My Blog List

Sunday, 22 January 2012

පොහොරියි මමයි......!!


දිගටම රකුස ගැනම ලියල ලියල මට දැන් ටිකක් එපාවෙන ගතියක් දැනෙනවා....එහෙම උනොත් ඔයාලට මේ රකුසු කතාවෙ සුල මුල අවසානෙ දැන ගන්න දෙන්නෙ නැතුව මම කරන්නෙ ලොකු අසාධාරනයක්...ඉතින් පොඩ්ඩක් මගෙ ඔලුව නිවෙන්නත් එක්ක, එපාවීමෙ ගතිය නැතිවෙන්නත් එක්ක, ලියන්න හිතුන මේ කතාව..අද විතරයි හොඳේ?..

මේකත් මම පොඩිකාලෙ උන සිද්දියක්..අපේ ගෙදර උන්න පොඩිහාමි නැන්ද කියල කෙනෙක්.. ගෙදර වැඩ වලට උදව් කරගෙන මම දන්න කාලෙ ඉඳන්ම එයා උන්නෙ අපේ ගෙදර.ටික කාලෙකට පස්සෙ එයා එයාගෙ තව දුවෙක් වෙන කෙනෙකුත් අපේ ගෙදර එක්ක ආවා..එයා කුසුම ..එයාලගෙ ගම හෙට්ටිපොල කියන පැත්තෙ..මේ දෙන්නගෙ විනෝදංශය තමා නිකම් ඉන්න වෙලාවට වත්තෙ එලවලු වවන එක..ඒ විතරක් නෙවේ හෙමින් හෙමින් තවත් වැඩක් කරන්න පටන් ගත්තා මේ දෙන්න..අපේ අම්ම කැමතිම නැති වැඩක් ඒක.. කෝම හරි අම්මව කැමති කරන්..ගෙට පිටිපස්සෙ ටිකක් ඈතට වෙන්න වත්තෙ පොඩි කුකුල් කොටුවක් හැදුව කිකිලියො ඇති කරන්න බිත්තර ගන්න......වැඩේට අවසර දුන්නෙ එක කොන්දේසියක් මත...කුකුල්ලුන්ට ගේ කිට්ටුවට එන්න දෙන්න බැහැ හදිස්සියකටවත්.....!!!
ඉතින් පොඩියට පටන් ගත්ත මේ කුකුල් කොටුවෙ ටික කාලෙකින් කිකිලියො 6 කුත්..කුකුල්ලු 2 කුත් උන්න.....එයාල මේ කිකිලියන්ගෙ බිත්තර කෑමට ගත්ත ඒ වගේම සති අන්තෙ කුසුම ගෙදර යද්දි ගමේ අරන් ගියා...මම පොඩිකාලෙ ඉඳන්ම සත්තුන්ට ගොඩාක් ආදරේනෙ,ඉතින් ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑම කාල නොවරදවාම යනව ගේ පිටිපස්සට කුකුල්ලු ටික බලල එන්න...මම එයාලට නම් දාල තිබුනෙ,රතු කිකිලී ''රත්ති''.. සුදු කිකිලී ''සුද්දී''..ඔය විදියට ''මොනරී''.. ''කලුකෙල්ල''.. ''කොන්ඩ කිරිල්ලි''.. ''ජම්බෝලෙ''.. ඔය තමා 6 දෙනාගෙ නම්..කුකුල්ලු දෙන්න..එක්කෙනෙක් ''සපත්තු''.. අනික  ''මෝඩය''......

ඉතින් හැමදාම අනුන්ගෙ කුකුල්ලු දිහා බල බල ඉන්නකොට මටත් හිතුන අනේ මටත් මගේම කියන්න කිකිලියෙක් ඉන්නවා නම් කියල..ආත්තම්ම ගාව ටිකක් කන්කෙඳිරි ගෑවාම ඔන්න අවසරේ ලැබුන..පස්සෙ කුසුම ගමේ ගිහින් එද්දි මටත් ලස්සන පොහොර වැටුනු කිකිලි පැටියෙක් ගෙනත් දුන්න ඔය පින්තූරෙ ඉන්න කිකිලි වගේම......
එයාට නම තිබ්බෙ 'පොහොරි' කියල...අම්මල කොච්චර කෑගහුවත් මම පොහොරිව නම් කූඩුවට දාන්න ඉඩ දුන්නෙ නැහැ..මම පොහොරිට ගේ ඇතුලටම ගෙනත් බත් කන්න දුන්න..මාව දැක්ක ගමන් පොහොරි දුවගෙන එනව කොහේ හිටියත්..දවල්ට වත්ත පුරාම ඇවිදල රෑට කූඩුවෙ වහලෙ උඩ එයා නිදා ගත්තෙ..සමහර දාට පොඩිහාමි නැන්ද එයාව අල්ලල කූඩුවට දැම්මාම මම ආපහු අරන් එනව ගෙදරට..ඒ වගේ වෙලාවට අම්ම කෑගහනව.....
''...සත්තු ඉන්න ඕනෙ සත්තු එක්ක ඔයා එක්ක නෙවේ..ඔයා සතෙක්ද...?''
''...ඒ උනාට එයා මගෙ කිකිලිනෙ...''
''...හරි..හරි ඔය කුකුල්ලුන්ගෙ ඇඟේ ඉන්නව කිනිතුල්ලො..එවුන් ඔයාගෙ ඇඟට වැහුවට පස්සෙ ඔන්න අපි එහෙම නෑ හොඳේ?...''

අපෝ ඒ පාර නම් මම බය උනා...ඔහොම ටික කාලෙකින් කූඩුවෙ හිරවෙලා උන්න කුකුල් ගෲප් එකට නිදහස ලැබුන දවල් කාලෙ වත්තෙ ඇවිදින්න..කුසුම උන්ව වත්තෙ පහලට එලෙව්ව..පොහොරිත් මේ කට්ටියට එකතු වෙලා උන්නෙ..බිත්තර දාන කිකිලියො දවල්ට කූඩුවට ඇවිත් බිත්තර දානව..හවසට කට්ටියම එනව කූඩුවට ඒත් පොහොරි නම් හැමදාම නිදා ගත්තෙ කූඩුවෙ වහලෙ උඩමයි.......

අපේ වත්ත පහල තිබුන ලොකු පිදුරුමඩුවක්..පිදුරු ගොඩගහල තිබ්බ ඒ මඩුවෙ තිබුනා ඉස්සර කාලෙ අපේ සීයලාගෙ පරණ දිරා ගිය බක්කි කරත්ත දෙකක්..අපි ඒවට ටංටු කරත්ත කියලත් කිව්ව....මේ දෙකෙන් එක කරත්තයක් මඩුවෙ කොනටම වෙන්න තිබුනෙ පිදුරුවලින් බාගෙට වැහිල...තව තිබුන මේ මඩුවෙ වැහිකාලෙට ගන්න අරන් තිබ්බ හනසු මිටි බැඳල..පොල්කටු ගෝනි..වගේ දේවල්..හරිම කළාතුරකින් තමා අපේ ගෙදර කෙනෙක් ඔය මඩුව පැත්තෙ යන්නෙ........

ඉතින් මේ කාලෙ වෙද්දි මගෙ පොහොරි හෙන හැඩකාර කිකිලියක්...පොඩිහාමි නැන්ද කිව්ව පොහොරි බිත්තර දැම්මාම අපි ඒව එකතු කරල එයාටම රකින්න දීල පැටව් හදමු කියල..මාත් ඉවසිල්ලක් නැතුව බලන් උන්නෙ පොහොරි බිත්තර දානකම් ඒවලින් චූටි කුකුල් පැටව් එලියට එනව බලන්න...මට ඒ දවස් වල හීනෙනුත් පෙනුනෙ කුකුල්පැටව්..ඉස්කෝලෙදිත් මම කතා කලෙ පොහොරි ගැන..එයාගෙ පැටව් ගැන.......
ඒත් බිත්තර දාන කාලෙ උනත්,අනිත් කිකිලියො බිත්තර දැම්මට පොහොරි නෙවේ එක බිත්තරයක් වත් දැම්මෙ...
ඔහොම ටික දවසක් ගත උනා එදා කුකුල් ගෲප් එක හවස කූඩුවට ආව පොහොරි නෑ..කුසුමයි පොඩිහාමි නැන්දයි වත්ත වටේම රවුම් ගියා ඒත් පොහොරිව හොයා ගන්න බැරි උනා..මම ඇඬුව..අම්ම කිව්වෙ පොහොරිව සතෙක් අල්ලන් කියල...

තවත් දවස් දෙකකට පස්සෙ හවසක මෙන්න පොහොරි ආව..එයා අමුතුයි ලෙඩ වෙලා වගෙ උන්නෙ..හොඳටම බත් කාල ඇවිද ඇවිද උන්න..ඒත් අනේ එදා හවසත් ගෲප් එක එක්ක කූඩුවට ආවෙ නෑ...ඔය විදියට පොහොරි අපිව බලල මොනා හරි කාල යන්න එන්නෙ දවස් දෙක තුනකට විතර වතාවක්...සමහර දාට උදේ එයා ඇවිත් ගිහින්..මට බලන්න වෙන්නෙ නැහැ.......

කුසුම නම් කිව්වෙ පොහොරි වෙලෙන් එහා ගෙදරකට පුරුදුවෙලා එහාට වෙලා ඉන්නෙ කියල..ඊලඟ පාර ආවාම අල්ලල කූඩුවෙ ගැට ගහල තියන්නම් කියල පොඩිහාමි නැන්ද කිව්වට මම ඒකට කැමති උනේ නැහැ..කමක් නෑ කොහෙ හරි පොහොරිට නිදහසේ ඉන්න දෙන්නයි මට ඕන උනේ.........

සති තුන හතරක් විතර ඔහොමම ගත උනා...දවසක් අපි ඉස්කෝලෙ ගිහින් එද්දි අපෙ ගේ පිටිපස්සෙ ඔක්කෝම ගෙදර කට්ටිය වටවෙලා...මොකක් හරි කලබලයක් වගේ..මම පොත් බෑග් එක මිදුලෙ අත ඇරල දිව්ව ඒ පැත්තට...දැකපු දේ අදහ ගන්න බැරුව ආ..ආ කියල මගෙ කට ඇරුනාම ඒක එහෙමම වහගෙන නැතුව මම ඇස්දෙකත් ලොකුකරන් ඉන්න විදියට අම්ම මාව තාත්තට පෙන්නුවෙ ''මෙන්න බලන්නකො මේ මූනයි කටයි'' කියල.....

අනේ දෙවියනේ...මගෙ පොහොරි ඇවිත්..!! තනියම නෙවේ...චුට්ටන් බට්ටන් කුකුල්පැටව් ගොඩකුත් එක්ක...!!!

පිදුරු මඩුවෙ කොනේම තිබුන බක්කි කරත්තෙ බක්කිය ඇතුලෙ පොහොරි බිත්තර දාල..එයා ඒවා රැකල පැටවුනුත් එක්ක ගෙදරට එනකම්ම අපි කවුරුවත් දන්නෙ නැහැ.....!!

සමහර විට.. නොසිතන නොපතන මොහොතක අපේ සිහින සැබෑවිය හැක..!!!!!

56 comments:

  1. ඇත්තම කතාවක් ද?හරිම ශෝක් එකට ලියල.ඊට පස්සෙ පැටවුන්ට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත කතාවක්...පැටව් 11 ක් උන්න එතන...පොඩිහාමි නැන්ද හැදුව එයාලව...පස්සෙ කුකුල්ලු නිසාම(ඒත් කිකිලියෙක් නිසා.) වෙච්ච සිද්දියක් නිසා ඒ කුකුල්ගෲප් එක පිටින්ම පොඩිහාමි නැන්දටම ගෙනියන්න උනා එයාලගෙ ගමට.

      Delete
  2. නොසිතන නොපතන මොහොතක ඔබේ සිහින සියල්ලම සැබෑ වේවා යි පතමි!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට....ඔයාගෙත් සිහින සියල්ලම එලෙසින්ම සැබෑවේවා....!!!

      Delete
  3. සමහර විට.. නොසිතන නොපතන මොහොතක අපේ සිහින සැබෑවිය හැක..!!!!!
    man ee tikata thamai godak aasa.kathavath lassanata liyala thiyenawa.

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ෂා......''සිහින කවදාවත් සැබෑවෙන්නෙ නැහැ'' කියන මතයට මම එක හෙළාම විරුද්දයි....!!!!

      Delete
  4. කුකුළු කතාව නම් ශෝක් කිරිල්ලි....අන්තිමටම ලියලා තියනවා වගේ ඔයාගේ හැම හීනයක්ම සැබෑවේවායි පතනවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මුතු.....සෑබෑවෙන සිහින පමනක්ම හිතේ මැවේවා....!!

      Delete
  5. පැටව් 11ක්....!! අනේ... ඔයාට මොනව හිතෙන්නැද්ද එවුන් දැක්කම... මට මැවිලා පේනව ඔයා කට ඇරන් බලන් හිටපු හැටි....

    ඊය ලැබුනා... ඉක්මනටම එවන්නම් හොඳේ.... බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. අම්ම කිව්වෙ කටින් කෙලත් වැක්කෙරුනලු...හික්ස්.......ස්තූතියි ඔයාට...!!

      Delete
  6. හරි අපූරු සිද්ධියක්....
    පොඩි එකා කාලේ මේ වගේ දෙයක් උනාම ඇතිවෙන සතුට හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ හිතට දැනුන සතුට තාමත් හිතේ කොනක තියනව වගේ දැනෙනවා.......

      Delete
  7. අපෙත් ඉස්සර කුකුල් පැටවු ඇති කලා.
    දැන් නම් ඇති කරන්නේ නෑ. අහල පහල වුන් කුකුල්ලුන්ගේ ඇගට උනුවතුර ගහනවා. ඒ තරම් එවුන් කුකුල්ලුත් එක්ක තරහයි.

    ReplyDelete
    Replies
    1. අපෝ මහ පව්කාර මිනිස්සු...අපෙ ගෙදර ඊට පස්සෙ ''ගිනිකුකුල්ලු'' 4 දෙනෙකුත් තාත්ත ගෙනාව....එයාලගෙන් නම් කිසිම කරදරයක් නෑ...තනියම හොයන් කාල,වත්තෙ ලොකු ගස් වල නිදා ගත්තෙ.....

      Delete
  8. බක්කි කරත්ත සමඟ බැදුනු මගෙත් මතකයන් ගොඩක් තියනවා...මගේ තාත්තාගේ පැත්තේ හැමෝමා මාතර..නිවාඩු කාලෙට සීයාලගේ දිහා ගියාම බක්කියක නැගලා පොල්හේනෙ නොයන්නේ කලාතුරකින්!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..මවුලාන කියන කට්ටිය ඔයාලගෙ නෑයොද? අපෙත් නෑයො ඉන්නව මාතර...පොල්හේනෙ මාත් නාල තියනවා....

      Delete
  9. හරිම ලස්සනයි කතාව. මමත් හීනයක් දකිනවා කවදාහරි ගමේ ගෙදර ස්ථීර පදිංචියට ගීය දවසක බලු පැටියෙකුයි පූස් පැටියෙකුයි කිකිලියොයි එලදෙනෙකුයි වහු පැටියෙකුයි ඇති කරන්න. තාම පූස් පැටියට විතරයි ok එක ලැබිල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ හීනෙ ඉන්න ඔය සත්තු ටික අපිට උන්න මම පොඩි කාලෙ..අපිට එලුවොත් උන්න...ඒකනෙ මම මෙහෙට ආස නැත්තෙ...ඒ කාලෙ සුන්දරයි...!!

      ඔයාගෙ හීනෙ සැබෑවෙන්න කියල පතන්නම්..!

      Delete
  10. මමත් කුකුල් පැටව්න්ට හරිම ආසයී. අර කහපාටට ඉන්න පුංචිම පුංචි කාලේට තමයී මහ හුගක් ආස.
    'සමහර විට.. නොසිතන නොපතන මොහොතක අපේ සිහින සැබෑවිය හැක..'
    සමහරි විට නෙවෙයී කිරිල්ලී ඔයා මට කියලදීපූ විදියට නම් අනිවාර්යයෙන්ම. මම හරි නේද?කිරිල්ලියේ.

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔයාට හොඳ ඒම් එකක් තියනවා....ඔයාගෙ හීන ඔයා ජය ගන්නවා.....සහතිකයි..!!!!

      Delete
  11. මන්න මෙකෙ නම් මම 3. කිකිලියො 6ට කුකුල්ලු 2යි නෙ. උන්ට ගොඩක් හැපි ඇති නෙ? ඒත් උන් දෙන්නට දාපු නම් නම් අන්තිමයි. අපේ සිහිනත් නොසිතන වෙලාවක ඒ වගේ සැබෑ වෙනවා නම්.............

    ReplyDelete
    Replies
    1. ''මන්න මෙකෙ නම් මම 3.''
      මෙන්න මෙයා තාම නින්දෙන් දොඩවනවද කොහෙද...!!
      හී..හී..හී.......මම ඔය 'කුකුල්ලුන්ට' කැමතිම නෑ අනේ..ඒකයි ඒ නම් දැම්මෙ උන්ට...!!

      සිහිනයට ඉඩ දෙන්න......ඒවා සැබෑවේවි..............

      Delete
  12. කුකුල් කතාව කියවද්ද මට මතක් වෙන්නේ මගේ කුකුලගේ කතාව.හැබැයි ඒ කතාව කඳුළු වලින් ඉවර වෙන්නේ.මේක කියවල බලන්න.. http://asaranaya.blogspot.com/2011/12/blog-post_05.html

    ReplyDelete
    Replies
    1. මම ටික කාලෙකට කලින් ඔයා කියන ඔයාගෙ කුකුලගෙ පෝස්ට් එක බැලුවෙ.....අනේ එයාව බේරගන්න තිබුන නම් කියල හිතුනා.........

      පොඩි එකා තමයි හැමදාම ලොකු එකාගෙ ගොදුර වෙන්නෙ....එහෙමලු මේ ලෝකෙ හැදිල මැවිල තියෙන්නෙ......(අන්තිමේදි මට එහෙම හිතුන.)

      Delete
  13. අනේ එහෙම උනාම ෂෝයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව්...සල්ලිවලින් ගන්න බැරි සතුට...හදවතින්ම දැනෙන ඒ අපූරු සතුට....!!

      Delete
  14. නොසිතන නොපතන මොහොතක ඔබේ සිහින හැම එකක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වෙන්න කියල හදවතින්ම පතනවා...!!

      Delete
  15. ඔව්..නොපතන මොහොතක නොපතන හුඟාක් දේවල් වෙන්න යනවලු....අපටත් පේනවා ඒවා...:P

    ReplyDelete
    Replies
    1. ඇහ්හ්හ්හ්හ්හ්.....!! කාටවත් නොපෙනුන දෙයක් මෙයාට පෙනුනෙ කෝමද..?? අනේ හනී..බනී..හොඳට බලන්න මොකක් හරි පෑගිලාද කියල......:)

      Delete
    2. ඇයි ?? අපිට බෑ කියලා හිතුවද පේන කියන්න ? :P

      Delete
    3. කවද ඉඳන්ද අප්පේ ඔයා මගෙ ජොබ් එක කරන්න ගත්තෙ...? හී..හී බැරි වැඩ නොකරන් අබරෝ.....!!

      Delete
  16. මමත් ගොඩක් ආදරෙයි සත්තුන්ට ලංකාවේ ඉන්නකොට ගොඩක් සත්තු ඇති කළා.
    ඒත් දැන් මම ඉන්න රටේ සත්තුන්ට දෙන දස වද දැක්කම මුන්ව මරාගෙන මැරෙන්න හිතෙනවා.
    කතාව ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. සත්තුන්ට වද දෙන රටක්? අයියෝ...කොහෙද ඒ..?

      Delete
  17. පොහොරී වගේම වින්චැට්කිරිල්ලීටත් පැටවු 11 එක්ක නොසිතූ ලෙස සිහින සියල්ලම ඉ‍ටුවෙන්න කියලා පතනවා....

    ReplyDelete
    Replies
    1. වින්චැට් කිරිල්ලිට පැටව් දෙන්නෙක් හොඳටම ඇති......හාවියන් කරන දේවල් කිරිල්ලියන්ට කල නොහැක......කෙසේ වෙතත් ඔබගේ පැතුමට තුති.....ඔබටත් එසේම වේවා අඩුම ගානෙ 20 ක් වත්........හී..හී..හී.

      Delete
  18. හප්පේ පැටව් 11ක් ? මම හිතන්නේ කිකිලි කාසල් හරි ද සොයිසා හරි ඇඩ්මිට් වෙලා ලමයි හම්බුනාම එන්ට ඇති..

    සිරා කතාව, නියමයි

    ReplyDelete
    Replies
    1. අනේ සෑම් අපේ කුකුල්ලු දෙන්නම කිව්ව කාසල් එකටයි සොයිසා එකටයි වඩා ගොඩාක් හොඳයි කියල අපෙ බක්කි කරත්තෙ........:):)

      Delete
    2. හිකිස්.. වින්වැට්කිරිල්ලිටත් එහෙමද ?

      Delete
    3. දැන් බක්කි කරත්ත නෑනෙ මෙයා.....කිරිල්ලි ලස්සනට ගලාගෙන යන ගංඉවුරක තියන විශාල ගහක් මුදුනෙ ලස්සනම ලස්සන කූඩුවක් හදා ගන්නවා.....

      Delete
  19. අනේ හරිම ලස්සනට කතාව ලියල තියෙනවා. හරිම අව්‍යජායි. පුංචි කාලෙ සිතුවිලිනෙ එහෙමම අතෑරලා තියෙන්නෙ. හැබැයි රකුසගෙ කතාව නම් මට එපා වෙන්නෙ නෑ. හැමදාම බලන් ඉන්නෙ ඊළඟ කොටස කියවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඉක්මනින් ඉතිරි කොටස ලියන්නම් .. පුංචි කාලෙ කතා නම් මහ ගොඩාක් තියනවා...ලියන්න විදියක් නෑනෙ..

      Delete
  20. ඔයා හරිම ලස්සනට ලියල තියෙනවා..මම හිතුවෙ පොහොරිට කරදරයක් වෙලා කියල..බලන්නකො කොච්චර ලස්සන අවසානයක්ද කියල..ඒ වගේ තමයි අපේ ජීවිත..වාසනාව උදා වෙන්නෙ බලාපොරොත්තු සඵල වෙන්නෙ නොසිතූ මොහොතක..

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒ මොහොත උදාවෙන කම් කඩාවැටෙන්නෙ නැතුව ඉන්න ඕනෙ...බලාපොරොත්තුවලට පන දීලා.......

      Delete
  21. කතාවනම් ලස්සනම ලස්සනයි.ලස්සන අද්දැකීමක් නේද​?

    "සමහර විට.. නොසිතන නොපතන මොහොතක අපේ සිහින සැබෑවිය හැක..!!!!!" ඔයාගෙ හැම ප්‍රාර්තනාවක්ම ඉශ්ඨ වෙන්න කියල එක හිතින් ප්‍රාර්ථනා!!!!

    ReplyDelete
  22. ඇයි මගෙ විතරක්..? නොසිතන නොපතන මොහොතක ඔයාගෙත් සියලුම බලාපොරොත්තු ඉටුවේවා.....!!

    ReplyDelete
  23. ''මෙන්න බලන්නකො මේ මූනයි කටයි''..........

    ඒ සිද්දිය නම් මැවිලත් පෙනුනා...

    ReplyDelete
    Replies
    1. හික්ස්....මට කට වහ ගන්නවත් කතා කර ගන්නවත් අමතක උනා.....!.

      Delete
  24. හරිම ලස්සන කතාවක් ..ආසාවෙන් කියෙව්වා. මම පොහොරිට ආසයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට......මට පොඩිකාලෙ ලංකාවෙදි සත්තු ගොඩාක් උන්න...පූසො..ලේන්නු..වඳුරෙක්..කිකිලියො..තාරාවො..ගිනිකුකුල්ලු..කලවැද්දෙක්..දඬු ලේනෙක්..මයින්නු..ම්ම්ම්ම්..තව අපේ ගෙදර හරක්..එලුවො එහෙම උන්නා...අපේ තාත්තත් හුරතල් සත්තුන්ට ආදරේ නිසා මට නිතරම සත්තුන්ව ගෙනත් දුන්නා....

      අනේ ඒවා මතක් වෙන නිසා තමා මම මෙහෙ ඉන්න ආසම නැත්තෙ..............

      Delete
  25. Replies
    1. ම්ම්ම්ම්...කවුද දැන් ෂෝක්? මමද පොහොරිද?...:):)

      Delete
  26. ලස්සන කතාවක්...අද තමයි ආවෙ ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අළු පාට හැන්දෑවට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා......මේක ඇත්ත කතාවක්...!

      Delete
  27. ඔන්න කියෙව්වා පොහොරිගෙ කතාව.. හරිම ලස්සනයි..කිව්වත් වගේ සත්තු ගැනයි, ළමයි ගැනයි කියවනකොට හිතට අමුතුම නිදහසක් දැනෙනවා.....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අළු පාට හැන්දෑවට ආවට....
      ඔව් අනේ..පිටිසර ගමකට වෙලා සත්තු ටිකක් හදාගෙන.ලමයි ටිකකුත් හදාගෙන නිවිසැනසිල්ලෙ ඉන්න ඇත්නම් කියල හිතෙනවා....:D

      Delete