My Blog List

Monday 2 January 2012

රෝසමල මට හිනා උනා.......!!!!!!

 එදා මගේ මුල්ම බ්ලොග් පෝස්ට් එක ලියන්න මට කියල දුන්න මගෙ ආදරනීය රෝසමල...!!
ඉතින්.............(අළු පාට හැන්දෑව ..16.)
ඔන්න දවසක් හවස රාජ් ඔන්ලයින් ආව වෙලේ මම අහුවාම 'කෝමද ඔයාට' කියල එයා හඬා වැටීගෙන කථා කලේ...
''...මම අද දවසෙම ඇඬුව නංගි..මට ජීවත් වෙලා වැඩක් නැහැ මේ විදියටන් නම්...''
''...ඇයි කියන්න ඔයාට මොකද උනේ...?''
''...ඔයා දන්නවනෙ අර මගෙ ඔපරේශන් එකෙන් පස්සෙ හැම මාසෙකම මාව කොලඹ එක්ක යන්න ඕනෙ ඒ ප්‍රයිවට් හොස්පිටල් එකට ඩොක්ටර්ට පෙන්වන්න..අද උදේ අපිට යන්න තිබුනෙ..උදේ මම කාමරේ ලෑස්තිවෙනව යන්න ..මම අහගෙන අම්මි තාත්තිට බනිනවා මා ගැන කියල..එයාල දන්නෙ නැහැ මම ඔක්කොම අහගෙන උන්න කියල...''
''...ඇයි ඒ ඔයාට බනින්නෙ? ඔයා මොනා කලාටද..ඇයි දෙවියනේ මොනා වෙලාද මේ මිනිස්සුන්ට..?''
''...මම මොකුත් කලේ නැහැ නංගි..මේක මගෙ කරුමෙ..අම්මි බනිනව මට ඇහුන අපරාදෙ මේකා වෙනුවෙන් අදත් පාලොස්දාහක් විතර ඉවර කරල එන්නද හදන්නෙ? ආන්ඩුවෙ හොස්පිටල් එකකට අරන් ගියා නම් මොකෝ වෙන්නෙ කියල...මම කාර් එකේ පිටි පස්සෙ කොළඹට යනකම්ම අඬ අඬ ගියෙ නංගියො...''
''...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්......මේක අහන්න..මම කියන දේ අහන්න...ඔය ප්‍රයිවට් හොස්පිටල් වල ඉන්නෙත් ආන්ඩුවෙ අය..අනික කොච්චර හොඳ ඩොක්ටර්ස්ල ඉන්නවද දැන් ආන්ඩුවෙ හොස්පිටල් වල..ඇත්තටම ප්‍රයිවට් වලට අච්චර සල්ලියක් වියදම් කරන එක බොරු වැඩක් තමා මාත් කියන්නෙ...අම්ම හිතන්න ඇත්තෙ එහෙමයි..මම උනත් එහෙම කියනව..ඔයාට ආදරේ නැති කම නිසා නෙවේ අම්ම එහෙම කියන්න ඇත්තෙ..අනික ඔයාලගෙ පවුලෙ පුත්තුම දෙන්න විතරනෙ කවදා හරි එයාල මැරි කරල ගියාම දුවෙක් වත් නැති නිසා අම්ම තනි වේවි කියල එයාට භයකුත් ඇතිනෙ..ඒ නිසා එයා අර පරිස්සමෙන් වියදම් කරනව ඇති..ඉතුරු කරනව ඇති මම හිතන්නෙ..ඔයා ඒක ගනන් ගන්න එපා..දුක් වෙන්නෙ නැතුව ඉන්න දැන් ඉතින්  හොඳේ?..''

ඉතින් හැමදාමත් වගේ මට කරන්න සිදු උනා ඔය ''බබ්බු නැළවිල්ල'' මමත් තාම පුංචි එකෙක්..ඒත් අම්ම කෙනෙක් වගේ එයාව සනසන නළවන එක තමා මම කලේ හැමදාමත් වගේ.......

ඒ දවස් වල අපේ වත්තෙ රෝස ගස් වල මල් පිරීලා..දවසක් උදේක මම දැක්ක එක ගහක අලුතෙන්ම මල් පිපිලා ඒවා හරි විශාල ලස්සනම රෝස මල්..ඒක දැක්කාම එක පාරම මට හිතුනෙ අනේ මේකෙන් මලක් එයාට යවන්න ඇත්නම් කියල...ඉතින් කෝම යවන්නද අපි දුරනෙ..ඉතින් මම මගෙ පෝන් එකෙන් ඒ ලොකුම මලේ පොටෝ එකක් අරන් ඒක මේල් එකක ඇඩ් කරල ''අයි ලව් යූ'' කියල එයාට යැව්ව........

ඔය දවස් වල එයා එයාගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්ම ''මගේ වෝර්ඩ්ප්‍රෙස් කෙරුවාව'' කියල..එදාම එයා අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් අරන් තිබ්බ..ඒ බ්ලොග් එක අපි දෙන්නම ලියමු කියද්දි මම ඒකට එක හෙලාම අකමැති උනේ බ්ලොග් ලියනවා තියා ඒව ගැන කිසිම දෙයක් මට නොතේරෙන නිසාත්..සිංහලෙන් එහෙම දේවල් ලියන්න හීනෙකින්වත් දැනගෙන උන්නෙ නැති නිසාත්..එහෙම දෙයක් ලියන්න හිතන්නත් මට භය හිතුන...ඊට කලිනුත් මගෙ යාලුවො කීප දෙනෙක් මට කියද්දි බ්ලොග් එකක් ලියන්න කියල..මම කිව්වෙ මම නම් මේ ආත්මෙදි බ්ලොග් ලියන්නෙ නැහැ කියල.......

නමුත් රාජ්ගෙන් මට බේරුමක් නැති උනා...එයා මට වදයක් වගේ උනා ඒ බ්ලොග් එක ලියන්න එන්න කියල..
''...නෑ නෑ ඔයා මේකට එන්නම ඕනෙ මමනෙ කියන්නෙ..ඔයාට ලියන්න පුලුවන්..මම කියල දෙන්නම්..මම කියන නිසා එන්න..ඔයා මම කියන දේ අහන්නෙ නැත්ද? ප්ලීස්..ප්ලීස් මම නිසා එන්න ප්ලීස්...''

ඉතින් මම ''හා එන්නම්'' කියපු සැනින්ම මෙයා උඩ පැනගෙන බ්ලොග් එකට මාව දාල ඒකෙ නම ''මතක මන්දිර'' කියල..එයාගෙ නම හුදකලා යාත්‍රිකය කියල..මගෙ ඇත්ත නමේ කෑල්ලකින් මටත් නමක් හදල ඔන්න වැඩේ පටන් ගත්ත....ඒත් ඒකෙ ලියන්නෙ කෝමද මොනාද කියන එක නම් කොහෙත්ම තේරුනේ නැහැ.......(ඒ බ්ලොගය දැන් නැහැ.)

ඔන්න ඉතින් මම යැව්ව අර තෑගි පෙට්ටියත් මේ වෙනකොට එයාට ලැබිල...''තැන්කියු'' එකක් විතරයි මට එයාගෙන් ලැබුනෙ..අවංකවම කියනවා නම් ඊට වඩා දෙයක් එයාගෙන් අහගන්නයි මම බලපොරොත්තු උනේ...ඔයාල කවුරුත්  කවදා හරි  කාට හරි ආදරේ කරලා තියනවා නම් ඒ අයෙකුගෙන් මොනා හරි පුංචිම තෑග්ගක් හරි ලබාගෙන  එහෙම නැත්නම් දීල තියනවා නම්...ඔයාලට පැහැදිලි වෙන්න ඕනෙ මම මේ කිව්ව දේ........
ඒත් ඒ වෙනුවට මට අහගන්න ලැ බුනෙ මෙන්න මේ වගේ දේවල්.
1...චේන් එක කොටයි ඒක මට දාන්න බැහැ.
2...අර ලූර්ඩ්ස් වලින් ගෙනාව කිව්ව වතුර කුප්පිය බිඳිල කෑලි වලට ඒ කෑල්ලකට මගෙ ඇඟිල්ලකුත් කැපුන.
3...පෙට්ටිය අතුලෙ කූඹි පිරිලා.
4...අර තාරාව එක්ක එව්ව චොක්ලට්ස් ඔක්කොම දිය වෙලා තාරාව නෑවිලා..අපරාදෙ ඒකව කාර් එකේ එල්ලන තිබුන.
5...මම අඳින්නෙ කොලර් දාපු ටීෂර්ට් විතරයි.
6...මේ දවස් වල රස්නෙයි ඒ ෂර්ට් එක අඳින්න බැහැ.
7...මේ ඩී.වී.ඩී වල එක කවරයක් කොනකින් කැඩිලනෙ.

8...හරි දැන් මේක ට හරියන්න මොනාද මම එවන්න ඕනෙ?

මට මහම මහ කළකිරීමක් දැනුන..ඊට පස්සෙ දවසක ෆේස්බුක් එකට ගියාම දකින්න ලැබුන දෙයක් මට අදහා ගන්න බැරි උනා..!!!

එදා අනුත්තරාගෙන් සමුගන්න කියල ගිය දවසෙ අනුත්තරා එයාගෙ බෝයිත් එක්ක මෙයාට තෑගි දුන්න අර නිල්පාට අස්වයගෙ පොටෝ එකක් මෙයා හරි ලස්සනට ෆේස්බුක් එකේ දාල තිබුන.......!!!
එතකොට මම යැව්ව රුපියල් වලින් නම් දාස්ගානක් වටින තෑගි? ගිනි කඳු ගිහින් අච්චර මහන්සිවෙලා ගෙනාව ඒ හදවත? ( ඒ හදවත් දෙකේම ලස්සන පොටෝ එකක් මම එයාට යැව්ව කලින්ම.)
ඒ ඔක්කොමත් හරි මම අර ආදරේ කියල යැව්ව අපේ වත්තෙ පිපුන ඒ ලස්සනම ලස්සන කුළුඳුල් රෝස මල?

එදා එවෙලෙ මගෙ හිතට දැනුන දේවල් මම මේකෙ ලියන්නෙ නැහැ....ඒත් ඒ මොහොතෙ ඒ දැනුන විදියටම මේ දැනුත් මගේ හිතේ ඒවා තියනවා..!

ඉතින් එදා ඒ සිදුවීම නිසා කවදාවත් නොහිතපු දේකුත් සිදු උනා..හිතට දැනුන ඒ දුක වේදනාව ලස්සනම ලස්සන බ්ලොග් පෝස්ට් එකක් විදියට මගෙ අතින් මටත් නොදැනිම ලිය උනා..එදා ඒ සෙනසුරාද දවසෙ රාජ් පන්ති ගිහින් එද්දි මම ඒක ලියල පල කරලත් ඉවරයි....ඒක මතක තියන සමහරු ඇති මේක කියවන අය අතරත්...එදා ඒ හඬා වැටුන මට හිනාවෙලා....ජීවිතේ මුල්ම බ්ලොග් පෝස්ට් එක ලියන්න උදව් කරපු මේ ලස්සන රෝස මලට මම හැමදාම ආදරෙයි......!!

මතකද ඔයාලට  ''රෝස මල මට හිනා උනා..??''

38 comments:

  1. හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියනවා වගේ ඔයාගේ ජිවිතේට හොඳ පාඩමක් ඉගන ගෙන තියෙනවා.එතකොට ඔයා මොට්ට පාල පොස්ට් ඒක දැම්මේ මෙය නිසාද.එය දන්නවද ඔයාගේ අලුත් බ්ලොග් ඒක..

    ඒ රාජ්ට කවදාවත් හරියන්නේ නේ.ඔයාගේ අවංක කම එය ප්‍රොයෝජනයට අරගෙන තියෙනවා..

    ReplyDelete
  2. මම මේ බ්ලොගයට අලුතෙන් නිසාද දන්නේ නැ සමහර අය ගැන මම හරියටම දන්නේ නම් නැ.. ඒත් ඇත්තටම හිතනවා ඔයාගේ අතින් එදා ලියවුන
    ඒ දෙයින් මොනවාම හරි හොදක් වෙන්න ඇති...

    නොතේරුන දේවල් තේරුම් ගන්න මම මුල ඉදන් බ්ලොග් එක කියවන්නම්කෝ...

    ජය හා සතුට...

    ReplyDelete
  3. මොනවද කියන්නෙ කියලා බැලුවේ..ඔය රෝස මල් ලංකාවේ ඒවා වගේමයිනේ..හැබැයි පෙති නං ටිකක් ඝනකමෙන් වැඩියි වගේ...ලියන්නකෝ දිගටම...මට පොඩි අක්කගේ යාළුවෙක් තෑග්ගක් දුන්නා මල් පෝච්චියක්...මම ඒක පොඩි අක්කගේ වෙන යාළුවෙක්ට දුන්නා..කොහොමහරි අර මුල්ම කෙල්ල අනික් කෙල්ලගේ ගෙදර ගිහිල්ලා කාමරේ අර මල් පෝච්චිය දැකලා ඒක ගැන අහලා කඩෙං අරගත්තා කියලා...පස්සේ ඒකේ මල් පෙත්තක ඩේට් එක ලියපු එකක් පෙන්නලා....ඒකෙන් උනේ මට ඒ යාළුවෝ දෙන්නම නැති උන එක.එදා ඉදන් මට මොනව හරි හම්බුනාම CID එකෙන් වගේ හැම තැනම චෙක් කරනවා...හික් හික් හික් ....

    ReplyDelete
  4. ඔන්න මමත් ආවා අලුත් නිසා මටත් මේ කතාව තේරුනේ නම් නෑ..ඒත් කියවල බලන්නම් දිගටම

    ReplyDelete
  5. මේක දැක්කම මට මතක් උනේ 'කියන හැමදෙයක්ම ඇත්තක් වීම හොඳයි. ඒත් සෑම ඇත්තක්ම කිවයුතු නැත' කියන කතාව. ඔය තෑග්ගක් දුන්නම ඔය වගේ දේවල් කියන එක ඔය මිනිහගෙ විතරක් පුරුද්දක් නෙවේ.
    ඔයාට ඒව දකිද්දි දැනුනු වේදනාවෙන් බින්දුවක් මගේ හිතටත් දැනුනා.

    ReplyDelete
  6. කමක් නෑ. සයිබර් අවකාශෙන් මුනගැහිල සයිබරයෙන්ම අවසන් වෙච්චඑක ගැන මට නං සතුටුයි. මොකද ඉන්ටනෙට් නිසා විනාශවෙච්ච අයත් ඉන්නවනේ. ඔයිං ගියා හොදටම ඇති. ඔයා රට හිටිය එකමයි හොද.

    ReplyDelete
  7. ''රෝස මල මට හිනා උනා..??'' පෝස්ට් ලියපු කාලේ මම සමහර විට බ්ලොග් ගැන දන්නෙවත් නැතුව ඇති. ඒත් ඔයාගේ ඒ වෙලාවේ හැගීම් එක්ක මොනවගේ පෝස්ට් එකක් ලියවෙන්න ඇද්ද කියලා මට හිතා ගන්න පුළුවන්.
    අනේ කිරිල්ලී මේ දේවල් මොන විදියට වෙලා තිබුණත් ඔයා අද හුගක් සතුටින් නේද ඉන්නේ? ආයේ ඔයාගේ වත්තේ ලස්සන රෝස මලක් පිපෙයී සුන්දර හදවතක් තියෙන අවංක කුමාරයෙක්ගේ සුරතටම තෑගිකරන්න බලාගෙන.

    ReplyDelete
  8. සමහර වෙලාවට මට ඔයා ගැන තරහත් එනවා නංගි මේ කතාව කියවගෙන යද්දී...
    කමක් නැහැ ඔයා මේ ඉගෙන ගත්තේ ජීවිතේට උවමනා කරන අමාරුම පාඩමක් කියල හිත හදා ගන්න
    ඌටනම් කවදාවත් හරියන එකක් නැහැ...
    ඒ තරමටම දුෂ්ට මිනිහෙක්

    ReplyDelete
  9. අම්මෝ එක හුස්මට ඔක්කොම ටික කියවගෙන ගියා... කියන්න වචන එන්නෙත් නෑ. පපුව නිකන් හිර වෙලා වගේ.. මේ වගෙ එකෙගෙන් බෙරුනා කියන එක දන්න නිසා ගොඩක් සතුටුයි. මෙහෙම උන්නම් පොල් පිත්තෙනුත් කපගත හැකි. එත් මොකටද හිත ලෙඩ වෙන එකනේ වෙන්නේ.

    ReplyDelete
  10. මේ අපේ අර "රාජ්" එහෙම නෙවෙයිනෙ නේ?

    ReplyDelete
  11. කපටි කයිරාටිකයෙක් වගේ.... උගෙන් බේරුන එක ගැන සතුටු වෙයන් කෙල්ලේ...

    ReplyDelete
  12. අසරණයා.......
    කෙනෙකුගෙ අවංක කමෙන් වැරදි ප්‍රයෝජන ගත්තොත් මේ ආත්මෙදිම පල දෙනවා.ඒක නම් බුදුසත්තයි...!! මොට්ටපාල පෝස්ට් එක ලිව්වෙ මට මොට්ට කතා ලියල එව්ව මොට්ටයට..!! කවුද කියන්න ෂුවර් නැහැ........

    ReplyDelete
  13. දේවා ගේ අඩවිය..........
    හෙමින් මුල ඉඳන් කියවන්න..ඔයාට දැනගන්න ලොකු කතාවක් තියනව......ස්තූතියි මේ පැත්තට එනවට......

    ReplyDelete
  14. ඔබ නොදු‍ටු ලොවක්.......
    හ්ම්ම්.හ්ම්ම්...ඔයා දන්නවද? කෙල්ලෙක්ට අහුවෙලා එයා කොල්ලට දුන්න තෑග්ග වෙන කෙල්ලෙකුට දීපු බව...පස්සෙ එයා නිදිපෙති බීල මලා....මෝඩ කෙල්ලෙක් කියමුකො...ඒත් එයා ජීවිතේට වඩා ආදරේට ආදරේ කරල තියනව නේද?හ්ම්ම්ම්ම්ම්ම්....ඒකත් මෝඩකමක් තමා..!!!!!

    ReplyDelete
  15. පුංචි කුමාරිහාමි.......
    ගොඩාක් ස්තූතියි කිරිල්ලිව බලන්න ආවට....කතාව මුල ඉඳන් බලාගෙන එන්නකො එතකොට ගොඩාක් දේවල් තේරේවි ඔයාට........

    ReplyDelete
  16. අම්මපා ..මේ වගේ එකේකුට ලවු කොලානේ..තලන්ඩ ඔන මඩු වලිගෙන්...මොනා කොරන්ඩද...වෙලාවකට ආදරේ අන්දයිලුනේ...අම්මපා මුගේ නම රාජ් උනානේ..ඔකාගේ ඇඩ්‍රස් එක දෙනවද අපහාස නඩුවක් දාන්ඩ..ආදර උසාවියේ

    ReplyDelete
  17. Music girl.......
    ඔයාවත් ආදරෙන් පිලිගන්නව අළු පාට හැන්දෑවට....දිගටම එන්න මට මොනා හරි කියල යන්න.......

    ReplyDelete
  18. රාජ්.......
    ඔයා කියන කතාව හැමෝම වගේ කියනව...ලංකාවෙ නොහිටියෙ පූරුවෙ පිනකට නැත් නම් මාව විනාශ කරල....තව ඉදිරියට කියවන්නකො .....!!

    ReplyDelete
  19. බට්ටි.....
    ඒ පෝස්ට් එක ලිව්ව බ්ලොග් එක 2010 මැයි මාසෙ පටන් ගත්තෙ....ඒක දැන් නැහැ...
    තාම රෝස මල් පිපෙනවා....ඊටත් වඩා ලස්සනට.....!!!!!!!

    ReplyDelete
  20. ලොකු පුතා......
    අයියෙ..වෙලාවකට මට මා ගැනම එන කේන්තිය..පිළිකුල කොච්චරද කියල ඔයාට තේරෙන එකක් නැහැ..අපේ අම්මට,ලොකු අයියට කට උත්තර නැතුව මා දිහා බලන් උන්නෙ මේවා දැනගත්තු වෙලේ..එයාලටත් විශ්වාස කරන්න බැහැලු මේ මමමද මේ වගේ දෙයක් කලේ කියල...මං වගේ කෙල්ලෙක්වත් ඒ විදියට රැවැට්ටුවා නම්,තව අසරණ කෙල්ලො කීදෙනෙක් මෙයාට රැවටෙන්න ඇතිද?.....

    ReplyDelete
  21. ෴෴සිහින කොදෙව්ව෴෴ ..
    පපුවෙ අමාරු හදාගන්න එපා දැන්ම...තව ඉදිරියට භයානක දේවල් කියවන්න තියනව හරි?..හික්ස්..
    ගොඩාක් ස්තූතියි කිරිල්ලි බලන්න ආවට.....ඔයාගෙ බ්ලොග් එක මොකක්ද? මට හොයා ගන්න බැහැ,,ලින්ක් එක එවන්න ප්ලීස්..!

    ReplyDelete
  22. ඉන්දික උපශාන්ත.....
    හෆොයි මොනාද මේ අහන්නෙ...? බ්ලොග් ලියන 'රාජ්' ල දෙන්නම නෙවේ මේ..මෙයාගෙ නම 'ර' යන්නනෙන් පටන් ගන්න නිසා ඒ නම දැම්මෙ එතකොට මම දැනන් හිටියෙ නැහැ තව 'රාජ්' ල දෙන්නෙක් ඉන්න බව...

    ReplyDelete
  23. දිල්.....
    ඔව් අක්කි මට දැන් සතුටුයි..ඒත් තව කීදෙනෙක් අහුවෙලාද දන්නෙ නැහැ දැනට..

    ReplyDelete
  24. Raj......
    නරක වෙලාවල් වලට වෙන දේවල් වලක්වන්න බැහැ...අර කවුද කාටද 'බටකොලත්' කැව්වලු කියනව නේද නරක වෙලාව ලබල?.

    ReplyDelete
  25. මම කලිනුත් කිව්වනෙ කිරිල්ලියෙ. මටනම් අර මිනිහා ගැන පුදුම තරහයි.. මේ තරම් නැහීගෙන ආදරෙන් තෑගි යවපු, අඅදරේ කරපු ඔයාට එයා ස්තූති කරපු විදිය හරි අපූරුයි...:/ මටත් කළකිරුනා මේක කියවලා ඒ මිනිහා රකුසෙක්ම තමා:/

    ඔව් ඇත්ත ඔයාගෙ නරක කාලයක් ගෙවෙන්න ඇත්තෙ ඒ. මොකද ඔය තරමට අන්ධ වෙන්න...

    ප.ලි- කිරිල්ලි මූණු පොතේ ඉන්නවද??කිරිල්ලි අක්කද නංගිද දන්නෙ නෑ... මම කිරිල්ලි කියලම්යි කියන්නෙ ඕං..තරහ අවසර..;)

    ReplyDelete
  26. කෙනෙකුට මොනවහරි දීල මුකුත් බලාපොරොත්තු වෙන එක හොඳ දෙයක් නෙමේ.ඒත් ආදරේ කරන කෙනාට ඉස්සරවෙලාම මොනවහරි යවල මහ මෙරක දෙයක් බලා පොරොත්තුවෙන එක සාදාරණයි.මිනිස්සුන්ගේ ඇඟ පුරාම විස නගෝ.ඒක එහෙමයි කියල අඳුරගන්න අපිට ගොඩක් කල් යනව.ගොඩාක් කල්.හැබැයි එතකොට අපි පරක්කු වැඩී.

    ReplyDelete
  27. දවස ගානෙ මේක කියවන කොට පුදුම තරහක්නේ ඇතිවෙන්නේ... ලොකු දෙයක් මේ මෝඩයගෙන් බේරැන එක නම්....

    ReplyDelete
  28. මේකා මහ පුදුම එකෙක් නේ.
    අච්චර දේවල් දීලාත් මේකා නිකන්ම නිකන් තැන්කිව් එකක් විතරයි දීලා තියෙන්නේ. එක්කෝ මේකට ඕවා තේරෙන්නේ නෑ. නැත්නම් මේකට ඕනකමක් නෑ.

    ReplyDelete
  29. හිතුවක්කාරි.......
    මාව ඒ තරම්ම රවට්ටගත්තෙ කෝමද කියල මටවත් හිතා ගන්න බැහැ....ඒකයි මම මුලින්ම කිව්වෙ මේක 'දුෂ්ඨ මායාවක්' කියල...මම එයාට මගෙ පණටත් වඩා ආදරේ කලා..මම අන්ධයෙක් වෙලා උන්න...මගෙ ඇස්දෙක බැඳල තිබුනෙ බොරුවෙන්,වංචාවෙන්...!!
    මම මූණුපොතේ ඉන්නව..ඒත් ඒ පැත්තෙ යන්නෙ කලාතුරකින්..පරණ දේවල් මතක් වෙන නිසා........
    මට ජනවාරි 10 ට..21 මාස 3..
    මම එක දවසක් කිව්වෙ මතක නැද්ද මාත් ඔයාගෙම වයසෙ කියල?

    ReplyDelete
  30. කස්ස....
    මම එයාගෙන් ආදරේට වඩා වෙන කිසිම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ අයියෙ..අඩුම ගානෙ එයාට මම වෙනුවෙන් ටෙලෙපෝන් කෝල් එකකට වත් එක රුපියලක් වියදම් කරන්න ඉඩ දුන්නෙ නැහැ........
    මම මේ ලෝකෙ අකමැතිම සතා 'මකුලුව'...ඌ ඉන්න පොටෝ එකක් වත් මට බලන්න බැහැ..'මකුලුව' කියන නම අහන්නවත් මම කැමති නෑ..ඒක මට නිකම් මානසික ආබාධයක් තරම්...දැන් මට ඒ මිනිහ වත් ඒ වගේමයි දැනෙන්නෙ....'මකුලුවෙක්' වගේ.....!

    ReplyDelete
  31. Shaggy.....
    බේරුනේ රටින් පිට උන්න නිසා...නැත් නම් අද මම මළකඳක් පොළවට පස් උන....

    ReplyDelete
  32. මධුරංග......
    තමුන්ව මෙලොවට බිහිකරපු ලඟින් ඉන්න තමුන්ගෙ අම්ම ගැනවත් මානුෂික හැඟීමක් ඇති වෙන්නැති ඒ වගේ සතෙකුගෙ හිතේ, මම වගේ ලෝකෙ කොනේ ඉන්න කෙල්ලෙක් ගැන මොනාවත් ඇතිවෙන් නෑ අයියෙ...ඒක දැන ගත්තෙ ගොඩාක් පහුවෙලා...!..
    මම මේ කතාව ලියන්නෙත්...කොමෙන්ට්ස් වලට පිළිතුරු දෙන්නෙත් ගොඩාක් අමාරුවෙන්...හැම වචනයක් වචනයක් පාසාම මම මැරි මැරි ඉපදෙනවා..ඒත් ඒක මම ඔයාලට පෙන්වන්නෙ නැහැ..ඒක දන්න දකින කෙනෙක් ඉන්නව..එයාගෙන් සුදුසු කාලෙට නිසි දඬුවම් ලැබේවි ඒ තැනැත්තට අනිවාර්යයෙන්ම.....!!

    ReplyDelete
  33. අද තමයි මං මේ කතාව මුල ඉඳලම කියවල ඉවර කරේ. වෙච්ච දේවල් වලින් පාඩමක් ඉගෙන ගෙන අනිත් යටත් පාඩමක් ඉගෙන ගන්න මෙහෙම ලියන එක නම් ගොඩක් වටිනා දෙයක් අක්කෝ..
    අවංකව ආදරේ කරන හදවතකට බොරු කරන කෙනෙක්ට ඒවා කවදම හරි පටිසන් දෙනවා.. අත්දැකීමෙන් කියන්නේ මං..

    ReplyDelete
  34. Ice (අයේෂා කුලතුංග).......
    මම මේක ලියන්න හිතුවෙත් ඒකමයි...අනෙක් අයටත් දන්වන්න...මේ වගේ මිනිස්සු මග නතර වෙන්නෙ නැහැ.ආයෙමත් කරන්නෙ මේ වගේ වංචාමයි..මොකද ඒවට පුරුදු උන අයට ඒක අත හරින්න බැහැ...මෙයා මා එක්ක ආදරේ ආදරේ කිය කිය ඉන්න ගමන්ම මටත් හොරා තව බ්ලොග් කීපයක් ලිව්ව බව ගොඩාක් පහුවෙලා දැන ගත්තෙ..ඒ විදියට ලෝකෙයක්ම රවට්ටපු බොරුකාරයෙක් මෙයා...!!

    ReplyDelete
  35. ම්ම්ම්ම්ම්ම්ම් හලි.. ඔන්න එහෙනම් ඔයා කිරිල්ලිම තමයි..:D

    ReplyDelete
  36. හිතුවක්කාරි......
    අක්ක කිරිල්ලිද නංගි කිරිල්ලිද කියන්නකෝ......!!!

    ReplyDelete
  37. මට මේ අවුරුද්දෙ අප්‍රේල් වලට 22ත් ලබනවා..එතකොට මං හිතන්නෙ ඔයා නංගි කිරිල්ලියෙක් නේ???

    ReplyDelete
  38. එකම එක උදව්වක් එයා ඔයාට කරලා තියෙනවා. ඒ ඔයාව බ්ලොග් ලෝකෙට ගෙනාපු එක. අන්න එච්චරම එච්චරයි./

    ReplyDelete