My Blog List

Sunday 8 January 2012

වෙස්මූණ........!!

(අළු පාට හැන්දෑව 18..)
එදා මුලු දවසෙම රාජ් ගැන කිසි තොරතුරක් දැනගන්න බැරි උන දවසක්..පාන්දර ඉඳන්ම පෝන් එක ඕෆ්.ඔන්ලයින් නැහැ..අඩුම ගානෙ මට එකම මිස් කෝල් එකක් වත් නැහැ..මම හොඳටම බය උනා..මෙයාට කරදරයක්ද?හදිසියෙ ආයෙමත් අසනීප උනාද?
පුංචි දේකටත් ගොඩාක් කලබල වෙන ගොඩාක් හිතන දුක්වෙන සංවේදී හිතක්(මෝඩ හිතක්.)මට උපතින්ම පිහිටල තියෙන්නෙ.....
මහ රෑ වෙන තුරු මම කන්නෙ නැතුව නිදි නැතුව බලන් උන්න..ඔන්න මෙයා රෑ ආව ඔන්ලයින්....
''..ඔයාට මොකද උනේ අද දවසෙම ඔයා නැත්තෙ ඇයි?..'' මම ඇහුව...
''..මට කරදරයක් උනා මම ගමනක් ගියා ඔෆිස් එකේ අයිය කෙනෙක් එක්ක..''
''..මොකද උනේ? ඇයි මට කිව්වෙ නැත්තෙ? ඉතින් ඇයි පෝන් එක ඕෆ් දවසෙම?..'' මම කලබලේට ප්‍රශ්න වැලක්ම ඇහුව...
''..පෝන් එක වහන් උන්නෙ ගෙදරින් මට කතා කරන නිසා..වෙච්ච දේ කියන්නම්කො තව දවස් තුන හතරකින්..''
''..ඇය් ඒ දැන් කියන්න බැරි? අනේ මට කියන්න මොකද උනේ?..''
''..මම කිව්වනෙ දැන් කියන්න බැහැ කියල සෙනසුරාදට කියන්නම්..අහන්න එපා එතකම්..මට කරදර කරන්න එප..තේරුනාද..?''

මම ඊට පස්සෙ ඒ ගැන කතා කලේ නැහැ..ඒත් මම ඒ ගැන හිත හිත දුක් වින්ද...පුදුම කතාවක්නෙ..එයාට කරදරයක් උනාලු..දවසෙම මොනා උනාද කියල දන් නෑ ඒත් කියන්න බැරුලු....
එයාගෙ අස්වාභාවික චරිතෙ ගැන හිතල මම සෙනසුරාද වෙනකම් බලන් උන්න...
සෙනසුරාද හවස මම ඇහුව..
''..අද මට කියනවද ඔයාට මොකෝ උනේ කියල..?''
''..මොකුත් උනේ නැහැ ඒක දැන් ඉවරයි..''
''..ඔයා මහ පුදුම කතානෙ කියන්නෙ එදා කිව්ව ලොකු කරදරයක් කියල සෙනසුරාදට කියන්නම් කියල  අද කියනව මොකුත් නෑ ඒක ඉවරයි කියල..'' මට තරහ ගියා...ඇත්තම කියනවා නම් මේ දවස් වෙද්දි මට ඉක්මනින් තරහා යන ගතියක් තිබුනා..මම හැම වෙලේම උන්නෙ නොසන්සුන් කමෙන්..ඔලුවෙ බරක් තියාගෙන..දුකෙන්..ආදරේ කරන අය ඉන්නෙ සතුටින් නේද? මේක ආදරය කරන ආදරය ලැබෙන කෙනෙකුට තියන මානසික තත්වයක් නෙවෙ පිස්සුවක්...මහා බරක්...!!!!
ඒ පාර එයා ඔන්න කියන්න පටන් ගත්ත එයාගෙ ප්‍රශ්නෙ....

''..මේකයි උනේ ඔන්න එදා උදේ අම්මියි තාත්තියි රන්ඩු උනා මා නිසා...තාත්ති ගියාට පස්සෙ අයියා ඇවිත් මට බැන්න තමුසෙ යනවකො ඕයි යන්න මෙහෙන් පිටවෙලා අපිටවත් සැනසීමෙන් ඉන්න තමුසෙ නිසානෙ මේ ඔක්කෝම ප්‍රශ්න කියල එයා මට බැන්න..''
''..ඉතින් ඔයා මොකද කිව්වෙ එයාට..?''
''..මම මොනා කියන්නද වෙනදා වගේම මගෙ කාමරේට වෙලා මම ඇඬුව..''
''..ඉතින් ඔයාගෙන් එයාලට උන ප්‍රශ්නෙ මොකක්ද?..''
''..මගෙන් එයාලට කිසිම වැරද්දක් වෙලා නැහැ..මම එයාල ඔක්කෝටම ආදරේයි..ඒත් මාව පෙන්වන්න බැහැ කාටවත්..'
''..ඉතින් ඊට පස්සෙ මොකෝ උනේ?..''
''..මොකුත් නැහැ මම ගියා ඔෆිස් එකේ අයිය කෙනෙක් එක්ක මට ඉන්න කාමරයක් හොයා ගන්න, එකක් හම්බ උනා..ඒත් තාත්ති ගෙදර එනකම් ඉන්න ඕනෙ කියල යන්න..ඒකයි මම ඔයාට කිව්වෙ අද කියන්නම් කියල තාත්ති එනකම් උන්නෙ මම...''
''..ඉතින්..''
''..තාත්ති ට මම අඬල කිව්ව මේ ගෙදර මට තවත් ඉන්න බැහැ,මම නිසා ඔයාල රන්ඩුවෙන්න අසතුටෙන් ඉන්න ඕනෙ නැහැ.. මම වෙනම ඉන්න යනව කියල..ඉතින් තාත්ති මට යන්න එපා කිව්ව..පස්සෙ කෑම කන වෙලාවෙ තාත්ති අය්යට හොඳටම බැන්නලු..චූටිපුතා මේ ගෙදරින් අඩියක් යන්නෙ නැහැ කොහෙවත්, ඕන එකෙක් ඉන්නව නම් යන එකයි තියෙන්නෙ කියල..අයිය තරහ වෙලා ගියාලු කෑම කන්නෙත් නැතුව..දැන් එයා අපි එක්ක කෑමට ඉඳගන්නෙ වත් නැහැ..''
''..ඔයාට කවුද කිව්වෙ ඒක?..''
''..මට කිව්වෙ අක්ක..''(නෑනා)
මට එවෙලෙ ඒ අයිය එක්ක ආවෙ ඉවසගන්න බැරි තරම් කේන්තියක්..එදා මම ඒ අයියට නමකුත් දැම්ම ''මරුමුස්'' කියල..එදා ඉඳන් මම එයාව හැඳින් වුවෙ ''මරුමුස්'' කියල....
''හොඳ වැඩේ එයාට ඕනෙ නම් යන්න කියන්න ඕන දේවාලෙකට.ඔයා හෙල්ලෙන්න එපා ගෙදරින්..මහ පුදුම මිනිහෙක්නෙ..එක අම්මගෙ බඩින් ඉපදුන නිසා නේද එක්කුසේ උපන් කියන්නෙ?එයාට ඒක තේරෙන්නෙ නැද්ද?ඔයාටත් හොඳටම අයිතිය තියනවනෙ ඔයාගෙ අම්ම නිසා යන්න එපා කොහෙවත් ඔයා..''
''..නැහැ මම යන්නෙ නැහැ..'' එයා කිව්ව...

ඔය විදියට නිතර නිතර එයා අතුරුදහන් උනා...හැමදාම කිව්වෙ..ඔෆිස් එකේ මීටින් එකක්...පෝන් එක ගෙදර අමතක උනා..පෝන් එක ඕෆ් වෙල දන්නෙම නැතුව..ඔෆිස් එකේ වෙන වැඩකට පිට ගියා පෝන් එක ඔෆිස් ලාච්චුවෙ..මල්ලිව බලන්න කනත්තට ගියා පෝන් එක ඕෆ් කරන් උන්න..අම්මල එක්ක තරහ වෙලා බීච් එකට ගිහින් උන්න තනියම පෝන් එක ඕෆ් කරන්..ඔය අතරෙදි මෙහෙමත් උනා....

''..අපේ හලාවත තියන පොල්වත්තකට හොරු පැනල හෙන කේස් එකක් ඒක සෙට්ල් කරන්න උනේ මට. ඒකට ගියා හදිසියෙම..''
මම එයා කිව්ව දේවල් විශ්වාස කලා..ආදරේ කරන්නෙ විශ්වාසය නිසානෙ....
එයා ගාව මොබයිල් පෝන් 2 ක් තිබුන..එකක් එයාගෙ එක..අනික එයාට ඔෆිස් එකෙන් දීල තිබුන එක කිව්ව..එයාට මම ඔය දෙකටම කෝල් කලා..ඒත් එයා මට මිස් කෝල් දෙන්නෙ ඔය එයාගෙ ප්‍රයිවට් පෝන් එකෙන් විතරයි..එයාගෙ ඔෆිස් පෝන් එකෙන් එස්.එම්.එස් එවනව ඒත් ඒකෙන් කෝල් කරන්න බැරිලු.
ඔන්න ආයෙමත් දවසක් මෙයා දවසෙම අතුරුදහන් උනා...
''..ඔයාට අද මොකෝ උනේ..?'' මගේ සුපුරුදු ප්‍රශ්නෙ මම ඇහුවා.....
''..මගෙ පෝන් එකේ ක්‍රෙඩිට් නැහැ..''
''..හරි ඉතින් අනිත් පෝන් එක තියෙන්නෙ..?''(ඒකෙන් එස්,එම්.එස් එවන්න පුලුවන්නෙ.)
''..ඒකෙන් කෝල් කරන්න පුලුවන්ද යකෝ..???''
ඔන්න ඔහොමයි රාජ් කතා කලේ..
මට එදා පුදුමෙනුත් පුදුම හිතුන..මෙයාද මේ අහිංසකය..කාත් කවුරුත් නැති අනාථය.?
ඉවසගන්න බැරි තරම් දුකක් දැනුන නිසා මම කිව්ව....
''..අනේ මට ඔහොම කරන්න එපා..'' කියල එයා ගත් කටටම මගෙන් ඇහුව..
''..ඇයි මම මොනා කලාද? තමුසෙව රේප් කලාද නෙට් එකෙන්..?''

50 comments:

  1. මට වෙනද කේන්ති ගියේ අරුත් එක්ක.අදනම් කෙල්ලේ උඹත් එක්ක කේන්ති යන්නේ,මහා මොඩියෙක්..

    ReplyDelete
  2. හැමදාම බොරුව කරන්න බැරි බව තේරුනාම යක්ශයා මල්ලෙන් එලියට පැනලා...මටනම් හිතෙන්නෙ මුගේ ඔය අතුරුදහම් අතරෙ තව ගේම් එකක් යන්න ඇති...මොනා වුනත් ඔයානම් බේරිල තියෙන්නෙ පුරුවෙ පිනකට නගෝ...

    ReplyDelete
  3. අසරණයා....
    තරහ ගන්න එපා අසරනයා..!! මම හරි අසරන වෙලා උන්නෙ..අසරනයෙක්ව දාල යන්න බැරුව..!!

    ReplyDelete
  4. සෙවණැල්ල.....
    මම හිතන්නෙත් ඒකම තමා..තව ගේම් එකක් නෙවේ කීපයක්..!
    අනේ සොරි අයියෙ මම කලින් පාර කොමෙන්ට් එකේ ඔයාට 'අක්කි' කිව්වට...මට වෙලාවකට උතුර දකුන මාරුවෙලා පේනව අප්පා..:)

    ReplyDelete
  5. පැහැදිලිවම මට හිතෙන දේ නම් ඔයාට රාජ් ගැන අවිස්වාසයක් තිබිලා තියෙනවා...ඒත් ඒක නිරාකරණය කර ගන්නෙ නැතුව ඔයා දිගටම ඒ මත්තෙම ගිහින්...සමහර විට ඔයාගෙ යටි හිත ඒකට ඉඩක් දෙන්න නැතිව ඇති...රාජ්ට ඔයාගෙ හිතේ තිබ්බ කැමැත්ත නිසාම...

    ඔය " යකෝ " කතාව නම් මට දිරවන්නෙම නැති දෙයක්...වෙන්න මහත්තයා දිල්ට යකෝ කිව්ව දවසේම මහ රෑ බලන්නෙ නැතුව දිල් නුවර ගියා...මඟ දිගට අඬ අඬ....සතියක් ආවේ නෑ කොළඹ..ෆෝන් ඕෆ්...ඊට පස්සෙ යකා අතුරුදහන් උනා...

    ReplyDelete
  6. දිල්........
    ඔයා ට හරියටම තේරුනා..හරි ඔයා හරියටම හරි.....මට උනේ,වෙලා තිබුනෙ ඒක තමා..මම උදව් ඉල්ලුව මගේ යාලුවොයි කියල හිතපු අයගෙන්...එයාල මහාපරිමාන ඔලු කාරයො උනාට තව කෙනෙකුගෙ හිතක ප්‍රශ්නයක් තේරුම් ගන්න පුලුවන් අය නෙවේ,එයාල එයාලගෙ රාමුවෙ ඉඳන් මගෙ ප්‍රශ්නෙ දිහා බලල එයාලගෙ විසඳුම කිව්වා....''අල්ලලා දාපන් ඕක ආදරේ කියන්නෙ ඕකට නෙවේ වෙන කෙනෙක් හොයා ගනින් උඹ වගේ කෙල්ලෙක් මත්තෙ ඕන කොල්ලෙක් නැහෙන්න උනත් ඒවි''....ඔන්න මට ලැබුන උදව්......
    ඔයා ඒ කාලෙ දකුනට ගියා..මූණුපොතෙන්,බ්ලොග් එකෙන් අහක් උනා...මම ඔයාව හෙව්ව හමු උනේ නැහැ........
    ඔයා ගෙ යකා අතුරුදන් උන එක ගැන සතුටුයි...:)

    ReplyDelete
  7. යාළුවේ ටිකක් කල්පනාවෙන් වැඩ කලොත් හොදයි කියලා මට හිතෙනවා. මොකද ආදරයේ වේදනාව දරාගන්න එක ලේසි නෑ...

    ReplyDelete
  8. ඔයා මුල ඉදන්ම ඔය යකාව සැක කර කර ඉන්නේ නැතුව කෙලින්ම අහලා ප්‍රශ්නේ නිරාකරනය කරගත්තානං හරි..අපරාදේ නිකං හිතෙන් දුක් විද විද ඉදලා තියෙන්නේ..

    ReplyDelete
  9. ලස්සනට අකුරු කරලා ..සුභ පැතුම්..!!

    ReplyDelete
  10. Pradeep Gunarathna......
    ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට...කල්පනාවක් කොහෙද බොරු වංචා වලට රැවටිලා සිහිය විකල් වෙලා තියෙද්දි? කියාගන්න කෙනෙක් නැතුව අතරමංවෙලා ඉන්නැද්දි?.....

    ReplyDelete
  11. ඔබ නොදු‍ටු ලොවක්......
    සැකහිතුන හැම දෙයක්ම ඇහැව්වාම එයා දිවුරනවා..එයාව එහෙම අවිස්වාශ කරන්න එපා කියල අඬනවා...මට ආදරෙයි කියනවා..මාව ඕනෙ කියනවා...එයාට එහෙම කතාකරන්න එපා කියනවා....
    එහෙම නැත් නම් මට චෝදනා කරනවා..''මම මුලදිම කිව්වනෙ ඔයත් මාව කවද හරි දාල යනව කියල..මාව හැමෝම දාල යනවා..ඔයත් හදන්නෙ මාව දාල යන්න...කමක් නෑ යන්න..මට තනියම ඉඳල පුරුදුයි..යන්න යන්න...'' කියනවා.....

    ඉතින් ඔයා කියන්න බලන්න මම මොකක්ද කල යුතුව තිබුනෙ කියල.......???????

    ReplyDelete
  12. චමින්ද ගුණරත්න.....
    ඔයාවත් ආදරෙන් පිළිගන්නවා අළු පාට හැන්දෑවට..ලස්සනක් පේනවද මේ කැත කතාවෙ..:)

    ReplyDelete
  13. අනේ ඉතින් ඔයාට ඔය 'යකෝ' කීව වෙලාවෙත්, තේරුනේ නැද්ද අප්පා.

    //පුංචි දේකටත් ගොඩාක් කලබල වෙන ගොඩාක් හිතන දුක්වෙන සංවේදී හිතක්(මෝඩ හිතක්.)මට උපතින්ම පිහිටල තියෙන්නෙ.....//

    ඔයා විතරක් නෙමේ. ගොඩාක් ගෑනු මේ වගේ.

    ReplyDelete
  14. ඔක්කොම කියෝලම කොමෙන්ට් එක දාන්නං

    ReplyDelete
  15. Podi Kumarihami......
    තේරුනා යකෙක් කියල...අනිත් කොටසත් ඉක්මනින් ලියන්නම්...කියවන්නකෝ....

    ReplyDelete
  16. ඕනයා.......
    හා..කියන්නකො බලන්න ඔයාටත් හිතෙන දේ..(මොනා හිතෙන්නද අමුතුවෙන්..මට මහ හරකියෙක් කියාවි.)

    ReplyDelete
  17. මම මේ ලෝකේ තියෙන හැම කුණු හරුපයක්ම අහලා තියෙනවා තාත්තා බී ගෙන ඇවිත් කියද්දී. ඒ කොච්චර දේවල් අහලා තිබුණත් මගේ පපුවේ ඉන්න කෙනෙක් මට උඹ කිව්වත් පපුව ගැහෙන්න අරගෙන හෝගාලා කදුළු ගලනවා. මට තියෙන්නෙත් නියපොතු පාරක් වැදුනත් හීරෙන හිතක්.
    කිරීල්ලී මෙච්චර දෙයක් වෙලත් තවත් ඌට ආදරේ කලාද? වදින්න වදින්න ගහනව නම් ඌට වැදලා වැඩක් නෑ. ගහන්න ඕන.

    ReplyDelete
  18. මටත් කේන්තියි. හැමදාම කේන්ති යනව මේක කියෙව්වම. අද ටිකක් වැඩිපුර කේන්තියි.(යකාට වැඩිය ඔයා ගැන)

    @දිල්
    අන්න කෙල්ලො....

    ReplyDelete
  19. හැමදාම වගේ කිරිල්ලි ගැන දුකකුත් තරහකුත් තමයි අදත් ඇති උනේ...
    ඔයාට ලංකාවේ කවුරුවත් හිටියේ නැද්ද මේ යකා ගැන හරියට විස්තර හොයල බලන්න
    ඔයත් ඉන්නේ පිටරට නිසා තමයි යකාට ඔයාව හොඳට අන්දගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්න ඇත්තේ

    ReplyDelete
  20. ලෝකේ අපි හිතන තරම් ලස්සන නෑ වින්චැට් කිරිල්ලී...

    ReplyDelete
  21. මග ඇරුන ටික අද කියෙව්වා... මේ පැත්තෙ නිතර නාවත් ආව දවසට නවත්තපු තැන ඉදන් කියවනවා... ඇත්තටම ඔයා හිතා ගන්න බැරි තරම් මෝඩ වෙලා... එක අතකට ඔයට දොස් කියලත් බෑ... අවසානය වෙනකම් බලන් ඉන්නවා

    ReplyDelete
  22. //පුංචි දේකටත් ගොඩාක් කලබල වෙන ගොඩාක් හිතන දුක්වෙන සංවේදී හිතක්(මෝඩ හිතක්.)මට උපතින්ම පිහිටල තියෙන්නෙ.....//

    හ්ම්ම්ම්ම්ම්ම්.. මාත් එකගයි... හැම ගෑණූ හිතක්ම වගේ මේ වගේ..ඒථ් එහෙම නැති ගෑණූ හිත් තියෙනවා..මට හම්බුනා කෙනෙක් එහෙම..

    මට තරහා යනවා...:@ ඒ යකාව එදාම අතෑරලා දන්න තිබුණේ.. ඒත් ආදරේ කරද්දි එහෙම බැරි බව මම අත්දැකීමෙන් දන්නවා... අනේ මංදා..මම එදත් කිව්වා වගේ.. ඔයා අන්ධ වෙලා...

    ReplyDelete
  23. කිරිල්ලියේ මේක අද මුලින්ම දැක්කම මම හිතුවේ කොටස් වශයෙන් දාන නවකතාවක් කියලා. මේ ඔයාගේ ඇත්තම කතාව! එක හුස්මට ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා. ඔයා බේරුන එක ගැන සතුටුයි.
    මමත් අනුගමනය කරන්නේ දිල් ගේ තරහවෙන මෙතඩ් එක. හොඳට වැඩ කරනවා.

    ReplyDelete
  24. ''..ඇයි මම මොනා කලාද? තමුසෙව රේප් කලාද නෙට් එකෙන්..?''

    නන්නාඳුනන්නිටත් මේ වචන ටිකම ඇහිලා තියෙනවා. හිතත් එක්ක කරන ගනුදෙනුවලදිත් සිරුරත් එක්ක කරන ගනුදෙනුවලදි වගේ ම හානි සිද්ද වෙන්න පුළුවන් කියලා තේරෙන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
  25. බට්ටි.....
    බට්ටි......මම මෝඩ කෙල්ලෙක් කියල අවුරුදු 20 ක් ඇතුලත එකම වතාවක් වත් මම කාගෙන් වත් අහල නැහැ...අපේ අම්ම මට කියන්නෙත් ''ඇඟට 20 යි ඔලුවට 40 යි'' කියල...''ඔය තරම් පණ්ඩිත වෙන්න එපා ලමයෝ පොඩි ලමයෙක් විදියට හැසිරෙන්නකො'' ඔන්න ඕව මට ගෙදර අය කිව්වෙ...

    මේ 'රකුස' එක්ක මට උන දේ තාමත් මට හිතා ගන්න බැහැ....මම රැවටුන හැටි මට හිතා ගන්න බැහැ...මම මුලා උන හැටි මට හිතා ගන්න බැහැ...

    ReplyDelete
  26. රාජ්....
    අන්ධවෙලා උන්න කෙනෙක්ට ඒවා පේන්නෙ නැහැ....අසරනයෙකුට,අනාථයෙකුට,තනිඋන අවාසනාවන්තයෙකුට දුකක්දෙන්න මගෙ හිත ඉඩ දුන්නෙ නැහැ..........

    ReplyDelete
  27. ලොකු පුතා........
    ලංකාවෙ ඉන්න මගෙ නෑයින්ට මේක කියන්න මට බැහැ...ඒත් මට උන්න ලංකාවෙ නෙට් එකෙන්ම අඳුන ගත්ත බොහොම හිතවත් ය කියල මම හිතා උන්න යාලුවො...එයාල මට බණ කිව්ව මිසක් මගෙ ප්‍රශ්නෙට පිලිතුරක් හොයා ගන්න උදව් කලේ නැහැ...අනික මේ කපටියා මීගමුවෙ සාන්ත අන්තෝනි පාරෙ ඉන්නෙ කියල මට කිව්වට,මෙයා ඉන්නෙ එහෙ නෙවේ බව අතටම අහු උනාට පස්සෙත් මෙයා කිව්වෙම මීගමුවෙමයි කියල....

    ReplyDelete
  28. StArry aNgeL.......
    ඔව්..මේ වගේ උන් මේ ලෝකෙ ඉපදෙනකම් මේක අපායක්ම වේවි,, අපි වගේ අවංක,පිවිතුරු හිත් ඇතිව උපදින උන්ට..!!

    ReplyDelete
  29. පිස්සා පලාමල්ල........

    මම අනුකම්පා කලා....ආදරේ කලා....මනුස්සත්වයේ නාමයෙන් පිහිට වෙන්න ඉදිරිපත් උනා....මම ආදරේ කරන කෙනාට අතදීලා එයාව ගොඩ අරන් සතුටින් තියල මාත් එයා එක්ක හැමදාම සතුටින් ඉන්න හිතුවා.....

    මේකට ඔයා..ඔයාලා කියන්නෙ මෝඩ කමද????????????????????????

    ReplyDelete
  30. හිතුවක්කාරි........
    චරිත ගොඩාක් එකපාර රඟපාල....මාව අන්ඳවල..අන්ධකරලා රවට්ටගෙන හිටියා ඒකා හරිම ලස්සනට........මට ඒ වගේ චිත්‍රපටි ගැන කිසිම අවබෝධයක් තිබුනෙ නැහැ...මේක ප්‍රථම චිත්‍රපටිය මේ විදියෙ........

    ReplyDelete
  31. nikki.....
    ඔව්....මාත් ඊට පස්සෙ නම් යාලු උනේ නැහැ රණ්ඩු වලදි.....එයාම ඇවිත් සමාව අරන් යාලු උනා...ඒත් ඒ ආදරේට නම් නෙවේ කියල දැන ගත්තෙත් පහුවෙලා....

    ඔයාව ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට නිකී..!!

    ReplyDelete
  32. නන්නාඳුනන්නී........
    සිරුරත් එක්ක කරන ගනුදෙනු වලට වඩා හිතක් එක්ක කරන ගනු දෙනු ගොඩාක් ප්‍රවේශමින් කරන්න ඕනෙ......මිනිස් හිත දරුනුයි..එක ගැහැනියක් ඇතුලෙ ලස්සනම ලස්සන දිව්‍යංගනාවකුත් මළ යක්ෂනියකුත් ඉන්නවා.......!!!!

    ReplyDelete
  33. යකෝ කියල පටන් අරගෙන ඊට පස්සෙ උඹ වෙලා ටිකකින් තමුසෙ වෙලා අන්තිමට උඹෙ අම්මට වෙලා... නැතිවෙලා ගිය ආදරයක් මටත් තිබුන..හැබැයි මම කලේ ඉවසගෙන හිටපු එක.යකෝ කියන කොටම නවත්ත ගන්න උත්සහ කලත් බැරිවුනා.මම හිතන්නේ නගත් එහෙමම කරන්න ඇති.තරහ යන එක සාදාරණයි.මමත් ඉස්සර යකෙක් වගේ.කේන්තිය නැතිකරගන්න කලේ අතට අහුවෙන එක පොලේ ගහපු එක.

    "දුක්වෙන සංවේදී හිතක්(මෝඩ හිතක්.)" මේ මෝඩ හිතක් නෙමේ.මනුස්ස හිතක්.ඒකනේ උණු වෙන්නේ.

    ReplyDelete
  34. මටත් දැන් ඒකට බැනල එපා වෙලා. මෝඩ කෙල්ල. පොඩ්ඩක් හිතන්න තිබුනා නොගැලපෙන කතා ගැන....

    ReplyDelete
  35. මට නම් හිතෙන්නේ මීට වඩා එයා ගැන ප්‍රශ්න කරන්න, හොයලා බලන්න තිබුණා. ඔයාට ඒ දේවල් කියන්නේ නැත්තේ ඔයාව විශ්වාස නැති නිසා වෙන්න ඇති නේඩ? ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න. අනුකම්පාව ආදරය නෙවෙයි නේද?

    ReplyDelete
  36. කස්ස.......
    උනුවෙන හිත් අල්ලගෙන සෙල්ලම් කරන්න හරිම ලේසියි....තමුන්ට ඕන ඒව අරගෙන මාරුවෙන්නත් ලේසියි...මේකට හිතක් පපුවක් හදවතක් කියල කිසිම දෙයක් තිබුනෙ නැහැ කියල මම දැනගත්තෙ ගොඩාක් පරක්කු වෙලා..මූ යකෙක්...!!

    ReplyDelete
  37. Shaggy......
    නොගැලපෙන කතා ගැන ප්‍රශ්න කරන්න ගිහින් උනේ හැමදාම රන්ඩු වෙන එක...අන්තිමට මම හැමදාම වැරදිකාරි උනේ..ආදරෙන් ඉන්න එයාව මමලු අවිශ්වාස කරන්නෙ..මම නරක කෙනෙක්......!!

    ReplyDelete
  38. ලහිරු......
    මම ප්‍රශ්න කලේ හොරාගෙන්මයි......වෙන කෙනෙක් උන්නෙ නැහැ.....''හොරාගෙ අම්මගෙන් පේන ඇහුව'' දිගටම....!!

    ReplyDelete
  39. මෝඩ කෙල්ල... ඔහොමනං බෑ...

    ReplyDelete
  40. මමනම් අහල තියෙන විදිහට ඕනම දරුණු මිණිහෙක්ට වුණත් යන්තම්හරි උණුවෙන හිතක් තියෙනවලු.ඒත් ඔයා කියන මේ අමණුස්ප මණුස්පයටනම් එහෙම හිතක් ගෑවිලාවත් නැහැ වගේ.නැත්නම් එයාම ඔහොම වැරදි කර කර ඔයාට ඔහොම කතාකරයිද​?

    දුකයි ඔයාට ඔහොම දේකට මුහුණ දෙන්න වුනාට, ඒත් ‍යාළු ඔයා ඒකෙන් දැන් බේරිලානෙ....ඒ ගැන සතුටු වෙන්න පුළුවන් නේද​?මහම මහ කපටි මිණිහෙක්.....

    ReplyDelete
  41. මෝඩ කෙල්ල...මෝඩ කෙල්ල...මෝඩ කෙල්ල... සොරි හොඳේ..

    ReplyDelete
  42. "ඇයි මම මොනා කලාද? තමුසෙව රේප් කලාද නෙට් එකෙන්..?"

    මොනා උනත් මෙහෙම අහන එක වැරදියි. ඒක රාජ්ට තේරුනේ නැද්ද ?

    ReplyDelete
  43. සිහින මතකයන්.......
    එයා කරපු හැම වැරැද්දකටම කතා කරල අන්තිමට නරක නාමෙ ගන්නෙ මම...එයා හරි...කපටි විතරක් නෙවේ,මෙයා ගැන කියන්න..මෙයාව හඳුන්වන්න මේ ලෝකෙ වචනයක් නැහැ...දිගටම කියවන්නකො.....

    ReplyDelete
  44. පැණි දොඩම්.......
    හ්ම්ම්ම්..මෝඩ ගෑනි මං.....!!

    ReplyDelete
  45. මධුරංග....
    මේ කතාව අවසානදි බලන්නකො අයියෙ...ඌ කරල කියල තියන දේවල් හැටියට මට ඔය වගේ කතා කරපු එක හරිම සුලු දෙයක්නෙ කියල ඔයාලට හිතේවි.......

    ReplyDelete
  46. පැණි දොඩම්.....
    මෙන්න ඔයාගෙ ස්පෑම් වෙලා තිබ්බ කොමෙන්ට් එකකුත් හම්බ උනා දැන්....හික්ස්...!!

    ඔව් අනේ මම මෝඩයි තමා......

    ReplyDelete
  47. Just found your blog when I was browsing throgh.
    All you have to think and know is that you got played and now it is you who's gonna have to go through the healing too.
    Being in love is amazing when you are in love with amazing people, not with jerks like this. :)
    I am a male but all I can say is that most of the people I have met(who are at or near my age) are such jerks. It is a problem with their personality, not others.

    So, now you have learnt your lessons and now you know how to be careful.

    ReplyDelete
  48. මලා මමත් හලාවත. මොකක්ද ඔය කියන වත්ත?>
    මු නම් පිස්සෙක් මම කියන්නේ.

    ReplyDelete
  49. හෆොයි දිගටම තියෙන්නේ ඒ වංචාකාරයගේ කතාවද??

    ReplyDelete