙන්නෙ රුපියල් 60යි..ඒ තරම් එයා මාව අසරන කර.. ඇත්තම කියනවනම් අද මට ඔෆිස් අදින්න සාරියක් ගන්න සල්ලි නෑ..තාම එයාට ඉගන ගන්න උන ණය ගෙවනවා..මගේ තාත්ත ඩ්‍රයිවර් කෙනෙක්..අම්ම රැකියාවක් නෑ..මම එයාලට උදව් නොකර අරයට ආදරේ කලේ..මගේ අහින්සක අම්මයි තාත්තයි මේව දන්නෙ නෑ..ඒත් එයා සල්ලි තියෙන ගෑණු ළමයෙක් බැඳල අද වෙද්දි ගොඩක් සතුටින් ඉන්නවා..මේක තමයි ජීවිතේ..දැන් මගේ ගෙදරට මාව බරක් වෙලා..ඔයාගෙ කතාවයි මගේ කතාවයි දෙකම එකයි..

    ReplyDelete
    Replies
    1. දිනු.....මට සල්ලිවලට වඩා ගොඩාක් ගොඩාක් පෝසත් හිතක් තියනවා.....ඔයාගෙ කතාව ඇහුවම පපුව හාරගෙන ගින්දර වගේ කඳුලු බිංදු ගොඩාක් වැක්කෙරුනා කම්මුල් දිගේ......

      ඒ අමනුස්සය ට දෙවියන්ගෙන් දඬුවම ලැබෙන්න කලින් එයාගෙම හෘදශාක්ෂිය දඬුවම් දෙනවා....ඒකෙන් එයාට ගැලවෙන්න බැහැ...ඔයා හිතන වද එයා ඉන්නෙ එයාගෙ වයිෆ් එක්ක සතුටින් කියල? නැහැ....එයා හිතින් විඳවනවා....
      අද හෙට නොවුනත් අනාගතේදි ඔයා කල යහපත් හොඳ දේවල් ඔයාට ආපසු ලැබෙනව..අත්දැකීමෙන් කියන්නෙ...දුක් වෙන්න එපා..ඔයා මම විතරක් නෙවේ,මේ වගේ අමනුස්සයින්ට රකුසන්ට පනපිටින් අහු උන තව අය ගොඩාක් ඉන්නව...

      මිහිපිට ඉපදුන දෙවි දේවතාවුන් වැනි මිනිසුන් කෘර අමානුසික විදියට රවටල,තමුන්ගේ පහත් සිතැඟි මුදුන්පත් කරන් අහිංසකයින් ගිනිගොඩවල් වල දාල හිනාවෙවී දිවිගෙවන, අමනුස්ස රකුසනේ....උඹලාට ශාප වේවා..ශාප වේවා..!!!!! උඹලා ඕවා ඉදිරියෙදි වමාරන්නෙ උඹලාගෙම ඇඟේ තිබෙන රතු ලේත් එක්කමයි....!!!!!!!

      Delete
    2. මෙන්න මෙයාට මල පැනල..:P

      Delete
    3. අර තරම්ම ජීවිතේ අහිංසක තත්වෙක ඉන්න කෙල්ලෙක්ටත් එහෙම කරන්න පුලුවන් නරුමයො ලංකාවෙ ඉන්නවද අයියෙ?

      Delete
    4. මිනිස්සුන්ගෙ හිත් මොනවගේද කියන එක ඔයා තාම අදුනගෙන නෑ.තව ගොඩක් අයත් එහෙමයි.හැබැයි එක හරියට අදුනගන්න කොට ගොඩක් පරක්කු වෙලා. mind reader එකක් තිබුනනම් අහගන්න තිබුන ඔය හිත්වල තියන කුනුගොඩවල්.

      Delete
    5. මම ලංකාවෙන් පිට උනේ වයස 9 දි...මෙහෙදි අඳුන ගත්ත මිනිස්සු හරි විවෘතයි...ඒ නිසා එයාලවත් එයාලගෙ හිතුත් අඳුන ගන්න හරිම ලේසියි...මම හිතුවෙ අපේ රටේ අයත් එහෙමයි කියල....අනික අපේ අය, බුදුදහම..ශිෂ්ඨාචාරය..සදාචාරය..සංස්කෘතිය...කියන ඔය එකී මෙකී නොකී මොනාද මොනාද ඒවා ගැන මුලු ලෝකෙටම පේන්න මරහඬ තියල කෑගහනවනෙ....ඉතින් මම හිතුවෙ මෙහෙටත් වඩා..මුලු ලෝකෙන්ම උතුම්ම ජනතාව ඉන්නෙ අපේ සිරිලංකාවෙ කියල......ඒකනෙ මේ තියන ඔක්කෝම දේවල්, අම්ම සහෝදරයො පවා මෙහෙ දාල ගිහින්, මම ලංකාවෙයි කවද හරි ජීවත් වෙන්නෙ මැරෙන්නෙ කියල මාත් මර හඬ දුන්නෙ....හප්පා දැන් නම් ඒක භයානක හීනයක්...!!!!!

      Delete
  24. අනිච්චේ දුක්කේ..ඔන්න කැෂ් අවුට් එකක්...බලමුකො..බැලන්ස් කොරගන්ඩ පුලුවන් වෙයිද කියල..සහොදරි එක උබට අමාරු වෙන්ඩ විදිහක් නෑ

    ReplyDelete
    Replies
    1. හෙ..හේ.....මගෙ ජොබ් එක එකවුන්ට්ස් හැන්ඩ්ලර්....ඕවත් වැඩද අයියෙ...

      Delete
  25. ඔයා හිතින් පොහොසත්. කවදාහරි ඒකට වටිනාකමක් ලැබේවි.
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න. ඔයා තව කී පාරක් සල්ලි දීලද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔයා හරි මගෙ හිත පෝසත් වගේම ඒක හෙන හයියයි...ඔය පව්කාර කාලකන්නියෙකුට බැහැ මාව වට්ටන්න.....මම සැලෙන්නෙ නැහැ.....ආයෙත් ලබා ගන්න බැරි දේවල් මට නැති උනේ නැහැ.....

      Delete
  26. දවස් 4 ක් තිස්සෙ ඔයාගෙ බ්ලොග් එක කියෙව්ව..අද තමා ඉවර කලේ..එකම කතාව යන නිසා ඔක්කොම කියවන්නැතුව කරල වැඩක් නෑ කියල හිතුන..ඔයා ගැන ආඩම්බරයි කිරිල්ලියේ මෙච්චර දුක හිතෙන කඳුලු කතාවක් මේ තරම් හිත ෂක්තිමත් කරන් ලියන්න හැකි වීම පිළිබඳව..අද ඉදන් හැමදාම මේ නරුමයගෙ සත්‍ය කියවන්න මම අනිවාර්යෙන් කිරිල්ලිගෙ කූඩුවට එනවා..

    ReplyDelete
    Replies
    1. හලන්න කඳුළු තවත් නැති වෙලා..හදවත වේලිලා වේලිලා කලුගලක් උනාට පස්සෙ.......අළුපාට හැන්දෑව පටන් ගත්ත මම....ඔයාලටත් කියල මේ වගේ රකුසන්ව විනාශ කරලම දාන්න හිතාගෙන.....ඔයාලගෙ සහයෝගය මහමෙරක් තරම් වටිනවා මට වගේම තව මේ වගේ අපේ අහිංසක කෙල්ලන්ට.....! ස්තූතියි අනේක වාරයක්...!!

      Delete
  27. හුරේ ඔය හැරෙන්නේ ගොනා පොල් පැලේට. මට තෙරුම් ගන්න බැරි මෙවා මෙච්චර රටේ ලෝකෙ සිද්ද වෙද්දි ඇයි තාමත් මිනිස්සු මේවට අහුවෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බුද්ධියට යටවෙන හදවත් පවතින තාක් කල් මේ වගේම තව දේවල් සිදු වේවි....බයට ලැජ්ජාවට හෝ වෙන යම් කරුණු නිසා මේවැනි සිදුවීම් ලෝකෙට කියන්නෙ නැතුව වසංගගෙන ඉන්න විටත් මේවා තව තවත් සිදු වේවි....

      Delete
  28. මට හිතුනා කොහෙදි හරි පොල් පැළේ පැත්තට කිට්ටු කරයි කියලා.

    දාන්නකො බලන්න ඔය බුවාගෙ පිංතූරයක්........

    ReplyDelete
    Replies
    1. මේ බූවා නෙවේ බූවල්ලා..ඉන්නෙ දංකොටුව හරියෙ...ඉක්මනින් දෙන්නම් පොටෝස්.....

      Delete
  29. හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා... තැනූ මාලිගා...

    මේක මම හදපු එකක් නම් නෙමෙයි. ධම්මික ඒකනායක කියන ගායකයගේ සින්දුවක්

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ආදරෙන් පිළිගන්නව කිරිල්ලි අළු පාට හැන්දෑවට.....
      ඔය සිංදුව අහල මම ඇඬුව කාලයක් තිබුන..රැවටිලා බව නොදැන තනියම හදපු මාලිගා ගැන හිත හිත....මම දැන් ඕක අහන්නෙ නැහැ.....ස්තූතියි ආයෙත් එන්න.....

      Delete
  30. නංගි ඔයා මෝඩයි කියල මං කියන්නෙ නෑ.. එක තමා ගෑනුකම කියන්නෙ. අපි කෙනෙක්ට ආදරේ කරනකොට ඉර පෙන්නල හඳ කීවත් අපි පිලිගන්නවා.. එත් පිරිමි කරන්නෙ අදරේට මුවා වෙලා අපෙ හිත හොඳ කමෙන් අයුතු ප්‍රයොජන ගන්න එක.කාලයක් ඔයා වගේම මමත් දුක් විඳලා හොයපු සල්ලි කිසිම ලෝබකමක් නැතුව මිනිස් වෙසින් හිටිය තිරිසනෙක්ට දුන්නා.. ණය අරන් සල්ලි දුන්නා.හැමදාම කෝල් කලෙ නැත්තෙ ඇයි අහනකොට ෆෝන් එකේ සල්ලි නෑ කියන නිසා සිම් එකක් අරන් දුන්නා.. අන්තිමට උනේ එකෙන් රට වටේ ඉන්න ගෑනුන්ට කතා කරපු බිලුත් මටම ගෙවන්න උන එක.. ඒත් මං අද සතුටු වෙනවා මොන දේ නැති උනත් ඇත්ත තේරුම් අරගන්න පුලුවන් උන එකට.මං අද ගොඩක් සතුටින් ජීවත් වෙනවා.ඒත් අර මිනිහා නන්නත්තාර වෙලා යන එනමන් නෙතුව ඉන්නවා . හැබැයි මැරෙන්න ලන් වෙලා පාරෙ වැටිලා හිටියත් මම නම් හැරිලා බලන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන මම ආඩම්බර වෙනව අක්කෙ......තාවකාලික සුවයක්,පොඩි වින්ඳනයක්,බල්ලොත් කන්නෙ නැති සල්ලි ටිකක් නිසා ඔය ජාතියෙ උන් අපිව රැවැට්ටුවට...අන්තිමට මහ පාරෙ හිඟන්නො වෙන්නෙ උන්ම මිසක් අපි නෙවේ.......මාත් ගොඩාක් සතුටින් ඉන්නවා.....අළුපාට හැන්දෑවට ආවට ගොඩාක් ස්තූතියි....ආයෙත් එන්න......

      Delete
  31. "සෑම්" මේ පැත්තේ ආවමයි. සිරා කතාව.

    මම දන්න රාජ්ලා දෙන්න නෙවේ නේද ? :)

    ReplyDelete
    Replies
    1. හලෝ සෑම්..! මම ඔයාව දැකල තියනව අනිත් බ්ලොග් වලදි....සතුටුයි කිරිල්ලිව බලන්න ආවට....අනේ නැහැ ඔය ඉන්නෙ උඩින් අනිත් රාජ්ල දෙන්න..ඒ දෙන්න මගෙ යාලුවොනෙ.... ඒ දෙන්න නිවුන්නු...:):)

      Delete
  32. මට්ටියේ . හොස්පිටල් එකේ හිටියා ගෙදර ෆෝන් එක තුබුණා කියුව නේද? ඔයා කොල කරපු තරමට සහ මැසේජ් යවපු තරමට එකේ බට්‍ර්ය් බැස්සේ නැත්තේ මොකෝ? එකෙන්ම තේරෙනවා බොරුවක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ..මූ කිව්ව ඔක්කෝම බොරු....උගෙ ඇත්ත නමයි,උපන් දිනෙයි විතරයි මට ඇත්තක් විදියට කියල තිබුනෙ....ඒක කිව්වෙත් උගෙම වාසියට...නොකිය බැරි කමට.......

      Delete