My Blog List

Tuesday 22 November 2011

සමාවෙන්න අනුත්තරා................

(අළු පාට හැන්දෑව 10)


ඒ මේල් එක දැක්ක ගමන්ම මට හිතුනෙ රාජ් කොහේ හෝ දුර පලාතකට ගිහින් ජීවිතේ නැති කර ගනීවි කියල... එයා උන්නෙ ඒ තරම්ම ජීවිතෙන් අන්තයටම වැටිල.....මට හොඳටම බය හිතුන..බයටත් වඩා දරාගන්න බැරි තරම් දුකක් දැනුන...කවදාවත් නොදැනුන මහා පාලුවක්,බය හිතෙන තනිකමක් වගේ දෙයක් දැනුන...දැන් ඉතින් කෝමද තවත් එයා ගැන දැන ගන්නෙ? එයාට මොකද උනේ?ආයෙ කවමදාවත් එයා මට හමුවෙන එකක් නැද්ද? කාගෙන් අහන්නද?කාට කියන්නද? මේවා හිතල මට පිස්සු හැදීගෙන එන්නතරම්...මම මහා හයියෙන් අඬන්න පටන් ගත්ත....ගෙදර අනෙක් අයට ඇහෙයි කියල මගෙ කාමරේ ටී.වී එක සද්දෙන් දාල,එදා හිම වැස්සට යට වෙලා තිබ්බ් බැල්කනියට වෙලා සීතලෙන් වෙව්ල වෙව්ල මම ඇඬුව.........


මේ ලියන මොහොතෙත් මගෙ ඇස්වලින් කඳුලු ගලාගෙන යනව.......ඒත් ඒ රාජ් ගැනවත්..අතීතයක් ගැන වත් හිතිල නෙවේ කොහෙත්ම...අපේ අම්මගෙත් තාත්තගෙත් අනිත්  පවුල් වල ඉපදිලා ඉන්න දරුවො අතරින් 'බුද්ධිමත්ම කෙල්ල' විදියට නමක් අරන් ඉන්න මම... මගේ ආත්මය,තත්වය,කවදාවත් මුණ නොගැහුන ඒ වගේ පුද්ගලයෙක්, වෙනුවෙන් ඒ තරම් හෑල්ලුවට පත් කර ගත්ත දුකටයි..වේදනාවටයි මේ කඳුලු.......


මම හිතුවටත් වඩා ඉක්මනින් මගෙ හිත රාජ් ට බැඳිල කියල මට  වැටහුනේ එදා...මටත් නොදැනිම ඒක හරියටම මායාවකට හසු උනා වගේ.................................


ඉතින්....එයාට මෝටර් බයික් එකක් තිබුන ඒකෙ පොටෝ එකකුත් මට එවලයි තිබුනෙ...එයා හැම තැනම යන්නෙ ඒකෙන්...මට ඕන කලේ එයාගෙ මේ ගමන කෝම හරි නතර කරන්න...ඉතින් මම එයාට කෝල් කලා..එයාගෙ පෝන් දෙකම වහල දාල...මම ඊටපස්සෙ කලේ කෙටි පණිවිඩ යවන්න පටන් ගත්ත එක නොනවත්වාම....විටින් විට නොනවත්වාම කෝල් කලා....ඔය විදියට පාන්දර  වෙනතුරුත් නිදි නැතුව මම එයා ගෙන් පිලිතුරක් බලන් උන්න.... ලංකාවෙ වෙලාවෙන් පාන්දර 0630 ට විතර එයා ඔන්ලයින් ආවා...යන්න ලෑස්තිවෙලා පෝන් එක බලද්දි මගෙ පණිවිඩ නොනවත්වාම ආවලු ඒ නිසා කොම්පියුටර් එකට ආව කිව්ව.............කොහෙද යන්නෙ ඇයි මොකද උනේ හේතුව ඇහුවාම එයා කිව්වෙ මෙහෙම.....
''.....නංගි මට තවත් ඉඳල වැඩක් නැහැ....අනුත්තරා ඊයෙ මා එක්ක චැට් කරද්දි මට තේරුනා එයා වෙනද වගේ නෙවේ කියල මට තේරුනා එයා තවත් කෙනෙක් එක්ක චැට් කරනව කියල..මම ඒක ඇහුවාම එයා කිව්වෙ..එහෙම එකක් නැහැ කියල..එයාගෙ ඊමේල් එකේ පාස් වර්ඩ් එක මා ගාව තියනව..ඉතින් මම පස්සෙ ඒකට ගිහින් බැලුව...එයා එයාගෙ අම්මල එයාට කතා කරපු බෝයි එක්ක කතා කර කර ඉඳල තියෙන්නෙ...ඒ දෙන්න කතා කරපු ඔක්කෝම මම කියෙව්ව....එයාල දෙන්න  ෆේස්බුක් එකෙත් රිලේෂන්ශිප් දාගෙන ඉන්නෙ...''


''....ඉතින් අයියෙ..ඔයා දන්නව නේද එයා ඒ බෝයිව මැරි කරන්න යන්නෙ කියල? ඔයා මටත් කිව්වෙ? ඇයි ඉතින් ඔයා ඒව ගැන හොයන්න යන්නෙ? අනුන්ගෙ පුද්ගලික දේවල් කියවන්න ගියෙ ඇයි ඔයා?..එයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේනෙ..'' 


''....ඔව් නංගි ඒක හරි,මම දන්නව..මම දන්නව එයා කවද හරි ඒ දේ කරන බව...ඒත් මම හිතුවෙ නැහැ මේ තරම් ඉක්මනට එයා එහෙම කරාවි කියල නංගියො.. මම යනවා යන්න..මම කොහේ හරි යනව ඈතකට...''
මට එවෙලෙ දැනුනෙ නම් කේන්තියක් වගේම මහා අප්‍රසන්න හැඟීමක්...ඒත් ඒ වෙලාවෙ මට උවමනා කලේ එයාගෙ ගමන නතර කරවන්න කෝම හරි....ඒ ගැන මේකෙ ලියන්න මට හිත දෙන්නෙම නැහැ...දැන් ඒ දවස ගැන මතක් වෙද්දි දැනෙන්නෙ මහා අපුලක්..!!
මම අඬපු තරමක්..! වැඳපු වැඳිල්ලක්..! හිඟන්නියෙක් වගේ ආයාචනා කරපු තරමක්..! ඒ වගේම අනුත්තරාට බැනපු තරමක්..!(සමාවෙන්න අනුත්තරා).........


කෝම හරි නොවඳිනා වැදුම් වැඳල ඒ ගමන යන්න නොදී මම එයාව නතර කර ගත්ත.......


ඇත්තටම එයා එහෙම ගමනක් යන්න ප්ලෑන් කලාද?..නැත්නම් ඒකත් මාව අල්ලා ගැනීමේ තවත් දක්ෂ ප්ලෑන් එකක්ද?


දයාබර අනුත්තරා අක්කි......!




මගේ මේ කතාව ඔයා මුල ඉඳන්ම කියවන බව මම දන්නව.....මේක ලියන්න පටන් ගන්නත් කලින් ඉඳන්ම අපි දෙන්නට දෙන්න අපේ හිත් වල තිබ්බ ඔක්කොම ගැටලු නිරාකරනය කර ගත්ත.....හිතින් ගොඩාක් නොමග ගිහින් උන්න මමයි ඔයාට වැරදි කලේ....මම ඒවට ඔයාගෙන් සමාව ගත්ත...මේ කතාව ලියන අතර තුරෙත් ඔයාගෙ හිත රිදෙන දේවල් මගෙ අතින් ලියවෙනව වෙන්න පුලුවනි...මම දන්නව ඔයා මේ මෝඩ නංග එක්ක තරහ වෙන්නෙ නැහැ කියල...සමාවෙන්න මට...!! 

34 comments:

  1. හ්ම්ම්ම් ! මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ...බලමු තව ඉස්සරහට...

    ReplyDelete
  2. බෑදීම් ඔහොම තමයි ..
    මොනවා උනත් සිහිකල්පනාවෙන් වෑඩ කරන්න..

    ReplyDelete
  3. මම ඔයාගෙ බ්ලොග් එක කියවන පාඨකයෙක් උනාට අද තමයි කොමන්ට් එකක් දාන්නෙ,මම මේක මුලින්ම කියවද්දි හිතුවෙ නවකථාවක් වෙන්න ඇති කියල,නමුත්
    මුල් පෝස්ට් ටික කියෙව්වට පස්සෙ තමයි දැන ගත්තෙ මේක ඇත්ත අත්දැකීමක් කියල,ඇත්තටම විශ්වාසකරන්නත් අමාරුයි මේවගේ මිනිස්සු ලෝකෙ ඉන්නව කියලත්.ඇත්තටම ඔයා හිත හයිය කෙල්ලෙක් නැත්තම් මෙවගේ දෙයක් ලෝකෙටම් කියන්න අමාරුයි.මම ඔයාට සුබ පතනව.

    ReplyDelete
  4. හප්පේ ආයිත් අහන්න දෙයක් නෑ ඔයාව හොඳට අන්දලා...කොහොම උනත් ඔය ටික තේරුං ගන්න පරක්කු උනේ ඇයි?

    ReplyDelete
  5. දිල් ......
    ඔයා ඇවිත් යන එකම ලොකු හයියක්....ඒ ඇති මට.........

    ReplyDelete
  6. Kiri.......
    ගොඩාක් ස්තූතියි ඔයාට...හ්ම්ම්...බැඳීම්...!

    ReplyDelete
  7. Ishan....
    ගොඩාක් ස්තූතියි ඉශාන්...ඔව් මගෙ හිත මහ කලුගල් පර්වතයක් වගේ හයිය උනා ඊට පස්සෙ...!

    ReplyDelete
  8. ඔබ නොදු‍ටු ලොවක්.....
    මාත් අද මගෙන් අහන ප්‍රශ්නයක් ඔයාත් මේ අහන්නෙ.....දන්නෙ නැහැ ඇයි මට අවුරුදු එකහමාරක්ම ඒක තේරුම් ගන්න බැරි උනේ කියල.....

    ReplyDelete
  9. සොරි..මම හිතන්නේ ඔයගේ හිත ලාමක නිසා වෙන්න ඇති කල් ගියේ මේතරං බොරුවක් තෙරුම් ගන්න...වෙහෙරක් ගිලල හිටියනං අග්ගලාවත් මොන කජ්ජක්ද කිව්වා වගේ අඩුම ගානේ ඔයා ටොපියක්වත් ගිලල ඉදලා නෑ......

    ReplyDelete
  10. ආදරේ...ට පැති කිපයක්ම තියෙනවනේ...සුන්දර බව..විරහව....ඒවගේම කපටිකම...බියකරු..බව..ඔය මේකි..නොකී..කොයි මුහුනුවරකින්..ආදරේ එනවද කියල එකපාරටම කියන්ඩ බැනේ..මේ කතාව යන විදිහටනම්..කපටිකම්..වලින් සහ බියකරු බවින් පිරිච්ච එකද්දො කියල හැකයි...

    ReplyDelete
  11. මම නම් ඔයාට දොස් කියාන්නේ නෑ, මොකද හදවතින්ම කනගාටුවක් දැනුනම් ඔය විදියේ තත්වයකට පත් වෙනවා. මොනවා උනත් සතුටුය් ඔයා බේරුන එක ගැන. දැන් ඒවා සේරම ඉවරය් නෙ.

    ReplyDelete
  12. අය්යෝ අක්කේ කවදාවත් මැරෙන්න යන මිනිහක් කවදාවත් මැරෙන්න යනවා කියල යන්නේ නැ. කොහොම හරි අන්තිමට ඔයා ඔය කියන පොරගෙන් ගැලඋනානේ

    ReplyDelete
  13. ඔබ නොදු‍ටු ලොවක්............
    මම කලින් දවසක කිව්ව වගේ....මම ඉන්නෙ ලංකාවෙ නෙවේ...පොඩි කාලෙ ඉඳන්ම ඉස්කෝලෙන් ගෙදර..පොත් පත් වලට පාඩම් වලට...අමතර පන්තිවලට අවු:9 දි පිටරට ඉස්කෝලෙකට ඉගෙන ගන්න ආවාම ලොකූ අකරතැබ්බෙකට වැටුනා වගේ වෙනවා ඒකෙන් ගොඩ එන්න ලොකු සටනක් කරන්න ඕනෙ...(ඒ සටනෙ එක ප්‍රථිපලයක් විදියට තමා මේ අදටත් මම එලිවෙනකම් ඇහැරගෙන ඉන්නෙ.) මට සමාජයක් ඇසුරට අවස්තාවක් ලැබුනෙම නැහැ....අනික මෙහෙ සමාජයට මම කොහෙත්ම කැමති උනෙත් නැහැ...තනියම ඉන්න පුරුදු උනේ.........

    ReplyDelete
  14. Raj.........
    අපිට මුලින්ම ආදරේ ලැබෙන්නෙ අපේ අම්මගෙන්,තාත්තගෙන්,සහෝදරයින්ගෙන්......ඒත් කෙනෙකුට උපතේ ඉඳලම තමුන්ව මෙලොවට ජාතක කරපු තාත්තගෙන්,බිහිකරපු අම්මගෙන් ඒ ආදරය අහිමි නම්,එකම සහෝදරයගෙන් ඒ ආදරය වෙනුවට හිමි උනේ වෛරය නම්....එහෙම කෙනෙකුට මගේ ආදරය දීල එයාව ජීවිත කාලෙටම සතුටින් තියල.....''ආදරේට නියම අරුතක් පුරවන්න'' මම හිතන්න ඇති.........

    ReplyDelete
  15. samadhi........
    සමාදි.....මගෙ අම්ම තාත්ත අයියල මට ගොඩාක් ආදරෙයි...තාත්ත නැති උනාට පස්සෙ උනත් අයියල මට ඒ අඩුව දැනෙන්න දුන්නෙ නැහැ කෝමවත්.......මම ආදරේ අගය දන්නව....ඉතින් මම ඔය 'රාජ්' ගෙ කමෙන්ට් එකට දීල තියන පිළිතුර ඔයත් බලන්න..........

    ReplyDelete
  16. පිස්සා පලාමල්ල........
    ස්තූතියි ගොඩාක්....!!

    ReplyDelete
  17. මමත් ඇවිත් හැමදාම කියවල යන කතාවක්
    ඔයාට වැරද්දක් කියන්නේ නැහැ මමත්
    කතාව ඔක්කොම කියවල ඉමුකො ඔක්කොටම කලින්

    ReplyDelete
  18. Thilan............
    ඒක ඇත්ත බොහෝ දුරට......ඒත් මල්ලි ඔයා දන්නවද ''මම මැරෙනව'' කියද්දි...කවුරුත් ගනන් නොගෙන ඉඳල, ඇත්තටම දිවි නැති කර ගත්ත අය ගැන මම අහල තියනව.....අපේ අක්ක කෙනෙක්ගෙ යාලුවෙක් කොල්ල එක්ක තරහ වෙලා අම්මලා එක්ක කිව්වලු ''මම මැරෙනව'' කියල....අම්ම තරහට කියල ''හා මැරියන්'' කියල....එයා එදා රෑම නිදිපෙති බීල මැරුන.....තව එක අයිය කෙනෙක් එයාගෙ වයිෆ් එක්ක රන්ඩුවෙලා අම්මලාට කෝල් කරල....''මම බෙල්ලෙ වැල දාගන්නව'' කියල...මෙයාල ගනන් අරගෙන නැහැ....ඒත් ටිකකින් කෝල් කරද්දි එයාගෙන් පිලිතුරු නැති නිසා මෙයාල බලන්න ගියාම ..එයා බාල්කෙ එල්ලිලා මැරිල තිබුන...ඔය වගේ සිද්දි අහල තිබුන නිසයි මම බය උනේ.................

    ReplyDelete
  19. ලොකු පුතා......
    මම ලඳ බොලඳ මෝඩ කෙල්ලෙක් නම් නෙවේ...........ඒත් මේ ලෝකෙදි බුද්ධියට වඩා හදවතට එකඟව කටයුතු කරන එක නම් මහාම මෝඩ කමක්......!!

    ReplyDelete
  20. ජීවිතයේ හැම අත්දැකීමක්ම අපිට පාඩමක් කියල දෙනවා...පමා වෙලා හරි ඔයාට ඇත්ත තේරුම් ගියාට, ඔයාව ඒ රකුසගෙන් බේරගත්තට ...ඒ ගැන හිතලා සතුටුවෙන්න...චින්චැට් මම ඔයා ගැන ආඩම්බර වෙනවා.ඔයාගෙ නිර්භීත කමට.....:)

    ReplyDelete
  21. සෙවණැල්ල...........
    ස්තූතියි ඔයාට ගොඩාක්...මම නිර්භීතද?....වෙන්න පුලුවන්.. හ්ම්ම්ම්....ආදරයක් වෙනුවෙන් අහසින් බිමට බහින්න ඉදිරිපත් වේද නැත් නම් නේද?

    ReplyDelete
  22. අද නම් මට කමෙන්ට් කරන්න දෙයක් හිතුනේ නෑ නංගි. තාම කල්පනා කරන්නේ මොනාද කියන්නේ කියලා.

    ReplyDelete
  23. මධුරංග.........
    කමක් නෑ පස්සෙ කියන්නකො මොනා හරි.......

    ReplyDelete
  24. RAJ WAGE WADA KARANA MINISSU MAMATH DAKALA TIYENAWA MAMANAM HITHANNE MEWAGE AYATATH PODI MANASIKA ASAHANA GATHI TIYENAWA KIYALA.

    DIGATAMA LIYANNA ..

    VIPUL

    ReplyDelete
  25. kumar........
    ඔව් ඔයා හරි තව දිගටම කියවන්නකො.......ස්තූතියි ආවට......

    ReplyDelete
  26. කතාව එන්න එන්නම වෙනස් වේගෙන එන්නේ.දිගටම ලියන්න.

    ReplyDelete
  27. කස්ස........
    ගොඩක් ස්තුතියි අයියෙ......ඉක්මනට ලියන්නම් ඉතුරු හරිය........

    ReplyDelete
  28. අනුන්ගේ එකවුන්ට් එකකට ලොග් වෙන එක නම් කැත පුරුද්දක්. ඒක නෙමෙයි නංගි ඔයාගේ හිත රාජ්ට ආදරේ කරන්න ගත්ත නිසාද අරම දුක හිතුනේ ?

    ඒ වගේම තව එක දෙයක් කියන්න පුලුවන් එයා මාරම දක්ෂ කොල්ලෙක්. කෙල්ලෙක්ගේ හිතට කා වදින විදිහට කතා කරන්න පුලුවන් කොල්ලෙක් !!!

    ReplyDelete
  29. මධුරංග.......
    හ්ම්ම්..දුක හිතෙන්නෙ නම් ආදරේට වඩා අනුකම්පාවට අයියෙ.....ඒත් ඒ අනුකම්පාවම තමා පස්සෙ ආදරේ වෙන්නෙත් මම හිතන විදියට.....ඔව් එයා මාර දක්ෂ මොලයක් තියන කෙනෙක්..! ඒත් ඒ මොලය යොදවන්නෙ හොඳ දේවලට නම් නෙවේ....

    ReplyDelete
  30. හැමදාම ඉතින් මම එන්නේ කියවන්න පරක්කු වෙලානේ. ඉතිරි කොටස් ටිකත් කියවලාම බලමු...

    ReplyDelete
  31. priyantha............
    මම දන්නව පරක්කු වෙලා හරි ඔයා ඇවිත් යන්න එනව කියල අයියේ.......ගොඩාක් ස්තූතියි...!

    ReplyDelete
  32. කිරිල්ලියේ, එතකොට මේ අනුත්තරා ඇත්තටම ඉන්න රාජ්ව දන්න කෙනෙක්ද...? මං හිතුවෙ අනුත්තරා කියන්නෙත් බොරුවට මවා ගත්තු කෙනෙක් කියලයි..... කොහොමද ඔයා එයාව හොයාගත්තෙ....?

    ReplyDelete
    Replies
    1. අනුත්තරා ගැන තමා රකුස ''ආදරකතාව'' බ්ලොග් එකේ ලිව්වෙ..ඒත් ඒ බ්ලොග් එකේ ලිව්ව කිසිම දෙයක් ඇත්ත නෙවේ..අනුත්තරාව එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන් උදුර ගන්න බැරි උන තරහට මේකා අනුත්තරාට ''මඩ ගහන්න'' ලිව්ව දේවල් තමා ආදර කතාවෙ තිබුනෙ..ඒ මඩ ගහන ගමන් මූට ලෝකයගෙ අනුකම්පාව දිනා ගන්නත්,තවත් මම වගේ කෙල්ලො අල්ල ගෙන මුගේ අසහනය නිවා ගන්නත් එක්ක තමා ආදර කතාව ලිව්වෙ......

      අනුත්තරාගෙ ඇත්ත නම වෙන එකක්...එයාගෙ කැමැත්තෙන් මම මේ නම පාවිච්චි කරන්නෙ...අපි යාලුවො දැන්...මම ගොඩාක් කාලෙක ඉඳන්ම අනුත්තරාව හෙව්ව,ඒත් මූ මට හොයාගන්න බැරි වෙන්න වැරදි තොරතුරු දීල මාව නොමග යැව්වා...පස්සෙ මූනුපොතෙන් මට හමු උනාට පස්සෙත් මූ බොරු කියල මාව නොමග යවල අපි දෙන්නව තරහ කලා...මම අනුත්තරාට ගොඩාක් වැරදි කලා මුගෙ කීමට....

      පස්සෙ ඔක්කෝම එලි උනාට පස්සෙ ආයෙමත් මම අනුත්තරාට කතා කරල මගේ වැරදි වලට සමාව ගත්ත.....අනුත්තරා එක්ක මම යාලු උනාට පස්සෙ අපි දෙන්නම හීනෙකින් වත් හිතපු නැති තව ගොඩාක් දේවල් හෙලි උනා.......කෝමද මුගෙ සෙල්ලම????!!!!!!!!!!!!

      Delete