My Blog List

Sunday 27 November 2011

නිල්මිනි අක්ක............!

(අළු පාට හැන්දෑව 11) 


එදා රාජ් ගෙ ගමන නතර උනත්....පහුවදා එයාගෙ අසනීපෙ ආයෙමත් හොඳටම වැඩි උනා..එයාට කතා කර ගන්නවත් බැරි තරමට අමාරු උනා..එදත් හොස්පිටල් එකේ ඉඳල ආපහු ගෙදර ඇවිත් එයා කිව්වෙ මෙහෙම.........


''.. නංගියා....මම ඊයෙ උදේ පාන්දර ෂවර් එක යට උන්න පැයක්,ඇල්වතුර ඔලුවට වැටෙන්න...ඒකයි මට අමාරු උනේ,මට ඕන උනේ මේ අසනීපෙන්ම මැරෙන්න...මේ ගෙදර මිනිස්සු දන්නවා නම් මාව එලවල දානව දැන්ම...''


මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා මට..හැමදාම වගේ මම බණ කිව්ව...!!
දරුවෙකුට අම්ම කෙනෙක් අවවාද කරද්දි වගේ එයා අහගෙන ඉන්නව...එයාට ආදරෙන් කරුණාවෙන් දේවල් කියල දෙන්න ඕනෙ.එයාගෙ හිත සනසන දේවල් කියනවට පුදුම කැමැත්තක් එයාගෙ තිබුනෙ...එයා ට නිතරම එයාගෙ තනියට ඉන්න මාව ඕනෙ උනා...
ඒ දවස් වල මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුනෙ නැහැ..හදිසියෙම රාජ් මට එදා කිව්ව ෆේස්බුක් එකට එන්න කියල..එයාගෙ කතාව අනුව එයාට ඕනෙ උනේ අනුත්තරාට පේන්න මා එක්ක රිලේෂන්ශිප් එක දාගන්න ඒකෙ..මම ඒකට කොහෙත්ම කැමති උනේ නැතිඋනත්, ඒක එයාට කෙලින්ම කිව්වෙ නැහැ..පස්සෙ ඒ බව එයාට දැනිලද කොහෙද ''..ඔව් එක අතකට ඒක මම මාවම රවට්ට ගන්නවා වගේ වැඩක් නෙ..''කියල....
පස්සෙ රාජ් කිව්ව එයා අනුත්තරාව ෆේස්බුක් එකෙන් බ්ලොක් කලා කියල..ඊට පස්සෙයි මම එයාගෙ කීමට ෆේස්බුක් එකට ගියෙ..


එයාගෙ එෆ්බී එකේ උන්නෙ යාලුවො 5 දෙනෙක් විතරයි..ඒකෙන් 4 දෙන් පිරිමි ලමයි..එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ..එක්කෙනෙක් ඉතාලියෙ..අනිත් දෙන්න ලංකාවෙ..ඔය අතර උන්න එකම ගැහැනු යාලුවා නමින් 'නිල්මිනි'..රාජ්ගෙ 'නිල්මිනි අක්ක' එයා ලේඩි ඩොක්ටර් කෙනෙක්...මෙයා මට කලින් කියල තිබුන විදියට නිල්මිනි කුරේරා මීගමුවෙ රජයේ රෝහලේ සේවයෙන් ඉවත් වෙලා මීගමුවෙම පුද්ගලික රෝහලක සේවය කලා..එෆ්බී එකේ නිල්මිනි දිසානායක නමින් උන්න නිසා,මම ඇහුවාම රාජ් කිව්වෙ එයාගෙ හස්බන්ඩ් දිසානායක,දැනට ඉන්නෙ එංගලන්තෙ කියල..නිල්මිනි අක්ක කියන්නෙ රාජ්ගෙ තාත්තගෙ පොඩිකාලෙ ඉඳන්ම තාමත් එකට ඉන්න හොඳම යාලුවගෙ ලොකු දුව..එයාට නංගි කෙනෙක් ඉන්නවා නමින් 'උපුලි'..ඒ දුවල දෙන්නත්,රාජ් එයාගෙ අයියත් 4 දෙනාම පොඩි කාලෙ ඉඳන්ම හැදුනෙ වැඩුනෙ සෙල්ලම් කලේ එකටලු..ඉස්සර රාජ්ල උන්නෙ නිල්මිනිලගෙ ගෙදරට අල්ලපු වත්තෙලු..නිල්මිනි අක්ක එයාගෙ නංගි උපුලිව රාජ් ට යෝජනා කරාම එයා කැමති උනේ නැහැලු..අනුත්තරා ගැන නිල්මිනිට කිව්වලු..


මේ ඩොක්ටර් නිල්මිනි රාජ්ගෙ ජීවිතේ ප්‍රබල කොටසක් වෙලා උන්න බව මට දැනුන එයා කිව්ව හැම වචනයක් වචනයක් පාසාම...එයාගෙන් රාජ්ට එක එක විදියෙ බලපෑම් තිබුන බවත් මට දැනුන...මම හිතුවෙ පොඩි කාලෙ ඉඳන්ම එකට හැදුන නිසාත්,මෙයාලට වැඩිමල් අක්ක කෙනෙක් නැති නිසාත් එයා එහෙම හැසිරෙනව ඇති කියල...........


රාජ්ලගෙ ෆැමිලි එකේ අය නිතරම වගේ නිල්මිනී අක්කලගෙ ගෙදර ගියා..එයා කිව්වෙ තාත්තල එකතු වෙලා පොඩි පාර්ටි ගන්නව කියල...විශේෂයෙන් රාත්‍රි කාලවල..රාජ් ඒ ගෙදරට ගියාමත් මා එක්ක කතා කලා ස්කයිප් එකෙන්..සමහර දින වල යම් යම් ගමන් බිමන් ගිහින් එන අතර තුරත් එයා කිව්ව නිල්මිනි අක්කලගෙ ගෙදරින් කෑම කාල ආවෙ කියල.....''ආ ඔයා උපුලිව බලන්න ගියාද?..'' කියල මම විහිලු කලාම,එයා කිව්වෙ උපුලි ඉන්නෙ නිල්මිනි අක්කලගෙ ගෙදර නෙවේ එයාලගෙ අම්මල ඉන්න මහ ගෙදර කියල............
ඒ අනුව මට එක දෙයක් තේරුම් ගන්න පුලුවන් උනා...නිල්මිනි අක්ක ගෙදරක තනියම ජීවත්වෙන ගෑනු කෙනෙක් විය යුතුයි..මොකද එයාගෙ සැමියා ඉන්නෙ පිටරට..!!
ඔය අතරම රාජ් මට ගැහැනු ලමයෙකුගෙ උඩුකයේ පොටෝ එකක් එව්ව..එයා තමා 'උපුලි' එදා මම ඇහුව 
''..ඇයි ඔයා මට මේක එව්වෙ?..'' කියල.. එයා කිව්වෙ.
''..ඕක මම අනුත්තරාට යැව්ව මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියල 
එහෙම කලේ අනුත්තරාව මගෙන් ඈත් කරන්නම බැරි නිසා..'' 
''..හරි ඉතින් දැන් මට එව්වෙ?..''  
''..නිකම් එව්වෙ,ඔයාට උපුලිව පෙන්වන්න ඕනෙ නිසා..''
ඒ පොටෝ එක දැකල කිසිම විශේෂයක් හිතුනෙ නැහැ මට...කොටින්ම අවංකවම කියනවා නම්,ඒ පොටෝ එක මගෙ එකක් අහලකින් වත් තියන්න පුලුවන් එකක් නෙවේ.....හැබැයි මම රාජ් ගෙන් එදා මෙහෙම දෙයක් ඇහුව..
''..ඉතින් දැන් අනුත්තරා නැති නිසා ඔයාට පුලුවන්නෙ උපුලිට කැමති වෙන්න?..''
''..අපෝ ඒක කරන්න බැහැ..අපි පොඩි කාලෙ ඉඳන් සහෝදරයො වගේ,කවදාවත් එහෙම අදහසක් මට ඇති වෙන්නෙ නැහැ..එයා මට මගෙම නංගි වගේ..ඒ නංගි දන්නෙවත් නැතුව ඇති අක්ක එයාව මට යෝජනා කලා කියල..''


රාජ් කිව්වෙ එයා ජීවිතේටම වැඩිම වේලාවක් කතා කරපු එකම ගැහැනු ලමය මමලු..අනුත්තරා එක්ක වත් මා එක්ක තරම් විවෘතව ගොඩාක් වේලාවක් කවදාවත් කතා කරල නැහැ කියල එයා කිව්වෙ......
මේ අතරම දවසක් එයා මට කිව්ව එයාගෙ ඇත්ත තාත්තව හොයා ගන්න ඕනෙ කියල...මටත් ඒ අදහස හිතට ඇවිත් ගොඩාක් දවස්,ඒත් මම එයාට කිව්වෙ නැහැ..මම එයාගෙන් ඒ ගැන ගොඩාක් ප්‍රශ්න ඇහුව ඒත් එයා කිව්වෙ  ඒ කිසිම දෙයක් හොයා ගන්න බැහැ කියල විතරයි...ඒක රහසක්ලු ආච්චි විතරක් එයාට පොඩි විස්තරයක් කිව්වලු..ආච්චි නම් දන්නවලු ඒත් දැන් කියන්නෙ නැතිලු...අම්මගෙන් අහන්න බැරිලු...ඇත්ත තාත්ත ගැන හොයන බව මේ ඉන්න තාත්ත දැනගත්තොත් එයාට අනිවාර්යයෙන්ම ගෙදරින් යන්න වෙනව කිව්ව..............


''..ඉතින් දැන් මොකද අපි කරන්නෙ? කෝමද ඔයාගෙ තාත්තව  හොයා ගන්නෙ?..''


''..අනේ මන්ද නංගි...මට මගෙ තාත්තව හොයා ගන්න ඕනෙ...මැරෙන්න දවසකට කලින් හරි මට මගෙ තාත්තව හොයා ගන්න ඕනෙ..''


25 comments:

  1. හප්පේ රාජ් ඇවිල්ලා දේව්දාස් වගේ පොරක්නේ...නළුබට්ටෙක්නේ !!!!!!

    ReplyDelete
  2. හ්ම්ම්...
    මොක කියන්නද කියල හිතා ගන්න බැහැ නංගියේ
    මේ විදිහට හැමදාම කියවගෙන යන්නම්
    ඔයා දැන් හිටියටත් වැඩිය හොඳින් සවිමත් වෙලා ජීවිතේට පන්නරයක් අරගෙනනෙ තියෙන්නේ, ඒ හොඳටම ඇති....

    පුලුපුලුවන් විදිහට මේ කතාව ඉක්මනට ලියන්න කියන ඉල්ලීම තමයි ඉල්ලන්න වෙන්නේ

    ReplyDelete
  3. ඔබ නොදු‍ටු ලොවක්............
    හික්ස්...ඔයාට නම් යමක් තේරෙනව වගේ...රාජ් හින්දි ෆිල්ම්ස් වලට වහ වැටුන කෙනෙක්..ඕනම ෆිල්ම් එකක නලු නිලියො..ගායක ගායිකාවො ඕනම ගීතයක් ගැන පවා කට පාඩමින් මතකයෙන් කියන්න එයාට පුලුවන්..එයා එයාගෙ හැබෑ ජීවිතයෙ ජීවත් වෙන්නෙ,ශාරුක් ඛාන් ගෙ චරිතයක......!!

    ReplyDelete
  4. ලොකු පුතා .........
    ඔව් අයියේ...මම ගොඩාක් ශක්තිමත් දැන්...ඉස්සර විදිල්ලක් කෙටුවත් හෝ ගාල අඬන මම..දැන් අහස ගොරව ගොරව හෙන පුපුර පුපුර වහිදිදිත්,ඇස්දෙක ලොකු කරන් බලාගෙන ඉන්නවා..!!

    ReplyDelete
  5. ලොකේ බොරුකාරයො වැඩී.අපි ඒ අයට ඒකනිසා අහුවෙනවත් වැඩී.රාජ් කියන්නේ අමුතුම ජාතියේ මනුස්සයෙක් වගේ.

    ReplyDelete
  6. කස්ස.........
    බොරුවෙන් ජීවත් වෙන්න ලේසියි..මහන්සියක් නැතුව යමක් ලබා ගන්න පුලුවන්..ඇත්ත තිත්තයි..කටුකයි... බොරුව ලස්සනයි ඒ නිසා අපි ඒකට රැවටෙනවා...

    ReplyDelete
  7. හ්ම්... 'නිල්මිනි අක්ක' අලුත් චරිතයක්!!!!
    'වෙනස් චරිතයක්' වගෙ?

    ReplyDelete
  8. අර නිල්මිනි අක්ක තමන්ගේ අවශ්‍ය තාවයන් රාජ් ට කියල ඉටුකොර ගන්නව වගේ...මේකා කොල්ලෙක් නේ ඉතින් තමන්ගේ තාත්තව හොයාගන්න එකට ලත වෙන්නැතුව පිරිමියෙක් වගේ වැඩකොලානම් ඉවරයිනේ...මේයා නම් තනිකරම බබා පාට්දාන හිවලේක්ද කොහේද..." රාජ්" කියන නමටත් ලැජ්ජා කොරනව

    ReplyDelete
  9. ම්.... මේක මුල කොටස් තියනව නේද?? මම කියෙව්වට මට ලොකු අවබෝධයක් ආවෙ නෑ.. මම හිමිහිට මුල ඉඳන් එන්නම්..මම ඉස්සෙල්ලාම බැලුවෙ ඔයාගෙ කලින් පෝස්ට් එක.මම මෙහාට අලුත් නොවැ..

    ජය වේවා!!!!

    ReplyDelete
  10. samadhi........
    හ්ම්ම්..හ්ම්ම්......අමුතු චරිතයක් එයා...!!

    ReplyDelete
  11. Raj..........
    හ්ම්ම්.....මම දැන් දුක් වෙනව ''රාජ්'' නම මෙයාට දැම්මට.....සොරි..!

    ReplyDelete
  12. හිතුවක්කාරි..............
    'හිතුවක්කාරි'......මම ආසයි ඒ නමට......මාත් ඔයාගෙම වයසෙ....ම්ම්ම්...21 උනේ ගිය මාසෙ 10.......ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ ගියා...ඇත්තටම ඔයා ලියන සරල විදියට මම ආසයි.....බොරු කියන්නෙ නැහැ මම ඇත්තටම,මම කියෙව්වෙ එකම පෝස්ට් එකක් විතරයි... ඔයාගෙ බ්ලොග් එක මුල ඉඳන් බලන්න ඕනෙ...නත්තල් නිවාඩුවට කොහේ හරි නිදහස් නිසංසල තැනකට ගියාම මුල ඉඳන් කියවන්න ඕනෙ.....................

    ReplyDelete
  13. මේකා රඟපාන්න දන්නෙම නෑ.පුදුම කොල්ලෙක් !!

    ReplyDelete
  14. ඔයා තාම රඟපෑම් දැක්කෙ නැහැ හරියටම අයියෙ.....දිගටම බලන්නකො.....

    ReplyDelete
  15. කියන්න බොහෝ දේ තිබුණත් කිසි දෙයක් කියන්නේ නෑ. ඉතුරැ ටිකත් ලියන්න.

    ReplyDelete
  16. ස්තූතියි බට්ටි ආවට....ඉක්මනින් ලියන්නම්.......

    ReplyDelete
  17. මම ඔයාගෙ කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එක වැටිලා නෑනෙ... හයියෝ!!!! :(

    ReplyDelete
  18. අහ්හ් සමා වෙන්න කිරිල්ලි!! මම දැක්කෙ දැන් ඒක තියෙනවා..:) ස්තූතියි මගේ නමට අඅස වුනාට..:)

    ReplyDelete
  19. මම අද නම් කමෙන්ට් දාන්නෙ නෑ,ඔයා දිගටම ලියන්නකෝ........ඔය රාජ්ගෙ තව රගපෑම් බලලම කමෙන්ට් දාන්නම්.

    ReplyDelete
  20. සෙවණැල්ල..........
    හ්ම්ම්..ඔයත් ආශද හින්දි ෆිල්ම්ස් බලන්න.....?

    ReplyDelete
  21. සමාවෙන්න කතාවෙ මුලට කමෙන්ට් නොකලට කිරිල්ලියේ.. අදයි මේ පැත්තට ඇවිත් මේ අළුපාට හැන්දෑවෙ කතාව කියෙව්වෙ මුල ඉදන්.. මං හිතන්නෙ ඔයා නංගියෙක් මට.. :)
    ලියන්න නංගියෝ.. මේදේ ඔයා තියන ලොකු පියවරක්..!
    සුබ පැතුම් හා ධෛර්යය නිබද ඔබට ලැබේවා..!!!

    ReplyDelete
  22. නන්දු.........
    ඔයාවත් කිරිල්ලි ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට අයියේ......දිගටම එන්න ඇවිත් මට කියන්න මොනා හරි...ලොකු ශක්තියක් ඒක මට එදිරියට යන්න...මෙච්චර දුරක් ආවෙ නන්නාඳුනනා ඔයාල ගෙ වචන වල තියන ලොකු ශක්තියෙන්.....ස්තූතියි...!!

    ReplyDelete
  23. හිහිහී.. නංගියෝ.. මම අක්කියෙක්.. මමත් කුරුණෑගල.. ඒවගේම මං හිතන්නෙ නංගි හිටිය සීත රටේ වගේ මමත් ඉන්නෙ.. :) ටයිම් ඩිෆරන්ස් එක හරි.. ලංකාවෙ වෙලාවට..

    ReplyDelete
  24. නන්දු.........
    හෙ..හේ...සොරි අනේ..ඔයා ඉන්න රටේ නෙවේ මම ඉන්නෙ..ඊට ටිකක් උඩහින්...!!

    ReplyDelete
  25. හිහිහී.. සිතාගත්තෙමි නංගියෝ.. :)

    ReplyDelete