My Blog List

Sunday 13 November 2011

අනුත්තරාගෙන් සමු ගන්න ගිහින්..........

( අළු පාට හැන්දෑව 8.)




''අයියෙ..ඇත්තටම ඔයාගෙ හාර්ට් එකේ තියන ඔය අසනීපෙ මොකක්ද?''  මම දවසක් ඇහුව රාජ් ගෙන්,


''මේකයි නංගි...මගෙ හාර්ට් එක වටේට සෙම තට්ටුවක් බැඳෙනව..ඒක වැඩි උනාම මට ගොඩාක් අමාරු වෙනව..හුස්ම ගන්න බැරි වෙනව..ඔයා දන්නවනෙ හුස්ම හිර උනාම මොකද වෙන්නෙ කියල..සමහර වෙලාවට නින්දෙන් මගෙ හුස්ම හිරවෙනව..''


''ඔයාට ගොඩාක් කල් ඉඳන් ඔය අසනීපෙ තිබුනද..?''


''නැහැ..නැහැ..දැනට අවුරුදු දෙක තුනකට කලින් ආපු එකක් මේක..මම දෙපාරක් මැරෙන්න ගියා..මගෙ මල්ලිය ගාවටම ගිහින් මම ආපහු ආව නංගි..''


''එතකොට අර දෙසැම්බර් මාසෙ කරපු ඔපරේශන් එකෙන් හොඳ උනේ නැද්ද...?''


''මෙහෙමයි නංගි...කලින් බෙහෙත් ගත්ත ගත්ත හොඳක් නැහැ..පස්සෙ ඩොක්ටර්ස්ල නහයෙන් බටයක් වගේ එකක් දාල ඒ සෙම එලියට ගන්න ට්‍රයි කලා...ඒත් ඒක හරි ගියෙ නැහැ..පස්සෙ තමා ඔපරේශන් එක කලේ..''


''ඉතින් ඒත් ඔයා ආයෙම ලෙඩ වෙනවනෙ ඇයි ඒ..?''


''මට ඇල්වතුර අල්ලන්නවත් එපා කිව්ව..සෙම තියන කෑම කන්න එපා කිව්ව..යාන්තම් වත් වැස්සකට තෙමුනත් මේ ලෙඩේ වැඩිවෙනවා..''


''එතකොට ඕක සම්පූර්ණයෙන්ම සුව වෙන්නෙ නැද්ද? ඒක ලංකාවෙ ඩොක්ටර්ස්ලට කරන්න බැරිද.?''


''හ්ම්ම්ම්...මේක මගෙ කරුමෙ නංගියො...සමහර විට කාලයක් බලන් ඉන්න වේවි...සමහර විට සදහටම මම ලෙඩෙක් විදියට ජීවත් වේවි..''


''මොනාද ඔයා මේ කියන්නෙ?..ඕනම ලෙඩකට බෙහෙත් තියනවනෙ..ඕක සනීප කරන්න බැරි ලෙඩක් නෙවේනෙ..හරි මට එවන්න බලන්න ඔයාගෙ මෙඩිකල් රිපෝර්ට්ස් වල කොපි ..මම මෙහෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට පෙන්වල අහන්නම් මොනාද කරන්න ඕනෙ කියල..මම ඔයාට එවන්නම් ඔක්කොම බෙහෙත් මෙහෙන්..''


''හරි...අපි තව ටිකක් බලමුකො..දැන් මට සනීපයිනෙ..''


එයාගෙ අසනීපෙ මොකක්ද කියල හරියටම දැනගන්න මම ගොඩාක් මහන්සි උනා...ඒත් ඒක මට හොයා ගන්න බැරි උනා..ආයෙම  ආයෙම මෙඩිකල් රිපෝර්ට්ස් ඉල්ලල කරදර කලත් එයා මොකක් හරි කියල මග  හැරිය.. මම හිතුවෙ එයාට තියෙන්නෙ එයා මට කියනවට වඩා දරුනු අසනීපයක් කියල...මම ඒ ගැන ගොඩාක් හිතුව..හිතින් වද වින්ද...........


දවසක් එයා ලොකු කලබලේකින් මගෙන් උදව්වක් ඉල්ලුව.....


''නංගි මට ලොකු උදව්වක් කරන්න..


''මොකක්ද කියන්න..''


''මට අනුත්තරාව මගෙ ජීවිතෙන් අහකට යවන්න විදියක් කියන්න..ඔයාල ගෑනුළමයි දන්නවනෙ ඔයාලගෙ හිත්,මට කියන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල..?''


''ඒක පුදුම කතාවක්නෙ..එයාට බෝයි කෙනෙක් ඉන්නව නේද? ඉතින් ඔයා කියන්නකො එයාට ඔයාගෙ  පාඩුවෙ ඉන්න දෙන්න කියල..?''


''මම කිව්ව නංගි..එයා අහන්නෙ නැහැ..මට ගර්ල් කෙනෙක් හම්බ වෙනකම්ම එයා මා එක්ක ඉන්නවලු..''


''එහෙනම් ඔයා කියන්න ඔයාට දැන් ගර්ල් කෙනෙක් ඉන්නව කියල..''


''එහෙම කියල හරි යන්නෙ  නැහැ නංගි එයා විස්වාශ කරන්නෙ නැහැ..''


''ඒක හරි වැඩක්නෙ..හරි දැන් ඔයා මොකක්ද කරන්නෙ ඒ බෝයි කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක..?''


''මට කාත් කවුරුත් නෑ නංගියො...මට උන්නෙ එයා විතරයි..මගෙ හැම දෙයක්ම කිව්වෙ එයාට..එයා මට ආදරෙයි කිව්ව..එයාගෙ බෝයි මුස්ලිම් කෙනෙක් නිසා එයාල කවදාවත් එක්වෙන්නෙ නැහැ කිව්ව..''


''ඒ කියන්නෙ, එයා කිව්වද කවදා හරි ඔයා ගාවට එනව කියල අරයගෙන් වෙන් උනාම..?''


''නෑ..නෑ..එයා කියන්නෙ මම එයාගෙ හොඳම යාලුව විතරලු..''


''මේක අහන්න අයියෙ..එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නව..එයා ඔයාට කරන්නෙ අනුකම්පාවක්,ඒ ඔයාගෙ ජීවිත කතාව අහපු නිසා..ඔයා ඒක වරදවල තේරුම් අරන් ආදරේ කියල..ඔයා ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දීල පැත්තකට වෙන්න..ඔයා හිතන විදිය වෙනස් කරන්න..ජීවිතේ ගැන අලුත් විදියකට හිතන්න..ඔයාගෙ ස්ටඩි වලට වැඩි වේලාවක් ගන්න..පාඩම් කරන්න..අවුල්කර ගන්න එපා ඔක්කොම..''


''ඔව් නංගි එයාත් මට කියන්නෙ ඔහොමයි වෙනස් විදියකට හිතන්න පුරුදු වෙන්න කියල..ඒත් එයාව මට ලැබෙනවානම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා මම නංගි..''


මට මේ කතාව අහල පුදුමත් හිතුන..මෙයා කලින් කතා කලේ,  අනුත්තරාගෙන් ඈත්වෙන්න..අනුත්තරාව මෙයාගෙන් ඈත් කරන්නෙ කෝමද අහල...දැන් කියනව මේ විදියට....මම එයාට හැමදාම කිව්ව අනුත්තරා ගැන හිතන්නෙ නැතුව ඉගෙනීමේ වැඩ වල යෙදෙන්න කියල..හැමදාම කියවල කියවල මට ඒ කියවිල්ල එපාවෙලත් තිබුන.....ඔය අතර දවසක එයා මට කිව්ව.....


''නංගි..මේ ඉරිද මම යනව අනුත්තරාවයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වයි හමුවෙලා එයාලගෙන් සදහටම සමු අරන් එන්න..මම කියනව මගෙන් ආයෙ කවදාවත් එයාලට කරදරයක් වෙන්නෙ නැහැ කියල...''


මම ගොඩාක් සතුටු උනා එයා ඒ කිව්ව දේට..ඊට පස්සෙවත් එයා හිත හදාගෙන සතුටින් ඉඳීවි කියල මට හිතුන....එයා එදා කොළඹ ගියා ඒ දෙන්නව හමු වෙන්න..හවස ගෙදර ඇවිත් මා එක්ක විස්තරේ කිව්ව....එදා දහවල් කෑමට මෙයා ඒ දෙන්නව එක්ක ගියා කිව්ව..එයාල දෙන්න පුදුම ආදරේකින් ඉන්න බවත් මෙයා මට කිව්ව.'' ඒ දෙන්න පුදුම ආදරේකින් ඉන්නෙ..මට එතෙන්ට කිට්ටු වෙන්න වත් බැරි තරම්..'' .....එයා කිව්වෙ මෙහෙම......


''ඔන්න අපි එක තැනකදි පාර මාරුවෙන්න ගියා..මම ඒ බෝයි එක්ක ඉස්සර වෙලා ගියෙ අනුත්තරා පිටිපස්සෙන් ආවෙ..එක පාරම අපි දෙන්න පාර පැන්නා..අනුත්තරාට පැනගන්න බැරි උනා..ඒ බෝයි ආපහු දුවන් ගිහින් අනුත්තරාගෙ අතින් අල්ලන් එක්ක ආවා..''


කෝම වෙතත් රාජ් එදා නම් උන්නෙ අමුතු සතුටකින්....හේතුව එදා අර දෙන්න මෙයාට තෑග්ගක් දීල තිබුන....ඒ නිල්පාට අශ්වයෙක්..! එයා ඒක ගැන මහා සතුටකින් කතා කලේ..''මේක මාර ලස්සනයි ඉන්න මම ඔයාට මේකෙ පොටෝ එකක් අරන් එවන්නම්'' කියල ඒ වෙලාවෙම එයා මට ඒ අශ්වයගෙ පොටෝ එකක් අරන් එව්ව.....ඒක එවලත් එයා මගෙන් ආයෙම ආයෙම ඇහුව කෝමද ඕක ලස්සනයි නේද කියල....මට  නම් ඒක විහිලුවක් උනා එදා.............


''ඔව් ඔව් ලස්සනයි...ඒත් ඔයා දන්නවද මේ අශ්වය තෑගි දෙන්න හේතුව මොකක්ද කියල? ඔයා අද ඉඳන් එයාලගෙන් ඈත් වෙලා, සදහටම සමු ගන්න කියලනෙ ගියෙ?...ඉතින් දැන් බලන්න ඒ දෙන්න අශ්වයෙක් තෑගි දුන්නෙ,ඔයාට ඒකගෙ පිටේ නැගලා පුලුවන් තරම් වේගෙන් ඉක්මනින් ඈතට යන්න කියන්නයි..''


මොන හේතුවක් නිසාද මන්ද මේ සිද්දිය මතක් වෙද්දි මට තාමත් හිනා යනවා.....!!!!


ඒත් මේ මෑත කාලෙකදි මට අනුත්තරාගෙන් දැනගන්න ලැබුනෙ,.........රාජ් එදා එයාලව හමුවෙන්න ගිහින්, එයා ඕස්ට්‍රේලියාවට යන බව කියල අනුත්තරායි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලඟයි හඬා වැටුනලු....!!!!!

18 comments:

  1. ම්ම්ම්..... රාජ් නම් අමුතුම කෙනෙක් වගේ!

    ReplyDelete
  2. හින්දි ‍ෆිල්ම් එකක් වගේ නේ කථාන්දරේ...රාජ් මේ හැම දෙයක්ම කරන්න ඇත්තේ ඔයාගේ හිත දිනාගන්න වෙන්න ඇති.....ඉවසිල්ලක් නෑ මේකේ අන්තිම සීන් එක දැනගන්නකං......

    ReplyDelete
  3. මෙහෙම අහන්නද ? ඔය ලෙඩේ ඇත්තම එකක් ද ? හර්දය වස්තුවේ සෙම තට්ටුවක් හිටවෙන එක අහලම නැති ලෙඩක්. කොටින්ම අපේ මල්ලි (මල්ලි වෛද්‍ය ශිෂ්‍යයෙක්) දන්නෙත් නෑ එහෙම ලෙඩක් ගැන. ඔන්න පෙනහළු වල සෙම තට්ටුවක් තියෙනවා කියල කිව්වා නම් පිලිගන්න තිබ්බා.

    ඉක්මනටම ඉතුරු හරියත් ලියන්න.

    ReplyDelete
  4. ඔබ විසින් මාගේ අඩවියේ..කෙටු සිතැඟි පෙළ ඔස්සේ මෙසෙ ආවෙමි...මේ නම් තවත් සුන්දර අඩවියකි...

    ReplyDelete
  5. විසිතුරු | visituru ....
    ඔව්..අමුතුම කෙනෙක්...!!

    ReplyDelete
  6. ඔබ නොදු‍ටු ලොවක්........
    ඉවසන්නකො පොඩ්ඩක්....තාම ෆිල්ම් එක පටන් ගත්ත විතරනෙ..

    ReplyDelete
  7. මධුරංග......
    නෑ එහෙම ලෙඩක් නැහැ...එයාට තියෙන්නෙ වෙන අසාධ්‍ය රෝගයක්...!!

    ReplyDelete
  8. Raj .......
    ගොඩාක් ස්තූතියි අළුපාට හැන්දෑවට ආවට රාජ්..!..මේ ලියන්නෙ ඔයා ගැන හෙම නෙවේ හරිද? හික්ස්..මේ කෙනාට ඔය නම දාන්න කලින් මම දැනගෙන උන්නෙ නැහැ තවත් රාජ් ල දෙන්නෙක් බ්ලොග් ලියන බව..සොරි ඒකට හොඳේ?

    ReplyDelete
  9. බලන් ගියාම රාජ් කියන්නෙ කට්ට කපටි වෙට්ට පිත්තල කෙනෙක්ද වගේ....දැන තමා මට කතාව ටික ටික පැහැදිලි වෙන්නෙ..... බලමුකෝ ඉතිරි ටික

    ReplyDelete
  10. heart එක වටේ සෙම බැඳෙන ලෙඩෙක් ගැන ඇහුවමය් මේ.. ශික් මේ යකා කෙල්ලොන්ගෙ නම් කනවා.

    ReplyDelete
  11. හරි පුදුම කතාවක්.අපි කෙනෙක්ට දෙන තෑගි වලින් යම් සංඥාවක් දෙනව කියල අද තමයි තේරුම් ගියේ....

    මම මේ පැත්තේ ආවේ අද..කවුද මේ අමුතු ජාතියේ කිරිල්ලි කියල බලන්න , කිරිල්ලි ගෙ පිහාටු හැලුන පාර දිගේ ආපු මම නැවතුනේ මෙතන...

    බලන් ගියහම ...අමුතුම කිරිල්ලියෙක්..

    ReplyDelete
  12. දිල් ........
    මම මේක ලියන්නෙ එයා මා එක්ක කතා කරපු ...අපි කතා කරපු දේවල් ගොඩාක් අහක් කරල....මොකද මට මේක ලිවීම එපා වේවි...මට මා ගැනම දැනෙන අප්පිරියාවට......!!!!

    ReplyDelete
  13. samadhi.....
    සමාදි.....මම මේක ලියන්නම හිතුවෙ මේ අරුම පුදුම අහිංසකය ගැන ඔයාලට දන්නවන්නමයි.....

    ReplyDelete
  14. ෴සොඳුරු සිත෴ ......
    අක්කෙ...මට ගොඩාක් සතුටුයි ඔයා මේක බලන්න ආවට....මම ඔයාගෙ බ්ලොග් එක කියවන්නෙ දැන් අවුරුදු 2 ක් වෙලේ ඉඳල.....අර හොල්මන් වළව්වෙ කතාවට මම මාරම පිස්සුවකින් හිටිය.....ආයෙත් ඇවිත් මොනා හරි කියල යන්න.....ලොකු ශක්තියක් මට......අහ්....අමතක උනා කියන්න....දෙනියායෙ පිටබැද්දරට මම හරි ආශයි....හී..හී...

    ReplyDelete
  15. ප්‍රබන්ධයක් කියා හිතෙන තරමට ලියවෙනවා. ඒත් ඇත්ත කතාවක් නිසා දිගටම කියවන් යන්නේ.මේ තවත් එක් වංචා කාරයෙක් ගේ කථාවක් නේද?

    ReplyDelete
  16. priyantha......
    ප්‍රබන්ධයක් ලියන්න මට තේරුමක් නැහැ ....මේක ඇත්තක්...කියවගෙන යන්නකෝ...

    ReplyDelete
  17. හුග දවසකින් තමයි මේ පැත්තට අවේ.කවදාවත් තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කරදරකාරයෙක්ට සමුදෙන්න යනකොට තෑගි බෝග අරන් යන්නෙ නෑ..........මේකගෙ බොරුවෙ තරම එතනින්ම පැහදිලියි.......පිටබැද්දරද ඔයාගෙ ගම?මගේ සහෝදරයාත් ඉන්නෙ එහේ තමයි.......

    ReplyDelete
  18. හික්ස්..මොනා කියන්නද කියල මට තේරෙන්නෙ නැහැ...මගෙ ගම වයඹ පලාතෙ දකුනෙ නෙවේ...පිටබැද්දර ට ගියා දවසක්..අමතක නොවන ගමනක්....!

    ReplyDelete