My Blog List

Friday 6 January 2012

පිහිනන්න බැරි හංසයෙක්.........!!

අළු පාට හැන්දෑව 17...

මගෙ කලින් පෝස්ට් එකේ, මධුරංග අයියගෙ කොමෙන්ට් එක දැක්කම හදිසියෙම මට මතක් උනා අමතක වෙලා තිබ්බ ගොඩාක් වැදගත් දෙයක්..(ස්තූතියි මධුරංග අයියට.)
             
අපේ සම්බන්ධය ට මාස කීපයක් ගතවෙමින් තිබ්බ...දවසෙන් දවසම එයාට තව තවත් ලං වෙද්දි මට දැනුන රාජ් ගෙ අස්වාභාවික චරිත ලක්ශන..අස්වාභාවික ගති පැවතුම්..අවුරුදු 24 ක ඉගෙන ගත්ත කොල්ලෙක් ගාව තිබිය යුතු ගති පැවතුම් මෙයා ගාව ගොඩාක් අඩුවෙන් තිබුනෙ..සමහර විට එහෙම නොතිබුනාම කිව්වත් වැරදි නැහැ..වෙලාවකට එයා හැසුරුනේ මුරණ්ඩු හිතුවක්කාර පොඩි දරුවෙක් වගේ..වෙලාවකට මාණසික අසනීපකාරයෙක් වගේ..තවත් වෙලාවකට එයා ගාව තිබුන තවත් කෙනෙක්ව හරි ඉක්මනින් රිදවන්න,තරහ ගන්වන්න පුලුවන් විදියෙ අදහස් වචන වගේම ක්‍රියාවනුත්...
මම හිතුවෙ..එයාගෙ ගෙදර තිබ්බ අසහනකාරී වාතාවරනයත්,එයාගෙ ''මාරාන්තික අසනීප තත්වයත්''..රැකියාවෙ තිබ්බ අධික කාර්යබහුල කම නිසාත්,එයාගේ අධ්‍යාපන කටයුතු අමාරුවෙන් කරගෙන යන නිසාත්,එයා මෙවැනි තත්වයකට පත්වෙන්න ඇති කියල....
මේ ගැන මම මගේ හිතවත් අක්ක කෙනෙක් එක්ක කථා කලාම එයා කිව්වෙත් ඒකමයි එයා කිව්වෙ මට ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන්න කියල රාජ් එක්ක..අනික ඒ අක්කම කිව්ව අපි මෙහෙ යුරෝප් වල හොඳම ඩොක්ටර් කෙනෙකුට එයාගෙ මෙඩිකල් රිපෝට්ස් පෙන්නල මොනාහරි කරමු එයාගෙ අසනීපෙටත් කියල..ඒත් මම මොනතරම් වද කරල ඉල්ලුවත් රාජ් නෙවේ එයාගෙ මෙඩිකල් රිපෝට්ස් මට දුන්නෙ..හැමදාම මොනා හරි කියල මග ඇරිය එයා..ඒකෙන් උනේ මම තවත් භය උන එක..මම හිතුව එයාට මොකක් හරි ලොකු අසනීපයක් ඇති අපිට නොකියන කියල..
ඔය කාලය ඇතුලත එයාව සැක කල යුතු කරුණු ගොඩාක් හමු උනත් ඔය මම කලින් කිව්ව හේතු නිසා මම ඒවා පස්සෙන් පැන්නුවෙ නැහැ...
එහෙම සැකයක් හිතිල යාන්තම් හරි එයාගෙන් අහන්න ගිය වෙලාවට මම කලින් කිව්ව විදියට අර මාව රිද්දන වචන වලින්,ප්‍රකෝපකාරී ක්‍රියාවලින් එයා පිළිතුරු දුන්න...
''.....මගේ ජාතකේ ගැනත් කියල තියෙද්දි,මගේ මැරුන එකම මල්ලිය ගැන කියල දිවුරල තියෙද්දි,ඇයි මාව ඔයා අවිශ්වාස කරන්නෙ? කොච්චර වැඩ කරල ආවත් මොන තරම් මහන්සි තිබ්බත් ගෙදර දුවගෙන එන්නෙ ඔයාව බලන්න..ආපු ගමන් ඇඳුම් ගලවන්නෙත් නැතුව ඉස්සරවෙලාම කරන්නෙ කොම්පියුටර් එක ඕන් කරන එක..මගේ ලෝකෙ ඔයා..හැමදාම නින්දට යන්න කලින් ඔයාගෙ කටහඬ අහලා..ඔයාගෙ හිනාව අහල මම නිදා ගන්නෙ.(මෙයා මේවා මටත් හොරෙන් රෙකෝඩ් කරන් ඉඳල තියනව.)මේ ගෙදර මගෙ අයට වත් මාව කවදාවත් තේරෙන්නෙ නැති එක මම හිතුවා ඔයාටවත් මාව තේරෙනව ඇති කියල දැන් බලද්දි ඔක්කෝටම හපන් ඔයා.....''..
එයා මට කතා කලේ ''නංගි'' කියලනෙ.මම දවසක් ඇහුව''..ඇයි ඔයා මට නංගි කියල කතා කරන්නෙ..?''
''..එතකොට මගේම කියන හැඟීමක් දැනෙනව..''
''..එතකොට ඔයා ඔයාගෙ බ්ලොග් එකේ කොමෙන්ට්ස් දාන අයටත් කතා කරන්නෙ නංගි කියලනෙ..තව ඔයා කිව්වෙ උපුලිට කතා කරන්නෙත් නංගි කියලනෙ එතකොට එයාලවත් ඔයාගෙම වගේ දැනෙනව ඇති නේද? එතකොට මගෙයි එයාලගෙයි වෙනසක් නැද්ද?.''  ඔන්න ඔය වගේ අවස්තාවලදි අපි අතර අමනාප කම් ඇති උනා..ප්‍රශ්නයට අදාල දේවල් මග ඇරල,කටුක වචන වලින් එයා මට දමල ගැහුව...
එයාගෙ ජීවිතේට අදාල ප්‍රශ්න ගැටලු කතා කරනව හැර වෙන එයා මා එක්ක කතා කලේ,ෆිල්ම්ස් ගැන...සින්දු ගැන..බ්ලොග්ස් ගැන..එෆ්බී එක ගැන..
උදේ,දහවල්,හවස,රෑ......කෝල් වලින්,එස් එම් එස් වලින්,ස්කයිප් එකෙන්,ගූග්ල් ටෝක් එකෙන්,ඊමේල් වලින් මාස 5 ක කාලයක් අපි හැමදාම කතා කලත් අපිදෙන්නගෙ ආදරේ ගැනවත්,අපේ අනාගතේ ගැනවත් කිසිම දාක එයා මා එක්ක කතා කරල නැහැ..මම හිතුවෙ එයාගෙ අර කලින් හේතු නිසාම එහෙම වෙනව ඇති කියල..මාත් ඔහේ බලාගෙන උන්න එයා ප්‍රශ්න වලින් මිදිල සතුටින් ඉන්න දවසක් උදාවෙනකම්...
අනික සාමන්‍යයෙන් අපි කෙල්ලො ඉස්සර වෙන සිරිතක් නැහැනෙ..කෙල්ලො කැමති කොල්ල ඉස්සර වෙලා අපිව අතින් අල්ලන් ඉදිරියට යනවට..එහෙම නැතුව කොල්ලගෙ අතින්  ඇදගෙන යන සිරිතක් නැහැනෙ නේද?
ඉතින් මාස 5 ක් කාලයක් මේ තත්වයම වෙනස් නොවී තියෙද්දි මම ටිකක් ''ඇද වැටුන'' තත්වයකට පත් උනා..හැමදාම එයාගෙ ප්‍රශ්න අහල පිලියම් හොයනව කියනව, එයාව සනසනවා, නලවනව, ආදරේ කරනව අනුකම්පා කරනව..එයා ෆිල්ම්ස් ගැන කියනකොට අහන් ඉන්නව..එයා එවන සින්දු අහනව..එයා කියන අනුන්ගෙ දේවල් අහගෙන ඉන්නව..මට එපා වෙලා වගේ තිබ්බෙ ඒ කාලෙ මෙව්ව....දවසක් මම එයාගෙන් ආදරෙන් ඇහුව...
''...ඇයි අපි දෙන්න අපි ගැන කතා නොකරන්නෙ?තව කොච්චර කල් මේ දේවල් ගැන කතා කර කර ඉන්නවද අපි? ඔයා ඇයි මට ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ට වගේ කතා කරන්නෙ නැත්තෙ?ඇයි අපි දෙන්න අපි ගැන කතා නොකරන්නෙ?..''
''...මම උපන්දා ඉඳන් තනි උන කෙනෙක්..මට සමාජය පුරුදු නෑ..මල්ලි මැරුනට පස්සෙ අම්මල මාව දාල ගියාට පස්සෙ මට කතා කරන්න බැරි උනා..කිසිම කෙනෙක් එක්ක කතා නොකර මම තනියම උන්න..මගේ ජීවිතේටම මම වැඩිපුරම කතා කලේ ඔයා එක්ක..මට තේරෙන්නෙ නැහැ කෙල්ලෙක්ව ඇසුරු කරන්න..මට තේරෙන්නෙ නැහැ ආදරේ කරන්න..මම ඔයාට ආදරෙයි ඒත් ඒක පෙන්වන්න මට තේරෙන්නෙ නැහැ..ඔයාව හමු උනාට පස්සෙ තමා මම මේ තරම් වත් වෙනස් උනේ..මේ ගෙදර මම ඉන්නවද නැද්ද කියල අම්මල වත් දන්නෙ නැහැ..මම කතා කරන්නෙ නෑ..මට එක පාරම වෙනස් වෙන්න බැහැ..ඒකට කල් ඕනෙ..මට ඒකට කල් දෙන්න ..මම වෙනස් වෙන්නම්..ඔයාට උනත් පේනව ඇති මම දැන් මුලදිට වඩා වෙනස් නේද?මට කල් දෙන්න..මට කියල දෙන්න..මම ඔයාට ඕන විදියට වෙනස් වෙන්නම්...''



හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........මේ කතාව නිසා මම තව තවත් අසරන උනා..උපන් දා ඉඳන් දුක් විඳින මේ අහිංසකයට මාත් වද දෙනව නේද කියල මට හිතුන...
ඒත්...කොල්ලෙකුට කල් අරගෙන පුරුදු වෙන්න ඕනෙද කෙල්ලෙක් එක්ක කතා කරන්න..ඇසුරු කරන්න..ආදරේ කරන්න??????

මේ කතාව අහපු මගේ යාලු අක්ක කෙනෙක් කිව්වෙ....

''...අනේ කෙල්ලෙ හංසයින්ට පීනන්න පුරුදු කරන්න ඕනෙ නැහැ..''   කියල.එයා කිව්ව විදියට රාජ් කරන්නෙ බොරුව..!

මම රාජ් ට මේ 'හංස කතාව' කිව්වාම එයා කිව්වෙ මෙහෙම..

''...හංසයින්ට පීනන්න පුරුදු කරන්න ඕනෙ නැහැ තමා..ඒත් පොඩිම කාලෙදි හංස පැටියෙකුගෙ තටු කැඩුනාම හංස අම්ම ඕනෙ එයාව බලාගෙන තටු හදල පීනන්න පුරුදු කරන්න...ඒත් මගෙ ජීවිතේට එහෙම ආදරයක් රැකවරනයක් මගෙ අම්මගෙන් කවදාවත් මට ලැබුනෙ නැහැ....''

හ්ම්ම්ම්ම්ම්ම්ම්...එතකොට ඒ ගනුදෙනුවත් අම්මගෙ එකවුන්ට් එකටම වැටුන....!!!!!!






33 comments:

  1. මේ පෝස්ට් එක දැක්කම පරන කථාවක් මතක් උනා..ඔන්න ගමක කොල්ලෙක් ටිකක් නගරබද කෙල්ලෙක් එක්ක යාළු වෙලා...කෙල්ල මූට වදේ ගහනවලු කොහේහටි යං කියලා...දෙන්නා දවසක් ‍ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා...ලයිට් එහෙම නිව්වම කෙල්ල ඇමරෙනවලු...අර බුවාට කිව්වලු ඇයි අනේ ඔහොම ඉන්නේ මොනවහරි කරන්නකෝ කියලා...ඌ අහලා මොකක්ද කියලා..කෙල්ල කියලා තොල් දෙකට මොනවහරි කරන්නකෝ කියලා..මු බෲ බෲ ගාලා තොල් දෙක එකට තියලා සද්ද කරලා ඇහුවලු හරිද කියලා....තනියම ඔය සද්දේ එන්න කරලා බලන්නකෝ අන්න ඒ විදියට..ඇයි කෙල්ල කිව්වේ තොල් දෙකට මොනව හරි කරන්න කියලනේ ......

    ReplyDelete
  2. මේ කතාව අමුතුම එකක්.. ඊළඟ කෑල්ලත් ඉක්මනටම දාන්න...ඩී

    ReplyDelete
  3. අනේ දෙයියනේ මෙහෙමත් බොරු කරන්න පුලුවන්ද මිනිස්සුන්ට. පුලුවන් නේනම් ඔය ඇස් පනාපිටම කරලා තියෙන්නේ... :) :)

    ReplyDelete
  4. මගෙ අම්මේ මෙහෙමත් බොරුකාරයෙක්. කතාවෙ කොටස් මුල ඉදල රෙකෝඩ් කරන්න තිබුනෙ ඔයාටයි. එහෙම උනානං චුට්ටක් හරි කලිං මෙයාගෙ රෙදි ගැලවෙන්නෙ.

    ReplyDelete
  5. හ්ම්......... මොන කියන්නද කියල තේරෙන්නේ නෑ..
    ඇත්ත අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් බොරු කරනවා කියල තේරුනත් , ඒක පිළිගන්න අපේ හිතේ මැලිවෙනවා. අන්න එතැනදී තමයි අපිට වරදින්නේ. :(

    ReplyDelete
  6. එයාට ඇත්තටම මොකක් හරි මානසික ආබධයක් තිබුණද ද්න්නෙ නෑ.. නැත්තම් මොකටද ඔය තරම් රඟපාන්නෙ, බොරු කරන්නෙ?එයා විහිළුවටවත් ආදරයක් පෙන්නන්නෙ නැත්තම්, එයාට මොකක්ද ඕනෙ කරන්න ඇත්තෙ?? මොකෙක්ද මන්දා...:/ :/ මට තරහා යනවා...

    //කෙල්ලො කැමති කොල්ල ඉස්සර වෙලා අපිව අතින් අල්ලන් ඉදිරියට යනවට..එහෙම නැතුව කොල්ලගෙ අතින් ඇදගෙන යන සිරිතක් නැහැනෙ නේද?//

    හ්ම්ම්ම් ඇත්ත...
    බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..

    ReplyDelete
  7. හිතා ගන්න බැරි චරිතයක්.... පුදුමයි මේ වගේ චරිතයක් එක්ක ඔයා කොහොමද එතරම් කාලයක්වත් ගණු දෙනු කලේ කියලා....අර කිව්වත් වගේ... ආදරේ කරන්න දන්නෙ නෑ කියන්නෙ නම් කට්ට කපටි උන්...ඒකේ ආයි දෙකක් නෑ....

    ReplyDelete
  8. ඔයාල දෙන්න කවදාවත් හැබැහින් දැකල නැද්ද.ඒ මෝඩයා තවම ජිවත් වෙනවද.

    ReplyDelete
  9. අපොයි මේ කතාව කියවපුවාම බය හිතෙනවා. මේ ඇත්ත කතාවක්ද?

    ReplyDelete
  10. ආදරේ නොලබුන කෙනෙක් නම් තව වැඩියෙන් ආදරේ කරන්න යොමු වෙයි, එහෙම නේද? නැතුව ට්යුශන් අරන් ආදරේ ගැන ඉගෙන ගෙන ආදරේ කරන්න බලන් ඉන්න එකක් නෑ නේද?
    මටත් කියන්න තියෙන්නේ අර අක්ක කියපු දේම තමයි.

    ReplyDelete
  11. මේ මනුස්සය බ්ලොග් එකක් කරගෙන ගියපු ඩයල් එකක් කියල මම දැනගෙන හිටියෙ නෑනෙ නගෝ.අපි දන්න අඳුනන කෙනෙක්ද?

    ReplyDelete
  12. ඔබ නොදු‍ටු ලොවක්......
    ඔයා කරපු දේනෙ ඔය වෙන කොල්ලෙක් පිටින් තියල කියන්නෙ දැන්.....!

    ReplyDelete
  13. පැණි දොඩම් .....
    කියන්නම් කියන්නම් ඉක්මනින් කියන්නම්...!

    ReplyDelete
  14. ෴෴සිහින කොදෙව්ව෴෴ ...
    උපතින්ම බොරුකාරයෙක්....වංචා කාරයෙක්...!!

    ReplyDelete
  15. රාජ්.....
    රෙදි අඳින මිනිස්සු ඕව කරන්න භය....ලැජ්ජාවක් නැති භයක් නැති උන්ට ගැලවෙන්න රෙදි නැහැ....ඔය ඉන්නෙ අපූරුවට මට නෙවේ වගේ......

    ReplyDelete
  16. Ice (අයේෂා කුලතුංග)....
    මටත් උනේ ඒකමයි....මේ ඇස්පනා පිට බොරුව දැක දැකත් මම අන්ධ වෙලා උන්න....!!

    ReplyDelete
  17. ඔය දෙන්න දුරින් හිටපු නිසා තමයි මේ මිනිහට මෙච්චර දුරකට ඔය බොරුව ගෙනියන්න පුළුවන් උනේ...

    මාරාන්තික රෝගයකින් නැතත් ඌ මොනයම්ම හෝ මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් කියල මට හිතෙනවා

    ReplyDelete
  18. හිතුවක්කාරි......
    මමයි අනුත්තරයි දෙන්නම හිතන්නෙත් මූට මානසික ආබාධයක් තියනව කියල...අපි ඒක මේකගෙ ගෙදර අයටත් කිව්ව...ඒත් ඒ අය කියන්නෙ එහෙම එකක් නැහැ මූ බොරු කියනව කියල විතරයි...දෙවියො තමා දන්නෙ අග මුල....!!

    ReplyDelete
  19. දිල්....
    මම මගේ ජීවිතේ කවදාවත් නොවිඳපු දුක් වින්ද මේ මානසික ලෙඩා නිසා....(මගෙ ජීවිතේට අඩු වෙලා තිබුනෙ දුක විතරයි.)

    ReplyDelete
  20. අසරණයා.......
    මම දවස ගානෙ ඇඟිළි ගැන්න ඒකගෙ කටින් අහගන්න...'' මට ඔයාව බලන්න ආසයි එන්න ලංකාවට එකම පාරක් වත්...එක දවසකටවත්'' කියල....ඒත් අවුරුදු එකහමාරක් කවදාවත් ඒකට මාව බලන්න ඕන කමක් උනේ නැහැ...මානසික ලෙඩෙක්...!!

    ReplyDelete
  21. Podi Kumarihami.....
    පොඩි කුමාරිහාමි...ඔව්..ඔව් මේක ඇත්ත කතාවක් මටම උන...අපි අතර සිදු උන ඔක්කෝම දෙබස් කතා මම පල කරල නැහැ...කතාවට කල් ගත වෙන නිසා.....

    ReplyDelete
  22. samadhi.......
    ඔව්..ඔයා හරි. මේකා චරිත ගොඩක් රඟ පෑවා...

    ReplyDelete
  23. කස්ස....
    ''ආදර කතාව'' බ්ලොග් එක ලිව්වෙ මෙයා....මා එක්ක ලියන්න පටන් ගත්ත එක මගදි නැවැත්වුව..මා එක්ක ඉන්න කාලෙ ඉඳන්ම මේ ලඟක් වෙන කම්ම මටත් හොරෙන් තව බ්ලොග් 2 ක් ලියාගෙන ගිහින්....ඒවා අහු උනාට පස්සෙ බ්ලොග් 2 අතුරු දහන් කලා...එකක් ''කරුමක්කාරයගෙ දින පොත''...අනික ''කරුමක්කාරයෙකුගේ දින සටහන්''.........

    ReplyDelete
  24. ලොකු පුතා......
    ඔව් අයියෙ අපිත් හිතන්නෙ එහෙමයි..ඒත් ඒ ගෙදර අනිත් අය ඒක පිලිගන්නෙ නැහැනෙ.....
    මේක ලව් කලා කියන අනිත් ගර්ල්ටත් මූ (ලංකාවෙම කිට්ටු නගර දෙකක ඉඳන්) කරල කියල තියෙන්නෙ පට්ට පල් බොරු...!!

    ReplyDelete
  25. මට තාම තේරුම් ගන්න බැරි ජාර් ඇයි දුක කියලාම ඔයාගෙන් අනුකම්පාව ගන්න උත්සහ කරන්නේ කියලා. තව දෙයක් තමා නංගි එයාට ගොඩක් ආදරේ කරපු නිසා එයාගේ දුක අහන්න එයාට උදවු කරන්න උත්සහ කරලා තියෙනවා. ඒ දේවලුත් රාජ් තමන්ට ඕන විදිහට පාවිච්චි කරලා !

    තව දෙයක් තමා අන්තර්ජාලයේ හම්බ වෙන කිසිම සම්බන්ධකමක් ගැන විශ්වාසය තියන්න එපා. ෆොටෝ එහෙම යවන්න එපා. තේරෙනවා නේ රාජ් ඔයාගේ කතාවත් ටේප් කරලා !

    ප.ලි. - වෙලාවක් තිබ්බොත් Trust කියන ෆිල්ම් එක හොයාගෙන බලන්න. ඒ ෆිල්ම් එකෙත් කියවෙන්නේ මෙහෙම කතාවක් !

    ReplyDelete
  26. මේ කතාව පාඩමක් විදියට ගනියි කියල හිතනව මේ වගේ වෙබ් ලව් එෆෙයාර්වල ටැපලුන අනික් උනුත්.

    ReplyDelete
  27. මධුරංග......
    ඔව්..මෙයා මගෙ අවංක කම,අනුකම්පාව,ආදරේ හොරකම් කලා..ඒ මිනිහට තිබුනෙ මානසික ලෙඩක්..කෙල්ලන්ගෙ කටහඬ රෙකොර්ඩ් කරන් අහ අහ ඉන්නවා..මම එයාට පොටෝස් දීල තිබ්බ මගෙ..ඒත් ඒවා තරමක් දුර ඉඳන් ගත්ත පොටෝ..ලඟටම මූණ තියන ඒවා ඉල්ලලා මට බල කලා..මට වද කලා..මම දුන්නෙ නැහැ..එහෙම නොදුන්නෙ,මාව බලන්න ඕනෙ කියන්නෙ නැතුව මගේ පොටෝ විතරක්ම ඉල්ලන නිසා...

    අනික ඒ මිනිහා මගෙ කටහඬ ටේප් කරගෙන මොනා කරනවද දන්නෙ නැහැ...ඒත් ඒවා කාට හරි අහන්න දෙනවා නම් මම හරි කැමතී...
    ඒ ෆිල්ම් එක මම බැලුවා මේ මෑතකදි අයියෙ...ඒ ගර්ල් කරපු දේ මම හිතන විදියට ටිකක් අස්වාභාවිකයි වගේ......

    ReplyDelete
  28. ඉන්දික උපශාන්ත......
    නෙට් එකෙන් ලව් කරන ඔක්කෝම මෙහෙමයි කියල කිව්වොත් ඒක ටිකක් විතර අසාධාරනයි නේද ඉන්දික..?..නෙට් එකෙන් අඳුනගෙන විවාහ වෙලා ලස්සනට ඉන්න අය ගැනත් මම දන්නවා..ම්ම්ම්..තව මම දන්නම දෙන්නෙක් අවුරුදු 2 කටත් වඩා නෙට් එකෙන් ලව් කරල,දෙන්න ඉස්සර වෙලාම මුන ගැහුනෙත් එයාලගෙ විවාහයට ලංකාවට ගිය වෙලේ....
    හැබැයි මේ වගේ හොරු තමා ගොඩාක් ඉන්නෙ කියලත් මම පිළිගන්නවා....
    මේ මම කියන තැනැත්තා ට අහු උන පලමු කෙල්ල මම වෙන්න බැහැ කෝමටවත්..මේක මෙයා දිග කාලෙක ඉඳන් කරගෙන යන දෙයක්..තාමත් කරන බවට මට 100% විශ්වාසයි...!!

    ReplyDelete
  29. හපොයි ඉදල ඉදල හොයා ගෙන තියෙන තොත්ත බබා.... තමන් විසින් තමන්ගෙ තුවාලය පාරන හිගන්නෙක් නෙ....

    ReplyDelete
  30. Shaggy.......
    මෙයා මේ ඔක්කෝම කලේ එකම අරමුනක් නිසා...ඉදිරියට බලන්නකො....

    ReplyDelete
  31. බොරුකීම පුරුද්දක් කරගෙන ඒ මිනිහා

    ReplyDelete
  32. අනුකම්පාව ගන්න හැටි හරිම අසික්කිතයි...

    ReplyDelete
    Replies
    1. සෑම්...මේ මිනිහා අනුකම්පාව හොරකම් කරගන්න කරපු ''අසික්කිතම'' වැඩේ ඔයාල මේක කියවපු කිසිම කෙනෙක් තාම දන්නෙ නැහැ..ඒක මට මේ කතාව අවසානය වෙනතුරු කියන්නත් බැහැ.....දිගටම කියවන්න..ඔයා පුදුමෙනුත් පුදුම වේවි..

      Delete